විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


     download (1)‘කලකට පස්සේ වෙලකට බැස්සේ’ කියලා පැරණි කියමනක් තියනවා අහලා ඇති නේද? ඔන්න මමත් කාලෙකට පස්සේ තමයි යුද අවි ගැන එහෙමත් නැත්නම් හමුදාවට සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් ලියන්නේ. මම හිතන්නේ ‘සංග්‍රාමයේ පියසටහන්‘ ලිපියෙන් පස්සේ තමයි මේ ‘හමුදා ලිපියක්’ ලියන්නේ. සෑහෙන කාලයක්.

   සමහරු නෝක්කාඩු කියලත් තිබුණා, අපි මේ අඩවියට එන්නේ හමුදා තොරතුරු මිසක් වෙන වෙන දේවල් බලන්න නෙවේ කියලා. තවත් සමහරු අහලා තිබුණා හමුදා තොරතුරු උල්පත හිඳිලද කියලා. අනේ නැහැ. ඒ ගඟ එහෙමම තියනවා. තවත් තොරතුරු මහා ගොඩක් තියනවා එකතු කරගෙන. ඉතින් ඒ තොරතුරු ගංගාවෙන් දැණුම නමැති දිය දෝත බැගින් ගෙන ඔබට පොවන්නම් ඉදිරියේදීත්. 2013 දී ආරම්භ කළ කෙටුම්පත් පවා තවම තියනවා. හොඳයි හොඳයි. තරහ අවසර, මෙන්න ලියනවා හමුදා කතන්දරයක්.

  කටපුංචලා ගැන මීට කලින් අපි කතාකළා මතකද? මතක නෑ? හයියෝ…….ඕකනේ කියන්නේ අතීතය අමතක කරන්න එපා කියලා. හොඳයි හොඳයි, කමක් නැහැ. ඉස්සර කතාකරපු කට පුංචලාගෙන් දෙන්නෙක්ව වත් මතක් කරගන්නකො මෙන්න මෙතනින් ගිහින්. ඊට කලිනුත් කටපුංචලා ගැන කියලා තියන බව අමතක කරන්න එපා. ඕනෙනම් තවත් පරණ ලිපි අවුස්සා බලන්න. තුවක්කු ගැන ජීවිත කාලයක් ලිව්වත් ඉවර කරන්න බැරි බව මම මීට කලින් ලිපිවලදීත් ඔබට කියලා ඇති. (පින්තූරය ගත්තේ මෙතනින්

   මෙවර මම ඔබ අතට පත්කරන්නේ;

  • මැෂින් තුවක්කු කියන වර්ගීකරණයට වැටෙන තුවක්කු.
  • පාවිච්චි කරන ආකාරය අනුව ඒවා වර්ග කරන හැටි.
  • යුද බිමේදී ඒවා යොදවන ආකාරය. පිලිබඳ විස්තරයි.

   හැබැයි ඉතින් ‘අ’යන්නේ ඉඳලා ‘අඃ’යන්නට වෙනකල් ඔක්කොම කියන්න බැහැ. සමහර දේවල් හංගන්න වෙනවා. හමුදාවේ රහස්‍ය තොරතුරු පිළිබඳව කටයුතු කිරීමේදී එක්තරා ප්‍රමිතියක්, නීතියක්, පිළිවෙතක්, තියනවා. ඒ තමයි අවශ්‍ය පුද්ගලයාට, අවශ්‍ය ප්‍රමාණයට, සීමාකොට තොරතුරු ලබාදීම. need to know basis කියලා තමයි ඒ පිළිවෙත හඳුන්වන්නේ. ඉතින් ඔබටත් ඒ හැන්දෙන් තමයි බෙදන්න වෙන්නේ. තරහ නැහැනේ. නමුත් ඔබ ජීවිතේ කවදාවත් අහලා නැති තොරතුරු මෙතන තියනවා.

   මේ අඩවිය ඇසුරු කිරීම නිසා, විවිධ ගිනි අවි ගැන පමණක් නෙවෙයි, කාලතුවක්කු ගැන වුනත් ඔබට යම් දැණුමක් තියනවා. ඒ අතරේම, මම මීට පෙර, ඔබට පරණ මැෂින් තුවක්කුවක් ගැනත්, අලුත් මැෂින් තුවක්කුවක් ගැනත්, කියාදී තිබෙනවා. ඒ නිසා ‘මැෂින් තුවක්කු’ කියන යෙදුම ඔබට එතරම් අලුත් දෙයක් නෙවෙයි. ඒ වුනාට ඉතින් මම දන්නවනේ කට්ටියගේ හැටි. දැන් අහයි මෙන්න මෙහෙම……..

මොකක්ද මැෂින් තුවක්කුවක් කියන්නේ? 

  මැෂින් තුවක්කුව කියන එක තුවක්කු පිලිබඳ තාක්ෂණය පදනම් කරගනිමින් නිර්වචනය කරන්නේ මෙහෙමයි. ‘තුවක්කුවේ කොකා trigger මිරිකාගෙන සිටිනතාක්කල්, එම තුවක්කුවට යොදවා ඇති සියලුම උණ්ඩ අවසන් වනතුරු, සීඝ්‍රයෙන් නොකඩවා වෙඩි තැබියහැකි තුවක්කුව, මැෂින් තුවක්කුවයි‘ එමෙන්ම, එකක් පසුපස එකක් වශයෙන් තමයි මැෂින් තුවක්කුවකින් උණ්ඩ පිටවෙන්නේ. මෙයින් පෙනෙනවා නේද මැෂින් තුවක්කුව සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක් කියන එක. එතකොට සම්පූර්ණ ස්වයංක්‍රීය නොවන තුවක්කුත් තිබෙන බව පෙනෙනවා. අපි ඉස්සරවෙලාම ඔය වර්ග දෙක පැහැදිළිව තේරුම් ගම්මුද? ඒ කියන්නේ, අර්ධ ස්වයංක්‍රීය තුවක්කු සහ සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු කියන වර්ග දෙක. 

අර්ධ ස්වයංක්‍රීය තුවක්කු – Semi Automatic Guns

   
   මේ තුවක්කුවකට පතරොම් සහිත ගැබක් හෙවත් මැගසින් – magazine එකක් සවි කරලා, වෙඩි තැබීමට සූදානම් cock කළපසු, තුවක්කුවේ කොකා trigger, මිරිකන එක වාරයකට එක උණ්ඩයක් පිටවන අතර, ස්වයංක්‍රීයව ඊළඟ උණ්ඩය පත්තුවීමට සූදානම් කරනවා. හැබැයි සෑම උණ්ඩයක්ම වෙඩි තැබීම සඳහා යලි යලිත් ට්‍රිගරය මිරිකිය යුතුයි. බලන්න පහළ තිබෙන වීඩියෝවෙන් පෙන්වන්නේ අර්ධ ස්වයංක්‍රීය ලෙස තුවක්කුවක් ක්‍රියාකරන ආකාරයයි. (තත්පර 12 යි යන්නේ බයිට් ගැන නොහිතා බලන්න. නැත්නම් දැණුම ලැබෙන්නේ නැහැ)

 

 

පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු – Full Automatic Guns

   අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. තේරෙනවනේ. පූර්ණ ස්වයංක්‍රීය කියන්නේ, පතරොම් ගැබක්/වැලක් සවිකරලා, වෙඩිතැබීමට සූදානම් කර, (කොක් කර) කොකා හෙවත් ට්‍රිගරය මිරිකාගෙන සිටිනතුරු, සියලු පතරොම් අවසන්වන තෙක් වෙඩි තැබිය හැකි තුවක්කුවයි. ඔන්න බලන්න පහළ වීඩියෝවෙන් පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක ක්‍රියාකාරිත්වය. මෙහිදී, පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු කීපයක්, වෙඩි තැබීමට සූදානම් කරන ආකාරයත්, වෙඩි තබන ආකාරයත්, ඉතා පැහැදිළිව පෙන්වා දෙනවා. 

 

   ඔන්න දැන් තේරෙනවා නේද පූර්ණ ස්වයංක්‍රීය කියන නම්බු නාමය ගන්න නම් පට පට ගාලා වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි දැන් අපි බලමු මැෂින් තුවක්කු වර්ග මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ වෙළඳ නාම නෙවෙයි. එහෙම කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙයි. මොකටද වෙළඳ දැන්වීම් ලියන්නේ 😀

  මැෂින් තුවක්කු;

  •   ඒවායේ ප්‍රමාණය Size
  • වෙඩි බලය Fire Power
  • යුද බිමේදී පාවිච්චි කරන ආකාරය Application 

   අනුව වර්ග කර තිබෙනවා. මෙන්න මේ විදිහට තමයි වර්ග කර තිබෙන්නේ;

  • සැහැල්ලු මැෂින් තුවක්කු – Light Machine Guns = LMG
  • මධ්‍යම ප්‍රමාණයේ යෙදවුම් සඳහා මැෂින් තුවක්කු Medium Purpose Machine Guns = MPMG
  • විශාල (බර) මැෂින් තුවක්කු Heavy Machine Guns = HMG

   හොඳයි. ඊළඟට මේ තුවක්කු එකින් එක ගැන විස්තර කතාකරමු.

   මුලින්ම සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව හෙවත් LMG එක.

  අපේ හමුදාව 1980 දශකයේ මුල් කාලය දක්වා පාවිච්චි කළේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 LMG වර්ගයේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවයි.

G__0939_BrenLMG_720

   මීට කලින් මම ඔබට ඒ තුවක්කුව ගැන දීර්ඝ විස්තරයක් කියාදී තිබෙන බව අමතක කරන්න එපා. ලෝකයේ මුල් වරට සම්පූර්ණ ස්වයංක්‍රීය තත්වයේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවක් හදලා තියෙන්නේ 1908 තරම් ඈත අතීතයෙදීයි. ප්‍රංශ යුද හමුදාවේ කර්නල් වරයකු විසින් තමයි එය නිපදවා තිබෙන්නේ. Fusil Mitrailleur Modele 1915 CSRG” ( in English: “Machine Rifle Model 1915 CSRG” )

csrg_1915_1

  1920 දශකය පමණ වනවිට ජපානයත් LMG එකක් නිපදවා තියනවා. එය හඳුන්වා තිබෙන්නේ Type 11 Machine Gun යනුවෙන්. පහත දක්වන්නේ ඒ තුවක්කුවයි.

 

Japanese_Type_11_LMG_from_1933_book

 

 

   අද අපේ හමුදාව පාවිච්චි කරන ප්‍රධාන (එකම) සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව තමයි චීනයේ නිෂ්පාදිත 7.62 x 39 මැෂින් තුවක්කුව. මෙය රුසියානු RPD තුවක්කුවේ කොපියක්.    RPD (Russian: ручной пулемёт Дегтярёва Ruchnoy Pulemyot DegtyaryovaEnglish: hand-held machine gun of Degtyaryov) එක වරකට පතරොම් 100 ක ඩ්‍රම් මැගසින් එකක් යොදවා වෙඩි තැබිය හැකි මෙම තුවක්කුව සඳහා දෙදෙනෙකු යොදවා සිටියත් අවශ්‍යනම් එක් අයකුට මෙය අතේ තබාගෙන වුනත් වෙඩි තියන්න පුළුවන්. පින්තූරයට පහළින් තියන වීඩියෝවෙන් බලන්න මේ තුවක්කුවෙන් වෙඩි තියන හැටි.

F1DSARPD1

 

   අදට මේ ඇති නේද? ඉතුරු ඔක්කොම කියන්න ගියොත් මහා දීර්ඝ සහ සංකීර්ණ ලිපියක් වෙනවා. ඊළඟ කොටසින් හමුවෙමු.

my-signature-for-blog[1]     2014 මැයි මස 25 දින 0039 පැය

 

 

 

 

 

Comments on: "කටපුංචලාගේ ලොකු අයියලා (පළමුවැනි කොටස) Machine Guns and There Applications (Part One)" (36)

  1. නිර්නාමික said:

    obaliyana ewqa copy karanawa kiyala aie randu karanne. Loke hamathnama tiyenne copy. Loke diyunu wela tiyenneth copy nisa. Obata wada dana ugath aya e ayage danuma gediya ptinma dala thiyenawa net ekata ona kenekuta ona deyak kara ganna. Oba dannawada Oba pawichchi karnaa computer eketh hora software thiyena bwa. Oya html system ekath free of charge deepu ekath. eka nisa thama ada internet me tharamata lokaya pura giye. mama dakka elakiriye oba kunu harupa pawa bawitha karala thiyenawa.

  2. වැදගත් දැනුම් සම්භාරයක් ගෙන එන ලිපි පෙළ නැවත ඇරඹීම සතුටක්

  3. ලිපිය නම් අගනේය.. ඒත් ලිපිය දිග මදිය.. නිකං හදිස්සියට, පෝස්ට් එකක් දාන්ට ඕන නිසා දාපු ලිපියක් වගේය.. 🙂

    • නැහැ අනේ. මෙන්න මේකයි ඇත්ත. එක ලිපියක් හැටියට ලියන්ඩ දිග වැඩියි. දෙකට කඩන්ඩ කොට වැඩියි. ඔන්න ඔහේ ඕනේ කෙහෙම්මලක් කියලා දෙකට කැඩුවා. හැබැයි ඊළඟ කොටස මීට වඩා දික්වෙයි.

  4. ක්සැන්ඩර් said:

    ඔය කොලේ.. ඔබතුමා නිකං අපිව අවුස්සනවා නේ? ටිකක් විස්තර කියාන ඇවිත් මගින් බ්රේක් ගහල..

  5. විශිස්ටයි සර් !

  6. අප්පේ අංකල් කොහෙද හිටියේ මෙච්චර කල් මම බලාඋන්නේ දැං ලියයි තුවක්කු ගැන කිය කියා…
    fully automatic gun වලින් මමනං ආසම Gatling Gun වලට.. ඒවා HMG නේද. ඊලඟ ලිපියෙන් ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

    • කොහොමද සහන්. මේකයි වැඩේ. සමහරු කියනවා හමුදාවේ දේවල් නැතුව ‘වෙන වෙන එව්වා’ ලියන්නලු. තවත් සමහර අය කියනවා හමුදාවේ කතා ලියන්නලු. දෙගොල්ලන්වම අතුටු කරන්න හිතාගෙන පහුගිය දවස්වල වෙනස් මාතෘකා කීපයක් ලිව්වා. නමුත් හමුදා කතා දිගටම ලියනවා.

      Gatling Gun එක full automatic නෙවෙයි. rapid fire type. පස්සේ විස්තර කියන්නම්.

  7. මම ඉතිං තුවක්කු ගැන මෙලෝ දෙයක් නොදන්න එකා වෙච්චි…… මට හරි වටිනව
    ඔබට මේලක් යැව්වට දෙවරම නොලැබී ඇති බව සැලයි විචාරක තුමණි …!
    kenji.oas@gmail.com

  8. තුවක්කු ගැන මගේ කිසිම ආශාවක් නැහැ.ජීවිතේට තුවක්කු (රගපෑමකදි හැර) අල්ලන්න නොලැබෙන්න කියලයි ප්‍රාර්ථනය.හැබැයි මේක කියෙව්වම පොඩි ගතියක් ආවා.වෙඩි තියන්න නෙමෙයි.ඒ තියන වෙලාවක මේ විදිහට තුවක්කු වැඩ කරන හැටි බලන්න මරු!

    • මම මේ ගැන මීට කලිනුත් මගේ ලිපිවල කීප වතාවක් කියලා තියනවා. අවි ආයුධ ගැන දැණුම ලබාගන්නේ කෘරත්වය පතුරවන්න නෙවෙයි. එය එක්තරා විනෝදාංශයක් පමණයි. මෙන්න මේ වගේ දේවල් තියනවා කියලා දැනුමක් ලබාගැනීම පමණයි කෙරෙන්නේ. මේ ලිපිය කියෙව්වා කියා ඔබට කවදාවත් මේ අවියක් අතට ගත්ත ගමන් වෙඩි තියන්න බැහැ. ඒ සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ වරදක් කරන්නේ නැහැ.

  9. අම්මෝ ඇති යාන්තන්….. ආයෙත් තුවක්කු ගැන ලිපි ටික පටන් අරගෙන.
    ඊළඟ ලිපිය පලවෙනතෙක් ආසාවෙන් බලාගෙන ඉන්නේ….

  10. දිමුත් said:

    ඇති යන්තං, පරණ කාරුයි ,අසභ්‍ය චිත්‍රපටි වලටයි පස්සෙ වැදගත් ලිපියක් ලියල තියෙන්නේ.බොහොම අසාවෙන් බලා ඉන්නවා ඉතිරි කොටසුත් දානකම්.

    • හෙහ් හෙහ් හෙහ්……………කාව කාවත් සතුටු කරන්න හිතාගෙන ටිකක් වෙනස් දේවල් ලිව්වා. ඒ වුනාට ජම්ම ගතිය අතෑරලා හැමදාම එව්වා විතරක් ලියන්නේ නැහැ. ඉදිරියටත් මේ වගේ ලිපි ලියනවා.

  11. නියමයි සර් නියමයි. අසාවෙන් බලාගෙන හිටපු තුවක්කු ගැන තවත් ලිපියක්. තවත් මේ වගේ ලිපි ලියන්න සර්. පුළුවන් නම් ලෝක ඉතිහාසයේ තිබුන හොදම හමුදා මෙහෙයුම් ගැන ලිපි පෙළක් ලියන්න. අර කතන්දර කාරයාගේ ගොන් කතා වලට වැඩ ඔබතුමාගේ ලිපි පෙළ ගොඩක් වටිනවා අපේ දැනුමට.

  12. කස ගහගෙන ආවට පෙරහැර ඉවර වෙන්න කලියෙන් නවත්තලා නොවැ….මට පොඩි පුරස්නයක් මතු වුනා. අපි මෙහෙම වැල දිගට දාගෙන වෙඩි තියාගෙන තියාගෙන යනවා කියමුකො…තුවක්කුව ඇතුලෙ ඇතිවෙන අධික තාපය නිසා තුවක්කු කට පුපුරන්න පුලුවන්ද ? එක වරකට එක දිගට මෙපමණ උණ්ඩ ගනනක් පමණයි වෙඩි තැබීමට හැකි කියලා නිෂ්පාදකයා යම් සදහනක් කරනවද ?

    • මේකයි ඇත්තටම වුණේ සිරා. එක ලිපියක් හැටියට ලියන්න දිග වැඩියි. දෙකට කඩන්න කොට වැඩියි. ඕනෙ කෙහෙම්මලක් කියලා දෙකට කැඩුවා.

      තුවක්කු කට පුපුරන්නේ නැහැ. මේවා air cool ක්‍රමයට වැඩ කරන නිසා. නමුත් කල් යනවිට තුවක්කු බටේ පන්නරය බාල වෙනවා. එක දිගට හුඟක් වෙඩි තියලා ගිනියම් වෙලා තියන තුවක්කුව වතුර වලකට/කුඹුරකට/ වැටුනොත් බටේ ඇද වෙන්නත් පුළුවන්. වැස්සේ වෙඩි තිබ්බට මොකුත් වෙන්නේ නැහැ. නිෂ්පාදකයා සඳහන් කරන්නේ නැහැ වෙඩි තැබිය හැකි උපරිම උණ්ඩ ගණන. නමුත් හැකි සෑමවිටම විශේෂඥ පුහුණුව ලත් ඉංජිනේරු සෙබළුන් විසින් තුවක්කු පරීක්ෂා කරනවා වෙනස්වීම් ඇද්ද කියා. අපිටත් තේරෙනවානම් බටය ඇදයි වගේ, ඉලක්කයට උණ්ඩ යන්නේ නැහැ වගේ, කියලා, ඒ තුවක්කුව ආපසු බාරදී අලුත් එකක් ගන්න පුළුවන්.

      බටය පුපුරා යාමේ අවදානම තියෙන්නේ කාලතුවක්කු වලටයි. කාලතුවක්කු වල නිෂ්පාදකයා සඳහන් කර තිබෙනවා මෙපමණ උණ්ඩ ගණනක් වෙඩි තැබීමෙන් පසු බටය මාරු කලයුතුයි කියලා. මම දැක තිබෙනවා ඉන්දියාවේදී ඒ ආකාරයට පුපුරපු කාලතුවක්කු බට. හරියට කෙහෙල් ගෙඩියක් ලෙලි ඇරියා වගේ පුපුරලා තිබුණා.

  13. wicharaka mahataneni obatuma darau hamudawe tanatura kumakda

    • තනතුරු = appointments නම් ගොඩක් දැරුවා. නිළය = rank ගැන කියනවානම්, තරමක් මධ්‍යස්ථ ප්‍රමාණයේ අධිකාරි ලත් නිලයක්.

    • සජීව ධනුද්ධර said:

      මම හිතන්නේ නිලය කර්නල් හෝ බ්‍රිගේඩියර්..
      WWV RWP RSP වගේ සංග්‍රාම පදක්කම් VSV, USP වගේ සේවා පදක්කම් හා rcds/ndc psc වගේ පාඨමාලා නාම නමේ අගට තිබුනෙ නැතෙයි.?

  14. හැමදාමත් වගේ පට්ටයි…ඊලඟ එක එනතෙක් බලාසිටිමි

  15. […] තහවුරු කරන කණ්ඩායම Secure of Fire Base (මෝටාර්, දුර වදින ලොකු මැෂින් තුවක්කු අපි අල්ලගන්න යන ඉලක්කය ළඟටම ගෙනියන්න […]

  16. […] පිරිසක් යැවේ. තවද ඔවුන් සෑමවිටම ආධාරක අවි මගින් ආරක්ෂාව සැපයීමට හැකි දුරකට […]

  17. […] උපකරණ, මෝටාර්, RPG, ටොම්බා තුවක්කු, සැහැල්ලු මැෂින් තුවක්කු, අපිට වගේ නිල ඇඳුම්, බූට්ස් එහෙම තියන […]

  18. Bohoma sthuthi obage lipiyata.mama danna meka kochara durata athada kiyala.

    Eth ape rate ultimax 100,RPK,Fn minimi,IMi nagev wani thuwakku pawichi kara kiyanne athada?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.