විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   අම්මෝ……….. බලන්නකො මෙන්න මෙයාලා දන්න දේවල්. මෙයාලා තමන්ගේ අඩවියේ අලුත් ලිපියක් දාලා, මුලින්ම මෙන්න මෙහෙම කියලා තියනවා.

මෙය අන්තර්ජාලය ඇසුරෙන් උපුටාගැනිමක් වන අතර ලිපියේ රස්ඤතාවයට හානියක් නොකර ලිපිය ඉදිරිපත් කර ඇත​.

   අනේ ද කියන්නේ. ටිකක් උනන්දුවෙන් බලනකොට, මෙන්න බොලේ මේක මගේ පරණ ලිපියක්. මේ තියෙන්නේ මගේ ලිපිය.

   අම්මපා මොකක්ද මේ ‘රස්ඤතාවය’ කියලා මෙතන කියන්නේ? විස්කිරිඤ්ඤා වගේ දෙයක්ද? හෝ………..හෝ………..දැනුයි තේරුණේ. මුන්නැහෙලා මේ ‘රසඥතාවය’ කියන වචනේ තමයි, ලියන්න උත්සාහ කරලා තියෙන්නේ. ‘අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමක්’ ලු.

   ඉතිං හත් දෙයියනේ, ගත්තෙ කොහෙන්ද කාගෙන්ද කියලා කියනවලකෝ. මමත් ලිපි ලියන්නේ, අන්තර්ජාලයේ මිසක් අල්ලපු ගෙදර තාප්පයේ නෙවෙයිනේ. මගේ අඩවියෙන් උපුටා ගත්තා කියන්න ඇයි ඔච්චරම ලැජ්ජා? අනික මේ රස්ඤතා අඩවියේ කාටවත් කමෙන්ට් දාන්නවත් බැහැ. ඒත් ලැජ්ජා නැතුව කියනවා, ලයික් එකක් දාලා යන්න කියලා.

   උදේ පාන්දරවත් කිව්වනම්, උන්නැහේගේ දෝතම අල්ලන්න කියලා, වෙන මොකක් හරි දාන්න තිබුණා. රස්නේ පිටින්ම කාලා බලන්න කියලා.

අනේ කාලේ වනේ වාසේ කිව්වලුනේ.

1


මට මතක්වුණා පරණ ජනකවියක්. මෙන්න මෙහෙමයි ඒ කවිය.

ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා

කිතුල් පිත්ත උඩ පියවර මැන්නා

උකුල් ඇටෙත් උගේ එළියට පැන්නා

එහෙව් උනුත් අද සබයට එන්නා

Screenshot (61)

Screenshot (62)

අම්මපා මෙව්වා මටමනේ වෙන්නේ 😀 😀 😀

my-signature-for-blog[1]     2014 ඔක්තෝබර් මස 20 වැනි දින 2327 පැය

Comments on: "බලන්ඩකෝ මෙයාලා දන්න දේවල් – Shame on you Plagiarist" (25)

  1. කියලා වැඩක් නෑ විචාරකතුමා… අද කාලේ වෙබ් අඩවි විතරක් නොවේ ජාතික මට්ටමේ පුවත්පත් (ජාතික පුවත්පත් කිව්වට ජාතික හොරු….) පවා බ්ලොග් අඩවිවල එහෙමත් නැතිනම් කුඩා සඟරාවල ලියවෙන ලිපි සහ පින්තූරු ගෙඩි පිටින් කොපි කරලා දානවා. මේ ළඟදී අපේ Locolanka බ්ලොග් එක ලියන සහෝදරයාටත් ඔයවගේ අසාධාරණයක් වුණා දිනපතා පුවත්පතකින්. කියන්න කනගාටුයි අද කාලේ සමහර අය කරන කර්තෘ අයිතීන් කඩකිරීම් සම්බන්ධයෙන්.

  2. ලැජ්ජා නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියනව නේ

  3. හපොයි දෙයියනේ,විචාරක තුමාගේ තව ලිපියක් උස්සල වගේ….උස්සනව කියල මෙහෙමත් උස්සනවද….
    ලජ්ජා නැතිකම තමයි ඉතින් මොනවා කරන්නද

  4. ක්සැන්ඩර් said:

    නොදන්නා කෙනෙක් හරි දැනගනීවි නේ විචාරකතුමෝ.. දානයක් දුන්න කියල හිතාගන්නකෝ..

  5. ganan ganna epa sir…………harak unama wetawal kadanawane….

  6. දුක් වෙන්න එපා විචාරකතුමෝ. උන් ලිපියක් හොරකම් කලාට. ඔබතුමා දැනුම් සම්භාරයක් තියන කෙනෙක් නේ. ඔබතුමාගේ දැනුම, අත්දැකීම් උන්ට ගන්න බෑනේ. අද හැම දේම කොපි කරන කාලයකනේ. කොපි කලාට කමක් නෑ කතෘ අයිතිය සඳහන් කරලා. ක්සැන්ඩර් කියුවා වගේ දානයක් දුන්න කියලා හිතාගන්න.

    අපි ලිපි කියවන්නේ ඔබතුමාගේ බ්ලොග් අඩවියෙන් විතරනේ.

    මේ පහත ලින්ක් ටික සමහරවිට ඔබතුමාට ප්‍රයෝජනවත් වෙයි.

    https://wordpress.org/plugins/wp-content-copy-protection/

    https://wordpress.org/plugins/wp-content-copy-protector/

    https://wordpress.org/plugins/wordpress-protection/

    https://wordpress.org/plugins/wp-copyright-protection/

    https://wordpress.org/plugins/wp-copysafe-web/

    https://wordpress.org/plugins/wp-copyprotect/

    • ඇත්තටම මම කැමති නැහැ රයිට් ක්ලික් බ්ලොක් කරන්න. මොකද කමෙන් එකක් දාන කෙනෙකුට වුනත් ලිපියේ කොටසක් තම කමෙන්ට් එකට දාන්න අමාරුවෙන නිසා. මම හිතානේ මේවා බලන්නේ සහ බ්ලොග් ලියන්නේ මහත්තුරු කියලයි. නමුත් මහත්හොරු ඉන්න එක ගැන කණගාටුයි.

      බොහොම ස්තුතියි යමක් ඉගෙන ගන්න ලැබෙන ලින්ක් කීපයක් ලබාදුන්නාට.

  7. කමෙන්ට් එකක් දාන්න බැළුවා අර කඩමල්ලේ තිබ්බානං වේ**** පුතාලට කියන්න තිබ්බා හිතේ හැටියට..

  8. නිර්නාමික said:

    ලිපියක් ලියන්න කොච්චර කට්ටක් කන්න ඔනෙද කියල දන්නවනම් තේරෙයි කල පවේ තරම

  9. ඔය වගේ හිඟන්නො කොහෙත් ඉන්නවා…මම බැලුවෙ එතැන කමෙන්ට් කරන්න පුලුවන්ද කියලා…තිබ්බා නම් හොද සිං‍හලෙන් කියා දෙනවා…වැඩ බැරි උන් අනුන්ගෙ දෙයක් උස්සලා තමන්ගෙ වගේ පෙන්වන එක තමයි එදා ඉදලම කලේ…සැලෙන්න නරකයි…

  10. චෑ … චෑ ….. අවිචාරවත් වැඩක්නේ විචාරක තුමෝ…

    ඕකනේ මම නම් බයක් නැතුව ඉන්නේ. මළාට එකෙක්වත් කොපි කරන්නේ නෑ මම ලියන එව්වා. බල්ලන්ට ලෙලි පොල් වගේ… හහ් !!

  11. […] මේ ඊයේ පෙරේදා, ලැජ්ජා නැති පුඟුලෙක්, මගේ ලිපියක් හොරකම් කරලා තිබුණා. ඒ ගැනත් ලියන්න සිද්දවුණා. ඒ […]

  12. මේ සයිට් එකෙන් ඔහොම ඒවා අහුවෙනවා….
    http://www.copyscape.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.