විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


කොපි කිරීම අද ඊයේ සිට සිදුවන දෙයක් නොවෙයි නොවැ. ඉස්කෝලේ යන කාලෙත් කරන වැඩක් නොවැ. නමුත් ප්‍රසිද්ධියේ කොපි කිරීම පුද්ගලයකුගේ පහත් ජන්ම ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමක්. මම මේ අඩවියේ පළ කරන ලද ලිපි රාශියක් කිසිදු ලැජ්ජාවක්, හිරිකිතයක්, නැතුව අමු අමුවේ කොපිකර පළ කිරීමට බලුකිරි කාරයෝ සමත්වී ඇත. මේ බව මට මුලින්ම දැනුම් දුන්නේ වටරවුම ලියන මුදියන්සේ. ඊට පස්සේ හීනලන්තයේ හරී හොයාගෙන තිබුනා, මගේ බ්ලොග් අඩවියේ ඉතිහාසයේ සිටම මේ බලු කිරි කාරයෝ බලු විදිහට කොපි කර ඇති බව. මේ දෙන්නාට පින්සිද්ධ වෙන්න මමත් හොයලා බැලුවා. බුදු අම්මෝ!!!!!!!!!! මේ තියෙන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා. මම බොහොම අමාරුවෙන් හොයාගෙන සංස්කරණය කළ පින්තුරත් එක්කම, එහෙම පිටින් ලිපි ඔක්කොම කොපිකරලා දාලා. අන්තිම කොනක අබ ඇට තරමේ අකුරින් තියනවා උපුටා ගැනීමකි කියලා. උපුටාගත්තේ කාගෙන්ද, කොහොමද, අවසර ගත්තද, ඒ මොනවත් නැහැ. හැබෑටම මුනුත් මිනිස්සුද? ලෝකයට පෙන්වන මුහුණත් මුන්ගේ සැබෑ ස්වරුපයත් අහසට පොළොව වගෙයි නේද? මම මේ ඊයේ පෙරේදා (20 වැනිදා) පළ කළ රැකසිට පහරදීම සම්බන්ධ ලිපියේ ක්ලේමෝ බෝම්බ ගැන කියන ලද කොටස තමයි අන්තිමට කොපිකරලා තියෙන්නේ. මේ බලන්න

  මගේ බ්ලොග් අඩවියේ ඉහලින්ම ලේබලයක් තියනවා PROTECTED BY COPYSCAPE DO NOT COPY කියලා. මුන් ඒ ගැනවත් තැකීමක් නොකරන, උපතින්ම, පහත් ගතිගුණ තම දෙමවුපියන්ගේ ජාන වලින්ම රැගෙන ආවාදෝ යි සිතේ. ඉතින් මේ කාලකන්ණින්ට මොනවා කරාට හිත් වදීද? මුන් නිකම්ම නිකම් පුස්සන් මිස කිසිදු නිර්මාණයක් කල නොහැකි නපුංසකයන් බව නොපෙනේද? මුන් මව්කිරි කිසි දිනක බී නැති බවත්, ඒ වෙනුවට දෙන එළකිරි වෙනුවට බී ඇත්තේ බලුකිරි බවත් මෙයින් පැහැදිළි නොවන්නේද? ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?

Comments on: "බලුකිරි සමාජයේ බලු වැඩ – බluකිri.com The Ugliest Sri lankan Online Community" (51)

  1. සික් විතරක්.. නොදකින් මූසලයෝ..
    (මට වෙලාවක් නැතුව කලින් දාපු කතා ටික කියවන්න බැරි උනා සර්,එත් මේක දැක්කම මාර මලක් පැන්නේ)

  2. විචාරක තුමෙනි,
    කලින් කිව්වා වගේම සයිබර් සමාජය කියන්නේත් , සාමාන්‍යය එදිනෙදා සමාජයේ තවත් පැති කඩක්,
    මොවුන් තමන්ගේ ප්‍රසිද්දිය හා පහත් වරගයේ අශාවන් ඉටු කරගන්න මේ වගේ බාල වැඩ කරනවා.
    විචාරක තුමෙනි මෙවැනි වැඩ නිසා ඔබගේ මේ සද් කාර්ය නම් නතරකරන්න එපා, මේ ඔබේ බ්ලොග් පිටුවෙන් සෑහෙන පිරිසක් තමන් නොදුටු ලොවක් දකිනවා.
    සහ ඔබ වැනි වියතෙක් මේ බ්ලොග් ලෝකයට ආබරණයක්.

  3. ඔය විදියට කොපි කරන කාළකණ්නි හැම තැනම ඉන්නවා. හරියට තමන් ලිව්වා වගේ තමයි දාන්නේ.
    හැබැයි දන්න කෙනා දන්නවා කොපියක් බව.

  4. බ්ලොග් අවකාශයේ අපි ලියන ලිපි බොහොමයක් අඩවිවල කොපි පේස්ට් කරනව. සමහර වෙලාවට අවසර ගෙන හෝ නොගෙන. මේවට විරුද්ධව කෙනෙක් නීතිය ඉදිරියට යන්නෙ නෑ කියල දන්න නිසා තමයි මේක වෙන්නෙ. දවසක් මම මගේ නවාතැනේ ලිව්ව කතාවක් ඊමේල් එකකින් මටම ආව. 🙂

  5. ක්සැන්ඩර් | Xander said:

    එල කිරි සයිට් එක කවදත් කරේ ඔය ටිකම තමා. හැමදාම හොරකම් කරලා දාන එක නිසා කලක පටන් විවිධ බ්ලොග් කරුවෝ මේ ගැන කතා කළා. දැන් ඔබතුමාටත් ඒ දේම වෙලා. මම නම් කවුරුහරි මොකක්හරි ගනීවි කියා ඉවසා ඉන්නවා. ඒත් මහන්සිය ගැන සිතන විට මාරයා ආවේශ වීම සාධාරණයි.

    එක වතාවක් අපේ බ්ලොග් කරුවෙක් ගේ (හසිත ගේ ) ලිපියක් අන්තර්ජාලයේ හොරෙන් පල කරපු කෙනෙක්ට නම් අපි පාඩමක් ඉගැන්නුවා ආපහු අමතක නොවෙන්නම.

    • මාත් ඒ කතාව කියන්න හැදුවා විතරයි. එකමුතුකමෙන් අපි කරන්න පුලුවන් උපරිම දේ කලා.

  6. හා හා,, තරහ ගන්ට කාරි නෑ. ඔහොමට කොපි කරනව කියන්නෙ ලිපි පෙළ වැදගත් කියන එකයි. හැමෝගෙන්ම හැම දෙයක්ම කොපි කරන්නෙත් නෑ නොවැ. ෆොටෝ වලට නම් ඔබතුමාගේ බ්ලොග් එකේ url එක ගහන්න. එතකොට වැඩේ ශේප්.
    නමුත් කොපි කරන පුද්ගලයා කොපි කරපු තැනේ සබැඳියාව දැම්ම නම් කොච්චර හොදද.

    • ක්සැන්ඩර් | Xander said:

      මේ කමෙන්ට් එක සමග එකහෙලා එකඟ වෙමි. කොපි කරන්නෙත් යමක් ගන්නට ඇති සයිට් වලිනි. ඒ නයින් බලන කල ඔබතුමාගේ අඩවිය ඔවුන්ට දැනුම ගුලාවකි. ප්‍රීති වන්න. ඔවුන් කොපි කරමින් හෝ කෙනෙක් දැනුවත් වන්නේ ඔබේ මහන්සියෙන් නිසා ඒ පින අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනු ඇත.

    • මටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි. ඉංග්‍රීසි බ්ලොග් වලටනම් මේක වසංගතයක් වෙලා ඉවරයි. සිංහල එවාගේත් තරමක් දුරට වෙනවා. ඉංග්‍රීසි බ්ලොග් නම් මුදල් ඉපයීමේ අරමුණෙන් කියලාවත් හිත හදාගන්න පුළුවන්. ඒත් මේවානම් ඊටත් වඩා කැත වැඩ. මගේ නම් අදහස අවසර නොගත්තත් කමක්නැහැ පැහැදිලිව උපුටාගත්ත තැනයි ලින්ක් එකයි දානවනම්. මොකද උපුටාගන්නේ ලිපි පෙළ වැදගත් කියන එකනේ.

      සිංහල බ්ලොග් අතරින් දැනුමක් ලබාදෙන බ්ලොග් කිහිපය අතර ඔබතුමාත් ඉන්නවා. ඒ නිසා ඕවා ගණන් ගන්නෙපා. ෆෝරම් එකක නිසා ලින්ක් එක දැම්මට කමක් නැහැ හැබැයි ලිපි කොපි කරලා බ්ලොග් එකක් කරන්න හැදුවොත් නම් මෙහෙම පෝස්ට් ලියලා ලින්ක් දදා එයාට පබ්ලිසිටි දෙන්නේ නැතිව කෙලින්ම රිපෝර්ට් කරන්න. එතකොට හොරාගේ බ්ලොග් එකටම බඩු හරි! 😀 අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!!

  7. ලජ්ජා නැති කම අපුරුවට ප්‍රදර්ශනය කරලා. නොදෝමකින් මේ වගේ පරපුටුවෝ.

  8. මගේ ලිපි තුනක්ද කොහෙද ඔය මල්ලිලා කොපිකරලා තියනවා මම දැක්කා . නොදැක තව කීයක් ඉස්සුවද දන් නැ ,

    අපි ලියන්නේ කට්ටියට කියවන්න නිසා කොපි කලාට කමක් නැ, (අපිත් ෆොටෝ කෑළි එහෙම උස්සනවනේ)

    කොපිකරන ලිපියේ උඩින් සහ යටින් ගත්ත තැන පැහැදිලිව සදහන් කරනවානං ගැටලුවක් නෑ

    එහෙම නැතුව ගෙඩිය පිටින් දානවට වඩා හොදයි

    තාත්තාට හොරෙන් උන්ගේ අම්මව පාරට එක්කගෙන ඇවිත් පාරේ යන උන්ට වික්කානං

  9. දවසක් මගේ ලිපියක් ලංකාවේ පත්තරේක දාලා තිබුනා. නම තිබුනට අවසරයක් ගත්තේවත්, දාලා කියලා දැන්වීමක්වත්, දුන්නේ නෑ. යාලුවෙක් දැකලා තමයි කීවේ.

    මට නම් තේරෙන්නේ නෑ දැන්වීමකින් අවසර ගෙන මේ වගේ වැඩක් කරන්ට එයාලට බැරි ඇයි කියලා. මේ දේ බ්ලොග් ලෝකේ මම දන්න කීප දෙනෙකුටම වෙලා තියනවා.

    • මමත් සිංහල පත්තරවල සමහර ලිපි කියවනකොට (වැරදිලා) මේක කලින් කියවලා තියෙනවා වගේ හැඟීමක් දැනිලා තියෙනවා.. සමහර විට බ්ලොග් ලිපි වෙන්න ඇති.. එක ලිපියක් නම් මම හසිතගෙ ඉතිහාසයේ අප්‍රකට කතාවක් බව තේරුනා.. ඒත් ඒ ලියපු කෙනා ගෙඩිය පිටින් කොපි නොකරන්න වග බලාගෙන තිබුනා.. උදාහරණයකට ‘යනවා’ කියන තැනට ගියේය වගේ දාලා තිබුනා..

      • ක්සැන්ඩර් | Xander said:

        ඒ කියන්නේ ඌ හොර ගෙඩියෙක්

      • @ හරී

        මොකක්ද අයියේ පත්තරේ තිබුණු ලිපිය ? ඇත්තම කිව්වොත් මටත් ඒක බලන්න ආසයි මොන විදිහටද පළවෙලා තිබුනේ කියලා 🙂 මාරාවේශ වෙන එක ඊට පස්සේ

    • බ්ලොග් වලින් කොපි කරපු ලිපි පත්තර වල මමත් දැකල තියනවා. පත්තර වල ටිකක් වෙනස් කරලා කොපි කරන් තියෙන්නෙ.

  10. ඔයවගේ වැඩ කරන එවුන්ට ඇම්බුශ් එකක් තමයි දෙන්න ඕන.

  11. ඡායාරූප වලට දියසලකුණක් දාලා පළකරන්න ඔබේ අඩවියේ. කොහොමත් මේ දේවල් නවත්තන්න හරි අමාරුයි ජන්මය නිසා. ඒ නිසා මේ වගේ දේවල් ගණන් ගන්න එපා.

  12. ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්නෑ, ඌ ඒක දන්නා හින්දනේ බලු කිරි කියල කියන්නේ ඌ හොදටම දන්නවා ඌ බල්ලෙක් විත්තිය

  13. http://www.warunalive.blogspot.com තවත් නියම Copy Past Site එකක්

  14. කොපි කිරීම නම් අන්තිම පහත් වැඩකි..

    තමුන් මහන්සියෙන් හැදූ ලිපියක් අන් අයට කියවීමට සැලැස්වීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය කොපි කළ ලිපියකින් ලැබේදැයි මා දන්නේ නැත. නමුත් අදාළ පුද්ගලයා එය කොපි කර දැමීමෙන් බලාපොරොත්තු වන්නේ අන් අය අතර ‘මං පොර’ ජාතකය රඟ දැක්වීම බව පැහැදිලි වන්නේ හැම ලිපියක් අවසානයේම ‘රෙපක් බම්පුවක් දාන්න’ යි කරන ආයාචනයෙනි. ඔහු කොපි කළ ලිපියෙන් තමාගේ නමට ප්‍රතිචාර බලාපොරොත්තු වෙයි. මෙය සැබවින්ම දීන කමක් නොවේද?

    අනුන්ව පොර කිරීමට බ්ලොග් පෝස්ට් ලිවීමට බ්ලොග්කරුවන් කැමති නොවනු ඇත. (දැන් අහන්නෙපා තමන් පොර වෙන්නද බ්ලොග් ලියන්නෙ කියලා. මම හිතන්නෙ පොරවෙන්න හිතාගෙන හරි බ්ලොග් ලියන එක කොපි කරලා පොර වෙනවට වඩා නම්බුයි) එයින් වන්නේ බ්ලොග්කරුවෝ ටිකෙන් ටික බ්ලොග්කරණයෙන් ඉවත්වීමයි. තමුන් මහන්සියෙන් ලියන ලියන ලිපිය වෙන එකෙක් ගෙඩිය පිටින් පලකරනවා නම් ලිපියක් ලියන්න කලින් දෙවරක් හිතන්න වෙනවා නේද?

    කොපි කරනකොට සමහර අය කියන කතාවක් තමයි ‘මම එහෙම කළේ ගොඩක් දෙනෙකුට කියවන්ඩ සලස්වන්න’ කියන එක. ඉතින් ඒ කොපි කරගන්න කෙනාට තියෙන්නෙ ඒ වගේ හොඳ චේතනාවක් නම්
    අන්තර්ජාලයම ඒකට ඉඩ සලසවලා තියෙනවනෙ. උදාහරණයකට විචාරක මහත්මයාගේ ස්නයිපර් ලිපි පෙළ දැකපු කෙනෙක් ඒක තව තවත් ප්‍රචාරය වුනා නම් හොඳයි කියලා හිතෙනවා නම් මෙහෙම කළහැකි.
    ඒ ලිපියෙන් කොටසක් උපුටා ගන්නවා එහෙම නැත්නම් සාරාංශයක් ගන්නවා එයින් පස්සෙ ‘ලිපියේ ඉතුරුටික මෙතනින් බලන්න’ කියලා ලින්ක් එකක් දෙනවා. එතකොට වැඩිදෙනෙක් කියවනවා කාටවත් හානියක් හිත රිදීමක් වෙන්නෙත් නෑ. එහෙම නොකර අමු අමුවේ කොපි කරනවා නම් එතන කීයටවත් හොඳ චේතනාවක් නැත.

    අනිත් කරුණ තමයි ඊමේල් මඟින් බ්ලොග් පෝස්ට් ප්‍රචාරය වීම. සමහර බ්ලොග්කරුවොම ඒ වැඩය කරන බව පේනවා.

    මෙතුවක් කල් සිංහල බ්ලොග් අවකාශයේ සිදුවුනේ මෙහෙමයි. කෙනෙක් මහන්සියෙන් ලිපියක් ලියනවා. -> කොහෙදෝ ඉන්න එකෙක් ඒක කොපි කරනවා -> ඒක දැනගන්න ලිපියේ අයිතිකරු ඒ පිළිබඳ කොපි කළ තැනැත්තාට දැනුම් දෙනවා (සමහරවිට) -> කොපි කළ පුද්ගලයා එය ගනන් ගන්නේ නෑ (බොහෝ විට) -> අයිතිකරු කොපි කිරීම හෙළි කර ලිපියක් දමනවා -> බොහෝ දෙනා එයට කමෙන්ට් කරනවා -> සියල්ල යට ගිය පසු නැවත මහන්සියෙන් ලිපියක් ලියනවා – > ආයෙ කොපි කරනවා

    මට නම් හිතෙන්නෙ ඔය ක්‍රියා පිළිවෙල ඔය විදිහට වුනා ඇති. එතනින් එහා යන විසඳුමකට යා යුතුයි නේද?
    ඊළඟට මෙයට ගොදුරු වන්නේ ඔබ විය හැකියි.

    • හරී කියන කතාව හැබෑව.. ඒත් මේක කරපු පුද්ගලයා නං ‌මහ ගොං බූරැවෙක්.. කිසිම වැදගත් කමක් නැති සතෙක්.. මේ බලන්න මේ දාලා තියෙන රිප්ලයි කමෙන්ට් එක….

      බලන්න

      • Quote:
        Originally Posted by camouflaged-sniper
        Original: https://jangun.wordpress.com/2012/10/…3546;-ප/
        තොට මෙච්චර අමාරු නම් උම්බ මේකෙන් අරගෙන දාපන් නිකම් බොරුවට කියවන්නේ නැතුව

        ඔන්න… මනුස්සයට වැරැද්ද පෙන්නුවාම කතා කරන හැටි…

      • ‘උපුටා ගැනීමක් තමයි’ මේක දැක්කම මට හොඳටම හිනා ගියා.. 😀 ඒ යකා ‘වසල සූත්‍රයත්’ කොහෙන්දෝ කොපි කරලා පෝස්ට් කරලනෙ.. ඒ ටිකත් බැලුවනම් නියමෙට හිනා වුනෑකි..

      • හරී දැක්කෙ නැද්ද යටින් දාලා තිබ්බ රිප්ලයි එක.. ඒකට තමා මට අනින්න හිතුනේ හොම්බට දෙකක් ….. ලැජ්ජාවක් කියලා නාමයක් නැති එකෙක්….

        ////තොට මෙච්චර අමාරු නම් උම්බ මේකෙන් අරගෙන දාපන් නිකම් බොරුවට කියවන්නේ නැතුව//////

  15. අන්තර්ජාලේ කියන්නෙ අනවසර පිටපත් කිරීම් වල තෝතැන්නක් , ඕක 100%කින් වලක්වන්න හැකියාවක් නෑ , ඡායාරූප වල දියසලකුනක් දාල බේර ගන්න පුලුවන් . අනවසරයෙන් කරන කොපි කිරීමක් කොහොමත් නිති විරොධියි .හැබැයි අවම වශයෙන් ලිව්ව කෙනා කව්ද ? තැන කොහෙද කියල දාන්න වගේම , හරි නම් කොටසක් පමනක් ප ල කරල මුල් ලිපියට සබැඳියකුත් තියනවා නම් සදාචාරාත්මක බවක් හරි තියනවා

  16. attention whores and ‘rep’ whores ගණන් ගන්න එපා. අර කලින් කියලා තියෙනවා වගෙ photos වලට watermarks දාන්න, කොපි කරන එක නැවතුනේ නැතත් කොපි කළේ කොහෙන්ද කියලවත් පේන්වනේ.

  17. මටත් ඕක වෙලා තියෙනවා… මමනම් ගනන් ගන්නේ නෑ.. ඒත් මගේ ලිපි වගේ නෙවෙයි ඔබේ ලිපි…. ඒත් මිනිස්සුන්ගේ වගකීමක් නැත්නම් අපිට ඒ ගැන පන්නන්න වෙලාවකුත් නැත්නම් අපිට කලහැකි දේකුත් නෑ…. ඒ නිසා එක්කො ගැටෙන්න ඕන.. නැත්නම් පාඩුවේ ඉන්න ඕන… නැත්නම් වෙන්නෙ උන්ට අනවශ්‍ය ප්‍රචාරයක් අපි විසින්ම ලබා දෙන එක…

  18. මටත් ඕකවෙලා තියෙනවා. මෙන්න මගෙ ලිපි එතකොට ඡායාරූප ඊ මේල් වල අමුණලා මටම එනවා. ඒක හොරකරම් කරත් කමක් නෑ කියමු, තද වෙන්නෙ අඩු ගානෙ මේක මෙතනින් ඉස්සුවෙ කියලා කියන්නවත් අචාරශීලිත්වයක් නැති එකටයි. අනික අනුන්ගෙ නිර්මානයක් තමන්ගෙ නම දාලා දාන්න ලැජ්ජාවක් නැති හැටි.

  19. ඔය කොපි කිරිල්ල හැම තැනම තියෙනවානේ. ඔය වගේ සයිට් එකක් ගත්තහම අයිතිකරුවෝ දනුවත්වත්, නොදැනුවත් ඔවුන් විසිනුත්, සාමාජිකයින් විසිනුත්, කුලියට පෝස්ට් දමන අය (එහෙම කරුමාන්තෙකුත් තියෙනවා) කොපි කරනවා වෙන්න පුළුවන්. හැබැයි අයිතිකරුවෝ දැනුවත් වුනාම , කොපි කිරීමක් තියෙනවානම් වහාම ඉවත් කරන්නත්, ඒ දේ නැවත නොවෙන්නත් වග බලා ගන්න ඕනි.

    ඔබතුමාත් දාල තියෙන්නේ කොපි ස්කේප් නොටිස්‌ එකක්. අර සයිට් අයිති කරුවන්ට් සැබෑ වගකීමක් හිතේ තියෙනවානම් පාවිච්චි කරන්න පුළුවන් කොපි ස්කේප් පහසුකම් තියෙනවා තමන්ගේම අන්තර්ගතය පරීක්ෂා කර ගන්න.

    මම හිතන්නේ DMCA සාමාජිකත්වය ලබා ගැනීම මගින් මේ වගේ සිද්ධියකදී වරද කරුවාට යම් දඬුවමක් දෙන්න බැරි කමක් නැත්තේම නැහැ. උදාහරණයක්

    මගේ බ්ලොග් එකෙ කොපි කිරීම් ගැනනම් වද වෙන්නේ නැත්තේ කොපි කරන්න තරම් ඒක සාරවත් නැති නිසා. 🙂 .. ඒත් මෙතන එහෙම නෙවෙයිනේ.

    හැබැයි මගේ දේ කොපි කිරීම ගැන මටත් හොඳ අත්දැකීම් දෙකක් තියෙනවා. ඒවා ගැන පෝස්ට් එකක් දමන්න හිතුන. බලමු. එකක් කෙටියෙන් කියන්නම්. යම් දෙයක් ගැන යෝජනාවක් මම කාලයක් තිස්සේ අදාළ රජයේ ආයතන වලට යොමු කලා. දවසක් ඒ විෂය ගැන සාකච්ඡාවක් යනවා රුපවාහිනියේ අදාළ නිලධාරීනුත් ඇවිල්ලා. මගේ යෝජනා වලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා හිටපු ඔවුන් මගේ අදහස ඔවුන්ගේ වගේ ඉදිරිපත් කලා විතරක් නෙවෙයි මම යවපු රුප සටහන් වල (කොපිරයිට් නෝටිස් මකලා) ගෙඩි පිටින් කැමරාවට දික් කරමින් හිටියා. මම එවෙලෙදී වැඩ සටහනට සම්බන්ධ වෙන්න හැදුවත් බැරි වුනා. පසුව අදාළ පෞද්ගලික මාධ්‍යයට කතා කරලත්, වැඩ සටහන මෙහෙයවපු කෙනාට කෙලින්ම දැනුම් දීලත් කිසිම දෙයක් වුනේ නැහැ. මගේ යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනෙත් නැහැ. අර එතනදී ෂෝ ඒකට පෙන්නුවා විතරයි. 🙂

  20. පුද්ගලික දේපල අයිතිය කුමක් දැයි නොදන්නා තාක් කල් පුද්ගලයෙක් හැදෙන්නෙත් නැහැ රටක් හැදෙන්නෙත් නැහැ. ලෝකය දිහා බැලුවොත් හැදිච්ච රටවල් හැදිලා තියෙන්න ඊට ගරු කිරීම නිසා. ඒත් තමන් කොල්ල කන හැටි නොදන්නා අය සරුඵල අය දිහා බලලා කෑ ගහන්නෙ උඹලා අපිව කොල්ල කෑවා කියලයි. මෙහෙමත් විකෘති සමාජයක්!!!!

  21. පිංඅතේ වැඩක් කලත් හොරකම… ස්වාධීන චින්තන ශක්තියක් නැති අදබාලයෙක්ගෙ වැඩක්… තමන්ට තනිව යමක් නිර්මාණය කර ගැනීමට ඇති අපහසුතාවත්… අනෙකුත් අය අතර පොර ලෙස වැජබීමේ හීනමානයත් මෙයට හේතු වෙන්න ඇති කියලා මට හිතෙනවා…විචාරක තුමා මේ වගේ දේවල් වලින් සැලෙන්නෙ නෑ කියලා මම හොදටම දන්නවා… අපි ජීවත් වන සමාජයේ තවත් එක් පැති කඩක් විතරයි ඔය….

  22. ඔබතුමාට අවශ්‍ය නම් කිසිම දෙයක් කොපි පේස්ට් කරන්න බැරි වන විදියෙ Code එකක් දෙන්න පුලුවන්…එහෙත් එය භාවිතා කලාම කමෙන්ට් කරන අයටත් මෙහි කිසිම දෙයක් උපුටා දැක්වීම අපහසු වෙනවා…

  23. වැලක වනලා තියන සරමක් උස්සන් දුවන කුඩු කාරයගෙය් මුන්ගෙය් වැඩි වෙනසක් නෑ. ගනන් ගන්න එපා “මචන් අංකල්”.
    තව තවත් ඕවයින් පන්නරය ලබන්න.

  24. අදනම් කමෙන්ට් බැලුවේ නෑ. මොකද ඔක්කොම එක වගේ විය හැකි නිසා. දිය රෙද්දෙන් බෙල්ල කපන, දිය යටින් ගින්දර ගෙනියන, එකට ඉඳන් *කට කොටන උන් ඉන්න මේ සමාජයේ ඔය වගේ වැඩ කරන උන් ඉන්නවා විචාරක මහත්තයෝ. අපිට වඩා අත්දැකීම් මේ ගැන ඔබතුමාට ඇති.
    මේ වගේ කොපි කිරීම් වලක්වන්න නීති ආ යුතුයි කියලා මමනම් හිතන්නේ. නැත්නම් අපිට නිදහසේ දෙයක් ලියන්නවත් බැරි වෙයි.

  25. මේවගේ දේවල් ගොඩක් අයට වෙලා තිබුන. පෝස්ට් එකක් ලියන්නේ හුඟක් මහන්සි වෙලා. ඒක කොපි කරන් ගිහින් එහෙම්මම පල කරන එක නම් වැරදියි. ඒවා ලැජ්ජා නැති වැඩ.
    ගත්ත තැන ලින්ක් එක පෝස්ට් එකේ පහලින් දානවා නම් කමක් නෑ. DMCA සාමාජිකත්වය ගත්තම ඕකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කියල මමත් අහල තියනවා.

  26. බංකොලොත් පොරවල්…අනුන්ගෙ පහනින් එළිය බලනවා කියන්නෙ ඕවට තමා.. මේවගේ බාල වැඩ නවත්වන්ඩ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියනවද ?

  27. ඇත්තටම එළකිරි එකේ ගොඩක් අය දාන්නේ අපේ ලිපි කොපි කරලා තමා.මගේ ලිපිත් එළකිරියේ පල වෙලා තියෙනවා.ඒවා කොපි කරන්නේ එළකිරියේ සාමාජිකයෝ.ඔවුන් සමහරක් දෙනා ලින්ක් පවා දන්නා තරම් නිහතමානි වුනත් සමහරු ඒවා නැහැ කෙසේ වෙතත් ඔබ කලබල නොවී ඉන්න.ඔවුන් ඒවා කොපි කර ඇත්තේ යම් කිසි වටිනා කමක් ඇති නිසානේ.

    ඒ ගැන සතුටු වන්න

  28. කාලකන්නියෝ හැම තැනම ඉන්නවා.

  29. sir ,
    Cpoy Cats Never Catch – RATS

  30. මගෙත් පොස්ට් ගොඩක් එළකිරි එකෙන් උස්සලා තියෙනවා එවට ලින්ක් නැහැ… සමහර එවට ලින්ක් දාපුවම එළකිරි එකේ ඇඩ්මින්ලා එඩිට් කරලා ලින්ක් මකනවා… මම එකට හේතුවත් හොයලා බැලුව… උන් කියන්නේ අපේ පොස්ට් එකක් උස්සලා එළකිරියේ දාලා ඒකට අපේ බ්ලොග් එකේ ලින්ක් දාපුවම එළකිරි යුසර්ලා එතනින් අපේ බ්ලොග් වලට එන්න ගන්නවලු…(ස්පෑම් ) උන්ට අපේ පොස්ට් හොරකන් කරගෙන දාන්න හොදයි … එක උස්සන තැන හරියට දාන එක තමයි වැරදි ..

  31. මගේ ලිපියක් ලංකා ඊ නිවුස් එකේ පළවෙලා තිබුණෙ මටවත් කියන්නෙ නැතිව.. මම ඒ ගැන කියූ කොමෙන්ටුව පවා ඔවුන් පළ කළේ නැහැ. පසුව මගේ මිතුරොයි පාඨකයොයි ඒ ගැන කියලා යැවුවාම ලිපිය අයින් කරලා තිබුණා.
    තවත් වතාවක මම ගිණිකෙළි ගැන ලියපු ලිපියක් බලුකිරි අඩවියෙ පළවෙලා තිබුණා. හිනා යන වැඩේ කියන්නෙ කොපි කරපු පුද්ගලයා අනෙක් එවුන් ලියපු ප්‍රතිචාර වලට පොර ටෝක් දීලා ස්තූති කරලාත් තිබුණා. මමත් මුලින් කොපි කරනවා නම් ලින්ක් එක වත් දාන්න කියා ලියා තිබුණා.
    ඇත්තෙන්ම කොපි කරන්නෙ යමක් ගන්න තිබෙන නිසා නෙ… එහෙම වුනා කියලා රෑ තිස්සෙ මහන්සියෙන් හොයලා බලලා ඇඟිලි රිදෙනකල් ටයිප් කරපු ලිපියක් වෙන කෙනෙක් හොරා ගන්නකොට නම් දැනෙන්නෙ ලොකු දුකක්. නමුත් කොහොමද අපි මේක බේර ගන්නෙ… ඒක ඉතින් අපි අපිම හිතලා බලලා කරන්න ඕන දෙයක්…
    නඩු දැම්මයි කියලා අපට සාධාරණයක් වෙනව යෑ…

  32. ඔය බලුකිරියේ උන් වැඩි හරියක් කලේ බ්ලොග් වලින් හොරකම් කරන එකම තමා, මම කීප දවසක්ම දැක්කා මේ බ්ලොග් එක පටන් ගත්තු දවස් වල ඉදලමයි දැක්කේ

  33. Ubala Kemathi nethida ubala dana ewa wena kawuruwath denagannawata ? U kothanakawath kiyala nahe eka u liwwa kiyala anika mama dekala thiyanawa samahara blog wala elakiri eke thiyana ewa ehama pitinma dala thiyanawa , ugeth weradda thamai uta gaththa thena name eka danna thibuna

  34. මමත් පරණ එලකිරි සාමජිකයෙක්… මේ වැඩේ මමත් අනුමත කරන්නේ නෑ… ඒත් එලකිරියේ හැම එකක්ම කොපි නෙමෙයි… බොහොම සුලු පිරිසක් තමයි ඔය දේ කරන්නේ..

  35. ඔවුන් අනුන්ගේ ලිපි හොරෙන් කොපි කරල පොර වෙන්න හැදුවට පෙන්වන්නේ ඔවුන්ගේ මෝඩකම හා ඔවුන් හිස් මිනිසුන් බව නොවේද ?.. /මේකත් ඔබගෙ ලිපියක් නේ, මේ තව හොරෙක් http://bestsinhalablog.blogspot.com/2012/05/blog-post.html /

  36. ඕක Forum එකක් නේ දහස්ගානක් members ලා ඉන්නවා. ඒ වුනාට හරි හමන් නීති රීති නෑ. copy කරල ඔතන දාන එක කාලෙක ඉදන් ගොඩක් members ලා වීරයෝ වෙන්න reputation හිගාකන්න ඔතන කරන වැඩක්. Admin ඒ ගැන බලන්නෙවත් නෑ. ඔතන නීති හදන්න පුලුවන් තැනකුත් නෙමේ. දෙපැත්තට වෙලා බැනගන්න එක තමා ඕකේ සමහර එවුන් වැඩිපුර කරන්නේ. හැබැයි ඒ අතරේ ඉතාමත් වටින කියන ලිපිත් යනවා. ඒක හින්දා මුලු සයිට් එකටම බනින එක හරි නෑ. ඒක හරියට අපි පොලිසියට බනිනවා වගේ වැඩක්. ලංකාවේ මිනිස්සුන්ගේ බේදීම නම් හොදටම බලාගන්න පුලුවන් forum එකේ පැයක් විතර බැලුවා නම්

  37. මේ සිද්දවෙන පිළිකුල් සහගත වැඩේ දැන් සෑහෙන්න සුලභ තත්වයක් විචාරකතුමා. එවැනි පෝස්ටුවක් එයාගෙ එකක් නොවන හින්ද කෙනෙකු දමන කොමෙන්ටුවකටවත් ප්‍රතිපිළිතුරක් නෑ. අඩුගානෙ ඒ අයට ඇල්බට් අයින්සටයින්ගෙ ඩ්‍රයිවර් වගේ වෙලා හරි ප්‍රතිපිළිතුරක් දෙන්න තරම්වත් මොළයක් නෑ.

  38. […] ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.