මේ ලිපිය ලියන්න පාදක වුණේ, අපේ දිනේෂ් මහතා විසින් පවත්වාගෙන යන වර්ණ බ්ලොග් අඩවියේ පළවූ හින්දි ටොප් 10 ලිපියයි. පහුගිය දිනවල, ඉයන් උන්නැහේ බෝකරපු සිංහල ගීත 16 ලෙඩේ තව පැත්තකට හැරිලා, වර්ණ අඩවියට හින්දි ටොප් 10 ඇවිල්ලා තිබුණා. වර්ණ අඩවියේදී මා සඳහනක් කළා, මමත් හින්දි ටොප් 10 ලිපියක් ලියන්නම් කියා. ඔන්න ඒ අදහස, අදයි මුදුන් පමුණුවා ගන්නේ. කී දෙනෙක් මේ ලිපිය රසවිඳියිද කියා කියන්න බැහැ. මක්නිසාද යත්, හින්දි චිත්‍රපටි ගීතවලට, සිංහල බ්ලොග් ලෝකය තුළ, එතරම් කැමැත්තක් නැතිබව තමා, මා මෙතෙක් කල් ලබා තිබෙන අත්දැකීම. ඒ කෙසේවෙතත්, හින්දි ගීත ප්‍රියකරන කීපදෙනා වෙනුවෙන් හෝ මේ ලිපිය ඉදිරිපත් කරනවා.
හින්දි චිත්‍රපටි නරඹන්නත් පෙර සිට, මා අවුරුදු 8 – 10 වයසේ සිටියදී තමයි, ගුවන් විදුලියෙන් සහ/හෝ LP තැටිවලින්, හින්දි ගීත අහන්නට ලැබුනේ සහ ඒ ගැන යම් ඇල්මක් ඇතිවුණේ. මේ ගීතවල වාච්‍යාර්ථය නොදැන සිටියත්, ඒ ගායනා තුළ ඇති, සංවර, මධුර මනෝහර, ලයාන්විත බව, හා සුඛෝච්ඡාරණ බව, මා තුළ කිසියම් භාවෝද්දීපනයක් ඇති කළායයි කියා කිව්වොත්, මා නිවැරදියි. පසු කාලයේදී, හින්දි චිත්‍රපටි නරඹන්නට ලැබීමත් සමග, ඒ බැඳීම තවත් තරවුනා.
ඇත්තෙන්ම, එදාමෙදාතුර මා නරඹා ඇති හින්දි චිත්‍රපටි වලින්, පසුබිම් ගීත දහයක් තේරීම, ඉතා අපහසු ක්‍රියාවක්. කීප වතාවක් කටු සටහන් යොදා බැලුවත්, එය මට විශාල අභියෝගයක්. අවසානයේදී, තරමක් සිත දැඩි කරගෙනයි, මේ ගීත දහය තෝරාගත්තේ.
මේ ගීත තෝරන්නේ, මා මනසට නැගුනු ආකාරයට විනා, හොඳම ගීත දහයක්, 1,2,3,4, ලෙසින් දැක්වීමක් නොවන බවත්, අවධාරණය කරන්නට කැමතියි.
1. විරහවේ උච්ඡ ස්වරය – මා හද ඔබ අමතයි ප්‍රියේ, එනුමැන මා සොයා
මේ ගීතය අයත්වන්නේ මා මෙලොව එළිය දුටු 1954 වසරටයි. දැන් ඔබ අහයි, ඉපදුන ගමන් චිත්‍රපටි බැලුවද කියා. නැහැ. මේ ගීතය ඇතුළත් ‘නාගින්’ චිත්‍රපටිය, මා නැරඹුවේ, 1960 දශකයේදීයි. එකල, සිය තාරුණ්‍යයේ උච්ඡ අවස්ථාවේ සිටි, ඉන්දීය චිත්‍රපටි නිළි වෛජයන්තිමාලා, මේ චිත්‍රපටියෙන්, ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබාගත්තේ, ඉතා විශ්මයජනක ආකාරයටයි. ප්‍රේමයේ විරහව, සිය රංගනයෙන් මොනවට පිළිබිඹු කරන ඇය, මේ ගීතයේදී මෙසේ කියනවා.
පෙම්වත, විරහ දුකින් පෙලෙන මා හදවත, මෙලෙස ඔබ අමතයි. තෙත්බර කාලගුණයක මම සිටිමි. ඔබ කොහිද? එන්න මා වෙත සැනසුම රැගෙන. ඔබ නැති මේ වසන්තය සහ සිහිල් මන්ද මාරුතය කුමටද? ඔබ නැති ලොව පාළුවී ඇත. මා කුමක් කලයුතුදැයි, මෙහි පැමිණ මට කියන්න. මගේ ආදර නිවස, කුණාටුවලින් වනසා දමා ඇත. සිනහවෙන් පිරි මගේ ආදර ලොව, සොරකම් කර ඇත. මා වියැකී යන්නට පෙර, ඔබේ මන්දස්මිතයක්වත් දැකගන්නට, මෙහි පැමිණෙන්න මා පෙම්වත.
මෙරා දිල් යේ පුකාරේ ආජා – චිත්‍රපටිය:- නාගින් (1954), රංගනය:- වෛජයන්තිමාලා, ගායනය:- ලතා මංගෙස්කාර්, ගීත රචනය: රාජේන්ද්‍ර ක්‍රිෂන්, සංගීතය:- හේමන්ත් කුමාර්. (1954 වර්ෂයේ, හොඳම චිත්‍රපටි පසුබිම් සංගීතය සඳහා, ‘ෆිල්ම්ෆෙයා’ සම්මානය) අධ්‍යක්ෂණය:- නන්ද්ලාල් ජස්වන්ත්ලාල්.
2. ලොවට බිය නැති ආදරය – සඳේ, ඉවත බලාගන්න. මේ අපේ ආදර සමයයි.
මේ ගීතය, කළින් සඳහන් කළ ගීතයටත් වඩා පැරණියි. ගීතය අයත්වන්නේ, 1951 දී තිරගතවුණු, ‘ආවාරා’ = (පාදඩයා) චිත්‍රපටියටයි. මේ ගීතයේ පෙනීසිටින්නේ, හින්දි සිනමාවේ අති දැවැන්ත චරිත ලෙස, අදත් සැලකෙන, රාජ් කපූර් සහ නර්ගීස් දත් නළු නිළි දෙදෙනායි. (යුවළ හෝ දෙපළ කියා ලියන්න බැහැ, ඔවුන් අඹු සැමියන් නොවන නිසා) අද්‍යතන හින්දි චිත්‍රපටි ගීතයක දකින, හුදු කාමෝද්දීපනයට වඩා, මේ ගීතයේ රංගනය තුළ, යටින් දිවයන ශෘංගාරය, අසමසමයි, අද්විතීයයි. තම සිතැගි, අහිංසකව, දඟකාරව නිදහස් කරන ආකාරය, නර්ගීස් නිරූපණය කරන්නේ, ප්‍රේක්ෂක සිත මන්මත් කරමින්.
ඇය මෙහෙම කියනවා:- සඳේ, මොහොතකට ඉවත බලාගන්න. මේ, මා ඔහුට පෙම් කරන වෙලාවයි. ඔහුට කියන්නට දහසක් දේ මට තිබේ. මා හදවත පැතුවේ මෙවැනි ආලයක්. දැන් මට ඒ ආලය හිමිව තිබේ. සඳේ, ඔබේ ආලෝකය අපි හැමදාම දකිනවා. නමුත්, මේ මගේ ප්‍රථම රාත්‍රිය, ඔව්, ප්‍රථම රාත්‍රිය. ඉතිං දැන්වත් අහක බලාගන්නකෝ.
ඔහු මෙහෙම කියනවා:- මම හොරෙක්. මගේ කාර්යය හොරකම් කිරීමයි. සමාජය මට ගරහයි. එහෙත්, මම ඇගේ හදවත සොරකම් කරමි. ඈ දෙස හොරෙන් බලා, ඇයව සොරකම් කරමි. සඳේ, ඔබ සාක්ෂි දරන්න.
දම් භර් ජො උධර් මූ පේරේ – චිත්‍රපටිය:- ආවාරා (1951), රංගනය:- රාජ් කපූර් සමග නර්ගීස් දත්, ගායනය:- ලතා මංගෙස්කාර් සමග මුකේෂ්, ගීත රචනය:- ශෛලේන්ද්‍ර, සංගීතය:- ශංකර් – ජායිකිෂන්, අධ්‍යක්ෂණය:- රාජ් කපූර්
1963 දී තිරගතවූ, ‘ගුම්රා’ (නොමග ගිය තැනැත්තා / මංමුලාවූ පුද්ගලයා) චිත්‍රපටිය, ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ බව මට හොඳට මතකයි. ප්‍රේමයේ වියෝවෙන් මංමුලාවූ පුද්ගලයකු, වෙනෙකෙකු සමග විවාහවූ තම පෙම්වතිය පසුපස යන සිද්ධියක්, ඉතා අනුවේදනීය ලෙස, මේ චිත්‍රපටියෙන් ගෙනහැර දක්වනවා. හින්දි සිනමාවේ ඇති දැවැන්ත චරිතයක් වූ සුනිල් දත් (ඉහත අංක 2 යටතේ සඳහන් නර්ගීස් දත් ගේ සැමියා, අද හින්දි සිනමාවේ සිටින (නොසිටින?) සන්ජේ දත් ගේ පියා) සමග මේ චිත්‍රපටියේ අනෙක් ප්‍රධාන චරිතය කරන්නේ, ජනප්‍රිය නිළි, මාලා සිංහ.
ඔහු:- මේ මන්ද මාරුතයේ, මේ සොඳුරු පරිසරයේ, මා හදවත ඔබ අමතයි.
ඇය:- මට මා වලක්වාගත නොහැකිය. ඔබේ ඇමතුම් හඬින් මා ඔබ වෙත ඇදී එයි.
ඉන් හවාඔන් මේන් ඉන් ෆිසා(Z)ඔන් මේන් – චිත්‍රපටිය:- ගුම්රා (1963), රංගනය:- සුනිල් දත් සමග මාලා සිංහ, ගායනය:- මහේන්ද්‍ර කපූර් සමග ආශා භෝස්ලේ, පද රචනය:- සහීර් ලුජාන්වී, සංගීතය:- රවී, අධ්‍යක්ෂණය:- බී.ආර්.චොප්රා
මා ප්‍රිය කරන්නේ කළු සුදු චිත්‍රපටි වලට පමණද? කියා, ඔබ මගෙන් විමසනු ඇති. ඇත්තෙන්ම කළුසුදු චිත්‍රපටි වල තවත් රසවත්, අර්ථවත් ගීත සිය ගණනක් තිබෙනවා. නමුත් ඒවා පසුකරමින්, මා ඔබව, වර්ණ චිත්‍රපටි වෙත කැඳවාගෙන එනවා. මෙහිදී ද මා, මගේ සිත සමග දැඩි සටනක් කොට තමයි, ගීත තෝරාගත්තේ.
6. තුන් කොන් ප්‍රේමයක මායාව – මා ප්‍රියාවනි, කුමන නමකින් මා ඔබ අමතන්නදැයි නොවැටහේ
1964 වර්ෂයේදී තිරගතවූ, ‘සංගම්’ (හමුවීම) චිත්‍රපටිය, ලොව වටා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසකගේ මහත් ප්‍රශංසාවට ලක්වූ, ‘සදානුස්මරණීය’ යන වර්ගීකරණය ලත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය, පැය හතරකට මඳක් වැඩි කාලයක් ධාවනය වන අතර, එය එකල කිසිසේත්, ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක්වුයේ නැහැ. මේ චිත්‍රපටිය නිපදවීමට, ඉන්දීය රුපියල් කෝටියක් වැයකර තිබෙනවා. රාජ් කපූර්, වෛජයන්තිමාලා, සහ රාජේන්ද්‍ර කුමාර්, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑ අතර තුන්කොන් ප්‍රේමයක් පිලිබඳ, හද සසල කරවන කතා පුවතක් මෙහි ඇතුළත් වෙනවා.
ඔහු:- කෙසේද මා ඔබ අමතන්නේ මගේ මේ පෙම්පතෙන්? මා ඔබට සුන්දරිය කියන්නද? හදවත් සොරාගන්නිය කියන්නද? කුමක්ද මා කියන්නේ?
යෙ මේරා ප්‍රේම් පත්‍ර පඩ්කර් – චිත්‍රපටිය සංගම් (1964), රංගනය:- රාජේන්ද්‍ර කුමාර් සමග වෛජයන්තිමාලා, ගායනය:- මොහොමඩ් රෆී, පද රචනය:- හස්රත් ජායිපුරි, සංගීතය:- ශංකර් ජායිකිෂන්, අධ්‍යක්ෂණය:- රාජ් කපූර්.
8. ප්‍රේමයේ මායාකාරිය – මා නළලත තිලකයද, දෑතේ වළලුද ඔබ පතා වෙහෙසෙයි.
1969 දී තිරගතවූ දෝ රාස්තේ (මාවත් දෙකක්) චිත්‍රපටිය, ජනප්‍රිය වුනේ, එහි එන කර්ණ රසායන සංගීතය හේතුවෙන්. මේ චිත්‍රපටිය, සම්පූර්ණයෙන්ම පාහේ, සංගීතමය චිත්‍රපටියක් කියා කිවහැකියි. මේ ගීතය මා තෝරාගත්තේ, විශේෂ හේතු කීපයක් නිසායි. මේ ජවනිකාවේ පෙනීසිටින නිළිය, මුම්ටාස්Z මධ්වානි (විවාහයට පෙර අස්කාරි) හින්දි සිනමාවේ ගිනිසිළුවක් ලෙස සැලකෙනවා. නමුත් ඇය ඉන්දීය නොව, ඉරාන ජාතික කාන්තාවක්. බලන්න මේ මායාකාරිය, ඉගෙනීමේ කටයුත්තේ යෙදෙන අර අහිංසකයාව, ඇයගේ මායාකාරී හාවභාව ලීලාවන් පෙන්වා, වසඟයට ගන්නා හැටි. එතන තියන නලයක් තුළින්, ඔහු දෙස බලා ඉඟි මරන්නේ, ශෘංගාරය ඇවිස්සෙන විදිහට. රාජේශ් ඛන්නා / මුම්ටාස්, එක යුගයක, හින්දි සිනමාවේ නැතුවම බැරි පෙම් යුවළ බවට පත්ව සිටියා.
බිඳියා චම්කේගී චූඩි ඛන්කේගී – චිත්‍රපටිය:- දෝ රාස්තේ (1969), රංගනය මුම්ටාස්Z සමග රාජේශ් ඛන්නා, ගායනය:- ලතා මංගෙස්කාර්, පද රචනය ආනන්ද් භක්ෂි, සංගීතය:- ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල්, අධ්‍යක්ෂණය:- රාජ් ඛෝස්ලා
10. දෑ කුලමළ, ඉක්මවා ගිය ප්‍රේමයේ අභිමානය – ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන් මම නිහඬව සියල්ල විඳගනිමි.
මෑත භාගයේදී මා නැරඹු හින්දි චිත්‍රපටි අතරින්, වඩාත් සිත්ගත් චිත්‍රපටියක් ලෙස, 2004 වර්ෂයේදී තිරගතවූ ‘වීර් – සාරා’ චිත්‍රපටිය හඳුන්වන්නට පුළුවන්. ප්‍රේමය යනු මෙලොව සියළු සමාජ සම්මුතීන් සුනුවිසුනු කොට ගලායන මහා සැඩ පහරක් හෝ, සියලු බාධක අතරින් කාන්දුවෙන සිහිල් දිය දහරක් හෝ වියහැකි බව, මොනවට නිරූපණය කරන මේ චිත්‍රපටිය, ප්‍රේක්ෂක සිත්සතන් තුළ, සෑහෙන කාලයක් තැන්පත්ව තිබෙනු ඇති. වත්මන් හින්දි සිනමාව, පහසුවෙන් අතික්‍රමණය කළ, ශාරුක් ඛාන්, තම විශිෂ්ඨ රංගන වින්‍යාසය තුළින්, චිත්‍රපටියට සැබෑ ජීවයක් ගෙන දෙන අතර, සුරූපී නිළි ප්‍රීති සින්තා, ඊට නොමඳ සහයක් දක්වනවා.
ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන්, මම මගේ දෙතොල් තදකරගනිමි. මගේ කඳුළු ගිලගනිමි, නමුත් මා හැඩ තුළ ආදර පහන නිබඳ දැල්වේ,
තේරේ ලියේ – චිත්‍රපටිය:- වීර් සාරා (2004), රංගනය:- ශාරුක් ඛාන් සමග ප්‍රීති සින්තා, ගායනය:- ලතා මංගෙස්කාර් සමග රූප් කුමාර් රාතොබ්, පද රචනය:- ජාවඩ් අක්තාර්, සංගීතය:- මදන් මෝහන්, අධ්‍යක්ෂණය:- යාෂ් චොප්රා.
Comments on: "හින්දි ටොප් 10" (6)
[…] හින්දි ටොප් 10 […]
නියම විස්තරයක්, මං කැමති අංක 3, 9 සහ 10ට. විශේෂයෙන්ම වීර් සාරා චිත්‍රපටයට මං ගොඩක්ම
කැමතියි.
මා හිතනවා, මේ ගීත ලයිස්තුවේ, අවම වශයෙන් එක ගීතයකටවත්, මේ ලිපිය බලන එක්කෙනෙක් හෝ කැමතිවෙයි කියා.
අනිවාර්යයෙන්ම එහෙමයි.
හප්පා… ඩොන් එකේ සින්දුවයි විර් සාරා එකයි ඇරුනම අනිත් එක්කොම වගේ අපේ ජෝතිපාල මහත්තයගෙයි ඇන්ජලින් ගුනතිලක නොනගෙනුයි උස්සපුවනේ.
(මටත් හිතෙනවා එක්කොම පැත්තක දාල ඒ ගැන ලියන්න)
හෙහ් හෙහ්, අම්මපා මේ ඉන්දියන් එවුන්ට ලැජ්ජා නැද්ද මන්දා අපේ ගී තනු කොපි කරන්න.
අන්නහරි. ලියමුකො බලන්න, අපේ ‘සිංහින්දි’ ගීත කියලා ලිපියක්.