විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Ha ha   අම්මෝ……………..ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්‍රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද කතා දෙකතුනක්? හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. ජාලය පීරලා හොයාගත්ත දේවල්. කමක් නැහැ නේද? අපිට ඕනෙ සරල වින්දනයක් ලබන්නනේ. හරි, එහෙනම් පටන්ගම්මු. (පින්තූරේ ගත්තෙ මෙතනින්)

  තුවාල වෙච්ච හැටි

   ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් ගේ ආර්යාව, හමුදා රෝහලට ගියා, යුද්ධයෙන් තුවාල වූ සොල්දාදුවන් බලන්න. මුළු ශරීරයම වෙළුම්පටි වලින් ඔතලා, මමියක් වගේ පෙනෙන සොල්දාදුවකු දුටු ඇය, හොඳටම කම්පාවී, ඔහුගේ ඇඳ අසළට ගියා. 

“දෙවියනේ…………………!, මොකද ඔයාට වුණේ” ඇය සොල්දාදුවාගෙන් ඇහුවා.

“මේකයි වුණේ මැඩම්, මම කැලේ පැට්‍රෝල් එකක් යනකොට, එක ජපන් සොල්දාදුවෙක් කෑගහලා කිව්වා, ජනාධිපති රූස්වෙල්ට් කන්නේ මීයෝ…….. කියලා. මම කෑගහලා කිව්වා, ජපන් අධිරාජයා කන්නේ, ‘ග් ඌ………..’ කියලා”. සොල්දාදුවා උත්තර දුන්නා.

“එහෙනම් එතකොටම උන් ඔයාට මෝටාර් බෝම්බයක් එවන්න ඇති”.  ආර්යාව කිව්වා.

“නෑ නෑ මැඩම්, තවම තුවාල වුණේ නැහැ. අර ජපන් සොල්දාදුවා ආයෙත් කෑගහලා කිව්වා, උඹලගේ ගැරී කූපර් කියන්නේ, රඟපාන්න බැරි නළුවෙක්, කියලා. මම කෑගහලා කිව්වා, අධිරාජයාගේ නෝනට උයන්න බෑ…………..කියලා”

“එහෙනම් උන් ඔයාට අත් බෝම්බෙකින් දමලා ගහන්න ඇති”. ටිකක් නොඉවසිල්ලට පත්වූ ආර්යාව කිව්වා.

“නෑ නෑ තවම නෑ මැඩම්” සොල්දාදුවා උත්තර දුන්න.

“එහෙනම් මොකද වුණේ”?

“ඒ පාර අර ජපනා කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මෝඩයෝ කියලා”. මම කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මැට්ටෝ කියලා”.

“ඉතිං ඒ පාර?” ආර්යාව ඇහුවා.

“ජපනයි මායි ලඟට ඇවිත්, අතට අත දීලා කතාකරලා, සිගරට් එකක් බොන්න හදනකොටම, මේ කොහේදෝ ගිහින් පාර වරද්දගත්ත අපේ හමුදාවේ යුද්ද ටැංකියක්, මාව යටකරගෙන ගියානේ මැඩම්” සොල්දාදුවා උත්තර දුන්නා.

  ජරා මැගසින්

   එක හමුදා කඳවුරක් භාර නිලධාරියා, එයාගේ නෝනට කෝල් එකක් දුන්නා.

   “මේ, අද මම එන්න ටිකක් පරක්කු වෙනවා. මේ අපේ සොල්දාදුවෝ ළඟ තිබිලා, මට අහුවුනා ජරා මැගසින් වගයක්. මම උන්ට ඒකට අවශ්‍ය දඬුවම් දීලා තමයි ගෙදර එන්නේ”

   නිලධාරියා තරමක් ප්‍රමාදවී නිවසට ආවම, නෝනා අහනවා,

   “මාර ජාති තියෙන්න ඇති නේද ඒ මැගසින් වල? ඔයාට තිබුණේ එකක් දෙකක් අරං එන්නනේ” කියලා.

   නිලධාරියා කියනවා,

   “ඔයා මේ මොන මගුලක් කතාකරනවද කියලා මට තේරෙන්නේ නෑ. උන්ගේ තුවක්කුවල සමහර මැගසින් මළකඩ කාලා. මාස ගානකින් සුද්ද කරලා නෑ. මම උන්ව පැයක් කන්දක ඉහළට පහළට දුවවලා, උන්ට රෑ කෑම ප්‍රමාද කරලා, හැම මැගසින් එකක්ම සුද්ධ කරලා, මට පෙන්නන්න කිව්වා.

type56

ප්‍රථමාධාර 

  බොහොම සැර හමුදා සැරයන් මේජර් කෙනෙක් ඉන්න කණ්ඩායමකට අයත්, ආධුනික සොල්දාදුවන් පිරිසකට, හමුදා වෛද්‍ය උපදේශක විසින් ප්‍රථමාධාර පන්තියක් පවත්වනවා. උපදේශක සොල්දාදුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

“හොඳයි, මෙහෙම හිතන්න. තමන්ගේ සාජන් මේජර්ට, බෝම්බ කෑල්ලක් වැදී, හිසේ තුවාලයක් ඇතිවෙනවා. මොකක්ද තමුන් දෙන ප්‍රථමාධාරය?”

එක සොල්දාදුවෙක් විදුලි වේගෙන් නැගිට්ටා. “මම සාජන් මේජර්ගේ බෙල්ලට තිරිංග බැම්මක් දාලා හොඳට තද කරනවා, ලේ ගැලීම නවතිනතුරු” කියලා උත්තර දුන්නා.

picture-22975

අදට ඇති නේද? පස්සේ තව ඒවා දෙන්නම්කො. ගොඩක් තියනවා හොයාගත්ත ඒවා. 

2015 ජනවාරි මස 06 දින 2306 පැය

Comments on: "ඡන්දෙ ඉවරවෙනකල්" (18)

  1. හේ හේ…. ජරා මැගසින්
    (ඒකනං පට්ට)

    • ඔන්න මේ ලින්ක් එකට අදාළ වීඩියෝව මම ඔබේ කමෙන්ට් එකටම දැම්මා. ඔබටත් පුළුවන් ඕනෑම යූ ටියුබ් වීඩියෝවක (ඔබ දීලා තියන ලින්ක් එකෙන් ගන්න බැහැ) ලින්ක් එක, කොපි පේස්ට් කිරීමෙන්, වීඩියෝව ඔබේ කමෙන්ට් එකටම ඇතුළත් කරන්න.

      බොහොම ස්තුතියි ඔබට.

  2. අන්තිම එකනම් පට්ටයි…….. 😀 😀

  3. Jara+Gagazin,ethumiya ahala/dekala thiyenna echcharai wennaethi.

  4. තව ඕනේ.

    ඡන්දෙට පස්සේ උනත් කමක් නෑ.

  5. 1 රයිඩර්ස් ලා යනු කවුරුන් ද
    http://sithums.blogspot.com/

    2 රයිඩර්ස් ලා අයිති හමුදාවටද විශේෂ කාර්ය බලකායටද

    3 රයිඩර්ස් ලා ගේ කාර්ය භාරය කුමද්ද

     අද චන්දෙන්  හංසයා දිනුම්
    

      1. රයිඩර්ස් කියන වචනය ලංකාවේදී යොදාගන්නා විදිහ වැරදියි. රයිඩර් කියන වචනය හමුදා පොතේ විදිහට සලකා බලනවානම් සැළකිය යුත්තේ පණිවිඩ (ලිපි) ගෙනෙහින් බෙදාහරින්නා කියන තේරුමෙන්. හමුදා පොතේ තියෙන්නේ Dispatch Rider යනුවෙන්. ඔබ පෙන්වා දුන් ලින්ක් එකෙන් ඒ අඩවියට ගොස් එහි කමෙන්ට් එකක් දැම්මා.
      2. මේ කණ්ඩායම හැඳින්වියයුතු නිවැරදි නම Quick Reaction Team = QRT යන්නයි. QRT එකක් පයින්, වාහනයකින්, ජල යාත්‍රාවකින්, ගුවන් යානයකින්, අදාළ ස්ථානය කරා යවනවා. අපි අර දේශීයව හදාගෙන තියන ත්‍රී වීල් කියන වචනය වගේ එකක් තමා මේ රයිඩර්ස් කියන වචනයත්. දැනට මේ මෝටර් බයිසිකල් QRT කණ්ඩායම්, විවිධ රෙජිමේන්තු යටතේ ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.

      3. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ, යම්කිසි කලබලකාරී ස්ථානයකට, හැකි ඉක්මනින්, සන්නද්ධ සෙබල පිරිසක් රැගෙන යාම, ආධාරක භටපිරිස් එනතුරු, (ආධාරක භටපිරිස් පාරේ බාධක මගහරවාගෙන වාහන වලින් එනතුරු මේ අයට පුළුවන් එහෙන් මෙහෙන් රිංගලා අවශ්‍ය ස්ථානයට යන්න) තත්වය තවදුරටත් වර්ධනය වන්නට නොදී පාලනය කිරීම, අවශ්‍ය මූලික ප්‍රති ප්‍රහාර දීම, ආදියයි.

      හංසයාට අභියෝග ගොඩක් ජයගන්න වෙයි වගේ.

  6. යුධ ටැංකි කථාව තමයි මගේ හිත ගත්තෙ…කථා තුනක් මදි නේද…අඩුම 10 ක් වත් ලියන්න ඕනෙ මීළග වතාවෙ…

  7. ක්සැන්ඩර් said:

    ඔක්කොම හොඳයි.. සාජන් මේජර් ගේ බෙල්ලට තිරිංග දාන එකා ව හමුදාවේ තියාගන්නේ නැතුව සතුරු හමුදාවට එකතු කළා නං නරකද? යුද්දේ එතනින් ම ක්ලෝස් කරන්න තිබ්බ,,

  8. […] දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපත…. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.