විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


අපේ ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට සහභාගිවීමට ගිය අතරේ, අල් ජසීරා – Al Jazeera නමැති, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. මෙය විකාශනය වුනේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදායි. එම රූපවාහිනී නාලිකාව විසින්, අදාළ සාකච්ඡාව, තම නාලිකාවට අයත් අනතර්ජාල වෙබ් පිටුවේ පළකර ඇති ආකාරය මෙතනින් බලන්න පුළුවන්. එමෙන්ම පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ වාර්තාවයි.

මේ සාකච්ඡාව මෙහෙයවන්නේ අල් ජසීරා නාලිකාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිලිබඳ සංස්කාරක ‘ජේම්ස් බේස් – James Bays’ විසිනුයි. මෙය නැරඹීමෙන් පසු මට හිතුන අදහස් කීපයක් පහත දක්වනවා.

  • ජනාධිපතිතුමා මේ සාකච්ඡාවට මුහුණ දෙන්නේ, එතරම් ආත්ම විශ්වාසයකින් නොවෙයි කියා, එතුමාගේ මුහුණේ ඉරියව් දෙස අවධානයෙන් බලා සිටිනවිට පෙනෙනවා.  
  • මම අති විශිෂ්ට ඉංග්‍රීසි දැනුමකින් යුක්ත පුද්ගලයකු නොවෙමි. එහෙත් අපරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ ඉංග්‍රීසි කථා අසා ඇත්තෙමි. මෙවැනි සාකච්ඡා සහ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කථා/සාකච්ඡා චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා වලින් නරඹමි(අසමි). ඒ හා සසඳනවිට, ජනාධිපතිතුමාගේ ඉංග්‍රීසි බස හැසිරවීම, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් බලන කල, ප්‍රමාණවත් නොවන බව පෙනෙයි.
  • සාකච්ඡාව මෙහෙයවන්නා විසින් අසනු ලබන සමහර ප්‍රශ්න වලට, ජනාධිපතිතුමා දෙන සමහර පිළිතුරු, ඒ ප්‍රශ්නයේ සමස්තය ආවරණය නොවන ආකාරයක් පෙන්වයි. (උදාහරණය:- සුදුවෑන් පිලිබඳ ප්‍රශ්නය)
  • ජනාධිපතිතුමා අතේ තියාගෙන සිටින අර මොකක්දෝ උපකරණය? (gadget එක) මෙතෙක් මා මගේ ජීවිතකාලය තුළ කිසිදු රාජ්‍ය නායකයකු අත නොදුටු දෙයකි. මෙයින් එතුමාගේ ප්‍රතිමූර්තියට හානියක් වනබව පෙනෙයි. එයින් කිසියම් ගෝත්‍රික ලක්ෂණයක් පෙන්නුම් කරයි. ජාත්‍යන්තරය එතුමා President with a magic gadget වැනි යෙදුමකින් හැඳින්වුවහොත්, ඒ උපහාසය මුළු රටටම එල්ල කරන්නක් වෙනවා. ‘මොකක්ද බං අර උඹලගේ ලොක්කා අතේ තියෙන ……………….(සුදුසු වචනයක් දාගන්න) කියා විදේශිකයකු ඇසුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ සේවය කරන අපේ අය දෙන උත්තරය කුමක්ද?

 

  • මාධ්‍ය නිදහස, පුද්ගල අතුරුදන්වීම් වැනි ප්‍රශ්න වලදී, එතුමා දෙන පිළිතුරුවල වලංගුභාවය ගැන මටනම් සෑහීමකට පත්විය නොහැකිය.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පිළිබඳව, අපේ රටේ කැබිනට් ඇමතිවරුන් විසින් කළ කී දේ ගැන අසන ප්‍රශ්නයට, එතුමා දෙන පිළිතුර, එතුමා විසින්ම එතුමාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්කරගැනීමක් බව කිව යුතුමය.

සාකච්ඡාවේ ඇතුළත් සියළු ප්‍රශ්න සහ පිළිතුරු මම විග්‍රහ නොකරමි. මා ඔබෙන් ඉල්ලන්නේ මේ සාකච්ඡාව නරඹා ඔබේ අදහස් දක්වන ලෙසයි.

My Signature for Blog2013 සැප්තැම්බර් මස 30 දින 2259 පැය

Comments on: "ජනාධිපතිතුමාගේ කතාව බැලුවද/ඇහුවද – President’s talk to ‘Al Jazeera’" (51)

  1. විශ්ව රංගනාත් said:

    මොකක්ද බං අර උඹලගේ ලොක්කා අතේ තියෙන dildo එක කියා විදේශිකයකු ඇසුවොත්. කියන්න තියෙන්නේ. අපේ ලොක්කගේ මානව නිදහසට බදා කරන්න එපා. කාටවත් හිංසාවක් නැති එකක් ලස්සන උපකරණයක් කාටත් අතේ තියාගන්න වත් එතුමාට නිදහසක් නැද්ද?

  2. ජනාධිපති තුමා ප්‍රශ්ණ අහන්න රුපවාහිණියෙන් කාව හරි එක්කගෙන ගියානම් ඉවරයි නොවැ

  3. මාත් බැළුවා ඔන්නොහේ.. ඒත් ඉතිං කියන දෙයක් තේරෙනවා කියලෑ.. 😀

  4. ප්‍රශ්ණ අහන එකා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කාරයෙක්. අපේ ජනාධිපතිතුමාගෙන් ඔය වගේ ප්‍රශ්ණ අහපු එක දේශප්‍රේමී ජනතාව හැටියට අපි හෙලා දකින්න ඕනෙ.

    (කවුරු හරි හඳ පෙන්නුවහම අපි….??? )

  5. දිනේෂ් සිල්වා said:

    මේ නිසා තමයි අපිට රනිල් වගේ නායකයොත් අවශ්‍යය. මන් කියන්නේ නැහැ ඔහු තමයි නියම සුදුස්සා කියලා. ගමට විතරක් Market කරන්න පුළුවන් වේලා මදි. Internationally ත් Market කරන්න පුළුවන් වෙන්න ඕනෙ. කට්ටිය කියාවි ලංකාවේ නායකයාට සිංහල විතරක් කතාකරන්න පුළුවන් උනහම ඇති කියල. එහෙනම් ලැජ්ජාව පැත්තකින් තියල Interpritter කෙනෙක් ගේ සහාය ලබා ගන්න තිබ්බා. හැබැයි අපේ රජතුමාට සිංහලින් උනත් බොක්කට වදින්න දෙන්න අමරුයි. මුළු ලෝකයක්ම JR ලොක්කගේ කතාව පිලිගත්තේ ඉතින් කථාව නිසානේ විචාරක.

    • අද අපි ජීවත් වෙන්නේ විශ්ව ගම්මානයකනේ. ඉතින් ජාත්‍යන්තරයෙන් ගැලවෙලා ඉන්න බැහැ. මමත් ඔබ සමග එකඟ වෙනවා. සමහර රටවල රාජ්‍ය නායකයන් භාෂා පරිවර්තකයන් යොදාගන්නේ ජාත්‍යන්තර භාෂා දැනුම ප්‍රමාණවත් නොවන නිසයි. ලලිත් ඇතුලත්මුදළි මහතා, මා අසා දැක ඇති, සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ඉතා පොහොසත් පුද්ගලයෙක්. තවත් එවැනි දේශපාලන චරිත ගණනාවක් තියනවා. ජේ ආර් ජයවර්ධන මහතාගේත්, රනිල් වික්‍රමසිංහ මහතාගේත් සිංහල උච්ඡාරණයේ වැරදි තියනවා. හිටපු කතානායක කේ.බී.රත්නායක මහතා විශිෂ්ටයෙක්. කොහොම වුනත් අපේ ජනාධිපතිතුමා වටේ ඉන්න පිංපඩි උපදේශකයෝ අවංකවම එතුමාට උපදෙස් දෙනවානම් හොඳයි.

  6. කිසිත් නොකියමි…මේ කථා බලන්නට කිසිම උනන්දුවක් නැත.

  7. අයියෝ කිලෝ බයිට්

  8. මගේ කමෙන්ට් එක කොයි

  9. මෙන්න අම්මේ තාත්තේ අද මේ විචාරක කියලා හාදයෙක් කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ මූණ හොඳ නැතිලු……ඊට වඩා වේලුපිල්ලේ පිරබාහරන්ගේ මූණ සිරියාවයිලු. ජනාදිපතිතුමා පර සුද්දගේ බාසාව කතා කරනවා හොඳ මදිලු. ජනාධිපති තුමා අතේ තියන් ඉන්න අර රටටම ආශ්චර්යය කැන්දන බලගතු යන්ත්‍ර රාජයා මදන විසේ ගහපු ගෑනුන්ට දෙන එකක්ලු.
    කාටද කාටද අම්මේ තාත්තේ මේ විචාරක කියන හාදයා මේ එන.ජී.ඕ. සල්ලි කටවල් වලින් අපහාස කරන්නේ ……වෙන කාටවත් නෙවෙයි …වෙන කාටවත් නෙවෙයි ….ජාතියම තිස් අවුරුදු ශාපයෙන් ගලවා ගත්ත ඒ මහා කළු සිංහලයාට … මේ පර සුද්දන්ගේ බාසාව අපේ ජනාධිපති තුමා සතපහකට ගණන් ගන්නේ නෑ……පිටරට සුදුහම තියෙන ඕනෙම ඉලව්වක් රනිල් වික්‍රමසිංහ ටයි එන.ජී.ඕ. කොටි බලල් අත් වලටයි ලොකු වුනාට අපිට ලොකු නෑ …ඔව් අපිට ලොකු නෑ.
    මේ තමයි පිරබාහරන්ට බැරිවුණා දේ අලුත් විදිහට කරන හැටි. එකට තමයි මේ විචාරක මහත්තයාලා එන.ජී.ඕ වලින් පඩි ගන්නේ

    මේ විජාතික අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට අපි මේ රටේ ජීවත් වෙලා ඉන්නකම් ඉඩ තියන්නේ නෑ ආදරණීය අම්මේ තාත්තේ
    මීට
    (මම කවුද කියලා දන්නවනේ …?)

  10. අපි අනුන්ගෙන් ණයට කන රටක් විදියට රාජ්‍යතාන්ත්‍රිකව අපිට කොමන් පෝමැට් එකකට හැඩගැහෙන්න වෙනවා.. ඔන්න අපි අපේම කියල ආර්ථිකයක් තියන ශක්තිමත් රටක් වුනානම් ජනාදිපති තුමා හෙලුවෙන් ගිහිල්ල සාකච්චාවට ගියත් අවුලක් නැහැ.මොකද අපිට කිසිම බලපෑමක් කරන්න ඒ රටවලට හැකියාව නැති නිසා..

    • මමත් කියන්නේ අන්න ඒ Common Format එක තමයි. එහිදී අපේ බුද්ධිමය හැකියාව අනුව ඉදිරිපත් කරන දර්ශනය තුලින් අපි නයට කන රටක් කියන රූපය 80% කට වඩා මකන්න පුළුවන්.

  11. සමීර නාදුගල said:

    මට මේ සාකච්චාව බලන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ විචාරක මහත්මයා .. මේ ගැන නිව්ස් බ්ලොග් කීපයක පරිවර්තන බැලුවා .. තව සාකච්චාව අතරතුරදී ගත් ෆොටෝ ටිකකුත් දැක්කා මට මේක බලන්ඩ ත් ලජ්ජා හිතුනා … !
    මේ වගේ වැඩ සටහන් වලට ගිහින් වරිගේ නහගන්නේ නැතුව ජාතික කෙප්ප වාහිනියේ එකක් කොරලා දේශප්‍රේමී ජනතාවට පොඩි අතල් එකක් දුන්න නං ඉවරයි … අය්යෝ සල්ලි ….

    ( අර කලින් ලිපියේ මං දීපු ලින්ක් ටික මගේ නමත් එක්කම දාපු එක ගැන මගේ හිතේ තියන බලවත් මෙව්වා එක පල කරමි … ප්‍රීති ප්‍රීති ..!! .විලිලජජ්වේ සන්තෝසේ බෑ .. බ්ලොග් එකක නම පල උනාම ද කොහෙද !!! )

    • ඇයි අපට ලැජ්ජා හිතෙන්නේ? ඒ කියන්නේ මේ සාකච්ඡාවෙන් අපට (අපේ රටට) යම් අපහසුතාවක්, මදි පුංචිකමක්, හෑල්ලුවක් වුනා කියන එකයි. ඇත්තටම ලැජ්ජයි.

      ඔහොම තමයි අනේ අපේ නම් ගස් ගල් වල ලියවෙන මනාප ඉල්ලන නම් නෙවෙයිනේ. මේ වගේ තැන්වල විතරයි පලවෙන්නේ.

      • සමීර නාදුගල said:

        ඉංග්‍රීසි කතා කරන්ඩ බැරි වීම වෙනම කාරණයක් .. ලෝකේ ඉන්න බොහෝ රාජ්‍ය නායකයෝ පැහැදිලිව ඉංග්‍රීසි කතා කරන්ඩ බෑ …එක්කෝ පුළුවන් උනත් තම මව් බසින් කතා කරනවා නමුත් අපිට වැදගත් වෙන්නේ ලෝකෙට සිංහල උගන්න එක නෙවේ .. අපේ රටේ තත්වය හැමෝටම තේරෙන භෂාවකින් කියන එක ..
        මේ සාකච්චාවේ ටිකක් බැලුවා .. කියන කිසිම දෙයක් පැහැදිලි මදි නිකන් රගපනවා විතරයි වොයිස් නෑ ..
        අනික අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර නෑ .. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ..
        හිතුවද දන්නේ නෑ ලංකාවේ වගේ එයා ලියලා දෙන ප්‍රශ්න ටික නිවේදකයා අහනවා වගේ අල ජසිරා එකත් කරයි කියලා …
        කොහොම උනත් මට මේක දැක්කම හිතෙන්නේ ජන්දිපතිගේ පිටිපස්සේ ඉන්න උපදේශකයෝ මෙයාව ජාත්‍යන්තර ඉස්සරහා නන්නත්තාර කරන්ඩ ගහපු ගැටයක්ද කොහෙද ?

        • උපදේශකයෝ කියලා ඉන්නේ නිකම් කේවට්ටයෝ ටිකක් විතරයි කියන එක හොඳින්ම පැහැදිලි වුනා.

          කිසිම සූදානමක් නැතුවයි මේ සාකච්ඡාවට ජනාධිපතිතුමා මූනදීලා තියෙන්නේ.

  12. ඔය සාකච්ඡාවෙ ප්‍රශ්නයක් දෙකක් මාත් දැක්ක. (එක්සත් ජාතීන් ඉදිරියේ කරපු කතාවෙ කොටස් දැක්ක) ඒ වගේම කියපු වැදගත් ප්‍රකාශ මාධ්‍ය වල උපුටා දක්වලත් තිබුන. ඔබ කියන කතාව හරි. අද තියෙන්නෙ අසූ ගනන් හෝ අනූ ගනන් වල තිබුනට වැඩිය වෙනස් ලෝකයක්. ලෝක දේශපාලනයේ වැදගත්ම අංගයක් තමයි රාජතාන්ත්‍රික ප්‍රතිරූපය. කේන්ති ගන්නා අවලාද කියන ලෝක නායකයන් ඉන්න තැන බලන්න. ඔවුන්ට පිලිගැනීමක් නෑ. නවනීදන් පිල්ලේ තමුන්ගෙ වාර්තාව හැදුවෙ ලංකාවට එන්න කලින් බව කියල තිබුන. (ඒක ඇත්ත උනත් නැත්ත උනත්) ඒ වගේ ප්‍රකාශ වැදගත් කෙනෙකුට ඔබින්නෙ නෑ. බජාර් එකේ ඉන්න විදියට ජාත්‍යන්තරයේ හැසිරෙන්න බෑ. මොකද ලෝකය කරකැවෙන්නෙ අපි වටේ නෙවේ.

    • ඔබ කියන කරුණු වලින් බොහොමයක් මටත් ඒ ආකාරයෙන්ම පෙනුනා රාජ්. මට මතක්වුනා ඒ කාලේ යසර් අර්ෆත්, ඉඩි අමීන්, සදාම් හුසේන්, ගඩාෆි, වගේ අය මාධ්‍ය සාකච්ඡා වලදී හැසිරුණු අමනොඥ ආකාරය.

  13. මොනවද අප්පා මේ මැජික් බෝල වැඩ.. ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා නේද …? ජනමතයෙන් නෙවේ මැජික් බලෙන් ඉන්න ජනාධිපති වරයෙක් බවට පත් වෙනවා නේද මේ වගේ වැඩ වලින්…

    ( ඒකම ඇති බලයට කෑදරයි කියලා ඔප්පු කරන්න )

  14. නිර්නාමික said:

    තමන් රාජ්‍ය නායකයෙක් බව සිතට ගත්තානම් මෙසේ නොවන්නට ඉඩ තිබුණි.

  15. විචාරක…….මට මගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් ඉංග්‍රීසි දැණුමක් තියෙනවා. නමුත් නීතිමය කටයුත්තක් වැනි දෙයකදී මට නොතේරෙන වචණ භාවිතා වෙන නිසා මම interpreter කෙනෙක්ගේ උදව්ව ගන්නවා. රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කරන්න තිබුනේ ඒ දෙයම නොවේද?
    මට මේ සජීවි සාකච්ඡාව බලන්න උනේ මව් භාශාව ඉංග්‍රීසි වෙච්ච විදේශිකයෙක් එක්ක. සාකච්ඡාව අවසානයේ ඔහුගේ එකම ප්‍රශ්ණය වුනේ උඹලා interpretersලා පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි යනුවෙනුයි. මොහු සංචාරයක් සඳහා පැමිනෙන්නට සුදානම් වන්නේ අපේ රටටයි

  16. මේ ඉන්ටවිවි එක විතරක් නෙවේ මීට කලින් කරලා තියෙන ඉන්ටවිව්ස් එක වගේ… අහන ප්‍රශ්නත් එකම වගේ …දෙන උත්තරත් එකම වගේ….
    දෙගොල්ලම unprofessional.

  17. ල0කාව නම් පසුගාමි ගොත්‍රික සමජයේ වර්තමාන බන්කොලොත් භාවය පෙන්වීමට මීට වඩා හොද නිදසුනක් තිබේද? අතේ තබා ගෙන ඉන්න වශි බෝලයෙන් පෙන්නනවා නේද, රජතුමා අර ශාක්තරතාවය තියෙන 98% ට වැටෙන්නෙ නැහැ කියල.

    අතුරුදහන් වීම් ගැන ඇහුවම හනිමූන් ගිය කතාවක් කියනව.

    ආණ්ඩුවේ වගකීම් ගැන ඇහුවම, කැබිනට් එකේ ස0යුතිය ගැන කියනව.

    නවතීනන් පිල්ලේගෙ චෝදනා ගැන ඇහුවම කලින් ලියා ගෙන ආපු වාර්තාවක් ගැන කියනව. (අහගෙන ඉන්න කට්ටියට තේරෙනව එහෙම කියන්න නම් ආණ්ඩුව කලින් ඉදන් ලැස්ති වෙලා ඉදලා කියලා)

    අර රජතුමා නීති විභාගෙට ලියපු හැටි ගැන තියෙන කටකතාව ඇත්ත වෙන්න ඕනෙ.

  18. ස්වාසිලන්තෙ බුවා බොඩිය බාගෙට ඕපන් කරන් අතේ කෝටු කෑලි අරන් යන එක කාටවත් පේන්නෙ නැහැ,අපේ HE වටින කැටයම් බෝලයක් අතේ තියන් කොර ටෝක් දෙන ඒවා තමා අපේ පොර කොල්ලන්ට පේන්නෙ…
    පායයිද…..කවදා………….අපට….

  19. විචාරක තුමනි ඔබට තුති..!
    පර වැඩේ කරල තියෙන්නෙ ජසිරා කාරයො.
    ටිපෝ එකක් උඩ වතුර වීදුරුවක් වත් තියල නැහැ.
    අහන ප්‍රශ්න වලට සචින් වාස් කාරයාගෙන් වතුර ඉල්ලන්න බව හුගක් පේනව.
    පවු අප්පා මෙයාගේ දෙමා පියෝ.
    අහන්නෙම…………

    • මා දන්නා තරමින් මෙවැනි පටිගත කිරීමක් එක දිගටම කරන්නේ නැහැ. සමහර විට ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පටිගත කිරීම නවත්වා ඊළඟ ප්‍රශනය මතක් කරදී නැවත පටිගත කිරීම අරඹනවා.

      වාසාට කලන්තේ හැදෙන්න ඇති ඔක්කොටම කලින්.

  20. මේකේ ලොක්කා දෙන උත්තර වලට අපිට පොලොව පලාගෙන යන්න හිටෙන්වා නිවිපිල්ලේ ආපු වෙලාවේ රටේ සමහර ඇමතිලා ඇය ගැන කියපු කතා ගැන නිවේදකය ප්‍රශ්න කලාම මරා කියනවා එකටලු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අනේ අපි නම් කුඩු මර්වියා කියපු කතාවට කියන්නේ කුපාඩිකම,වල්කම කියලා

    • මේ නාලිකාව ලෝකය පුරා සෑහෙන පිරිසක් නරඹනවා. එමෙන්ම මෙවැනි වැඩසටහන් නැවත ප්‍රචාරය කිරීමකුත් සිදුවෙනවා. ඒ නිසයි මෙය වඩාත් බරපතල වන්නේ.

  21. James Bays: TNA එක දිනුවට පස්සේ, ඔවුන් ඉල්ලීමක් කළා හමුදාව උතුරෙන් ඉවත් කරන්න කියලා. ඔබතුමා ඒ ඉල්ලීම ඉටු කරනවද?

    Mahinda Rajapaksa : හමුදාව ඉන්නේ උතුරෙ නෙවෙයි. ඔවුන්ට බැහැ හමුදාව උතුරු පළාතෙන් ඉවත් කරන්න කියල ඉල්ලන්න. ඔය විදිහට අනිත් පළාත් සභාවලිනුත් හමුදාව ඉවත් කරන්න කියලා ඉල්ලුවොත් මම හමුදාව කොහේද තියන්නේ ?

    😀 😀

    • හයියෝ පිදුරුතලාගල කන්ද උඩින් තියන්න පුළුවන්නේ හමුදාව 😀

      අනික් පළාත්වලින් ඉල්ලුවොත් ඒ පළාත්වලින් හමුදාව අයින් කරන්න කියලා ඒ මහ ඇමතිලාට තමා පිදුරුතලාගල උඩට යන්න වෙන්නේ. 😀 😀

  22. ලිට්ල් ජෝන් said:

    මම මේ විහිලුවට වගේ කියන්නේ රාජකීය වෙදා වයිට් ඌ පට්ටපල් හොරෙක් එතකොට ජෝතිශය කාරයා ඌ පට්ට බොරු කියන්නේ අපේ රජතුමා අතේ මැජික් බෝලයක් තියනවා ඉතින් අපි අඩම්බරකාර ජාතියක් නෙමෙයිද? විචාරකතුමාගේ පැහැදිලි ඉරිසියාව.

Dr. Alban වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න