මගේ පුස්තකාලයෙන් වරින් වර ඔබට විවිධ ආකාරයේ පොත් හඳුන්වාදෙන බව දැන් ඔබ දන්නවා. මෙවර මා ඔබට හඳුන්වා දෙන්නේ අමුතු අදහස් ඇති, අමුතු ශෛලියකින් ලියවුන පොතක්. ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතිහාසය පිළිබඳව නැවත සිතන්නට පොළඹවන මෙම කෘතියෙහි අවසානයට, වර්තමානය සහ අනාගතය ගැනත් කතුවරයාගේ අපූරු අදහස් සමුදායක් දැක ගන්නට ලැබෙනවා. මේ අපූර්වත්වය නිසාමයි මේ පොත ඔබට හඳුන්වා දෙන්නට මා තීරණය කළේ. මේ පොතේ නම;
(ඉතිහාසය විකෘතියෙන් ප්‍රකෘතියට)
යන්නයි. මෙහි කර්තෘ මා මීට පෙර හුරු පුරුදු නැති කතුවරයෙක් වීමත් විශේෂත්වයක්. ඔහු සුප්‍රසිද්ධ පාසල් ගුරුවරයකු මෙන්ම ප්‍රාඥයකු ලෙස හැඳින්විය හැකි ඩබ්ලිව්. එස්. බණ්ඩාර මහතායි. සාමාන්‍ය පාසල් ගුරුවරයකුගේ භූමිකාවෙන් ඈත්ව, ලංකාවේ ඉතිහාසය දෙස නව දෘෂ්ටි කෝණයකින් බලන ඔහු දාර්ශනිකයකු, චින්තකයකු, වශයෙන් ස්වාධීන අදහස් දැක්වීමක් මේ පොත මගින් කර ඇති ආකාරය සමහරවිට විවාදාත්මක වියහැකි වුවත්, එය ඉදිරිපත් කර ඇති ආකාරය නිසා, පොත සම්පූර්ණයෙන් කියවීමට පෙළඹවීමක් ඇති කරනවා. කවුද මේ ඩබ්ලිව්.එස්. බණ්ඩාර? පොත ගැන ඇගයීමක් කරන, සුප්‍රසිද්ධ සාහිත්‍යධර, සෝමවීර සේනානායක මහතා, ඩබ්ලිව්.එස්. බණ්ඩාරයන් ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.
මීළඟට මා කැමතියි ඩබ්ලිව්. එස්. බණ්ඩාර මහතා, සිය කෘතිය, පාඨකයා වෙත හඳුන්වා දෙන ආකාරය, ඔබවෙත ඉදිරිපත් කරන්නට.
මේ පොතේ තිබෙන්නේ පරිච්ඡේද නොව ලිපි එකතුවක් බවයි පෙනෙන්නේ. එවැනි ලිපි 36 ක් අන්තර්ගතව පවතින අතර අවසානය යනුවෙන් පරිච්ඡේදයක් ද දක්නට ලැබෙනවා. පොත පටන්ගන්නෙම අපේ රටේ නම කුමක්ද කියන විග්‍රහයකින්.
අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම පුරාවෘත්තය වන විජය කුවේණි කතාව දෙස බණ්ඩාර මහතා බලන්නේ සාම්ප්‍රදායික කතාවේ එන ආකාරයට නොවේ. අප දන්නේ, විජය යනු, හික්මවා ගැනීමට අපහසු, දරදඬු, සල්ලාල, චරිතයක් ලෙසයි. එහෙත්, බණ්ඩාර මහතා සාක්කි සහිතව පෙන්වා දෙන්නේ, විජය යනු, පිටුවහල් කළ පුද්ගලයකු නොව, ගෞරවාන්විතව ලංකාවට සපැමිණි රජ කුමරකු බවයි.
මේ පොතේ ඇති තවත් වැදගත් ලිපියක් ලෙස, බුදුදහම ගැන කතුවරයා දක්වන අදහස් සහිත, මෙන්න මේ ලිපිය හඳුන්වන්නට පුළුවන්. සිතා බලන්නට බොහෝ දේ එහි තිබෙනවා.
අපේ රටේ ඉතිහාසයේ අපූර්වතම සිදුවීමක් වන, ‘සුභ සහ යස’ කතාන්දරය, කතුවරයා දකින්නේ හමුදා කුමන්ත්‍රණයක් ලෙසයි.
අපේ රටට පොල් ලැබුන හැටි කතුවරයා දකින්නේ මෙහෙමයි.
අපේ සාහිත්‍ය ඉතිහාසයේ අමතක නොවන නිර්මාණ රැසක් කර ඇති ‘රංචාගොඩ ළමයා’ විකාර රූපී කාව්‍ය රටාවක් ලෙසයි, අපි මෙතෙක් කල් දැක්කේ. එහෙත් කතුවරයා අප මෙතෙක් දුටු ඒ චිත්‍රය වෙනස් කරන්නේ මෙන්න මේ ආකාරයටයි.
ඉතිහාසය සමග අනවරතයෙන්ම බැඳෙන පුරාවිද්‍යාව පිළිබඳව කතුවරයා සිය අභීත අදහස් දක්වන්නේ මෙහෙමයි.
හැමදාමත්, අපේ රටේ පමණක් නොව, ලෝකය පුරාම විවාදයට භාජනය වන කරුණක් නේ, කාන්තාවන්ගේ ඇඳුම. මෙන්න කතුවරයා ඒ ගැන කියන අදහස්. මේ ලිපියේ අවසානයේදී, කතුවරයා කියනවා, අවස්ථාවොචිතව, අපේ රටේ කාන්තාවන් දිග කලිසම ඇඳීම, කොට ගවුම් අඳිනවාට වඩා යෝග්‍යයයි කියා.
කතුවරයා වර්තමානය සහ අනාගතය ගැන කියා තිබෙන අදහස් ඇත්ත වශයෙන්ම අප නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණු රාශියකින් සමන්විතයි. මේ එම ලිපියෙන් කොටසක්.
කතුවරයා, අපූර්ව කවියකු බව, මොනවට තහවුරු වන කාව්‍ය නිර්මාණ ගණනාවක්ද, මේ පොතේ ඇතුළත්. පහත දැක්වෙන්නේ, ඒ නිර්මාණ අතරින්, තෝරාගත් නිර්මාණ දෙකක්.
පොතේ අවසානයට, මේ කතුවරයා පිළිබඳව, අතිශයින් හැඟීම් දනවන ඇගයීමක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ ඇගයීම කර තිබෙන්නේ, මේ කතුවරයා පාසල් ගුරුවරයකුව සිටියදී, ඔහුගේ ශිෂ්‍යයකු ලෙස සිටි, අද විවාහ බන්ධනයක් මගින් කතුවරයාගේ ඥාතියකුව සිටින, සුප්‍රකට ගීත රචක, බන්ධුල නානායක්කාරවසම් මහතා විසින්. ඒ ඇගයීම මෙහි පළ නොකරන්නේ පොතෙන්ම එය කියවා රස විඳීමට ඔබට ඇරයුම් කරමින්.
Comments on: "මගේ පුස්තකාලයෙන් – A Glimps from My Library" (37)
:)ඇත්තටම බොහොම වටිනා අදහස් ගොඩක්. ඔබ තුමාගෙ පුස්තකාලෙ සාමාජිකයෙක් වෙන්න හිතුනා
ඇත්තටම හර්ෂණ මමත් හිතාගෙන ඉන්නවා මේ පොත්පත් ගැන බොහෝදෙනා තුල උනන්දුවක් ඇතිකරවීමට. බලමු අනාගතේදී සාමාජිකයන් හදාගන්න පුලුවන්ද කියලා.
ඒකාලෙ ගෑණු වතුරට බැස්සට පස්සෙ රෙද්ද ගලවලා ගොඩට විසිකරලා වෙන්නැති දිය බුං ජබුං ගැහුවේ 🙂
ඒ නිසා වෙන්න ඇති හොඳ සංදේශ කාව්‍ය බිහිවුනේ. ඒ වගේම කොළඹ යුගයේ සමහර කවි වලටත් බලපෑම් එල්ලෙවෙන්න ඇත්තේ ඒ තොරතුරු කියවීමෙන් වෙන්න ඇති.
බොහොම වටින පොතක් හැඩයි…මෙහෙ මැලේසියානු භාෂාව තුලත් අපි සිංහල භාෂාවෙ භාවිතා කරන වචන කීපයක් තියෙනවා…වෙලාවක යමක් ලියන්න බලන්නම් ඒවා ගොනු කරගෙන.
අන්න ඒ වැඩේනම් හරියට වටිනවා සිරා. භාෂා අතර ඇති සම්බන්ධතා මගින් මානව ශිෂ්ටාචාරයේ තොරතුරු පවා අනාවරණය වෙනවා. ඒ නිසා නොපමාව ඒ ලිපිය ලියන්න.
@සිරා……..හොඳ වැඩක්!!!!!!!!
පොතේ තව ටිකයි කියවන්න තියෙන්නේ…..:D , විචාරක ඇත්තටම නමටම ගැලපෙන විචාරයක්….
අපොයි තව ගොඩක් තියනවා. සෑම දෙනා තුළම උනන්දුවක් ඇතිවෙන්නයි ටිකක් දිගට විස්තර කලේ.
මම ඉතිහාසයට ආසා කෙනෙක්. ඉතිහාසේ ජීවත්වෙන්ට තියෙනවා නම් මට ඊට වඩා දෙයක් නෑ. මේක නම් කියවිය යුතුම පොතක්. දැන් ඔයාගේ පුස්තකාලේ අපි සාමාජිකයෝ වෙන්නේ කොහොමද? පොත් ගන්නේ කොහොමද ? ඒ ගැනත් ටිකක් විස්තර කරන්ටකෝ. 🙂
මොනාද පොඩ්ඩි, ‘ටක්’ ගාලා ප්ලේන් එකේ ඇවිත්, ‘ටුක්’ ගාලා සාමාජිකත්වය අරන්, ‘ටික්’ ගාලා ආපහු යන්ඩකෝ. පොත් කීපයකුත් අරගෙන. ඉවරයිනේ වැඩේ. 😀 😀
නොකියවූ පොතක කොටසක් පෙන්වූවාට ස්තුතියි.
පොල් යන වචනය ලැබුණු විදිය නම් පිළිගන්න අමාරුයි. පොලිනීසියා යන ප්‍රදේශයට එම නම ලැබුනේ එම ප්‍රදේශ යුරෝපා ජාතිකයෝ සොයාගත් පසුවයි. Polynesia යනු ploy + nesia(nēsos) යන ගීක වචන වලින් ලැබුණු නමකි. මෙහි තේරුම many island සිංහලෙන් නම් බහු දුපත් ලෙස කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම යුරෝපා ජාතිකයන් යන්න පෙර වෙන නමක් තියෙන්න ඇති. එහෙම නම් කි ව 560 ගණන් වලදී ලංකාවට පොලිනීසියානුවන් පැමිණියා නම් ඔවුන් පොලිනීසියානුවන් ලෙස නොව හදුන්වන්නේ වෙනත් නමකින්. එහෙම නම් ඔවුන් පොල් ගෙනාවා නම් දාන්නේ වෙන්නේ වෙනත් නමක්.
http://en.wikipedia.org/wiki/Polynesia
http://en.wikipedia.org/wiki/Polynesian_people
http://en.wikipedia.org/wiki/Polynesia#History_of_the_Polynesian_people
පොල් කතාව වැරදි වුනත් කොල්ලැව සහිත ඔරු ලැබුනේ ඔවුන්ගෙන් වෙන්න ඕන.
ඒක තමයි මමත් කියන්නේ මේ පොත බොහොම විවාදාත්මක සහ සාකච්ඡාවට භාජනය වියයුතු කරුණු වලින් යුක්තයි කියලා. ඔබ හොඳ සංවාදයකට මුල පිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ඔබේ අදහස් ඉහලින් අගය කරනවා. ඇත්තටම මටත් අවශ්‍ය මෙවැනි සංවාදයක් ගොඩනගන්නයි. ඔබේ අදහස් තාර්කිකයි. හැකියාවක් ඇත්නම් මේ පොත කියවා තවත් අදහස් දක්වන මෙන් ඉල්ලනවා.
විවාදාත්මක අදහස් බෙහෙවින් ඇති පොතක් බව පෙනෙනවා හොයාගෙන කියවන්න බලන්නම්
ඇත්තටම සෑහෙන්න සාකච්ඡා කළයුතු කරුණු මෙහි තිබෙනවා.
මේවනං මට බෝරිං
හොඳ පොත් කියවලා මොලේ ටිකක් වැඩි දියුණු කරගන්නවා ළමයා.
අපෝයි බෑ 😀
ඔව්වා තේරෙයි අපායේදී 😀
නිවාඩුව කියවිය යුතු ලිපියක්.
පසුව කියවා එන්නම් විචාරක තුමනි.
හොඳයි කෙන්ජි, විවේක ඇති වෙලාවක කියවන්න.
මම මේ වගේ “බවතරණ” කියවන්න බොහොම මනාපයි.. දුටු විටදි මිලදී ගන්න ඕන..
ඇත්තෙන්ම මේ කතුවරයාගේ අදහස් සමග මමත් බොහෝදුරට එකඟ වෙනවා.
අයියෝ විචාරක, මං මෙක කියවා තිබුණා කොළඹ පුස්තකාලෙන්. අරං ළඟ තියාගන්න වටිනා පොතක්. මේ වගේ ගුරුවරු අපි පොඩි කාලෙ නම් ඉස්කෝල වල හිටියා. දැන් හරිම අඩුයි නේද?
ඔබ සමග සම්පූර්ණයෙන් එකඟ වෙනවා. මේ වගේ ගුරුවරු හිටියේ අතීතයේ තමා. ඔවුන් අපේ ජීවිතය හැඩගැස්වුවේ හුදෙක් විෂයය කරුණු ඉගැන්වීමෙන්ම පමණක් නොවෙයි. ඔවුන් අපට හිතන්නට, තර්ක කරන්නට, අත්හදාබලන්නට, පර්යේෂණ කරන්නට, විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට, කියාදුන්නා. අද එහෙම කළොත් ඒ ළමයාගේ තාත්තා ඇවිත් ගුරුවරයාව දණගස්සනවා නොවැ. 😀
විචාරකතුමාට ඔබට බොහෝ පිං මේ වගේ විශිෂ්ඨ කෘති හඳුන්වා දෙනවට. විශ්ව වීද්‍යාලේ පුස්ත කාලේ හොයලා බලන්න ඕනේ.
ස්තුතියි අමිත්. මම හිතන්නේ බොහොමයක් පුස්තකාලවල මේ පොත ඇති කියලයි.
ඔබ ගැන ආඩම්බරයි…… එය පළමුවත් තිබුනා දැන් මේ ලිපියෙන් එය දෙවනුවත් තහවුරු වුණා.
ස්තුතියි නලීන්. මට අවශ්‍යවුනේ මෙවැනි පොත් කියවීම සඳහා හැමදෙනා තුළම උනන්දුවක් ඇති කිරීමයි.
It says that in western world mothers can’t nurse babies in public. This is wrong. There might be some places that it’s banned, but that’s certainly the minority. There are reported incidents when people had issues, but it’s legal in most places.
Thank you very much for your valuable contribution.
වෙලාවක ගෙදරට පැනල පොත් රොබරියක් දෙන්න හිතෙනවා 🙂
හොර බඩු අරං යෑම පැත්තකින් තියලා රාක්කේ ගාව වාඩිවෙලා කියවන්න සෙට් උන්නොත් තමා ලෙඩේ.
තවත් පොතක් ලැයිස්තුවට.ඔත්තුවට ස්තුතියි.
ඇත්තටම වෙන්නේ පොත් තෝරන්න ගිහින් කියව කියවා ඉන්න වෙන එක තමයි. මම ඔය පොත්, රත්තරන් (මගේ රත්තරන් නෙවෙයි) වගේ රකින්නේ. ඉස්සරහටත් තව පොත් ගැන කියන්නම්.
Do you know where I can find this book ?
Looks everywhere I know in Colombo.
Couldn’t find.
Is there a way I can borrow this for a week.
pl. email : lalith2005@gmail.com
Try with the publisher of the book. Publishers details are in the second image of this post.