විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

වදන් බලය 2 – Word Power 2


මෙම ලිපියේ 10 වැනි ප්‍රශ්නය වැරදීමකින් නිසි ලෙස මුද්‍රණය වී නොතිබුන අතර පාඨකයන් විසින් පෙන්වාදීමෙන් පසු නිවැරදි කරන ලදී.  

මා කලින් හිතාගෙන හිටියේ, අද ඔබ වෙත, හමුදා තොරතුරු සහිත ලිපියක් ගෙන එන්නටයි. අවසන් කළ ලිපි හතරක පළමුවැනි කොටස් සූදානම්ව තිබුනත්, මේ ඊයේ පෙරේදා, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියත් සමග, හමුදාවේ ක්‍රියාකළාපය විවේචනයට ලක්වෙමින් පවතින අතරේ, මම හමුදා ලිපියක් ඉදිරිපත් කලොත්, ඔබෙන් සෑහෙන්න පිරිසක් කියන්න පුළුවන් අර සිද්ධිය ගැන තමුසෙට කිසි හැඟීමක් නැද්ද මේ අස්සේ මේවා ලියන්නේ කියා. ඒ නිසා හමුදා තොරතුරු ලිපි පසුවට තබා, වදන් බලය ලිපි පෙලේ තවත් කොටසක් මෙලෙස ඉදිරිපත් කරනවා. සුපුරුදු පරිදි මෙය උපුටාගත්තේ ‘සිව්දෙස’ සඟරාවෙන් බව විශේෂයෙන් සඳහන් කරනවා. ඒ වගේම වෙනදා මෙන් මා ඔබෙන් ඉල්ලන්නේ එක් එක් වචනයට අදාළ පිළිතුර බැලීමට ලිපියේ පහලට නොගොස්, ඔබේ පිළිතුරු කඩදාසි කොලයක සටහන් කරගෙන පසුව එකවර පිළිතුරු බලන ලෙසයි. හොඳයි එහෙමනම් පටන් ගනිමු අද වදන් බලය.

1

2

3

පිළිතුරු බලන්න යන්න

img157img157

img157

4

My Signature for Blog 2013 අගෝස්තු මස 05 වැනි දින 0005 පැය

Comments on: "වදන් බලය 2 – Word Power 2" (42)

  1. අයියෝ..අන්තිමයි…6 හරිගියේ…
    හමුදා පෝස්ට් එකත් දැන්ම දැම්මනම් හොඳයි.උනුසුම් අදහස් ටිකක් බලාගන්න තිබුනා…

  2. අද 3/25 යි.අනේ මන්ද වෂ ලජ්ජාවෙ බැරුව.

  3. පටන් ගනිද්දි හිතුවේ ගොඩක් ඒවයේ තේරුම දන්නෙ නැතිවෙයි කියලා .. අනුමානයන් බොහොමයක් හරි.

    ඒත් විචාරක මේ අවස්ථාව නොවේ ද හමුදාව ගැන ලියන්න වඩාත් ම සුදුසු අවස්ථාව?

    • මේ වෙලාවේ බොහොමයක් බ්ලොග් අඩවි වල රතුපස්වල සිද්ධිය සාකච්ඡාවට භාජනය වෙමින් පවතිනවා. එයින් කීපයක මම අදහස් දැක්වුවා. තත්වය වර්ධනය වනවාදැයි සලකා බලා ලිපියක් ලියනවා.

      අරුණි මට ඒ පැත්තේ එන්න බැරිවුනේ මගේ පරිගණකය සම්පූර්ණ කඩාවැටීමකට දෙවරක්ම ලක්වී නැවත සකස්කරන්න සිදුවු නිසයි.

  4. 😦 5/24යි. 😦

    මක මහ දූෂිත පරීක්ෂණයක්. 10වෙනි එකට උත්තර විතරයි. හරියකට ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන්න බෑ. දේශපාලනෙන් පත්වීම් අරගෙන ළමයි මැට්ටෝ කරනවා. මේ පරීක්ශනේ ප්‍රථිපල වහා අත්හිටුවන්න ඕනි. දැන් බලන් යනකොට අපේ රටත් අර කොහේදෝ (නම හරියටම මතක් වෙන්නෙත් නෑ අප්පා) ලන්තයක් වගේ වෙලානේ.

    කවුද එන්නේ මාත් එක්ක උද්ඝෝෂණයක් කරන්න පාරට බහින්න.

    • දැන් කාලේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ මොනතරම් සීමිත වචන සංඛ්‍යාවක්ද කියලා මේවා දකිනකොට හිතෙනවා. ඒ කාලේ තිබුණු මුතුහර, මනහර, සිව්දෙස වගේ සඟරා , එතකොට පුවත්පත් අපෙන් ගිලිහිලා සිංහල භාෂාව ලොකු සෝදාපාලුවකට ලක්වෙලා. අඩුම ගානේ ප්‍රවෘත්ති විකාශයන් උණත්. ඒ දවස්වල වචනයක් වැරදුනොත් “සමාවෙන්න” කෑල්ල අනිවාර්යයෙන්ම කියනවා. එතකොට නිවේදකයාගේ හිතටත් වැරද්දක් උනා කියන හැඟීම එනවා. ඒකට දැන්. වචන පටලෝ පටලෝ, ගොත ගගහ, හරි උච්ඡාරණයක් නැතුව කියන ලස්සන. පිටපත ලියන උනුත් ලියල දෙන්නෙ වගකීමක් නැතුවනේ. (විශේෂයෙන් පෞද්ගලික නාලිකාවල)
      ඉස්සර නිවැරදි උච්ඡාරණය, වාක්‍ය ගැලපුම වගේම ප්‍රවෘත්තියක් කියන්නෙ මොකක්ද, ඒක ඉදිරිපත් කිරීමේ වගකීම වගේම ආචාරශීලීත්වයත් වටහා ගන්නත් එක්ක ඉස්කෝලෙදි ප්‍රවෘත්ති ලියාගෙන එන්න දීලා ඒ ගැන සාකච්ඡා කරනවා. ඕක ලිව්වයින් පස්සේ මුලින්ම ලෙක්චර් ඒක අපේ තාත්තාගෙන්. 😀 අපේ ගෙදර තුන් වේලටම රේඩියෝ එකෙයි ටීවී එකෙයි ප්‍රවෘත්ති දානවා. ඔය වෙලාවට සද්ද බද්ද බෑ.

      සිංහල 70%ක් ඉන්න රටේ දෙමළ විෂය අනිවාර්ය කරලා. ඒත් ඒකෙ අනික් පැත්ත… මේ පැතිවල කොහේ ගියත් බෝඩ්වල භාෂා තුනෙන්ම තියෙනවා. ඒත් උඩහට ගියාම….

      —–
      අන්තිමට කියන්න තියෙන්නේ අපි දුප්පත් වෙලා කියන ඒක. බොහෝම ස්තුතියි මේ වගේ පොස්ට් එකක් පල කළාට.

      • භාෂා දැනුම, භාෂාවේ වටිනාකම, හරය, යෙදවීම, රැකගැනීම, අධ්‍යයනය, වැනිදේ ගැන අන්තර්ජාලයේ කතාකරන්නට බැරිතරම් තත්වයක් උදාවී තිබෙනවා. පුස්සෝ නිළමැස්සෝ වගේ රොද බැඳගෙන ඔවුන්ගේ පුහුකම පෙන්වමින් උම්බෑ කියනවා. ඊළඟ පරම්පරාව වනවිට කතාකරන සිංහල තේරුම්ගන්න අපට අමුතුවෙන් සිංහල ඉගෙනගන්න වෙනවා.

        ඔබේ පියාත් මගේ පියා වගේම තමයි ප්‍රවෘත්ති අහන්න සලස්වලා තියෙන්නේ. අපතුල යම් හරයක් ඉතුරුවී තිබෙන්නේ දෙමවුපියන්ටත් පින්සිද්ධවෙන්න තමයි.

        නිවේදක නිවේදිකාවන් ගැනනම් මම මීට පෙරත් ලියලා තියනවා

      • …//පුස්සෝ නිළමැස්සෝ වගේ රොද බැඳගෙන ඔවුන්ගේ පුහුකම පෙන්වමින් උම්බෑ කියනවා.//….
        මේකනම් මාත් දැකලා තියෙන භයානක තත්ත්වයක්. විෂය නිර්දේශයෙන් ඉතිහාසෙත් අයින් කරපු රටක් වෙච්ච කොට, 2000 ලබන දවසෙ උදේ පිරිත් විකාශය නවත්තපු කොට (එව්වා කලේ මහාචාර්යවරු) අනික් අය මොනවා කිව්වත්, කළත් පුදුම වෙන්න දෙයක් තියේයැ.

    • වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනා වගේ එකක්නේ යකෝ මට වුනේ. මූදට පනින්න තමයි වෙන්නේ උද්ඝෝෂණ ආවොත්. 😀 😀

      නෑ නෑ අපේ කාලේ දේශපාලන පත්වීම් දුන්නේ රෙස්ට් හවුස්වල. 😀 😀 😀

      • පින්තූරේ මේ පොස්ට් එකේදී අප්ඩේට් වෙලා නෑ වගේ. ඒ කියන්නේ ඒකෙ බෙලෙක් තහඩු ටිකක් එල්ලන් ඉන්නේ……. (එක්කො ඕන්නෑ.)

  5. නියමයි, අර හමුදාව ගැන එකත් ඉක්මනට දාන්න 😀

  6. 10 වෙනි ප්‍රශ්නය නෑනෙ. උත්තර විතරයි නේද තියන්නෙ.

    24 න් 10 යි හරි. ඒවයිනුත් වැඩි හරියක් දැනගෙන ඉඳපු වචන නෙවෙයි. ටිකක් කල්පනා කරල උත්තරේ හිතා ගත්ත ඒව. අහපු නැති වචන සෑහෙන්න තියනව නෙ.

  7. විශ්ව රංගනාත් said:

    දැන් කියන්න වෙන්නේ අර සිද්ධිය අස්සේ මොන වදන් බලද කියලා. :). අටක් විතර බැරිවුණා.

  8. ක්සැන්ඩර් said:

    අද නං ඒ හැටියෙන් ම බැරි වුනා. අද 10 විතර හරි. ඉතුරුවා ඇහුවෙත් අදමයි.

    අර චෝදනාව “අර සිද්ධිය ගැන තමුසෙට කිසි හැඟීමක් නැද්ද මේ අස්සේ මේවා ලියන්නේ”ගැන කියන කතාව නං එලෙසින්ම පිළිගන්න බෑ. මොකද අපි ලංකා සී නිව්ස් එකේ කමෙන්ට් කරන ගොසිප් කාරයෝ නෙවෙයි නේ. සිද්ධියක් සිද්ධ වුණා. ඉවරයි. ලංකාවේ දැන් වෙන දේවල් වල විදියට එහෙම ගියොත් ලියන්න ම දෙයක් නැතිවෙයි.

  9. යන්තම් 6ක් හරි…. ඒවයිනුත් 3ක්ම අනුමාන… අප්පේ මට දෛව යෝගය පොත මතක් උනේ… මහ ලේනා උප ලේනා හොයන කොටයි පුරෙවියා කියන වචනේ තේරුම ඒ කාලේ අල්ල ගත්තේ… ඒවා නං තාමත් මතකයි… දැන් නාකි හින්දද මන්දා කියවන දේවල් වලින් බාගයක්වත් මතකයෙ රැඳෙන්නේ නෑ…

    • දෙවනි සෙට් එක මිස් වෙලා මට කලින්.. 10-22 වෙනකම්… ඒකෙත් යන්තම් 6ක් හරි…. හ්ම්ම්…

    • නාකි කියන්නේ නොහැකි කියන එකනේ. ඉතින් මේ වචන වලින් සෑහෙන ප්‍රමාණයක් අවබෝධ කරගන්න ඔබට තවම නොහැකියාවක් නැහැනේ. 😀

  10. ගමෙන් ආරංචී ගොඩයි. කියන්නට ලැජ්ජයි.සිංහලෙන් කියන්න
    මොකක්ද වගේ.ONLY SEVEN .උත්තර බලාගන්න පතල් හාරන්න වුනා.

  11. 3 කට උත්තර ලිව්වෙම නෑ .. මාත් 8/25 😀 ..මේ වචනවල තේරුම් දැනගත්තු එකම කොච්චර දෙයක්ද ?ඔන්න මම තේරුම් එක්කම ලියා තියාගත්තා ..ස්තුතියි !

  12. හුගක් වචන වල තේරුම නං දන්නේ නෑ .. කොහොම උනත් වචන 4 ක් 5 ක් විතර හරි …. මේ වචන ඉගෙනීම හෝ දැනුවත් වීම වටිනවා නමුත් කාලයක් ගතවන විට භාෂාවත් වෙනස්වීම වලකන්න බෑ නේද ? එහෙම නොවුනනං අපි තාමත් අනුරපුර යුගයේ භාෂාව කතා කරන්ඩ තිබ්බා … ජීවී භාෂාවක් පරිණාමය විය යුතුමයි .එහෙම නොවුනොත් එහි මල බසක් වෙයි .. මෙහි තිබෙන බොහොමයක් වචන ප්‍රයෝගිකව භාවිතා කිරීම ඉතා දුෂ්කරයි .. මහචාර්ය ජේ.බි සේනානායකයන් වරක් මෙවැනි අදහසක් පල කළා මතකයි.
    ඔබතුමාගේ හමුදා ලිපි පෙළ පොඩ්ඩක් පමා කරන එක හොදයි . දැන් කොළ පාට යුනිෆෝර්ම් එකක් දැක්කත් අප්‍රසන්න හැගීමක් ඇතිවෙනවා අනේ මන්දා මට විතරද කියලා … මං හිතන්නේ හමුදාවේ මේ නව ප්‍රවණතාවයට හේතුව ඔබතුමා කලින් ලිපි පෙලේ සාකච්චා කල පශ්චාත් යුධ ආතතිය විය යුතුයි …
    කොහොම උනත් අනුමත කල නොහැකි තත්වයක් ….
    මට මතකයි මිට වසර කීපයකට උඩදී කිරිබත්ගොඩ නගරයේ කානු පිරිසිදු කිරීමට යොදවා සිටි හමුදා භට පිරිසක් නිරීක්ෂණ භාරව සිටි නිලදාරියකු සමග ( ලුතිනන් නිලයේ විය යුතුයි ) සිනා සුන විට ඔහු අපහසුතාවයට පත්වී මා දෙස කෝපයෙන් බැලු සැටි ..මෙවැනි තත්වයන් ඉබේ ඇතිවූ ව යයි මා සිතන්නේ නෑ ….. කොහොම උනත් වැලිවේරිය ” පුදිකුඩිඉරිප්පුවක් ” කල මේ සිදුවීමෙන් ” වැලිවේරිය කිලින්ග් ෆීල්ඩ් ” කියලා තව චැනල් 4 වාර්තා චිත්‍රපටයක් ආවේ නැත්තං තමා පුදුමේ …..

    • අග ඉඳලා මුලට එන්නම්. පාරේ තුට්ටු දෙකේ කම්කරු වැඩකරන සොල්දාදුවන්ට ආදරයෙන් හිනාවෙන්නවත් එපා. උන් වැඩකරන්නේ පුදුම ආතතියකින්. බාස්ලාගේ අත්වැඩකාරයෝ වගේ. උන්ගේ හිතේ තියන ආතතිය නිසා ආදරේට හිනාවුනත් වැරදියට පෙනෙන්නේ. උන් අනියම් මිනීමැරුම් වලට පැටලෙයි. අපි හිනාවෙන්න ගියොත්. පවු අහිංසකයෝ.

      රතුපස්වල වැනි සිදුවීම් වලදී හමුදාව ක්‍රියා කලයුතු ආකාරය ගැන හමුදා පොතේ තියෙන්නේ මොනවද කියා ලිපියක් ලියාගෙන යනවා. ඉක්මනින් දෙන්නම්.

      භාෂාව පරිනාමය වියයුතුයි කියන අදහසට 200% ක් එකඟයි. නමුත් අනිවා, ඩෙෆා, එල, පට්ට, වගේ නූගත්, ග්‍රාම්‍ය, සංකර, වචන එක එක පුද්ගලයාට අවශ්‍ය විදිහට ව්‍යවහාර භාෂාව ලෙස බලෙන් පිළිගන්වන්නට යාම අමන ක්‍රියාවක්. සිංහල භාෂාවට වචන හැදෙන තත්සම, තද්භව, නිෂ්පන්න, යන න්‍ය්යායන්ගෙන් තොරව ඔබටත් මටත් අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට උත්සාහ කිරීමට විරුද්ධයි.

      මෙවැනි භාෂා අභ්‍යාස කිරීමෙන් අපේ වාග් කෝෂය දියුණුවන අතර, ව්‍යක්ත සභාවකදී මෙවැනි වචන පාවිච්චිකලහැකි අවස්ථා අදටත් තිබෙන බව මා අත්දැකීමෙන්ම දන්නවා. වාග් කෝෂය නොදියුණු නිසා තමයි අද ඉන්න නිවේදක නිවේදිකාවෝ අච්චාරු සිංහලෙන් කතාකරන්නේ.

      • නිවේදකයන්ගේ භාෂාව ගැන කිසිදු විවාදයක් නොමැත …. පොත්තේ පාටයි කුරු කුරු කොන්ඩේයි එකම සුදුසුකම් වෙච්ච මාධ්‍ය ආයතන වල නිවේදකයෝන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් ඩ බෑ ……
        කසිප්පු කාරයෝ ස්ත්‍රී දුෂකයෝ දේශපාලකයෝ වෙන රටේ පොත්ත රතු උනාම නිවේදිකාවක් වෙන එක පුදුමයක් නෙවේ ..

  13. පසු ගිය වසර කිහිපයේ කෝලාහල මර්දනය කිරීමෙදී මරන කිහිපයක්ම ඇති උනා.
    මුලින්ම කටුනායකදි කෝලහලයකට පිලිතුරු ලෙස පොලිසිය කෝලහලයක් (rampage) කලා .
    ඉන්පසු මීගමුවෙදී ඒ වනවිටත් ඇති වී තිබූ කෝලාහල තත්වය මැදට නොගැලපෙන තරම් කුඩා, නොගැලපෙන අවි වලින් (ගිනි අවි කියන්නේ කෝලහල මර්දනයට සුදුසු අවි නොවේ. ඒ සඳහා වෙනම උපකරන රිriot gear තිබෙනවා ).
    මේ අවස්තාවේත් එයම තමා සිදු වී ඇත්තේ. මම දන්නා තරමින් හමුදාව සතුවත් කැරලි මර්දනයට පුහුනුව ලැබූ සෙබලුන් සිටිනවා. සාම සාධක සෙබලුන්ට ඒ පුහුනුව ලබා දෙනවා නේද? එසේම හමුදාවට ඒ උපකරනත් ( ජල ප්‍රහාරක රථ හැර ) තිබෙනවා නේද?

  14. මේක මේ අපේ නූගත්කම ගැන වටහා ගන්න කරපු වැඩක් වගේ.
    ඇත්තටම මුකරිද මුඛරිද?

    • මටත් ඔය ප්‍රශ්නය ආවා. මමත් අහලා කියවලා තියෙන්නේ මුඛරි කියලා තමයි. හැබැයි මේ ලිපි ඉදිරිපත් කලේ දයාසේන ගුණසිංහ කියන උගත් මාධ්‍යවේදියා මේ සඟරාව සංස්කරණය කල කාලයේදීයි.

AKM වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න