විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


img002  ඊයේ පෙරේදා මගේ පැරණි සඟරා එකතුවක් අවුස්සමින් සිටියදී නෙත ගැටුණු, සිව්දෙස සඟරා ගොන්නකින් එකක තිබුණු මේ ලිපිය, ඔබෙත් අවධානයට යොමු කරන්නට සිතුනා. මෙය, ලිපි මාලාවක් ලෙස එම සඟරාවේ වරින්වර පළවූ අතර ඉතා අගනා නිර්මාණයක් ලෙසයි මම දකින්නේ. අපේ භාෂාව වදන් වලින් කොපමණ පොහොසත් භාෂාවක්ද යන්න මෙවැනි ලිපි වලින් පැහැදිලි වෙනවා. මේ පිටු කීපය උපුටාගත්තේ, 1994 ජූනි මාසයේ පළවූ, ලංකාවේ සුප්‍රසිද්ධ, ‘සිව්දෙස’ සඟරාවෙන්. ඔබටත් පුළුවන් මෙය කියවා ඔබේ සිංහල භාෂා දැනුම උරගා බලන්න. පිළිතුරු මේ ලිපියේම පහළින් දැක්වෙනවා. නමුත් මම ඔබට යෝජනා කරන්නේ එක් එක් වචනය කියවා පිළිතුරු නොබලා, තමන් උපකල්පනය කරන පිළිතුර කොලයක සටහන් කරගෙන අන්තිමට පිළිතුරු සමග සසඳා බලන ලෙසයි. මෙන්න එහෙනම් සිව්දෙස සඟරාවෙන් උපුටාගත් පිටු කීපය.

img002

img003

img004


පිළිතුරු බලන්න යන්න

img157img004

My Signature for Blog2013 ජූලි මස 18 වැනි දින 0955 පැය

Comments on: "වදන් බලය (උපුටා ගැනීමකි) – Word Power (from Siwdesa Magazine)" (56)

  1. ක්සැන්ඩර් said:

    20 කින් 8 අවුට්… අපරාදේ විචාරක තුමා අපිට මේක කරන්න තිබේ කොටස් දෙකකට දාල, ප්‍රශ්න වෙනම උත්තර වෙනම. ලස්සන තරඟයක ආරම්භයක් නේ මේ.

  2. විභාග ඇති වෙලා අනේ

  3. 11/20 කණාවට ගහපු ඒවා දෙකක් විතර තිබබා. ඉතුරු ටික නම් යාන්තමට වගේ ඇහිලා කියවලා තිබ්බ ඒවා

  4. අනේ මන්දා said:

    ඉඩොක්, උඩුම්බුවා, උක්කංසනය එලෝලී දැනගෙන හිටියෙ නැහැ. 16/20 යි නිවැරදි උණේ. මේ පෝස්ටුව වෙනුවෙන් බොහොම ස්තුතියි විචාරක මහත්මයා.

  5. ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.තව තියෙනවා කිව්වා නේද.නියමයි.

  6. චැහ්.. මගෙ උත්තර හතයි හරි. අහලම නැති වචන ටිකක් දැන ගත්තා මේක නිසා.

  7. 12ක් විතර හරි ගියා ඕං.මම ඒ දවස්වල හරිම ආසාඑන් කියවපු සඟරාවක් තමයි සිව්දෙස.මුතුහර එකට වඩා නිර්මාණශීලී ගතියක් ඒකෙ තිබ්බා.අන්තිම කාලේ රුපියල් 40ක් ද කොහෙද උනේ.පස්සේ ඒක නවත්තලා දැම්මනේ අපරාදේ

    • ලංකාවේ බොහොමයක් පුවත්පත් සහ සඟරා වලට කල් පවතින්න අමාරුයි. මුද්‍රණ වියදම ඉහල නිසා විකුණන මිල ඉහල දාන්න වෙනවා. අනික මේ වර්ගයේ සඟරා යැපුණේ වෙළඳ දැන්වීම් වලින් නෙවෙයි. නමුත් සිංහලෙන් කියවන අයට ඉතා වටිනා සඟරා ලෙස නම් කරන්න පුළුවන්. 12 ක් හරිගියානම් හොඳයිනේ.

  8. හපොයි කටක් ඇරලා කියන්නේ කොහොමද … 4 / 20 කියලා 😦

  9. 3/20 ඉහි ඉහි …..

    ඉච්චාකාරයා කියන්නේ වංචාකාරයා නම් එයා කියනදේ කරන්නා උණේ කොහොමද?

    • අනේ අනේ නෝනා. වහාම අම්මගෙන් සිංහල ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි. නැත්නම් ‘අරයා’ ටොකු අනියි සිංහල බෑ කියලා. 😀

  10. සිව්දෙස කියන්නෙ ඒ දවස්වල තිබුනු බොහොම හොඳ සඟරාවක්.. මට මතක විදියට දයාසේන ගුණසිංහයන්ගේ සංස්කරණයක්..

    මේ වදන් බලය කියන්නෙ ඒ කාලෙ Reader’s Digest සඟරාවෙ තිබුනු Wordpower කියන එක කොපි කරලා ගහපු එකක් වුනත් ඒක ඉහළ මට්ටමෙන් පවත්වගෙන යන්න එයාලා සමත් වුනා.. මමත් ඉස්කෝලෙ යන කාලෙ මේක බො‍හොම ආසාවෙන් කියෙවුවා මතකයි..

    • ඔබ කියලා තියන තොරතුරු හරියටම හරි. රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ ආකෘතිය අනුව සිංහල සඟරා කීපයක්ම සැකසුනා. මනහර, මුතුහර, සිව්දෙස, එයින් කීපයක්.

  11. හයියෝ..දුකේ බෑ…8/20. නොදන්නා වචන ටිකක් දැනගත්තා.ඉතිරි ටිකත් ඔහොම්මම දාමු.මගේ මුතුහර සඟරා ටික තාම පෙට්ටියක දාගෙන තියාන ඉන්නවා.

    • 8/20 ප්‍රමාණය 20/20 කරගැනීමට කෙමක් තියනවා කරන්න. වහාම අර පෙට්ටියේ තියන සඟරා, පොත්පත්, බොහෝ දෙනෙකුට කියවන්න පුළුවන් තැනකින් තැන්පත් කරන්න. 😀

  12. සමරසේකර said:

    16/20 ඒ කියන්නේ මගේ සිංහල දැනීම සතුටුදායකයි . සමහර වචන කලාතුරකින් ඇස ගැටෙන ඒවා .ඔබේ මේ ප්‍රයත්නය හොඳයි.

  13. 14/20යි.
    නිවාඩු තිබෙන වෙලාවට තව තියෙනව නම් පල කරන්න.
    හැලප නම් ෂුවර් එකට සේරම දන්නව ඇති.

  14. මා අසමත් උනාවගේ සිතට දැනෙනවා….

  15. 12/20 තවමත් ශිෂ්‍යත්ව පංතියේ මතකය තියෙනවා වගේ දැනෙනවා
    කෙසේ නමුත් අළුත් වචන කිහිපයක්ම උගත්තා ඔබේ මේ උත්සාහයෙන් , ස්තුතියි ඔබට

  16. විස්වාස කරයිද දන්නැ . 18/20

  17. සිත්තරා said:

    පහළොවක්ම හරිගියා ඔන්න. 🙂
    මමත් පොඩි කලේ සිව්දෙස හරිම අසාවෙන් කියෙවුවා. ඒ වගේම තමයි මුතුහර.
    බොහොම ස්තුතියි මේ ලිපිය පල කලාට.

  18. මම මා ගැන අධි තක්සේරුවකින් නොහිටි එක හොඳට ගියා.

  19. 12… හැබැයි සමහර තැන්වල වචන නොදැන පිළිතුරු හතර බලලා ගහපුවත් තිබුනා..

  20. 11/20 හැබැයි ගොඩක් ඒවා guess කරපුව. හරියට දැනන් හිටියේ බොහොම ටිකයි.. 😦

  21. උපෙක්ෂා said:

    14/20
    අප්පා සමහර එව්වා කනා.. හරි අමාරුයි නේ

    • මමත් මෙය මුලින්ම කියවූ අවස්ථාවේ වැටහුනා සමහර වචන හරි අමුතුයි කියා. ඒ නිසයි සැමදෙනාගේ දැනගැනීමට මෙහෙම පළකලේ. 14/20 හොඳ ප්‍රතිඵලයක්.

  22. මගේ ලකුණු 10/20. ඉන් හතරක් පමණම එඩියුකේටඩ් ගෙසස්.

    හැබැයි මං හිතන්නේ අංක 6 සහ අංක 19 උත්තර විවාදාත්මකයි.

    විශේෂයෙන්ම 19.

    • ඇත්තටම මේ වචනවල නිරුක්තිය සමග අර්ථ පැහැදිලි කිරීමක් තිබුණානම් තමයි වඩාත් හොඳ. නිතර භාවිත නොවන මෙවැනි පද සහිත වචන සමූහකින් 50% ක් පමණ (10/20) අනුමානයෙන් හෝ නිවැරදිව කීමට හැකිවීමත් දක්ෂ කමක්.

  23. 12/20 දෙකක් විවාදාත්මකයි,අර කිව්වත් වගේ අර්ථය පැහැදිලි කිරීමක් තිබුණා නම් ගොඩක් හොඳයි,ස්තූතියි විචාරක තුමා

  24. ස්තුතියි අළුත් වචන කියලා දෙන්නට මහන්සි වීම ගැන..
    සමහර වචන නම් තේරුම පිළිගන්න ආමරුත් වගේ..උදා: අමුර්ත

  25. Leena irene saputganthrige kavi thibeda?

nirmala වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න