විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 

දීර්ඝ ලිපියකි. සෙමෙන් කියවන්න.

Title Pictureඉංග්‍රීසි භාෂාව හැඳින්වීම සඳහා ‘කඩුව’ කියන වචනය එදිනෙදා ව්‍යවහාරයට ආවේ, 1980 දශකයේදී විතර කියලයි මට මතක තියෙන්නේ. මම (පින්තුරය ගත්තේ මෙතනින්) වැරදිනම් නිවැරදි කරන ලෙස, ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා. කඩුව කියලා ඉංග්‍රීසි භාෂාවට යොදන්න ඇත්තේ ‘චට පට’ ගාලා කතා කරගෙන යනකොට, නොදන්න එකා නිකම් කඩුවකින් කපලා දැම්මා වගේ දුර්මුඛ වෙන නිසා වෙන්න ඇති. ඇත්තටම ඔබට කඩුව පුළුවන්ද? මමනම් හිතන්නේ නෑ ඔබට කඩුව පුළුවන් කියලා. මටනම් හොඳට පුළුවන්. අද වුනත් අපි නියම කඩු කාරයෝ තමයි. ඔයාලට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ.   😀 කොහොමද ………හිතට ආව කේන්තිය.

   modern-samurai-11012458‘ඈ යකෝ, උඹ මේ පැන්ෂන් ගිය ආමි කාරයා, උඹ හිතාගෙන ඉන්නේ උඹට විතරයි කඩුව පුළුවන් කියලානේ’ අන්න එහෙම අහන්න හිතුනා නේද? ඔව් ඔබ හරි. මොකක්ද හරි? අඩු ගණනේ ඔබ පැන්ෂන් ගිය ආමි කාරයෙක්වත් නොවුනොත් ඔබට කඩුව බැහැ කියලා මම නොබියව කියනවා.  (පින්තුරය ගත්තේ මෙතනින්)

  හුහ්,……’දැන්නම් මේකා අහගන්නයි හදන්නේ (…..) පද වලින්’………. හෝව් හෝව්…….. මම කඩුව කිව්වේ, ඉංග්‍රීසි භාෂාව කියන අදහසින් නෙවෙයිනේ……….. මම කඩුව කිව්වේ ඇත්තම කඩුවට………… ඔබට පුළුවන්ද හමුදා නිලධාරියකු මෙන් කඩුවෙන් හරඹ කරන්න? අන්න ඒ ප්‍රශ්නයයි මම ඇහුවේ. හොඳයි, ටිකක් කේන්තිය නිවාගන්නකෝ………. හරි ඔන්න ඔහොම ඉඳගන්න. අපි අද යුද හමුදාවේ පාවිච්චි කරන කඩුව ගැන කතාකරමු.

  cut by swordහැබැයි මුලින්ම කඩුව ගැන මූලික විස්තරයක් නොකර, එක වරම හමුදාවේ කඩු ගැන කියන්න ගියොත්, ලිපියේ අඩුපාඩුවක් ලෙස ඔබ එය දකින්න ඉඩ තිබෙනවා. ඒ නිසා කඩුව ගැන කෙටි විස්තරයක් දැනගෙන හිඳිමු පළමුවෙන්ම. කඩුව කියන්නේ, එක පැත්තක් හෝ දෙපැත්තම කැපෙන පරිදි මිටකට සවිකරන ලද ලෝහ තලයක්. ඒ ඒ කඩු වලින් ගන්නා ප්‍රයෝජනය අනුව තමයි, එක පැත්තක් කැපෙන ලෙස නිපදවනවාද, දෙපැත්තම කැපෙන ලෙස නිපදවනවාද යන්න තීරණය වන්නේ. කඩුවෙන් පහරදීමේදී, කැපීම, කෙටීම, ඇනීම, තැලීම, යන ක්‍රමවලින් තුවාල සිදුකරන්න පුළුවන්.   (පින්තුරය ගත්තේ මෙතනින්)

 කඩුව ඈත අතීතයේ සිටම බලගතු අවියක් ලෙසයි ජනප්‍රවාදයන්හි සඳහන් වෙන්නේ. කඩුව හෙවත් අසිපත රාජකීය සංකේතයක්. ඕනෑම කතන්දරයක් පටන්ගන්නේ ඉතිහාසයත් එක්කමනේ. ඉතින් අපිත් මුලින්ම කඩුවේ ඉතිහාසය ගැන ටිකක් සොයා බලමු. කඩුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3000 ත් 5000 ත් තරම් ඉතා ඈත අතීතයකට දිවයනවා යයි කිව්වොත් ඔබට පුදුම හිතෙයි.  නමුත් පුරාවිද්‍යා ගවේෂණ මගින් කල සොයාගැනීම් වලදී ලද කඩු, කාලනිර්ණය කිරීමේදී, ක්‍රි.පූ. 5000 ට තරම් ආසන්න බව පෙනීගොස් තිබෙනවා. ලොව මෙතෙක් හමුවූ එවැනි පැරණිතම කඩු හමුවී තිබෙන්නේ තුර්කි රාජ්‍යයෙන්.

Oldest Swords

පින්තුරය ගත්තේ මෙතනින්

  මෙයින් පෙනීයන්නේ මිනිසා මෙවැනි ආයුධ නිර්මාණය සහ භාවිතය පිළිබඳව අනාදිමත් කාලයක සිට දැනුම සහ හැකියාව ලබා තිබෙන බවයි. ලෝකයේ විවිධ ප්‍රදේශ වල, විවිධ කාල වකවානු වල නිපදවන ලද කඩු, විවිධ නම් වලින් ද හැඳින්වෙනවා. එවැනි කඩු වර්ග පිළිබඳව මෙතනින් විස්තර බලන්න.  

Mexico Sacrifice Blood Found  ලෝකඩ යුගයේදී මිනිසා විසින් නිපදවන ලද ‘කිනිස්ස/කිරිච්චිය – Dagger’ තමයි කඩුවේ ආදිතම මුතුන්මිත්තා ලෙස සැලකෙන්නේ. මේ ආයුධය මුලින්ම ගල් පතුරු වලින් නිපදවූවක්. පසුකාලීනව ලෝහ වලින් නිපදවුනා. එහි විකාශය තමයි කඩුව. මේ පින්තුරයත් වර්තමාන කිනිස්සත් අතර බොහෝ වෙනස්කම් තිබෙනවා. නමුත් මේ දක්වන්නේ ආරම්භයයි. (පින්තුරය ගත්තේ මෙතනින්)

  අපේ රටත්, කඩු පිළිබඳව අන්තර්ජාතික කීර්තියක් තිබෙන රටක්. ඉතා ඈත අතීතයේ පටන්, අපේ රටේ යුද අවියක් ලෙස කඩුව භාවිත කෙරුණා. ගැමුණු කුමාරයා සොළීන් ජයගැනීමට ගිය සටනේදී, කඩු මුවහත් කළායයි කියන ගල, අදත් විජිතපුර රජමහා විහාරස්ථානයේ දී දකින්න පුළුවන්. මේ පහළ තියෙන්නේ පසුගිය පෙබරවාරි 4 වැනිදා, මගේ කැමරාවේ සටහන්වූ, ඒ ගලේ පින්තූරයක්.

IMG_0418

  අපේ රටේ කඩු නිෂ්පාදනයේ උපරිම මට්ටමට පැමිණ තිබෙන්නේ මහනුවර යුගයේදීයි. ඒ යුගයේදී ඉතා වටිනා, රන් රිදී වැනි ලෝහ වර්ග වලින් අලංකරණයකොට, එවැනිම වටිනා මුතු මැණික් ඔබ්බවා, නිමවන ලද කඩු දකින්නට ලැබෙනවා. (හොරකම් නොකළොත් සහ කෞතුකාගාරයේ තරප්පු පෙළ කඩා නොවැටී තිබුනොත්,  අනාගතයේදීත් දකින්නට ලැබෙනවා.  😀 😀 😀  දැන් ඒ කතා අමතකයි නේ) මහනුවර යුගයේදී කළ එවැනි විශ්මිත නිර්මාණ කීපයක් පහත දක්වනවා.

Kandy 01

පින්තුරය ගත්තේ මෙතනින්

Kandy 1

ඉහත පින්තුරය ලබාගත්තේ මෙතනින්

  ලංකාවේ රාජකීයත්වය පිළිබිඹු කරන, තහවුරු කරන, අනිවාර්ය සංකේතයක් වූ මේ කඩු හඳුන්වන්නේ, ‘කස්තානේ’ යන නමින්. මා හිතනවා කඩු ගැන මීට වඩා  අතීතය අවුස්සන්න ගියොත්, ලිපියේ මූලික අරමුණෙන් පිටතට යැවෙන බව. ඒ නිසා හමුදාවේ ‘කඩු සටන්’ මෙතන ඉඳලා පටන්ගම්මු නේද?

  හොඳයි, ඔබ අතරින් අතිමහත් බහුතරය, හමුදා නිලධාරීන්, පෙළපාලි වලදී, මංගල, අවමංගල උත්සව වලදී, කඩුවෙන් සරඹ කරනවා දැක ඇති. තමන්ගේ අතපය බෙල්ල කපාගන්නේ නැතිව, අනිකාගේ බෙල්ලත් බේරාගෙන කොහොමද මේ කඩු හරඹය කරන්නේ කියා, ඔබත් විශ්මයට පත්වූ අවස්ථා ඇති. හැබැයි එකක් මතක තියාගන්න.   ලෝකයේ සියළුම හමුදා අද පාවිච්චි කරන කඩු, සටන් කිරීම සඳහා නිපදවන ලද ඒවා නොවෙයි. ඒ නිසා සමහරවිට, ඒ කඩු වලින් සටන් කරන්න ගියොත්, මිට අතේ ඉතුරුවෙලා කඩු තලය සතුරාගේ බඩේ රැඳෙන්නත් ඉඩ තියනවා. 😀 😀 එමෙන්ම මතක තියාගන්න, අද ලෝකයේ කිසිම හමුදාවක, කිසිදු නිළයකුට කඩු සටන් උගන්වන්නේ නැහැ. මක්නිසාද, අද ලෝකයේ කවදාවත්, තමන්ගේ සතුරා සමග, මුහුණට මුහුණ ලා, කඩුවෙන් සටන් කරන්න වෙන්නෙම නැහැ. අපි අද ඊට වඩා ‘දියුණුයි’ නේ 😀

  පොඩ්ඩක් පඳුරු තළලා ඉම්මු හොඳේ. නැත්තං නිකං මොකද්ද මොකද්ද වගේ. 😀  

Cadet Officer with Sword  ඔන්න මම ශිෂ්‍යභට නිලධාරියකු කාලේ කඩු හරඹ (හරඹ කියන්නේ සටන් නෙවෙයි සරඹ කියලා අයෙත් කියන්න ඕනේ නැහැනේ) ඉගෙනගන්න පටන්ගත්තා කියමුකෝ. කවුද අපිට මෙව්වා උගන්වන්නේ? උගන්වන්නේ සාජන්ලා, මාණ්ඩලික සැරයන්ලා, සාජන් මේජර්ලා, වැනි සරඹ උපදේශක ලා. (විශේෂ සරඹ උපදේශක පාඨමාලාවක් ඉස්සරනම් ලැබුනා එංගලන්තයේ ‘සෑන්ඩ්හර්ස්ට්’ හමුදා පුහුණු පාසලේ. අපේ සාජන් මේජර්ලා ගණනාවක් එහි පුහුණුව ලැබුවා. මම ශිෂ්‍යභට නිලධාරියකු කාලේ හිටිය සරඹ උපදේශක සාජන් මේජර්, (Drill Instructor = DI) එලෙස එංගලන්තයේ පුහුණුව ලැබුවෙක්. ඔහු පසුව කර්නල් නිලය දක්වා උසස්වීම් ලබා විශ්‍රාම ගියා. දැන් නම් ඒ පාඨමාලාව දේශීයව කෙරෙනවා. හැබැයි එංගලන්තේ ගිය උපදේශකලා නම් නියම ‘කඩු කාරයෝ’ (English) මොකද එහෙදි සිංහලෙන් උගන්නනවැයි 😀 අපටත් කොටනවා එයාලා ඒ කාලේදී.

  කඩු සරඹ උගන්නද්දී, මේ උපදේශකලා දෙන සමහර උපදෙස් නම් මෙතන ලියන්න බැහැ. කඩුවේ කොපුව නිකම් ‘බටයක්’ වගේනේ. සමහරවිට කාන්තා නිලධාරිණියන්ටත් ඇහෙන්න කියනවා කඩුව ඒ අහවල් එකේ දාගන්න කියලා. අණදීම අනුව කඩුව එක වරම කොපුවට දාගන්න බැරිවුනාම දෙන උපදෙසක් තියනවා. අම්මෝ, ඒකනම් අර වගේ ඉඟියකින්වත් ලියන්න බැහැ. ඒවා ඇහුණාම සමහර කාන්තා නිලධාරිනියන් උරණ වුණත්, තවත් සමහර අය ඇහුනේ නෑවගේ ඉන්නවා. කාන්තා නිළධාරිණියන් උවමනාවට වඩා හුරතල් කලොත්,  මෙන්න මේවගේ වෙනවා කියලයි උපදේශකයෝ කියන්නේ. අනේ මන්දා. 😀 😀 😀 (ඉහත කැඩෙට් නිලධාරියාගේ පින්තුරය ගත්තේ මෙතනින්)

  Bennyඔන්න ඉතින් ගරු මම තුමා ‘තනි තරුව’ වෙලා විසිරයාමේ පෙළපාලිය දවසත් ආවයි කියමුකෝ. හප්පොච්චියෙ ඉතින් අළුත්ම යුනිපොං එව්වා ඇඳලා, ‘බූස්’ පොලිස් කොරලා, ගියැයි කියමුකෝ. පෙළපාලියේදී ප්‍රධාන අමුත්තා අතින් නේ අපේ අතට කඩුව ලැබෙන්නේ. කඩුව අතට අරන් අළුත් නිලධාරීන් ප්‍රධාන අමුත්තාට ආචාර කරලා ඔක්කොමලා එකවර ආපසු හැරෙනවා. එකතැන ආපසු හැරීමේ සරඹය ඔය පාසල් ශිෂ්‍ය භටයන් හැටියට හිටිය අය දන්නවනේ. ආපසු හැරිලා, සියලු දෙවි දෙවතාවුන්නේ පිහිටයි ආරස්සාවයි කියලා, වම් කකුල උස්සපු ගමන්…………………., මගේ (පින්තූරය ගත්තේ මෙතනින්)   කලිසමේ පස්ස පැත්තේ මැහුම බරා………ස්……..ගාලා ලෙහුණේ නැතැයි. ‘අප්පච්චිගෙ පප්පට කොටියෝ පැනපි’ කිව්වලු. 😀 දැන් මොකැයි කරන්නේ. මොනවා කරන්නද දුවලා ගිහින් හැංගෙන්නයැ. පෙළපාලිය අණදෙන්නා ඊළඟ විධානය දුන්නා. මොනවා කරන්නද පින්වතුනි, ‘හමුදා මුදියන්සේලාගේ බාගෙට ඉරුන’ වන මම,  සරඹ පිටියේ රවුම් දෙකක් පෙළපාලියේ ගියා, පස්ස පැත්ත බාගෙට එළියේ දමාගෙන. කමක් නෑ තනිකරම එළියේ දාගෙන නෙවෙයිනේ. අර සින්දුවකත් තියෙන්නේ, “නොයනු මැනවි දා…………….තනිකර එළියේ……..”  😀 කියලා. පෙළපාලිය ඉවරවුන ගමන් දූ……….වලා ගිහිං, යාලුවෙකුට කියලා, පස්ස පැත්තේ ඉඳිකටුව ඇණගන්නේ නැතුව මහගෙන ආවා. 😀 😀 කලිසම, කලිසම, මැහුවේ. මගේ පස්ස පැත්ත මහන්න? හිතුවා මදි. කොහොමද කොල්ලගේ වැඩ කිඩ. හැබැයි පස්සේ ගිහිං ටේලරයාට …….. පද දෙකකුත් කියලා ආවා.

  ඊළඟ සිද්ධි මෙන්න මේවා. ඔබට මම මේ ලිපියේ ඉදිරියේදී පෙන්වනවා, කොහොමද කඩුවෙන් ආචාර කරන්නේ කියලා. කඩුවෙන් ආචාර කිරීමේදී තමන්ගේ ආචාරය පිළිගන්නා තැනැත්තා සහ තමන් අතර, තම කඩුවේ දිගට වඩා වැඩි පරතරයක් තබා සිටගැනීමට, අචාර කරන්නා දැඩිව වගබලාගත යුතුයි. පෙළපාලි අණදෙන්නා ලෙස ක්‍රියාකළ අපේ එක නිළධාරියකු, විසිරයාමේ පෙළපාලියකදී, ප්‍රධාන අමුත්තා දෙසට ගමන් කර (march) නැවතුනේ, උවමනාවට වඩා ළඟින්. ආචාර කිරීම සඳහා කඩුව වේගයෙන් පහත් කරද්දී, එය අමුත්තාගේ උරහිසේ සහ අතේ වැදුනා. කඩුවේ තුඩ ඉතා තියුණුයි. අමුත්තාට සීරීම් තුවාල සිදුවුණා. එය අමුත්තාට කල බරපතළ අපහාසයක්. අමුත්තා ජ්‍යොෂ්ඨ හමුදා නිළධාරියෙක්. පෙළපාලිය අණදුන් අර නිළධාරියාට එරෙහිව විනයානුකූලව දඬුවම් කෙරුණා.  

  අද තානාපති සේවයේ ඉන්න තවත් ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියෙක්, එසේම විසිරයාමේ පෙළපාලියේ අණදෙන්නා ලෙස කටයුතු කරද්දී, පෙළපාලිය ආරම්භ කර, ප්‍රධාන අමුත්තා වෙත පැමිණ ආචාර කර, ආපසු හැරෙනවිටම, ඔහුගේ කඩු කොපුව, බඳපටියෙන් ගැලවී, කරාස්……….හඬින් පොළොවේ ඇතිල්ලුනා. මේ නිසා ඔහුට සිදුවුනා, කඩු කොපුව වමතින් අල්ලා උස්සාගන යන්නට. පසුව ඔහුට සිදුවුනා, මොහොතකට පෙළපාලිය නවතා, කඩු කොපුව සකස්කරගන්නට. එසේ කරනතුරු ප්‍රධාන අමුත්තාට පෙළපාලි භූමියේ නිකම් හිටගෙන ඉන්න සිදුවුනා. එය ඔහුට කරන අපහාසයක්. කෙසේ වෙතත් එදින රාත්‍රියේ, මේ පෙළපාලිය වෙනුවෙන් පැවැත්වුන සාදයේදී, විස්කි බෝතල් කීපයක දඩයකට යටත්වන්නට මේ නිලධාරියාට සිදුවූ බව දැනගන්න ලැබුණා.

  හමුදාවේ කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියක් සඳහා හමුදා විද්‍යාපීඨයේ අධිපතිගේ ඉඳලා සියළු දෙනා, විශාල වෙහෙසක් ගන්නවා, ඉතා ඉහල මට්ටමින් එය සිදුකරන්න. නිකම් ආවාට ගියාට කරන දෙයක් නෙවෙයි විසිරයාමේ පෙළපාලිය. ඉතින් මේ පෙළපාලිය අණදෙන්නේ ප්‍රධාන උපදේශක. (Chief Instructor = CI) ඔහුට ඉතා විශාල කාර්යභාරයක් සහ වගකීමක් තිබෙනවා පෙළපාලිය සම්බන්ධව. පෙළපාලි පිළිවෙත (sequence) ඉතා හොඳින් මතකයේ තිබෙන්නට ඕනේ. එක අණ වචනයක්, විධානයක්, වැරැද්දුවොත් මුළු පෙළපාලියම අවුල් වෙනවා. මේ නිසා ප්‍රධාන උපදේශක පෙළපාලිය පවත්වන දවස වනවිට සෑහෙන්න හෙම්බත්ව සිටින්නේ. ඔන්න එක විසිරයාමේ පෙළපාලියක් පැවැත්වුණා දියතලාව යුද හමුදා විද්‍යාපීඨ පෙළපාලි භූමියේ. සුපුරුදු පරිදි පෙළපාලිය සරඹ භූමියට ආවා. පෙළපාලියේ අවසාන කොටසේදී ප්‍රධාන අමුත්තා විනාඩි 5 ක පමණ කතාවක් කරනවා. (ත්‍රිවිධ හමුදා නිලධාරීන් ප්‍රධාන අමුත්තා ලෙස එනවානම් පහසුයි. ඔවුන් දන්නවා දින ගණනාවක් වෙහෙසවී සිටින මේ සියළුදෙනාට, දීර්ඝ කතාවක් පැවැත්වීම සුදුසු නැතිබව. දේශපාලු උන්නැහේලා ආවාම කණට කරලා කළින් කියනවා කතාව විනාඩි 5 කට විතර සීමා කරන්න කියලා. නැත්නම් එතනදිත් ‘මනාපේ ඉල්ලන්න’ ඉඩ තියනවා.  :D)

Sword salute

පින්තුරය ගත්තේ මෙතනින්

  ප්‍රධාන අමුත්තා කතාකරන අවස්ථාවේදී පෙළපාලිය පහසුවෙන් තබා තියෙන්නේ. නමුත් ප්‍රධාන උපදේශක අධික වෙහෙස නිසා දැඩි අපහසු තත්වයකට පත්වුනා. ඔහුට එක තැන සිටගෙන සිටීමට අපහසු වුනා. ඔහු කීප විටක් ඉරියව්ව මාරු කලත් බීමත් පුද්ගලයකු මෙන් එක තැන සිටගෙන ඉන්න බැරි තත්වයක් ඇතිවුනා. ඔහු විසිවෙමින් ප්‍රධාන අමුත්තා දෙසට සෙමෙන් ඇවිද්දවෙන්න පටන්ගත්තා. ඔහු උත්සාහ කළා තම අසිපතේ තුඩ බිම තබා එයට වාරුවී නොවැටී සිටින්නට. නමුත් එයද අපහසුවී ඔහුට පෙළපාලි භූමියේ දණගැස්සවුණා. පෙළපාලිය නැරඹීමට පැමිණි දහසක් දෙනා විශ්මිතව බලාසිටියා.

  SNN1821C---532g_1472921aමතක තබාගන්න, පෙළපාලිය සරඹ භූමියට ආවාට පසු, එයට කිසිම බාධාවක් කරන්න හෝ එම භූමියට ඇතුළුවන්නට, සරඹ උපදේශකයකුටවත් බැහැ. කවුරුහරි කලන්තේ හැදිලා වැටුනානම් ඔහු එසේම සිටියදී පෙළපාලිය කරගෙන යායුතුයි. නමුත් මෙතනදී වුනේ පෙළපාලි අණදෙන්නා සිහිවිසඥව වැටීමයි. දැන් මොකද කරන්නේ. පෙළපාලියේ දෙවැනි අණදෙන්නා වහාම ඉදිරියට ආවා. ප්‍රධාන අමුත්තාගෙන් අවසර ඉල්ලුවා පෙළපාලියේ ඉතිරි කොටස කරගෙන යාමට. අවසරය ලැබුණා. බොහොම ලස්සනට ඒ කොටස කෙරෙන අතර, හෙමින්ම පෙළපාලියේ පසුපසින් රිංගලා ආව සරඹ උපදේශකයන් විසින්, ප්‍රධාන උපදේශකව පෙළපාලි භූමියෙන් එළියට ගත්තා.  

   හොඳයි, ඔන්න පඳුරු තැලිල්ල ඉවරයි. දැන් ආපසු හැරේන්, ගමනේ යා.

  20101010_army%20(2) අපි මුලින්ම බලමු හමුදාවේ පාවිච්චි කරන කඩුවක් හෙවත් අසිපතක් මොනවගේද කියලා. හමුදා අසිපතක් වෙනත් අසිපතක් මෙන්ම ලෝහ තලයකින් සහ ලී, සම්, ලෝහ කම්බි ආදියෙන් නිමවූ මිටකින් යුක්තයි. එමෙන්ම සාමාන්‍ය හමුදා කඩු කොපුවක්, ලීයෙන් නිමවා, සමෙන් ආවරණය කර තිබෙනවා. විශේෂ අවස්ථා සඳහා පළඳින කඩු, වෙනමම තිබෙනවා. එවැනි කඩු වල කොපුවත් සම්පූර්ණ ලෝහයෙන් නිමවා තිබෙන්නේ. ඔබ දැක ඇති හමුදා මංගල්‍ය උත්සව වලදී ‘මනමාල නිළධාරියා හෙවත් නිළධාරි මනාලයා’ 😀 පළඳින්නේ එවැනි උත්සව අවස්ථා සඳහා සැකසූ, ලෝහ කොපුව සහිත කඩුවක්.(Ceremonial Sword) එමෙන්ම සෑම යුද හමුදාවකම ප්‍රධාන නිලධාරීන් – General Officers යනුවෙන් හැඳින්වෙන නිලධාරීන් (අපේ හමුදාවේ නම්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්) පළඳින්නේ, ඒ ඒ නිළයට අදාලව සැකසූ, විචිත්‍ර කැටයම් සහිත ලෝහ කොපුවකින් යුත් අසිපතක්.

පින්තුරය ගත්තේ මෙතනින්

  හැබෑටම මොකටද පුහුණුව අවසන් කරලා විසිර යාමේදී හමුදා නිළධාරියකුට මේ විදිහට අසිපතක් දෙන්නේ?  ආයේ ඕකෙන් හටන් කොරන්න සිද්දවෙනවා කියලැයි.  මෙන්න මේකයි හේතුව. මිනිස් ශිෂ්ටාචාරයේ, අසිපත භාවිතයට ගත් කාලයේ සිටම, අසිපත, පාලන බලයේ සහ අධිපති/අධිකාරි බලයේ සංකේතයක් ලෙස සැලකුණා. ත්‍රිවිධ හමුදා නිළධාරීන් හඳුන්වන්නේ අධිකාරිලත් නිළධාරීන් හැටියටයි. (Commissioned Officers) ඕනෑම රාජ්‍යයක ප්‍රධානියා විසින් ලබාදෙන, ඒ අධිකාරි බලයේ සංකේතය ලෙස තමයි, අසිපතක් ප්‍රදානය කරන්නේ. ඒ අසිපත හමුදා සම්මාන පෙළපාලි සහ උත්සව වලට විනා, ‘නිකම් කොස් කොටන්න’ 😀 පාවිච්චි කරන්න බැහැ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේදී අසිපතක් නිකුත් කරන්නේ ක්‍ෂේත්‍ර අධිකාරියට (Field Commission) පත්වූ නිළධාරියකුට පමණයි. උපකරණ පාලක අධිකාරියට (Quarter Master Commission) පත්වූ නිළධාරියකුට අසිපතක් නිකුත් නොකරන අතර ඔවුන්ට පෙළපාලියකදී අසිපතක් දරන්නට බැහැ. අසිපත කිසිදු අවස්තාවක අවභාවිතයේ යොදවන්නට බැහැ. පාවිච්චි නොකරන සෑමවිටම එය නිසි පරිදි කොපුවේ බහා තැබිය යුතුයි. විහිළුවටවත්, වෙනත් කෙනෙකුවෙත අසිපත එල්ල කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්. පුහුණුවන අවස්ථාවකදීවත් එය නිකම් බිම දමා තියන්න බැහැ. මේසයක් වැනි දෙයක් මත තැබිය යුතුයි. ප්‍රවාහනයේදී පෙට්ටියක දමා ගෙන යායුතුයි.

  හමුදාවේ නිළධාරි නිවස්නයක්, භට නිවාසයක්, කාර්යාලයක්, වෙත, රාජකාරි කටයුත්තකට හැර, නිකරුනේ අසිපතක් ගෙනයන්නට හෝ පැළඳ යන්නට බැහැ. මේ ගෞරව ලබාදෙන්නේ අසිපතට නොව අධිකාරි බලයටයි. නිලධාරියකුට දෙන ඒ අධිකාරි බලය විශ්‍රාම ගියත් තියනවා. කවදා හෝ රාජ්‍ය නායකයා විසින් ගැසට් නිවේදනයකින් අවලංගු නොකළොත්, (එසේ කරන්නේ විනය හේතු නිසා පමණයි) ඒ නිළධාරියා මියයනතුරු, ඒ අධිකාරී බලය තිබෙනවා.

  ලෝකයේ සමහර රටවල, සැරයන් මේජර් වැනි නිළයන්ටත් අසිපත ලැබෙනවා. එහෙත් ඔවුන් අධිකාරි ලත් නිළයන් නොවෙයි. ඒ ඒ රටේ තිබෙන හමුදා පිළිවෙත් අනුවයි  එසේ කරන්නේ. අපේ රටේ හමුදාවේ, සොල්දාදුවා යන වර්ගීකරණයේ ඉහළම නිළය වන, රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර දරන්නාට, හමුදා පෙළපාලියකදී කඩුව පළඳින්නට පුළුවන්. නමුත් එය කොපුවෙන් එළියට අදින්නට බලය නැහැ. පහත දැක්වෙන වීඩියෝව හොඳින් නිරීක්ෂණය කරන්න. එහි මුලින්ම එන්නේ පෙළපාලියේ දෙවැනි අණදෙන්නා. ඔහු තමයි පෙළපාලිය සරඹ භූමිය වෙත රැගෙන එන්නේ. පෙළපාලි අණදෙන්නාට පසුපසින් (පෙළපාලියේ දෙවැනියා ලෙස) එන්නේ රෙජිමේන්තු සැරයන් මේජර්. (ඔහුටත් පුළුවන් නිළධාරියකුගේ උත්සව ඇඳුමට සමාන ඇඳුමක් අඳින්න. නිල ලාංඡන පමණයි වෙනස්) හොඳින් බලන්න ඔහු අසිපත පැළඳ සිටිනවා. නමුත් ඔහු අතේ (කිහිල්ලේ) තබාගෙන යන්නේ රෙජිමේන්තු සැරයන් මේජර් නිලයට අදාළ යෂ්ටියයි (Cane Malaya)  එමෙන්ම මේ වීඩියෝවේ තත්පර 1.37 දී බලන්න, එක ඛණ්ඩ භාර නිළධාරියකු විසින් ගමනේ යෙදෙන විට අසිපතෙන් ආචාර කරන ආකාරය පෙනෙනවා. තවත් වරක් ආපස්සට ගෙන නැවතත් බලන්න, එම ආචාර කිරීම කතෝලික බැතිමතුන් කුරුසය අඳින ආකාරයට කිසියම් සමානකමක් තිබෙනවා. අපිට මේවා ආවේ එංගලන්තයෙන් බව අමතක කරන්න එපා.

  අසිපතෙන් ආචාර කලහැක්කේ, තමන්ට වඩා ජ්‍යොෂ්ඨ නිළධාරියකුට පමණයි. එසේ කල හැක්කේත්, පෙළපාලියකදී පමණයි. තමන් අසිපත පැළඳ සිටිනවිට, තමන්ට වඩා ජ්‍යොෂ්ඨ නිලධාරියකු ඒ අසළින් ගියාට දඩි බිඩි ගාලා, අසිපත ඇදලා අරන්, අචාර කරන්නේ නැහැ. සීරුවෙන් සිට, අසිපතේ කොපුව නොසෙල්වෙන පරිදි වමතින් අල්ලාගෙන, දකුණතින්, වෙනදා විදිහට සාමාන්‍ය සැලියුට් එක තමයි ගහන්නේ. තමන්ට වඩා කණිෂ්ඨ ඕනෑම නිළයකු තමන්ට ආචාර කළත්, ප්‍රති ආචාර කරන්නෙත් ඒ විදිහටමයි.

img145

   0625d6986236a4bad751760f9bd7485dඅගනා සිහිවටනයක් වන මගේ අසිපත, අද මා බොහොම පරෙස්සමෙන් නිවසේ තැන්පත් කර තිබෙනවා. (වෙලාවකට හිතෙනවා හැන්දෑවට දෙකක් දාලා එහෙම, ඔය කඩුවත් වන වනා, වෙලේ නියර දිගේ ඇවිදින්න, ‘අඩෝ……..ව්…….අපිත් ඒ කාලේ ආමි එකේ හොඳ කඩු කාරයෝ තමයි හරිද……….’ කියලා 😀 😀 ) 

ඉහත පින්තූරය ගත්තේ මෙතනින්

b2අපේ රටේ සම්පූර්ණයෙන්ම තහනම් අවියක් වූ කඩුව, ලෝකයේ සමහර රටවල එදිනෙදා භාවිතයේ තිබෙන අවියක්. විශේෂයෙන්, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, යන රටවල එදිනෙදා ගෙදරදොර පාවිච්චි කෙරෙන අවියක් ලෙස කඩුව බහුළව දැකිය හැකියි. මා ළඟ තිබෙන්නේ මේ සමග ඇති රූපයෙන් පෙන්වන ආකාරයේ අසිපතක්. මේ අසිපතේ කොපුව සාදා තිබෙන්නේ කළු පැහැති සමෙන් බව ඔබට පෙනෙනවා ඇති. එයට හේතුව මා අයත්ව සිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, සිය නිළ ලාංඡන කළු පැහැයෙන් අඳින නිසා අසිපත් කොපුවද කළු පැහැයෙන් සැකසීමයි.  පින්තූරය ගත්තේ මෙතනින්

  හොඳයි දැන් අපි බලමු අසිපතක තිබෙන කොටස් මොනවද කියලා. මෙය දීර්ඝ විස්තරයක් නොව අවශ්‍යතාව සඳහා කෙරෙන හඳුන්වාදීමක් පමණක් බව මතක තබාගන්න. මෙහි දැක්වෙනවාට වඩා සංකීර්ණ කොටස් කඩුවක තිබෙනවා.

light-infantry-sword-lrg

මුල් පින්තූරය ගත්තේ මෙතනින්

  සමහර නිලධාරීන් අසිපත පැළඳගත්තාම අසිපත් කොපුව පොළොවට අඟලක් විතර උඩින් තිබෙන්නේ. (උස නැතුව කොහොම බැඳුනද මන්දා) එවැනි අය ගමනේ යෙදෙනවිට, අසිපත් කොපුව බිම ගෑවෙනවා වගේ පෙනෙන්නේ. මමනම් යාන්තම් ඊට වඩා උසයි.  😀 අසිපත සඳහා කොපුවක් තිබෙන බව ඔබ දන්නවනේ. මේ තියෙන්නේ අසිපත සහ කොපුවයි.

1-infantry-sword

මුල් පින්තූරය ගත්තේ මෙතනින්

 කඩුව කොපුවේ දමා බඳ පටියේ පැළඳගන්නට තවත් උපකරණයක් අවශ්‍ය වෙනවා. එය හඳුන්වන්නේ Sword Frog (කඩු ගෙම්බා? :D) යනුවෙන්. මේ තියෙන්නේ.

Sam_Browne_Sword_Frog

පින්තූරය ගත්තේ මෙතනින්

Sword Frog එකට අසිපත් කොපුව සම්බන්ධ කරලා පැළඳගත්තම මෙන්න මෙහෙමයි පෙනෙන්නේ.

Passing out parade of 127th PMA Long Course

මුල් පින්තූරය ගත්තේ මෙතනින්

හරි. ඒ ටික අවබෝධ වුනා නේද? ඒ වුනාට විශේෂ උත්සව අවස්ථා වලදී අඳින නිළ ඇඳුමත් එක්ක අසිපත පළඳින්නේ මෙහෙම නෙවෙයි. ඒ සඳහා විශේෂ බඳ පටියක් සහ අර ලෝහ කඩු කොපුවට යොදන තවත් විශේෂ ආධාරක පටි දෙකක් තිබෙනවා. මේ තියෙන්නේ ඒවා.

patrol_sword_belt

මුල් පින්තූර ගත්තේ මෙතනින්

විශේෂ උත්සව අවස්ථා අසිපත් කොපුව ඉහත ආකාරයේ පටි යොදා පැළඳ සිටින ආකාරය පහත දැක්වෙනවා.

Ceremonial Sword

පින්තූරය ගත්තේ මෙතනින්

  ලෝකයේ බොහොමයක් යුද හමුදාවල, එක් එක් රෙජිමේන්තු අනුව අසිපතේ හැඩයේ වෙනස්කම් තියනවා. මෙය ඔබටනම් මෙතෙක්කල් කිසිදිනක නිරීක්ෂණයවී නැතුව ඇති. නමුත් මේ බලන්න, අපේ හමුදාවේ පවා මේ වෙනස්කම තිබෙනවා. මොනවද වෙනස්කම්? මොන රෙජිමේන්තු අතරේද වෙනස්කම් තියෙන්නේ. සියලුම පාබල සහ සේවා රෙජිමේන්තු එක මොස්තරයක්ද, සන්නාහ සන්නද්ධ බලකාය වෙනම මොස්තරයක්ද, කාලතුවක්කු හමුදාව වෙනම මොස්තරයක්ද පාවිච්චි කරනවා. අසිපතේ මිට සහ ‘නකල් ගාඩ් හෙවත් බාස්කට්’ යන කොටස සකස්කර ඇති ආකාරයේ තමයි ඒ වෙනස තියෙන්නේ. සමහරවිට තලයේ ඉතා සුළු වෙනස්කම් තිබෙනවා. මම ඒවා වෙනමම පින්තූර වලින් පෙන්නනවා හොඳින් බලන්න ඒ වෙනස්කම්.

infantrysword2

සන්නාහ සන්නද්ධ බලකාය පාවිච්චි කරන අසිපත හඳුන්වන්නේ  Cavalry Sword යනුවෙන්. කැවල්රි කියන්නේ අශ්වාරෝහක කියන එකයි.

Cavalry_sword_001

Royal%20Artillery%20Officers%20Sword-l

ඉහත පින්තූර ලබාගත්තේ මෙතනින්

එපමණක් නෙවෙයි, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව පාවිච්චි කරන අසිපත් වලත් වෙනසක් තියනවා. මෙහිදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව පාවිච්චි කරන අසිපත්වල 100% ක් ම සමාන  පින්තූර ඉදිරිපත් කිරීම දුෂ්කර වන නිසා ඒ ආසන්නයෙන් යන අසිපත් වල පින්තූරයි ඉදිරිපත් කරන්නේ. නමුත් ඒවා නිවැරදි අදහස ගන්නට ප්‍රමාණවත්.

Navy Sword

Air Force Sword

ඉහත පින්තූර ගත්තේ මෙතනින්  

මෙච්චරකල් හමුදා පෙළපාලි දැකලා තිබුනට මේවා දැකලා තිබුනේ නැහැ නේද? ඊළඟ වතාවේ හමුදා පෙළපාලියක් බලද්දී, මේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න.

superb-british-erii-wilkinson-infantry-officer-s-sword-[5]-1001-p  ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා ඉස්සරනම් අසිපත් ගෙන්වුවේ එංගලන්තයේ සුප්‍රසිද්ධ විල්කින්සන් සමාගමෙන්. හැබැයි දැන්නම්, (අනික් හමුදා කොහොමදැයි මා දන්නේ නැහැ) යුද හමුදාවේ පාවිච්චිය සඳහා අවශ්‍ය අසිපත් ලබාගන්නේ ලංකාවේම පෞද්ගලික ආයතන දෙකකින්. ඒවා නිෂ්පාදන පිරිවිතර අතින් විල්කින්සන් කඩු වල අහලකින්වත් තියන්නට බැහැ. දේශීය වශයෙන් මෙවැනි කර්මාන්ත නගා සිටුවීම ඉතා හොඳයි. නමුත් එහි ගුණාත්මක බව වර්ධනය කළයුතුයි. ලංකාවේ නිපදවන අසිපත් ඉක්මණින් අබලන්වූ අවස්ථා මා දැක තිබෙනවා. සම්මාන අසිපත් සහ කොපු, ඒ සඳහා අඳින විශේෂ බඳපටි, ජ්‍යොෂ්ඨ නිලධාරීන්ගේ අසිපත්, පාකිස්ථානයෙන් ගෙන්වනවා. නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථා වලදීත්, හමුදා මංගල්‍යයකදීත් (මනමාලයා සහ දෙවැනි මනමාලයා පමණයි) කඩුවේ මිට පහත දැක්වෙන ආකාරයට අලංකරණය කරනවා. එයට කියන්නේ Sword Knot කියලයි.

271-i-02

  දැන් කොතනටද යන්නේ. අපි බලමුද පුහුණුවෙන් පසු විසිරයන නිලධාරියකු අතට අසිපත ලබාදෙනහැටි. ඔබෙන් සමහර අයනම් මෙය දැකලත් ඇති. නමුත් බලලම ඉන්නකෝ. මෙහිදී මාණ්ඩලික නිලධාරියකු විසින් නවක නිලධාරියාගේ දෑත මත තබන අසිපතෙහි තලය මත සිය අත තබා ප්‍රධාන අමුත්තා සංකේතවත් කරනවා ‘ඔබට ගෞරවනීය ලෙස අධිකාරිය පිරිනැමුණා’ යන අදහස. ප්‍රධාන අමුත්තා කළුපාට අත් වැසුම් ඇඳ සිටින්නේ ඔහු සිංහ රෙජිමේන්තුවට අයත් නිළධාරියකු නිසයි.

  ඊළඟට අපි බලමු කොහොමද අසිපතෙන් උත්තමාචාරය (Present Arms) පුද කරන්නේ කියා. එහිදී කරන්නේ අමුත්තා දෙසට කඩුව පහත් කිරීමයි. (තුවක්කුවෙන් කෙරෙන උත්තමාචාරයද මෙහිදී දැකගත හැකියි. එයින් සංකේතවත් කරන්නේ සිය අවිය අමුත්තාට පිරිනැමීමයි) මෙසේ අසිපත පහත් කොට කෙරෙන ආචාරය, ඉතා විශාල ගෞරවයක් ලෙයි සැළකෙන්නේ. මේ වීඩියෝවේ 1.00 දී උත්තමාචාරය දැකගත හැකියි. මේ නිලධාරියා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරියෙක්. ඔහුගේ අසිපත කෙබඳුද යන්නත් බලන්න. වීඩියෝවේ 1.16 දී පහත් කළ අසිපත ආපසු ඔසවනු දැකිය හැකියි.


   අසිපතක් මගින් සරඹ කිරීමේදී සරඹ විශාල ප්‍රමාණයක් නැහැ. පාසල් ශිෂ්‍ය භටයන් දන්නවා ‘සිත්සේ සිටින්’ කියා විධානයක් තිබෙන බව. කඩුව කොපුවෙන් එළියට ඇද තිබියදී, ඒ විධානය ලැබුනොත් ඉන්නේ මෙහෙමයි.

img146

  අසිපත රැගෙන ගමනේ යෙදීමේදී අසිපතෙහි මිට තදින් මිරිකා අල්ලාගත්තොත් එය විකාර විදිහට වැනෙන්න පටන්ගන්නවා. ඒ නිසා දකුණු අතේ මහපටැඟිල්ල කඩු මිටේ වම් පැත්තෙනුත්, ඉතිරි ඇඟිලි හතර දකුණු පැත්තෙනුත් දමා කඩුවේ බාස්කට් එක මගින් නිකම් අත උඩ සමබරව තබාගැනීමක් තමයි කරන්නේ. තලයේ බර නිසා හොඳින් රැඳෙනවා. ආචාර කිරීමේදී විතරයි කඩු මිට තදින් අල්ලාගන්නේ. හැබැයි අත්වැසුම් ලිස්සන සුළු ගතියක් තිබෙනවා. ඒ සඳහා විසඳුම තමයි අත්වැසුම් වතුරෙන් තෙත්කර පැළඳ ගැනීම. (හැබැයි පුතෝ, කාට හරි අතට අත දෙන්න වුනොත්, අත්වැසුම් වහාම ගලවගන්න හොඳේ)

gty_prince_harry_060412_ss_jp_120913_ssh

පින්තූරය ගත්තේ මෙතනින්

අසිපත සමග සිටින විට, ‘පහසුවෙන් සිටින්’ යන විධානයේදී ඉන්නේ මෙහෙමයි.

6318082935_33731df074

පින්තූරය ගත්තේ මෙතනින්

  හමුදා පෙළපාලියක අසුපිට ගමන් කිරීමේදීත් අසිපත් රැගෙන යනවා. ඒ සඳහා වෙනම සරඹ තිබෙනවා. අසිපත කොපුවෙන් එළියට ගන්නේ අසුපිටට අරෝහණය වුනාට පසුවයි. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී, දියතලාව යුද හමුදා කඳවුරේ සේනාවිධායක, කාර්යාලයේ සිට සරඹ පිටියටත්, ආපසු කාර්යාලටත් ගිහින් තිබෙන්නේ, මේ පින්තූර වල පෙනෙන ආකාරයට සමාන ආකාරයකටයි.

Horse Mounted with Sword

Horse Mountted with sword 2

පින්තූර ගත්තේ මෙතනින්

  අසිපත පැළඳ සිටියදී ලැබෙන පළමුවැනි විධානය තමයි ‘අදින් අසි’ නමැති විධානය.  (කියනකොට කියන්නේ අදී…………….න්, අසි. කියලයි) ඒ කියන්නේ අසිපත කොපුවෙන් එළියට අදිනු කියලා. එතකොට මෙන්න මේකයි කරන්නේ.

Fig-3

  කඩුවේ මිට හෝ කොපුව දෙස බලන්නේ නැතුව, කාල ගණනය අනුව, අසිපතේ මිටෙන් අල්ල ඉහළට ඔසවනවා. ඊට පස්සේ ‘රිකවර් පොසිෂන්’ (recover position) නමැති ඉරියව්වට අසිපත ගෙනෙනවා. පහත තිබෙන්නේ රිකවර් පොසිෂන් එකයි.

1449522410_6a676e93b4

පින්තූරය ගත්තේ මෙතනින්

ඊළඟට කඩුව සීරුවෙන් සිටගැනීමේ ඉරියව්වට ගන්නවා. ඔන්න ඉන්නවා ගරු මම තුමා, සීරුවෙන් ඉරියව්වේ.

img144

  කඩුව ආපසු කොපුවට දැමීම සඳහා දෙන විධානය වන්නේ, ‘බහන් අසි’ යන විධානයයි. (බහා……………න්, අසි.) එවිට අර සරඹයම ආපස්සට කෙරෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි, අර සරඹ උපදේශකයෝ අපිව කන්නේ. ආපසු දැමීමේදීත් කඩුව දිහාවත්, කොපුව දිහාවත් බලන්න බැහැ. කඩු කොපුවේ මුවවිට, වම් අතින් අල්ලාගෙන, කඩු තුඩ, කාල ගණනය අනුව, එම මුවවිට වෙත වම් අතෙන් යන්තම් යොමු කරවාගෙන,(guide) එක වරම ඇතුළු කළයුතුයි. හිතාගන්න පුළුවන් නේද, උපදේශකයෝ මොනවගේ දේවල් කියනවා ඇද්ද කියලා. 😀 😀

  ඊළඟට කියන්න තියෙන්නේ මංගල්‍ය අවමංගල්‍ය අවස්ථා ගැන තමයි. හමුදා මංගල උත්සව වලදී නිළධාරීන් දෙපෙළකට සැදී, අසිපත් ආරුක්කුවක් සාදන බව ඔබෙන් සමහර අය දැක ඇති. එසේ  කළහැක්කේ නිලධාරියකුගේ/නිලධාරිණියකගේ විවාහ මංගල්‍යයකදී පමණයි. (අනෙකුත් නිළයන්ටත්, උත්සව නිළ ඇඳුමෙන්, තම විවාහ මංගල්‍යය ගන්න පුළුවන් වුනත්, එහෙම කරනවා හරිම අඩුයි අපේ රටේ) නිළධාරීන්ගේ මංගල්‍ය උත්සව වලදී අපි හරියට අමාරුවේ වැටෙන දෙයක් වෙනවා. මේ අසිපත් ආරුක්කුව පිරිනමන්නේ, නව යුවළට කෙරෙන, හමුදා ගෞරවාචාරයක් ලෙසයි. ඒ ආරුක්කුව යටින් යන්න පුළුවන්, නව යුවළට පමණයි.  නමුත් දෙපාර්ශ්වයේම නෑදෑයන් (තරහ වෙන්න එපා කිව්වට විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් / නැන්දම්මා) මේ ආරුක්කුව යටින් යන්න උත්සාහ කරනවා. සමහරවිට අපට සිදුවෙනවා යම් හිත රිදීමක් සිදුවුනත් ඔවුන්ව වළක්වන්න.  ඔයාගේ පවුලේ එහෙම එකක් වෙන්න ගියොත්, ඒ අයව පැනලා අල්ලගන්න හොඳේ 😀

military-wedding-1

  හමුදා නිළධාරියකුගේ අවමංගල්‍යය අවස්ථාවේදී, අවමංගල පෙළපාලියේ යන විශේෂ භට ඛණ්ඩයේ හෝ කණ්ඩායමේ නිලධාරීන්, තම අසිපත රැගෙනයන්නේ, අසිපත තමන්ගේ වම් අතේ කිහිල්ල යට තබා, එහි තුඩ තමන් පසුපස හරවා තිබෙන පැත්තට අංශක 45 ක පමණ කෝණයකින් තබාගෙන කඩුවේ මිට දකුණතින් අල්ලාගෙනයි. (එම ඉරියව්වේ පින්තූරයක් හොයන්න උත්සාහ කළත් සාර්ථක වුනේ නැහැ. මගේ ඡායාරූප ඇල්බම් පෙරලා බැලුවා එහිත් නැහැ) පහත දැක්වෙන පින්තූරයෙන් එය විස්තර කෙරෙනවා.

120315-M-0000C-004

 ඔන්න අදනම් ඔක්කොමලට කඩු ගිල්ලෙව්වා. 😀 කවදා හෝ හමුදා උත්සවයකට ගියාම, හොඳින් නිරීක්ෂණය කරලා, මේ තොරතුරු තහවුරු කරගන්න. ඊළඟ ලිපියෙන් මේ වගේම හමුදාවේ ඔබ තවත් ආසා කරන මාතෘකාවකට/විෂයයකට යමු.

img143

My Signature for Blog2013 ජූනි මස 27 වැනි දින 0129 පැය

Advertisements

Comments on: "ඔයාට කඩුව පුළුවන්ද ? බොරුවට ඔව් කියන්න නම් එපා – The Sword" (125)

  1. නිර්නාමික said:

    අර උඩ ෆොටෝ එකේ එක්කෙනෙක්, පහසුවෙන් සිටින වෙලාවේ කඩුව අල්ලගෙන හිනාවෙන්නේ මොකද? 🙂

    මම TV program එකක දැක්කා ලෝක යුද්ධ කාලේ පරණ ජපන් කඩු වගයක් වෙන්දේසි කරනවා. katana කියලා. ඒවායින් කොමඩු ගෙඩි එක පේලියට තියලා කපාගෙන යන හැටි පෙන්නුවා. මතක් වෙනකොටත් බයේ බෑ.

    අපිට නම් ඔය කඩු ෆයිට් බෑම බෑලු. 😀

    • katana (“කටානා” හෝ “කතානා” ) කියන්නෙ ජපානයට ආවේණික සටන් කලාවක් භාවිතා කල එක්තරා සටන්කරුවන් ගෝත්‍රයක් විසින් සටන් කිරීමට (සහ තම සතුරා ඉතා පහසුවෙන් එක් කඩු පහරින් මරාදැමීමට) යොදාගත්, විශේෂ ලෝහ මිශ්‍රණයකින් ඉතා ශක්තිමත්ව (සහ ඉතා පහසුවෙන් සතුරා කපාදැමීමට ඉතා තුනී තලයක්) සාදා ඇති විශේෂ (මාරක) අවියක්.

      • ඔව් ඔබ හරි. මේ ලිපිය ලියන්නට කරුණු හොයද්දී ඔයවගේ තොරතුරු ගොඩක් ලැබුනා. නමුත් ඒවා ඇතුලත් නොකළේ ලිපිය අනවශ්‍ය විදිහට දිග්ගැහෙන නිසයි. බොහොම ස්තුතියි මේ තොරතුරු මෙහි ඇතුලත් කිරීම ගැන.

  2. අර උඩ ෆොටෝ එකේ සීරුවෙන් ඉන්නා කෙනා කඩුව අරගෙන හිනාවේගෙන ඉන්නේ මොකෝ? 🙂

    ලඟදි ටීවී එකේ දැක්කා ජපානේ පරණ කඩු වගයක් වෙන්දේසි කරනවා. katana කියලා. ඒකකින් කොමඩු ගෙඩි පේලියක කපාගෙන යන හැටිත් පෙන්නුවා. මතක් වෙනකොටත් බයේ බෑ.

    අපිට ඉතින් ඔය කඩු ෆයිට් නම් බෑම බෑලු. 😀

    • සෙන්නාත් ඔයා වගේම අර නිලධාරියාගේ හිනාව ගැන අහලා තිබුනා. අන්න මම එතන දීලා තියනවා උත්තරේ.

      ජපන් කඩු ගැන ලිපි දෙකක් විතර ලියන්න තරම් කරුණු තියනවා.

      කඩු ෆයිට් බැරිනම් හදිස්සියකට පොල්ලක් හරි වන්න ඉගෙනගන්න ආත්මාරක්ෂාව සඳහා. 😀

  3. කඩුව හෙන බොරු ශෝ එකක් වෙලා නේද මේ වෙනකොට. කඩුවේ ඉතිහාසය ගැන කතා කරද්දි මම හිතන්නෙ අපිට දමස්කස් අමතක කරන්නම බෑ.. ලෝකේ සුපිරිම කඩු නිපදවූවේ දමස්කස් නුවර කියලා මම අහලා තියනවා.

    මම ආසයි අර කාලතුවක්කු රෙජිමේන්තුවෙ කඩුවට. ඒක හෙන ඩීසන්ට්.. නිකන් ඇල්බියන් අසිපත වගේ.. 🙂

    ලංකාවෙ කඩු ඔච්චරටම බාල වුනේ කොහොමද ? කට්ටිය ඒකෙනුත් මාටියා ගහලා වෙන්නැති..

    • මම කඩුවේ ඉතිහාසය ලියන්න ගියේ නැහැ සෙන්නා, දීර්ඝ වශයෙන්. එහෙම වුනානම් කොටස් තුනකට විතර යන්න වෙනවා. මගේ අරමුණ හමුදාවේ කඩුව ගැන කීම පමණක් නිසා, ඉතිහාසය හැකිතරම් කෙටියෙන් පෙන්නුවේ.

      ලංකාවේ කඩු නිෂ්පාදනය කරන්නේ අඩු මිලට. ඉතින් තත්වයෙන් බාලයි.

  4. ආ තව එකක්, අර රැජින ඉන්න ෆොටෝ එකේ එක නිළධාරියෙක් හිනා වෙනවා.. එහෙම හිනා වෙන්න පුළුවන්ද ආචාර පෙළපාලියකදි ? ෆුල් සීරියස් ඉන්න ඕනා නැද්ද ?

    • කියන්න අමතක වුනානේ. ඔය ඉන්නේ ආච්චි සහ මුනුබුරානේ. මහ රැජිනයි හැරී කුමාරයයි. ඔය එයාගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි මහරැජිනමයි විහිලුවක් කලේ.

  5. දීර්ඝ ලිපියක් ඒත් ඉතා රසවත්,
    දැන් තියන ප්‍රශ්න
    01.විශ්‍රාම ගියහම අසිපත ගෙදර තියාගන්න පුලුවන් ද?
    02.පුලුවන්නම් මිය ගියාට පස්සෙ අසිපතට මොකද කරන්නෙ?

    • ස්තුතියි ඇගයීම පිළිබඳව.

      මෙන්න ප්‍රශ්න වලට පිළිතුරු.
      01. තමන්ගේ සේවය ඇගයීමක් ලෙසයි අසිපත ගෙදර ගෙනියන්න දෙන්නේ. එය ගෞරවාන්විතව තැන්පත් කර තබාගැනීම විශ්‍රාමිකයාගේ වගකීමයි.

      02. මියගියාට පසු එය ඒ පවුලේ කෞතුක වස්තුවක් ලෙස සැලකෙනවා. එය පෙර පරිදිම තැන්පත් කර තබාගත යුතුයි.

      • නිර්නාමික said:

        චෑ ..චෑ ….අයියෝ එහෙමද , මදැ මං ඔයාලගේ ගෙදර කට්ටියගෙන් ඉල්ලා ගන්ඩ හිටියා ,
        (ඇත්තටම ඔය කඩු කැපෙන්නේ නැ නේද

      • නිර්නාමික said:

        අයියෝ එහෙමද ….චෑ…චැ ….අපරාදේ , කවදාක හරි එදාට ඔයාලගේ ගෙදර හොයාගන ඇවිත් , මම හිතාන හිටියේ ඔයාලාගේ ගෙදර කට්ටියගෙන් ඒක ඉල්ලාගන්න

  6. තව පොඩ්ඩක් දිග උනා නම් හොඳයි… හෙහ් හෙහ්..

    ඒ උනාට රහේ අඩුවක් නෑ.. මම අනික් යුධ උපකරන ගැන නම් බැලුවෙවත් නෑ.. මොකෝ මම යුද්ධයට සහ ආයුධවලට අකමැති කෙනෙක් නිසා. නමුත් මේක නම් උපරිමයි. කොතරම් මහන්සියක් වෙන්න ඇතිද කියලා හිතුනා..

    මේක සිංහල විකිපීඩියා එකට දාන්න. ඒ තරම් වටිනවා…

    • මාතලන්, ඔයා විශ්වාස කරනවද, මේ ලිපියේ වචන 3320 ක් තියනවා. ඒ නිසයි තවත් දිග්ගස්සන්න නොසිතුවේ.

      ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      විකිපීඩියාවට දමන්න උත්සාහ කරන්නම්.

      • ඇත්තටම හොඳ අදහසක්.. මේ වගේ වටිනා සිංහලෙන් ලියවුන ලිපි ඒ වගේ තැනක පුලුවන්නම් පල කරන්න.. එක බ්ලොග් නොබලන බොහෝ අයටත් උපකාරයක් වේවි..

  7. ස්තුතියි ඔබට, වෙනදා වගේම මට ප්‍රශ්න වැලක් තිබෙනවා. එහෙනම් උත්තර දෙමු බලන්න.

    1.කෞතුකාගාරයේ කඩු ඉස්සුවේ ඔබද?
    2.ප්‍රධාන අමුත්තාගේ උරහිසේ කඩුව වැදුන වෙලේ නිලධාරියාට දුන් විනයානුකුල දඬුවම කුමක්ද?
    3. Field Commission සහ Quarter Master Commission පැහැදිලි කරන්න.
    4. රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර පොඩ්ඩක් පහදන්න, මේ නිලය මට තම හරි ගැටළුවක්.මේ නිලයේ අයට අධිකාරි නිලයකට උසස් වීම ලැබිය හැකි උනත් බොහෝ දෙනෙක් එයට අකමැති බව අහලා තියෙනවා එහෙම වන්නේ ඇයි?
    5.අවසාන ප්‍රශ්නය, මම ඇනයක් කියලා හිතෙනවද?

    • 5 . ඔබ ඇණයකි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට වදින ඇණයකි. එබැවින් මම බොහොම කැමති ඇණයකි.

      1. කෞතුකාගාරයේ ‘උස්සන්න තරම් කඩු’ නෑ අනේ. ඔක්කොම පරණ ‘කඩු’. අපි වගේ කොල්ලන්ට ඒවගෙන් වැඩක් නෑ 😀 😀

      2. මට මතක හැටියට යුද හමුදා විනය ශාලාවට පමුණුවා, ‘තදින් තරවටු කිරීම – severe rip remand’ නමැති දඬුවම දුන්නා. එවිට වසර දෙකක් යනතුරු උසස්වීම් සහ වැටුප් වර්ධක අත්හිටවනවා. ඒ කාලය තුල වෙනත් වරදකට අසුවුනොත් තවත් තදබල දඬුවම් ලැබෙනවා.

      3. කැඩෙට් නිලධාරියකු ලෙස හෝ විශේෂ සුදුසුකම් මත (වෛද්‍ය, ඉංජිනේරු, නීති, වැනි) බඳවාගන්නා අයට ලැබෙන්නේ ක්ෂේත්‍ර Field අධිකාරියයි. යුද හමුදාවේම සෙසු නිලයන් (කෝප්‍රල් සිට බලලත් නිලධාරි 1 දක්වා) අය උපකරණ පාලක අධිකාරියට බඳවාගන්නවා. විශේෂ පුහුණුවක් ද දෙනවා පාලන කටයුතු පිළිබඳව. ඔවුන් සටනට යන්නේ නැහැ. නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ අවශ්‍යතා සැපයීම හා අධීක්ෂණය කිරීම තමයි රාජකාරිය. පෙළපාලිවලට යන්නෙත් නැහැ.

      4. සොල්දාදුවකුට, ‘සොල්දාදුවා යන වර්ගීකරණයේ soldier category’ යා හැකි ඉහලම නිලය තමයි, රෙජිමේන්තු සැරයන් මේජර්. Regiment Sergeant Major = R.S.M. එක හමුදා බලඇණියකට රෙජිමේන්තු සැරයන් මේජර්ලා එක්කෙනයි ඉන්නේ. ඔහුට සියලුම නිලධාරීන් පවා අමතන්නේ මිස්ටර් කියලයි. ඔහුට පහලින් ඉන්න සියලුම නිලයන් සර් කියලා කතා කරන්නේ. ඔහුට විශේෂ වරප්‍රසාද තිබෙනවා. නිලධාරියකුටවත් බැහැ ඔහුට ‘යකෝ …කෝ’ භාෂාවෙන් කතා කරන්න. ඉතාම වැදගත් විදිහට ඒ නිලය හොබවන සමහර අය කැමති නැහැ උපකරණ පාලක අධිකාරියට පත්වන්නට. එයට හේතුව තමන්ගේ දරුවන්ගේ වයසේ සිටින නිලධාරීන්ගේ දැඩි පාලනයට ලක්වීමට ඇති අකමැත්තයි.

      • ඔබට බොහොම ස්තුතියි.

        RSM ප්‍රශ්නේ මට ඇතිවුනේ මගේ ආච්චි ගේ ලොකු අයියා නිසා. ඔහු විශ්‍රාමික RSM කෙනෙක්. මම පොඩි කාලේ බොහොම ආදරේ කරපු චරිතයක්. ඒ දවස්වල ඔහු පතොරෝමක් කපා පෙන්වලා තියෙනවා. ඔහු දවසක් කිවා “සිංහයෙක් වගේ හිටපු මට බල්ලෙක් වෙලා ගන්න ප්‍රමෝෂන් එකෙන් වැඩක් නැහැ කියලා” ඔය කතාව තේරුනේ නැහැ.

        ඊට පසු අපේ පවුලේ කිසි කෙනෙක් හමුදාවට ගිහින් නැහැ. නමුත් මගේ ලොකු පුතා නම් කොතලාවල වෛද්‍ය පිඨයට යන්න බොහොම ආසාවෙන් ඉන්නවා. මේ සැරේ තමයි උ.පෙ කරනේ එකා කියන්නෙම රිසල්ස් තිබුනොත් යන්නේ කොතලාවල අනිත් ඒවාට යන්නේ නැහැ කියලා. (ඌට පිස්සු මගේ හිතේ)

        • ඒ වගේ පරණ රෙ.සැ.මේ වරුන් දකින්නත් ආසයි. අපිව තරුණ නිලධාරීන් කාලේ හැදුවේ එයාලා තමයි.

          පුතාව නොබියව යවන්න. උපාධිය සම්පූර්ණ කලාට පසු හමුදාවෙන් ලැබෙන පහසුකම් අපමණයි. මගේ චූටි දුවව යවන්න හැදුවා එයා අකමැති වුනා. ඇය මේ වසර අගදී කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවෙනවා.

    • විශ්ව රංගනාත් said:

      4. රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර පොඩ්ඩක් පහදන්න, මේ නිලය මට තම හරි ගැටළුවක්.මේ නිලයේ අයට අධිකාරි නිලයකට උසස් වීම ලැබිය හැකි උනත් බොහෝ දෙනෙක් එයට අකමැති බව අහලා තියෙනවා එහෙම වන්නේ ඇයි?
      මම ඔය ගැන කතාවක් අහලා තියෙනවා බල්ලන් අතර සිංහයෙක් වෙලා ඉන්න එක නම්බුකාරයි සිංහයන් අතර බල්ලෙක් වෙලා ඉන්නවට වැඩිය. ඒක නිසාලු උසස්වීම් ගන්නේ නැත්තේ.

  8. ඔබට හැකිද අර තුන් පා උපකරණයකින් මැන මැන වගේ යන එක ගැන විස්තරයක් ලියන්න. සෑහෙන යමක් ඉගෙන ගත්තා. ඔබට පිං. මේ දේවල් දැනගැනීම වැදගත්.

    • ස්තුතියි ඇගයීම ගැන.

      ඔබ කියන උපකරණයේ නම phase stick සිංහල නම මතක නැත. මෙය පාවිච්චි කරන්නේ සරඹ උපදේශක විශේෂඥ පාඨමාලාව සමත් සැරයන් සිට බලලත් නිලධාරි 1 දක්වා නිලයන් පමණයි. මෙයින් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි යුද හමුදා සරඹ උපදෙස් පොත්වල Drill Pamphlets තිබෙන ආකාරයටම පෙළපාලියේදී සොල්දාදු පියවර මැනෙනවාද යන්න බැලීම. යුද හමුදා පොත අනුව සොල්දාදු පියවරක් අඟල් 22 යි. ඊට අමතරව පෙළපාලි පුහුණුවේදී පෙළපාලියේ ඒ ඒ කණ්ඩායම් හෝ පුද්ගලයන් අතර පරතරය කලින් මැන බලා සරඹ පිටියේ ලකුණුකර සකසා දීම, වැරදි පරතරය නිවැරදි කිරීම වැනි කටයුතු. මෙය කවකටුවක් මෙන් දිගහැරීම හැකිලීම කල හැකියි.

      • හම්මේ මමත් ඉස්සර හෙන ආසයි ඔය කවකට්ටට.. 😀 කොටින්ම ඕක හින්දම මට DI කෙනෙක් වෙන්න තිබුනනං කියලා ඉල්ලගෙන රෙජිමන්ට් යන්න තරං හිතිලා තිබුනේ… රෙජිමන්ට් එකෙන් පිටට DI ලා වෙන්න හැටියක් නැති හින්දා…

        • යකෝ ඔව්වා කියන්න එපා ‘කවකට්ටා’ කියලා නම වැටෙයි. ‘කන්ගැට්ටා’ වගේ. 😀 😀

          ඇත්තටම අපි කොච්චර ලොක්කෝ වුනත් DI ගෙන් තමයි අහන්නේ කොහොමද මේ පෙළපාලිය හමුදා පොතේ ආකාරයට කරන්නේ කියලා.

      • ඒ වගේ එකක් future leader camp එකේ හිටපු හමුදා නිළධාරියෙක් ගාවත් තිබුන මතකයි, camp එකේදි තමයි අපිට තේරුනේ හමුදා නිළධාරියෙක් ගෙන් කොච්චර හොද දේවල් ( පුරුදු ) ඉගෙනගන්න තියනවද කියල.
        සිතුම් සයුර

  9. මේ කඩු කතාවට ඔබ පිවිසෙන ආකාරය නම් සුපිරිම තමයි. ඒ වගේම තමයි විස්තරයත්. අධිකාරිය ලබද්දී කඩුවක් දෙනවය යන්න පමණක් දැන සිටි මට මේ හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි.

    • ‘ඔන්න එකෝමත් එක රටක හිටියා’ කියලා පටන් අරන් කතා කියන ක්‍රමය වෙනස් වෙලානේ තියෙන්නේ දැන්. ස්තුතියි ඇගයීම ගැන.

  10. තරමක් දිග එහෙත් වැදගත් දැනුම් සම්භාරයකි. ඔබට තුති !

  11. බොහෝ දේ උගත්තෙමි.හැකි නම් පහදා දෙන්න ලංකාවේ කඩු තහනම් ආයුධයක් වන්නේ ඇයි තියලා?

  12. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු.

    කඩුවක් ගෙදර තියනකොට ඒක ලේසියෙන් අතට අහුවෙන්න නොතියා ඉහලකින් තියන්න කියලා කියනවා නේද විචාරක, ක්ෂණික කෝපයට පොඩි චාන්ස් එකක් දෙන්න.

    තමන්කඩුව, කඩුගන්නාව, කඩුවෙල වගේ කඩුව සම්බන්ද ග්‍රාම නාම තව තියෙනවා.

    • හැබැයි මේ කඩුවෙන් කොස් කොටන්න බැහැ. ඔබ දැක ඇති හමුදා මංගල්‍යයන්හිදී කේක් කපනවා. ඊට වඩා යමක් බැහැ.

      ඔව් ඉස්සර එහෙම නීතියක් තිබුනා කඩුව, තුවක්කුව, එක වරම අතට ගන්න බැරි තරම් උසකින් තියන්න කියා. දැන්නම් අල්ලපු ගෙදර තිබ්බත් අරන් ඇවිත් වැඩේ දෙනවා සිකුරුයි. 😀

      ස්තුතියි කඩුව සම්බන්ධ ග්‍රාම නාම මතක් කලාට.

      • ග්‍රාම නාම වලදි කඩුව කියලා සඳහන් වෙන්නෙ බහුතරයක් කැළෑව කියන එකට සමාන පදයක් ලෙසි. ඒකයි පරකඩුව (පරගස් කැළෑව), හික්කඩුව (හික් ගස් කැළෑව) වගේ නම් හැදෙන්නෙ.

  13. නොදන්න ගොඩක් දේ දැනගත්තා මේ පොස්ට් එකෙන්.,
    මට දැනගන්න ඕනේ සිංහ රෙජිමේන්තුවේ නිල ලාංඡන කලු කරලා තියෙන්නෙ ඇයි කියලා, මගේ යාලුවෙක් කිව්වා එක්තරා පෙලපාලියකදී ඉහලම කෙනෙක්ට උනු අපහාසයක් නිසා රෙජිමන්ට් එකක්ටම දීපු පනිශ්මන්ට් එකක් තමයිලු මේ නිල ලාංඡන කලු කිරිල්ල කියලා.
    හැබැයි මට මේක කියපු එකා නයි අරින එකෙක් ඒක නිසා මේකේ සත්‍යාසත්‍ය්තාවය හරියටම කියන්න පුලුවන්ද.

    • ඔබේ යාලුවා සම්පූර්ණයෙන් වැරදි තොරතුරු දීලා තියෙන්නේ.

      ලෝකයේ සෑම හමුදාවකම පාහේ තිබෙනවා රයිෆල් රෙජිමේන්තු යන වර්ගීකරණයට අයත් රෙජිමේන්තු. ශ්‍රී ලංකා යුද හමුදාවේ තිබෙන එකම රයිෆල් රෙජිමේන්තුව තමයි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව. ලෝකයේ සෑම රයිෆල් රෙජිමේන්තුවක්ම තම නිල ලාංඡන අඳින්නේ කළුපාටින්. ඔවුන් යුදබිමටම කැපවූ අය. යුද බිමේදී දිලිසෙන දේවල් අඳින්නේ නැහැ සතුරාට නිරීක්ෂණය වන නිසා. සිංහ රෙජිමේන්තුවට ආවේනික ලක්ෂණ තිබෙනවා. එකක් තමයි ගමන් කරන වේගය. අනෙක් සියලුම රෙජිමේන්තු යන්නේ විනාඩියට අඩි 120 යි. සිංහ රෙජිමේන්තුව අඩි 140.

      • බොහොම ඉස්තූතියි මේ ගැන දැනුවත් කලාට, මම අරූව අල්ලගන්නම්

      • එතකොට ගැමුණු , ගජබා වැනි රෙජිමේන්තු අයත් වන්නේ කුමන වර්ගයටද ?

        • ශ්‍රී ලංකා පාබල හමුදාව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, අයත්වන්නේ ‘පාබල හමුදා’ කියන වර්ගීකරණයටයි. (Infantry) සිංහ රෙජිමේන්තුවත් පාබල තමයි. නමුත් සම්ප්‍රදාය වෙනස්. එය රයිෆල් රෙජිමේන්තු සම්ප්‍රදායයි අනුගමනය කරන්නේ.

  14. නිර්නාමික said:

    දුටුගැමුණු රජතුමා භාවිතා කල කඩුව නැනෝ තාක්ෂණය යොදාගෙන නිපදවා ඇති බව මම රිවිර පත්තරේ ලිපියක දැක්කා ඒ ගැන දන්නවද?
    “කස්තානේ” සිංහල කඩුවේ වචනය හා සමාන වචනයක් නේද ජපන් සමුරායි සහ නින්ජා භාවිතා කල (තවමත් ජපානේ අනන්‍යතාවයක් වන) “කටානා” කඩුව සඳහා යෙදෙන්නෙත්.

    • මම කඩු පිලිබඳ ඉතිහාසය එතරම් දුරට හෙව්වේ නැහැ මේ ලිපිය ලියද්දී. එයට හේතුව මට කියන්න අවශ්‍ය වුනේ හමුදාවේ කඩු ගැන නිසා.

  15. මේවත් දැනගන්න කැමතියි.,
    R.S.M කෙනෙක් අර මැනික් කටුව ගාව බැඳගෙන ඉන්න ලාංඡනය මොකක්ද?
    ඊට අමතරව R.S.Mකෙනෙක්ට ලැබෙන නිල ලෑංඡන සහ නිල උපකරන මොනවාද?

  16. දුටුගැමුණු රජතුමා භාවිතා කල කඩුව නැනෝ තාක්ෂණය යොදාගෙන නිපදවා ඇති බව මම රිවිර පත්තරේ ලිපියක දැක්කා ඒ ගැන දන්නවද?
    “කස්තානේ” සිංහල කඩුවේ වචනය හා සමාන වචනයක් නේද ජපන් සමුරායි සහ නින්ජා භාවිතා කල (තවමත් ජපානේ අනන්‍යතාවයක් වන) “කටානා” කඩුව සඳහා යෙදෙන්නෙත්.

    • සහන්, මම කඩුවේ අතීත තොරතුරු නම් එච්චරම බැලුවේ නැහැ. ඔබට ස්තුතියි මේ වටිනා තොරතුරු දීම පිළිබඳව.

    • විශ්ව රංගනාත් said:

      දැන් කාලේ පත්තරවල තිබුන පලියට සමහර කරුණු පිළිගන්න එපා යාළුවා, මම දැකලා තියෙනවා බොහෝ බොරු පත්තරවල තියෙනවා, දැන් ගොඩක් මාධ්‍යවේදීන්ගේ විමර්ශනශීලීත්වය සහ තර්කානුකුල බව බින්දුවයි.

  17. විශ්ව රංගනාත් said:

    හොඳ ලිපියක්, ගොඩක් දේ ඉගෙන ගත්තා බොහොම පිං.

    දැන් කාලේ කොහොම වුනත් ලංකාව ඉස්සර ලෝකෙන්ම අනර්ග කඩු හදපු රටක් කියලා අහලා තියෙනවා. නිදහස ලැබිලා අවුරුදු 60 පැනලත් තවම පරගැති මානසිකත්වයෙන් මිදින්න බැරි නිසාද ලංකාවේ හමුදාවල ලාංකීය කස්තාන කඩු නැතිව සුද්දගේ ආකාරයේ කඩු බාවිතා කරන්නේ?

    • ඇත්තටම බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ප්‍රංශය, වැනි රටවල ත්‍රිවිධ හමුදා පාවිච්චි කරන්නේ ඒ රටේ ඉතිහාසයට ආවේනික කඩු. ඔබ කියනදේට මමත් එකඟයි. අපිට පුළුවන් ඉතාම ලස්සන සිංහල කඩු හදන්න අපේ හමුදා වෙනුවෙන්. බොහොම ස්තුතියි මේ අගනා අදහස් වලට.

  18. මං ගාවත් තියනවා පාබල රෙජිමේන්තු කඩුවේ බාග සයිස් කඩුවක්. මිට පින්තූරේ තියන විදිහමයි. හැබැයි උස අඩුයි. ඒක ලැබුනේ මම අවුරුදු හයේදී, හමුදා නිලධාරියෙක් වන ඥාතියකුගේ විවාහ මංගල්‍යකට page boy විදිහට සහභාගී වුන නිසයි. ඔහු සේවය කරපු රෙජිමේන්තුවේ අය විවාහ මංගල උත්සව වලට අඳින නිල ඇදුමයි හමුදා තොප්පියයි (ඒවත් අවුරුදු හයේ කෙනෙකුගේ සයිස්) තාම මං ගාව තියෙනවා

    Good old days 😀

  19. ඔය කඩුව ගන්න ආසාවෙන් ඉන්නවා,,,දැනුත් මේ AL වලට පාඩම් කර කර ඉන්නේ (පාඩම් කරන හැටි පේනවනේ 🙂 )

    මට මතකයි අපේ බෑන්ඩ් එක, එක පාරක් රන්ටැඹේ තිබුන office passout එකක duty band එක විදියට ගියා. ඒකේ පුහුණුවීම් වලදි බනින බැනිල්ල ඇහුවම නම් කඩුව එපා කියල එන්න හිතෙනවා 🙂

  20. හැමදාමත් වගේ නොදන්නම මාතෘකාවක් ! බොහොම රසවත් ලිපියක් , මේ වෙනුවෙන් වූ වෙහෙසට මගේ ස්තුතිය .

  21. //වෙලාවකට හිතෙනවා හැන්දෑවට දෙකක් දාලා එහෙම, ඔය කඩුවත් වන වනා//

    අම්මපා හිතෙන දේවල් , මැවිලා පේනවා සරමක් ඇදලා බඩ ගෙඩිය එලියේ දාගෙන කෑ ගගහා යනකොට විචාරක තුමිය විලාප තිය තියා පස්සෙන් එන හැටි 🙂

    අහල තියනවා අසිපත් අරුක්කුවක් යටින් ගමන් කර යුවලක් ආචාරය ලබා ගතහොත් ඔවුනට පසු කාලීනව නිත්‍යානුකුලව වෙන්විය නොහැකියි කියලා එහි ඇත්තක් තියනවද?

    නොදැන හිටි කඩු පයිට් ගැන මහන්සිවී ඉගැන්නුවට බොහෝ ස්තිතුයි.

    • අපේ උන්දෑට අමතරව තව කී දෙනෙක් එයිද දන්නේ නෑ ‘බුදු සත්තරණේ යන්ඩ එපා’ කියාගෙන 😀 😀 😀 හැබෑටම කෝකද කිව්වේ ඔය මගේ බඩ ගැන. හැබැයි ඌ හරියටම කියලා තියනවා.

      හොඳ ප්‍රශ්නයක් ඔබ අහලා තියෙන්නේ. මෙන්න මේකයි ඇත්ත. හමුදා චාරිත්‍රානුකූල විවාහ මංගල්‍යයක් පැවැත්වූ කෙනෙකුට දික්කසාද වෙන්න පුළුවන්. (එහෙම කරන්න බැහැ කියලා කාටවත් බැහැ නීතියක් දාන්න. එය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්) නමුත් හමුදා චාරිත්‍රානුකූල විවාහ උත්සවයක් ගත් කෙනෙකුට, දික්කසාදවී නැවත විවාහවීම සඳහා හමුදා විවාහ උත්සවයක් ගන්න බැහැ.

      ඇගයීම ගැන ස්තුතියි.

  22. කඩුව තහනම් නම් ඔබතුමාගෙ කඩුවත් විශ්‍රාම යන අවස්ථාවේදී භාර දියයුතු නැද්ද?

    කඩු ගැන හිතනකොට මට කල්පනා වෙන්නෙ මේක,
    ඕනෑම දෙයක් ප්‍රගුණ කිරීමේදී තමයි එහි හැකියාව වැඩි වෙන්නෙ. කඩු වලින් සටන් කරපු ඉස්සර කාලෙ කොතරම් දක්ෂයන් සිටින්න ඇද්ද?

    • ඒ කඩුව තබාගැනීම සඳහා විශේෂ අවසරයක් තියනවා. ගෙවල්වල අලංකාරය සඳහා තබා ඇති විශාල, පිත්තල කාලතුවක්කු චාජර් කොපු වලටත් ලිඛිත අවසරයක් තියනවා.

      ඔලිම්පික් තරගයක් තියනවනේ කඩු සටන් සඳහා. (Fencing) ඒවා ක්‍රීඩා භාණ්ඩ මිස තුවාල වෙන ඒවා නෙවෙයි. ඒ ක්‍රීඩාව ලංකාවට හඳුන්වා නොදෙන්නේ ඇයි කියා මටත් පුදුම හිතෙනවා.

  23. Good article.thank you very mach.(sinhala liyanna bae.ekai me)

  24. කඩුව ගැන ගොඩක් දේවල් දැනගත්තා….

  25. විචාරක ගෙ ඉදිරිපත් කිරීමත් කරුණුත් බොහොම විශිෂ්ඨයි. ස්තූතියි.

  26. ජපානයේ කටානා කඩු තමයි මම හිතන්නේ කඩු තාක්ෂණයේ අග්‍රම ඵලය.ඔවුන්ගේ කඩුව නිශ්පාදය කළාට පස්සේ ඒක පොලිෂ් කිරීම සඳහා වෙනම කෙනෙක් වෙත යවනවා.ඔහු කඩුව පොලිෂ් කිරීම සහ මුවහත් කිරීම සිද්ධ කරනවා.ඔවුන් ළඟ තියෙනවා කඩුවේ තුඩ පොලිෂ් කිරීම සඳහා විශේෂ ගලක්.ඒ අය කියන විදිහට කඩුවේ වැදගත්ම කොටස තමයි ඒකේ තුඩ.මොකද ලෝකයට යොමු වෙන්නේ කඩුවේ තුඩ නිසා.ඒකට අපේ කඩු.මම දැකලා තියෙන චාටර්ම කඩු තියෙන්නේ අපේ රටේ.මිටනං මැණික් අල්ලලා වැඩ දාලා කැටයම් කරලා තියෙනවා.අපේ රටේ මිනිස්සුංගේ ගති කඩුවෙනුත් පේන්ඩ තියෙනවා.

    • මම හිතන්නේ අපේ රටේ කඩු නිපදවීමේ තාක්ෂනය මහනුවර යුගයෙන් පසු කඩා වැටුනා. එය දිගටම පවත්වාගෙන ආවානම්, ඒ පරම්පරාවල අයට නිසි තැන ලබාදුන්නානම්, අනිවාර්යයෙන්ම ජාත්තය්න්තර මට්ටමේ කඩු හදන්නට හොඳටම ඉඩ තිබුනා.

  27. අපි ලංකාවෙ යකඩ නිෂ්පාදනය කරපු හැටි සහ කාලය පිලිබඳව දැනගන්න පහත කඩ්ඩෙන්ම තියෙන ලිපිය කියවල බලන්න. යකඩ එපායැ කඩු හදන්න.ඒ කාලයෙ මැද පෙරදිග ඇතුලු යුරෝපයෙ රටවල තිබිල තියෙනව ඩැමස්කස් කඩු කියල තියුනු මුවහත් කඩු විශේෂයක්. එම තියුනු කඩු හදල තියෙන යකඩ අපනයනය කරල තියෙන්නෙ ලංකාවෙන් කියල කියනව.
    පහත ලිපිය ගත්තෙ නේචර් කියන වෙබ් අඩවියෙන්. එම පර්යේෂනය කරල තියෙන්නෙ ජිල් ජුලෙෆ් කියන බටහිර කාන්තාවක් විසින්.
    An ancient wind-powered iron smelting technology in Sri Lanka

    GILL JULEFF

    Samanalawewa Archaeological Project, Archaeological Department of Sri Lanka, Sir Marcus Fernando Mawatha, Colombo 7, Sri Lanka and University College London, Institute of Archaeology, 31–34 Gordon Square, London WC1H 0PY, UK

    BEFORE the development of the blast furnace, iron smelting was achieved by ore reduction at temperatures below the melting point of the metal, forming an agglomerated ‘bloom’ of low-carbon iron and slag. The forced-draught (bellows-operated) shaft furnace known from archaeological studies is usually regarded as the pinnacle of this early smelting technology1–3. Examples of natural-draught furnaces, in which gas buoyancy in a shaft of sufficient height induces a draught adequate to drive the smelting process4, are also known, but are generally regarded as disappointingly inefficient by comparison5. Here I report the discovery and excavation at Samanalawewa, Sri Lanka, of a previously unknown furnace type. The furnaces are all situated on the western margins of hills and ridges, where they are exposed to the strong monsoon winds. Field trials using replica furnaces confirm that this furnace type uses a wind-based air-supply principle that is distinct from either forced or natural draught, and show also that it is capable of producing high-carbon steel. This technology sustained a major industry in this area during the first millennium AD, and may have contributed to South Asia’s early pre-eminence in steel production
    http://www.nature.com/nature/journal/v379/n6560/abs/379060a0.html

    • ඔබට හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අගනා අදහස් එකතු කර ලිපියට ආලෝකයක් ලබාදීම පිළිබඳව.

      මගේ මතකයේ කොනක කොතැනක හෝ තිබෙනවා, විදේශීය මහාචාර්ය වරියක ලංකාවට පැමිණ, බලන්ගොඩ පැත්තේ ඉතා ආදී කාලීන යපස් උණුකළ තැන් සොයාගෙන, ස්වභාවිකව හමන වේගවත් සුළං මගින්, ගිනි රස්නය පවත්වාගෙන යන පෝරණු විශේෂයක් මගින්, ආදී සිංහලයා යපස් උණුකළ බව ඔප්පුකර පෙන්නුවා.

  28. ඇත්තටම අපි නොදන්න කරුනු ගොඩක් දීර්ග ලිපියකින් විස්තර කිරීම ඉතා විශිෂ්ටයි සර් කියල තමයි කියන්න තිබෙන්නෙ.
    විචාරක තුමනි,මේ වගේ ලිපියක් කරුනු සොයල,ලියල අපිට කියවන තත්වයට ගේන්න දින කීයක් විතර ගත වෙනවද?
    අපි නම් ඉතිං කියවල කොමන්ට් එකක් දාන එක විතරනෙ කරන්නෙ.පොඩි අදහසක් ගන්නයි මෙහෙම අහන්නෙ.
    උඩ දකුනෙ පින්තුරෙ දැක්කම තමයි දැනගත්තෙ යුද්දෙ සැරටම නැගල යන කාලෙ තමයි ඔබ තුමත් විවාහ දිවියට ඇතුල් වෙලා තියෙන්නෙ.

    • මේ ලිපිය ලියන්න පටන්ගත්තේ මාසෙකට එකහමාරකට විතර ඉස්සර. සාමාන්‍යයෙන් මගේ බොහොමයක් ලිපි ලියා අවසන් කරන්න මාසයකට වඩා වැඩි කාලයක් යනවා. මාස හතරකට කලින් පටන්ගත්ත ලිපියක් තවම තියනවා. එය ඉතා දුෂ්කර යුද න්‍යාය පදනම් කරගත් ලිපියක්. සමහර දවස්වලට හරිම කම්මැලියි ලියන්න. එදාට කරන්නේ වෙන අයගේ බ්ලොග් කියවන එක විතරයි. පින්තූර එකතු කිරීම සහ සංස්කරණය කිරීම තමයි එපාම වෙන වැඩේ. මොකද මගේ අදහසට හරියටම ගැලපෙන හෝ ඒ ආසන්නයෙන්වත් යන පින්තූර හොයන්න සමහර වෙලාවට හරිම අමාරුයි.

      දැක්කා නේද උඩ පින්තූරේ……… යුද්දේ මැද්දේ, සද්දේ සමග ආමි කාරයා බැද්දේ පැද්දේ 😀 😀

  29. සර් ,කොලබ අවොත් හෙට INCO එන්න,අපි සටන් කරන හැටි බලන්න,වටිනා ලිපියක්,ආසාවෙන් කියෙව්වේ

  30. There is a problem in my Sinhala translator.

    First thank you for the very interesting information as your other posts,

    This is not directly related to the post. But regarding a simple but BIG information about the “ගැමුණු කුමාරයා සොළීන් ජයගැනීමට ගිය සටනේදී, කඩු මුවහත් කළායයි කියන ගල”

    Do you agree with this statement? Because,

    The stone is located in the nearly the centre of the city, which owned by the king “Elara” before the war.

    Also according to the history final war was only a fight between two kings. But there were many big wars outside the Anuradhapura before the last fight between two kings. So, there is no way and no need to use a stone in others territory by the king Dutugamunu.

    Because of this logical conflict (and there is no information near the stone), I asked this question when I visited there (several years ago) form a monk or a person (cannot remember exactly). Answer was, this was owned by the soldiers of the king “Elara” but not the king “Dutugamunu”.

    Because of that it is better to state : “Other historians and archaeologists believe that the location is close to Kaduruwela near Polonnaruwa, where the ruins of an ancient fortress have been found” (http://en.wikipedia.org/wiki/Vijithapura)

    • Thank you so much for this contribution and the valuable information. I must honouly tell you that I have just gone behind the story and did not checked the reality or the argument behind the same. I know that each and everything even in ‘Mahavamsa’ is not correct. Here what I did was just mentioned that thera is such a place which connected with the history of Sri Lanka.

      Appreciate again your ideas.

  31. විචාරක තුමා මාර හැන්ඩිනේ ඒ කාලේ.විචාරකතුමිය කඩු සටන් කරන්න ඇති අහල පහල ගැටිස්සියන්ගෙන් බේරගන්න.;) හැමදාමත් වගේ නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා මේ ලිපියෙන්.ඔබේ මහන්සියට ස්තූතියි…

    • අපි ඉතින් අදටත් සිනමා නළු බට්ටෝ වගේ පෙණුමයි. 😀 😀 අප්පොච්චියේ අපේ ඇත්තී කටෙන් කරන කඩු සටන් එක්ක මට හැරෙන්නවත් බැහැ. 😀

      ස්තුතියි ඇගයීම ගැන.

  32. සමරසේකර said:

    වැදගත් කරුණු තියෙන වටිනා ලිපියක් , නොදන්නා කරුණු බොහොමයක්ම දැන ගත්තා.ඒ වගේමයි තව හොඳ comments ටිකකුත් තිබුනා.මේක හරියට මේ විෂය ගැන පොතක් කියෙව්වා වගේ.ඔබට බොහම ස්තුතියි.

  33. ලිපියෙන් වගේම, කමෙන්ට්ස්වලට දී තිබුණු පිළිතුරුවලිනුත් හුඟක් කරුණු දැනගත්තා. හුඟක් මහන්සි වෙලා සැකසූ ලිපියක්. බොහොම ස්තුතියි.
    අර සිංහ රෙජිමේන්තුවෙ අය විනාඩියට පියවර 140ක් ගනින්නෙ කොහොමද?

    • අදහස් දැක්වීම ගැන ස්තුතියි. බුද්ධිමත් පාඨකයන් නිසා මෙවැනි ලිපි වඩාත් පෝෂණය වන අදහස් එකතුවෙනවා. එය මට මහත් සතුටක්.

      සෑම රෙජිමේන්තුවකම ගමන්වේගය පුහුනුවෙදීම කියාදෙනවා. වම, දකුණ, කියා කියන වේගය අඩු වැඩි කිරීමෙන් නිවැරදි වේගය සකසා දෙන්නට සරඹ උපදේශකයන් දන්නවා.

  34. අඩෙ එ කාලෙනම් හෑන්ඩිය වගෙ ඉදලතියෙනව නෙ.බොහොම ස්තුතියි ලබා ඩුන්න දෑනුමට

  35. සැහෙන දැනුමක් ලැබුවා මේ ලිපියෙනුත්. ප්‍රතිචාර වලත් සෑහෙන දේවල් තියෙනවා නොදන්න. නරකද මේ වගේ ලිපි හැමෝටම කියවන්න පුළුවන් විදියට විකියට දැම්මොත්? කාර්යබහුලකම නිස පරණ ලිපි වලට ප්‍රතිචාර දක්වන්න බැරිවුණත් ඔබේ බ්ලොගය මගේ බ්ලොගයේ එල්ලගෙනයි ඉන්නෙ මගහැරෙන එක වළක්වන්න 😀

    • මම බොහොම සතුටු වෙනවා ඔබේ දැණුම වර්ධනයවීම පිළිබඳව. ඇගයීම ගැන ස්තුති කරනවා ඔබට. විකියෙහි දැමීම ගැන සලකා බලනවා. ඔබට වෙලාව ලැබෙන හැටියට පරණ ලිපි කියවා ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලනවා.

  36. මමත් ඔවැනී හමුදා කඩුවක් පළමුවෙන් ඇල්ලුවේ යාලු ලුතිනන් කෙනෙක්ගේ එකක්. ඒ වගේම මම ගොඩක් අසාවෙන් හිටියේ එකඅල්ලලාම බලන්න (කඩුව). නමුත් මට හිතුනේ මේ මොන මොකක්ද අනේ මේ කියල නිකන් සුදු යකඩ පටියක් විතරයි. තත්වයෙන් ඉතාම බාල, එකක්. අඩු ගානේ හමුදාවේ තත්වේ තියාගන්නවත් නියමිත ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන තැනකින් ගන්න තිබ්බා. අපරාදේ කොල්ලොන්ගේ සල්ලි

    • ඔබට වැටහෙන්න ඇති මම කිව්වේ ඇත්තද බොරුද කියලා කඩු වල ප්‍රමිතිය ගැන. අනික් ඔක්කොම රටින් ගෙන්නන්න පුලුවන්නම් ඇයි මේක විතරක් බැරි? මෙහෙ ඔය කඩු හදන කම්මල් කාරයෝ කාගේ ගොලයෝද දන්නේ නෑ. ‘හඩු කඩු’ 😀 😀 හදනවා මදිවට ඒවා සල්ලි වලට ඇඟේ ගහනවා. නියම ජාත්‍යන්තර ප්‍රමිතියේ ‘බොඩි ආමර්’ හදන දේශීය සමාගමට වල කපන්න හැදුවා.

  37. ඇනෝපිලිස් said:

    මෙන්න මම ආසම විෂයක් ………. මේ ලියන මොහොතේත් මගේ කාමරේ කඩු තුනක් තියනවා ……. එත් මේ හමුදාවේ කඩු ගැන මෙහෙම විස්තරයක් ඇහුවමයි … බොහොම පිං වෙන මහන්සියට ………….

    • මොනවද ඒ කඩු වලින් කරන්නේ? පරෙස්සමෙන් තියාගන්න.

      ඇගයීම ගැන ස්තුතියි.

      • ඇනෝපිලිස් said:

        කාලෙක ඉඳන් සටන් කලා දෙක තුනක්ම හදාරනව නේ ………. ඔය මුල්ම පින්තුරේ වගේ සිංහල කඩුවකුයි තුන්වෙනි පින්තුරේ වගේ සමුරායි කඩුවකුයි තව චීන පළල් කඩුවකුයි තියනවා ……. ඔව් ඔව් මම ඒවා පරිස්සම් කරන්නේ මගේ ඇස් දෙක වගේ ….


  38. මේ කඩු ද?

  39. Dear sir
    Sinhala typing function is disabled in this computer (i don’t own it) so i apologize for typing in English.
    Reading about your article on swords and their function in armed forces, made me think about the time people used to fight with sharp weapons instead of artillery and sniper rifles where you cannot even see your enemy. as a military officer do you think that a soldier would need more courage to march in to a war with swords and battle axes and spears instead of all these modern armaments?
    I am fascinated with warfare in old times, specially the way they used to fight in ancient Sri Lanka. I mean no disrespect by this but i feel that a warrior who faces an enemy on the field with a sword would need more courage than the modern warrior armed with weapons capable of destroying enemies that he cannot even see. (I have no experience or knowledge about warfare. please consider these as ravings of a madman if they offend you or our heroic army in any way)

    • Dear Siththara, You are surely helpless if you do not own the Computer which you are using. Well, nowadays we are bundled with a very big number of rules and regulations which internationally accepted in almost all battle related scenarios. Therefore we can’t send a soldier with a sword or, cutlass, or any other similar type weapon to the battle field for his duty. I really believe that those who fought the battles with swords had a much more courage than the present soldiers. On the other hand we should not forget that brave soldiers in the modern armies, doing a wonderful job in deep penetration attacks with extremely limited facilities and the not 100% assured to evacuate from the enemy territory if something goes wrong. Therefore you need a really big courage to engage with that kind of operations.

      Well our historical heroes did their scarification for the motherland without any hesitation and we salute them for ever. I believe that you may heard about Long Range Reconnaissance Patrols = LRRP. These patrols are consisting very limited number of men mostly 8 members or below. In some occasions no one return even after the mission is successfully accomplished. Therefore it is difficult to compare the ancient soldiers with modern soldier.

      Thank you so much for your contribution.

  40. අද තමයි මේක කියවන්න පුලුවං උනේ. මාර විස්තර ටිකක් තියෙන්නෙ ලිපියෙ සහ සමහර කොමෙන්ට් වල.
    ඉතිං ඒ ටික කියවල නිකං යන්නෙ කොහොමද. ඔන්න මාත් කඩුව වැනුව. 😀

  41. බොහොම අගෙයි… තුමනි, මට කොටන්න අවසර.. .තුමනි.. (කඩුවෙන් නෙමෙයි බොල)

  42. I am sorry to comment here instead of the appropriate place, but for some reason or other, there is no link to comment right after your comment about the length of steps.
    if a normal soldier steps with 22 inch step, i guess that the singha regiments’ soldiers would need to step shorter. how short is the step?
    why do they do it differently? is it a tradition among the rifle regiments like wearing black ?

    could you please explain these facts.

    • There’s nothing to worry about Siththara. What actually happening is, if Sinha soldiers are going to take 22″ steps in 140 speed, they may go like an express train. (I am telling you with practical experience) Then the parade will be spoiled, because you can’t keep necessary gaps between other regiments. Therefore we used to ask Sinha soldiers not to brake the rhythm of 140 and take steps shorter than other regiments. However, if it is only a Sinha parade, yes Sinha soldiers are marching like rifle bullets. Anywhere in the World, Rifle Regiments are marching on a higher speed than other regiments. Thank you very much for your inquisitiveness.

  43. WICHARAKA———–WHY DONT YOU SEND THIS VERY VALUABLE ARTICLE TO PRINT MEDIA IN SRILANKA?TRANSLATE THIS TO ENGLISH & PUBLISH IN ENGLISH LANGUAGE PAPERS AS WELL.PEOPLE WHO HAS NO ACCESS TO INTERNET CAN ENJOY THIS ARTICLE .THANKS FOR SHARING YOUR KNOWLEDGE & EXPERIENCE.

  44. සර්, ගොඩක් පිං මේක මෙහෙම පැහදිලිව පල කලාට. මමත් සර්ගෙ පාරෙ යන පොඩි කැඩ්ඩෙක්. Parade square එකේදි DIලා උගුර කඩාගෙන කෑගහලා ඉගැන්නුවත් මේකගැන හරියට ඔලුවට වැ‍ටුනේ සර්ගෙ මේ නිහඬ ඉගැන්වීමෙන් තමයි. සර්ගෙ අත්දැකීම් මගේ අනාගතයට උදව්වක් කරගන්න ලැබිම මට සතුටක් වගේම ගෞරවයක් සර්.

  45. කඩුවෙන් කරන සෙල්ලම් අම්බානකත් තව පොඩ්ඩක් තියෙනවා නොවැ. අපිත් එක්ක මේ විස්තර බෙදා ගත්තාට ස්තුතියි.

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ත්‍රිවිධ හමුදාවට කඩු නිෂ්පාදනය කරන්නේ ලංකාවේ කඩුවල ආකෘතිය අනුගමනය කරලාද එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍ය කඩුවල ආකෘතිය අනුගමනය කරලාද ?

    • අපොයි කඩුවෙන් කරන සෙල්ලම් බොහොමයි. ඒවා නොලිව්වේ ලිපිය අනවශ්‍ය විදිහට දිග්ගැහෙන නිසයි.

      අපේ හමුදාවට කඩු හදන්නේ බ්‍රිතාන්‍ය ආකෘතියට අනුවයි.

  46. පලමුව ඔබතුමගේ ලිපියට ස්තූති කරනවා. ඒ වගේම අසා දෑනගන්න දේවල් ටිකකුත් තියනවා.

    හමුදාව කඩුව බාවිතා කරන්නේ සරඹ සදහා පමණද ? නෑත්නම් කඩු සටන් පුහුනු කිර්‍රමත් සිදුකරනවාද ?
    හමුදා විවාහ උත්සවයකදි අනුගමනය කරන වෙනත් පිලිවෙත් තියනවාද ? වෙනත් ලිපියකින් හෝ ඒ ගෑන විස්තර කරන්නමෙන් ඉල්ලා සිටිනවා (හමුදා විවාහ උත්සවයක් සිදුකරන ආකාරය).
    විශ්‍රාම යාමේදි රෑගෙන යා හෑක්කේ කඩුව පමණ්ද ? නෑත්නම් තමා බාවිතා කළ පිස්තෝලයත් රෑගෙනයා හෑකිද ?

    සාම්ප්‍රධායික කටානා කඩුවක් නිශ්පාදනය කරන ආකාරය මෙහි දෑක්වෙනවා.

    • සමාවන්න පලමු ගෑටලුවට පිළිතුර ලිපියේ තියනවා. නමුත් කියවද්දි මට එය මගහෑරිලා.

    • අපේ හමුදාව විතරක් නෙවෙයි ලෝකයේම හමුදා වලට කඩු සටන් උගන්වන්නේ නැහැ. අද කාලයේ කවදාවත් යුද්ධයකදී කඩුවෙන් සටන් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කඩුව කියන්නේ නිලධාරියකු සතු අධිකාරි බලයේ සංකේතයයි. එය භාවිත කරන්නේ විවිධ හමුදා පෙළපාලි වලදී සරඹ දැක්වීමට පමණයි.

      යුද හමුදා මූලස්ථානය විසින් සකස් කරන ලද හමුදා විවාහ උත්සව පිළිවෙතක් තිබෙනවා. ඒ ගැන පසුව ලිපියක් ලියන්නම්.

      විශ්‍රාම යාමේදී ලැබෙන්නේ කඩුව පමණයි. පිස්තෝලය හමුදාවට අයත් ගිනි අවියක් නිසා එය ලැබෙන්නේ නැහැ.

      කටානා කඩුව හමුදා භාවිතයේ නැහැ මම දන්නා තරමින්.

  47. අංග සම්පූර්ණ බ්ලොග් පෝස්ටුවකි. නොදන්න කරුණු හුඟක් ඉගෙන ගත්තා. සුබ පැතුම්. හමුදාවෙ කෙනෙක් මැරුණම + එයාලගෙ විවාහයකදි එහෙමත් කඩු භාවිතා කරනව නේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: