විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  1334847449Iu6MHdඔන්න පෙරුම්පුරා මග බලාසිටි විදුලි බිල ආවා. අනේ දේවීගේ දෙමවුපියන්ට පින්සිද්දවෙන්න, දේවීගේ පරම්පරාවම නිවන් දකින්න, දේවීගේ ලොක්කාගේ පොල් රැවුල තවත් වැවෙන්න, පොල් රැවුල් ලොක්කා ඉක්මනින් චුත වෙන්න, මෙන්න විදුලි බිල අද ආවා. හැබැයි දෙවීගේත් ලොක්කාගේත් ගඳ ගහන දේශපාලන හෙළුව මේ විදුලි බිලත් එක්කම අපේ අතට ආව එකනම් අප්පිරියාවේ බැරුවාය.  කිව්වෙනම් මේ මාසයේ සිට වැඩි වෙනවා කියලාය. නමුත් අප්‍රේල් මාසයටත් ඇරියස් එකක් දාලාය. අපි ගෙවපු බිල් නොගෙවූ ලෙස මුලින් පෙන්නලා ඊළඟට ගෙවුබව පෙන්වන්නේ නිකම් අපිට ගෙම්බර් දාන්නද? නැත්නම් දේවීත් ලොක්කාත් පුස්සී සහ පුස්සා කියා පෙන්වීමටද? කොහොම වුනත් බිල තියෙන්නේ මෙන්න මෙහෙමය.

img106ඒකක 150 ක් සඳහා ගණන් බලා තිබෙන්නේ ඒකකයක් රු 26.42 ක පමණ මුදලකටය. මීට වඩා ඒකක ගණනක් වැය කල පහුගිය මාසවල අයකිරීම මීට අඩුය. මේ තියෙන්නේ.

img107අනේ අර විදුලි බිල වැඩි කිරීමට පක්ෂව පෙළපාලි ගිය ‘මහින්ද කහඳගම’ උන්නැහේ සහ අම්බරු පිරිස තම තමන්ගේ විදුලිබිල දැක හබරල කොළ කෑ මීහරකුන්ගේ තත්වයට පත් නොවන්නේද? මුන්දෑලාට කොටන්න ගොන් කවඩිවත් නැති හැටි. අලුත් අග්ග මහා පණ්ඩිත කඹුරුගමුවේ වජිර උන්නාන්සේත් ආවඩා ආයිබෝවා කියනවා රූප පෙට්ටියේ දැක්කෙමි. හොඳා හොඳා හිමියනි. ආයේ කවද්ද ඔහොම අග්ග මහා පණ්ඩිතකම් ලැබෙන්නේ. මාමාගෙන් මිසක්. අර පෙළපාලි ගිය කහඳගම උන්නැහේ සහ පිරිසට කොරන්න වැඩක් තිබේය.

  • තමන්ගේ විදුලිබිල ගන්න.
  • එය වරක් කියවා බලන්න.
  • දෙවරක් කියවා බලන්න.
  • තුන්වැනි වරටත් කියවා බලන්න.
  • පසුගිය බිල හා සංසන්දනය කර බලන්න.
  • එදා පෙළපාලිය වෙනුවෙන් ලැබුණු පුද පඬුරුවල (අරක්කු,බත් පැකට් ආදිය ලැබුනානම්) අගය ගණනය කර බලන්න.
  • විදුලිබිලේ වැඩිවීම ඊට වඩා අඩුද වැඩිද කියා බලන්න.
  • දැන් විදුලිබිල සීට්ටුවක් මෙන් රෝල් කරන්න.
  • තව හීනියට රෝල් කරන්න.
  • තවත් හීනියට රෝල් කරන්න.
  • දැන් එදා පෙළපාලිය පටන්ගත් තැනට ඇවිත් දෙකට නැවී ඒ විදුලිබිල ඔබේම ……….ගහගන්න.

My Signature for Blog2013 ජූනි මස 3 වැනිදින 1155 පැය

Comments on: "ආවා ආවා….මෙන්න බඩු ආවා………." (67)

  1. තමන්ගේ විදුලිබිල ගන්න.
    එය වරක් කියවා බලන්න.
    දෙවරක් කියවා බලන්න.
    තුන්වැනි වරටත් කියවා බලන්න.
    පසුගිය බිල හා සංසන්දනය කර බලන්න.
    එදා පෙළපාලිය වෙනුවෙන් ලැබුණු පුද පඳුරුවල (අරක්කු,බත් පැකට් ආදිය ලැබුනානම්) අගය ගණනය කර බලන්න.
    විදුලිබිලේ වැඩිවීම ඊට වඩා අඩුද වැඩිද කියා බලන්න.
    දැන් විදුලිබිල සීට්ටුවක් මෙන් රෝල් කරන්න.
    තව හීනියට රෝල් කරන්න.
    තවත් හීනියට රෝල් කරන්න.
    දැන් එදා පෙළපාලිය පටන්ගත් තැනට ඇවිත් දෙකට නැවී ඒ විදුලිබිල ඔබේම ……….ගහගන්න.

    *****************************************************

    siraama talk eka…!

    ( mage sinhala kela welaa )

  2. අදුරින් පිරි ආනගතයක් අත ලගය .. සුභ ආනගතයක් කිවේ මේකටද , අහෝ චින්තය !!!!

  3. ක්සැන්ඩර් said:

    මාමා එයාගේ ආතල් වියදම් අපෙන් අල්ලන හැටි නං හරිම හිරිකිතයි. මාමට ඔය ටික තේරෙන්න නං ඉතින් තව චිරාත් කාලයක් යයි. එතකං අපට මාමාගේ රැවුල් දෙය්යන්ගේ පිහිටයි.

    • චිරාත් කාලය අඩුකරන්න ඕනේ අපිම තමයි.

      • මෙහෙමයි විචාරක, චිරාත් කාලය අඩු කරන්න බැරි ඇයි කියන්නද
        ඔය විදුලි බිලේ වැඩිවීම අද ලංකාවේ බහුතරයකට මෙහෙමයි.
        ඔබ ගණන් හැදුව වගේ හදනවා, ඊට පස්සේ එදා ලැබුන පුද සත්කාර ටික අඩු කලාම අනිවාරියෙන් තවම වෙනස වැඩිනේ.ඊට පස්සේ රජ තුමාගේ හෙන්චයියෝ නිසා ලැබෙන අමතර අදායම් ටික අඩු කලාම ඔය වැඩිවීම වගේ දෙතුන් ගුණයක් ලාබයි.මොකද අද ගොඩක් දෙන ඔය යන දුෂණ චක්‍රයෙන්ම නේද ජිවත් වෙන්නේ…

  4. තව මදි තව මදි …. තව තියලා ඇ…..පන් ……… ! කමෝන් ….. කෝ මේ දේශප්‍රේමි ජනතාව ……

  5. මම පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ පවුල ගැනම සිතමි…ඇති තරම් හොරා කමි…ඒ බර අහිංසකයින්ගෙ උර මත පටවමි, දරුවන්ට රෝල්ස් රොයිස් සහ රොකට් අරන් දෙමි. මම ජාතියේ ආඩම්බර කාර මහඑකා වෙමි.

  6. පිස්සු හැදෙනවා අම්මපා මේ වැඩ වලට නම්..විදුලි බිල වැඩිවීම ලංකාවෙන් පිට අපිටත් සැරේට දැනෙනවා.වෙනදා ගෙදර වියදමට යවපු ගානට වැඩියෙන් දැන් යවන්ඩ වෙලා…බේබිලාට කියමු තව තව නයිට් කාර් රේස් පදින්ඩ කියලා……

  7. ඔය අන්තිමට කියල තියෙන ටික කරගන්නවත් උන්දැලට මොළයක් කියල එකක් තියෙන්න එපැයි.

  8. මා දකින වැරදි 2ක් තිබෙනවා. එකක් මණ්ඩලේ දූෂිත බව. අනෙක විදුලිය හදන රෙසිපියේ වරද (http://duupath.blogspot.com/2012/09/blog-post.html), චම්පික වගේ දුෂණය අඩු ලොක්කෙක් ආවත් රෙසිපියේ වරද නිසා දිගටම ලාභ ලැබිය නොහැකියි.

  9. බුදු අම්මේ බිල වැඩි වෙන්නත් කලින් හයදාස් ගානක බිලක් ආවෙ මොනවා කරලද විචාරක මහත්තයො.. ගෙදර මේස පුටු, පිගන් කෝප්ප ඔකොම ඉලෙක්ට්‍රික්ද 🙂

    අපිටත් ආවා දෙදහස් ගානක බිලක් ඊයෙ..මණු කියවන්නා බොහොම කාරුණිකව කිව්වලු ලබන මාසේ ඉඳලා හාරදාහක විතර එකක් එයි කියලා.. කාටද ආඩම්බර.. 🙂 ආඩම්බරකාර තාත්තගෙ ආඩම්බරකාර දරුවො වෙච්ච අපිට මිසක් වෙන කාටද ?

    • ගෙදර බඩු ඔක්කොම වීසි කරන්න හිතුනා අහසින් ගිහිල්ලා දේවිගේ මූනේ වදින්න. ආඩම්බරකාර තාත්තගේ අවජාතක දරුවෝ තමයි මේ මිල වැඩිකිරීම කලේ.

  10. අන්තිම උපදෙස් ටික මරු!

  11. අපිට ලයිට් බිල මතක නෑනේ. අපි හරක් මරණවට අන්‍යාගමිකකරණයට විරුද්ධව පෙළපාලි යනවා. මස් කඩ වලටක් ගහනවා. ඒ අතරෙ අළුත් ව්‍යවස්ථාවකට කෙටුම්පත් කරනවා. ලයිට් බිල කියන්නෙ මොකද්ද?

  12. ලිට්ල් ජෝන් said:

    ඇත්තටම මේ ආශ්චර්යමත් දේශයේ තියන පුදුමය මේකම තමයි.මොනතරම් ජනතාවට හානිකර පනත්කෙ‍ටුම්පත් ගෙනාවත් තීන්දු තීරන ගත්තත් ඒවාට එකහෙලාම මනාප ජනතාවක් ඉන්නවා.එතකොට මේ රටේ විරුද්දවෙන කොටසක් නෑ වගේ තමා ජනතාව දකින්නේ. මේවා මේ දේවල් ලස්සනට අවස්තානුකූලව නාටකයට එකතුකරන්නට පොල් ‍රැවුලා දන්නවා.චන්ද කාලයට විතරක් නෙවෙයි තුන් කාලයම සිහිනුවනින් තමාගේ බලය රකගන්නට ලස්සන කැම්පේන් එකක් කරනවා.අම්මපා ලේ නහර කකියනවා.

  13. මරා ඉතිං අහුවෙන අහුවෙන එකා මිරිකන එකනේ වැඩේ. දැන් ඉතිං ඔය අතගාලා මිරිකල තියෙන්නෙ. මෙහෙම ගියොත් ලයිට් බිල් වතුර බිල් ටෙලිෆෝන් බිල් ගෙවල ඉවර උනාම මිනිස්සුන්ට මාසයක් කන්න 2500 වත් ඉතුරු වෙනකන් නෑ, හම්බුවෙන හිඟන පඩියෙ හැටියට.

    අපෙත් ගියමාසෙ බිලේ යුනිට් 130 කට 1928.64 ක් තිබුන. පත්තරේ තියෙනව මම දැක්ක යුනිට් 90 යි 91 යි අතරෙ රුපියල් දාහක විතර වෙනසක් තියෙනව කියල.

    • පෙලපාලි ගිය උන්ගේ ලයිට් බිල් ටික එකතු කරලා දෙකට බෙදලා හොදට රෝල් කරලා ඒ දෙන්නටම තමා අර වැඩේ කරන්ඩ ඕන

  14. පිෂ්ෂුද විචාරක මහත්තය,එයාල චින්තනේ රෝල් කරල ගහගෙන ඉද්දි,ඔය කන් හැන්දක් වගේ තියෙන විදුලි බිල ගහ ගන්න ඉඩක් නැහැ.
    දේවිට මුළු ලංකාවෙම බිල් ටික රෝල් කරල ගැහැව්වත් ගානක් නැහැ මුණයි අතනයි පොල් රැවුලට සුරතල් නිසා.
    මොන මගුලක්ද අහන්නකො අහවල් FM රේඩියෝව,අපි ගෙවනව ශතයක් නෑර ඔබේ විදුලි බිල කියල පැයෙන් පැයට කියන්නෙ.

    • මම හිතන්නෙ කෙන්ජි අයියෙ දේවිට බැනල වැඩක් නෑ. එයා මේ අනුන්ගෙ පරිප්පු එයාගෙ පිඟානෙ දාගෙන වළඳනවා. මේකෙ තනිකරම පිටපත් රචකයො වෙනත් අය. ඒ ගෑනි කරුමෙ කරගහන් දඟලනව. අද හුඟක් ඇමතිලට වෙල තියෙන්නෙ ඕක තමයි. තමන්ගෙ අමාත්‍යංශෙ තමන්ම බල්ල වෙලා. අමාත්‍යංශෙට හෙන ගැහැව්වත් තමන්ට ලැබිල තියෙන වරදාන වරප්‍රසාද නිසා උන් කටයි -කයි වහන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නව.

  15. තව හාමුදුරු කෙනෙක් ගිනි තියාගන්න යනවලු ඕන්…

    ලයිට් බ්ල්…

    මගුලක් කතා කරනවා මෙයා ඉඳගෙන..

    අර හාමුදුරුවෝ ගිනි තියාගන්නකන් මම මේ බලන් ඉන්නේ…

  16. MEHI AWASAN WEKIYE … (PUKA) KIYA NOBIYAWA PALAKARANNA. APE MAHA KAI, KAKKA THUMA, PUKA GENA POST EKAKAMA LIYALA THIYANAWA. OHU, JOKKU, CHOO, JEE, PADA ADIYA GANATH HONDATA DANNAWA.

  17. මම බුකියේ මේක ශෙයාර් කිරීමෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළා..

  18. හෙනම ගහපන්. එන සැරෙත් කොලේ පුරෝල කතිරෙ නම් ගහනවමයි.

  19. හැහ්!

    රුපියල් තුන්දාහත් ගානක්ද අර පෙළපාලි ගිය උන්ට. ඔය බත් පැකට් වගේ එව්ව නෙමේ දැන් ලැබෙන්නෙ. එක පොඩි කෙල්ලෙක් දූෂනය කරන්න, පොඩි වාහනයක් උස්සන්න වගේ සොන්දුරු ආතල් නෙ දැන් දෙන්නෙ උදව්වට එන කොළුවන්ට. ඉතින් මෙයා මේ මොනා කියනවද මන්ද!

    එන පොට හොඳ නෑ, කෙල්ල ( දෙන්නම විතරක් නෙමේ වයසක හාමිනේවත් ) ගෙට ගනින් කිව්වලු විචාරක මහත්තයො.

  20. විචාරක මහතා මට පොඩි දෙයක් කියනවද ?ඔබ මේ තරම් පැහැදිලිව TELEKOM BILL එක scan කලේ කොහොමද කියල මට කියල දෙනවද ?මොකද සාමාන්‍යයෙන් scan කරම clear white background ekak ගන්න බැ නේද ? https://jangun.wordpress.com/2012/06/03/%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B8
    %E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A/(at මොකක්ද මේ ගැන හිතන්නේ post on 2012 ජූනි 3)

    please apologise me asking this in the wrong place

    • මා ළඟ ස්කෑන් යන්ත්‍ර දෙකක් තියනවා. එකක් Epson TX 121 Colour Printer, Scanner, Copier Epson TX 121
      දෙවැනි එක Samsung SCX-4521F Laser Digital Printer, Scanner, Fax, Copier.
      Samsung SCX-4521F
      මේ දෙකම ඉතා හොඳ ඒවා. මම බ්ලොග් ලිපි සඳහා වැඩිපුරම පාවිච්චි කරන්නේ Epson TX 121 යන්ත්‍රයයි. එය දැනට ලංකාවේ වෙළඳපොලේ රු 9000/- ක් පමණ වෙනවා. Samsung එක 34000 ක් පමණ වෙනවා.

  21. විදුලි බල මන්ඩලයේ පාඩුව මැකෙන තරමට වහා විදුලි බිල් ( අවශ්‍ය නම් තවත් ) වැඩි කල යුතුයි.

  22. මගේ මිත්‍රයෙක් හොඳ යෝජනාවක් කළා.ඔය ලයිට් බිල වැඩි කිරීමට පක්ෂ අයගේ විතරක් බිල වැඩි කරලා අකමැති අයගේ වැඩි නොකර ඉන්ඩ කියලා.අන්න එතකොට බලාගන්ඩ තිබ්බා නියම දේශප්‍රේමී ජනතාවගේ වැඩ කිඩ.

  23. කවුද අනේ ඔය කියන දේවි?

  24. මෙයට හොඳ දෙයක් කියන්නම්. ඔච්චර පාරවල් ගානේ “ශෝ” පෙන්නිය යුතු නැත.

    90 දශකයේ සිට මෙවන් අර්බුදයක් ඇති වන බවට ලියු ලිපි සොයා ගන්න ( “A” ලිපි ගොනුව ). එසේම ගල් අඟුරු ( වැඩි මනක්ම ගල් අඟුරු ), අලුත් ජල විදුලි ආදී නව බලාගාර වලට විරුද්දව ලියු ලිපිද සොයා ගන්න (“B” ලිපි ). අ වලට වඩා ඹ් ලිපි ගනන වැඩි වනු ඇත.

    A හා B ලිපි සියල්ලම ෆයිල් කවර දෙකක දමා ගන්න.
    විදුලි බිල ලැබුනු පසු B ලිපි වලින් කීපයක් ( සෑහෙන ගොඩක් අතරින් කීපයක් ) ගෙන හොදින් රතු මිරිස් කුඩු ඉස පශ්චාත් භාගය තුලට ඇතුලු කර ගන්න. පැයක් එලෙසෙම තබා එලියට ගෙන සුරකිව තබා ගන්න. ඉන් පසු අර A ලිපි ගෙන මුල සිට අගට හොදින් කියවන්න.

    විදුලි බිල ගැන තදබල කේන්තියක් ඇති වන හැම වෙලවේම මෙය කරන්න. එවිට දැනට ඇති බිල අඩු කිරීම කෙසේ වෙතත් අනාගතයෙදි මෙයට දස ගුනයක බිලක් ඒම වලක්වා ගැනීම වලක්වා ගත හැකි වේවි.

    • අතීතය වර්තමානය අනාගතය පදනම් කරගෙන තමයි ලියන්නේ. අපි කාගේත් බ්ලොග් අඩවි ෂෝ තමයි.

      අතීතයේ එවුන් වැරැද්දුවානම්, දැන් ඉන්න එවුන් කරන්න ඕනේ, කොමිස් කුට්ටි ගහලා කබල් විදුලිබලාගාර නොගෙන, බේබිලාට රෑට කාර් පදින්න විදුලිය විනාශ නොකර, ඩීසල් විදුලිබලාගාර එක්ක හොර ඩීල් නොගසා, සුදුසුකම් ලත් දේශීය විදුලි ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුව,කටයුතු කරමින්, මෙවැනි ජාතික ප්‍රශ්න වලදී පටු දේශපාලන තීන්දු නොගෙන සිටීමයි. එතකොට කාගෙ කාගේත් පස්සපැත්තවල් බේරෙනු ඇති. පම්පෝරි නොගසා, දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරි, කොයි දේශපාලන පක්ෂයේ කොයි ජගතාට වුනත්, අන්තිමට ජනතාවගේ පා පහරින් තමන්ගේ පස්ස පැත්ත බේරගන්න බැරි වෙනවා.

      • මම “ශෝ” කියා ඇත්තේ ඔය මහතාගේ බ්ලොග් අඩවිය ගැන නොව මහ පාරට ගොස් අර වැඩය කර ගැනීම ගැනය.

        ලන්කාවේ විදුලි බල අවශ්යතාවයෙන් 60% වත් විදුලිබල මන්ඩලයට දැන් සැපිරිය නොහැක. එවිට කොමිස් ගසා හෝ නොගසා පුද්ගලික විදුලි බලාගර වලින් දෙන මිලට විදුලිය ගන්නට සිදු වේ. නැත්නම් කලුවරේ ඉන්නට සිදු වේ.

        ඔය හොර කොමිස් ගැසීම, කබල් විදුලි බලාගාර ගනීම ගැන චෝදනා එල්ලවි අත්තේද අපේ මන්ඩලයේ දේශීය ඉන්ජිනෙරුවන්ටම බවද මතක් කර දිමට කැමත්තෙමි.

        බේබිලාට රෑට කාර් පදින්න විදුලිය දීමෙන් අපේ විදුලි බිල්පතට වෙන වෙනස ඉතා කුඩාය. නමුත් මෙයින් වෙන දෙශපාලන හානිය තේරුම් ගන්නට “ලොක්කාට” නොහැකි නම් එය අපේ ප්‍රශ්නයක් නොවේ. මගේ අරමුන ලොක්කාගේ පස්ස පරිස්සම් කිරීම නොවේ. අපේ පස්සවල් පරිස්සම් කර ගැනීමය. මෙවැනි ගැටළු වලදී මගේ පස්ස පමනක් පරිස්සම් කිරීමේ හැකියාවක් නොමැති නිසා මේ කරුනු ලියමි.

        විදුලිබල මන්ඩලයට ඇතිව තිබෙන තිබෙන තත්වයට ඇති හොඳම විසඳුම එය පුද්ගලික කරනය කර දැමීමය.

        මේ ජගතා පන්නා වෙන මොන ජගතා ගෙන්නා තිබ්බත් ජගතා කරන්නේ මොනවාදැයි නොබලා බකින්නිලාගෙන සිටින ජනතාවකට ඉන්නේ මොන ජගතා උනත් අවසනයේ අර මිරිස් කුඩු ක්‍රමය අනුගමනය කරන්න සිදු වේ.

        දැන් මේ විදුලි බිලට එරෙහිව සටන් කරන අපේ “වීරයන් රැල” එදා ගල් අඟුරු බලාගාර පිහිටුවිම කල් අරිද්දී වචනයක් වත් කියා තිබේද?

        පාදිලි උන්නාන්සේලාගේ, ප්‍රදේශිය දේශපාලකයන්ගේ බලයට යටත්ව චන්ද්‍රිකා හා රනිල් ගල් අඟුරු බලාගාර පිහිටුවිම කල් අරිද්දී හා පුද්ගලික (ඩීසල්) බලාගාර වලින් විදුලි ගැනිම ප්‍රතිපත්තියක් කර ගනිද්දී (මෙය නම් රනිල්ගේ ප්‍රතිපත්තියකි ) කවුරුත් එයට විරුද්දව පෙලපාලි ගියාද? දැන් අප විදින්නේ ඒ නිශ්ශබ්දතාවයේ ප්‍රතිපලයි.

        2016 වෙද්දී 500 MW ක් අලුතින් එක් කල යුතුව ඇත. මෙය වහා කල යුතු යැයි කියා කොහේවත් සටන් පාඨ ඇසී තිබේද?

        මෙන්න තවත් සිතන්නට යමක්. විදුලි බල මන්ඩලය පාඩු ලබනවා නම් අප (මහජනතාව ) ඒ පාඩුව කෙලින් හෝ වක්‍රව ගෙවමු. රජය කාට හෝ සහනාධාරයක් දෙයි නම් එයත් දෙන්නේ අපෙන්ම ගන්නා සල්ලි වලිනි.

        විදුලි බල මන්ඩලය නොව සියලුම පාඩු ලබන රජයේ ආයතන වල පාඩු අපිම (මහජනතාව ) ගෙවමු. මෙතෙක් කල්ද ගෙවා තිබේ.

        • අග සිට මුලට ආවොත්, කිසිදු රජයේ ආයතනයක පාඩු මහජනතාව දැරියයුතු නොවේ. වැරදි කළමනාකරණයට මහජනතාව පලි නැත. 1960 දශකයේ පමණ සිට සිදුවන්නේ මහජනතාවට බර පැටවීමයි.

          සහනාධාර දියයුත්තේ දේශීය සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාර වලටයි.

          දේශපාලන වාසි තකා විදුලිබල ව්‍යාපෘති නිසිකලට නොකළ කොයි එකාත් දේශ ද්‍රෝහියෙකි.

          විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සියඹලාපිටිය මහතා දින ගණනාවක් තිස්සේ වැඩසටහන් කීපයකින් ලංකාවේ විදුලි අර්බුදයේ තිත්ත ඇත්ත හෙලිකලා, TNL රූපවාහිනියෙන්. ඔහු ඉතා දීර්ඝ වශයෙන් අතීතයේ සිට සියලු සංඛ්‍යා ලේඛන, ලෝක විදුලිබල අර්බුදය, ආසියාවේ තත්වය, අපේ තත්වය විස්තර කළා. එහිදී ඔහු පෙන්වාදුන්න 90 දශකය දක්වාම මණ්ඩලය ලැබ ලබපු හැටි සහ ඉන්පසු පාඩු ලබන්නට හේතු. එහි නිලධාරි වාදයත් ඇතුලත්ව තිබුනා. නමුත් පැවතී රජයයන් විසින් කල වැරදි කළමනාකරණය කොයි තරම් බරපතල අපරාධයක්ද යන්න මනාව පැහැදිලි වුනා. පසුගිය එවුන් වැරදි නම් දැන් ඉන්න එකා ඒවා නිවැරදි කලයුතුයි. ඒවා රටට පෙන්වාදී නිවැරදි දේ නිසිකලට කරනවානම් දැන් ඉන්නේකාගේ පට්ට ගැහීමක් සිදුවන්නේ නැත.

          ජනතාව ජීවන සටනේ යෙදෙන නිසා දේශපාලන සටන් ව්‍යාපාර වලට ඇදගැනීම දැන් ඉස්සරට වඩා අමාරුයි. ජනතාව තුල ආත්මාර්ථය පෙරට වඩා සිය දහස් ගුණයකින් වැඩිවන පරිදි කපටි දේශපාලන ආර්ථික උගුල් අටවා තිබීම හේතුවයි. අපි ජනතාව එයින් මුදවාගෙන යලි යතාර්ථය වෙත ගෙන ඒමට අපේ ජීවිතකාලය තුල ක්‍රියාත්මක වියයුතුයි. විශේෂයෙන් මා වැනි දැනට නිදහස් ජීවිත ගත කරන පුද්ගලයන් මේ සඳහා විශේෂ කැපවීමක් කලයුතුයි.

          පුද්ගලික කරණය යටතේ විදුලි බිල ගෙවන්නට මම සූදානම් නැත. විදුලිබල මණ්ඩලයේ නාස්තිය දූෂණය අවම කරගතහැකි ආකාරය අර සියඹලාපිටිය මහතා කදිමට පෙන්වා දුන්නා. නමුත් දේශපාලන බම්මන්නෝ එය තේරුම් නොගැනීම කරුමයකි.

          බේබිලාට ටිකක් ඉඩ දුන්නොත් ඔටුවාට කූඩාරමට ඔලුව දාන්න දුන්න එකේ අනික් එක වෙනවා සිකුරුයි. ඒ නිසා බේබිලා බේබිලා විදිහට තබාගැනීමට අපි කටයුතු කලයුතුයි.

          නොරෝච්චෝලේට, සාම්පූර් වලට කොමිස් ගහොවේ ඉංජිනේරුවෝ නොවේ. සමහර රටවල් ලංකාවේ කොන්ත්‍රාත් ගන්න අකමැති ඇයි කියලා හොයා බලන්න. (කොරියාව බැරිතැන දාලා ගියා. චීනා කරන්නේ 2.50 වැඩ ඒවා කල්පවතින්නේ නැහැ. දැන් අර කුප්‍රසිද්ධ අධිවේගී මාර්ගය රැලි වැටෙමින් තියනවා වගේ)

          මහපාරට ගොස් උද්ඝෝෂණ කර ජනතාව අවදි කරවීමනම් ෂෝ එකක් නොවේ. එය තවත් විශාල දේශපාලන අරගලයකට මුලපිරීමක් නොවුවහොත් රාජ පාලනයකට යටත්වීමට සිදුවනු ඇත. (හෙට අනිද්දට ගේන මාධ්‍ය පනත එහෙම බලන්නකෝ මොකද වෙන්න යන්නේ කියලා)

      • අග සිට මුලට ආවත් මුල සිට අගට ගියත් රජයක් නඩත්තු කරන්නේ මහජන මුදලිනි. රජයේ ආයතනයක් පාඩු ලබයි නම් එක්කෝ ඒ පාඩුව වසා දමන්නට සිදු වේ. නැත්නම් පාඩුව පියවීමට කොහෙන් හෝ මුදල් ලබා ගන්නට සිදු වේ. එය හරියට ඔබතුමාගේ නිවසේ මේ මාසයෙදී ආදායමට වඩා වියදම් වැඩි නම් එක්කෝ ඉතුරු කල එවා බැන්කුවෙන් ගන්නට සිදු වේ. නැත්නම් ගෙදර ගෙදර ඇති බඩුවක් විකුනන්නට සිදු වේ. නැත්නම් ණයක් ගන්නට සිදු වේ. රජය හෝ රජයේ ආයතන මීට වෙනස් නැත.
        රජයේ අයතනයක් පාඩු ලබමින් පවත්වා ගැනීමට නම් ඒ පාඩුව පියවා ගන්නනට කොහෙන් හෝ මුදල් සොයා ගත යුතුය. ඒ කුමන මාර්ගය ගත්තත් ආයතනය දිගටම පාඩු ලබයි නම් එහි බර දරන්නේ මහජනතාවමය.

        ඔය මහතා හා මහත්මිය වැටුප හෝ විශ්‍රාම වැටුප ගත් පසු මග දිගට ඇති දේශීය සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාර වලට රු. 100, 200 බෙදා ගෙන යාමේ සිරිතක් තිබේද?

        රජයෙන් “දේශීය සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාර” වලට සහන දෙනවනම් ඒ සහන දෙන්නේද අපේ (ඔබතුමාද ඇතුලු ) මුදලින් මිස “රජයේ” මුදලින් නෙමේ. සහනය දෙන්නේ රජය වුවත් ගෙවන්නේ අපිමය.

        රටේ ජනතාවගෙන් කොටසක් පැහැදිලිව විරුද්ත්වය දක්වන, අනිත් කොටසට ඒ ව්‍යාපෘතිය කෙරුනාද නොකෙරුනාද ගානක් නැත්නම් එවැනි ව්‍යාපෘති වලට රජයක් අත ගසන්නේ ඇයි? රජයන් පත්වන්නේ මහජනතාවගේ චන්දයෙනි. මහජනතාවට කුමක් උනත් මහජනතාවට ගානක් නැත්නම් දේශපාලකයන්ට ගානක් තිබිය යුත්තේ ඇයි? ආර්ථිකය ගැන සුලු හෝ දැනුමක් ලබා ගැනිමේ ඕනෑකමක් මහජනතාවට නැත්නම් දේශපාලකයන් ඒ දැනුම ලබා ගැනිමෙන් ඔවුන්ට වන වාසියක් නැත. ප්‍රසිද්ද චන්ඩියන්ට, ප්‍රසිද්දියේ මැර කතා දොඩවන්නන්ට ජනතාව චන්දය දෙනවා නම් දෙශපාලකයන් එවැනි වැඩ නොකර සිටීමෙන් ඔවුන්ට වන වාසියක් නැත. කෙටියෙන් කියනවානම් දුර නොබලන මහජනතාවක් සිටින විට දේශපාලකයන් දුර නොබලති.

        මේ කියන්නේ එකම සියඹලාපිටිය ගැන දැයි මට සැකයක් ඇත. මා දන්නා පරිදි ආචාර්ය තිලක් සියඹලාපිටිය මණ්ඩලයේ සැලසුම් අංශයේ (generation planner) මිස සභාපති වී සිටියේ නැත.
        ඔබ ඔහුගේ කතා ඇසුවා නම් “විදුලිබල මණ්ඩලයේ පාඩු මැකෙන පරිදි විදුලි මිල තවත් වැඩි කල යුතු බවට” ඔහු ලන්කාදීපයට කල ප්‍රකාශය එහි නොකල බව මට සිතා ගත හැක. ඔහු දිගු කාලයක සිට පුවත්පත් වලට ලිපි ලියන නිසා ඔහු කියු කරුනු වලින් සෑහෙන ප්‍රමානයක් මම අසා ඇති බවටද සැකයක් නැත.

        වැරදි නිවැරදි කිරීම ඔය කියනාතරම් ලේසි දෙයක් නම් එය මහා ප්‍රතිහාර්යකි. අනූ ගනන් වල ගල් අඟුරු බලාගාර සෑදුවානම් රුපියලට දෙකට විදුලි ඒකක ගැනීමට හැකි වුවත් දැන් එසේ නොහැක. දැන් බලාගාරයක් හදන්නට පටන් ගත්තොත් සාදා ඉවර වන විට ඒකකයක මිල රු. 15 වී තිබිමට ඉඩ ඇත. ලාභ පොසිල ඉන්ධන අතිතයේ තිබු සුන්දර මතකයක්ම පමනි.
        මෙය හරියට 70/80 ගනන් වල හමුදාව දැක දිවු කොටි 90 ගනන් වන විට හමුදා කදවුරු වටකර විනාශ කලා වැනිය. ප්‍රශ්න විසඳා නොතිබෙන විට ඒවා වැඩි දියුනු වේ. අන්තිමට ඒවා විසඳා දැමුවත් මුලින් තිබු තත්වය ගත නොහැක. සිදු විය යුත්ත වී හමාරය.

        පුද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ වාසි මොනවාදැයි, නිසි ලෙස ආර්ථිකය හසුරුවන්නේ කෙසේ දැයි ඔබට කියාදෙන්නට මට සුදුසුකම් නැත. මහජනතාව යලි(?) යතාර්ථය වෙත ගෙන යන්නට ඔබ සුදානම් නම් (ප්‍රයෝගික ) ආර්ථික විද්‍යාව ගැන සාමාන්‍ය දැනුමක් හෝ ඔබ ලබා තිබිය යුතුය. එසේ නැතහොත් අපේ රතු එළු රවුල්කාරයන් රට හදන්න යනවාට වඩා හොඳ ප්‍රතිපලයක් අත් නොවේ. WA විජේවර්ධන මහතාගේ ලිපි කියවා බලන්න. ප්‍රායොගිකව ආර්ථිකය හැසිරවීම ගැන හොඳ අත්දැකීම් වියතෙක්.ප්‍රශ්න ඇත්නම් ඊ මේලයකින් ඇසුවොත් ඔහු පිලිතුරු සපයාවි.හැම සඳුදාම ඔහු FT.LK හි කොලමක් ලියයි.

        මම ඉන්ජිනෙරුවන් කියා ඇත්තේ එහි සිටින් ඉහල මට්ටමේ නිලදරීන්ට (ඔවුනුත් ඉන්ජිනෙරුවන් වෙති ) මිස සියලු දෙනාට නොවේ. චිනුන්ට හොඳ දේ සෑදිය නොහැකි නම් මුලින්ම බන්කොලොත් වන්නේ චීනයමය. නමුත් චීනුන්ට වැඩේ කරන්නට දී අපි උඩ බලා සිටියහොත් උන් ඕන කුනු ගොඩක් ගසා යනු ඇත. නොරොච්චොලේ බලාගාරයට ගිවිසුම් අත්සන් කලෙත් විදුලි බල මණ්ඩලයෙනි. ඒ ගැන උපදෙශන සමාගමක් ගත්තේත් විදුලි බල මණ්ඩලයෙනි. මේ දෙපිරිසටම හොරෙන් චීනුන් කුනු ගොඩක් ගසා යයි නම් වැරැද්ද කාගෙද?

        “මහපාරට ගොස් උද්ඝෝෂණ කර ජනතාව අවදි කරවීමනම් ෂෝ එකක් නොවේ.”

        අවශ්‍ය දේටත් අවශ්‍ය නැති දේටත් උද්ඝෝශන කිරීම එක නොවේ.

        බේබිලා ගැන කියා යුතු දේ මම කියා ඇත.

        • මේ කුණු තඩි කැබිනට් මණ්ඩලය, හොරු මිනීමරුවන් ස්ත්‍රී දූෂකයන්, ඉන්න කැබිනට් මණ්ඩලය නඩත්තුකරන්නද කියන්නේ මේ රටේ ජනතාවට? එහෙනම් ඔබ මරාවාදියකු මිස වෙන කිසිවකු නොවේ. එපමණයි.

      • මේ කුණු තඩි කැබිනට් මණ්ඩලය, හොරු මිනීමරුවන් ස්ත්‍රී දූෂකයන්, ඉන්න කැබිනට් මණ්ඩලය කාලෙක සිට පවතින නිසා මහජනතාව එය දැනටමත් අකමැත්තෙන් හෝ නඩත්තු කර ඇත. කැබිනට් මන්ඩලය අඩු කිරිමේ වාසිය (වියදම් අඩු විම ) මා අතුලු සියළු ජනතාවට ලැබෙනා නිසා මට කැබිනෙට්ටුව අඩු කිරිම ගැන කිසිම ගැටළුවක් නැත. එය ව්‍යවස්ථාවේම කොටසක් වේ නම් මම ඉතාමත් කැමතිය.

        කැබිනෙට්ටුව අඩු කිරිමෙන්ම රටක් සංවර්ධනය කල නොහැකි නිසා මා දකින අන්දමට සාර්ථක විසඳුම මහජනයා දැනුවත් කිරීමය. කොතරම් දක්ශ පරිපාලකයන් සිටියත් මහජනතාව නිසි දැනුමකින් තොරව දුර නොබලයි නම් නිසි මැදිහත්වීම් නොකරයි නම් එවිට ලබන සංවර්ධනයක් තිරසාර නොවේ.
        හොඳම උදාහරනය දැන් එක්සත් ජනපදයේ ආර්ථිකයට වී ඇති දෙය බලන්න.

        දැන් අපි කතා බස් කරමින් සිටියේ විදුලිය ගැන මිස කැබිනෙට්ටුවක් ගැන නොවේ. එනිසා මාතෘකාව පිට නොපැන ඒ ගැනම කතා කලහොත් හොඳයි නේද?

        • මහත්මයාණනි. මේ සියලු කරුණු උදෙසා මගෙන් ඔබට ලැබෙන අවසාන පිලිතුරයි මේ. එසේ කිරීමට හේතුව සහතික කොට කියන්නේනම්, මේ අලුත් විදුලිබිල හේතුවෙන්, මා හට, විශාල විදුලියක් වැයවන, මගේ මේ පැරණි ඩෙස්ක්ටොප් පරිගණකය, දිනකට පැය දෙක තුනකට වඩා පාවිච්චි කල නොහැකි තත්වයක් ඇතිවී තිබේ. දෙවනුව මගේ මීළඟ ලිපි කෙටුම්පත් හයක් සංස්කරණයේ පවතින බැවින්, එයට ප්‍රමුඛත්වය දීමට සිදුව තිබේ. එහෙත් ඔබ මේ සම්බන්ධව ඉදිරියේදී දක්වන සියලු අදහස් මෙහි පල කරන බව සලකන්න.

          ඔබනම් එක්තරා උමතුවකින් පෙලෙන්නේදැයි නොදනිමි. මේ රජය තරම් නින්දිත, දූෂිත රජයක් ඉතිහාසයේ කවරදාකවත් තිබුනේ නැහැ. හොරකමට ඉඩදුන් ප්‍රේමදාස යුගයවත් මෙතරම් දූෂිත නැහැ. මේ රජය 2/3 බලය පවත්වාගෙන යන්නේ මුදලට බාගත්, තර්ජනයෙන් බිය වැද්දීමෙන් නම්මාගත්, දූෂිත, මිනිමරු, යූ එන පී කාරයන් සහ තමන්ට වාසි සපයාදුන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග නිදි වදිමින්. ඒ සමගම මිනීමරු, කුඩුකාරයන් ඇමතිවරුන් ලෙස ක්‍රියාකරනවා. ඒ ජරා කැබිනට් එක නඩත්තු කරන්නට දී බලාසිටිනවානම් අපි නිකම්ම නිකම් නපුන්සකයින් වෙනවා. මමනම් ඊට සූදානම් නැත.

          මීළඟ කාරණය මම ප්‍රකාශ කරන්නේ මගේ බිරිඳගේත් දරු දෙදෙනාගේත් නාමයෙන් දිවුරමිනි. මා කියන්නේ බොරුවක් නම් මා ඉදිරිපිටම ඔවුන් මියැදේවා. මහත්මයාණනි, ඉතා භයානක ලෙස රටේ නීතිය වල් වැදී තිබේ. නීතියේ සමානාත්මතාව ගිලිහී තිබේ. එක්තරා පවුලක අභිමතය රටේ නීතිය බවට පත්වෙමින් තිබේ. මේ හා සම්බන්ධ අපරාධ රැසක සියලු සුලමුල දන්නා මා වැනි තවත් ආරක්ෂක හමුදා සාමාජිකයන් රැසක් මේ රටේ ඉන්නවා. එයින් සමහරකගේ කට වසා තිබෙන්නේ මුදල් බලයෙන්. තවත් සමහරකු විවිධ උගුල් වලට හසුකර කටවසා තිබෙනවා. සමහරු චිකාගෝ ක්‍රම වලින් ඝාතනය කළා. ප්‍රාණ භය නිසා මා වැනි අය නිහඬව සිටිනවා. අනේ ඔබට පෞද්ගලිකව කරුණු කියාදිය හැකිනම් මුලින්ම ඔබ කියයි මා සුරංගනා කතා කියනවා කියා. නමුත් ඒවා ඔප්පු කරන සාධක සහිතව විස්තර කලොත් ඔබ හීනෙන්වත් නොසිතු ලෙස පුදුමයට පත්වෙනවා. ඒ අපරාධ ආත්ම හතක් පලදෙන ඒවා. ඉතා සියුම්ව තව තවත් මිනීමැරීම් අතුරුදන් කිරීම් මගින් සාක්ෂි මකාදමමින් පවතිනවා. මීට වඩා කියන්න බැහැ. මේ ටිකත් ඇති මගේ ජීවිතය අහිමි වෙන්න.

          විදුලිබල මණ්ඩලය යනු අබ ඇටයක් පමණයි. අපි එය ටොපියක් මෙන් කටේ දා හපනවා පමණයි. අවසාන ප්‍රතිඵලයටයි අප යා යුත්තේ. සියල්ල තීරණය කරන්නේ කොමිස්, වාසි, පිදේනි මතයි. 2017 ක්‍රිකට් විස්තර ප්‍රචාර හොරෙන් විකුණා ඇති ආකාරය සොයාබලන්න.

          මහත්මයාණනි, මා ඉතා දැඩිව අවධාරණය කරනවා මේ රජය ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකින් නොපමාව පෙරලා දැමිය යුතුයි. එසේ නොවුනහොත් නැවතත් ලේ වැගිරීම් ඇතිවෙනවා. රට පාලනය කරන්න රනිල්, සෝමවංස, ෆොන්සේකා, ගැලපෙන්නේ නැහැ. නමුත් වෙනත් බුද්ධිමත් විකල්ප තියනවා. සත්තකින්ම තියනවා.

      • මම මීට කලිනුත් කියු පරිදිම ඔය මහතා පිලිතුරු දෙන්නේ මා කතා කරන මාතෘකාවට අදාලව නම් නොවේ.

        මා කතා කරන්නේ විදුලි මිල වැඩි කිරිමේ ආර්ථික පසුබිම හා මේ විදුලි අර්බුදයට මා දකින හේතු ගැන වන අතර ඔබතුමා ඒවා පසෙක තබා අපේ දේශපාලකයන් ගැන හා නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් ලියා තබා ඇත.

        ඒවා කෙසේ වුවත් අපේ රජයන් මීට වඩා කාර්යක්ශම, නීතියේ ආධිපත්‍ය සුරකින හා “යහපත්” විය යුතු බවත් මීට වඩා හොඳ දේශපාලකයන් අපි තොරා ගත යුතු බවත් (බොහෝ දෙනෙකු මෙන්ම මම ) මම ද ඉහලින්ම විශ්වාස කරමි. ඒ නිසා ඒ බව මට (හෝ අපිට ) තේරුම් කරවන්නට ඔබතුමා ජීවිතය අනතුරේ දමා ගත යුතු නැත.

        මම කලිනුත් කියා ඇති පරිදි “කැබිනෙට්ටුව” අපි දැනටමත් නඩත්තු කරමු. එය එසේ කල යුතු බවට මගේ මතය නොවේ. එය දැනට පවතින තත්වයයි (its a fact). තේරෙන්නම කියනවානම් ඊයේ සිට අද දක්වා දවස තුලද අපි එය නඩත්තු කර ඇත්තෙමු.

        අනිත් අතට මාතෘකාවට පැමිනෙනවා නම් විදුලි බල මණ්ඩලය (හා බල ශක්ති ක්ෂේත්‍රය ) ගත් විට අබ ඇට නොවේ. අපේ විදුලි බිල අඩු කිරීමට ( මේ ආයතනය ඇතුලු සියලු රජයේ පාඩු ලබන ආයතන වල පාඩු මැකීමට ) යොදවන්නේ අධ්‍යාපනය, විද්‍යා පර්යේශන ආදී රටක් සංවර්ධන කිරීමට යෙදවිය යුතු මුදල්ය.

        මේ පාලනය වෙනස් කිරීමට (හා මෙවැනි තත්ව යලි ඇති නොවීමට ) අවශ්‍ය මීට වඩා දුර දිග බලන ජනතාවක් ( ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 20-30 වඩා දැන් දුර දිග බලති. ඔවුන්ට තවත් දියුනු විය හැකි බව මම විශ්වාස කරමි ) මිස ආන්ඩු හදිසිස්යේ පෙරලීම නොවේ.

        ඇරත් සියලු දෙනා දූශිත නම් මෙය හදිස්සියේ ( ප්‍රජාතන්ත්‍රවාදීව? ) පෙරෙලා යලි ආන්ඩු හදන්නේ කවුරුන් එක් කරගෙනද? ආන්ඩුවත් මන්ත්‍රිවරුනුත් සියලුදෙනා වෙනස් කල හැකි චන්ද හැර ( ප්‍රජාතන්ත්‍රාවදී ඉක්මන් ) ක්‍රම නැත. “සොඳුරු” ඒකාධිපතියන් ගැන මට කිසිත් විශ්වාශයක්ද නැත.

        බුද්ධිමත් සුදුස්සන් ඉන්නවානම් ඔවුන් සුදුසු කලට ඉදිරිපත් වනවා දැකීමට මම කැමති අතර ඔවුන්ට සුදුසු පිලිතුර ලබාදෙන්නට මම බලා සිටිමි.

        ඔබතුමාගේ විදුලි බිල ගැන හෝ පරිඝනක භාවිතය මට වැඩි දුර කිසිවක් කියන්න නොහැකි උනත් ඔබේ ආර්ථික තත්වය බලා ( මා කලාක් මෙන් ) ගෙවීමේ ක්‍රමයට හෝ මීට වඩා කාර්යක්ශම පරිඝනකයක් ගත හැකි නම් එය හොඳ ආයෝජනයක් වීමට ඉඩ ඇත්තේ මේ රජය නොව මොන රජයක් ආවත් විදුලි බිල අඩු වීමක් ගැන බලපොරොත්තු තබා ගත නොහැකි නිසාය.

  25. විදුලි දේවී හිටියට ඒ උන්දැට මෙලෝ හසරක් නෑ… අපේ රටේ තියෙන්නේ වන් මෑන් ෂෝ එකක් නෙ!

  26. මාත් මේ ගැන දාන්න ඉඳලා ආයෙත් අදහස අත ඇරියා. මීට මාස දෙහෙකට විතර කලින් රතු බිලක් ඇවිත් පහුවදාම ගෙවලා දැම්මා. දන්නවනේ අර පිස්සෙක් පොල්ගහේ නැගලා ඉද්දි දොස්තර පොරොවක් ගෙනාපු කතාව. අන්න එක මතක් වෙලා තමයි පහුවදාම ගියේ. මුන්ව ෂුවර් නැති නිසා.

    හැබැයි ඔයාගේ බිල් එකේ සඳහන් කරුණු කීපයක් නිවැරදි කරන්න ඕනි.

    1). පහුගිය බිල් පතේ හයදාස් ගණනක් ගෙවීමට ඇති බව පෙන්වා දී ඇති අතර එම බිලෙන් පසුව තමයි ඔබ තුන්දහස් ගණනක බිල් දෙකක් ගෙවා ඇත්තේ දින දහයක් තුල. (ග්‍රාමීය බැංකුවට හරි පෝස්ට් ඔෆිස් ඒකට හරි ගෙවනවනම් සමහර විට ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට අප්ඩේට් කරන තැනකට ගෙවන්න.)

    2). අප්‍රේල් 20 බිල වැඩි කලේ. එදා ඉඳන් මැයි තුන දක්වා (පසුගිය බිල දුන් දින තෙක්) වැඩිවූ මිල ඔබේ බිලට සාපේක්ෂව ගණන් හදා ඇති බව පැහැදිලියි.

    • මම බිල් ගෙවන්නේ අබාන්ස් එකෙන්. ඒ මොහොතේදීම එය විදිලිබල මණ්ඩලයේ ජාලයට ලැබෙනවා.

      ඔය ජන්ජාල ගණන් හැදීම් තව ඉදිරියේදී කොහොම වෙයිද මන්දා.

    • මන් දැක්කා ඊයෙද කොහෙද පත්තරේක දාලා තියෙනවා බිල වරද්ද්දන මනු කියවන යට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවයි කියලා. බිලක් වරද්දුවොත් ඒක ප්‍රින්ට්අවුට් එකේදී නිවැරදි කරලා එවනවා. මොකද ගොඩක් වෙලාවට මිනිස්සු උනාම වැරදීම් වෙනවා. එත් දැන් මේ කරලා තියෙන ප්‍රකාශයට අනුව බිල වැඩි උණොත් වැරදි කාරයා මීටර් රීඩර් තමයි. 😀

      • අම්මපා ඔය මීටර් කාරයෝ තමයි එහෙනම් මේ මිල වැඩිවීම කරලා තියෙන්නේ. අපරාදේ අපි බොරුවටනේ මේ දේවීටයි දේවීගේ පොල් රැවුල් ලොක්කටයි බැන්නේ. 😀 😀

  27. මාත් අහන්න හිටියෙ කොහොමද ඔච්චර පැහැදිලිවට ස්කෑන් කලේ කියල. විදුලි බිලට උද්ගෝශනය කලාට වැඩක් වුනේ නෑ. අපි තමා අවාසනාවන්තයො.

    • අපි අවාසනාවන්තයයි නොසිතා මේ උද්ඝෝෂණ විදුලි බිලට පමණක් සීමා නොකර ඉදිරියට ගෙනයා යුහ්ටුයි. පක්ෂ භේදයෙන් තොරව.

  28. නිර්නාමික said:

    mahathhayooo anduwakata baddak gahnna one nam elecricity bill rs 10 unath gahanawa ma thama aduwen use karanawa kiyala./ okkoma horu. api gonnu

Kandyan වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න