විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  යුද ටැංකියක් නඩත්තු කිරීම ඉතා අධික පිරිවැයක් යෙදවියයුතු කාර්යයකි. සාමාන්‍ය වාහන අමතර කොටස් මෙන් නොව යුද ටැංකි සඳහා අමතර කොටස් ලෝක විවෘත වෙළඳපොලේ වුවද, උවමනා කරන සෑම විටම මිලදීගැනීමට නැත. යුද ටැංකි නිපදවන රටවල ඇතිවන දේශපාලන අර්බුද, වෙනත් රටවලින් එල්ලවන බලපෑම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පනවන සම්බාධක, ආදිය ගැන සලකා බලන කල තුන්වැනි ලෝකයේ රටකට, යුද ටැංකි සඳහා අමතර කොටස් ලබා ගැනීමට සිදුවනුයේ, ලෝකයේ සිටින, යුද අවි පිලිබඳ හොර ජාවාරම් කරුවන්ගෙනි. එය සිතන තරම් පහසු නැත. ඒ සඳහා යන මුදල සෙවීම අතිශයින්ම දුෂ්කර වනු ඇත. මේ සඳහා දැනට යෝජනා වී තිබෙන්නේ වානිජමය අරමුණු මගින් අදාළ පිරිවැය සපයාගනීමයි. මෙහිදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද, යුද ටැංකිවල වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීමට සිදුවනු ඇත. එහෙත්, එක් අතකින් බලන කල, වර්තමාන ලෝකය, වානිජකරණය වී ඇති ආකාරය පිළිබඳව සිතා බැලීමේදී, මෙය එතරම් පුදුමයට පත්විය යුතු කරුණක් නොවනු ඇත. වෙනත් ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පවා, තම අධික පිරිවැය සමතුලනය කරගැනීම සඳහා, වාණිජ පරමාර්ථ පිළිබඳව සිතා බලන මෙවන් යුගයක, යුද ටැංකි නඩත්තුව මෙලෙස වානිජකරණය වීම කෙරෙහි විරෝධාකල්ප දැක්වීම සාධාරණ නොවනු ඇත.

  ඒ අනුව අනාගත යුද ටැංකියක් අපට මෙසේ දිස්වනු ඇත.

  පැහැදිළිව බලාගැනීමට පින්තුරය මත ක්ලික් කරන්න.

Comments on: "යුද ටැංකි නඩත්තුවට විකල්පයක්" (47)

  1. මිස්ටර් හයිඩ් said:

    Reblogged this on Beyond the Island.

  2. ලෝකයේ හොර අවි වෙළදාම සිදුවන්නේ ප්‍රශ්න තිබෙන රටවල රාජ්‍යයන් හරහා.මේ ගැන හොදටම දන්නා පුද්ගලයා KP මිසක වෙන කව්රුද???????

  3. හි…හි නොමිලේම පබ්ලිසිටියකුත් දීල..!
    අනඟි නිර්මාණයක් නොවැ..!

  4. එකත් නරකම නැහැ නේ..

  5. “ඔබගේ දැන්වීම යුද ටැංකියේ ප්‍රදර්ශනය කිරීම සඳහා විමසන්න” 🙂

  6. මිස්ටර් ඇනෝනිමස් said:

    අප්පට සිරි මාරයිනේ! යුද්දේ මැද්දේ පොඩි බ්‍රේක් එකක් අරං ඒකෙත් වෙළඳ දැන්වීම් දැම්මනං තව ගානක් හොයාගන්න තිබ්බ. ඕනනං අපේ ලොක්කටත් කියන්න පුළුවන්නේ මට යුද්දේ කරන්න අවශ්‍ය ශක්තිය ලැබුනේ ඇනිලින් බීපු නිසා කියලත්. 😛 ඒක නෙමෙයි විචාරක මහත්තයෝ ඔය උඩින්ම තියෙන Beyond the Island කේස් එක මොකක්ද?

  7. තේරෙන්නෙ නෑනෙ.. තේකොළ කන්නම වෙනවා.. 🙂

    මට මතක් උනේ ෆවුසි කෝච්චි හා බස් පාට කරපු හැටි.. ඒක නම් අගේ ඇති වැඩක්..

  8. ප්‍රවෘති වලට, එතකොට අපේ රූපවාහිණී තිරයට, ස්ටේඩියම් එකට, ක්‍රීඩාවට මේ ඔක්කොටම වූ දේ යුද ටැංකියට විතරක් නොවී තියෙයිද?

  9. අකුරු ටිකක් පොඩි කරන්න ,

    ලොකු කරලා තියනවා වැඩියි .

    මමත් ලොකුවට තිබ්බ අකුරු පොඩිකලා .

    ඉස්සර තිබ්බාට වඩා ටිකක් ලොකුකරහම ඇති

  10. ඉමල්ක ද සිල්වා said:

    එල concept එක ,

  11. අනේ මන්දා ඉඳල හිටලා සර්ටත් හිතෙන දේවල්… 😀

  12. මේක මේ ඇත්ත කතාවක්ද ?

  13. නියමයි. අර කැ‍රකෙන රෝද වලට ටයර් ඇඩ් එකකුත් දාන්න තිබ්බ.
    මේකෙ අකුරු හෙන සයිස්නෙ. මට විතරද එහෙම පේන්නෙ.

    • අකුරු එකට ඇලිලා වගේ පෙනෙන එක ඔබේ දෝෂයක් නොවෙයි. හිතලාමයි මෙතරම් ලොකු අකුරු දැම්මේ.
      ටයර් ඇඩ් සීයකට වඩා වටින්නේ නැද්ද එක ‘ට්‍රයම්ප්’ ඇඩ් එකක්. 😀 😀 😀

  14. පින්තූරෙ නං ටොපියක්. ඇත්තටම මගේ මැසිමේ දෝෂයක්ද මන්ද අකුරු නං කියවන්න බැරි තරං කිට්ටු වෙලා. වෙන අයට පුරස්නයක් නැති හින්දා මගේ දෝෂයක් වෙන්ට ඇති. වෙන තැනකට අරං ගිහිල්ල්වත් කියවල බලමු..

    • අකුරු එකට ඇලිලා වගේ පෙනෙන එක ඔබේ දෝෂයක් නොවෙයි. හිතලාමයි මෙතරම් ලොකු අකුරු දැම්මේ. පින්තුරේ ටොපියක් කියන්නේ ඇත්තටම බුල්ටෝ එකක් වගේ.

  15. ආණ්ඩු දැනට කරන බිස්නස් මදිවට ද ව්‍යාපාරිකයන්ගේ සාක්කු හිස් වෙන්න මෙහෙමත් උපදෙස් දෙන්නේ?!!!!

  16. බුල්ටෝ එක http://en.wordpress.com/about-these-ads/
    ක්ලික් කරලා විචාරකට ආර්ථික සහන ලබා දෙමු

  17. යුද්ධෙට නැති කඩු තියෙන්නේ කොස් කොටන්න නේන්නම්…..

    කොහොමද නිකං තොරොම්බල් කරත්තයක් යනවා වගේ තියෙයි.

    හැබැයි යුද්ධෙට යනකොට දාන්න ඕනි ඔය ඇඩ්ස් නෙවෙයි. යුද්ධෙට අදාළ ඒවා. 😀

    (අකුරු ලොකු වැඩියෝ…..)

  18. මම ටිකක් කල්පනා කරලා පොඩි උත්තරයක් හොයාගත්තා නැත්නම් එක මදි කමක්. මේ ආකාරයටත් අපිට යුද්ද ටැංකි ගන්න වෙනවා. මේ රටේ යම් කාලයක සටන් විරාමයක් තිබුනා එම කාලයේදී, ත්‍රස්‌තවාදීන් විසින් අපේ හමුදාවට අසුචි ප්‍රහාර පවා එල්ල කල බව මා අසා තිබුනා. එකල රටේ දෙපැත්තට වැනෙමින් තිබු නායකත්වයේත්, අපේ හමුදාවේ දැඩි ඉවසීමත්, විනයත් නිසා එසේ කර තිබුනා. එම කාලය ගැන ඔබ මට වඩා දහස් ගුණයක් තොරතුරුවලින් සන්නද්දයි. එවැනි නායකත්වයක් යටතේ තවත් රට තිබුනා නම් මෙවැනි යුද්ද ටැංකි දැන් සැබෑවක්.

    • යුද්දේ කවදාවත් දිනන්න බැහැ කියන මානසිකත්වය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් Psychological Operations (මේවා ගැන පසුව ලිපියක් ලියන්නම්) මගින් අපේ නායකයන්ගේ ඔලුවට කාවැද්දුවා. ත්‍රිවිධ හමුදාවේ බහුතරයක් ඒ මානසිකත්වයේ හිටියා. මම කුණු බැනුම් අහලා තියනවා ඒ මානසිකත්වයට විරුද්ධව කතා කරන්න ගිහිල්ලා. නමුත් ජෙනරල් ෆොන්සේකා තමයි සාධක සහිතව පෙන්වා දුන්නේ කොටින්ට නැති වෙන්නම ගහන්න පුළුවන් කියන එක. අවසානයේදී හොඳටම ප්‍රමාද වෙලා හෝ රටේ නායකත්වය එය පිළිගත් නිසයි අපි යුද්ධය දිනුවේ.

  19. යුද නවීන හා සම්ප්‍රදායික යුද ප්‍රවීනයෙක් විදියට ජෙනරාල් ෆොන්සේකා විශිෂ්ටයි. කොටි මරපු ජානක පෙරේරාත් විශිෂ්ටයි. කලින් හිටපු ෆොන්සේකා ගේ නිවුන්, එත් ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ෆොන්සේකා කෙනෙක් තමයි දැන් ඉන්නේ. එකට ඉතින් එතුමාම තමා වග කියන්න ඕනේ. දේශපලකයෝන්ට යුද්දේ බැහැ. යුද සෙනෙවියෝන්ට සිවිල් පරිපාලනය කරන එකත් ලේසි නැහැ. කවදාවත් යුද්දයක් පියවි ඇසින් වත් දැකපු මම කිව්වා මේ යුද්දය අපි දිනනවා කියලා. එත් හමුදාවේ ගරූප් කපිතන්ලා හිටියා කවදාවත් එක කරන්න බැහැ කියපු.

    • සම්පූර්ණයෙන් එකඟයි. ජෙනරල් ෆොන්සේකාට, අවංක, සත්‍යවාදී, මග පෙන්වන්නෙක් හිටියානම් එතුමා සිවිල් පරිපාලනයට ඉක්මනින් අනුගත වෙනවා. ගුවන් හමුදා නොලධාරීන් තියා සමහර හමුදාපති වරුන් හිටියා යුද්දේ දිනන්න බෑ කියන මානසිකත්වය තියන. ඊට ඉහල අයත් හිටියා. මම නොකිව්වට හිතාගන්න පුළුවන්නේ. අද කයිය ගහනවා. අපි නොදන්න මොනරතැන්න.

  20. එතකොට යුද්ද ටැංකියේ ඩ්‍රයිවර් අර රේසින් කාර් පදින ක්‍රීඩකයන් ගේ වගේ වෙලඳ දැන්වීම් ගහපු කිටක් තමයි අඳින්න වෙන්නෙ.:)

aloka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න