විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  දිග ලිපියක් ලියන්න අවශ්‍ය කාරණයක් නෙවෙයි මේ. කවුද ලෝකයේ වැඩියෙන්ම කුඩා පරිමානයේ අවි ආයුද විකුණන්නේ, කවුද ඒවා මිලදී ගන්නේ, මෙතනින් බලන්න. මෙය හොඳින් බලන්න පුළුවන් ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයෙන්.

Comments on: "කවුද හදන්නේ , කවුද ගන්නේ, කවුද මරාගන්නේ?" (60)

  1. නිර්මාණශීලි දෙයක්, අපිටත් දුන්නට ස්තුතියි..

    92 දී ලංකාව මොනවද එක්ස්පෝට් කලේ ??? රතිඤ්ඤාද?
    සෝමාලියාව ගෙන්නපු ගාන නම් වැරදි ඇති..

  2. මාරයි…..

    බලපුවම අපිත් ආයුධ වෙලදාම කරනවනෙ සුළුවට හරි.. ඕක බුදු හාමුදුරුවො නොකළ යුතුයි කියපු කර්මාන්ත වලින් එකක් නේද ?

  3. ‍මේකෙ තියෙන විදියට අපි ආයුධ විකුණනවනේ..!!?? මොනාද, ගල්කටස්ද..?? 🙂

  4. මට බලන්ට නොහැක.. බ්‍රවුසරේ හිරවෙයි.. ලෝඩ් වූ ටික නොතේරෙයි..

    • ගූගල් ක්‍රෝම් එකෙන් නෙවෙයිද බැලුවේ? තාවකාලිකව ක්‍රෝම් දාගෙන ඒකෙන් බලන්න. ලෝඩ් වුනාම පෙන්වන ලෝක ගෝලය මත ක්ලික් කරලා අල්ලාගෙන කරකවලා, තමන් කැමති රටක් මත ක්ලික් කලාම, ඒ රටට අදාළ ආයුධ ගනු දෙනු විස්තර දෙනවා.

      • තාවකාලිකව නෙමේ හරී දිගටම ක්‍රෝම් දාගනින් දැනට නැත්නම්.. මටනම් ඒවගේ බ්‍රවුසරයක් ලොවෙත් නෑ.. අනිත් බොහොමයක් ඒවා ටැස් කොරා මට සැට් වුන්නෑ..

      • මමත් පාවිච්චි කරන්නෙ Firefox නෙ. ඒ දේමයි උනේ. පස්සෙ බලන්නම්. හැබැයි අර කාටූන් එකෙනුත් කිවයුතු දේ ලස්සනට කියවිලා තියෙන්නෙ.

      • Firefox, ක්‍රෝම් දෙකම ඉන්ස්ටෝල් කරගන්න. ඩිෆෝල්ට් බ්‍රවුසරේ විදියට පහසු එකක් යූස් කරන්න. අවශ්‍ය වෙන වෙලාවල්වලට අනිත් එකත් ට්‍රයි කරල බලන්න. සිම්පල් ප්ලෑන් එකක්.

      • ක්සැන්ඩර් | Xander said:

        ක්‍රෝම් සමග අනිත් සියලු බ්‍රවුසර් ඉන්ස්ටෝල් කරමින් මම බලා ඇත. ඒත් ක්‍රෝම් තරම් බ්‍රවුසරයක් මටත් දැනට නැත. පට්ට පට පට… ලෝඩ් වෙන්නේ නිකම් බබා වගේ..

      • ක්‍රෝමයියා දාගෙන කොහොමද මං හෙළුවෙන් කොටන්නෙ.. දැන් තියෙන ඇඩෝන් එකෙන් හිටු කියලා කොපි පේස්ට් නොකර ඕනෙ තැනක හෙළුවෙන් කෙටුවෑකි.. ගූගල් ගැජට් එක ඇල්ලුවේ නැත.. ඌ මට ටයිප් කරන්න නොදී පැනලා දීමෙන් වැඩේ වණ කොරයි..

        ක්‍රෝමයියා වැඩ්ඩා එක ඇත්ත.. ඒ උනාට දරුණු ලෙස බයිට් කයි…

        • මේ මම දුන්න ලින්ක් එක බැලීමට විතරක් ක්‍රෝම් දාගන්න කියලා කිව්වේ. ඊට පස්සේ ආපහු පුරුදු එකට යන්න.
          මම මේ කොටන්නේ Google IME එකෙන්. කෙලින්ම බ්‍රවුසරේ උඩ කොටන්නත් පුළුවන්. වෙන බ්ලොග් වල කමෙන්ට් දාන්නත් මේක තමයි පාවිච්චි කරන්නේ. මීට වඩා හොඳ එකක් තියනවද?

      • Google IME ඉන්ස්ටෝල් කරැත. ඒත් භාවිතා නොකරමි. ඒක ටයිප් කරන්න ඉස්සෙල්ලා පැනලා දෙනවානෙ..ඉතින් එකම වචනෙ ටයිප් කරාම වෙනස් එව්වා ගොඩායි..

        මම කෝ කෝ ටයිපර් කෙනෙක් නිසා ස්ක්‍රීන් එක නොබලා ටයිප් කරන්නෙ.. ඉතින් Google IME කරදරයි..

        • මොන ක්‍රමෙන් වුනත් සමහර සිංහල වචන හරියට ටයිප් කරන්න බැහැ. ඒ වගේ වෙලාවට මම අයි එම් ඊ එකයි ට්‍රාන්ස් ලිටරේෂන් එකයි දෙකම පාවිච්චි කරනවා.

      • හෙන්-රි, දුම්-රිය හෙළුවෙන් වනන්න බෑ නේද?

        • වචන ගොඩක් තියනවා කොහොම ටයිප් කරන්න ගදුවත් අපට අවශ්‍ය වචනය ගන්න බැරි. ‘සංඥක’ බලන්න මේ වචනයේ නිවැරදි රූපය ගන්නම බැහැ.

      • කෝම් ගේ බයිට් කෑම මටත් හොදට දැනෙනවා “හරියෝ”

        මම ගොඩක් වේලාවට ඉන්නේ හන්තාන ලිනක්ස් උඩ, එතකොට ඉතින් ඉන්නේ ෆයර්ෆොක්ස් උඩ, නරකමත් නැ.

        සමහරක් වේලාවට වින්ඩොස් එක්ස් පී උඩටත් එන්ඩ වෙනවා, ඒ මේ වාගේ වේළාවට.

        හැබැයි ලිනක්ස් වල පයර්ෆොක්ස් උඩ ඉන්න කොට මගේ 2Gb ගොඩ දවසක් අල්ලගෙන යන්න පුළුවන්.

        “”අම්මෝ මේ මංගල්ලේ ලෝඩ් වෙන්ඩ ගිය වේළාවක්””

  5. මම මේ ළඟදි කොහේදි හරි කියෙව්ව එහෙම අතිරික්ත ආයුධ නැවත අපිට හිතුන හිතුන අයට විකුණන්න බෑ, විකුණන්න පුළුවන් ඒවා මිළදී ගත් රටට පමණයි කියල. ඒක ඇත්තද?

    • මිලදීගැනීමේදී එහෙම ගිවිසුමක් තිබුනොත් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලන්ඝනය නොවෙනවානම් කැමති රටකට විකිණිය හැකියි. ඒ කියන්නේ මිලදීගැනීමේ ගිවිසුමේ තියෙන්න ඕනේ අතිරික්ත ලෙස සලකා විකුනනවානම් එසේ මිලදීගත් රටටම ආපසු විකිණිය යුතුයි කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ සමහර රටවලට සම්බාධක පනවා තියනවා. එවැනි රටවලටත් විකුනන්න බැහැ.

      • එතකොට අතිරික්ත ආයුධ සංචිතයකුත් තියෙද්දි අපිත් එක්සත් ජාතීන් විසින් සම්බාධක පැනවූ රටක් වුනානම් (බුදු අම්මෝ … එහෙමනම් වෙන්න එපා. පරිප්පුව කන්න වෙන්නෙ හුදී ජනයාට) තත්ත්වය කොයි වගේද? මම මේ … නිකමට ඇහැව්වෙ. 😀

        • එහෙම වුනොත් තුවක්කු වගේ දේවල් වැටවල් වල කණු විදිහට හදන්න පුළුවන්. යුද්ධ ටැංකි උණු කරලා කොන්ක්‍රීට් කම්බි, තාච්චි, අලවංගු, හදන්න පුළුවන්. බෝම්බ සිංහල අවුරුද්දට පත්තු කරන්න පුළුවන් 🙂
          ඇත්තටම එවැනි සම්බාධක ආවොත් ඒවා නිකම් දිරා යාම හැර වෙන කරන්න දෙයක් නැහැ.

      • අතිරික්තෙ රට ඇතුලෙම වික්කා නම් හරිනෙ..

      • // අතිරික්තෙ රට ඇතුලෙම වික්කා නම් හරිනෙ.. //

        හැබෑට, ඔය හිටපු ජනපති කෙනෙක් ඉල්ලං කන්න ආයුධ දුන්නය කියන්නෙ, අනික සතුරන්ට ආයුධ ගබඩා අත්පත්කර ගැනීමට ඉඩකඩ සලසල සමහරු පසු බැස්සය කියල කතා තියෙන්නෙ. ඒව කොයි පැත්තටද වැටෙන්නෙ.

        අනික යුද්දෙ කාලෙ නම් දකුණෙ පාතාලෙට ත්‍රස්තවාදීන් හරහා ආයුධ ආවය කියල කතා තිබුණෙ. දැන් එතකොට ඔය ආයුධ එයාල අතට එන්නෙ කොහොමද? මම අහල තියෙනව පොලිසි හා හමුදාවල ආයුධ නිකුත් කිරීම පාලනයකින් යුතුව පවත්වගෙන යන්නක් කියල. ඒ වුනත් එහිදි වැරදි ක්‍රියාවන් සිදුවීමට සුළු හෝ සම්භාවිතාවක් නැත්ද?

        (මම පුළුවන් තරම් සැර බාල කරල ඇහැව්වෙ, ඒ උනත් ඕනවට වැඩිද මන්ද)

        • ආයුධ දුන්නා. ඒ ආයුධ ගෙන ගිය නිලධාරියා සමග ලලිත් ඇතුලත්මුදලි මහතා සාකච්ඡාවක් කරන වීඩියෝ පටියක් තියනවා. ඒ නිලධාරියා කියනවා ඒවා ගෙනිහින් බාරදුන්න හැටි. ඇතුලත්මුදලි මහතා එය කලේ ඒ කතාව ඇත්ත බව ඔප්පු කරන්නයි. ඇතුලත්මුදලි මහතාට මරණ තර්ජනය ආවේ ඊට පස්සෙයි.

          යුද්ධ කාලේ පාතාලෙට ත්‍රස්තවාදීන් අතින් මෙන්ම සන්නද්ධ හමුදා සාමාජිකයන්ගෙනුත් පාතාලයට ආයුධ ආවා. එහෙම අරගෙන එමින් හිටිය සන්නද්ධ හමුදා සාමාජිකයකු අල්ලාගත් අවස්තාවකදී තමයි හෙළි වුනේ එය කාලයක් තිස්සේ සිදුවී ඇති බව. ත්‍රස්තවාදීන්ගෙන් ආව ආයුධ ආවේ දෙමල/මුස්ලිම් පාතාලයටයි වැඩිපුරම.

          මටත් කියන්න පුළුවන් ප්‍රමාණයට විතරයි උත්තරදී තිබෙන්නේ. කවදාහරි මාව අල්ලාගෙන මෝහනය කරලා මගේ හිතේ තියන දේවල් ගන්න. ඒවා දැනගත්තොත් ඔබට මොනවා හිතෙයිද කියලා මට හිතාගන්නවත් බැහැ.

      • කෙටමින් ටිකක් දෙමු..

      • මම නම් හොදවයින් කියලා ඔය යුද්ධ ටැංකියක් දෙකක්වත් ලීසිං කරලා ගන්නවා. සල්ලි ඉතිරි වුනොත් මිග් එකකුත් ගන්නවා

        • අපේ රටට‍ ඉස්සර වෙලාම T 55 Main Battle Tank ගෙනාව කාලේ රජයේ දෙවෙනි පෙළ නායකයෙක් ගියා ඒවා බලන්න. එයා බොහොම සතුටට පත්වෙලා ඇහුවා මේවයින් දවසකට ඉස්කෝල පිට්ටනි දෙක තුනක් කපන්න හැකිවෙයි නේද කියලා. එයා හිතලා තියෙන්නේ මේවා බුල්ඩෝසර් කියලා 🙂

      • “ඔය හිටපු ජනපති කෙනෙක් ඉල්ලං කන්න ආයුධ දුන්නය කියන්නෙ,”

        එයා නම් සතුරාගේ සතුරා වන ඉල්ලපු හැම අයටම ආයුධ දුන්නනේ…

        “වදාහරි මාව අල්ලාගෙන මෝහනය කරලා මගේ හිතේ තියන දේවල් ගන්න.”

        කෙටමින් දීල බලමු නේද?

      • @parallax :විකිනෙයි. යුද්ද ටැංකි තෙල් බොනවා මම හිතන්නේ.

      • නෑ ලග ගමන් වලට ඔය කඩේට යන්න එහෙම. සෙනසුරාදා විදුලි බල ඇමති කිව්වා තව අවුරුදු 5,6 කින් තෙල් මිල දහ දොලොස් ගුනයකින් වැඩි වෙයි කියලා. බයිසිකලේ තමයි එතකොට නම් ගන්න වෙන්නේ

  6. ක්සැන්ඩර් | Xander said:

    මාරයි.. ආයුධ කියන්නේ ඉතිං මේ උයන්න කරන්න ගන්න දෙයක් නෙවෙයි නේ. එහෙම බැලුවාම ආරක්ෂාවක් නැත්තේම ඇන්ටර්ක්ටිකාවේ. එහෙට බඩු අරගෙන ම නෑ. ඒත් මම දන්නා විදියට ඇමරිකන් බේස් එකක් තියනවා නේද ඕකෙත්? උන්ගේ වින්ටර් වෙපන්ස් ටෙස්ට් රේන්ජ් ඒක එක්කම?

  7. හෑ මාර ලිපියක් නොවැ…

  8. අපි වෙරළාරක්ෂක බෝට්ටු හෙම නැත්නම් නාවික යාත්‍රා පිටරට යවනවා මම හිතන්නේ. මාලදිවයින ඒවා භාවිතා කරන එක රටක්.

    http://en.wikipedia.org/wiki/Maldivian_Coast_Guard

  9. අපිටත් සුළුවට ඕක උනා නෙහ්

  10. බොඩි ආමර් මේ කැටගරියට අයත් වෙනවද?

    • ඕව් මම හිතන්නේ අයිති වෙනවා. ඔය වර්ගීකරණයන් කාලීනව වෙනස් වෙනවා.

      • ඒවා වෙන්න පුළුවන්. හර්ෂ බොඩි ආමර් සැහෙන කලක ඉදන් රට යවනවා නේද?
        එක්සත් ජාතීන්ගේ සංවිධානේ ප්‍රයෝජනය සදහා මේවා ගන්නවා මට මතක හැටියට.

        • ඒ ගොල්ලෝ ලොකු සටනක් දීලා තමයි එතනට ආවේ. පිට රටකින් කොමිස් ගහපු අපේ ලොක්කෙක් හර්ෂලාට කපන්න සෑහෙන්න දැඟලුවා. හර්ෂලා නඩුවකුත් දාලා දිනුවා මම දන්නා විදිහට.

      • මට මතකයි. 2003 කාලෙ වගේ ටාටා (මතකේ හැටියට) බොඩි ආමර් වලට තැන දෙන්න ගිහින් ඕක පත්තර වලත් ගියා. දැන් අපි හර්ෂ ඒවා නේද ගන්නේ?

        • මට වර්ගය නම මතක නැහැ. මොකක් හරි ජරා බොඩි ආමර් එකක් ආවා. ඒකට වෙඩි තියලා බැලුවම හිල් වුනා. දැන්නම් හර්ෂ පමණයි ගන්නේ මම දන්නා තරමින්. යුද හමුදාවේ මිලදීගැනීම් පිලිබඳ විස්තර රහසිගත නිසා තොරතුරු ලැබෙන්නේ නැහැ.

Aka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න