විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   ඇම්ඩන් කියන්නේ කාටද කියලා මම ඔබට පැහැදිලි කිරීමට ගියොත් මම විහිලු කාරයෙක් වෙනවා. ඒ තරමට වර්තමාන සමාජය ඇම්ඩන් කියන වචනයේ තේරුම දන්නවා. අපේ ළමා කාලයේදී නම් ඇම්ඩන් කියන වචනයේ තේරුමට සමාන වුණේ, ලෝකෝත්තරයා, කයිරාටිකයා, ගල් ආඳා, සීතල ගණන් කාරයා, වැනි වචනයි.

වර්තමානයේදී නම් කටකාර, කපටි, නූල් සූත්තර කාරයන් වැහි වැහැලා ඉන්න නිසා, ඒ ඔක්කොම  ඇම්ඩන් කියන වර්ගීකරණයට තමයි වැටෙන්නේ. හැබෑට කොහෙන්ද මේ ඇම්ඩන් කියන වචනය අපේ ව්‍යවහාරයට ආවේ? ඔබ කවදා හෝ ඒ ගැන සිතා බැලුවාද? ඔබෙන් සමහරෙක් ඒ අතීත කතාව දන්නවා ඇති. මේ උත්සාහය ඒ ගැන ඔබ දැනුවත් කරන්නයි. මේ ඇම්ඩන් කතාව එලියට ආවේ හරීගේ හීනලන්තයේදී මා ඉදිරිපත් කල කමෙන්ට් එකක් නිසයි.

ලෝකයේ සෑම ජන සමාජයක් තුලම ජනකතා දකින්නට ලැබෙනවා. එමෙන්ම කාලීන සිදුවීම් ඇසුරෙන් යම් යම් කියමන් හෝ ආප්තෝපදේශ අලුතෙන් ඇතිවෙනවා. ඇම්ඩන් කතාවත් එවැනි පැරණි සිදුවීමක් පදනම් කරගනිමින් ඇතිවූවක්. එහි අතීත කතාව පහත දක්වනවා.

එස්.එම්.එස් එම්ඩන් යනු පළමුවැනි ලෝක යුද සමයේදී මහත් ආන්දෝලනාත්මක ක්‍රියාන්විත කීපයකම යෙදුනු ජර්මන් ප්‍රහාරක නැවක්. මේ සැහැල්ලු ප්‍රහාරක යාත්‍රා කාණ්ඩයට  Light Cruiser අයත් වුවද ඉතා දක්ෂ ලෙස සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල යාත්‍රාවක්‌ විය.

1908 වසරේදී නිපදවුණ මේ නව 1909 දී අධිකාරියට පත් කෙරුනා. එම්ඩන් කියන්නේ ජර්මනියේ පිහිටි නගරයක්. මේ නැව සතුරු නැවක්ද මිතුරු නැවක්ද කියා හඳුනාගන්නට අපහසුවීමේ වාසිය, තමන් වෙත තබා ගනිමින්, සතුරු නැව් රාශියකට පහරදී විනාශ කරන්නට එයට හැකිවුනා. එම්ඩන් නැවේ කපිතන් වරයා නියම ඇම්ඩන් කෙනෙක්. සාමාන්‍යයෙන් ඒ කාලයේ බ්‍රිතාන්‍යයට අයත් සෑම යුද නැවකම දුම් කවුළු හතරක් තිබුනා. වෙනත් රටවලට අයත් යාත්‍රා වල එසේ දුම් කවුළු හතරක් තිබුනේ නැහැ. එම්ඩන් නැවේ කපිතන් වරයා කලේ ඔහුගේ නැවේ බොරු දුම් කවුළුවක් සෑදීමයි. එවිට ඈත සිට බලන කෙනෙකුට පෙනෙන්නේ එය බ්‍රිතාන්‍ය නැවක් වගෙයි. මෙය වාසියට හරවා ගනිමින් තමයි එම්ඩන් සතුරු නැව් වලට පහර දුන්නේ. නමුත් කොට්ටෝරුවා කෙහෙල ගහට ඇනලා හොට පටලවා ගත්තාක් මෙන් එම්ඩන් ටත් වැඩේ වැරදුනා. ශාන්තිකර සාගරයේ කොකෝස් දිවයින් අසලදී ඔස්ට්‍රේලියාවට අයත් එච්.එම්.ඒ.එස්. සිඩ්නි නෞකාව සමග පැවති සටනින් එම්ඩන් නැව විනාශ වුනා. 1914 දී.

එහෙත් විනාශ වීමට පෙර ඒ නැව විවිධ උපක්‍රම යොදාගනිමින් සතුරු නෞකා නොමග යවමින් කල ප්‍රහාර අපමණයි. එමෙන්ම විවිධ වෙස්වලාගෙන බේරී පලාගිය අවස්ථාද තිබෙනවා. ඉතින් බටහිර ජාතීන් අතර කියමනක් ඇතිවුනා එම්ඩන් වගේ කියලා කපටි වැඩ කරන අය පිළිබඳව. එය අපේ රටට එනවිට ඇම්ඩන් වුනා. වසර 100 කට ආසන්න මේ වචනය දැන් සිංහල වචනයක් වගේ වෙලා. මතක තබාගන්න ඇම්ඩන් යනුවෙන් භාවිත කරන්නේ සිංහල කතා කරන අය පමණයි. (දෙමල කතා කරන අයත් ටික දෙනෙක්) දැන් තේරුනාද මෙය කියවන ඇම්ඩන්ලා ඔක්කොටම කොහොමද ඇම්ඩන් කියන යෙදුම හැදුනේ කියලා? හැබැයි ඔබ ජාත්‍යන්තරයේදී ඇම්ඩන් කියන වචනය යොදලා කතා කලොත් ජාත්‍යන්තර සමාජයටනම් එය වැටහෙන්නේ නැහැ. එම්ඩන්  කියන වචනයත් දැන් එතරම් භාවිතයේ නැහැ.

එම්ඩන් නැවේ කතාව පසුබිම් කරගනිමින්, ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වරයකු විසින්, 2010 – 2011 කාලයේදී ශ්‍රී ලංකාවේදී චිත්‍රපටියක් රූ ගත කල බව, මා වරක් පුවත්පත් වාර්තාවක දුටුවා. නමුත් එම චිත්‍රපටිය ජර්මනියේ හෝ ලංකාවේ මෙතෙක් ප්‍රදර්ශනය වූවාදැයි මා දන්නේ නැහැ.

Comments on: "ඒයි ඇම්ඩන්. . . . .දන්නවද එස්.එම්.එස්. එම්ඩන් කියන්නේ කවුද කියලා?" (59)

  1. යන්තන් පෝස්ට් එක දාලා.. කියවලාම බලන්නම්..

    • http://dreamsofharee.blogspot.com/2012/07/blog-post_27.html?showComment=1343492398778#c4994151189453364168

      ලින්ක් එක වෙන්න ඕනෙ මේක.. කමෙන්ට් එක පබලිශ් කරන්න ඕනෙ නෑ..

    • කවුද හිතුවෙ ඇම්ඩන්ගෙ ජාතකේ මේ වගේ කියලා.. හයියෝ..

      ටයිටැනික් නැවෙත් ඔය වගේ බොරු දුම් කවුළුවක් තිබුනලු නේද?

      ‘සීතල ගණන් කාරයා’ ඇහුවෙත් අදයි..

      අර වතුරෙ බැහැල යන හමුදා සොල්දාදුවො දැකලා මගේ හිත අවුරුදු ගාණක් අතීතෙට ගියා.. මට අවුරුදු තුනේදි විතර ඔය වගේ ගේ පිටිපස්සෙ තිබ්බ ඇලකින් සොල්දාදුවො ආවා මතකයි.. ඒ එනකොට මම රතු පංගහක් කකා හිටියෙ.. ඒගොල්ලො අපේ තාත්තව එක්කන් ගියා.. තාත්තා විතරක් නෙමෙයි ගමේ ඔක්කොම පිරිමින්ව.. පස්සෙ තාත්තා කිව්වෙ බිල්ලෙක් ඉස්සරහින් යැව්වා කියලා.. බිල්ලා ඔළුව වැනුවෙ නැති නිසා තාත්තා බේරුනා..

  2. “එස්.එම්.එස් එම්ඩන්” මොකක්ද මේ එස්.එම්.එස්. කියන්නේ ???

    ඇම්ඩන් හැදුණු හැටි දැනගත්තු එක හොඳා. මේ එම්ඩන් නැවේ හිටිය ඇම්ඩන් වැඩ කරපු කපිතාන්ගේ නමක් එහෙම දන්නේ නැද්ද 🙂

  3. එම්ඩන් නැව ලංකාවට දකුණින් ඒත් ඒ ආසන්නයෙන් ගමන් කිරීම නිසා යුධ භීතියක් ලංකාව තුළ ඇතිවුනා කියලා කියවලා තියෙනවා මතකයි.. එවකට යාල වනෝද්‍යානයේ භාරකරුව හිටපු එංගල්බ්‍රෙට්ට රාජද්‍රෝහී චෝදනා ආවෙත් මේ කාලෙ එම්ඩන් නැවත් එක්ක රහසින් තොරතුරු හුවමාරුකරගත්තා කියලයි ඒකෙ කියලා තිබුනෙ..

    • තව ටිකක් විස්තර දැම්මොත් කියවන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    • 1914 සැප්තැම්බරයේදී හොර රහසේම මදුරාසියට ළගාවන එම්ඩන් වරායට පහර දීලා ඒකෙ තිබුනු තෙල් ටැංකි විනාශ කරනවා.. ඊට පස්සෙ ලංකාවෙ වෙරළාසන්නයෙන් දකුණට ගමන්කරලා (මොකක් හරි හේතුවක් නිසා කොළඹ වරායට පහර දෙන්නෙ නෑ) දකුණු වෙරළ ඔස්සේ ගිහින් තමා ඕස්ට්‍රේලියාවට යන්නේ.. මේ වෙනකොට යාල වනෝද්‍යානයේ භාරකරු විදියට ඉන්නේ හෙන්රි එන්ගල්බ්‍රෙට්, මොහු ජර්මන් සම්භවයක් සහිත බෝයර් ජාතිකයෙක්.. දන්නවනේද බෝයර් යුද්ධය ගැන.?? එන්ගල්බ්‍රෙට් ලංකාවට එන්නෙ බෝයර් යුධ සිරකරුවෙක් විදියටයි.. නමුත් පස්සෙ එයාගෙ හැසිරීම හොද නිසා යම් තරමක නිදහසක් ලබලා, ඉංග්‍රීසින්ගේ විශ්වාසයත් යම් තරමකට දිනාගෙන මේ වෙනකොට වනජීවී නිළධාරියකු විදියට රැකියාව කරමින් ඉන්නේ.. ඉතින් එම්ඩන් නැව දකුණු වෙරළ පහුකරද්දි හොර රහසේ නැවට අවශ්‍ය මස් සැපයීම හා තොරතුරු සැපයීම කියන චෝදනාවලට ලක් කරලා එන්ගල්බ්‍රෙට්ව අත්අඩංගුවට අරන් හිරේ දානවා.. ඇත්තටම ඒක බොරු චෝදනාවක්, ඒත් ඉතිං පැවැති යුධමය තත්ත්වය හා එන්ගල්බ්‍රෙට්ගේ ජර්මානු සම්භවය ගැන හිතුවම මේක පුදුම ‍වෙන්න දේකුත් නෙවෙයි..

      අන්තර්ජාලයේ මේ ගැන තොරතුරු ඇත්තේම නැති තරම්.. මෙන්න මේ පොත තියෙනවා කියලානම් දැනගන්නට ලැබුනා..

      “එන්ගල්බ්‍රෙට් – යා‍ලෙහි රජකල අප්‍රිකානු සිරකරුවා” කතෘ: විජේසිංහ බෙලිගල්ල

      • අන්තර්ජාලයේ කොතැනක හෝ ඔය තොරතුරු ඇති. සොයන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. උත්සාහයක් දරලා බලන්නම්. කෙසේ වෙතත් ඔබෙන් ලද මේ තොරතුරු පාඨක දැනුම වර්ධනය කරගැනීමට ලොකු රුකුලක් වුනා. බොහොම ස්තුතියි ඔබට.

      • ඔය විස්තරයට මේ ටිකත් එක්කසු කරන්ඩ … , යාල සිටි එන්ගල්බ්‍රෙට් පාවා දෙන්නෙකුයැයි චෝද්නා ඉදිරිපත් කලේ එවකට එහිසිටි කෝරලේ කෙනෙක් බව සදහන් … පසුව එය ඔප්පු කිරීම සදහා පදින්චි නිවස පිටුපස ගොඩ ගසාතිබූ හිස් මත්පැන් බෝතල වගක් ඉදිරිපත් කරලා තියනවා … නමුත් මේ මත් පැන් බෝතල ඊට පෙර දඩයම් චාරිකා සදහා යාල පැමිනි විදේශිකයන් ගෙන් ලබා ගත් ඒවා බව පැව්සුවත් යුද තත්වය මත් එන්ගල්බ්‍රෙට් අත් අඩන්ගුවට ගන්නවා …
        1 වන ලෝක යුධ්දය නිමා උනාට පසු නැවත නිපදවන ලද නව ජර්මන් S.M.S එම්ඩන් යුද නැව කොලඹ් වරායට මිත්‍රත්ව චාරිකාවක් ස්දහා එනවා. එහිදී නැවේ අනදෙන නිලදාරී තැන තම පලමු එම්ඩන් නැව එන්ගල්බ්‍රෙට් හෝ කිසිදු ලාන්කිකයකු සමග සබ්දතා පැවැත්වූ බව ප්‍රතික්ශෙප කරනවා …..
        ඇත්තටම සිදු වුනේ විදේශිකයන්ගෙන් එන්ගල්බ්‍රෙට් ලැබුනු උදව් සහ පිලිගැනීම ගැන ඊර්ශ්‍යා කල ලාන්කික ප්‍රභූ කීප දෙනෙකු විසින් එන්ගල්බ්‍රෙට් පාවා දීමයි.

        • හොඳ වටිනා විස්තරයක්. මේ ඔක්කොම තොරතුරු එක තැනකට ගත්තොත් ඉතා වටිනා ලිපියක් ලියන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ තොරතුරු වලට. හාපෝ . . අපේ ලාංකික ප්‍රභූලා ගිය ගිය තැන වනසනවනේ.

  4. දැන් බලන්ඩ.. ලෝකෙන්ම එම්ඩන්ව මතක තියන් ඉන්නෙ ලංකාවෙ අය විතරයි.. ඒ කියන්නෙ ලංකාවෙ අය ඇම්ඩන්ලා..

    අපේ ජනප්‍රවාද වල ඉන්නෙ ඇම්ඩන් කියලා නසරානි වැඩකරන පොඩි කොළුවෙක් නේද ? උගේ ජාතියෙ වැඩ කරන උන් ඔක්කොම ඇම්ඩලා…මට ඇම්ඩා කිව්වම මතක් වෙන්නෙ දගයා කාටුන් එකේ ඉන්න පොඩි කොල්ලව..

    එස්.එම්.එස් එම්ඩන් නැවේ කතාව ඇහුවෙත් අදමයි..

    • ඇම්ඩන්/එම්ඩන් කතාව මම ඇහුවේ යුද හමුදාවෙන්. නමුත් මේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ එය ලියන්න නිමිත්තක් පහල වුණේ නැහැ මෙතෙක් කල්. ඔබ සියලු දෙනා මගේ බ්ලොග් එකේදී දක්වන අදහස් සහ ඔබේ බ්ලොග් වලදී මා දක්වන අදහස් වලින් මගේ මතකයේ යම් යම් දේවල් අලුත් වෙනවා මෙවැනි දේ ලිවීම සඳහා.

  5. මේ බ්ලොග් එකට මම ආවේ පලවෙනි වතාවටද මන්දා ..බලපු පලවෙනි ලිපියෙන්ම හිතට පුදුම විදිහට අල්ලලා ගියා ..අපි නොදන්න දේවල් ගොඩක් ඔබ ලියලා තියනවා ලිපි හතරක්ම අද කියෙවුවා .බොහොම ස්තුතියි මේ දේවල් ලීවාට

    • බොහොම ස්තුතියි පැමිණීම ගැන. මේ මාසයේ (ජූලි) මෙලෙස පළමු වතාවට පැමිණි බව සහ මේ බ්ලොග් එක ඇගයීමට ලක් කල තුන් වැනියයි ඔබ. නිතර පැමිණෙන ලෙස ඇරයුම් කරනවා. බොහොම ස්තුතියි ඇගයීම පිළිබඳව.

  6. විසිතුරු | visituru said:

    ඇම්ඩන්ගේ ජාතකේ දැන ගත්තේ අදනේ!

  7. ලියමුද බලන්න ජපන්නුන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ගැන ලිපියක් ,මම කැමතියි ඒ ගැන මතකය අලුත්කර ගන්න …

  8. අපි මේ ඇම්ඩ, ඇම්ඩ කිව්වට බලාන ගියාම ඇම්ඩත් ජර්මන්කාරයෙක්නේ. කාටද ආඩම්බර.

  9. කියෙව් නමුත් ලිපි කීපයක් අද තමයි මුලින්ම කොමෙන්ට් කලේ… උඹේ මලකෙලි ජූලි ලැයිස්තුවෙන් නං ගැලවුනා ඕං මොකද අද අගෝස්තු නිසා…
    …
    …බලාගෙන යනකොට උඹත් මාර ඇම්ඩෙක්නෙ… ස්තුතියි සහෝ තොරතුරු වලට…..

  10. ඇහුවමයි ඇම්ඩන් ගැන ඔහොම කතාවක්…
    උපරිමයි. තව ඕනි. (මේ කතා එකතු කරල පොතක් ගහන්න හිතෙනව. ඇත්තයි- මොකෝ හිතන්නෙ)
    ජය වේවා,,,

    • අපි ලෝකය වෙත නිරීක්ෂනාක්ෂිය වඩාත් හොඳින් යොමු කලොත්, බලන්න දේවල් එමටයි. දෙසවන් යොමු කලොත්, අසන්න දේවල් එමටයි. සොයන්න පටන් ගත්තොත්, හමුවන දේවල් එමටයි. එයින්, මටත් ඔබටත් ඵලක් ප්‍රයෝජනයක් වෙන දෙයක් සඳහා, මම අසමි දකිමි සොයමි
      පොතක් ගහන්න තරම් තවම කරුණු මදි කියලයි මටනම් හිතෙන්නේ.

  11. ඒයි ඇම්ඩන් . . . ඊළඟට කියන්නේ ඇම්ඩන් ගැන
    මේකතමා එහෙනං නොකියා කියුවේ

    මගේ නොදන්න කමටයි . පිළිවලක් නැතිකමටයි.ඊතල තූන හතරක් එව්වා.සී සීකඩ වැටිලා ඇති තරහා නැතූව අහුලා ගන්නවාද

    • නොකියා කීමත් එක කලාවක්නේ අටම්. දැන් බලන්න ඉස්තිරියාවෝ කොහොමද කියන්නේ අපි පොඩ්ඩක් ලං වෙන්න ගියාම. ‘හඃ එන්න එපා දන්නවද’ කියලනේ කියන්නේ. ඒ කියන්නේ දන්නවනම් එන්න දන්නේ නැත්නම් එන්න එපා කියලනේ.

      ඊ ටික හොයාගෙන පිළිතුරු එවන්නම්.

  12. ක්සැන්ඩර් | Xander said:

    කමෙන්ට්ස් ටිකයි පොස්ට් එකයි නම් ගොඩක් වටිනවා. හදිස්සියේ මේ කමෙන්ට් කරන්නේ. මගේ නෙට් කනෙක්ෂන් එක නැතුව ඉන්නේ මේ ටිකේ.

    • මට හිතුනා පැය තුනකට හිරේ ගිය ගමන තවම ඇතුළෙද කියලා. ඔය පැත්තෙත් කනෙක්ෂන් දෙන්නේ අපේ ටෙලිකොම් එකෙන්මද? 🙂

      • ක්සැන්ඩර් | Xander said:

        ඒ හිටියා නම් හොඳයි වගේ තව. ඔෆිස් එකෙන් මට දීල තියන නෙට් කනෙක්ෂන් එකට මුන් සල්ලි දාලා නෑ. එහෙ වගේ නෙවෙයි නේ. තිතට වෙලාවට දුන්න ෂොට් එක.

  13. අපි නිතරම භාවිතා කරන වචනයක් මේ වගේ පහදලා දීම ගැන තුති..

    • ඉතාම ස්තුතියි අරුණි. මම ෆිල්ම් එක හොයලා බාගත කරගන්න හෝ කෙලින්ම බලන්න උත්සාහ කරන්නම්. එත් ඉතින් 2013 ජනවාරි වලින් පස්සෙනේ මේක තිරගත වෙන්නේ. තවත් අය මේ ක්ලිප් එක නිසා දැනුවත් වීම ගැන ඔබට පින්.

  14. පට්ට article එක පට්ට පට පට

    • ඇත්තටම මේ වගේ අපි නොදන්නා දේවල් තව කොච්චර ඇද්ද. අපි ඔක්කොම උනන්දු වුනොත් ඔබෙත් මගෙත් බ්ලොග් අඩවි මෙවැනි තොරතුරු වලින් පුරවන්න පුලුවන්. ස්තුතියි ඇගයීමට.

  15. විචාරක මහත්මයා මම කොතනක හරි කියෙව්වා වගේ මතකයි යාල උද්‍යාන භාර නිලදාරියා බෝයර් සිරකරු එන්ගල්බ්‍රෙට් මියගියේ සිරගෙදර ම කියලා … ඒ කියන්නේ මේ එම්ඩන් නැවේ සිදුවීමට ඔහුව නිදොස් කරන විට ඔහු මිය ගිහින් ….!
    මේ විස්තරය පොඩ්ඩක් තහවුරු කර ගත යුතුයි දන්න කෙනෙක් ඉන්නවනං ලියන්න….

  16. මම අහලා තියන විදිහට එංගල් බ්‍රේක් තමා යාලේ පලවෙනි නිලධාරියා, මේ පෝස්ට් එකෙන් කතා ගොඩක් එලියට ඇවිල්ලා නේද,,පොඩ්ඩක් පරක්කු උනා කියවන්න එන්න,

    • පරක්කු වී හෝ ඔබේ පැමිණීමයි වැදගත්. මමත් කමෙන්ට්ස් වලින් ගොඩක් තොරතුරු දැනගත්තා. තවත් තොරතුරු හොයාගත්තොත් ලිපියක් සකස් කරන්න පුළුවන්. පැමිණීම සහ අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  17. ප්‍රසිද්ධ වචනෙකට අමුතු ආරම්භයක්
    දැනගත්ත එක හොඳා
    තුති!

    • මගේ මතකය නිවැරදි නම් ඔබ මීට පෙර මෙහි පැමිණ නැහැ. මුලින්ම ඔබව සාදරයෙන් පිලිගන්නවා. නිතර ආවොත් දැනුම වර්ධනය වන තවත් දේ දෙන්නම්.

  18. හොඳ පොස්ට් එකක්

  19. ඔබ කියා ඇති ආකාරයටම ඔය නැව පිළිබද චිත්‍රපටය 2011 ජනවාරි මස හා පෙබරවරි මස. ගාල්ල. දික්වෙල්ල . රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව රූ ගත කෙරුනා. ඒ සදහා ශ්‍රී ලංකාවෙහි නිෂ්පාදන ආයතනය වශයෙන් THE FILM TEAM ( http://www.thefilmteam.com/FEATURE_FILMS.html ) ආයතනය කටයුතු කරනු ලැබුවා. මා එහි සහාය දර්ශනතල කළමනා කරු වශයෙන් කටයුතු කරනු ලැබුවා. මෙහි රූ ගත කිරීම් සදහා අවශ්‍ය කරනු ලබන නැව. මැලේසියාව සිට ගෙන්වනු ලැබුවා. පසුගිය ජුනි මස එහි මංගල දැක්ම ESSEN, GERMANY හි පවත් වනු ලැබුවා.
    http://www.imdb.com/title/tt1808067/
    http://www.facebook.com/media/set/?set=a.1080477293051.2013823.1259874930&type=3
    http://www.facebook.com/media/set/?set=a.395631847154357.106056.258554074195469&type=3
    http://www.facebook.com/media/set/?set=a.413028625414679.108899.258554074195469&type=3
    http://www.facebook.com/media/set/?set=a.412281535489388.108761.258554074195469&type=3

    ( ඔබගේ මේ වනතෙක් ඇති සියලු ලිපි කියවූ අතර අපහට මෙවන් දැනුමක් ලබා දීම ගැන ඔබතුමන්ට බෙහෙවින් ස්තුති වන්ත වනවා )

    • තරමක් ප්‍රමාදවී හෝ මේ වටිනා තොරතුරු ලබාදීම පිළිබඳව ඔබට අනේක වාරයක් ස්තුතිය ප්‍රකාශ කරනවා. චිත්‍රපටිය ලංකාවට එනවානම් එදාටත් අපව දැනුවත් කරන්න. ලිපි ඇගයීම පිළිබඳවත් ලබාදී ඇති ලින්ක්ස් පිළිබඳවත් බොහොම ස්තුතියි.

      • බොහොම ස්තුතියි.
        මෙම චිත්‍රපටය ලංකාවෙහි තිරගතවීම පිලිබදව තවමත් සදහනක් තවමත් නැහැ. තිරගත වන බව දැනගත් විගස දැනුවත් කිරීමට කටයුතුකරන්නම්.

  20. හප්පේ අදනේ බොලේ දන්නේ මේ විස්තර ටික අර හෙන ඇම්ඩා කියල කිව්වට දන්නේ නැහැනේ ඇම්ඩා කියන වචනේ හැදුන හැටි
    කෝරලේ වලව්ව

  21. Apoo dennam oya wage Amdanla ona tharam enne apee parliament eke.supirima Amdo thama ethin ..?

  22. […] ඉන්නවා ඇම්ඩා. මෙයා ගැන මම ලිපියක් ලියා තිබෙනවා. මේ තමයි HMS EMDEN නෞකාව. 1944 දී […]

http://atampahura.blogspot.com/ වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න