විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ඌන පූරණයක්


යුද හමුදාවේ සාමාන්‍ය සෙබළකු හඳුන්වන නම එක් එක් රෙජිමේන්තුව අනුව වෙනස්වන බව මා සඳහන් කළා ඔබට මතක ඇති. එහිදී මා කාන්තා බලකාය ගැන සඳහන් කරමින් කියා සිටියේ, කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළියක හඳුන්වන්නේ කාන්තා සෙබළ හෙවත් කාසෙ යන නමින් බවයි. එහෙත්, යුද හමුදාවට බඳවා ගන්නා සියලුම සෙබළියන් / නිළධාරිණියන්බඳවා ගන්නේ කාන්තා බලකායටම නොවේ. උදාහරණයක් වශයෙන් යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත පොලිස් රාජකාරි සඳහාත්, යුද හමුදා පොදු සේවා බලකාය වෙත ලිපිකරු/පරිගණක දත්ත ඇතුළත් කිරීමේ ලිපිකරු, වැනි රාජකාරි සඳහාත්, සංඥා බලකායේ දුරකථන ක්‍රියාකරු/පරිගණක ක්‍රියාකරු/දත්ත සැකසුම් වැනි රාජකාරි සඳහාත්, සැලසුම් ශිල්පී වැනි කටයුතු සඳහා ඉංජිනේරු බලකාය වැනි රෙජිමේන්තු සඳහාත්, හෙද රාජකාරි සඳහා වෛද්‍ය බළකාය වෙතත්,  සෙබළියන් බඳවා ගන්නවා.

ඒ අනුව ඔවුන් පොලිස් හෝ පොදු සේවා බලකායේ නම් සාමාන්‍ය සෙබළ (සාසෙ) ලෙසත්, සංඥා බලකායේ නම් සංඥා සෙබළ (සංසෙ) ලෙසත්, ඉංජිනේරු බලකායට අයත් නම් ඉංජිනේරු සෙබළ (ඉසෙ) ලෙසත් හඳුන්වනවා. ඊයේ පෙරේදා සුපිරි තරුවක් වුනේ ඉංජිනේරු සෙබළියක්. (ඉසෙ) ඒ නිසා වරදවා වටහා ගන්නට එපා, යුද හමුදාවේ සිටින සියළුම කාන්තා නිළධාරිණියන් හා සෙබළියන් අයත්වන්නේ කාන්තා බලකායට පමණයි කියා.

Comments on: "ඌන පූරණයක්" (27)

  1. ඒකත් කිව්ව එක හොඳයි. හැබැයි ඌණ පූරණය කියන මාතෘකාව දැක්කාම මම හිතුවේ අහන ප්‍රශ්නවල හැටියට ලොකු ඌණ පූරණයක් තියේවි කියලා 🙂

  2. ම් ….. මොකද ඔබතුමා ඒක මේ එකපාරම විශේෂයෙන් සඳහන් කරන්න යෙදුනේ …….

  3. ඔන්න අපේ කෙල්ලෝ ටිකක් හමුදාවට යනව කියල අපිටත් නොන්ඩි දාල, හෙන ටෝක් පාරකුත් දීල ඉන්ටර්විව් ගියා. කව්ද දන්නෙ පිරිම අය වගේම කෙල්ලන්ටත් යට ඇදුමෙන් මොකක්ද පරීක්ෂණ තියනවලු නේද,,, ඕකෙන් මේකෙන් කව්රුත් හමුදාවට බැදුනේ නෑ. අපි නම් ඇති වෙන්න නොන්ඩි කලා.

    • යට වුනත් ඒකත් ඇඳුමක්නේ, එක මොහොතක් ‘මගේ නෙවෙයි වගේ’ හිටියනම් ‘කිසිදු හානියකින් තොරව’ ඉන්ටර්වීව් එක පාස්.

  4. ඔන්න සර් ඒකත් බැලුවා දැන් ඒකත් දන්නවා කියමුකෝ දැන් ඊ ලගට එක්කො ඕන්නැ

  5. No Comments…..

  6. ක්සැන්ඩර් | Xander said:

    කොහොමින් හරි දැනුමට දෙයක් එකතු වුනා. ඒ ඇති.

  7. ලිපියට අදාල දෙයක් නොවීම ගැන කනගාටුයි. ඔබ ගැන මම දන්නේ මේ බ්ලොග් එක හරහා පමණයි. නමුත් මාරයගේ හෝරාව කියවන කොට මට පොඩි බයක් ඇති වුනා ඔබත් මේ දේශපාලන ගොහොරුවට වැටෙයිද? කියා. මැතිතුමණි ඔබට ගැලපෙන්නේ එතැන නොවෙයි. ඔබ හොද දැණුම සාගරයක්. වි.ජ. මුට වුණ දේ ඔබ දන්නවනේ. තව එක් කෙනෙක්ටවත් එවන් විපතක් වෙනවට මම නම් අකමැතියි. ඔබගේ සේවය දැයේ දරුවන් වෙත දෙන්න. විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙන්න. නැත්නම් පොත් ලියන්න. ඔබට ජය!!!

    • අනිවාර්යයෙන්ම මම කරන්නේ පසුපසින් සිට අත දීම පමණයි. වෙදිකාවකටවත් නගින්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබේ උපදේශයට. අපේ ගෙදර ඇත්තන්ගේ සහ මගේ ලඟම හිතවතුන්ගේ (ඔබ සියලු දෙනාත් දැන් ලඟම හිතවතුන් තමයි) මතයත් ඔබේ මතයම තමයි. මම ගාගෙන නාගන්ඩ යන්නේ නැහැ.

  8. ඔන්න මමත් මේ පැත්තට ආවා හාපුරා කියලා… තොරතුරැ වලට ස්තූතියි !

  9. ඔබතුමාගෙ ලිපි කියෙව්වත් කමෙන්ට් එකක් දාන්නෙ අද.කලින් ලිපි කීපයකින් විස්තර කල බිස්මාර්ක් නැව ගැන ලියපු සිංහල පොතක් මගෙ ලඟ තිබුනා. “අපරාජිත බිස්මාකය” කියලා. පොතේ කතෘ නම් මතක නෑ.මේක ලියන්න කලින් පොත හොයා ගන්න උත්සාහ කලත් බැරිවුනා දාපු තැන මතක නෑ. සිරිසේන මාඉටිපේ කියලා පොඩි මතකයක් තියනවා නමුත් හරියටම විශ්වාස නෑ.ගුගල් දෙයියන්ට පින්සිද්ද වෙන්න කතෘ හම්බවුනා මුනිදාස සෙනරත් යාපා.පොතේ තියන ලොකුම අවුල හැම දෙයකටම සිංහල වචන යොදාගන තියන එක.සමහර වචන තරමක් අස්වාභාවිකයි වගේ.කාලතුවක්කු වෙනුවට ගජනා කියනවා.Hydraulically loaded twin barrels කියන එක තාරලික පුරවන වගෙ වච්නයක් තිබුනා.හැබැයි පොත සමස්තයක් හැටියට හොඳයි.’Sinking The Bismark” video එක නම් මා ලඟ තියනවා.

    • මට හරි සතුටුයි ඔය පොත කා ළඟ හෝ තිබෙන බව දැන ගැනීමත්. මම 9 වැනි ශ්‍රේණියේ ඉන්නකොට ඔය පොත කියෙව්වේ. 1960 ගණන්වල. ඒ භාෂාව මටත් හොඳට මතකයි. පාලොසඟුල් ගජනා කියලා තමයි තියෙන්නේ, අඟල් 15 කැලිබරයේ කාලතුවක්කු වලට. ඉතා ගැඹුරු සිංහල එවැනි කතාවකට තරමක් ගැලපෙනවා මදි බව මම ඒ කාලෙත් හිතුවා. පරිස්සමෙන් තියාගන්න. වටිනා පොතක්. Sink the Bismarck නමින් 1960 දී නිපදවූ චිත්‍රපටිය මා ලඟත් තියනවා. මේ ලඟදි මගේ DVD ගබඩාව ඇවිස්සීමෙන් තමයි ඔය ලිපිය ලියන්න නිමිත්ත පහල වුණේ.
      කමෙන්ට් දැම්මත් නොදැම්මත් ඔබේ දැනුමට යමක් එකතුවීම ගැන සතුටුයි.

  10. සැරිසරණ අතර තුරේ ඔබේ ගිමන් හලේත් වඩි වි රස බැලුවෙමි මා.

  11. තැන්කුයි ඔය විස්තර ටික පළ කරාට….. අපි ඔය පැත්ත ගැන වැඩිය දන්නේ නෑ නේ…..

Senna වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න