විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  පසුගිය ලිපියෙන් ඔබට හමුදා නිල පිළිබඳව මූලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා සිතනවා. එහිදී මා යුද හමුදාව විශේෂ කර කරුණු දැක්වුවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සම්බන්ධයෙන්ද එම තත්වය බොහෝ දුරට එසේමයි. කෙසේ වෙතත් මේ ලිපියෙන් මම විශේෂ අවධානය යොමු කරන්නේ, ලිපියේ මාතෘකාවටද ගැලපෙන පරිදි ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිල මොනවාද යන්න පැහැදිලි කිරීමටයි. මෙහිදී මා සමහර නිල හැඳින්වීම සඳහා සිංහල නම් යොදා ඇතත්, වර්තමාන ව්‍යවහාරය ගැන සිතා ඉංග්‍රීසි නම්ද යොදා තිබෙන බව කාරුණිකව සලකන්න.

සෑම සන්නද්ධ සේවයකටම අලුතෙන්ම බැඳෙන ආධුනික නිලධාරීන් හඳුන්වන්නේ කැඩෙට් නිළධාරීන් (Officer Cadets) කියායි. මොවුන් අධිකාරියට පත්කරනතුරු ‘නිලධාරි’ (Officer) නමැති වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඒ නිසාත්, ඔබට ඔවුන් සාමාන්‍ය සමාජයේදී දකින්නට නොලැබෙන නිසාත්, ඔවුන්ගේ නිල ලාංඡන ගැන කතා නොකර මා ඔබට පෙන්වන්නේ අධිකාරි ලත් නිලධාරීන්ගේ (Commissioned Officers) ලාංඡන පමණයි. මුලින්ම බලමු යුද හමුදා නිලධාරීන්ගේ ලාංඡන. මේ ලාංඡන පිළිබඳව විශේෂ කරුණක් සඳහන් කල යුතුයි. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන මීට වඩා ඉතා අලංකාරයි. එහි ස්වභාවික පෙනුම සහිත මාධ්‍ය රූප සොයන්නට සෑහෙන වෙහෙසක් ගත්තත්, එය සාර්ථක වුයේ නැහැ. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන දක්වා තිබෙන්නේ ඒවා පළඳින නිල ඇඳුමේ උරහිසේ ඇති  රෙදි පටිය ද සහිතවයි. (එය හඳුන්වන්නේ ඇපලට් Epulette යන නමින්) යුද හමුදාවේ ඇපලට් එක හමුදා නිල ඇඳුමේ තිබෙන කොළපාටින් තිබිය යුතු බවත්, එම ලාංඡන, රිදී, රත්රන්, ක්‍රෝම් හෝ කළු පැහැයෙන් තිබිය යුතු බවත්, මතක තබාගන්න. එක් එක් නිලය හඳුන්වන නම් පැහැදිලි මදිනම් ඒ රූපය මත ‘ක්ලික්’ කර රූපය විශාල කර බලන්න. පිලිවෙලින් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව දක්වා තිබෙන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතාවය අනුවයි. එසේම ත්‍රිවිධ හමුදාවේ එක් එක් නිලයට සමාන නිලය බලාගැනීමටත් එයින් ඔබට පහසු වනවා ඇතැයි සිතනවා. සෑම විටම අංක 1 යොදා තිබෙන්නේ පහලම නිලයට බවද මතක තබාගන්න.

ඉහත දැක්වෙන රූප සටහන් තුන දෙස හොඳින් බැලුවොත්, ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් නිල 10 කට අයත් වන අතර, නාවික හමුදාවේ නිලධාරීන් අයත් වන්නේ නිල 9 කට පමණක් බව. එයට හේතුව මෙයයි. යුද හමුදාවේ 2 වැනි ලුතිතන් තනතුරට හෝ ගුවන් හමුදාවේ නියමු නිලධාරි තනතුරට හෝ සමාන නිලයක් නාවික හමුදාවේ  නැහැ. නාවික හමුදාවේ උප ලුතිතන් සමාන වන්නේ යුද හමුදාවේ ලුතිතන් සහ ගුවන් හමුදාවේ පියාසර නිලධාරි නිලයටයි. ඒ නිසා ඉහත රූප සටහන් බැලීමේදී, නාවික හමුදාවේ අංක 1 සමාන වන්නේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ අංක 2 ට බව මතක තබාගන්න.

මෙහිදී මා සිතුවා මේ සමගම පොලීසියේ නිළ පිළිබඳවත් රූප සටහනක් ඇතුලත් කරන්න. එය පහත දක්වනවා.

මා පසුගිය ලිපියේද සඳහන් කල පරිදි පොලීසිය යනු දෙපාර්තමේන්තුවක්. ඒ නිසා සන්නද්ධ සේවා සමග පොලීසිය සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. මෙහිදී මා අදහස් කරන්නේ ඔබේ දැනුම වර්ධනය කිරීමට විනා එක් එක් ආරක්ෂක අංශයේ උසස් පහත්කම් සෙවීම නොවන බව අවධාරණය කරනවා.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ එක හා සමාන නිළ මොනවාද යන්න දැනගත් නිසා, නිලධාරීන් නොවන, සෙසු නිලයන්ගේ විස්තරත් සොයා බලමු. නිලධාරීන් නොවන අය හඳුන්වන පොදු නාමය තමයි සෙසු නිළ (Other Ranks) කියන්නේ. එයින් ලාන්ස් කෝප්‍රල් සිට බලලත් නිලධාරි 1 දක්වා පිරිස හඳුන්වන්නේ කොමිෂන් නොලත් නිලධාරීන් යනුවෙන්.(Non Commissioned Officers = NCO’s) මේ කොමිෂන් නොලත් නිලධාරීන් අතරින් මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරි 2, බලලත් නිලධාරි 1 යන නිලයන් (Staff Sergeant, Worrent Officer Class II, Worrent Officer Class I) ජ්‍යෙෂ්ට කොමිෂන් නොලත් නිලධාරීන් ලෙස හඳුන්වනවා. (Senior NCO’s) ත්‍රිවිධ හමුදාවේම මේ ආකාරයට මේ වර්ග දෙක තිබෙනවා. අපි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනේගේ ඒක සමාන නිළ මොනවාද යන්න බැලූ ආකාරයටම සෙසු නිලන්ගේ එක සමාන නිළ මොනවාද යන්න බලමු.

සාමාන්‍යයෙන් බලලත් නිලධාරියකු තම නිලයට අදාළ ලාංඡනය අඳින්නේ ඔරලෝසුවක් බඳින ආකාරයට, බකල් එකක් සහිත හම් පටියක සවිකර, සිය දකුණු අතෙයි. එහෙත් සමහර රෙජිමේන්තු වල බලලත් නිලධාරීන් තම නිළ ලාංඡනය අඳින්නේ නිළ ඇඳුමේ කමිසයේ දකුණු අතේ උඩ බාහුවෙයි.  නාවික හමුදාවේත් ගුවන් හමුදාවේත් එවැනි වෙනස්කම් තිබෙනවා.

ඔබ දැක ඇති යුද හමුදාවේ නිලධාරීන් මෙන්ම සමහර සෙසු නිලයන්ද යෂ්ටියක් (Batton) පාවිච්චි කරන බව. නිලධාරීන් සියලු දෙනාම සාමාන්‍ය රාජකාරි නිළ ඇඳුමෙන් සිටිනවිට යෂ්ටිය දැරිය යුතුයි. සෙසු නිලයන් අතරින් යෂ්ටිය දරන ප්‍රධාන නිලයා වන්නේ බල ඇණියක රෙජිමේන්තු සැරයන් මේජර් වරයායි. (Regimental Sergeant Major – RSM) ත්‍රිවිධ හමුදාවේම එම නිලයට සමාන නිලයන් එසේ යෂ්ටියක් පාවිච්චි කරන අතර එය තමයි හමුදා නිලයකු විසින් පාවිච්චි කරන විශාලතම යෂ්ටිය. එය අඟල් 1  1/2  ක පමණ විෂ්කම්බයකින් යුක්ත වන අතර අඩි 3  1/2 ක් පමණ දිගයි. එය හඳුන්වන්නේ කේන් මලයා (මලයා කියන්නේ මල්ලි නෙවෙයි මලයාව කියන රට) යන නමින්.

මේ හැර හමුදා සරඹ උපදේශකයන් (drill Instructor) පමණක් පාවිච්චි කරන විශේෂ යෂ්ටියක් තිබෙනවා. එය හඳුන්වන්නේ ෆේස් ස්ටික් (Phase Stick) යනුවෙන්. මෙය හරියට විශාල කවකටුවක් වගෙයි. තමන් ගමන කරන අතරම මේ ෆේස් ස්ටික් එකේ පාද දෙක ‘ටක් ටක්’ හඬින් පොළොවේ තබමින්, සරඹ උපදේශකයකු ගමන් කරන ආකාරය බලන්න ලස්සනයි. හමුදාවක සියලු සරඹ (ගමන් කරන්නේ කොහොමද, ආචාර කරන්නේ කොහොමද, ආදිය) පිලිබඳ සම්මත නීති රීති තිබෙනවා. ඒවා ලියා තිබෙන විශේෂ පොත් වර්ගයක් තිබෙනවා සරඹ උපදෙස් පොත් හෙවත් (Drill Pamphlets) යනුවෙන් . ඒවා උගන්වන්නේද ගුරුවරුන් පාසලේදී පාඩම් සටහන් සකස් කරනවාක් මෙන් (Lesson Notes) වලට අනුවයි. (සෑම අවියකටම වුවත් එවැනි උපදෙස් පොත් සහ පාඩම් සටහන් තිබෙනවා. T 56 අවිය උගන්වන්නේ පාඩම් පහකින්) පෙළපාලියක ගමන කිරීමේදී සොල්දාදු පියවරක පරතරය මෙපමණකැයි සම්මතයක් තිබෙනවා. ඒ ප්‍රමාණය මනින්නේ ෆේස් ස්ටික් එකෙන්. සරඹ උපදේශකයන් යනු විශේෂඥ පුහුණුව ලද පිරිසක්. නිලධාරීන් වන අපිවත් ඒ අය එක්ක සරඹ පිළිබඳව වාද කරන්න යන්නේ නැහැ. ඉස්සරනම් හොඳම සරඹ උපදේශකයකුට අවස්තාව ලැබුනා එංගලන්තයට ගොස් පුහුණුවන්න.

මේ ලිපියට ඇතුලත් වියයුතු තවත් රූප සටහන් ඇතත් ඒවා සොයාගැනීම තරමක් අපහසුයි. පහත දැක්වෙන්නේ එයට අදාළ කරුණුයි. යුද හමුදාවේ කර්නල් සහ ඊට ඉහල නිලධාරීන්ද, ගුවන් හමුදාවේ ග්රූප් කැප්ටන් සහ ඊට ඉහල නිලධාරීන්ද (නාවික හමුදාවේ නැත) තම නිළ ඇඳුමේ කොලරයේ දෙපස අඳින ලාංඡනයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජෝජට් පැච් – Gorjet Patch’ යනුවෙන්.

මේ ජෝජට් පැච් අඳින්නේ කොලරයේ දෙපැත්තේ. ඒ සමගම පෙන්වන්නම් ඒවා අන්දලා ඉන්න විට පෙනෙන්නේ කොහොමද කියලා. එපමණක් නෙවෙයි, උසස් නිලධාරියකුගේ නිළ ඇඳුමේ තියන තවත් විශේෂ ලක්ෂණ කීපයකුත් පහත දැක්වෙන රූපයෙන් බලන්න.

යුද හමුදාවේ කර්නල් නිලය හා ඊට ඉහල නිලයන්හි නිලධාරීන් ජෝජට් පැච් ඇන්දත්, නාවික හමුදා නිළ ඇඳුමේ එවැනි කොටසක් නැහැ.

ගුවන් හමුදා නිලධාරීන් යුද හමුදාව මෙන් ජෝජට් පැච් අඳිනවා.

තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අඳින හිස්වැස්මේද වෙනස්කම් තිබීමයි. මා මෙහිදී දක්වන්නේ යුද හමුදාවේ උදාහරණය පමණයි.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් පිලිබඳ ඉතා සංක්ෂිප්ත විස්තරයකුයි මා ඉදිරිපත් කලේ. මේ කාරණය සම්බන්ධ සවිස්තරව කරුණු ඉදිරිපත් කරන්නේනම්, දීර්ඝ ලිපි තුනක්වත් ලියන්නට සිදුවන අතර, එය සමහරවිට ඔබට නීරස වන්නට පුළුවන්. එක් එක් හමුදාවල අවේනික ලක්ෂණ සහ එක් එක් එක් රෙජිමේන්තුවල අවේනික ලක්ෂණ පිළිබඳව වෙනමම ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. අදට මේ ඇති නේද?

Advertisements

Comments on: "ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද, (දෙවැනි කොටස) – Equal Ranks of Three Forces (Part Two)" (181)

  1. පීක් කැප්වල තිබෙන නිල ලාංඡනය කර්නල්ගේ ඉදන් ඉහළට එක සමානයි නේද ?? ඒ ලාංඡනය මොකද ??

    • ඕව්, කර්නල් සිට ඉහල නිලවල සියලු දෙනාගේ පීක් කැප්‍ එකේ තියෙන්නේ රාජ්‍ය ලාංඡනය. එහි ප්‍රමාණය (Size) පමණක් විශාල වෙනවා ඊට ඉහල නිළ වලදී.

  2. මේකනම් මරු අයියේ,
    සෑහෙන දැනුමක් ලබා ගන්නේ,
    ඔබට තුති

    • තවත් මෙවැනි ලිපි ඉදිරියේදී එනවා. බලාපොරොත්තුවෙන් සිටින්න.

      • ” පරම වීර විභුෂණ”සාමානයෙන් ලබා දෙන්නේ මියගිය විරුවන්ට නේද ? නමුත් දිනක් මගේ හමුදා සොහොයුරෙක් පැවැසුවා කලක් ඔහුගේ එක්කකයේ (SLSR) සිටි RSM වරයා ඒ පදක්කම(PWV) ලබා ඇති බව හා දැනට ඔහු පනගොඩ යුද හමුදා පන්සලේ Adjutanat ලෙස සේවය කරන බව. පනපිටින් සිටින අයෙකුට මෙම පදක්කම ලබාගත හැකිද ? ඔහු පැවසු අන්දමට මෙම පදක්කම දරන්නාට ඕනම ඉහල නිලයක අයෙක් ආචාර කලයුතුය. මේ පිළිබද පැහැදිලි කරදෙන්න.

        • 1. පරම වීර විභූෂණය මෙතෙක් ජීවත්ව සිටින කිසිවකුටවත් ප්‍රදානය කර නැහැ මම දන්නා තරමින්.
          2. RSM වරයකුට කිසිසේත් Adjutant පත්වීමක් නොලැබෙන අතර පනාගොඩ යුද හමුදා පන්සලට අදාළ එවැනි පත්වීමක් නැත.
          3. පරම වීර විභූෂණය පදක්කම ජීවත්ව සිටින කෙනෙකුට ප්‍රදානය කලොත් ඒ හමුදා සාමාජිකයා පැමිණෙන විට ජනාධිපති තුමාද නැගී සිටිය යුතුයි. ඒ පදක්කම දරන තැනැත්තාගේ නිලයට ඉහල නිල වල අයද ආචාර කල යුතුයි.
          4. දැනට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ පරම වීර විභූෂණය ලබා සිටින අයගේ ලැයිස්තුව මෙතනින් බලන්න.
          http://en.wikipedia.org/wiki/Parama_Weera_Vibhushanaya

    • හමුදා නිලදාරීන් පොලිස් නිලදාරීන්ට ඔඋන්ගේ නිලය අනුව කතා කල යුතු ආකාරයක් තියනවද ? (PC,PS,SI,IP,CI වැනි අයට කොහොමද 2Lt කෙනෙක් කතාකළයුතු ?

      • ඔබතුමාගේ ලිපි මගින් ඉතා අගනා විශාල දැණුමක් අපට ලබා දීම පිළිබද මම ස්තුති වන්ත වෙනවා කරුණාකර හැකිනම් ‘දිගුදුර විහිදුම් ‘ මෙහෙයුම් පිලිබදව හා commando හා SF අතර ඇති වෙනස්කම් පිලිබදවත් විශේෂ ක්‍රියාන්විත පිලිබදව ලිපියක් පලකරන්න. ස්තුති !

      • සාමාන්‍යයෙන් පොලිස් කොස්තාපල් වරුන්ට අපේ රටේ අමතන්නේ රාලහාමි කියලනේ. මා දන්නේ නැහැ ඇයි එය වෙනස් කර ඊට වඩා සුදුසු වචනයක් හඳුන්වා නොදෙන්නේ කියා. ලෝකයේ බොහෝ රටවල කොස්තාපල් Constable කියා තමයි අමතන්නේ. එහි තේරුම නීතිය රකින නිලධාරියා කියන එකයි. හමුදා නිලධාරීන් කොස්තාපල් වරුන්ට අමතන්නේ රාලහාමි කියා. පොලිස් සැරයන්ට සාජන් කියා.2වැනි ලුතිතන් වරුන්ට කියා දෙන්නේ මිස්ටර් කියා පොලිස් පරීක්ෂක වරුන්ට අමතන ලෙසයි.

  3. අගෙයි!!!!!
    මට තිබුනු ලොකුම ප්‍රශ්නයක් තමයි. ඔය තුන් මුල්ලක් ඇති සැකිල්ලෙන් පියවර මනින එක. දැන් දන්නවා. මගේ නංගිගේ උත්සව වලට ගියහම මාච් එකේදි මම ඕක දැකලා තිය්නවා. හරිම ලස්සනට ඇවිදිනවා. ඒත් මම එයාලගෙන් ඒ ගැන අහන්නේ නැහැ. ඔබ නිසා බොහෝ දැණුමක ලැබුනා. පිං!!!!!!

    • ඒ උපකරනය හැසිරවීම මනා පුහුණුවකින් පසු කළහැකි දෙයක්. මම වරක් උත්සාහ කර බැලුවා අඩි දෙකක් යන්න පෙර අතහැරුනා.

  4. මා නොදන්නා කරුනු කීපයක් මේ නිසා දැනගත්තා බෝමැ ඉස්තූතියි….ඔබැට..

  5. සාජන් , සාජන් මේජර්, රෙජිමන්ට් සාජන් මේජර් , බොම්බෙඩර්,
    මෙ වගේ නිලයන් තරහා නැතූව තව ටිකක් පැහැදිලි කරන්න

    බලලත් නිලදාරියෙක් කියන්නේ රෙජිමේන්තූ සාජන් මේජර් වරයෙකූටමද

    සරඹ උපදේෂකයන් සියලුම දෙනා සාජන් මේජර්වරැද

    සමහරක් අවස්ථාවලදි සාජන් මේජර්වරැන්ට උපලුතිනන් වරැ විදිහට ඉහලට යන්න
    අවස්ථාව දුන්නත් ඉදිරිපත් වෙනවා අඩුයි කියලා මම අහලා තියනවා ඒ ඇයි

    සාජන්වරැන්ට සහ සාජන් මේජර්වරැන්ට කනිෂ්ඨ නිළධාරින් බොහොම ලෙන්ගතූයි ඇයි ඒ

    අර බ්‍රීගේඩියර්වරයාගේ පින්තූරයේ : නිකට :දැකලා පුරැදුයි වගේ

    • මෙන්න පිලිවෙලින් පහලම සිට ඉහලට නැවතත්, 1. සාමාන්‍ය සෙබළ, 2. ලාන්ස් කෝප්‍රල්, (කාලතුවක්කු හමුදාවේ පමණක් ලාන්ස් බොම්බඩියර්, තත්වය ලාන්ස් කොප්‍රල්ම තමයි) 3. කෝප්‍රල් (කාලතුවක්කු හමුදාවේ පමණක් බොම්බඩියර්, තත්වය කොප්‍රල්ම තමයි) ඔහු අවම වශයෙන් සෙබළුන් 8 ක් පමණ ඉන්න පෙළක (Section) අණදෙන්නා. (Section Commander) ඔහුට ඉහළින් පහලින් සිටින සියලු නිලයන්,ඔහුට ‘කෝප්‍රල්/බොම්බඩියර්’ කියා කතාකල යුතුයි. 4. සැරයන්, (Sergeant) (මොහු අවම වශයෙන් සෙබළුන් 25 ක් පමණ ඉන්න ඛණ්ඩයක (Platoon)(Section තුනක් එක්වීමෙන් Platoon එකක් හැදෙනවා) ප්‍රධාන සෙසු නිලයා. ඔහුට ඉහළින් පහලින් සියලු නිලවල අය සාජන් කියා කතා කල යුතුයි. 5. මාණ්ඩලික සැරයන් (Staff Seardeant) මොහු සෙබළුන් 150 ක් පමණ ඉන්න කණ්ඩායමක පාලන කටයුතු භාර ප්‍රධාන සෙසු නිලයා. (ඔහුට පහල නිලවල අය සර් කියා කතාකල යුතුයි ඉහල නිලවල අය ‘ස්ටාෆ්’ කියා කතාකල යුතුයි) 6. බලලත් නිලධාරි 2 (Warrant Officer Class II) මොහු සෙබළුන් 150 ක් පමණ ඉන්න කණ්ඩායමක (Company) (මෙය කොම්පැණි නෙවෙයි කම්පනි) පුහුණු සහ ක්‍රියාන්විත කටයුතු භාර ප්‍රධාන සෙසු නිලයා. කම්පනි සාජන් මේජර් (Company Sergeant Major – CSM) සාමාන්‍යයෙන් කියන්නේ සාජන් මේජර් කියලා. (ඔහුට පහල නිලවල අය සර් කියා කතාකල යුතුයි ඉහල නිලවල අය සාජන් මේජර් කියා කතාකල යුතුයි) බලඇණියක (Battalion) කම්පනි හතරක් පහක් තිබිය හැකියි. ඒ බලඇණියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සෙසු නිලයා තමයි රෙජිමේන්තු සැරයන් මේජර්. (Regiment Sergeant Major – RSM) මේ නිලය දරන තැනැත්තා අනිවාර්යයෙන් බලලත් නිලධාරි 1 නිලයේ අයෙක්. (Warrant Officer Class I) (ඔහුට පහල නිලවල අය සර් කියා කතාකල යුතුයි. බලඇණියේ අණ දෙන නිලධාරි සහ විධායක අධිකාරිට පමණක් ඔහුට ‘ආර්.එස්.එම්.’ කියා කතාකල හැකියි. අනෙකුත් සියලුම නිලධාරින් ඔහුට ‘මිස්ටර්’පෙරේරා/සිල්වා/අටම්පහුර කියා කතාකල යුතුයි. නමුත් අවශ්‍යතාවය මත මේ සියලු දෙනා බලඇණියෙන් පිටත වෙනත් කාර්යයක (හමුදා කාර්යාලයක ලිපිකරු වැනි) යෙදවිය හැකියි.
      සාමාන්‍යයෙන් සරඹ උපදේශක තනතුර දෙන්නේ බලලත් නිලධාරි 2 නිලයකුටයි.
      හොඳ සේවා කාලයක් තිබෙන හොඳ කීර්තිමත් සේවා තත්වයක් තිබෙන බලලත් නිලධාරීන් උපකරණ පාලක අධිකාරියට යන්නට කැමති වෙන්නේ නැති අවස්ථා බොහොමයි. මොකද තමන්ගේ දරුවන්ගේ වයසේ සිටින ලුතිතන් කපිතාන් නිලයේ නිලධාරියකුගෙන් දෝෂාරෝපණ හෝ සමහරවිට කෙනෙහිලිකම් වලට ඔවුන් කැමති නැහැ.
      සාජන් වරුන්ට සහ සාජන් මේජර් වරුන්ට කනිෂ්ඨ නිලධාරින් (2 ලුතිතන්, ලුතිතන්) කැමති ඔවුන්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තිබෙන නිසයි. අර නිලධාරීන් හමුදාවට තවම අලුත්. එහෙත් සාජන් මේජර් කෙනෙකුගේ පළපුරුද්ද ඊට වඩා වටිනවා.
      බ්‍රිගේඩියර්ගේ නිකට විතරද දැක්කේ…………….. මම කිව්වා කියලා හිතාගනින්.

      • @ අටං,

        ඒ අර කෝච්චියෙ හම්බෙච්ච අංකල්ද?

      • මගේ කතාව said:

        රෙජිමේන්තු සැරයන් මේජර්ට එච්චර සැලකීමක් තියෙනවද?

        • ඇත්තෙන්ම ඔව. ඔහු අත්දැකීම් බහුල, විශාරද දැනුමකින් හෙබි, විනය අතින් ඉතා ඉහල ජ්‍යෙෂ්ට කොමිෂන් නොලත් නිලධාරියෙක්. අපි දෙවැනි ලුතිතන් වරුන් ලෙස බලඇණියට ඇතුලත් වූ කාලයේ සිටි රෙජිමේන්තු සැරයන් මේජර් අපි සමග කතා කලේ ඉංග්‍රීසියෙන් පමණයි. ඔහු අපේ වැරද්දක් ගැන අණදෙන නිලධාරීට පැමිණිලි කරානම්, අණදෙන නිලධාරි තුමා අපිව හම ගහලා තමයි නවතින්නේ. මට මතකයි අපි උදෑසන රාජකාරි සඳහා බලඇණි මූලස්ථානයට යනවිට ඔහු අප එනතුරු මගබලා ඉන්නවා. නිල ඇඳුම ලස්සනට පිරිසිදුව ඇඳලා, බූට්ස් ගින්දර වගේ පොලිෂ් කරලා. මට කලින් කියන්න අමතක වුනා රෙ.සැ.මේ. අඳින්නේ පීක් කැප් එකක්. ඔහු තමයි එකම සෙසු නිලයා එවැන්නක් අඳින. ඔහු සීරුවෙන් සිට ගුඩ් මෝනින්ග් සර් කියා අපට ආචාර කරලා, අපිට කියනවා සර් මට වචනයක් කතා කරන්න පුලුවන්ද කියලා. ඉතින් අපි නවතිනවා. ඔහු කරන්නේ අපේ හිසේ සිට දෙපතුල දක්වා නිරීක්ෂණය කර අපේ කොණ්ඩය කැපීමේ සිට නිළ ඇඳුමේ සෑම කොටසක්ම දක්වා අඩුපාඩු පෙන්වා දීමයි. එකම අඩුපාඩුව කීප වරක් වුනොත් ඔහු එය විධායක අධිකාරිට වාර්තා කරනවා. එදාට ඉතින් විධායක අධිකාරි අපේ ‘පිටේ යනවා’

      • මගේ කතාව said:

        රෙජිමේන්තු සැරයන් මේජර්ට එච්චර සැලකීමක් තියෙනවද?
        විධායක අධිකාරිට කියන්නේ කාටද?

        • හමුදා බලඇණියක (Battalion) විනය සහ පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා, අණදෙන නිලධාරිට (Commanding Officer – CO) සහාය වීමට වෙනමම නිලධාරියකු අණදෙන නිලධාරි විසින් කාලීනව පත් කරනවා. සාමාන්‍යයෙන් මේ සඳහා පත් කරන්නේ කපිතන් නිලයේ නිලධාරියෙක්. ඔහුගේ නිල නාමය තමයි විධායක අධිකාරි (Adjutanat) ඇජුටන්(ට්)

      • @ wicharaka විචාරක

        “ඔහුගේ නිල නාමය තමයි විධායක අධිකාරි (Adjutanat) ඇජුටන්(ට්)”

        2 IC ට පහළින් නේද මෙයා ඉන්නේ ? ඒ වගේමයි 2 IC කෙනෙකුත් ඉන්නවා නම් මේ නිළධාරීයෙක් පත් කරන්නේ ඇයි කියලත් පොඩ්ඩක් කියන්නකෝ..

        • දෙවැනි අණදෙන නිලධාරි හෙවත් (2nd in Command – 2 IC) ප්‍රධාන වශයෙන් කරන්නේ අණදෙන නිලධාරි විසින් දෙනු ලබන නියෝග නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීම සහ බලඇණියේ තිබෙන විවිධ ගිණුම් පිලිබඳ පූර්ණ අධීක්ෂණය කිරීමයි. ඒ හැර ඔහු නිලධාරීන්ගේ නිවස්නයේ සභාපතිද වෙනවා. (President Mess Committee – PMC) ඒ හැර බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ කටයුතු අධීක්ෂණය කිරීම, කෝප්‍රල් වරුන්ගේ සමාජයේ (Corporals Club) කටයුතු අධීක්ෂණය කිරීම, අණදෙන නිලධාරි නැති විටක ඒ රාජකාරි ආවරණය කිරීම වැනි රාජකාරි ගොඩක් තියනවා. විධායක අධිකාරි ඉන්නේ ඊට පහලින්. විධායක අධිකාරිට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමයි කණ්ඩායම් භාර නිලධාරීන් ලෙස (Company Commander) ඉන්නේ. ඉතින් දෙවැනි අණදෙන නිලධාරීට තනියෙන් තවත් බර අදින්න බැරි නිසයි විධායක අධිකාරි කෙනෙක් ඉන්නේ.

      • ඔන්න මම කලින් කියපු රෙ.සැ.මෙ. දාපු පාට් එක කියන්නයි යන්නෙ. මේක කැමතිනම් පබ්ලිශ් කරන්න. නොකරත් අවුලක් නෑ.

        උදේ අපි පෙරඩ් ග්‍රවුන්ඩ් එකට පුහුණුවීම් වලට එනකොට රෙසැමෙ ග්‍රවුන්ඩ් එකට ඇතුලුවන දොරකඩ හිටියා. අපිට අත් ඇදලා පළයව් කිය කිය කෑ ගගහ හිටියෙ. අපිත් මාච් කරගෙන ග්‍රවුන්ඩ් එකට ඇතුළුවුනා.

        ටිකකින් නිලධාරීන් කිහිපදෙනෙක් ආවා. ‘ තමුන්ට දීලා තියෙන නිලයෙ ගෞරවය රකින්න බැරි පර බල්ලො ගිහින් රැවුල කපන් වරෙව්’ කියලා කෑගහනවා මුළු ග්‍රවුන්ඩ් එකටම ඇහුනා. ඒකයි මම ඇහුවෙ රෙසැමෙගෙ බලය වැඩිද කියලා..

        • මම එහෙමනම් උගේ කන පලනවා එතනදීම. මම කැඩෙට් නිලධාරියකු වුනත්. මොකද කිසිම හේතුවක් නිසා කැඩෙට් නිලධාරියකුටවත් ඒ විදිහට බනින්න බැහැ.

      • මම ඒ නිකට තව නිකටක් ලග තියලා බැලුවා

      • එතකොට unit1 2ICත් Mrකියලද RSMට කතාකරන්න ඕන?

      • විධායක අධිකාරි කියන්නේ adjutant නේද ? මොකද්ද එයාගේ කාර්ය භාර්ය ?

        • ඕව් විධායක අධිකාරී කියන්නේ Adjutant. ඔහු තමයි අණදෙන නිලධාරිගේ නියෝග ක්‍රියාත්මක කරවන මාණ්ඩලික නිලධාරියා. එමෙන්ම බලඇණියක විනය සහ පරිපාලනය පවත්වාගෙන යාමේ කාර්යය භාර නිලධාරියා.

      • ඔබ තුමා කියල තියනවා අණ දෙන නිලධාරි සහ විධායක අධිකාරිට පමණක් RSMට ‘ආර්.එස්.එම්.’ කියා කතාකල හැකියි. නමුත් 2IC Mrකියල කියන්න ඕන කියල ඒ උනාට 2IC වඩා ඉහල කෙනෙක් නේද ? Adjutantට පුලුවන්නම් ඇයි 2 IC ට බැරි එහෙම කතා කරන්න (RSMකියා)?

        • යුද හමුදා පොතේ තියෙන්නේ එහෙමයි. විධායක අධිකාරි දෙවැනි අණදෙන නිලධාරීට පහලින් සිටියත් ඔහු අණදෙන නිලධාරිගේ මාණ්ඩලික නිලධාරියා නිසයි ඒ අවසරය හිමිවන්නේ.

    • මම දවසක් මගේ ඥති‍ සොහොයුරෙකුවන මේජර්වරයෙක් හම්බවෙන්න ගිය වේලාවක දැක්කා.
      rsm කෙනෙකූට තියන සැලකිල්ල,සහෝදරයාත් rsm ට ගරැකරනවා ගරැ කරනවා වගේ දැක්කා.

      අම්මේ ඒ මනුස්සයට තිබ්බ තැනක් (නම රත්නායකද කොහෙද) මට පොඩි දැනුමකුවත් නොතිබ්බානං මම අනිවා හිතනවා ඒ rsm සංඥ බලකායේ ලොකූම ලොක්කෙක් කියලා.

      • ඇත්තෙන්ම RSM කියන්නේ බොහෝ ගරු සැලකිලි ලබන නිලයක්. කිසිම උසස් නිලධාරියෙක් ඔහුට ආවාට ගියාට කතාකරන්නේ නැහැ.

    • ඔය සාජන් මේජර් ල අධිකාරි නිළයට නොයන එක ගැන අපේ තාත්ත කිව්වෙ සිංහයො අතරෙ බල්ලෙක් වෙනවට වඩා බල්ලො අතරෙ සිංහයෙක් වෙන එක නම්බුයි කියලයි.

      • හරියට හරි ඉන්දික. සාජන් මේජර් කියන්නේ ඉතාම ගෞරවාන්විත නිලයක්. සමහර සාජන් මේජර්ලා අධිකාරියට යන්න කැමති නැත්තේ තමන්ගේ දරුවන්ගේ වයසේ ඉන්න නිලධාරීන් යටතේ සේවය කරන්න අකමැති නිසයි.

  6. බලලත් නිළදාරීන් අතේ බදින පදක්කමක් වැන්න කුමක්ද?
    හැම නිලධාරියාම බැටන් ගෙනගිය යුතුද?
    පදක්කම් වලට අදාල පටි ඵලදින්නේ ඇයි?එය අනිවාර්යයද? කරුණාකර පැහැදිලි කර දෙන්න.

    • ඒ අතේ බඳින පදක්කම වගේ එක තමයි එයාගේ නිලය දක්වන නිළ ලාංඡනය.
      සාමාන්‍ය රාජකාරියේ යෙදිසිටින විට සෑම නිලධාරියාම බැටන් එක ගෙන යායුතුයි.
      ඒ වර්ණ පටිය නැතුව පදක්කම එල්ලන්න ක්‍රමයක් නැහැනේ. වර්ණ පටියත් පදක්කමටම අයත් කොටසක්. සෑම නිළ ඇඳුමේම පදක්කම් අඳින්නේ නැහැ. එවැනි නිළ ඇඳුමක අඳින්නේ අර ඉහත පින්තූරයක බ්‍රිගේඩියර් වරයා ඇඳ සිටින, එක් එක් පදක්කම නියෝජනය කරන වර්ණ පටි පමණයි.

    • ඒ අතේ බඳින පදක්කම වගේ එකට විශේෂ නමක් තියනවද ?

    • ඒකක වල වෙනම රෙජිමේන්තු පොලිස් (RP) තියනවා නේද ? මේවා භාරව වෙනමofficer කෙනෙක් ඉන්නවද ?මොකද්ද යුද හමුදා පොලිස් රෙජිමේන්තු කාර්ය භාරය ?

      • එකක වල එදිනෙදා රාජකාරි කටයුතු සඳහා රෙජිමේන්තු පොලීසියක් නම්කර යොදවනවා. එදිනට සිටින දවසේ කාර්ය භාර නිලධාරියා (Duty Officer) තමයි ඔවුන්ගේ රාජකාරි ගැන බලන්නේ. සමස්ත වගකීම තිබෙන්නේ විධායක අධිකාරිටයි.
        යුද්ධ හමුදා පොලීසියේ රාජකාරි ස්වභාවය කුමක්ද යන්න මෙතනින් බලන්න.

  7. මේක නම් මාතෘකාවට අදාල ප්‍රශ්ණයක් නෙවෙයි. සාමාන්‍යය හමුදා සෙබලුන් (නිලදාරීනුත් ඇතුලත්ව) sidearm එකක් හෝ වෙනත් backup weapon එකක් ගෙනියනවද ක්‍රියාන්විත වලදි? Commando, SF විශේෂ ඒකක වල සෙබලු නම් නම් මම දැකලා තියෙනවා sidearm එකක් holster එකේ දාගෙන ඉන්නවා. ඇමෙරිකා වල වගේ නම් සැම සෙබලෙකුටම sidearm එකක් තියෙනවනේ, මෙහෙත් එහෙමද නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද?

    (lake house එකට කොටි ගහපු වෙලාවේ commando සෙබලෙක්ගේ ජීවිතේ sidearm එක නිසා බේරුණු එක ගැන කතාවක් නම් කියවලා තියෙනවා පොතකින්, ඇත්ත නැත්ත නම් දන්නේ නෑ)

    • කමාන්ඩෝ සහ විශේෂ බලකාය වැනි විශේෂ ක්‍රියාන්විත සඳහා යොදවන බලකායයන් හැර සාමාන්‍ය පාබල රෙජිමේන්තු වල නිලධාරීන් හෝ සෙබළුන් ක්‍රියාන්විත රාජකාරියේදී දෙවැනි අවියක් ගෙනයන්නේ නැහැ. නමුත් පාබල එකක වලත් මේජර් නිලයේ සිට ඉහල නිලධාරීන්ට පිස්තෝලයක් නිකුත් කරනවා.

  8. මේවා දැක්කම මෙච්චර මහන්සිවෙන්න එපා කියලා කියන්නත් හිතෙනවා.. මේ ඡායාරූප සංස්කරණයට හා සෙවීමට ඔබ සෑහෙන කාලයක් වැය කරනවා ඇති.. ඒවාට ස්තුතියි!

    1. සෙසු නිලයන් වන යුදහමුදා රෙ.සැ.මේ. කෙනෙක් ඉස්කෝලව උගන්වන (අක්‍රීය සේවයේ ඉන්න) 2ලුතිතන්, ලුතිතන්, කපිතාන් ලාට වඩා උසස්ද? මෙහෙම ඇහුවෙ කැඩෙට් කෑම්ප් එකක්දි ඒ රෙසැමේ කෙනෙක් අනික් නිලයන්ගේ පලු අරිනු දෑහින් දැක්ක නිසයි.

    2. සෙසු නිලයන්ට (සරඹ උපදේශකයින්ට) කෝට්, ටයි වලින් සැරසී රාත්‍රී ආහාර ගැනීමට භට නිවස්නයට යාමට අවසර නැතිද?

    3. උත්සව ඇඳුමේ පදක්කම් ටික රාජකාරී ඇඳුමේදී වෙනස් වෙනවා නේද? යුධ භූමියේදී තවත් වෙනස් නේද?

    4. ද.කා.භා.නි. ඇඳුමේ තිබෙන වෙනස්කම් මොනවාද?

    කවකටු යශ්ඨිය මම පළැවෙනි වරට දුටුවේ ඊයෙපෙරේදා රූපවාහිනියේ. උඩම පින්තූරෙ නම් ලස්සනයි. 🙂

    සියල්ලටම ස්තුතියි. කෝ තාම අකාගෙ ප්‍රශ්න පත්තරේ ඇවිල්ලා නෑ නේද?

    ලිපියට බොහොම ස්තුතියි!

    මෙන්න ඇඩ් එකක්

    “තනි තරුවත් නෙමේ තරු දෙකත් නෙමේ තරු තුනක් නෙමේ @#@# ###% යකෝ රාජ්‍ය ලාංඡනේ” මෙම කතාව ළඟදීම ‘හරීගේ හීනලන්තයෙන්’ බලාපොරොත්තුවන්න.

    • වෙච්ච මහන්සිය දන්නේ උඩ ඉන්න දෙයියොම තමයි සමහ ඒවා සංස්කරණය කරලා ඉවර වෙනකොට රෑ 1 යි 2 යි. නාවික හමුදාවේ සමහර නිලවල සිංහල නම් අහගත්තෙ ලොකු නැවියෙකුට මහ රෑ කෝල් එකක් දීලා. තොට නින්දයන්නේ නැද්ද බොල මේ මහරෑ කුණුහරප අහන්නේ කියලා ඒකා මට බැන්නා.
      1. කිසිසේත් ඒ රෙ.සැ.මේ. අධිකාරි ලත් නිලධාරියකුට වඩා උසස් වන්නේ නැත. අධිකාරි බලය යම් දිනක සේනාධිනායකයා විසින් ඉවත් කරන තුරු හිමියි. සක්‍රිය අක්‍රිය ප්‍රශ්නයක් බලපාන්නේ නැත.
      2. රෙජිමේන්තුවේ සම්මතයක් තිබෙනවානම් පමණක් අඳින්න පුළුවන්. හිතුමතේ බැහැ.
      3. උත්සව ඇඳුමේදී පදක්කම් අඳිනවා. සාමාන්‍ය ඇඳුමේදී ඒ පදක්කම් නියෝජනය කරන වර්ණ පටි පමණයි අඳින්නේ. පදක්කම් වලට ජ්‍යෙෂ්ඨතාවක් තියනවා ඒ ආකාරයට තමයි පපුවේ මැද සිට පිටතට පෙළගස්වා තිබෙන්නේ. (ඔන්න දැන් ඉතින් ඒකත් අහයි) යුද්දෙට යනකොට පදක්කම් තියා නිළ ලාංචනවත් අඳින්නේ නැහැ. අපේ අය පමණයි දන්නේ මේ කවුද කියන්න.
      3. පොතේ තියෙන්නේ ඔහු දවල් කාලයේදී අංක 4 නිළ ඇඳුමෙන් සහ රාත්‍රී කාලයේදී අංක 2 නිළ ඇඳුමෙන් සිටිය යුතු බවයි (කෙලියනේ තාප්පෙට. ඉතින් කියපියකෝ දැන් අංක 1 සිට හැම මගුලම…….. පස්සේ පස්සේ.)
      උඩම පින්තූරේ ඉන්න කර්නල්ලා බ්‍රිගේඩියර්ලා බලන්න ඉතින් ජපානේටම යන්න වෙනවා.
      ‘ඇඩ්වාන්ස් නෙවෙයි යකෝ පේ එක’ අහලා නැත්නම් කියන්න. නොමිලේ කියාදෙනු ලැබේ.

    • මගේ කතාව said:

      එක ප්‍රශ්නයක්, උත්තර දෙන්න පොතක් ගහන්න වෙන එකක් මම අහල උත්තර එනකන් ඉන්න අතරේ තව එකක් අහන්න හොද නෑනේ. මොනවා උනත් මේත් මනුස්සයෙක්නේ. මැෂිමක් නෙමේනේ. ඒ මදිවට සීයෙක්නේ. පිනක් දහමක් කරන්නේ තියන වෙලාවනේ අපි මේ නාස්ති කරවන්නේ 😛

  9. හොඳ ලිපියක් ගෙදර ඔය සම්බන්ධ පොත් පත් තිබ්බත් කියවා වටහා ගන්න අමාරු උන දේවල් ටිකක් සරලව විග්‍රහ කරල තියෙනවා…

  10. මා නාවික හමුදාවේ, තොරතුරු තාක්ශන අංශ්යට [නිතය] අයදුම කර එ සදහා තෙරි ඇත. නිලය ලුතිනන් තන තුර වන අතර, තවමත් එම කටයුතු ආරම්බ කර නැත, කරුණාකර මේ පිලිබද තොරතුරු කියන්න පුලුවන්ද?
    1.අපට කොතරම් දුරකට නිලයන්වලින් ඉහලට යා හැකිද
    2.අපට තොරතුරු තක්ශනයට සම්බන්ද නැති විශයන් නාවික හමුදාව තුල ඉගන ගත හැකිද?
    3. ඉදිරියෙදි අපට දැනට සිටින අංශ්යෙන්[IT] වෙනත් අංශ්යකට මාරු විය හැකිද?

    • ඔබ ඉතා හොඳ අනාගතයක් තිබෙන සේවයකට (එය රැකියාවක් කියන්න මම කැමති නැහැ) තේරී පත්ව තිබෙනවා. මුලින්ම මගේ සුබ පැතුම් පිළිගන්න. පුහුණුවෙන් පසු අවශ්‍යතාව අනුව ඔබට ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලද වැඩිදුර පුහුණුව ලැබීමේ අවස්තාව තිබෙනවා. ඔබට වයස තිබෙනවානම්, විනය සහ පැවැත්ම හොඳනම්, රියර් අද්මිරාල් නිලය පමණ වනතුරු ඉහල යා හැකියි. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ නැති එහෙත් නාවික හමුදාවක තිබෙන රාජකාරි ගැන ඔබට අනිවාර්යයෙන් ඉගෙනගන්නට වෙනවා. වෙනත් අංශයකට මාරුවීමනම් කල නොහැකි වනු ඇත.

      • පිලිතුරැ සැපයුවාට බොහොම ස්තුතියි.

        කරැණාකර මෙවැනිම හමුදාමය තවත් හොද තොරතුරු ඇතුලත් පොස්ට් දිගටම දාන්න, මෙ ගැන දැන ගන්න තියන ආසාව ඔබට කමෙන්ට්වලින්ම පෙනවා ඇති

  11. ස්තුතියි!

    “උඩම පින්තූරේ ඉන්න කර්නල්ලා බ්‍රිගේඩියර්ලා බලන්න ඉතින් ජපානේටම යන්න වෙනවා.” ඒ වගේ අය ලංකාවෙ නැද්ද? මම අහන්නෙ කාන්තා නිලධාරිනියන්ට එතරම් උසස්වීම් ලැබෙන්නේ නැද්ද? හමුදාපතිනි වගේ තනතුරක් ඇතිවෙන්න බැරිද?

    ජපානෙ ඔච්චර ලාබාල අයට ඔවැනි නිල ලැබෙනවාද?

    නොමිලේ දෙනවනම් කතාව කියන්ඩ..

    “යුද්දෙට යනකොට පදක්කම් තියා නිළ ලාංචනවත් අඳින්නේ නැහැ. ” ඇයි අර ලාංඡන පළඳින කොටසෙ තරු වෙනුවට චූටි අඳුරු පැහැ තිත් තිත් තියෙනවා වගේ මට මතකයි. ලාංඡන පළඳින කොටසට කියන්නෙ මොකක්ද?

    • DDT ට දුන්න උත්තරේ තියනවා කාන්තා නිලධාරිනියන් උසස් නිලවල ඉන්නබව සහ එයාලට හමුදාපති වීමට බැරිබව විස්තර කරලා.
      කවුද දන්නේ ඔය පින්තූරේ ඉන්න ජපන් නිලධාරිනියෝ වයස ගියත් අර ‘බබයියාගේ බෝල සබන්’ ගෑම නිසා තරුණ පෙනුමෙන් ඉන්නවද කියලා.
      කතන්දර කීපයක් එකතු කරලා කියන්නම්.
      නැහැ නැහැ එහෙම ඇඳලා යන්නේ නැහැ. නිළ ලාංඡන අඳින උරහිසේ තියන පටියට කියන්නේ ඇප්ලට් කියලා (Epulatte)

      • ජපානෙ ඕනම කෙනෙක්ට කැමති යුධ ඇඳුමක් ඇඳන් ඡායාරූපවලට පෙනීහිටින්න පුළුවන්ය, ඒ ඇඳුම් හා පදක්කම් හයර් කරන ආයතන තිබෙනවය, ජපන් තරුණ තරුණියන් මේ වගේ ඇඳුමින් සැරසිල ඡායාරූප ගන්න සෑහෙන කැමැත්තක් තියනවය වගේ විස්තරයක් මම කොහේදි හරි කියෙව්ව මතකයි දැනට අවුරුදු දෙක තුනකට වගේ කලිං. සමහරවිට ඔය ඡායාරූපත් ඒ වගේ වියහැකියි. ලංකාවෙ නම් මම හිතන්නෙ ෆොටෝ කෙසේ වෙතත් මේ නිල ඇඳුම්, පදක්කම් අවසර නැතුව ළඟ තියා ගන්නත් බැරුව ඇති.

        • ඇත්තෙන්ම මම මේ ඡායාරූපය මේ ලිපියට යෙදුවේ මාධ්‍ය රූපයක් ලෙස ආකර්ෂණයක් ලබාගන්නයි. එය සාර්ථක බව පෙනෙනවා. ලංකාවෙනම් ඔබ කියූ ආකාරයටම හමුදාවකට අයිති නැති කෙනෙකුට නිළ ඇඳුමක් අඳින්න වෙන්නේ චිත්‍රපටියක හෝ ටෙලි නාට්‍යයක පමණයි.

      • ක්සැන්ඩර් | Xander said:

        ඔබතුමා මෙහෙම කිව්වට අනුරාධපුරේ නව නගරයේ යුද්ධය තිබ්බ කාලේම කඩයක් තිබුනා, සල්ලි අරන් ගියොත් මේජර් ජෙනරාල් කෙනෙක් විදියට එලියට එන්න පුළුවන් වෙන. මේ කියන්නේ 2008 අවුරුද්දේ අග විතර.

        • නව නගරයේ නෙවෙයි පරණ බස් ස්ටෑන්ඩ් එක ළඟ නේද? අපොයි මම ඒ කඩේ දන්නේ ඊට හුඟක් කලින්. මමත් එතනින් හදිස්සියට සමහර බඩු අරගෙන තියනවා 1990 විතරත්. ඊට පස්සේ හතු පිපෙන්නා වගේ අනුරාධපුරේ ඒ ජාතියේ කඩ වැසි වැස්සා. වරින්වර පොලීසියෙන් සහ යුද හමුදා පොලීසියෙන් ඇල්ලුවා ඒ කඩවල තිබුණු සමහර බඩු. පස්සේ ඒ අය ලියාපදිංචි වීමෙන් හෝ වෙනත් බලපත්‍රයක් ලබා ගැනීමෙන් දිගටම ව්‍යාපාරය කරනවා අදටත්.

      • මීගමුවෙ කොප්පරා හන්දියේ තියෙනවා ගුහ මඟින් පාලනය වන ඉන්ධන පිරවුම්හලක්. දවසක් මේකෙ තෙල් ගහන්න ආවලු වැලි ලොරියක්. ඩයිවර් ඇඳලා හිටියෙ ගුහ නිල ඇඳුමක කලිසමක්ලු ඔහුට යාලුවෙක් වෙන සෙබලෙක් දීපු. පිරවුම්හලේ මුරට හිටපු සෙබලු දෙන්නා ඒ කලිසම ඔලුවෙන් ගැලෙව්වා කියලයි ආරංචි.

  12. ඔබතුමා ගොඩක් මහන්සි වෙල තියෙනව, මේ විදියට වැඩේ ගොඩදාගන්න. ප්‍රතිලාභයක් නැතුව, හිතේ සතුට වෙනුවෙන් විතරක් මේ තරම් මහන්සි වුණාට නැවත වරක් ස්තූතියි.

    ඔබ දක්වා තිබෙන එක් එක් නිලයන්ට අයත් ලාංඡන ලෝකයෙ වෙනත් රටවල ඒ නිලයන්ගෙ ලාංඡනවලට වඩා (රාජ්‍ය ලාංඡනය ඇරුනම) ලොකු වෙනසක් තිබෙනව ද?

    අර කැඩෙට් නිළධාරීන් පුහුණුවන අවධියේදි ඔවුන් නිලධාරීන් වීම ස‍ඳහා පුහුණු උනත් පුහුණු කරන නිලයන්ට සර් කියල නේද කතාකරන්නෙ. අනෙක ඔවුන් පුහුණුවන අවධියෙදි සාමාන්‍ය සෙබළුන් සමඟ එකටමද පුහුණු කරන්නෙ.

    // උඩම පින්තූරේ ඉන්න කර්නල්ලා බ්‍රිගේඩියර්ලා බලන්න ඉතින් ජපානේටම යන්න වෙනවා. //

    ඔය උත්තරේ දැක්කම මට ප්‍රශ්නයක් ඇති වුණා. ලංකාවෙ පොලිසියේ නම් මට මතක හැටියට ජේෂ්ඨ පොලිස් අධිකාරී කාන්තාවක් හිටිය. ඔය හමුදාවලත් ඉහළම නිලයන් දක්වා ගියපු කාත්තාවන් ඉන්නව ද? ඇත්තටම කවදාවත් කාන්තාවකට හමුදාපතිවරයෙක් වීමේ අවස්ථාවක් ලැබෙන්නෙ නැත්ද?

    අටම් කිව්ව වගේ කතාවක් මටත් කියන්න වෙනව. අර රියර් අද්මිරාල් නම් හොඳටම දැකල පුරුදුයි.

    • බොහොම ස්තුතියි ඇගයීමට.
      සෑම රටකම හමුදා ලාංඡන සකස් කර තිබෙන්නේ ඒ රටේ ඉතිහාසය සහ සංස්කෘතිය පදනම් කරගෙනයි. බොහෝ රටවල රාජ්‍ය ලාංඡනයද ත්‍රිවිධ හමුදා නිළ ලාංඡන වලට යොදා තිබෙනවා.
      කැඩෙට් නිලධාරීන්ගේ පුහුණු කිරීම් භාරව සිටින සියලුම නිලවල සෙසු නිලයන්ට කැඩෙට් නිලධාරීන් කතා කලයුත්තේ ස්ටාෆ් කියලයි. එම සියලු සෙසුනිල උපදේශකයන් කැඩෙට් නිලධාරීන්ට කතා කලයුත්තේ මිස්ටර් කියලයි. කිසිදු හේතුවක් නිසාවත් කැඩෙට් නිලධාරීන් සොල්දාදුවන් සමග එකට දමා පුහුණු කරන්නේ නැහැ.
      අපේ හමුදාවේ මේ වනවිට කාන්තා මේජර් ජෙනරල්ලා කීප දෙනෙක් බිහිවී තිබෙනවා. යුද හමුදාවට අණදීමට ලැබෙන්නේ (යුද හමුදාපති තනතුර දෙන්නේ) සටන්කාරී රෙජිමේන්තු (Combatant Regiments) වශයෙන් නම්කර තිබෙන රෙජිමේන්තුවල නිලධාරීන්ට පමණයි.

      • ඒ කියන්නෙ විචාරක මහත්මයා, කිසියම් වූ අවස්ථාවක හමුදාපතිවරයට වඩා ඡේෂ්ඨත්වයෙන් වැඩි කාන්තා නිළධාරිනියක් හමුදාවෙ සිටීමටත් යම් සම්භාවිතාවක් තිබෙනව ද?

        • ඇත්තෙන්ම ඕව්. එහිදී බලපාන්නේ ජ්‍යෙෂ්ඨත්වයේ ප්‍රශ්නය නොවේ ප්‍රතිපත්තියයි. ඉතින් ඇයට වඩා කනිෂ්ඨයකු හමුදාපති වුනොත්, ඇයට සිදුවෙනවා සර් කියන්නත් අචාර කරන්නත්.

      • ක්සැන්ඩර් | Xander said:

        අපේ නංගිලා කැම්පස් යන්න කලින් හමුදා කෑම්ප් වලට යව්වාමත් ඒ අයට සලකලා තියෙන්නේ එහෙනම් කැඩෙට් ඔෆිසර් කෙනෙකු විදියට. මේ විදිය තමයි එයාලට ආමන්ත්‍රණ විදියට කියලා දීලා තියෙන්නේ.

      • එන්ජිනේරු(SLE) කියන්නේ සටන් රෙජිමේන්තුවක්ද? එයිනුත් හමුදාපතිවරු බිහිවී තියෙනවා නේද?

        • ඉංජිනේරු රෙජිමේන්තුව සටනට කෙලින්ම සම්බන්ධයි. ඔවුන් තමා අපි යන මාර්ග උපද්‍රව රහිතව යන්න හදලා දෙන්නේ, සතුරා අපවෙත එම වලක්වන්න පාලම් වේලි ආදිය පුපුරවා හරින්නේ. ඉංජිනේරු රෙජිමේන්තුවෙන් බිහිවූ හමුදාපති වරුන් තමයි ජෙනරල් ඩෙනිස් පෙරේරා සහ ජෙනරල් නලින් සෙනෙවිරත්න.

    • @ DDT

      ” ලංකාවෙ පොලිසියේ නම් මට මතක හැටියට ජේෂ්ඨ පොලිස් අධිකාරී කාන්තාවක් හිටිය”

      මට මතක විදිහට නම් ඇයගේ නම ප්‍රමිලා දිවාකර

    • ක්සැන්ඩර් | Xander said:

      ඒ රියර් අද්මිරාල් වරයා දැන් ඉන්න නාවික හමුදාපති වරයා වෙන්න ඕනේ 🙂

      • අර පින්තූරයේ ඉන්න එක්කෙනාද? නැහැ ඔහු මගේ පාසල් මිතුරෙක්.

      • තවත් ප්‍රශ්නයක් ආවනෙ.. මොනා කරන්නද?

        මූණපුරා රැවුල වැවීම වෙනුවෙන් නාහ සෙබලුන්ටත් උඩු රැවුල වැවීම වෙනුවෙන් යුහ සෙබලුන්ටත් විශේෂ ගෙවීමක් කරනවද?

        • උඩු රැවුල වවනවාට යුද හමුදාවෙනම් කිසිම දීමනාවක් දෙන්නේ නැහැ. නාවික හමුදාවේ අයට දීමනාවක් දෙන්නේ රැවුල වවනවාට නෙවෙයි එය නියමිත නිසි ප්‍රමාණයට පවත්වා ගන්නවාටයි.

  13. මගේ කතාව said:

    කොමිෂන් ලත් නිලධාරීන්ට එතකොට කතා කරන්නේ කෝමද?සර් කියලද නැත්නම් නිලයෙන්ද?
    මම පසුගිය දැයට කිරුලට ගිය වෙලාවේ යුධ හමුදාවේම එකක් පමණක් තිබෙන එක වටින උපකරණයක් බාරව සිටියේ මේ බලලත් නිලධාරියෙක්. ඔහු සාජන් මේජර් හෝ rsm කෙනෙක් වෙන්න ඕන (අතේ දැන් හිටපු ලාංඡනයට අනුව). මම ඒ යන්ත්‍රයට කිට්ටුවෙන් යන ක්ෂේත්‍රයක කෙනෙක් කියල දැන ගත්තහම ඔහු ඉතා උවමනාවෙන් ඒ සම්බන්ධ විස්තර මට කිව්වා. බලන්න ආපු අයටත් සලකපු විදිහෙන් බොහොම කරුණාවන්ත පුද්ගලයෙක් ඒ වගේම ඒ ඒ මිනිසුන්ට ඒ ඒ විදිහට දෙයක් කියන්න පුලුවන් කෙනෙක්.

    • මම අටම්පහුරට දීලා තියනවා සාමාන්‍ය සෙබලාගේ සිට රෙජිමේන්තු සැරයන් මේජර් දක්වා නිලයන්ට කතා කරන හැටි. අනේ තරහ නැතුව ඒක බලනවද.

  14. නීරස වෙනවා..!!?? කවුද බො‍ලේ එහෙම කියපු එකා..?? රසවත් බව එන්න එන්නම වැඩි‍වෙනවා..

  15. ඉතාමත් ස්තූතියි. සිංහලට පරිවර්තනය කරපු රුසියන් කතාවක තැන් දෙක තුනක නොදන්න නිසා දාපු ඉංග්‍රීසි වචන ඉවත් කරලා සිංහල වචන දාන්න දැන් මෙතැනින් ලැබූ දැනුමින් පුළුවන්.

    • මාව කරකවලා අත හැරියා වගෙයි අරුණි. තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

      • මම අයින් රෑන්ඩ් ඉංග්‍රීසියෙන් ලියපු රුසියන් විප්ලවය ගැන කතාවක් ‘අපි ජීවත්වන්නෝ’ කියලා පරිවර්තනය කරලා මගේ Sinhala Story අඩවියේ දැම්මා. ඒක ලියද්දි යුද ඇඳුම් වල ජෝජට් පැච්, ලෙනියාඩ්, ඇගියුලට් වගේ ඒවාට සිංහලෙන් කියන්නේ කුමක් දැයි දන්නෙ නැතිව හිටියෙ. ඒ නිසා එය කුමක්දැයි පැහැදිලි කළා සමහර තැන්වල, සමහර තැන්වල දී සිංහලෙන් ලියන්නෙ නැතිව ඉංග්‍රීසියෙන් වචනය ලිව්වා. දැන් ඒ තැන් නිවැරදි කරන්න පුළුවන් ඉඩක් ලැබිච්ච වහාම.

        ආයෙත් වරක් ස්තූතියි.

  16. අර යෂ්ඨි පාවිච්චි කරන්නෙ මොකටද විචාරක මහතා.. ඒවයෙන් යම් විශේෂ සේවයක් ගන්නවද..

    මේ ලිපිය කියවපුවම මට හිතුනේ අපි තාමත් එංගලන්තයෙන් ලැබුනු චාරිත්‍ර සහ සම්ප්‍රදායන් කරේ තියන් යනවා නේද කියලා..

    හරී කිව්වා වගේ ඔබ මේකට වෙලා තියන වෙහෙස අපමනයි.. මම හිතන්නෙ ඔබට හමුදා විනයත් එක්ක ලැබුන දෙයක් වෙන්න ඇති මේ දෙයක් පිළිවෙලට ඉදිරිපත් කිරීමේ ගුණාංගය..

    • යෂ්ටිය යනු තම නිලයට අයත් බලයේ සංකේතයක්. යෂ්ටිය රැගෙන ගමන් කිරීම, අචාර කිරීම, ඒ සඳහා නියමිත සරඹ වලින් ඉගෙනගත යුතුයි.
      අපේ යටත්විජිත ලක්ෂණ සෑම අංශයකින්ම තවමත් දකින්නට ලැබෙනවා. සුද්දා හදපු අනපනත් තමයි තවමත් සමහර අංශ වල තිබෙන්නේ. මම පාසල් ශිෂ්‍ය භටයකු වීමට පෙර අවුරුද්දේ තමයි ඉංග්‍රීසි භාෂාවෙන් අණදීම (සීරුවෙන් සිටින් වැනි සරඹ අණදීම්) අතහැරියේ.
      ඇත්තෙන්ම අපේ රටේ අනිවාර්ය හමුදා පුහුණුවක් ඇතිකලොත් අපි මීට වඩා 80% කින් කාර්යක්‍ෂම වෙනවා.

    • // ඇත්තෙන්ම අපේ රටේ අනිවාර්ය හමුදා පුහුණුවක් ඇතිකලොත් අපි මීට වඩා 80% කින් කාර්යක්‍ෂම වෙනවා //

      200%ක් එකගයි මේ කතාවට.. ‍කෝ ඉතිං ඕවා කරන්න ගියාම අපේ උන්දැලාම බාල්දි පෙරලනවනේ..

  17. අප්පොච්චියේ මම ලියමු කියලා ඔයා මාරකට්ටක් කෑවා නේද, මහත්තයෝ මෙච්චර මැරෙන්ඩ එපා,‍
    ගෙදර ඇත්තිත් කනු කූනු ගානවා ඇති , දෝණියැන්දලටත් තාත්තගේ වෙනසක් දැනෙනවා ඇති.
    හිතා ගත්තහැකි රාජකාරි කොරන කාලේ කරපු කෙලි මෙව්වා කරන විදිහ දැක්කහම,

    මම මෙතනින් එහාට ලියන දේ ගැන සමාවෙන්න

    පැන්සොන් ගියහම කොරන්ඩ බිස්නස් එකක්, ‍වැඩකරන තැනින්ම හොරකන් කරලා ගොඩනගාගන ,මැරෙනකං නොමැරෙනවා වගේ හම්බකරන මිනිස්සු ඉන්න රටක විචාරක සීරා පොරක්,

    මචෝ මං ආදරෙයි ඔයාට

    • අර එක්තරා කියමනක් තියනවනේ ‘කරතොත් කරපන් හරියට – බැරිනම් පලයන් අහකට’ කියලා. මම කරන්ඩ උත්සාහ කරන්නේ ඒ විදිහටයි. මට විවිධ රැකියා වලට ඇරයුම් ලැබුනා. විශ්‍රාම ගත්තේ විශ්‍රාම සුවයෙන් ඉන්නයි. මට වෙන රැකියා එපා. ලැබෙන පඩියෙන් පිරිමහගන්නවා. නොදුටු ඔබේ මානුෂික ආදරයේ සුවඳ මේ කමෙන්ට්ස් වල තිබෙනවා.

  18. බලාගෙන යනකොට හමුදාව යනු පට්ටම සංකීර්ණය පොට් එකකි. කස්ටිය මෙව්වා කොහොම මතක තියාගන්නවද මන්ද,,
    කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියට බැදෙන කස්ටියත් කැඩෙට් නිළධාරීන්ද?? හැබැයි අව්රුදු දෙකේ නේවාසික පුහුණුවෙන් පසු සෙකන්ඩ් ලෙෆ්ටිනන් නේද.

    • අර කියමනක් තියනවානේ ‘වවුලාගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපන්’ කියලා. ඒ වගේ තමයි ආමි එකත්. පුහුණුවේ විශිෂ්ඨත්වය නිසයි සියල්ල මතක හිටින්නේ. ඉතාම වැදගත් සත්‍යයක් කිව යුතුයි. හමුදාවේ කාටවත් බැහැ මුළු හමුදාවම ඉගෙනගන්න. ඒ නිසයි හමුදාපතිටත් සහකාර නිලධාරීන් ඉන්නේ. මතකද යුද්ද කාලේ ආමි කොල්ලෝ ට්‍රක් වල නැගලා සින්දු කියාගෙන යනවා. මේක දැකල අසාවෙලා බැඳුනම තමයි දන්නේ ඒ සින්දු කියන්නෙත් අණදීමක් යටතේ බව. එක සොල්දාදුවෙක් කිව්වලු ‘අතීතය සිහිනයක් පමණයි සැබෑ ජොලියක් නෑ – එදා සිළුමිණ නොබැලුවානම් මෙදා වියොවක් නෑ කියල. හේතුව මිනිහා ආමි එකට බැඳිලා තියෙන්නේ සිළුමිණේ ගිය දැන්වීමක් දැකලා.
      දැන් කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි කේ.ඩී.ඒ. නෙවෙයි. කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි කේ.ඩී.යූ. දැන් එය විශ්ව විද්‍යාලයක්. එයට බැඳෙන අය කැඩෙට් නිලධාරින් තමයි. පුහුණුව අවසානයේ උපාධිය සහිතව 2/ලුතිතන් තනතුර ලැබෙනවා.

  19. ක්සැන්ඩර් | Xander said:

    මේ බ්ලොගේට ඔබතුමා ගොඩක් කැමතියි කියලා මට හිතෙනවා. ලිපියක් ලියන්න මහා රෑ කෙනෙක්ට කතා කරන්න, රෑ වෙනකං පින්තුරු හොයහොය ඉඳලා ඒවා එඩිට් කරන්න වෙන මහන්සිය දැක්කම මට එහෙම හිතෙනවා.

    ඒ තරම් මහන්සියකින් මේ දෙන දැනුමට ගොඩක් පිං. මම නම් නොදන්නා දෙයක් ඉගනගන්නමයි බලන්නේ. කවදා හරි ඒ දේ ඕනේ වෙයි නේ.

  20. අපොයි මට දවසක් මිස් උනානේ.
    කොමිෂන් නොලත් නිලධාරීන්ට කතා කරන හැටි කියල තියෙනවා.
    ඒත් කොමිෂන් ලත් නිලධාරීන්ට කතා කරන්නේ කොහොමද?
    ඒ කියන්නේ ලුතිනන් සිට ජෙනරාල් දක්වා.
    චිත්‍රපටවලනම් පහල නිලයන් හා සොල්දාදුවන් නිලයේ නම කියා කතා කරනවා උදාහරණයක් හැටියට “yes , colonel” වගේ.
    ඒ විදිය හරිද නැත්නම් sir කියනවද හැමවිටම?
    මම අහල තියන සමහර සොල්දාදුවෝ බ්‍රිගේඩියර්වරුන්ටත් ජෙනරාල් කියා කතා කරනවා. මේ කියන්නේ මුනට නෙමේ. මම ඇහුවම ඔහු සිටි සේනාංකෙ ප්‍රධානියාගේ නම, කිව්වා ජෙනරාල් හලන්ගොඩ කියල (නම දාපු එක හරිද මන්ද. ඔබතුමාට හිතෙනවනම් වරහන් තුල කොටසත් එක්ක නමත් අයින් කරන්න). නැත්නම් මේ තාවකාලික සිටි නිසා වැනි දෙයක්ද?

    • කොමිෂන් ලත් නිලධාරීන්, පොතේ හැටියට නම්, තමන්ට වඩා එක නිලයක් ඉහළින් ඉන්න කෙනාට, අනිවාර්යයෙන් සර් කිව යුතුයි. නමුත් සාමාන්‍යයෙන් 2 වන ලුතිතන් සහ ලුතිතන් නිල දෙකේ අය first name එකෙන් කතා කරනවා, ඒ ඒ අවස්තාව අනුව. (ඒ දෙන්න විතරක් ඉන්න තැනක, දුරකතනයෙන්, වගේ) සමහර විට මචං කියලත් කියනවා. අවබෝධය මත. හැබැයි ලොකු මචං පොඩි මචං ට නියෝගයක් (රාජකාරි සහ සාධාරණ) දුන්නොත් පිළිපැදිය යුතුයි. නිලධාරි නිවස්නය ඇතුලෙදි සියලු නිලධාරීන්ගේ අයිතිවාසිකම් එක සමානයි. බොහෝවිට කපිතන් වරුන්, ලුතිතන් වරුන්ට කියනවා, රාත්‍රී අහාරයට පෙර නිවස්නයේ සුහද සල්ලාපයේ යෙදී සිටින විට, කරුණාකර මට නිවස්නය තුලදී first name එකෙන් කතාකරන්න කියා. සමහර මෙජර්ලා කපිතන්ලාට එහෙම කියනවා. ඒ කාලේ අපි එහෙම කරා. දැන්නම් එහෙම නැහැ වගේ. එතනින් ඉහල සියලු නිලයන්ට නිසි ගෞරව අනිවාර්යයෙන් දැක්විය යුතුයි.
      ඇමරිකානු යුද හමුදාවේ සොල්දාදුවන් සර් කියන්නේ බ්‍රිගේඩියර් නිලය සහ ඊට ඉහල නිලයන්ට පමණයි. අනික් හැම දෙනාටම, ලෙෆ්ටිනන්ට්, කැප්ටන්, මේජර්, කර්නල්, ලෙස අමතනවා.
      සේනාංකයක් අණදිය යුත්තේ ජෙනරල් කෙනෙක් තමයි. නමුත් ජෙනරල් කෙනෙක් හොයාගන්න නැත්නම්, බ්‍රිගේඩියර් වරයකු පත කරනවා කාර්ය නියුක්ත සේනාංකාධිපති ලෙස. සමහර සොල්දාදුවන්ට මතක නැහැ සමහර නිලධාරීන් අන්තිමට හිටිය නිලය සහ තමන් ඒ ප්‍රදේශයෙන් ආවාට පස්සේ ඒ නිලධාරියා උසස් වුනාද විශ්‍රාම ගියාද යන වග. ඒ නිසයි බ්‍රිගේඩියර්ට, ජෙනරල් කියන්නේ. අපට හිටිය අති දක්ෂ නිලධාරියෙක් බ්‍රිගේඩියර් හලංගොඩ. අද ඔහු විශ්‍රාම සුවයෙන් ඉන්නවා.

      • // නමුත් ජෙනරල් කෙනෙක් හොයාගන්න නැත්නම්, බ්‍රිගේඩියර් වරයකු පත කරනවා කාර්ය නියුක්ත සේනාංකාධිපති ලෙස //

        ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා සමහර හමුදාවෙ තොරතුරු හෙළි කරන්නෙ නෑනේ. ඒකට අදාලද මන්දන්නෙ නෑ, ඒ නිසා මම ලංකාවෙ හමුදාවෙ බ්‍රිගේඩියර්ල කීයක් ඉන්නවද, මේජර් ජෙනරල්ල කීයක් ඉන්නවද කියල අහන්නෙ නැතුව ඔබතුමාගෙන් මෙහෙම අහන්නම්.
        බ්‍රිගේඩියර්වරු, මේජර් ජෙනරල්වරු පත්කරන්නෙ හමුදාවෙ ප්‍රමාණය (පිරිස් බලය) මත ද? වෙන විදියකට ඇහැව්වොත් රටක හමුදාවක සිටින ඉහළ නිලධාරීන් ගණන තීරණය වන්නෙ ඒ රටේ හමුදාවෙ ප්‍රමාණය මත ද?
        මේ ප්‍රශ්නෙට පිළිතුර ඔව් නම්, ඇයි ඔබතුමා කලින් සඳහන් කළාවගේ අවශ්‍ය ප්‍රමාණෙට නිළධාරීන් නැති වෙන්නෙ. (දළ අදහසකට අනුව මට හිතෙනව ලංකාවෙ හමුදාවෙ බ්‍රිගේඩියර්වරු 50 – 75 අතර සංඛ්‍යාවක්වත් ඇති කියල)

        • ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රමාණය විතරක් නෙවෙයි, කාලතුවක්කු කීයක්‌ තියනවද, යුද්ධ ටැංකි කීයක්‌ තියනවද, යුද නැව් කීයක්‌ තියනවද, යුද ගුවන් යානා කීයක්‌ තියනවද, වගේ දේවලුත් අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. හැබැයි කොහොමද බලන්නේ කියලානම් අහන්න එපා.
          හමුදාවේ ඉන්න සොල්දාදුවන් ප්‍රමාණය අනුව තමයි නිලධාරීන් ප්‍රමාණය තීරණය වන්නේ. හිතුමතේට ඒ ප්‍රමාණයන් වෙනස් කල නොහැකියි. ඉන්න ජෙනරල්ලා සියලු දෙනා අත්‍යවශ්‍ය රාජකාරි වල යෙදවූ විට, මදි ප්‍රමාණය පුරවන්නේ බ්‍රිගේඩියර්ලා ගෙන්, බ්‍රිගේඩියර්ලා මදි වුනොත් කර්නල්ලා ගෙන්, ඒ විදිහට තමයි කරන්නේ.
          උසස්වීම් දෙන්න ප්‍රමාණවත් භට පිරිසක් හිටියත් සුදුසුකම් සම්පූර්ණ කල අය නැතිනම් උසස්වීම් දෙන්නේ නැහැ. පාබල රෙජිමේන්තු අවශ්‍යතා සඳහා සේවා රෙජිමේන්තු වලින් උසස්වීම් දිය නොහැකියි. වයිද්ය බලකායේ නිලධාරියකුට දෙන්න බැහැනේ පාබල රෙජිමේන්තුවක් අණදෙන්න කියා.

  21. ෴ හැබැයි කොහොමද බලන්නේ කියලානම් අහන්න එපා. ෴

    ලිංක් එකක් දාන්න බැරි ද? 🙂

    • දාන්න වෙන්නේ ලිඳේ තමයි.
      ලෝකයේ සෑම රටකම හමුදා බලය පිළිබඳව, වෙනත් රටවල් ඔත්තු බලනවා. පොළොවට කිලෝමීටර් 300 ක් ඉහල අහසේ තියන චන්ද්‍රිකාවකින්, පොලොව මතුපිට තියන වාහනයක අංක තහඩුව කියවන්න පුළුවන්. අපේ රටේ තිබුන යුද්ධයත් සමහරවිට වීඩියෝ කරලා ඇති.

  22. තාමත් බොහෝ විට මේජර් ජෙනරාල් නිලයේ අය සේනාංකයකට අණ දීමේ කටයුත්තට යොදවනවා අඩුයි. බොහෝ විට ඒ අය යොදවන්නේ ඊට ඉහල කටයුත්තකට. ආරක්ෂක සේනා ආඥාපති, නැත්නම් යුධ හමුදා මුලස්ථානයේ ඉහල අංශවල නිලධාරීන් විදිහට ඉන්නේ මේජර් ජෙනරාල්ලා. උදාහරණ විදිහට ඇජුටන්(ට්) ජෙනරාල්, ක්වාටර් මාස්ටර් ජෙනරාල් වගේ තනතුරු වල ඉන්නේ මේ නිලධාරීන් තම මම හිතන හැටියට.
    ක’නල් කොමඩාන්ට් හා සෙන්ටර් කොමඩාන්ට් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?මම අහල තියන විදිහට ක’නල් කොමඩාන්ට් කියන්නේ ගරු තනතුරක් වගේ දෙයක් හා සෙන්ටර් කොමඩාන්ට් ඒ රෙජිමේන්තුවේ පරිපාලනය සම්බන්ධ මූලිකයා.

    • යුද හමුදා මූලස්ථානයේ ඔබ කියා ඇති තනතුරු සඳහා අනිවාර්යයෙන් ජෙනරල් කෙනෙක් අවශ්‍යයි. මොකද ඔවුන් අතින් ඉටු කලයුතු විශාල කාර්ය භාරයක් තියනවා. අනිත් කාරණේ ඒ තනතුරු වලට ස්ටන්කාරී රෙජිමේන්තු වලට අයිති නැති අය වුනත් යොදවන්න පුළුවන්. (සමහර ඒවාට බැහැ Director General Infantry වගේ ඒවාට) සේනාංකයක් අණදීමට පාබල රෙජිමේන්තුවකට අයත් පළපුරුදු ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් කෙනෙක් හොඳටම ඇති.
      යම්කිසි රෙජිමේන්තුවක ප්‍රධානියා හෙවත් රෙජිමේන්තු අධිපති තමයි, කර්නල් කමඩාන්ට් (Colonel Commandant) එය හමුදා මූලස්ථානයෙන් කරන පත්වීමක්. හමුදාවේ පත්වීම් හැම එකකටම විශේෂවූ වැටුපක් නැහැ. නිලයට අදාළ වැටුප තමයි ගෙවන්නේ. නමුත් සංග්‍රහ දීමනා, කඳවුරු නිරීක්ෂණ දීමනා වැනිදේ තිබෙනවා සමහර තනතුරු වලට. සෙන්ටර් කමඩාන්ට් (Centre Commandant) කියන්නේ කර්නල් කමඩාන්ට් ගේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා. සෙන්ටර් කමඩාන්ට් හැටියට පත් කරන්නේ කර්නල් නිලයේ කෙනෙක්. ඔහු ක්‍රියාන්විත සහ පාලන කියන අංශ දෙකම සම්බන්ධව කටයුතු කරනවා. ඔහුගේ සහයට ක්‍රියාන්විත සහ පාලන අංශ දෙකට අයත් මාණ්ඩලික නිලධාරීන් ඉන්නවා.

  23. විශේෂ බලකායට සිථිර පත්වීම් නෑ කියා අසා තිබෙනවා. එහි නිලධාරීන් වුවත් අදින්නේ තමන්ගේ මව් රෙජිමේන්තුවේ ඇදුම හා ලාංඡන නිසා.

  24. විශේෂ බලකා ලාංඡන සහිත බෙරේ එක ගැන නෙමේ මම කිව්වේ.
    මෙන්න මේ ඇඳුම ගැන
    http://s307.photobucket.com/albums/nn306/Diwanganaa/Army/?action=view&current=LAK2.gif&currenttag=Lalith+Jayasinghe

    මෙහි විශේෂ බලකා Shoulder tab එක තිබුනට ඔහු ඇදන් සිටින්නේ ගැමුණු හේවා බලඇණියේ ලාංඡන හා ඇඳුම.

    • ඔව් ලුති කර්නල් ජයසිංහ මෙතන අංක 2 නිල ඇඳුමෙන් ඉන්නේ ගැමුණු හේවා බලකායේ ලාංඡන සහ විශේෂ බලකායේ ලාංඡනද මිශ්‍රව අඳිමින්. කාලයක් එහෙම අඳින්න වුණේ විශේෂ බලකායේ ඒ සඳහා අවශ්‍ය පරිපාලන කටයුතු සම්පූර්ණ නොවී තිබීම නිසයි. නමුත් දැන් මේ ක්‍රමය නැහැ. මේ පින්තූරයත් ටිකක් පරණ එකක්. එයා කපිතන් කාලේ.

      • දැන් එතකොට පීක් කැප් (මේකට කියන්නේ ඒ නමනේ) එකෙත් විශේෂ බලකායේ රාජාලිය, ඊතල හතර සහ කඩුව (කඩුවක්නේ?), ලාංඡනය තිබෙන නිල ඇඳුමක් තිබෙනවද?
        එහෙම ඒවායේ පින්තුර හොයන්නේ අමාරුයි. ඔය ඇඳුමින් ඉන්න අවස්ථා අඩුයි වගේම ඒවා ප්‍රසිද්දියේ දාන්නෙත් නෑනේ.

      • මම ගිය May මාසේ ගියා යාලුවෙක් ගේ අයිය කෙනෙක් ගේ wedding 1කට , එයා SF Major කෙනෙක්. එයාගේ mother unit1 SLSR, එදා එයා ඇදල හිටියේ සිංහ රෙජිමේන්තු කළු නිල ඇදුම SF Badges ,Sholder Tab එක්ක එදා හිටපු ඔක්කොම SF Major,captලා ඇදල හිටියේ එයාලගේ Mother unit වල යුනිෆෝම් (විශේෂ බලකායේ රාජාලිය, ඊතල හතර සහ කඩුව ලාංඡනය තිබ්බේ නෑ)

        නමුත් COMMANDO කට්ටිය ඒගොල්ලන්ගේම Badges ඒක්ක uniform අන්දිනව නේද ? (peak cap1 commando badge1එක්ක )කරුණාකර මෙය පැහැදිලි කරදෙන්න.

        • විශේෂ බලකායේ සම්මාන නිල ඇඳුම තවම ක්‍රියාත්මක නැති නිසා මව් එකක නිල ඇඳුම අඳිනවා. කොමාන්ඩෝ රෙජිමේන්තුවට සම්මාන නිල ඇඳුම් තිබෙනවා.

  25. මම මේ ලිපිය ගොඩක් දුරට කියෙව්වා.ඉතාම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.මම ගුවන් හමුදාවේ අවුරුදු 22ක් සේවාවක් තියෙන බලලත් නිලදාරියෙක් දැන් විශ්‍රාම අරන් රට ඇවිත් ඉන්නේ.මමත් දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත.ඉස්තුති.

  26. මම අහලා තියෙනවා ලංකාවේ army එකෙන් කලින් retire වෙන කට්ටිය ගොඩක් PMC වල වැඩ කරනවා කියලා. ඒක ඇත්තද? ලංකාවේ අයට එහෙම අවස්ථා තියෙනවද?

    • දේශීය වශයෙන්නම් සෑහෙන පිරිසක් පෞද්ගලික ආරක්ෂක සමාගම් පවත්වාගෙන යනවා. ඒවා ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි කල ඒවා. විදේශීය වශයෙන් නම් මම තොරතුරු දන්නේ නැහැ.

  27. Academi(Xe Services, Blackwater USA), airscan, gurkha sec වගේ ඒව ලංකාවේ දැනට නෑ නේද? ලංකාවේ නිතියෙන් එහෙම ඒවා ආරම්බ කරන්න පුලුවන්ද? එවිට ඒගොල්ලොන්ට Millitary Grade Arms පාවිච්චි කරන්න දෙනවද?

    • ඇත්තෙන්ම එවැනි මට්ටමේ ආයතන ලංකාවේ ඇති කිරීමටනම් තව කාලයක් යනු ඇති. ඒවා කොහොමටත් රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ නිසා මට මේ වෙලාවේ යමක් කියන්න අමාරුයි.

  28. රෙ. සැ. මේ. කිව්වාම මට මතක් උනා බෝල පෙරේරාව… මතක ඇති නේද??? ලේඩි කෙඩෙට්ලාගෙන් ජනවාරි පෙබරවාරි වෙලාද කියලා අහැව්වා කියලා කතාවක් තියෙන්නේ!

    • බෝල පෙරේරා මගෙත් සරඹ උපදේශක වරයෙක්. එයාගේ කතා ලියන්න බැරි එකයි හිතට දුක. අනික එවැනි අතිදක්ෂ උපදේශකයන් දැන් දකින්නවත් නැති තරම්.

  29. 1. විචාරක තුමා මොකද මේ රිබන් වල තරු ගහල තියෙන්නේ ?

    http://www.businesstoday.lk/cover_page.php?issue=202

    2. 2lt කෙනක් full lt. කෙනක් කරන්නේ කොච්චර කාලෙකින්ද ?

    3. Brigade commander හා center commandant ගෙන් වඩා කව්ද senior?

    4.සාමාන්‍යයෙන් බලඇණියක අණදෙන නිලදාරී වෙන්න කොච්චර කාලයක් හමුදාවේ ඉන්න ඕනද ?

    • 1. ඒවා තරු වගේ පෙනුනට තරු නෙවෙයි. රවුම් හැඩයේ ලෝහ බොත්තමක් වැනි දෙයක්. එකට කියන්නේ සන්දාරය clasp කියලා. ඒ පදක්කමට අදාර රිබන් එක සමග සාමාන්‍ය නිල ඇඳුමේ අඳින්න තමයි එය ලැබෙන්නේ. එකම වීර පදක්කම දෙවැනි වරටත් ලබාගත්තොත් සන්දාර දෙකක් පළඳිනවා. තුන් වරක් නම සන්දාර තුනයි. එකම පදක්කමෙන් තුනක් අඳින්න බැහැනේ. එකේ තේරුමක් නැහැනේ. ඒ නිසයි සන්දාර ලබාදෙන්නේ.
      2. වසර 3 යි.
      3. Brigade Commander
      4. අවම වශයෙන් වසර 10 – 12 ක් වත් යනවා. අවම වශයෙන් මේජර් නිලයටවත් පැමිණ සිටිය යුතුයි.

  30. 1.ඒ කියන්නේ ෆොන්සේකා සර් RSP එක 5 පාරක් RWP 2පාරක් අරගෙන තියනවද ?

    2.මම අහල තියනව හිටපු හමුදාපතිවරයෙක් තමන්ම නිර්දේශ කරලා WWV 1ලබාගත්ත කියල. අද එයා ……1 කුලපති .එහෙම කරන්න පුලුවන්ද හමුදාවේ නීතිවලට අනුව ?

    ඔබේ පිළිතුරු වලට ස්තුතියි !

  31. හමුදා නිලයන් වල පිළිවෙල ගැන හොයද්දී මේ බ්ලොග් එක හම්බුනේ අහම්බෙන්. මීට කලින් මේ පැත්තේ ඇවිත් නෑ මම.

    හමුදා (නාවික / ගුවන්ැතුලුව) නිළයන් පිළිඹඳව ලොකු දැනුවත්වීමක් ලැබුනා මට. බොහොම මහන්සි වෙලා කරන බ්ලොග් එකක්.

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ දැණුමෙන් අපිව සන්නද්ධ කරනවට…

    ජය වේවා…!

    • ඔබව සාදරයෙන් පිළිගන්නා අතර නිතර මෙහි පැමිණ හොඳ නරක කියන මෙන් කරුණාවෙන් ඉල්ලනවා.

      ඔබේ දැනුමට යමක් එක්කරන්න ලැබීම සතුටක්.

      • ඔබ තුමාගේ මෙම අඩවියේ ඇති ලිපි කිහිපයක් මුද්‍රණය කලාට කමක් නැද්ද..?

        ඔබ තුමාට පුළුවන් නම් මට ඊ-මේල් එකක් එවන්න.. zoro.creation@gmail.com

        ප.ලි- මේ කොමෙන්ටුව පළ නොකලත් කමක් නෑ.. 🙂

  32. විචාරකතුමා EX-BM කියන්නේ කව්ද ?

    • ඔබ මේ ප්‍රශ්නය අහන්නේ හමුදාව සම්බන්ධයෙන් යයි සිතනවා. ex යන පදය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේදී යටත්පිරිසෙයින් තේරුම් දෙකක් දෙනවා. ex stock = දැනට තොගයේ පවතින. ex President = හිටපු ජනාධිපති. BM යන්න හමුදා කටයුතු වලදී යෙදෙන්නේ Brigade Major යන තනතුරු නාමය කෙටි කර දැක්වීමටයි. හැබැයි ඉතා කලාතුරකින් තමා හමුදාවේ තනතුරු වලදී ‘හිටපු ex’ යන්න යෙදෙන්නේ. ඒ නිසා ex BM යනු ‘හිටපු බලසේනා මේජර්’ වියයුතුයි.

  33. සර් කවුද බලසේනා මේජර් කියන්නේ ?

    • බලසේනාවක තියන නිළ මෙහෙමයි. 1. බලසේනාධිපති. (අවම වශයෙන් කර්නල් කෙනෙකු විය යුතුයි. බලසේනාවේ විධායක කටයුතු කරන්නේ මේජර් වරයෙක්. ඔහු තමයි බලස්නා මේජර්

  34. විචාරක තුමා , හමුදාවේ රෙජිමේන්තුවල අදිපති ( colonel commandant )වෙන්න ඒ රෙජිමේන්තුවෙන් බිහිඋන කෙනෙක් වෙන්නම ඕනද ?ඒ උනාට Commando/SF වගේ ඒවායේ රෙජිමේන්තුවල අදිපති වෙලාතියෙන්නේGR වගේ යුනිට් වල කට්ටියනේ(eg-Kamal gunarathna,CP gallage ,Shawendra silva)එහෙම කරන්නේ ඇයි ?

    • මුල් කාලයේදී සමහර රෙජිමේන්තුවල ඒ රෙජිමේන්තුවටම අයත් උසස් නිලධාරීන් (යටත්පිරිසෙයින් බ්‍රිගේඩියර්) නොසිටි නිසා වෙනත් රෙජිමේන්තුවල නිලධාරීන් යෙදෙව්වා. නමුත් දැන් ප්‍රමාණවත් තරම් උසස් නිලධාරීන් ඉන්නවා. හදිසි ක්‍රියාන්විත අවශ්‍යතා වලදී මේ තත්වය වෙනස්විය හැකියි. උදාහරණයක් වශයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ජෙනරල් ෆොන්සේකා තමයි නිර්මාණය කලේ. නමුත් ඒ සඳහා ඒ අලුත්ම රෙජිමේන්තු ලාංඡනය අඳින බ්‍රිගේඩියර්ලා නැති නිසා වෙන ඇය දැම්මා)

  35. 1-විචාරක තුමා සමහර විශේෂ බළසේනා Commando/SF වගේ ඒවායේ මුළු රෙජිමේන්තුවම බලසේනාවට අයත්වෙනවා නේද ?බලසේනාවට පිළිබද පොඩ්ඩක් පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද?
    2-හමුදා සටන් පුහුණුපාසලක 2ICඉන්නවාද ?නැත්නම් Chief Instructor=2IC ද ?
    3-බලස්නා මේජර් බලසේනාවේ ඉන්න 2වැනි ජ්‍යෙෂ්ඨ නිළයද ? ඔහු බලඇණියක විධායක අධ්කාරී මෙන් බලසේනාව තුල කටයුතුකරනවාද ?
    4-වසර 12 කාලයක් සේවයකර එකෙන් මව් එක්ක්කයට යන්න පුලුවන්ද ?

    ස්තුති !

    • 1. බලසේනාව Brigade කියන්නේ යුද හමුදා සංස්ථාවක්. එය සෑදෙන්නේ බලඇණි Battalions කීපයක් සහ කාලතුවක්කු Artillery, ඉංජිනේරු Engineer, සේවා බලකායService Corps, වැනි තවත් කුඩා කොටස් කීපයක් එකතුවීමෙන්. එහි අධිපතියා බලසේනාධිපති Brigade Commander. සාමාන්‍යයෙන් අවම වශයෙන් කර්නල් නිලයේ නිලධාරියකුවත් විය යුතුයි බලසේනාධිපති වීම සඳහා.බලසේනාවකට අනදෙන්නේ බ්‍රිගේඩියර් වරයෙක්. එමෙන්ම බලසේනාධිපති අනිවාර්යයෙන්ම සටන්කාරී රෙජිමේන්තුවකට හෝ ආධාරක සේනා (සන්නාහ සන්නද්ධ Armoured Courps, ඉංජිනේරු Engineer Regiment, කාලතුවක්කු Artillery, සංඥා Signals, වැනි) බලසේනා මේජර් කියන්නේ බලසේනාධිපතිගේ ක්‍රියාන්විත කටයුතු පිලිබඳ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා. ඔහුද සටන්කාරී හෝ අධාරක සෙනාවකට අයත් වියයුතුයි. ඔහු බලසේනාධිපතිගේ දෙවනියා නොවෙයි. මොකද බලසේනාවක් යටතේ තිබෙන බලඇණියක ඉන්න අණදෙන නිලධාරීන් ඔහුට වඩා ජ්‍යොෂ්ඨයි. බලසේනාවකට යාකර කොමාන්ඩෝ/විශේෂ බලකාය කුඩා පිරිස් සිටිය හැකියි විශේෂ ක්‍රියාන්විත සඳහා.
      කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකාය විශේෂ අරමුණු සඳහා පිහිටවා තිබෙන නිසා ඔවුන්ගේ සම්පූර්ණ බලඇණි වෙනත් බලසේනාවක් යටතේ තබන්නේ නැහැ.

      2. හමුදා සටන් පුහුණු පාසලක තිබිය හැකි නිළ මෙසේයි. 1.සේනාවිධායක Commandant 2.කර්නල් (ප්‍රධාන කටයුතු) Colonel (GS) 3.කර්නල් (පාලන සහ භටකාර්ය සම්පාදන) Colonel (AQ) 4.ප්‍රධාන මාණ්ඩලික නිලධාරි (1) General Staff Officer (I) 5.ප්‍ර.මා.නි. (2) General Staff Officer (II) සේනාවිධායක නොමැති වීර රාජකාරි ආවරණය කරන්නේ කර්නල් (ප්‍රධාන කටයුතු) Colonel (GS) විසින්. සේනාවිධායක කර්නල් හෝ බ්‍රිගේඩියර් නිලයේ කෙනෙක් විය හැකියි. කර්නල් (ප්‍රධාන කටයුතු) සහ කර්නල් (පාලන සහ භටකාර්ය සම්පාදන) කර්නල් හෝ ලුතිතන් කර්නල් නිලයේ අය වියයුතුයි. ප්‍ර.මා.නි. (2) තනතුරු සඳහා ලුතිතන් කර්නල් හෝ මේජර් නිලයේ අය යොදවනවා. 2 IC හෙවත් දෙවැනි අණදෙන නිලධාරියකු නැත.

      3. බලසේනා මේජර් ප්‍රධාන වශයෙන් කරන්නේ බලසේනාධිපතිගේ ක්‍රියාන්විත නියෝග බලඇණි මගින් ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීමයි.

      4. වර්තමාන තත්වය නොදනිමි. එහෙත් ඉල්ලෙමක් කලහැකියි. ලබාදීම ප්‍රතික්ෂේප කලහැකියි.

      • නමුත් පසුගිය යුධසමයේ commando/SF නමින් ස්වාධීන බලසේනා තිබුන නේද ? මට මතකයි Commandoරැල්ෆ් නුගේරා හා SFඅතුල කොඩිප්පිලි යටතේ 1,2,3,4 CR හා 1,2,3,4,5 SFස්වාධීන බලසේනා ලෙස කටයුතුකළ බව. අදටත් විශේෂබළකා බලසේනාව වවුනියාවල තියෙනවා Col.H.Ranasinghe යටතේ.

        අනෙක් එක මාදුරුඔයSFTS හා කුඩාඔය CRTSවල සේනාවිධායක විදියට ඉන්නේ LT.Colනිලයේ අය,මට මතකයි මේ ළගදි ගිය පල්ලෙකැලේ Rifle corps TS එකේ හිටියෙත් Lt.Col කෙනෙක්. SLMA වගේ ප්‍රධාන ආයතනවල නම් Brigadier නිළයේ Commandantලා දකින්නපුළුවන්

        පිළිතුරුවලට බොහොම ස්තුතියි !

        • ක්‍රියාන්විත අවශ්‍යතා සඳහා කෙටිකාලයකට හදන බලසේනා තියනවා. මා කලිනුත් කිව්වා වගේ කොමාන්ඩෝ සහ විශේෂ බළකා රෙජිමේන්තු කෙලින්ම දිගුකාලීනව වෙනත් බලකා යටතේ තියන්නේ නැහැ. ඒ නිසයි ඔවුන් ස්වාධීනව තබා තිබෙන්නේ. කොමාන්ඩෝ විශේෂ බලකා ලෙස නෙවෙයි 1 2 3 4 බලඇණි ලෙසයි තිබෙන්නේ.

          මාදුරු ඔය නම් කිසිසේත් ලුතිතන් කර්නල් කෙනෙක් සේනාවිධායක ලෙස ඉන්න බැහැ. කුඩාඔය කියන්නේ විශේෂ බලකා පුහුණු පාසලක් එය අනෙක් පුහුණු පාසල් අනුව පහලින් තිබෙන්නේ. රයිෆල් බලකාය ස්වේච්ඡා ඒකකයක්. ඒවා සන්න්තාම්ය පුහුණු පාසල් නොවේ.

      • දැනට මාදුරුඔය SFTS 1සේනාවිධායක Lt.Col Mahinda Ranasinghe ඊට කලින් හිටියේ Lt.Col Chandimal Peris. CRTS1 කලින් හිටියේ Lt.Colජයන්ත බාලසුරිය එයා Colonel වෙලා ගියා දැන්නම් කවුද කියා දන්නේ නෑ.මම commandosගැනනම්ගොඩක් දන්නේනෑ.
        නමුත් මේවනවිට හමුදාවේ SF Brigade1ක් වවුනියා වල තියෙනවා Brigade commander colonelහරේන්ද්‍ර රණසිංහ.මම එකට ගිහිල්ල තියනවා. අව් 03විතර කලින් තමා open කලේ. මේකේ තනිකරම SF කට්ටිය විතරයි ඉන්නේ.

      • නමුත් අදටත් මේ ස්වාධීන බළසේනා පවතිනවා SF Brigadeවගේ පොඩ්ඩක් හොයලබලන්න.

  36. වසර 12 කාලයක් සේවයකර SFඑකෙන් මව් එක්ක්කයට යන්න පුලුවන්ද ?

  37. සූස්තර පුංචා said:

    Dear Mr. Wicharaka, I read your all the Articles.
    Thank you very much for your effort to Give your Knowledge and Experiences to us.
    So Can you write an article about Uniforms of Military Service???
    I have heard that Military Uniforms has been numbered as Dress No. 01,
    Dress No. 02 , Combat Dress, Mess Dress , Ceremonial Dress Etc..
    Please Describe about those and the Differences of those uniforms on The Regimental Basis.

    • Dear සූස්තර පුංචා, First of all I would like to say you thanks a lot for reading my articles with a great effort. I’m in great pleasure to understand that a number of people are benefited with my articles. Well, of course I was having an idea for a long time to write an article about Military Uniforms. There are 8 uniforms in the Army. Unfortunately it is extremely difficult to find out pictures of all 8 types of uniforms. Any way for the moment I have collected certain number of pictures and very soon I will write the article. Thank you again for your appreciation.

  38. සරසවියට තේරුනු මා හට යුධ හමුදාවට ඇතුළත්ව..සරසවි අධ්‍යාපනයේ යෙදිය හැකිද?

    එසේ හැකිනම් කැඩෙට් නිළධාරියෙකු ලෙසද මා සරසවි අධ්‍යාපනයේ යෙදිය යුත්තේ?

    • ඇත්තටම පුළුවන්. නමුත් දැනට කොතලාවලා ආරක්ෂක විශ්ව විද්‍යාලයට බඳවාගැනීම් කෙරෙනවාදැයි මා දන්නේ නැහැ. මෙතනින් බලන්න. කතා කරලත් බලන්න.

      http://www.kdu.ac.lk/

      තේරුනොත් කැඩෙට් නිලධාරියකු ලෙසයි බඳවාගන්නේ. වෙනත් සරසවියකට යවන්නේ නැහැ ඒ ආයතනයේදීම සියලුම පාඨමාලා පහසුකම් තිබෙනවා.

  39. විචාරක තුමනි එසේ නොවේ….කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නැතිව වෙනත් රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබිය නොහැකිද?…. ශිෂ්‍ය නිළධාරී ලෙස එසේ කළහැකි බව…දියතලාවේදී ගුවන්හමුදා නිළධාරියෙකු පැවසුවේය..නමුත් ඒ පිළිබඳ විස්තර මට මතක නැත….

    • පුළුවන්. විශේෂයෙන් ඔබ වෛද්‍ය ශිෂ්‍යයකුනම් එසේ කලහැකියි. එහිදී කෙරෙන්නේ ඔබ යුද හමුදාවට බැඳී කැඩෙට් නිළධාරියකු ලෙස සිටිමින් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. (නමුත් දැන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත රෝහලක් ඇති නිසා සමහරවිට නිල ඇඳුමෙන්ම යන්න වෙයි) කෙසේ වෙතත් ඔබට අනිවාර්යයෙන් හමුදා කඳවුරක නවතින්නට සිදුවන අතර සෑම සති අන්තයකම ගෙදර එන්නට ලැබෙන්නේ නැහැ, වෙනත් දේ තිබෙනවා ඉගෙනගන්න. කරුණාකර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බඳවාගැනීම් නිලධාරි අමතන්න. (0112622502)

  40. ඔබට මෙසේ කරදර කිරීම පිළිබඳව සමාවන්න….මට කොතලාවට ආරක්ෂක විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් හොඳින් තිබුනත් (මා යු.හ ශිභ කණ්ඩයක සැරයන් වරයෙක්) එහෙත් කාරණා කිහිපයක් නිසා එය කළ නොහැකියී..මා වෛද්‍ය ශිෂ්‍යයකු නොවේ..එසේනම් මාහට ඉහත ආකාරයට…යුධ හමුදාවට එක්විය නොහැකිද? ඔබ කියූ ලෙස……කවදාවත් ගෙදර නො එන්නට ලැබුනත් එය ගැටළුවක් නොවේ.. 😀 😀

    • යුද හමුදාවට බැඳෙන කෙනෙකු නැවත කිසිදිනක ගෙදර නොඑනවා යනු මිත්‍යාවක් පමණි. ඒ ගැන අනුන් කියන කතා විශ්වාස කරන්න එපා. මම කියන දේවලුත් විශ්වාස කරන්න එපා. ඔබම ස්වාධීනව හිතාබලා තීරණයක් ගන්න. දැන් ඔබට කළහැකි හොඳම දේ ඔබේ සියලුම සුදුසුකම් සහිත ජීව දත්ත විස්තරයක් ඉංග්‍රීසි භාෂාවෙන් සකසා, ඒ සමග ඉංග්‍රීසියෙන් ලිපියක් ලියා අමුණන්න යුද හමුදාපතිට ආමන්ත්‍රණය කර, ඔබ කැඩෙට් නිලධාරියකු ලෙස බැඳෙන්නට කැමතියි කියා. ඉන්පසු එය පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යවන්න. The Director, Directorate of Personnel Administration, Headquarters Sri Lanka Army, Colombo 2.

  41. ඔබ වැරදියට තෙරුම් අරගෙනද මන්දා….” ඔබ කියූ ලෙස……කවදාවත් ගෙදර නො එන්නට ලැබුනත් එය ගැටළුවක් නොවේ..” යනුවෙන් මම පැවසුවේ..ඔනේම දේකට මා සූදානම් බව හැඟවීමටයි…ඔබට බෙහෙවින් ස්තුතීයි..මා වෙනුවෙන් පිළිතුරු ලිවීමට කාලය වැයකලාට..මම එසේ ලියුමක් යොමු කරන්නම්…අවසාන වශයෙන් ……කැඩෙට් නිළධාරියෙකුගේ සාමාන්‍ය පුහුණු කාලය කොපමණද?

    • කිසිසේත්ම වැරදියට තේරුම් ගැනීමක් නොවේ. යුද්දෙට යන අයගෙන් බහුතරය මැරෙනවා කියලා වැරදි සිතුවිල්ලක් සමාජයේ තියනවා.

      උපාධි පාඨමාලාවක කාලය මට හරියටම කියන්න බැහැ. කැඩෙට් නිලධාරියකු අවම වශයෙන් වසර දෙකක් පමණ පුහුණු කරනවා.

  42. පලමුව ඔබට ගොඩක් ස්තුති මෙහි පලකරන තොරතුරු වලට. මම අලුතෙන් තමා මෙහි ලිපි කියවන්න පටන්ගත්තේ. මට දෑනගනීමට දෙයක් තියෙනවා. සෑම නිළධාරියෙකුම නිවාඩු ලබා යනතුරු කදවුර තුල සිටිය යුතුද ? නෑත්නම් තම නිවසේ සිට සේවයට පෑමිණිය හෑකිද ?

    • පැරණි ලිපි කියවා මෙසේ අදහස් දක්වන ඔබට බොහොම ස්තුතියි. ඔබව සාදරයෙන් මේ අඩවියට පිලිගන්නවා.

      නිලධාරියකු හෝ සොල්දාදුවකු සෑමවිටම කඳවුරේ රැඳී සිටිය යුතුයි. නමුත් ඒ පිලිබඳ යම් යම් ප්‍රතිපත්ති තිබෙනවා. විවාහක සොල්දාදුවකුට හෝ නිළධාරියකුට තම විවාහ සහතිකය හා පදිංචි සහතිකය ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු පදිංචිව සිටින්නේ කඳවුරේ සිට කි.මී. 30 කට අඩු දුරකින් නම්, (කුලී නිවසක් වුවත් කමක් නැහැ) දවසේ රාජකාරි නිමාවෙන් පසු ඔහුට කඳවුරෙන් පිටවී යා හැකියි. නමුත් මෙය වරප්‍රසාදයක් නොවේ. දිනපතාම එසේ යන්නට ලැබෙන්නේ නැහැ එම සොල්දාදුවාට හෝ නිලධාරියාට කඳවුරේ යම් රාත්‍රී රාජකාරියක් පැවරී තිබේනම්. හමුදාවේ අවශ්‍යතාව අනුව ඕනෑම අවස්ථාවක මෙය අවලංගු කලහැකියි. සෑමවිටම කඳවුර තුළ රැඳී සිටීම හඳුන්වන්නේ ‘තුළ වාසී’ යනුවෙන්. නිවසේ සිට සේවයට පැමිණීම හඳුන්වන්නේ ‘පිටත වාසී’ යනුවෙන්. පනාගොඩ වැනි හමුදා ජනපද වල විවාහක නිලයන් සඳහා නිළ නිවාස තිබෙනවා. ඒවා වාර්ෂික පොරොත්තු ලේඛනයේ සිට ලබාගත හැකියි, සීමිත කාලසීමාවකට. යුද්ධයක් පවතින කාලයක, සොල්දාදුවාගේ ගෙදර තිබෙන්නේ කඳවුරට අල්ලපු වැටේ වුනත්, රාජකාරි නිමාවෙන් පසු ඔහුව ගෙදර යවන්නේ නැහැ. ඔහුගේම ආරක්‍ෂාව සහ කඳවුරේ ආරක්‍ෂාව යන දෙකම ගැන සිතා.

      • ඔබට ස්තූතී මහත්මයා. මට ඔබතුමගෙන් දෑනගත යුතු තවත් දෙයක් තියනවා. අනෙක් රජයේ නිළධාරීන් මෙන් හමුදා නිළධාරින්ද වයස අවුරුදු 55 වනතෙක්ම සේවය කල යුතුද ? නෑත්නම් හමුදා නිළධාරීන්ගේ සේවා කාලය තීරනය වන්නේ කෙසේද ?

        • ඒ ඒ නිළය අනුව හමුදාවේ රැඳී සිටිය හැකි කාලසීමාවක් තිබෙනවා. කපිතන් නිළය කියා හිතමු. උපරිම වයස් සීමාව අවුරුදු 45 යි. ඊළඟ නිළය වන මේජර් නිලයට උසස්වීමේ පරීක්ෂණයෙන් පිට පිට අසමත් වුනොත් ඔහුට විශ්‍රාම යන්නට වෙනවා. මේජර් නිලයේ උපරිමය අවුරුදු 55 යි. එතනින් එහා නිළ සඳහා උසස් කිරීමේ පරීක්ෂණ නැහැ. සුදුසුකම අනුවයි ලැබෙන්නේ. එහිදී වසර 4 ක් ඇතුළත ඊළඟ නිලයට උසස් නොකලොත් විශ්‍රාම යා යුතුයි. මේජර් ජෙනරල් නිලයෙන් පසු උසස්වීම වන්නේ හමුදාපති නිලයයි. ඒ අවස්ථාව උදාවන්නේ එක් අයකුට පමණයි. අනෙක් අය ජනාධිපතිතුමා විසින් අවුරුදු 60 දක්වා සේවා දිගුවක් ලබා නොදුන්නොත් එම නිලයේ වසර 4 ක සේවා කාලයෙන් පසු විශ්‍රාම යායුතුයි.

      • ඔබතුමාට නෑවතත් ස්තුතී. ඔබතුමාගේ Email address එක ලබාදෙන්න පුලුවන්ද ? ඔබතුමාගෙන් දෑනගතයුතූ කරුණු ගොඩක් තියනවා.

  43. විචාරක තුමා Admin OC සහ Headquarter Company OC කියන්නේ එකම තනතුරද ?

    • කොහොමද චාමර කාලෙකට පස්සේ?

      Admin(administration) OC (Officer Commanding) යනුවෙන් පත්වීමක් ඕනෑම කඳවුරු මූලස්තානයක හදාගන්න පුළුවන්. ඒ සඳහා ලුතිතන් නිලයේ (සමහරවිට QM කෙනෙක් වෙන්නත් පුලුව) කෙනෙක් වුනත් යොදාගන්නවා. ඔහුට අයත් කාර්යභාරය වන්නේ සොල්දාදුවන්ගේ සැපයුම් (නිළ ඇඳුම්, ආහාර, උපකරණ ආදිය) පරිපාලනයයි. HQ Coy OC අවම වශයෙන් කපිතන් කෙනෙක් වියයුතුයි. ඔහුට අනිවාර්යයෙන් බලන්න සිදුවෙනවා කඳවුරේ ආරක්‍ෂාව, කඳවුරු මුරය නිසිපරිදි පවත්වා ගැනීම, පුහුණුව සහ විනය.

      • පිළිතුරට බොහොම ස්තුතියි ඔබ තුමාට. ඔබ තුමාගේ ලිපි වලට නිතර කමෙන්ට් නොදැම්මට ඔබ තුමාගේ ලිපි හැකි සෑම විටම මම බලනවා.. එදා වගේම අදත් බොහෝම හොඳින් ඒවා කරගෙන යාම පිලිබදව මම ඔබ තුමාට ස්තුතිවන්ත වෙනවා. කරුණාකර කියන්න පුලුවන්ද අර ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ පොත මිලදී ගත්තු තැන.?

        • බොහොම ස්තුතියි ඇගයීම ගැන චන්දන. මම අර පොත මිලදී ගත්තේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයෙන්. නමුත් මේ පොත පොත් සාප්පුවල තිබෙන බව දැනගන්නට ලැබුණා. එහෙම නැතිවුනොත් කතුවරයාගේ දුරකථන අංකයකට කතාකර විමසන්න.

  44. WICHARAKA THUMO EKA RATAKA HAMUDAWAKA KENEK WENA RATAKA HAMUDAWAKA KENEKUTA ACHARA KARANNE KOHOMADA ??

    • සමාවන්න මේ ප්‍රතිචාරය මම දැක්කේ අදයි. වෙනත් රටක හමුදාවක නිලධාරියකු තමන්ට වඩා නිලයෙන් ඉහල බව දන්නවානම් මම පළමුව ආචාර කලයුතුයි. අපේ රටට පිටරටින් එන හමුදා නිලධාරියකු මගේම නිලයට සමාන වුනත් පිළිගැනීමක් ලෙස මම පළමුව ආචාර කලයුතුයි. අපි පිට රටකට ගියාමත් ඒ ආකාරයට තමයි සැලකිලි ලැබෙන්නේ. බොහෝවිට පිටින් එන කෙනා අපිට කලින් ආචාර කරනවා. අපිත් පිට රටකට ගියාම ඒ ගොල්ලෝ ආචාර කරන්න කලින් ආචාර කිරීමෙන් පෙන්වන්නේ මම හැදිච්ච මහත්තයෙක් කියන එකයි.

  45. […] අධ්‍යක්‍ෂ මණ්ඩලයක ප්‍රධානියා වන්නේ, මේජර් ජෙනරල්  වරයෙක්. (ඔන්න දැන් පේනවා නේද, හමුදාවට […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: