විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


නවක සොල්දාදුවන්ට, යුද හමුදාවට බැඳුනු පසු, තම බඩු බාහිරාදිය දමාගැනීම සඳහා, සිලින්ඩරාකාර හැඩයකින් යුත්, කැන්වස් රෙද්දෙන් මැසූ, විශාල බෑගයක් ලැබේ. සිංහලෙන් ‘ඔලොගු කට්ටලය’ ඉංග්‍රීසියෙන් (Duffle Bag)යනුවෙන් හැඳින්වෙන මෙය අලියකුගේ පාදයේ පහළ කොටස මෙන් පෙනෙන නිසා, ‘අලි කකුල’ යන ජනප්‍රිය නාමයෙන්, යුද හමුදාවේ සියලු දෙනා අතර ප්‍රචලිතය. මෙය කොතරම් විශාලද යත්, උඩරට ගැට බෙරයක් එහි පහසුවෙන්ම දැමිය හැකිය. එමෙන්ම සොල්දාදුවකු පළඳින එක් හිස්වැස්මක් වන්නේ ‘බෙරේ'(Beret) යනුවෙන් හැඳින්වෙන හිස්වැස්මයි. (සමහර නිලධාරීන් පවා මෙය ‘බෙරෙස් එක’ යනුවෙන් හඳුන්වන්නේ නොදන්නාකම නිසාය. නිවැරදි නම වියයුත්තේ ‘බෙරේ එක’ යන්නය.) සමහර අවස්ථා වලදී, සොල්දාදුවකු සතුව, මෙසේ යුද හමුදාවෙන් නිකුත් කරන සියළු උපකරණ තිබේද යන්න, පුහුණුකිරීම් භාර උපදේශකයන් විසින් පරීක්ෂා කරනු ලැබේ. මේ එවැනි එක් දිනයකි. සියළු දෙනා පෙළගස්වා, පරීක්ෂණය සිදුවෙමින් පවතින අතරතුර, එක් උපදේශකයෙක් ‘කෝ තමුන්ගේ බෙරේ එක?’ කියා ආධුනික සොල්දාදුවකුගෙන් විමසීය. බෙරයක් ගැන ඔහුට හාන්කවිසියක් නැත. නමුත් බෙරයක් වුවත් දැමිය හැකි මල්ලක් තිබෙන බව මතක් විය. සොල්දාදුවා වහාම පිළිතුරු දුන්නේය. ‘බෙරේ නම් ලැබුනේ නැහැ කෝප්‍රල්, එත් බෙරේ දාන කේස් එකනම් ලැබුනා’ ඔහු තම ඔලොගු කට්ටලය පෙන්වමින් කීය.

Comments on: "බෙරේ නම් නැහැ කේස් එක තියනවා" (3)

  1. මමත් බෙරේ දාපු හැටි මතක් වුණා.

  2. කාලයක් මමත් දැම්ම නේනනං ඕකක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.