විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


ඊයේ පෙරේදා දවසක කොළඹ ගියේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු රාශියක් කරගෙන එන්නයි. ජීවිතේ එපාවෙනතුරු මෙතනින් අතෙන්ට, එතනින් ඊළඟ තැනට, ආදී වශයෙන් දවසම රස්තියාදු වෙලා, වැඩටිකත් කරගෙන, ගෙදර එන්න බස් එකකට ගොඩවුනා. අයිනේ සීට් එකක් අල්ල ගත්තේ හොඳ නින්දක් දාගෙන එන්නයි. ටිකට් එක ගන්නවා විතරයි මතක. මට හොඳටම නින්ද ගියා. අතරමග කොහේදී හරි තැනකදී, කවුරු හරි මගේ කකුලකින් අදිනවා දැනිලා ඇහැරුනා. මගේ ළඟ ඉඳගෙන හිටිය තරුණ පහේ, නාකිත් නැති, නෝනා කෙනෙක් මගේ කකුලෙන් අල්ලා හොලවමින් ඇහුවා, ‘මේ කොයි හරියද’ කියලා. මම කිව්වා ‘මේ මගේ කලවා හරිය’ කියලා. මෙන්න බොලේ ‘වනචර මිනිහෙක්’ කිය කියා මට බැන බැන ඒ නෝනා නැගිටලා වෙන සීට් එකකට ගියා.

Comments on: "ඇත්ත කියලත් මමද වැරදිකාරයා" (5)

  1. පව් බන් ඒ ගෑනි..මනුස්සකමට කකුලෙන් ඇද්දද දන්නෙ නෑ..

    • ඇද්දා කියන්නේ මහත්තයෝ, හරියටම කියනවනම් කලව උඩ අත තියලා, එහාට මෙහාට හොල්ලලා තමයි අර පුරස්නේ ඇහුවේ. ඉතිං මං වෙන මොන උත්තරයක් දෙන්නද හත් දෙයියනේ.

  2. ඔබතුමාගෙ වයසෙ හැටියට ඔය දුන්න උත්තරේ මදෑ… තරුණ පහේ කෙනෙක් වුණානම් මේ සටහනේ ලියවෙන්නෙ ඒ කාන්තාවට තැන මොකක්ද කියල පැහැදිලි කරල දීල, ආගිය තොරතුරු කතා කරල, ෆේස් බුක් අයිඩී, ෆෝන් නම්බර් හෙම මාරුකරගෙන තව තව එහාට ගිය කතාවක් තමයි 😀

  3. බිපෙසි 🙂

  4. ඔබතූමා හරි දෙන්ඩ ඔන පිළිතුර දීලා තියනවා.එක හොල්මනක් මට දවසක් කියනවා එයා මහන එක එක ජාතිවල රෙදී වලට හරියන වීදිහට නුල් වල ටෙන්ෂන් හදලා දෙන්නලූ.මම කියුවා මාව එයාගේ ගේදර එක්ක ගිහින් නවත්ත ගන්න කියලා.

විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න