විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


සයිබර් අවකාශය තුල සිංහල භාෂාවට තැනක් ලැබී එතරම් දීර්ඝ කාලයක් ගතවී නැත. එහෙත් වර්තමානයේදී සයිබර් අවකාශය තුල සිංහල භාවිතය සීඝ්‍රයෙන් වැඩි දියුණු වෙමින් පැවතීම, සිංහල භාෂාව පාවිච්චි කරන අප කාගේත් සතුටට හේතුවනු නොඅනුමානය. හෙළ බස සයිබර් අවකාශය වෙත රැගෙන ඒමට මුල් පියවර තැබූ සියල්ලන්ට මෙම ලිපිය ආරම්භයේදීම මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනු කැමැත්තෙමි. ඔවුන් ඒ සඳහා විවිධ පර්යේෂණ, තැත් වැරදි, කොපමණ කරන්නට ඇතිද, යන්න සිතා බැලීමේදී ඔවුන් විශේෂ ගෞරවයකට සාකල්‍යයෙන්ම සුදුසු වන බව පැහැදිලි වෙයි. .
කෙසේ වෙතත් සයිබර් අවකාශය තුල සිංහල යතුරු කරණයේදී තවමත් නොවිසඳුණු ප්‍රශ්න නැතුවාම නොවේ. මා මෑතක් වනතුරු පාවිච්චි කළේ, කොළඹ විශ්ව විද්‍යාලය මගින් සකසා ඇති සිංහල යුනිකෝඩ් ක්‍රමයයි. එහිදී සමහර අකුරු යුනිකෝඩ් පරිවර්තනයෙන් පසු තරමක් විකෘතිවී පෙනෙන බව මා හට නිරීක්ෂණය විය. ම් මි මී, ව් වි වී, බ් බි බී, ඩ් ඩි ඩී, වැනි අකුරු, ඒවාට අදාළ නිවැරදි ඉස්පිල්ල නොපෙන්වීම මුලින්ම මා අපහසුතාවයට පත කල ප්‍රශ්නය විය. එය දැනට සාර්ථකව විසඳී ඇත. එහෙත් තවමත් ප්‍රශ්නයක්ව තිබෙන්නේ යංශය සහ රකාරාංශය නිවැරදිව නොපෙන්වීමයි. උදාහරණයක් වශයෙන් මාධ්‍යය යන වචනය යතුරු කරණයේදී මා යන්න, මහප්‍රාණ ධ යන්නට යංශය, ය යන්න ලෙස යතුරු කරණය කලද, එය පෙන්වන්නේ මා යන්න, මහප්‍රාණ ධ යන්නට හල් කිරීම, ය යන්න ලෙසය. එමෙන්ම මහාප්‍රාණ යන වචනයේ ප යන්නට යෙදු රකාරාංශය වෙනුවට පෙන්වන්නේ හල් ප යන්න සහ රා යන්නය. මෙය යතුරු කරණය පිලිබඳ මාගේ නොදන්නා කමද නැතහොත් වෙනත් ප්‍රශ්නයක්ද යන්න නොදනිමි. දැනුමැත්තෝ මා දැනුවත් කරත්වා. දැනට මා පාවිච්චි කරන්නේ ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් මෘදුකාංගයයි.

Comments on: "සයිබර් අවකාශය සහ සිංහල යුනිකෝඩ්" (8)

  1. වර්තමානයෙ කුමන කුමයක් භාවිතා කලත් ඉදිරි‍යේදී දිගටම සිංහල භාවිතා කරන්නට අදහස් කරනවානම් ක්‍රමයෙන් විජේසේකර පුවරුවට හුරුවීම වඩා සුදුසුය යන්න මගේ අදහසයි. ඔබට සිංහල යුනිකෝඩ් හෝ එහි භාවිතය පිළිබඳ ගැටළු තිබේනම් සිංහල යුනිකෝඩ් සමූහය වෙත එකතුවෙන්න පුළුවන්…

    http://groups.google.com/group/sinhala-unicode

    සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයෙනුත් උදව් ලබාගන්න පුළුවන්.

    http://groups.google.com/group/sinhala-bloggers?pli=1

    යුනිකෝඩ් භාවිතාව පිළිබඳව මේ තැන් දෙකේම පැරණි හුයවල් තුල කතාබහ ඇති වී තිබේ.

  2. මම මෙි පිළිතුර ලියන්නේ සිංහල යුනිකෝඩි එකෙන්. ඔබ කියන එක හරි. ගූගල් ට‍්‍රාන්ස්ලිටරේෂන් එක පාවිචිචි කරලා වර්ඩි ඩොකියුමන්ටි එකක් සිංහලෙන් හදන්ඩ ගියාම පිස්සු හැදෙනවා. ඇයි අරකේ අර සිංගලිෂ් එස් එමි එස් ගහනවා වගේ වැඩ කරලා, වර්ඩි ඩොකියුමන්ටි එකේ විජේසේකර යතුරු පුවරුවෙන් වැඩකරන්ඩ ගියාම ඔක්කොම අවුල් වෙනවා. දුන්න උපදෙස් වලට අනේක වාරයක් ස්තුතියි.

  3. විජේසේකර යතුරු පුවරුව හුරු කරගත්තාම සිංහල කිට් එක පරිගණකයේ පිහිටුවාගත්තාම හරිම ලේසියි.කිසිම අඩවියක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනත් නැහැ.අන්තර්ජාලය නැති වෙලාවක උනත් ලියන්න පුලුවන් ගැටලුවක් නැතිව.මමත් විජේසේකර යතුරු පුවරුවට තමයි හුරුවෙලා තියෙන්නේ.දැන් නම් මගේ සිංහල සහ ඉංග්‍රීසි දෙකේම ටයිපින් ස්පීඩ් සමානයි. 🙂

  4. තීර්ථ යාත්‍රිකයා, ඔබ කියන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් හැටියට හදලා කට් ඇන්ඩ් පේස්ට් කරන්න කියලද?

  5. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මම පාවිච්චි කරන්නේ ඔන්න ඕක , දැනට නම් කිසිම ගැටලුවක් ඇවිත් නැහැ

  6. උදා – මාධ්‍යය ,මහප්‍රාණ

    IE වලදි නම් අවුල් ගතියක් තියනව , ක්‍රෝම් වලදි අවුලක් නැ

තීර්ථ යාත්‍රිකයා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න