විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1    අපේ රට දැන් ආශ්චර්යයට ලංවෙලා නේද ඉන්නේ? මමනම් හිතන්නේ, නෙළුම් කුළුණ හදලා ඉවර වුන ගමන්, අපිට පුළුවන් ඒක උඩට නැගලා, අපේ රටේ ආශ්චර්යය බලලා, බිමට පනින්න. එකම පුරස්නේ වෙන්නේ, මාමා ළඟදි ගණන් වැඩි කරපු එව්වා වලින් තමයි, දෙකක් දාගෙන යන්න වෙන්නේ. ඒ දුකම මදෑ කුළුණෙන් බිමට පනින්න.

   අපි දැන් ආශ්චර්යය කරා යන ගමන වේගවත් කරලා තියෙන්නේ පුදුමාකාර විදිහට. හැබැයි මේ ගමන යන්නේ ලයිසන් සහ ඉන්ෂුවරන්ස් නැතුව වීම නම් එක අතකට භයානකයි. තවත් අතකින් පුදුමාකාරයි. තවත් පැත්තකින් බලනකොට විකාරයි.

   ඔබ දැකලා ඇති මේ දිනවල රජයේ සේවකයන්ට ඉතා අඩු මිලට බෝටර් බයිසිකල් සහ ස්කූටර් ලබාදෙනවා. රු 210000/- ක් පමණ වටිනා මෝටර් බයිසිකලයක් රජයේ සේවයේ ක්‍ෂේත්‍ර රාජකාරිවල සිටින මහත්වරුන්ට දෙන්නේ රු 50000/- කට. ඒ සඳහා ණයකුත් රජයෙන්ම දෙනවා. ඒ ආකාරයටම නෝනලාට දෙනවා රු 180000/- පමණ වටිනා ස්කූටරයක් රු 45000/- කට. ඇත්තටම අගය කලයුතු හොඳ දෙයක්. කීයෙන් කීදෙනාටද ෆිනෑන්ස් කරලා හෝ බයිසිකලයක් ගන්න පුළුවන්.

2

   නමුත් පුරස්නේ මෙන්න මේකයි. මෙව්වා පාරේ දුවන්නේ අමුතුම කෙරමෙකට. ඒ කියන්නේ මෙව්වට පාරේ දුවන්න ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැහැ. මාස තුනකට පස්සෙලු එව්වා ලැබෙන්නේ. ඉතිං හත්ඉලව්වේ ඒ අල්ලපනල්ලේ මොකුත් ඇස්සිඩන්ට් එකක් හැප්පුනොත් කොයි වෙසමුනියද වග කියන්නේ?

   නෑ නෑ, ඔන්න ඔතනදි තමයි, ‘ඈස් චර්යාව’ එළියට එන්නේ. මෙන්න මෙහෙමයි කෙරමේ. මාස තුනක් යනතුරු දිස්තිරික්කුවෙන් පිට යාම තහනං. පාරේ යනකොට, පොලෝසියේ මහත්තුරු විසිල් ගහලා, අතදාලා, පාරට පැනලා, නවත්තලා අල්ලගත්තොත් බෙල්ල මුලිම්ම, මොකෑ වෙන්නේ. හෙහ් හෙහ්…… එව්වා කොහෙද, එව්වට තියනවා මේ බයිසිකල් වල, ‘ඈස් චර්යා ඉස්ටිකර්’ කියලා ඉස්ටිකෙරයක් ගහලා. මේ තියෙන්නේ.

3

   කොහොමද මාමගේ මොළේ? ඇඟ පුරාම නේ?  ඔය ඉස්ටිකෙරේ ඉස්සරහ පැත්තේ වගේම පස්ස පැත්තෙත් ගහලා තියනවා. බයිසිකලේ යකෝ බයිසිකලේ, ආයේ ඔව්වා පදින නෝනලාගේ පස්ස පැත්තේ ඉස්ටිකර් ගහන්න පුලුවනෑ. පොලොසියෙන් අල්ලපු ගමං කොරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙහෙම කියන එකයි. මේ……….. රාලහාමී…………..ඔය පිත්තල බොත්තං ටිකයි කාකි කෝට් බෑයයි ගලවගන්න ඕනෙද? දැනගන්නවා මම මේ යන්නේ ඈස් චර්යාවට. මෙව්වට ලැයිසොං කඩදාසි, ඉන්සුවර් කඩදාසි, නැතුවට අපේ මාමගේ ඉස්ටිකෙරේ තියනවා හරිය? නිකං බොරු පාට් දාලා අමාරුවේ වැටෙන්න එපා. මේක මේ රටේ නීතිය බල්ලට දැමීමක් කියලා හිතෙනවානං ඔය පාරේ ඉන්න බල්ලෙකුට බැටැං පොල්ලෙන් ගහනවා හිතේ කේන්තියයි, අම්මපා නීතිය රකින අපිට වෙච්චි දේ කියලා දැනෙන ලැජ්ජාවයි යනතුරු. හරිද……………..ඕං අපි ගියා.

   ඔන්න ඕකයි විසඳුම. මෙව්වා සෑහෙන ගණනක් දැනටම ඇස්සිඩන්ට් හප්පගෙන. පොලෝසිය කරන්නේ ශේප් න්‍යාය දැමීම පමණයි. නෝනලාට හම්බවෙච්චි බයිසිකල් මහත්තයා හැන්දෑවට දෙකක් දාලා පැදලා, (ඇයි යකෝ නෝනගේ බයිසිකෙලේ මහත්තයා නැතුව අල්ලපු ගෙදර එකා පදින්නයැ) ඇස්සිඩන්ට් වෙලා පොලොසියට ආවමනම් ටිකක් ලෙඩේ අදිනවලු, නෝනා මොකටද මහත්තයට දෙන්න ගියේ කියලා. (එපා එපා එහෙම හිතෙන එව්වා මෙතන කියන්න එපා)

   කුරුණෑගල දිස්තිරික්කුවේ එක ගෙදරක, බයිසිකල් දහයක් තියනවා. අම්මා, තාත්තා, දුව, පුතා, බෑණා, ලේලි, යන අයට හම්බවෙච්චා. ඒ ගෙදර කලින් බයිසිකල් හතරක් තිබුණා. දැන් නිකං බයිසිකල් ‘පෙදර්සෙනාගාරයක්’ වගේ ඕං. අම්මපා අපිත් ඉස්ටිකර් එකක් හදාගම්මුකෝ ‘කිරිජ්ජපල්ල උගසට තිබ්බත් අපි මාමට’ කියලා. එතකොට ඒ ඉස්ටිකරේ ගහගෙන ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැතුව අපිටත් පදින්න බැරියැ අම්බානක. (බයිසිකල් බයිසිකල්) එතකොටනේ ඈස් චරියාවට යාමේ ආඩම්බරේ දැනෙන්නේ මාමට.

4

   තරහ අවසර. ‘කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා’ ලිපියේ දෙවැනි කොටස, හෙට අනිද්දම දෙන්නම්.

my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 15 වැනි දින 0914 පැය

Comments on: "ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුවම ආශ්චර්යයට යමු" (14)

  1. අපේ අම්මලාගෙ ඔපීසියෙ කස්ටියකුත් හිටු කියලා බයිසිකලේ ආස්චර්යට යන්න පෝරම අස්සන් ගන්න ආවා පහුගිය ටිකේ. එතනත් හිටිය එක පවුලෙ අම්මයි තාත්තයි දුවයි බයිසිකල් තුනක් ඉල්ලගන්න යන සීන් එහෙම.

    • අනේ බස්සියේ කුරුණෑගල ඔව්වා බෙදලා පිට්ටනියෙන් එලියට යන්න කලින් හතරක් පහක් හප්පා ගත්තා. මේ දවස්වල කුරුණෑගල පාරවල්වල වාහනයක් පදවාගෙන යාම හරිම භයානකයි. ඔය ජාතියේ බයිසිකල් කොහෙන් දායිද කියන්න බැහැ. මගේ කාරෙකේ හැප්පෙන්න ආපු බයිසිකලයක් නොම්මරත් නැති බව දැක්කමයි මේ කරුණු හොයාගත්තේ.

  2. >‘කිරිජ්ජපල්ල උගසට තිබ්බත් අපි මාමට’ <<… හෙහ්…හෙහ්…එහෙම හිතාගෙන තෙවැනි සැරෙත් දෙයි කියල සිතල තමයි මාස ගානකට පෙර සිට ඕව කරන්නෙ ………
    ජනතාව ඕවත් අරගෙන දෙන පහර මෙවර බලන්නකො …විචාරක තුමා…….

  3. සර් මාමා ඔය කරන්නේ දීලා කෙලව ගැනිල්ලක්.බයික් ගත්ත කට්ටිය දැන් හිනා වෙලා ගත්තට,ඊලග පර පෙට්‍රෝල් රුපියලකින් ගණන් වැඩි උනාම මාමට පදේ කියන්නෙත් ඔය බයික් වල අයිති කරයෝම තම.ඇත්තටම මේකේ හොඳකුත් තියනවා.නමුත් සර් පෙන්නලා දුන්න වගේ ලොකු අඩුපාඩුත් තියනවා.දැන් දෙන ඒවාට හරි ඒ අඩුපාඩුව සකස් කරලා දෙන්න මොලේ පෑදෙනවා නම් ලොකු දෙයක්……….

    • බයිසිකල් දීමේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් රටේ නීතිය කියලා දෙයක් තියනවනේ. ලයිසන් නොම්මරය නැතත් රක්ෂණය අනිවාර්යයි නේ. මේවා දුවන්නේ රක්‍ෂණයත් නැතුව. එතකොට මොකක්ද මේ රටේ නීතිය?

  4. ඔය අඩුපාඩු ගනන් ගන්න එපා. බලපත්‍රලාභියෙක් වෙලා වාහනයක් ගන්න බැරි කෂ්ටියට ඕකත් මදෑ. දීලා ගැනිල්ල හැම එකේම……..මේ දවස්වල ආශ්චර්යෙන් ගෙදර මායියාට දීලා මහගේ ගෙන් ගන්න හැටි පේන්නේ නැද්ද ?.

  5. දැන් එතකොට ඔය බ්ය්සිමොටෝ හැප්පුනොත් එහෙම තුන්වෙනි පාර්ශ්වෙට අතින් කාලා හරක් බලන්නද වෙන්නේ?

    • අම්මපා ඒකත් ඇත්ත තමා. දැන් ඔය තුවෙනි පාරටත් ඉල්ලන්න යන්නේ ඒ නිසා වෙන්න ඇති. 😀

  6. අපේ මිනිස්සුන්ට කවදා මොලේට මේවා තේරුම් යනවද කියන එක තමා තියන ප්‍රශ්නේ. තේරුම් ගන්න දවස වෙනකොට මේ රට නැත්තටම නැති වෙලා තියෙයි.

    නීතියක් මේ රටේ නෑ. එක නිසා දැන් පොඩි කෙනාගේ ඉදන් ලොකු කෙනා වෙනකම් බලන්නේ නීතියට යටින් තමන්ගේ වැඩේ කරගන්න.

    මිනිසුන්ගේ මෝඩකම් තමා එකාධිපතියෝ හැදෙන්න හේතු වෙන්නේ. ගොඩක් ඒකාධිපතියෝ තමන් තරම් තමන්ගේ රට ආරක්ෂා කරන්න පුළුවන්, රට ගොඩනගන්න පුළුවන් කෙනෙකු රටේ නෑ කියන මතය ජනතාව අතරට ගෙන යන ගමන් තමා ඒ රටවල් හුරගෙන කෑවේ. අන්තිමට තමා ඒ රටවල් වල මිනිස්සුන්ට තේරුනේ තමන්ට වැරදිලා කියල. ඒ වෙනකොට ගොඩක් කල් පහුවෙලා වැඩි. 3 කරන්න දුන්නොත් අපිට වෙන්නෙත් ඒ ටිකම තමා.

    • ලෝකයේ බිහිවූ එකාධිපතියන්ගේ චරිතාපදාන ගැන නොදන්නා සහ දැනගත්තත් නොදන්නවා වගේ ඉන්න ඒකාධිපතියන්ට අත්වෙන්නේද අර එකාධිපතියන්ගේ ඉරණමම තමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.