විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  අලුත් අවුරුද්දේ දෙවැනි දවසේදීම සාක්කි කාරයෙක් වෙන්න උනානේ මට. මීට කලිනුත් මේ වගේ සාක්කි කාරයෙක් වෙලා තියනවා. අම්මපා මේ සාක්කිය අර උසාවියේ සාක්කි කීම තරම් වැදගත් විදිහට නොසැළකුවත්, මොකක් හෝ නීති හුටප්පරටක් වුනොත් එහෙම කපෝතියි නේද? ඒ නිසා ඔය කිව්ව පලියට සාක්කි කාරයෙක් නොවී, කරුණු සොයා බලා සාක්කි කාරයෙක් වීම තමයි ණුවනට හුරු. නෑ මම මේ කිව්වේ, අද මම ගියා දඹුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට. ඒ මංගල්‍යයේදී මනමාලයාගේ පාර්ශ්වයේ සාක්ෂිකරු ලෙස අත්සන් කරන්නටත් සිදුවුනා මට.

  (මේ දැන් මතක් වෙච්චි පොඩි රහසක් කියන්නද මගේ විවාහ සහතිකයේ තිබෙන අත්සන අද මා පාවිච්චි කරන අත්සනට සමාන නැහැ. කාටද අප්පා පුළුවන් අවුරුදු 32 කට කලින් අත්සන් කරපු විදිහටම අදත් අත්සන් කරන්න. නෑ මේ මම කියන්න හැදුවේ මේ තියෙන්නේ මගේ අත්සන නෙවෙයි කියලා අද මට උසාවියකදී කියන්න බැරිවෙයිද දන්නේ නෑ. හපොයි මේ ටික ලිව්වේ පස්ස හැරී හැරී බලබලා බැරිවෙලාවත් ලොක්කි මේ පැත්තට එයිද කියලා)

  මේ මනමාලියි මනමාලයයි විශ්ව විද්‍යාල පෙම්වත්තු. මනමාලි කැකිරාවේ. මනමාලයා කෑගල්ලේ. (කැ  කෑ) මනමාලි රැකියාව කරන්නේ කැකිරාවේ, මනමාලයා රැකියාව කරන්නේ කොරියාවේ. (කැ කො) 😀 අනේ ඒ කොල්ලාට ප්‍රමාණවත් නිවාඩුවක් දීලා නැහැ කොරියාවෙන්. ආයේ ගියාම එන්නේ අවුරුදු තුනකින්ද කොහෙද. ඒ එනකොට අවුරුදු තුනක දරුවෙක් හිටියොත්? එකා මරහඬ තියයි මේ මොකාද ආවේ කියලා. මෙන්න මේ තියෙන්නේ මුන් දෙන්න අමාරුවේ වැටිච්ච තැන.

top 

  අපේ උන්දැගේ එක අක්කා කෙනෙකුගේ පුත්තරයත් සාර්ථකව ඒ වැඩේ කරලා තියනවා. ඌ මැද පෙරදිග රැකියාවක. මෙන්න මෙහෙ උගේ ඇඹේණිය නලවනවා ඌ තවම දැකලාවත් නැති දරුවා. (පින්තූරනම් යවන්න ඇති)  

  අද තිබුණු මංගල්‍යයේ දෙන්නම මගේ ලොකු දුවගේ විශ්වවිද්‍යාල සගයෝ. (සගයා කිව්ව්වට සගයී කියන්නේ නැහැ නේද?) මනමාලී පහුගිය කාලේ කීප වතාවක් අපේ ගෙදර ආවා, මංගල්‍ය උත්සවයට අවශ්‍ය අඩුම කුඩුම ගන්නයි, තව ඔය එක එක විච්චූරණ වලටයි.  අපේ දෝණියන්දෑ තමයි නගරයට එක්ක ගිහින් අතේ තියන සේසතම ඉවරවෙන සාප්පු ඒ ළමයට පෙන්නුවේ. අනේ ඉතින් ඒ දැරිවිත් අරාධනා කොලේ නැතැයි, ඔක්කොම වරෙල්ලා කියලා අපේ පවුලටම. හොඳ වෙලාවට අපේ චූටි දුවට තවම අවසාන විභාගේ පැවැත්වෙනවා වෙද ඉස්කෝලේ. ඒ නිසා එයා අවේ නැහැ. හතරදෙනාම සූරයෝ වගේ ගියානම් සෑහෙන්න වටිනා ත්‍යාගයක් දෙන්න වෙනවා. ඒ නිසා තුන්දෙනා ඩබල්දාලා නෑ නෑ තුන්දෙනා ගියා. දැන් කාලේ අමාරුයි අනේ. එක දිගට මගුල් ගෙවල් හතර පහකට යන්න වුනොත්, ඒ ජෝඩු ඔක්කොටම සිද්දවෙනවා, හිඟමනට වැටී මියගිය මගේ මළ ගෙදරට එන්න.

මේ ඉන්නේ මෙව්වට උල්පන්දම් දෙන සැට් එකක්.

photo0072

  හනේ මන්දා, මගුලක් කන එකත් පණ යන වැඩක් කියලා හිතෙන්නේ මෙව්වට තමයි. අම්මපා ජම්පිං ගොයිං ලාබයි කියලා හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට.  රෑ දෙකටලු මනමාලිටයි මනමාලයාටයි අන්දන්න පටන්ගත්තේ. හරී සනීප ඇති අර උඩරට ඇඳුම ඇඳගෙන රෑ දෙකේ ඉඳන් හවස හතර පහ වෙනකල් ඉන්නකොට. ඇයි දෙයියනේ ඔය ජාම වෙලාවට යක්කු පෙරේතයොත් බැල්ම හෙලනවානේ. අනේ අම්මෝ ඔව්වට අපි මොකවත් කියන්න යන්න හොඳ නෑ. පොන්ත නෝනගේ කොන්ඩේ බඳින්නේ පොන්ත නෝනට ඕනේ විදිහටයි කියනවලුනෙ. හැබෑටම මනමාල මනමාලියන්ට ඇන්දවීම/රූපාලංකාර කටයුතු, ඡායාරූප ගැනීම, කේක් හැදීම, ඇඳුම් මැසීම ආදී මෙකී නොකී දහසකුත් එකක් දේවල් නිසා තම බඩවියත රැකගන්න (අහිංසකයන් හූරාකන) කී දාහක් අද මේ රටේ ඇද්ද? යන්නන් වාලේම නොගිහින්, තමන්ට ගැලපෙන විදිහට තමන්ගේ මංගල්‍යය සැලසුම් කරගන්නේ කීයෙන් කීදෙනාද? හැබැයි මේ ජෝඩුවත් අනවශ්‍ය විච්චූරණ කරලා තිබුනේ නැහැ. සරලව එහෙත් අලංකාරව සියල්ල සිදුවුනා. ඉතින් මම සිහිවටනයක් වශයෙන් මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් පහත දැක්වෙන පින්තූරයත් සමගින් මේ දෙන්නට සුබ පතනවා. 

Wedding Photo

          2014 ජනවාරි මස 02 දින 2207 පැය                                                              my-signature-for-blog[1]

Comments on: "දෙයියෝ සාක්කි මමත් සාක්කි" (36)

  1. //පොන්ත නෝනගේ //

    අපි නං කියන්නේ ”කොන්ත නෝගේ” කියලා

    මෙයත් දැන් ගානට හැදිලා . එක එක සෑම්පල් බස්සනවා නේද

  2. විවාහ වූ දෙපලට සුබ අනාගතයක් වේවා !!!! ඒ වගේම ජීවන ගමනේ තවත් කඩ ඉමක් පසු කල විචාරකතුමාට සුබ උපන් දිනයක් වේවා !!! නිදුක් නිරෝගී ජීවිතයකට ආසිරි !!!! දැන් ඉතින් සීයා කෙනෙක් වෙන්න කල වයසත් හරි නොවැ 😀

  3. මගෙනුත් සුබ පැතුම් !

  4. නිර්නාමික said:

    // ඒ එනකොට අවුරුදු තුනක දරුවෙක් හිටියොත්? එකා මරහඬ තියයි මේ මොකාද ආවේ කියලා. මෙන්න මේ තියෙන්නේ මුන් දෙන්න අමාරුවේ වැටිච්ච තැන.//

    MAGE yaluwekutath oyawage case ekak una. man wedding eken sathyakata passe Korea giya. awrudu dekakin enakota podi ekata awruddai masa ganak

  5. විවාහ වූ යුවලට සුභ පැතුම්!
    දැන්ම සීයා කෙනෙක් නොවීම ගැන දුක් වෙන්න එපා. දැන් කාලේ සිද්ද වෙන දේවල් එක්ක බැලුවම, අඩු වයසින් මවක්, පියෙක් හෝ සීයෙක්, ආච්චියෙක් වෙන්න හරි ලේසියි. නොවී ඉන්න එක තමයි අමාරු.

    • ඔබ මීට පෙර මේ අඩවියට පැමිණි බවක් මතකයේ නැහැ. ඒ නිසා ඔබව සාදරයෙන් පිලිගන්නවා.

      ඔව් අනේ. ඔව්වා ගැන නොහිතා ඉන්නවා. වෙන කාලේදී වෙන්නේ නැතැයි.

  6. මාත් බැලුවේ විචාරක මහත්තයෝ මේ කොරං යන එක පැත්තකට දාලා ඔය බියුටි කචල් සීන් එකට එන්ටර් වෙන්ඩ.උං කොච්චර හම්බ කළත් කවුරුත් උන්ට බණින්ඩ යන්නෑනේ.

    • බියුටි කචල් කොරන ‘මහත්තුරු’ හුඟ දෙනෙක් කතා බහෙන් හැසිරීමෙන් අර……………..දන්නවා නේද? ආන්න හරි ඒ වගේ තමයි. ඉතින් අනේ ඔයා මොකටද එහෙම වෙන්න හදන්නේ 😀

  7. ෂා…දැන් බොගට අලුත් ඇදුමක් අන්දවලා…ලස්සනේ බැරුවා…මමත් වතාවක් නොසිතූ ලෙස මිත්තරයෙකුගේ විවාහයක සාක්ෂියට අත්සන් කලා..ඔබේ අත්සන වසර 32 කට පසු වෙනස් වුවත් මගේ නම් දවසින් දවස වෙනස් වෙනවා…එදා අමාරුවෙන් කොළ 3 ක එක වගේ අත්සනක් තැබුවෙ…ඔය මුල් ඇදුම ඇන්දම වෙන්න තියෙන සියලු දෝෂ සමනය වෙන ගැජට්ටුවක් මමත් අපේ ඩියුඩ් උන්නැහෙත් එකතු වෙලා ඉදිරිපත් කල බව වේලාසනින් මනාලයට කියන්නයි තිබුනෙ…අර ඡායාරූපෙ මැද ඉන්නෙ ඔබේ බිරිද විය යුතුයි. අලුත් ජෝඩුවට අපිත් සුභ පැතුවා කියන්න…

    • සිරෝ මම අර ගැජට් එක මතක් වෙලා දෙවැනි මනමාලයාගෙන් ඇහුවා යටට සිප් එකක් දාලද ඇඳලා ඉන්නේ කියලා. ඌ ඔව් කිව්වා. උඹවත් හිටියනම් මම හයියෙන් කියනවා නෝනාවරුනි මහත්වරුනි මෙන්න නව නිර්මාණ කරුවෙක් සහ මෙන්න ඔහුගේ නිර්මාණය කියලා 😀

      බ්ලොගේ ඇඳුම වෙනස් කරන්න හිතාගෙන හිටියේ මාස කීපයකට පෙර. හොඳ ඇඳුමක් හම්බවුනේ නැහැ. මේක දැක්ක ගමන් හිතට ඇල්ලුවා එකයි දැම්මේ. ස්තුතියි අගය කිරීම ගැන.

      යකෝ අර පින්තූරේ ඉන්නේ අපෙ ලොකු දුවට වඩා ටිකක් වැඩිමල් දෙන්නෙක්. අපේ ඇත්තී මේ තුට්ටු දෙකේ බ්ලොග්වල පින්තූර වලට ඉන්නේ නෑ. 😀

      අලුත් ජෝඩුව වෙනුවෙන් සුබ පැතුමට ස්තුතියි.

  8. සුභ පතනවා ඔන්න එහෙනම් අපිත් ඈ

  9. විචාරකට සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අර සීයා කෙනෙක් වෙන එකට මමත් පුදුම කැමැත්තෙන් ඉන්නේ. කොහෙද දුව කියනවානේ තව අවුරුදු 4ක් යනකම් බඳින්නේ නැතිලු. ඉතින් අපි මොනවා කරන්නද.

    මේ වෙඩින් එකනම් චාමෙට තියෙන්න ඇති කියලා හිතෙනවා. මම ඊයේ පෙරේදා දැක්කා වෙඩිමක වීඩියෝ එකක්. නොදකින් විතරක් ඒක ගොන් පාට් වලින් පිරිලා. මිනිස්සු විහින් අන්දගන්නවා විචාරක.

    • සමහරු තමන්ගේ මගුල ගන්නේ අන්දවන්නෝ, කැමරා කාරයෝ, හෝටල් කාරයෝ කියන විදිහට. ස්වාධීන චින්තනයක් නැති පුද්ගලයා විවාහයට සුදුසු නැහැ.

      අනේ මන්දා දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නාකි වෙලා බඳින්න හිතාගෙන ඉන්නේ.

      සුබ පැතුමට ස්තුතියි.

  10. //එක දිගට මගුල් ගෙවල් හතර පහකට යන්න වුනොත්, ඒ ජෝඩු ඔක්කොටම සිද්දවෙනවා, හිඟමනට වැටී මියගිය මගේ මළ ගෙදරට එන්න. //

    ඇත්තම ඇත්ත 😀

    ඔය අපේ බ්ලොග් ලියන සෑම එහෙම ඔය ලෑස්තිය ගැන හරි අපූරු පෝස්ට් එකක් දාල තිබුනා නෙව..
    කොහොම උනත් මඟුලක් කියන්නෙත් ඉතින් එක්තරා විදියක මල ඇනයක් 😀

    සුභ මංගලම්!!

  11. ඔවුන්ට සුභ මංගලම්.
    ඔච්චර කාලයක් වෙන්වී ඉඳීම හොඳ දෙයක් කියල මම නං දකින්නෙ නෑ.

  12. හැමදාම පරක්කුවෙලා අවා වගේ අදත් පරක්කුවෙලා ආවා ….විචාරක මහත්තයට ඉක්මනට සීයා කෙනෙක් වෙන්න ලැබේවා එහෙනං.. දැන් ඔය හදන්නේ කසාද සහතිකේ තියෙන අත්සන ඔයාගේ නෙවෙයි කියන්නනේ… හාහ් මාර පොරක් තමයි මෙයත්

    • මටනම් හිතෙන්නේ බොහෝ දෙනෙකුගේ විවාහ සහතිකයේ තිබෙන අත්සන අවුරුදු 30 – 40 කට පස්සේ සෑහෙන්න වෙනස් වෙලා ඇති කියලයි.

      මට කලින් අපේ ඇත්තී කියයිද දන්නෙ නෑ එයාගේ අත්සන නෙවෙයි ඒ තියෙන්නේ කියලා. 😀

  13. ඒ දෙන්නටත් සුභ පතන ගමන් ඔබගේ පැතුම්ද ඉටු වෙන්නට පතමි!!!

  14. කාලෙකින් කඩාපාත් වෙනකොට විචාරක කරලා තියෙන හරිය! දැන් අරුන් දෙන්න රණ්ඩුවෙන ගානේ විචාරකවත් මතක් කරනවනේ.

    සුභ උපන්දිනයක් පතන්නත් වේලාසන වැඩියි.

    • අම්මපා උන් දෙන්නා අනාගතේදී බනියිද දන්නේ නෑ ඕකා තමයි අපිව අමාරුවේ දැම්මේ කියලා.

      මේ පාර ගෙදර ඇවිත් ඉක්මනින් ගියාද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.