විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත

මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත්

ග්‍රන්ථයක් පිළිබඳව

කෙරෙන හැඳින්වීමකි.

army-lanka

මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ.

සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, බෝම්බ/කාලතුවක්කු/යුද ටැංකි/බිම් බෝම්බ/මර උගුල්/මෝටාර් වෙඩි/ ප්‍රහාර වලට නිරාවරණයවී, තුවාල ලබා හෝ නොලබා දිවි රැකගන්නා සෙබළුන්ගේ මානසිකත්වය, බරපතළ ලෙස වෙනස්වීම් වලට භාජනය වන බවත්, එය Shell Shock යනුවෙන් හඳුන්වන බවත්,  එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු තුළ ඇතිවන මානසික අසමතුලිතතාව හේතුකොටගෙන, ඔහු, උන්මත්තක/අපරාධකාරී/සමාජ විරෝධී/ පුද්ගලයකුගේ තත්වයට පත්විය හැකි බවත්, මනෝවිද්‍යාඥයන් විසින් සාධක සහිතව පෙන්වාදී තිබෙන්නේ පළමුවැනි ලෝක සංග්‍රාම අවධියේ සිටයි. මෙම මනෝ ව්‍යාධී තත්වය, සෙබළුන්ට පමණක් නොව, සෙබළුන්ගේ පවුල්වල අයටත් ඇතිවියහැකි බව සොයාගෙන තිබෙනවා.

තම පුතා/පියා/සහෝදරයා/දුව/අම්මා/සමීප ඥාතියා/ දීර්ඝ කාලය යුද්ධයේ යෙදීසිටීම නිසා කුමන මොහොතක හෝ ඔහු/ඇය මියයාමට ඉඩ ඇති බවට සිත තුළ ඇතිවන කම්පනය හෝ ඇත්තටම එසේ මියයාම හෝ ආබාධිත තත්වයට පත්වීම නිසා ඇතිවන දුක සහ කම්පනය හේතුවෙන්ද, සුනාමි/සුළි සුළං/ගංවතුර/නායයෑම්/ වැනි ස්වභාවික විපත් වලට ලක්වීමෙන් තම පවුලේ අයගේ ජීවිත/ළඟම ඥාතීන්ගේ ජීවිත නැතිවීම සියැසින් දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවා මෙවැනි මනෝ ව්‍යාධී තත්වයන් ඇතිවිය හැකි බවද මනෝවිද්‍යාඥයන් පෙන්වාදෙනවා. මේ තත්වය හඳුන්වන්නේ,

Post Traumatic Stress Disorder = PTSD

යනුවෙන්. මේ මානසික ව්‍යාධී තත්වය නිසා පුද්ගලයකු තුල ඇතිවන මානසික වෙනස්වීම් ඉතා බරපතළයි. ඔහුට හොඳ නරක/සදාචාරය/එදිනෙදා කටයුතුවලදී අවශ්‍ය තාර්කිකව සහ සංසන්දනාත්මකව සිතීමේ හැකියාව/ අහිමිව යනවා.  සමහරවිට මෙය පිටතට පෙනෙන අතර සමහරවිට නොපෙනෙන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසයි මනෝවිද්‍යාඥයන් කියන්නේ මේ සෑම දෙනාම සායනික ප්‍රතිකාර/ප්‍රතිකර්ම සඳහා යොමු කිරීම් අතිශයින් වැදගත්වන බවත්, නොඑසේනම් සිදුවන්නේ සියදිවි නසාගැනීම්/අපචාර/අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා වර්ධනයවී බරපතල සමාජ ගැටළු ඇතිවියහැකි බවත්.

වෛද්‍ය  රුවන් එම් ජයතුංග තම මනෝවිද්‍යා ග්‍රන්ථය සම්බන්ධව සකසා ඇති කෙටි වීඩියෝවක් ඔබවෙත ගෙන එන්නට මා අදහස් කළා. මෙය හඳුන්වා තිබෙන්නේ Shell Shock to palali Syndrome යනුවෙන්. ඊලාම් යුද්ධයේදී යාපනය අර්ධද්වීපය පුරා සිටි සියළුම සෙබළුන් බාහිර ලෝකය සමග සම්බන්ධ කළ මර්මස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොලයි. නිවාඩු යන/එන සෙබළුන් ප්‍රවාහනය, ආහාර සහ ඖෂධ සැපයුම්, අවි ආයුධ සහ පතරොම් සැපයීම, වෛද්‍ය සේවා ලබාදීම, තුවාල ලත් සෙබළුන් හදිසි ප්‍රතිකාර සඳහා කොළඹට හෝ අනුරාධපුරයට රැගෙනයාම, සෙබල මළසිරුරු කොළඹට ප්‍රවාහනය කිරීම, ආදී සේවා ගණනාවක් සඳහා තිබුණු එකම මධ්‍යස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොළයි.

ඒ කාලයේ මා කන්කසන්තුරේ ප්‍රදේශයේ සේවයේ යෙදී සිටියදී ලද අත්දැකීම් අපමණයි. සමහරවිට මාස හතරකට පහකට පමණ පසු දින පහක පමණ නිවාඩුවක් ලබා (ලංකාවේ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම පලාලි සිට රත්මලාන ගුවන් තොටුපොල දක්වා යායුතුයි. ඉන්පසු පාරේ බස් එකකින් ගෙදර යන්නේ. සමහර අයට ගෙදරට ළඟාවෙන්න දින දෙකකට ආසන්න කාලයක් වැය වෙනවා) පලාලි ගුවන් තොටුපොළට එන්න හදවිට හෝ ගුවන්තොටුපොළට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා අද ගුවන්යානා එන්නේ නැහැ කියලා. ගුවන් තොටුපොළට එන්නේ භට පිරිස් යොදවා මාර්ග දෙපස ආරක්ෂක මුර යොදවලයි. එය ඉවත් කලපසු ආපසු යන්න බැහැ. ගුවන්තොටුපොළේ ඉඳලා පහුවදා උදේ ආරක්ෂක මුරය යෙදුවම ආපහු කඳවුරට යනවා.

jfn

සමහර දවස්වලට කියනවා අද එළවලු මස් මාළු කිසිවක් ලැබෙන්නේ නැහැ ගුවන් යානා එන්නේ නැති නිසා කියලා. අපි නිකම් බත් තම්බාගෙන ලුණු ඉහලා කනවා. බත් එක්ක කන්න යාපනයේ ගෙවතු වලින් මුරුන්ගාකොල කඩා ගන්නවා. ඒ ප්‍රදේශයම ජනශූන්‍යව පැවතුනේ. වරක් මා බඩගින්නේ ඉන්නහැටි බලන්න බැරි සොල්දාදුවෙක් පැපොල් ගකට නැග්ගා පැසුණු පැපොල් ගෙඩියක් කඩා බත්කන්න මාළුවක් උයන්න. ඔහු පැපොල් ගසේ සිටියදී, එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයකට ලක්වී මියගියා.

හොඳයි දැන් අපි වෛද්‍ය ජයතුංග වෙත යොමුවෙමු. ඔහු විසින් කර තිබෙන හැඳින්වීම කියවා, ඉන්පසු වීඩියෝව නැරඹීමෙන් ඔබට පුළුල් අවබෝධයක් ලැබෙනු ඇති.

Shell Shock to Palali Syndrome  

 Ruwan-M_-Jayatunge-150x150Palali is a well-known area in the Jaffna Peninsula in the Northern Sri Lanka. Palali has an important airport that serves as the main lifeline in the North. A large number of soldiers travel to the Northern Peninsula through the Palali Airbase. During the Eelam War, Palali Air Base played a key role (like the Tan Son Nhut Air Base during the Vietnam conflict) providing essential food items, medicines and ammunition to the troops. Throughout the Eelam War, many battle casualties were transported to Colombo via Palali. Therefore, Palali is a part of the combatants who fought in the Eelam War for nearly three decades. Palali is in their memories, sometimes in their intrusions. Palali has become a symbol and metaphor that recounts combat trauma in Sri Lanka.  Palali represents the symptom complex of battle stresses that has been experienced by the new generation of combatants.  It has developed in to a syndrome.  Palali syndrome describes various clinical and psychosocial ailments experienced by the Sri Lankan combatants and in the final scores how it affects the society at large.   Shell shock to Palali Syndrome was a long and agonizing path for the soldiers who fought numerous battles. These battles were fought in different countries under different circumstances. But in every battle the combatants experienced the gruesome realties of war. Combat trauma made dramatic transformations among the soldiers. Some were healthy transformations and some transformations were extremely detrimental. Shell Shock and Palali Syndrome describe the destructive effects of combat trauma on soldiers, their family members and the society.

වෛද්‍ය ජයතුංග විසින් රචිත PTSD Sri Lankan Experience නමැති ග්‍රන්ථය ඇසුරෙන් සැකසු තවත් වීඩියෝවක් පහත දක්වනවා.


මනෝවෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා සහ වෛද්‍ය රුවන් ජයතුංග එක්ව ශ්‍රී ලංකා යුදහමුදා සෙබළුන් තුළ ඇතිවී තිබෙන පශ්චාත් යුද මානසික ආතතිය ගැන දක්වන ලද අදහස් සහිත මෙන්න මේ ලිපියත් කියවන ලෙස මා ඔබට ඇරයුම් කරන්නට කැමතියි.

my-signature-for-blog[1]

2013 නොවැම්බර් මස 19 දින 0849 පැය

Comments on: "බිහිසුණු සිහිනයක අතරමංව – Shell Shock to Palali Syndrome" (27)

  1. ඉතා හොඳ ලිපියක් ….මේවා ගොඩක් දේවල් සමාජයේ බහුතරයට තේරෙන්නේ නෑ…සොල්දාදුවන් කියන්නෙත් මනුෂ්‍ය කොට්ටාසයක් කියන එක නොතේරෙන අයට පැහැදිලිකරලා දෙන්න මෙවැනි නිර්මාණ ඉවහල් වෙනවා.. හරිනම් මේ දේවල් රජයේ අනුග්‍රහයෙන් ප්‍රසිද්ද කරන්න ඕනේ ..ඔබ දෙපලටම ජය.

    • ගල් සීයක් ගහනකොට එකක් හරි වදියි, මෙවැනි ලිපි සීයක් විතර ලිව්වම එකක් හරි අදාළ අයගේ අවධානයට ලක්වෙයි කියලා හිතලයි ලියන්නේ. ස්තුතියි ඇගයීම ගැන.

  2. මේකනම් මේ ලිපියට අදාල නෑ …ඔබතුමාට නිලඇඳුම් ගැන ලිපියකට ප්‍රයෝජනවත් වෙයි මේ චායාරූප .. http://220.247.214.182/highlanders/subpage.php?page=uniform

    • මට ඔයාට ස්තුති කරන්න වචන නැහැ චාමර. මෙය බොහොම ප්‍රයෝජනවත් මට ඒ ලිපිය ලියන්නට. මම අනෙක් රෙජිමේන්තු වලත් පින්තූර හොයාගත්තම ලිපිය ලියන්නම්.

  3. ඇත්තට යුද්ද හමුදාවේ මානසික වෛද්‍යවරු සේවය කරන්නේ නැතිද? අල්ල ගත්ත කොටි පුනරුත්ථාපනය කරනවා කියන්නේ. ඔයිට කලින් සෙබළුන්ට මානසික සහනයක් ඇති කරන්න ඕනි නේද…

    (අදහසක් ලීවේ කාලෙකින් නමුත් “අසමි දකිමි සොයමි” හැම ලිපියක්ම කියවනවා)

    • හමුදාවේ මනෝවෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා. නමුත් ප්‍රමාණාත්මක වශයෙන් මදි. නියම විදිහට නම් හැම දෙනාවම කාලෙකට වරක් ගෙන්වා පරීක්‍ෂා කලයුතුයි. නමුත් දැන් සිදුවෙන්නේ ‘පිස්සු’ කියන වර්ගීකරයේ ඉන්න හෝ ඊට ආසන්න අයට පමණක් ප්‍රතිකාර කිරීම පමණයි. අනික් අයගේ හිත්වල තියන දේවල් දන්නේ උඩ ඉන්න දෙයියෝ පමණයි.

      ඉඳහිට අදහසක් දැක්වුවත් සතුටුයි. දැන් බ්ලොගර්ලාගේ පහසුව සඳහා http://wicharaka.blogspot.com ලිපිනයෙන් මේ අඩවියේම බ්ලොගර් සමගාමී අඩවිය බලන්න පුළුවන්.

  4. Hello sir,
    This is not relevant to the topic. Can you kindly define what is the process for joining the Military Intelligence. I’m thinking about joining the army as a direct entry after my studies. If you can give us some pointers it is much appreciated.
    Thank you,

    • Dear Sonali, I’m sorry to inform you that nowhere in the World Armies a procedure is set up to direct enlist persons to Military Intelligence. Intelligence job is one of the hardest in any Army. You have to passed a number of ‘Acid Tests’ to become an Intelligence Officer = IO. In Sri lanka, firstly you have to join the Army as a Cadet Officer. After your Basic Training you will be posted to a suitable Regiment most probably in accordance with your performance at the cadet period. You have to follow different type post basic courses and one of those is Military Intelligence Officers Course. If you can show good colours at the course you may allowed to join Military Intelligence Corps = MIC

      • 1.Does the MI has female members?
        2.Would it help if the person has some academic or professional (like telecommunication engineering, computer security, ethical hacking, etc.etc ) qualification that would be helpful for a intelligence gathering job?

      • As AKa said i’m a computer engineering student. also a certified ethical hacker. is there a chance to join the army as an officer to a ordinary regiment and do those courses and apply for the MIC. i’m asking this, cos i can’t enlist as a officer cadet now. it’s too late ne. Can you please explain what are acid test?. Appreciate your reply.

        • You have not indicate what area of Engineering Subject you are covering. Yes, of course you can join SL Army as a direct enlisted Officer. If you are in building Engineering field Sri Lanka Army Engineer services Regiment is there. If it is Motor Mechanism Engineering, Sri Lanka Army Electrical and Mechanical Engineers Regiment is there. Also you can join Sri Lanka Army Signals Corps as an IT Officer. Please refer in to advertisements published by SL Army (not only Army but also Navy and Air Force if you like) on newspapers and on Government Gazette. You can make your own CV and tendering letter and foreword the same to, The Recruiting Officer, Headquarters, SL Army, Colombo 2.

          Acid Test is a very hard training in endurance and Military tactics.

  5. යුද්ධයෙන් පසුව සෙබළුන් ප්‍රචණ්ඩකාරීව හැසිරීමටත් ,පශ්චාත් යුධ මානසිකත්වය පිළිඹඳ නිසි ඇගයීමක් නොකිරීමත් අපේ රටට හානිදායකයි නේද? වෙනත් රටවල් යුද්ධයෙන් පසුව සෙබළුන්ට මාන්සික් ප්‍රතිකාර සහ පුනුරුත්තාපන ක්‍රම හඳුන්වාදෙනවා නේද?

  6. වාර්තාවෙන අපරාධ සමහරකට සොල්දාදුවන් සම්බන්දවීම මේ වගේම අතුරු පලයක්ද ? වියට්නාම් යුද්ධයට පසු අමෙරිකාවෙත් ලංකාවෙ දැන් වෙනවා වගෙ අපරාධ සිදු උනා නේද ?

    • ඇත්තෙන්ම ඔව්. වියට්නාම් යුද්ධයෙන් පස්සේ ඇමරිකාවෙත් මෙහෙම වුනා. ඒවා නවත්වගන්නයි මනෝ වෛද්‍ය ප්‍රතිකාර සියලුදෙනාට දියයුතු වන්නේ.

  7. අම්මෝ අර ජොනී බට්ටො පෑගිලා කකුල් වලට වෙලා තියෙන හානි මම දැක්කමයි…ගස් ලබු ගසේ හිටිය සෙබළා නැති උනාට පස්සෙ විචිරක තුමාට ඒක මානසික පීඩාවක් උනේ නැද්ද…මේ සෙබලා මා නිසා නේද ගහට නැග්ගෙ කියලා…

  8. යුධ ජයග්‍රහණය ගැන අයිතිවාසිකම් කිය කිය ඉන්න අය මේ දේවල් ගැන උනන්දු වෙන් නැත්තේ ඇයි?

    • උන්දලාට දැන් හතර මහා නිධානෙ පහල වෙලානේ. ඉතින් දැන් සොල්දාදුවා අමතකයි. ඌට හෙන ගැහුවත් කමක් නැහැ. ඉඳලා හිටලා ඔය ඉඩම් කෑල්ලක් ගෙයක් දුන්නම ඇති කියලා හිතාගෙන ඉන්නේ.

  9. 2009න් පස්සේ රටට මෙහෙම කල දසාවක් යාවි කියලා කව්ද හිතුවේ

  10. මෙය ඇත්තටම ලෝකයේ හමුදා තුල වඩවඩාත් සාකච්ඡාවට මාතෘකා කරගත යුතු බවට මම පුවත්වලින් දැක තියෙනවා. දියුණු රටවල පවා නිසිලෙස අවධානයට ලක් නොවී ඇති බවට War veterans අය චෝදනා කරනවා. මෙවැනි බිහිසුනු යුද්ධවලට සහභාගි වූවන් නිතරම තිගැස්සීම් වලට ලක්වෙනවා කියලා කියනවා.

    1990දී ගල්ෆ් යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදා මෙහෙයවූ නැමති අති දක්ෂ Gen.Sir Peter de la Billiere ජෙනරල්වරයා මට හමුවී තිබෙනවා. ඔහුගේ පිටුපසින් කවුරුන් හෝ හිටගෙන සිටියොත් ඔහු එක්වර දරුණු තිගැස්සීමකට ලක්වෙනවා. මේ යුද්ධයේ අතුරුඵලයක් බව මට පසුව තවත් ජෙනරල්වරයෙක් කියා තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.