විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  m67-grenade1බෝම්බ ගැන ලිපියක් ලියන්න කියලා, මා වෙත ඉල්ලීම් ආවේ, සෑහෙන කලක සිටයි. නමුත්, වෙනත් ලිපි වලට ප්‍රමුඛත්වය දෙන්න සිදුවීම නිසා, ඒ ඉල්ලීම ඉටු කිරීම කල් දැමුනා. ඔන්න අද ඔබේ ඒ ඉල්ලීම ඉටුවෙනවා. මේ ලිපියෙන්, මා ඔබට අත් බෝම්බ ගැන හැකිතරම් කරුණු කියාදෙන අතර, අවසානයේදී, බෝම්බයක් හදන හැටිත් කියාදෙනවා. මේ ලිපිය ප්‍රමාද වෙන්න තවත් හේතුවක් වුනේ, බෝම්බය හදන හැටි විස්තර කෙරෙන හොඳ වීඩියෝවක් හොයාගන්න සෑහෙන්න වෙහෙසවීමට සිදුවූ නිසයි. ආ……….සයි බයයි ද? බයවෙන්න එපා. හොරෙන්ම පුංචියට හදලා බලන්න. අනතුරක් නොවෙන විදිහට හදන හැටි කියලා දෙන්නම්. හැබැයි, මේ ලිපියේ මැද කොටස්වල විස්තර කෙරෙන තාක්ෂණික කරුණු, හරිහැටි අවබෝධ කරගන්නේ නැතිව, කිසිම අත්හදා බැලීමක් කරන්න එපා. (පින්තූරය ගත්තේ මෙතනින්)

  mNVYzK1lyeCfKQ84wCEl7ngහැබෑටම මොකදෑ මේ සමහර ඉස්තිරියාවන්ට, තවත් සමහර ඉස්තිරියාවන් විසින්ම, ‘හාපෝ……….ඕකිද? ඕකී හරිම ගිනි බෝම්බයක්’ කියන්නේ? එහෙම බෝම්බ වගේ පුපුරන ඉස්තිරියාවොත් ඉන්නවද? එයාලා ඒ විදිහට පුපුරන්නේ ගැටීමෙන් ද impact, තෙරපීමෙන්ද  pressure, අතපතගෑමෙන් හෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමෙන් ද meddle? ඉතිං එයාලා පිපුරුවාම පුරුස පක්සයට තුවාලත් වෙනවැයි? ඔන්න ඕක තමයි කියන්නේ මේ අපි වගේ ඔය කොයි බෝම්බේ (කෝම්බෙ?  :D) ගැනත් දැනගෙන තිබීම වැදගත් කියලා. මෙන්න බෝම්බේ මෙන්න කෝම්බේ කියලා නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම්, අන්තිමට කියන්න වෙන්නේ, අහෝ ඛේදයකි, බේදයකි, පරිච්ඡේදයකි කියලා තමා ඉතිං 😀

පුපුරන ද්‍රව්‍ය සහ අත් බෝම්බයේ ඉතිහාසය

  • වෙඩිබෙහෙත්

  වෙඩිබෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය ගැන කතාකිරීමේදී එහි ආදී කර්තෘන් ලෙස සැලකෙන්නේ චීන ජාතිකයන් බව ඔබෙන් සෑහෙන පිරිසක් දන්නවා.  වෙඩි බෙහෙත් සෑදීමට නම් සින්දූරම් ශාස්ත්‍රය හෙවත් රස විද්‍යාව Alchemy පිලිබඳ විශිෂ්ට දැණුමක් තිබිය යුතුයි. චීන ජාතිකයන් මේ දැනුම ඉතා ඈත අතීතයේදී පවා ලබා සිටිය බව ඔප්පුවන පැහැදිළි සාක්ෂි තිබෙනවා. ඇත්තටම චීන රසායනඥයන් ගේ වෙඩි බෙහෙත් පිලිබඳ දැණුම, 13 වැනි ශතවර්ෂය තරම් ඈතට දිවයන්නක්. ඔබ දන්නවාද චීන ජාතිකයන් ලොවට දායාද කළ සොයාගැනීම් අතරින් ප්‍රධාන තැනක් ලැබෙන සොයාගැනීම් හතරක් තිබෙනවා. ඒ මෙන්න මේවායි.

  • වෙඩිබෙහෙත්
  • මාලිමා යන්ත්‍රය
  • කඩදාසි සෑදීම
  • මුද්‍රණ කර්මාන්තය

  වෙඩිබෙහෙත් සොයාගැනීම සහ පාවිච්චි කිරීම 13 වැනි සියවසට වඩා ඈතට දිවයනවා. චීන ඓතිහාසික වාර්තා අනුව, වෙඩි බෙහෙත් මූලිකවම සොයාගෙන තිබෙන්නේ 9 වැනි සියවසේදී වන අතර, එය ගිනිබලය ඉපදවියහැකි රසායනයක් බව තහවුරු කරගෙන තිබෙන්නේ 11 වැනි සියවසේදියි. මුල් කාලයේදී චීන ජාතිකයන් වෙඩිබෙහෙත් යොදවා විවිධ ගිනිකෙළි නිපදවා පත්තු කර තිබෙන්නේ මිනිසාට හානිකර අමනුෂ්‍ය සහ භූත බලවේග පලවාහැරීම සඳහායි. 14 වැනි සියවස වනවිට වෙඩිබෙහෙත් යුද කටයුතු සඳහා යොදාගත හැකිබව චීන ජාතිකයන් දැනසිටි අතර 15 වැනි සියවස වනවිට වෙනත් රටවල්ද වෙඩිබෙහෙත් පාවිච්චිය දැනසිටියා. කාලතුවක්කු නිපදවා ඒ සඳහා වෙඩි බෙහෙත් පාවිච්චි කර තිබෙන්නේත් 15 වැනි සියවස අග භාගයේදීයි. 17 වැනි සියවස වනවිට වෙඩි බෙහෙත් යොදවා වෙඩි තියන විවිධ ප්‍රමාණයේ තුවක්කු ලෝකය පුරා පැතිරෙන්නට පටන්ගත්තා. පහත දැක්වෙන්නේ, ක්‍රි.ව. 1380 දි බටහිර යුරෝපීය රටවල පාවිච්චි කරනලද, වෙඩිබෙහෙත් යොදා පාවිච්චි කළ, තුවක්කුවක්.

800px-HandBombardWesternEurope1380

පින්තූරය ගත්තේ මෙතනින්

  •   අත් බෝම්බය

709px-Liquid_fire_granades_Chania  මා හිතනවා අප මුලින්ම කලයුත්තේ අත් බෝම්බයක් කියන්නේ මොකක්ද කියලා කරුණු පැහැදිලි කරගැනීම හෙවත් යම්කිසි නිර්වචනයක් ලබාගැනීම කියා. අත් බෝම්බයක් යනු, බරෙන් අඩු, ලෝහමය ආවරණයක් තුළ අටවන ලද, පිපිරුම් කාරකයක් සහ වෙඩිබෙහෙත් මගින්, පිපිරුමක් ඇතිකර, එමගින් පිපිරෙන බඳ, කැබලිති shrapnel ලෙස විසිරීමෙන් මරණීය තුවාල ඇති කළහැකි, කුඩා පිපිරුම් උපකරණයකි. අත් බෝම්බය ගැන කතාකරද්දී, එහි ඉතිහාසය අමතක කල නොහැකියි. අත් බෝම්බයේ ඉතිහාසයත් අපි නොසිතන තරම් ඈතට දිවයන්නක්. චීන ජාතිකයන් විසින්, ක්‍රි.ව. 1044 දි පමණ, පිඟන්මැටි වලින් සෑදූ විශේෂ භාජන වලට වෙඩි බෙහෙත් සහ පහසුවෙන් ඇනෙන සුළු ලෝහ උල් කැබලි පුරවා අත් බෝම්බ විශේෂයක් නිපදවා තිබෙනවා. නමුත් ඒවා වර්තමානයේ තිබෙන බෝම්බ තරම් ආරක්‍ෂිත නැහැ. එහෙත් ඒ කාලයේ මේවා විශ්මය සහ භීතිය දානවන භයානක යුද අවි ලෙසයි සැලකුනේ. මේ සමග ඇති රූපයේ පෙන්වන්නේ එවැනි බෝම්බ.

  StielhandgranteTyp24අත් බෝම්බ නිෂ්පාදනයේ විශේෂ දියුණුවක් දකින්නට ලැබෙන්නේ 18 වැනි සියවසේ අග භාගයේදී සහ 19 වැනි සියවසේ මුල් භාගයේදීයි. පළමුවැනි ලෝක යුද සමයේදී නිපදවුණු මේ අත් බෝම්බ එහි හැඩය නිසාම stick grenade ‘කෙටි මිටක් සහිත අත්බෝම්බය’ යනුවෙන් හැඳින්වුනා. මෙය ජර්මානු නිෂ්පාදනයක්. ඔබෙන් සමහර අය පැරණි යුද වාර්තා චිත්‍රපට වල මේ බෝම්බය දැක ඇති. මෙහි මිටේ අග තිබෙන මූඩිය ගලවා එහි ඇතුලේ තිබෙන නූල ඇද්දම බෝම්බය පත්තුවෙන් ගිනිබලය ලැබෙනවා. තත්පර 5 කින් බෝම්බය පුපුරනවා. (ඉහත පින්තූර දෙක ගත්තේ මෙතනින් සහ මෙතනින් )

  Digital StillCameraඅත්බෝම්බ නිෂ්පාදනයේ ඊළඟ වැදගත් විප්ලවීය වෙනස තමයි අංක 36 අත්බෝම්බය Number 36 hand Grenade.  වර්තමානය වනවිට ලෝකය පුරා පාවිච්චි කරන සෑම අත්බෝම්බ මොස්තරයක්ම නිපදවා තිබෙන්නේ මේ අංක 36 අත්බෝම්බයේ න්‍යාය පදනම් කරගෙනයි. අද වනවිට මේ බෝම්බය භාවිතයෙන් ඉවත්කර තිබෙන්නේ, මීට වඩා කාර්යක්‍ෂම (භයානක) මෙන්ම ආරක්‍ෂිත (ගෙනයාම, ගබඩාකර තැබීම, බලාපොරොත්තු රහිතව පත්තුවීමට ඇති ඉඩකඩ අවම වීම වැනි) බෝම්බ වර්ග නිපදවා ඇති නිසයි.  නමුත් අංක 36 අත් බෝම්බය, බොහොම මාරක බෝම්බයක්. මේ බෝම්බය ‘මිල්ස් බෝම්බය’ යනුවෙනුත් හඳුන්වනවා. එයට හේතුව වන්නේ මෙහි නිර්මාතෘ බ්‍රිතාන්‍ය ජාතික William Mills නමැත්තා වීමයි. මේ බෝම්බය 1915 දි පමණ අත්හදා බැලුන අතර, බ්‍රිතාන්‍ය හමුදාවේ නිළ අත් බෝම්බය ලෙස පාවිච්චියට ගැනුණා. 1980 දශකයේදී තමයි මේ බෝම්බය භාවිතයෙන් ඉවත් කෙරුණේ. ශ්‍රී ලංකා යුද හමුදාවත් මේ බෝම්බය පාවිච්චි කළා. (පින්තූරය ගත්තේ මෙතනින්)

  අත් බෝම්බ වලටත් වර්ගීකරණයක් තිබෙනවා. (Type)  එක් එක් බෝම්බ වර්ගයෙන් ලබාගන්න ප්‍රයෝජනය අනුව තමයි, ඒ වර්ගීකරණය කර තිබෙන්නේ. ඉතා සරලව සහ කෙටියෙන් සලකා බලමු, මොනවද ඒ වර්ගීකරණයන් කියා.

  • Fragmentation Type – කැබලි වලට කැඩී විසිරීමෙන් (ඛණ්ඩණීකරණය) මරණීය තුවාල ඇති කරන අත් බෝම්බ. ඉහත දක්වා ඇති බෝම්බ වර්ග තුනම මේ වර්ගයට අයත්ය.
  • Illuminating Type – ආලෝකයක් නිකුත් කරන අත් බෝම්බ. යුද බිමේදී, රාත්‍රී කාලයේදී, තමන් සිටින තැන මිත්‍ර භට පිරිසකට/ගුවන් යානයකට/වෙනත් නිරීක්‍ෂණ ස්ථානයකට පෙන්වීම සඳහා මෙන්ම, සතුරු ඉලක්කයක් පෙන්වීම, තමන්ට නිරීක්ෂණය කිරීමට අවශ්‍ය ප්‍රදේශයක් ආලෝකවත් කරගැනීම සඳහාද යොදා ගැනේ.

illumination

  • Chemical Type –  රසායනික බෝම්බ. (මේ බෝම්බ වලින් White Phosphorus නමැති රසායනිකය අඩංගු බෝම්බ අද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මගින් තහනම් කර ඇත. එහෙත් රහසිගතව පාවිච්චි කෙරේ. මේ රසායනිකය සිරුරේ ඇළී භයානක රසායනික පිළිස්සුම් ඇති කරයි. ගුවනින් හෙලන බෝම්බ, මෝටාර් බෝම්බ, කාලතුවක්කු උණ්ඩ ලෙසද සකසා ඇත)  මේ රසායනිකය අඩංගු නැති, අනෙකුත් බෝම්බ වලින්, යම්කිසි දෙයකට ගිනි ඇවිලවීම incendiary, කැරළි මර්දනය (කඳුළු වායුව), දුම් ආවරණ ඇතිකිරීම, (දුම් බෝම්බයක් ගහලා, ඒ දුමට මුවාවෙලා, සතුරාගේ ඇස් වහලා, එහාට මෙහාට මාරුවෙන්න පුළුවන්)  වර්ණ දුම් මගින් සංඥා කිරීම, සහ පුහුණු කටයුතු සඳහා යොදාගනු ලබනවා.

wp hg

smoke hg

  • Offensive Type – විශාල පිපිරුම් බලයක් ලැබෙන අත් බෝම්බ. (එකවර විශාල පිරිසක් මැදට හෝ බංකරයක්/ගොඩනැගිල්ලක් තුළට පහර එල්ල කිරීම සඳහා යොදාගැනේ)

offensive hg

  • Practice & Training Type – පුහුණු කටයුතු සඳහා යොදාගැනේ. පුපුරන ද්‍රව්‍ය කිසිවක් අඩංගු කර නැත. නමුත් පෙණුම, ප්‍රමාණය, බර, වෙනත් බෝම්බයක ඇති කොටස් සියල්ල එලෙසම සවිකර ඇත. අනිවාර්යයෙන් (අනිවා නෙවෙයි) බඳ නිල් පැහැයෙන් යුක්තයි.

practice hg - Copy (2)

  • Nonlethal Type – මරණීය නොවන අත්බෝම්බ. මේවා වර්ග දෙකක් ඇත. පළමුවැනි වර්ගය පිපිරුමත් සමග, මුංඇට තරම් ප්‍රමාණයේ රබර් බෝල විශාල ගණනක් පිටකරනවා. වැදුනම හරියට රිදෙනවා. ඇහේ වැදුනොත් නම් ඇහැ ඉවරයි. දෙවැනි වර්ගය Stun Grenade – තැති ගැන්වීමේ බෝම්බ. විශාල හඬක් ඇති කරයි. යම්කිසිවෙකුගේ දෙපා අසළටම දැමිය හැකිය.  හඬට බිය ඇතිකර පුද්ගලයකුගේ හෝ පිරිසකගේ ගමන්කිරීම (ඉදිරියට ඒම) වෙනස්/අවුල් කර දැමිය හැකිය. හඬට බියවී තත්පර ගණනකට ගල් ගැසුණු තත්වයක් ඇතිකර, කිසිවකු පැහැර ගැනීම, පැහැරගත් පුද්ගලයකු ගලවා ගැනීම වැනිදේ කළ හැකිය. මුහුණ අසළම පිපිරුවොත් අනතුරුදායක වියහැකිය.

Stun 1

අත් බෝම්බ වර්ග දැක්වෙන සියළුම පින්තූර ගත්තේ මෙතනින්

  ඊළඟට මොනවද කතාකරන්නේ? තව කරුණු දෙකයි නේද ඔබට අවශ්‍ය? හරි හරි මම දන්නවා.  1. අත් බෝම්බයක ඇතුළත සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය මොනවගේද? 2. අත් බෝම්බයක් ගහන්නේ කොහොමද? හොඳයි එහෙනම් බලමු ඒ කරුණු. මම ඔබට කලිනුත් කිව්වනේ අද වනවිට විවිධ අත්බෝම්බ වර්ග තියනවා විවිධ රටවල නිපදවන. එයින් බොහොම බහුලව පාවිච්චි කරන බෝම්බ මෝස්තරයක් තමයි SFG 87 කියන්නේ. එබෝම්බය ඇසුරෙන් තමයි මම ඔබට බෝම්බයක ඇතුළත සැකැස්ම පෙන්වා දෙන්නේ.

SFG 87 -1 

පින්තූරය ගත්තේ මෙතනින්

  මේ බෝම්බය ඉතාම භයානක අත් බෝම්බයක්. අපේ ත්‍රිවිධ හමුදාවත් මෙය පාවිච්චි කරනවා. අද ලෝකයේ වැඩිපුරම පාවිච්චි කරන අත් බෝම්බ මෝස්තරය මෙය වියහැකියි. මේ බෝම්බය ගැන කෙටි විස්තරයක් පහත දක්වනවා.

  • ඝන ප්ලාස්ටික් බඳක් සහිත බෝම්බයකි.
  • ඇතුලේ ඇති වෙඩි බෙහෙත් වර්ගය :- RDX හෝ TNT
  • බෝම්බයේ ප්‍රමාණය :- උස මි.මී. 68 යි. වටප්‍රමාණය මි.මී. 54 යි.
  • බර :- ග්‍රෑම් 300 යි.
  • බෝම්බය පත්තුවෙන ක්‍රමය :- පින් එක ඇදීමෙන් ස්ට්‍රයිකරය මගින් ෆියුසය දැල්වීම සිදුකරයි. (විස්තරය පහත දැක්වේ)
  • බෝම්බය ගසන්නාගේ අතින් නිදහස් වූ පසු පත්තුවීමට ගතවන කාලය :-  තත්පර 4 යි.
  • ක්‍රියාකාරී ස්වභාවය :- මෙහි මි.මී. 2 ප්‍රමාණයේ වානේ බෝල 2800 ක් ඇත. ඒ අනුව මරණීය ප්‍රදේශය වන මීටර් 30 ක විශ්කම්භයකින් යුත් ප්‍රදේශයක පුනීලයක හැඩයට වානේ බෝල ක්ෂණයකින් විසිරෙනවා, ඉතා අධික වේගයකින්. මීටර් 15 ක් ඈතින් පිහිටි සෑම වර්ග මීටරයකටම යටත්පිරිසෙයින් එක වානේ බෝලයක්වත් වදිනවා. (නමුත් ඇත්තටම ඊට වඩා වදින බව අපි දන්නවා අත්දැකීමෙන්) මීටර් 10 ක් තුළ ඇති මි.මී. 12 ක තුනී ලැල්ලක් plywood විනිවිද යාමේ හැකියාව මේ වානේ බෝල වලට තිබෙනවා. මීටර් 10 ක සීමාවේදී සෑම වර්ග මීටරයකටම බෝල 5 ක් අවම වශයෙන් වදිනවා. (ඇත්ත තත්වය ඊට වැඩියි) අපි මීළඟට බලමු මෙවැනි ආකාරයේ බෝම්බයක ඇතුලත සැකැස්ම. මෙහි මම අංක 1, 2, 3, දක්වා ඇති ආකාරයෙන් බලන්න.

800px-HandBombardWesternEurope1380

  ඊළඟට අපි අත් බෝම්බයක් ගහලම බලමු. එතකොට අවබෝධය තවත් වැඩි වෙනවා. පහත දැක්වෙන වීඩියෝව හොඳින් අධ්‍යයනය කරන්න.

  හැබැයි බෝම්බ ගැහිල්ල අපි හිතන තරම් ලේසි නැහැ. එහි තාක්ෂණික ක්‍රමවේදයක් තියනවා. මෙන්න බලන්න, චීන යුද හමුදාවේ සෙබළියක්, අත් බෝම්බ පුහුණුවකදී, බෝම්බය වැරදියට විසිකිරීම නිසා සිදුවන්නට ගිය විපතින්, ඇයව බේරාගන්නා හැටි, ඇගේ පුහුණුකරු විසින්. හැබැයි මෙතන ඒ සඳහාම සැකසු තැනක්. එළිමහනකදී මේක වුනානම්, අනිච්ඡාවත සංඛාරා තමයි 😀

  දැන් ඉතින් ගොඩක් දේවල් ඉගෙනගත්තා. දැන් තියෙන්නේ මගේ පොරොන්දුව ඉටු කරන්නනේ. ඔව් ඊළඟට මම ඔබට දෙනවා අත් බෝම්බයක් හදන හැටි විස්තර කෙරෙන වීඩියෝව සහිත අත්බෝම්බ සෑදීමේ අඩවියට සබැඳියාවක්. හැබැයි මතක තියාගන්න වගකීම තිබෙන්නේ ඔබේ අතේ.

අන්තිමට මට දොස් කියන්න එපා.

මෙන්න මෙතනින් ගිහින් බලන්න.

My Signature for Blog 2013 සැප්තැම්බර් මස 20 වැනි දින 1905 පැය

මූලාශ්‍ර;

Comments on: "මොකද කියන්නේ, එහෙනම් අපි බෝම්බයක් හදලා ගහමුද? The Hand Grenade" (67)

  1. විචාරක තුමා අත් බෝම්බත් එක්ක ” මොලටෝව් කොක්ටේල් ” එකක් හදමුද ? සුදු පාට වෑන් එක්ක යන්ඩ වෙයිද මන්දා …!!

  2. ෂා නියම ලිපියක්.මම මේ නිකමට වගේ අහන්නෙ.අයි අර වෙඩි බෙහෙත් වර්ගය කියන තැන හිස්. 😀
    තව පොඩි ප්‍රශ්නයක් තියෙනව.C4,TNTවගේ පුපුරන ද්‍රව්‍ය ගිනිකූරකින් වගේ ගිනි තියල පුපුරවන්න පුලුවන්ද?

  3. ඔන්න ඔහේ දාන්ඩ මෙයා හෙණ හතම වැදිලා පලච්චි කියලා .. තව මේකේ රකින්න රකින්න කියලා දෙයක් නැහැ නෙව…!

  4. හොඳයි… ඒත් මටනං අත්බෝම්බ ගැන වැඩි මෙව්වා එකක් නෑ 🙂

  5. විශ්ව රංගනාත් said:

    මොකක්ද මේ ලින්ක් එක blender tutorial එකක් නේ. ඔය විදියට බෝම්බ විතරක් නොවේ multi barrel ගෙදර ඉඳන්ම හදලා ගහන්න බැරිය. නිෂ්ක්‍රීය කරන්නේ යට පියන ගලවලාද?

  6. ගොඩක් දේවල් ඉගෙනගත්ත, ස්තූතියි ඔබට…

  7. දෙයියන්ගේ පිහිටෙන් කෝල් ඔෆ් ඩියුටි ගහපු හින්දා නම් ටික නම් අදුනනවා. අර ෆ්ලෑෂ් බෝම්බ කියන්නේ ස්ටනන් බෝම්බ වලටමද එතකොට?

  8. අම්මෝ දැන් කට්ටිය බෝම්බ හදලා මොනවා කරගනීද දන්නේ නෑ. ගිනි බෝම්බයක් හන්දා පොඩ්ඩිට නම් ඔය අනික් බෝම්බ වලින් වැඩක් නෑ. ඒ උණාට හදිස්සියකට ඕනි උණොත් කියලා මේ සටහන වෙන තැනක පරිස්ස්මින් අරන් තියන්ට යන්නේ. 😀 😀

  9. බෝම්බ ගැන දැනුම ලබා දෙන්න ඔබ ගත් මහන්සිය මම ඉතාමත් අගය කරනවා විචාරක තුමා…මෙවැනි ලිපියක් ලියන්න කරුණු එකතු කරන්න දරන්න ඕනෙ වෙහෙස මහන්සිය ගැන මම හොදටම දන්නවා…

    ඊළග ලිපියෙන් යුධ හමුදාව තුල බෝම්බ භාවිතා කරන්න ගිය අවස්ථා වල…පුහුණු වෙන අවස්ථා වල සිදුවෙච්ච රසවත් කථා ටිකක් ලිව්වොත් නරකද? ආසයි කියවන්න…

  10. අර අයිලාස්ගේ බ්ලොග කියවලා මම කැමරාවක් ගන්න හිටියේ, දැන් ගන්නවා බෝම්බයක්, ඇත්තටම බටහිර රටවල් වල වගේ අපිටත් අවි ආයුධ සුපර් මාකට් වලින් ගන්න තිබ්බනම් හොඳයි නේද..?

    • මොකටද බෝම්බයක් ගන්නේ? කොට්ටෙ යට තියාගෙන නිදාගන්නද? 😀

      සුපර් මාර්කට් වල නෙවෙයි පහුගිය යුද්ද කාලේ කොළඹ පාතාල මාර්කට් එකේ හමුදාව පාවිච්චි කරන අත් බෝම්බ විකිණිලා තියනවා.

  11. මේක බෝම්බයක් කිව්වට බෝම්බ ගොඩක් නෙව. හැමදාම කියනව වගේ විචාරක තුමා මේ කරන දැනුවත් කිරීම බොහොම සාර්ථකයි. ඒ වෙනුවෙන් ඔබ වෙන වෙහෙසට ස්තුතියි. අර පින්තුරේ ඉන්නෙ නං ගිනි බෝම්බයක්ම තමා.. (බෝම්බ දෙකක්ම තියෙන්නේ)

  12. හොද විස්තරයක්.
    අපේ කස්ටිය බෝම්බ හදන්න අරන් මොන විනාශයක් කර ගනියිද මන්ද :)?.
    හැබැයි “ඩප්පි” හැදුවේ නම් පෑලියගොඩ සිමාල/ජෙමාල නේද?
    Alchemy දැනුම අඩු කට්ටිය වෙන්න ඇති ඒව හදන්න ගිහිල්ල ඇගිලි කුඩු/කොර කරගෙන,පස්සේ පච ලියන්න/කියන්න ගන්න ඇත්තෙ.

    • ස්තුතියි ඇගයීම ගැන

      මටත් බයේ බෑ මේවා බලන අය බෝම්බ හදලා මටම ගහයිද කියලා.

      ඩප්පි වල මූලික අවස්තාව තමයි ‘චීන පටස්’ චීන පටස් කියන්නේ අග්ගලාවක් තරම් විශාල බෝලයක්. එහි මැද ‘මනෝසීල’ කියන වෙඩි බෙහෙත් වර්ගය, කඩල ඇටයකට වඩා පුංචි තිරුවාණා ගල්කැට තුනකට මැදි කරලා, ටිෂූ කඩදාසි ඔතලා තියනවා, අග්ගලාවක් තරම් විශාල වෙනතුරු. මොකක්හරි තද මතුපිටකට එයින් දමා ගහපුවාම මහා හඬින් පුපුරනවා. අපි පුංචිකාලේ එකක් සත 5 යි. ඕනේ කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් ඒ තත්වය නැතිවුනේ 1971 න් පස්සේ.

      අනේ අර උන්නැහේ තමන්ගේ අත නැතිවීමෙන් ලබාගත් මෝඩ පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කරමින් ඉන්නවා.

  13. නියම විස්තරයක්.
    විචාරක කලින් ලිපියක කිවුව වගේ අත් බෝම්බයක් මිරිකගෙන ඉන්නකොට පිපිරෙන්නෙ නෑ කියන්නෙ අර පින්එක ඇද්දට පස්සෙ ලීවර් එක ඉස්සෙන්නෙ නැතුව නවත්තගෙන ඉන්න එකද?

    අර පැත්තෙං තියෙන පිංතූරෙ තියෙන ජෙට් එක නැවට බැස්සුවෙ කොහොමද දන්නෑ. 😀

    • ස්තුතියි ඇගයීම ගැන.

      ඔව් ඔබ කියනදේ හරි. පින් එක ඇද්දට පස්සේ ඒ ලීවරය ඉස්සෙන්නට ඉඩ නොදී මිරිකගෙන ඉන්න පුලුවන්නම් බෝම්බය පුපුරන්නේ නැහැ.

      අර පින්තූරය සමහරවිට ෆොටෝෂොප් ‘ටිරිකිස් වැඩක්’ වෙන්නත් පුළුවන්.

  14. SFG 87 මම ප්‍රිය කල බෝම්බ වර්ගයක්.ආරක්‍ෂිත මුදුව පවා නොසෙල්වී සිටින ලෙස තැබිය හැකිවීම,පින් එක වුවත් ගැලවෙන්නේ අඩවටයක් කැරකීමෙන් පසුව වීම,මලකඩ නොකෑම වගේ හොඳ ලක්ෂණ තිබුන බව මතකයි.මෙයින් දෙකක්ම වෙබින් එකේ නිරතුරුවම තබාගෙන සිටියා.මා දන්නා පරිදි මෙය සිංගප්පුරු නිෂ්පාදනයක්.

    • ඔව් ඇත්තටම මෙය ඉතාම ඉහල ප්‍රමිතියේ බෝම්බයක්. මමත් සෑහෙන්න පාවිච්චි කරලා තියනවා. පවුචස් pouches නොකියා වෙබින් කිව්වම ඔබ කුමන ආරක්ෂක අංශයේද කියලා හිතාගන්න පුළුවන්.

  15. මේ වගේ හදපු ඒවා දෙක තුනක් තැපෑලේ ගෙන්න ගන්න පුළුවන් කොරමයක් තියෙනවද

  16. මහත්මයා! පවුචස් සහ වෙබින් නමින් හදුන්වන්නේ ආකාර දෙකක යුද ආම්පන්න ඇසුරුම් නොවේද?අප ආයතනයේ පවුචස් වැඩිපුර භාවිතා කලේ රියදුරන් වැනි අයයි.කොහොම උනත් මම තව දුරටත් සේවයේ යෙදී සිටින කෙනෙක් නොවේ.මා යුද ආබාධිතයෙක් වී සිටින්නෙක්.

    • වෙබින් යන වචනය යුද හමුදාවේ භාවිත කෙරෙන්නේ නැහැ. වෙබින් කියා යුද හමුදාවේ කියන්නේ ඉස්සර තිබුන හන බඳ පටි සහ ඇන්ක්ලට්ස් ඔප දැමීම සඳහා පාවිච්චිකළ පොලිෂ් වර්ගයකට. T 56 අවියේ මැගසින් දමාගෙන පපුවේ බැඳගන්න කැන්වස් රෙදි මල්ලට තමයි පවුචස් කියන්නේ. ඔබ ආබාධිතයකුව සිටින්නේ කායිකව පමණයි. ඔබ යුද විරුවකු නේද?

  17. සිංහල අවුරුද්දට රතිඥ්ඥා වෙනුවට ගන්න හදන්න ඕනේ බෝම්බයක්

  18. මිට තියෙන බෝම්බ නම් දෙවන ලෝක යුද්ධ චිත්‍රපට වල දැකලා පුරුදුයි.විචාරකතුමෝ කුණු ගොඩවල් වල කැලෑවල තිබිලා හම්බවෙන අත් බෝම්බ නිශ්ක්‍රීය කලා කියලා පත්තර වල තියෙන්නේ,එතනදී මොකක්ද වෙන්නේ බෝම්බය පුපුරවා හරිනවද?

    • මුලින්ම කියන්න තියෙන්නේ අනේ වඳින්නං බෝම්බයක් කියලා සැක හිතෙන කක්කා ගොඩක් දැක්කත් වහාම ඈතටම ගිහින් පොලීසියට හෝ 119 ට කියන්න. මොනම දෙයක්වත් අල්ලන්න පෙරලන්න යන්න එපා. අත් බෝම්බයක් ගලවන ක්‍රමයක් තියනවා. මම ඒක නොකිව්වේ, ආරක්ෂක හමුදාවක කෙනෙකුගේ පවුලේ කෙනෙක් හෝ නෑ දෑ හිතවතෙක්, අත් බෝම්බයක් බලන්නවත් ඉල්ලගෙන, ගලවන්න ගිහින්, මරණීය තුවාල සිදුකරගන්නට ඉඩ තිබෙන නිසා. ඒ විදිහට ගලවා නිෂ්ක්‍රිය කරන්න බැරි අත්බෝම්බ, මිනිස්සු නැති තැනකට ගෙනිහින් වෙනත් වෙඩිබෙහෙත් යොදා පුපුරුවා හරිනවා. බෝම්බ ඉවත් කිරීමට ගොස් පුපුරයි කියා සැකනම්, මිනිස්සු ඉවත්කර, වැලිගෝනි වැනි ආවරණයක් සාදා එම ස්ථානයේදීම පුපුරවා හරිනවා. එයත් නිෂ්ක්‍රිය කිරීමක් ලෙසයි සැලකෙන්නේ.

  19. මාතෘකාව දැක්කම කෙල හලාගෙන ආවෙ අද දෙන්නම් වැඩක් (හදන්නම් බෝම්බයක්..) කුඩු වෙන්න කියලා….හිහි…
    හරිගියේ නෑ වැඩේ..! හැමදාම වගේ අදත් අළුත් දේවල් ඉගෙන ගත්තා ඕං එහෙනං…!

  20. විචාරක මහත්මයෝ…මේ කියවන කිසිම එකෙක් බෝම්බ හදන්නනම් යන්නේ නැහැ. ඒක ශුවර්. ලිපියට සාධාරණයක් වෙන්නේ නොසෑදීම තුලම තමයි.

    මට දැණගන්න අවශ්‍ය කාරනාවක් ඔබ තුමාගෙන් අහන්නේ මම ලියපු පෝස්ට් එකකට අදාලව. නේවි එකේ ෆ්ලෑග් ඔෆිසර් කෙනෙකුට තියන රාජකාරි මොනවාද? ගූගල් වලින් නම් හොයා ගත්හෑකි. ඔබ දන්න නිසයි ඇහුවේ.

    • අච්චර හොඳ ලින්ක් එකක් අන්තිමට දාලත් තවම කවුරුවත් කිව්වේ නැහැ තමන් හදපු බෝම්බේ වැඩ කලාද නැත්නම් කෝම්බයක් වුනාද කියලා 😀

      Flag Officer කියන්නේ තනතුරු නාමයක් නෙවෙයි. යුද හමුදාවේ තියනවා General Officers කියලා වර්ග කිරීමක්. එයට අයත් වන්නේ බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්, යන නිළ වලට අයත් නිළධාරීන්. ඒ හා සමානව නාවික හමුදාවේ කමඩෝර් සහ ඊට ඉහල නිළ Flag Officers කියලා හඳුන්වනවා.

  21. මට ඔබතුමාගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන..යුද හමුදාවේ IT වලට ගන්න කට්ටිය ගැන..පොඩ්ඩක් එක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද හැකියාවක් තියෙන්වනම්..

    • ඔව් දිල් කියන්නම්. IT උපාධියක් තියනවානම් ඔබට නිලධාරියකු ලෙස ඉඳුරාම බඳවා ගැනීමක් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. (direct enlist as a Commissioned Officer) කාලයෙන් කාලයට එවැනි බඳවාගැනීම් සඳහා දැන්වීම් ගැසට් පත්‍රයේ පල කරනවා. ඔබ දැනට සුදුසුකම් ලබා සිටිනවානම් ‘බඳවාගැනීමේ නිලධාරි, ශ්‍රී ලංකා යුදහමුදා මූලස්ථානය, කොළඹ 2’ කියන ලිපිනයට ඔබ ගැන විස්තරයක් ඇතුළත් ලිපියක් සමහ ජීව දත්ත පත්‍රයක් යවන්න. දැනට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේද එවැනි පාඨමාලා තිබෙන නිසා බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය වෙනස් වන්නට ඉඩ තිබෙනවා. නමුත් උත්සාහකර බලන්න.

      • බොහොම ස්තුතියි ඔබ තුමාට..මම ස්කොලේ යනකොට ගැසට් එකේ දැකලා තමයි ආසාවක් ඇති උනේ..එත් මම තවම උපාදියට ඉගෙන ගන්නවා..රජයේ විශ්ව විද්‍යාලයක නම් නෙවෙයි..එක ගැටළුවක් වෙන එකක් නැහැ නේද ?

        තව එහෙම ගියාමත් සම්පුර්න හමුදා පුහුණුව ලබා දෙනවද ?

        මොන වගේ නිලයක් ද හම්බ වෙන්නේ ?

        • මට ස්ථිරව කියන්න බැහැ ඔබ දැනට ඉගෙනගන්න විශ්ව විද්‍යාලයේ උපාධිය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පිළිගනියිද කියලා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එය පිළිගන්නවානම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

          පුහුණුවක් ලබාදෙනවා. එයට අයත්වන්නේ සාමාන්‍ය සරඹ, හමුදා පිළිවෙත්, සැහැල්ලු ශාරීරික අභ්‍යාස, ඔබේ විෂයයට අදාලව රෙජිමේන්තු පුහුණු කටයුතු. (හමුදා පරිගණක පද්ධති, ජාලකරණය, රහස්‍ය තොරතුරු හා පණිවිඩ හුවමාරුව වැනි) මෙයට අමතරව පොද්ගලික අවිය (T 56) ඉගෙනගන්න ලැබෙනවා. වාර්ෂිකව එක් වරක් එයින් වෙඩි තැබීමේ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ. වෙඩි තියන්නේ මිනිස්සුන්ට නෙවෙයි ඉලක්කපත් වලට. 😀
          බොහෝවිට ලුතිතන් නිලය තමයි ලැබෙන්නේ. ඔබට පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධියක් තිබේනම් ඊට වඩා ඉහල නිලයකට බඳවා ගන්නවා.

  22. සියදහස් වාරයක් ස්තුත්යි..අපිට මේවා දැනගන්න ඉන්නේ ඔබ තුමානේ…මේක ඉවර උන ගමන් අයදුම් කරන්න ඕන..

  23. බොම්බ කතාවක් අපේ ගුවන් සෙවයෙත් උනා නෙද ඊයෙ පෙරෙද ?

    • වීසා නැතුව අපේ රටේ හිටිය බ්‍රිතාන්‍ය ජාතිකයෝ දෙන්නෙක් අල්ලලා ඒ ගුවන්යානයට පටවලා යවලා තිබුණා. උන් දෙන්නා තමා මේ බොරු බෝම්බ නාඩගම නටලා තියෙන්නේ. උන් දෙන්නව බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට පත්වුනා.

  24. පළමු ලෝක යුද්ධය ගැන නිපැයුන චිත්‍රපටි වල ඔබ දක්වා ඇති Stick grenade භාවිතා වන බව මමත් දැක තිබෙනවා.ඒ කාලයේ නම් බෝම්බ භාවිතයේදී අද වගේ බෝම්බයෙන් වන හානිය සහ භාවිතා කරන්නාට ඇති ආරක්‍ෂනය ගැන නම් සිතන්නේ නැතුව ඇති. නොදන්නා කරුණු රැසක් දැන ගත්තා. ස්තූතියි!

  25. පට්ට ඈ

  26. බොහොම ආසාවෙන් ඔබගේ සටහන් මම කියවන්නේ .. සිංහලෙන්ම ආවි ආවුද ගැන වෙන කියවන්න ලැබෙන්නේ කොයින්ද . පරිගණක ක්‍රීඩා වලදී නම් මම ඔය හෑම බෝම්බයක්ම භාවිතා කරලා තියනවා . ඒත් පරිගණක ක්‍රීඩා වලදී මගේ ප්‍රියතම එවුවා වෙච්ච ෆ්ලෑෂ් බෝම්බ ගැන සටහනක් තිබුනානම් හොඳයි ..

    ගිනි අවියක්ම නොවුනත් බොහොමයක් රටවල හමුදා පොලීසි භාවිතා කරන ස්ටන්ට් ගන් එක ගැනත් විස්තර දැනගන්න කැමතියි .. හැකි වේලාවක ඒ ගැනත් පොඩි හැඳින්වීමක් දෙන්න ..

    • මම දිගටම ලියාගෙන යනවා සඳරු. ඉදිරියේදී ඔබ කැමති අවි ආයුධ බොහොමයක් ගැන දැනගන්න ලැබෙයි. කවුරුහරි කිව්වම අර අවිය මේ අවිය ගැන ලියන්න කියලා මම ඒ ඉල්ලීම සටහන් කරගන්නවා. අනාගතයේදී ඉටුකරන්නම් ඔබේ ඉල්ලීම.

      ස්තුතියි ඇගයීම ගැන.

  27. එක හුස්මට දෙපාරක් කියෙව්වා.. මං උසස්පෙළට හැදෑරූ ප්‍රියතම විෂයය රසායන විද්‍යාව.. ඒ වගේම සරසවියේ වසර හතරක් ඕක ඉගෙනගත්ත.. ඒ වගේම ඔය පිපිරුම් ද්‍රව්‍ය ගැන පොඩි “උණක්” මට කොහොමත් තියෙනවා. ෆ්ලෑෂ් බොම්බ් ගැන ලියලත්, මේ ලිපියේ Pyrotechnic ගැන සඳහන් නොකළේ ලිපිය දිග වැඩි වීම නිසා වෙන්න ඇතැයි මම හිතනවා..

    ඒත් අන්තිමේ පොඩි බලාපොරොත්තු කඩවීමකුත් වුණා.. මොකද විචාරකතුමා ආරක්ෂක සේවයේ නියුක්ත වෙලා හිටපු කෙනෙක් හැටියට, ඔහුගෙන් අර ප්‍රභාකරන් ෂුගර් බෝම්බ හදන්න ගෙහුං කකුලට කෙළවාගත්තු හැටිත්, ඊට පස්සේ ඔහුට කරිකාලන් කියපු හැටිත් ගැන කියවන්න ලැබේවි කියල ආසාවෙන් බලාගෙන හිටියා.. (මේ කතාව අහගත්තෙ අපේ රසායන විද්‍යා මහාචාර්ය වරයෙක්ගෙන්: )..

    • බොහොම ස්තුතියි වෙහෙසවී මේ ලිපිය කියවීම ගැන. මම දල සැලැස්මක් හදාගත්තාම එයින් පිට නොයා ලියන්න උත්සාහ කරනවා. ඔලුවට එන ඔක්කොම ලියන්න ගියොත් ජාතක පොත් තමා ලියවෙන්නේ. 😀 හැබැයි ඔබ කියලා තියන කරුණු බොහොම වැදගත්. අනාගතේ ලිපියක් ඒ සඳහා වෙන් කරන්නම්.

  28. දුම් බෝම්බ ගන්න තියෙනවද කඩවල් වල ? ලංකාවේ ගන්න තැනක් තියෙනවද? වෙඩින් වලට පාවිච්චි කරන්න. කරුණාකරලා කියන්නකෝ. තව අහසට ගහන පැරා කියල මල්වෙඩි වගේ බෝම්බ වගයක් තියෙනවද? ඒ පිලිබදවත් පොඩ්ඩක් කියන්නකෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.