විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 මේ ලිපිය, තමන්ගේ නිර්මාණයක් ලෙස සංස්කරණය කොට පළකළ එක්තරා බ්ලොග් අඩවියක, මේ ලිපියට සබැඳියාවක්වත් දක්වා නැති නිසාත්, තවත් පුවත් වෙබ් අඩවියක ද ලිපිය තමන්ට අයිති එකක් සේ සලකා සංස්කරණය කොට පළකර, අගට මගේ බ්ලොග් නම කුඩා අකුරුවලින් දක්වා, කිසිදු සබැඳියාවක් පෙන්වා නැති නිසාත්, ඒ ගැන මා එම අඩවියේ දැමු කමෙන්ට් එකවත් පළකර නොමැති අතර, මගේ කතෘත්වය සනාථ කරනමෙන් දන්වා යවන ලද  ඊ මේල් පණිවිඩයටවත් මෙතෙක් පිළිතුරක් නැති නිසාත්, මෙසේ යළිත් නව ලිපියක් ලෙස පළකරමි. ඔය උන්නැහේලා එක්ක මට ගණුදෙනු කිරීමට අවශ්‍යතාවක් නැත. ලජ්ජා නැතිකම බ්ලොග් ලිවීමටත් වඩා ලොකුයිලු. 😀 😀

 සංස්කරණය කරන ලදී 2013/08/07

 මෙම ලිපියේ මගේ නිරීක්ෂණ වලට, තවත් අලුත් කරුණු දෙකක් ඇතුළත් කර, මෙසේ නැවත පළකරන බව කාරුණිකව සළකන්න.

 DSCF8789  පසුගිය දිනවල, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අප හැමදෙනාගේම සිත්වල බලවත් කම්පනයක් ඇතිකළ බව නොරහසක්. මේ සිද්ධිය නිසා, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාව කෙරෙහිම,  පින්තුරය ගත්තේ මෙතනින් මහජනතාව තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවීමත් නොරහසක්. දැන් මේ සිද්ධිය පිළිබඳව විවිධ පාර්ශව විසින් විවිධ දෘෂ්ටි කෝණ වලින් අදහස් දැක්වීම් සිදුකෙරෙනවා. මා දුටු ආකාරයට මේ පිළිබඳව වැඩිම පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබුණේ මාතලන් ගේ අඩවියේ  පළවූ ලිපියටයි. ඒ වගේම තහනම් වචන අඩවියේත් සෑහෙන්න වලංගු තාර්කික කරුණු දක්වා තිබුනා. මගේ හදවත කම්පනයට පත්කරමින්, මේ ලිපිය ලියමින් සිටින මේ මොහොතේ (2013/08/04 දින 1326 පැය) රතුපස්වල සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිවිල් පුද්ගලයකු ජාතික රෝහලේදී මියගිය බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිවේදනය කෙරුනා.  මේ වනවිට තිදෙනෙකු මරණයට පත්වී ඇති මේ සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කර සුදුසු පියවර ගැනීම, රජයේ වගකීම බව මේ රටේ මිනිස්කම හඳුනන සියලු දෙනාගේ එකම පැතුම බව, අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස, අපේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බවට ඇති උදාහරණ අපමණයි. අර යකඩ හොරා, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තිබියදීත්, ජනාධිපතිතුමා සමග එකට සිට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් නිරූපණය වන්නේ, කාගේ ලැජ්ජානැතිකම ද යන්න හිතාගැනීම ඔබටම බාර කරනවා.

  මේ ලිපියෙන්, මම රතුපස්වල ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා බලාපොරොත්තු වෙන්නේ මෙවැනි තත්වයකදී හමුදාව ක්‍රියා කළයුත්තේ කෙසේද කියා, හමුදා පුහුණුවේදී උගන්වන ආකාරය පිළිබඳව, හැකිතරම් කෙටියෙන් ඔබ සමග සාකච්ඡා කිරීමයි.

  කිසියම් කුඩා ජන කොට්ඨාශයක්, කිසියම් කාර්යාලයීය/කම්හල්/වතු සේවක පිරිසක්, කාලයක් තිස්සේ විඳවන ප්‍රශ්නයක් කෙරෙහි, ප්‍රමාණවත් අවධානයක්, රජය විසින් ලබා නොදීම නිසයි මෙවැනි තත්වයන් ඇතිවන්නේ කියා, ඔබ හොඳින්ම දන්නවා. මේවා අද ඊයේ දේවල් නෙවෙයි. ඉතා ඈත අතීතයේ පවා සිදුවූ අදත් සිදුවන, අනාගතයේදීත් සිදුවන් දේවල්. සුභසාධක රාජ්‍ය ක්‍රමයක් ක්‍රියාත්මකවන අප වැනි රටවල මෙවැනි සිදුවීම් බහුලයි. මේ ප්‍රශ්නයේදී රතුපස්වල ජනතාව ගත් ක්‍රියාමාර්ගය අසාධාරණයයි කියන්නට කොහොමවත් බැහැ. ජනමාධ්‍ය ඔස්සේ ඔවුන් දැක්වූ අදහස් වලින් එය පෙනීයනවා. නීති පොතේ භාෂාවෙන් කියනවා නම් අයුතු ජන රාශියක්, අපිට තේරෙන භාෂාවෙන් කියනවානම් මිනිස්සු පක්ෂ පාට ජාති කුලමල භේදයකින් තොරව පොදු කරුණක් උදෙසා කරන උද්ඝෝෂණයක් වලක්වන්නට අයිතිය තිබෙන්නේ කාටද? අධිකරණයට පමණයි. අධිකරණය එවැනි තීරණයක් ගන්නේ පොලීසිය විසින් ඉදිරිපත් කරන වාර්තා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙනවානම් පමණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා සමාජයේ අනෙකුත් බහුතරය දැඩි පීඩාවකට ලක්වන බව පොලීසිය විසින් අධිකරණයට කරුණු ඔප්පුකර පෙන්විය යුතුයි. විනිශ්චයකාර වරයාත් අධිකරණයට යන පොලිස් නිලධාරියත් රජයේ එහෙයියන් නම් එතැනදී සාධාරණයක් ඉෂ්ඨවන්නේ නැහැ. ඒ එක පැත්තක්.

  මේ වගේ ප්‍රශ්න වලට හමුදාව මැදිහත් වෙන්නේ ඇයි? මැදිහත් වියයුත්තේ ඇයි? එහි සීමාවන් මොනවාද? කවුද වගකීම දරන්නේ? එයින් ඇතිවන ප්‍රතිඵල වලට වගකිවයුත්තේ කවුද? අපි මේ කරුණු ටිකක් සවිස්තරාත්මකව බලමු. යුදහමුදාවක් සංග්‍රාමික කටයුතු වලදී යෙදෙන ප්‍රධාන භූමිකා (role) දෙකක් තිබෙනවා.

  • සාම්ප්‍රදායික සංග්‍රාම – Conventional Warfare – CW
  • ප්‍රතිවිප්ලවීය සටන් – Counter Revolutionary Warfare – CRW

  මේ ප්‍රධාන භූමිකා දෙක යටතේ තවත් උප කොටස් තිබෙනවා. ඒවා පසුවට තබා, රතුපස්වල සිද්ධියට අදාළ කොටස විතරක් එළියට ගන්නම්. ඒ උප කොටස් වලින් එකක් හඳුන්වන්නේ, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි – Internal Security Duties = IS Duties කියලයි.  මොනවද IS Duties කියන්නේ? මෙන්න මේවගේ දේවල්.

  • හමුදා භටයන් හෝ අවි ආයුධ පතරොම් වැනි දේ එක තැනක සිට තව තැනකට වාහන වලින්, දුම්රියෙන්, (යුද්ධයක් නැති ප්‍රදේශයක වුනත්) ආරක්ෂිතව ප්‍රවාහනය සංවිධානාත්මකව, ආරක්ෂිතව, හමුදා පිළිවෙත අනුව සිදුකිරීම. (ඒ සඳහා රජයේ චක්‍රලේඛ වගේ හමුදාවේ තියනවා කාලයෙන් කාලයට පනවන ස්ථාවර නියෝග – standing orders)
  • වැදගත් පුද්ගලයන්ට – Very Very Important Personnel/Very Important Personnel =  VVIP/VIP සහ මර්මස්ථාන – Vulnerable Points – VP වෙත ආරක්ෂාව සැපයීම. (උදාහරණ; ලොකු දෙස්පාලුවන්ට, කාලීනව ආරක්ෂාව අවශ්‍යයි කියලා රජය විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන වෙනත් පුඟුලන්ට, රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථාන, තෙල් පිරිපහදු/තෙල් ගබඩා/විදුලිබලාගාර/ජලාශවල වේලි ආදී බරපතළ හානි සිදුවියහැකි ස්ථාන.)
  • යුද්ධයක් නොවන, අභ්‍යන්තර කැරළි කෝලාහල, සන්නද්ධ කණ්ඩායම් වලින් කරන මිනීමැරුම්, මංකොල්ලකෑම්, ජන පීඩන ක්‍රියා, මැඩපැවැත්වීම සඳහා පොලීසියට සහාය වීම.

  ඔන්න ඔයවගේ රාජකාරි ලැයිස්තුවක් තමා අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි කියලා කියන්නේ.

  ඔන්න අපේ කට්ටිය පොට වරද්දාගත්තේ, මෙන්න මේ පොලීසියට සහාය දීමේ වැඩේ කරන්න ගිහින් තමයි. අපි බලමු යුදහමුදා පුහුණුවේදී මේ පිළිබඳව තිබෙන න්‍යාය/පිළිවෙත/නියෝග/ මොනවාද කියා. ඔබෙන් සමහර අය හිතාගෙන ඇති යුද්ධයකදී විශාල සේනා සංවිධානය කර, ‘ඔයගොල්ලෝ මෙහෙන් යන්න, ඔයාලා මෙහෙන් ගිහින් මෙහෙම කරන්න’ ආදී වශයෙන් තමයි යුද්ධ කරන්නේ කියා. නැහැ. ආරක්ෂක විද්‍යාව කියන්නේ ලෝකයේ බොහොමයක් රටවල (ලංකාවද ඇතුළුව) විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන ඉතා ගැඹුරු විෂයයක්. සාමාන්‍ය නිළධාරි පුහුණුවේදී පවා මේ විෂයය අවශ්‍ය තරම් ගැඹුරට හදාරනවා. සොල්දාදුවන්ටත් ඔවුන්ගේ මට්ටමට ගැලපෙන පුහුණුවක් දෙනවා. සංග්‍රාමයක් පවතින්නේ සංග්‍රාමික මූලධර්ම මත බව, මම මීට පෙර ඔබට කියාදී තිබෙනවා මතකද? මේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි ඉටුකිරීම පිළිබඳව තිබෙන හමුදා ප්‍රකාශන වල ඇති කරුණු, එලෙසින්ම ගෙනහැර දැක්වීම හමුදා නීතියට පටහැනි නිසා, මා ඔබට ඒ ඇසුරෙන් පමණක් කරුණු පැහැදිළි කරන්නම්.

  මේ වගේ වැඩකට භටපිරිස් යොදවන්න කළින් පහත දැක්වෙන කරුණු ගැන සිතා බැලිය යුතුයි කියලයි පොතේ තියෙන්නේ. වෙනත් වචන වලින් කියනවානම් මූලධර්ම ලෙස සැලකියයුතු කරුණුයි මේවා.

  • තමන් කරන ක්‍රියාවේ සාධාරණ සහ යුක්තිසහගත බව – Justification
  • වැළක්වීමේ ක්‍රියාවක් ලෙස පමණක් යෙදවීම – Prevention
  • සෑමවිටම අවම බලය යෙදවීම – Minimum Force
  • හමුදා නීතියට මෙන්ම සිවිල් නීතියටද සම්පූර්ණයෙන් අනුකූලව ක්‍රියාකිරීම – Legal Obligations
  • අහිංසක, නීති ගරුක, සිවිල් වැසියන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාකිරීම – Safeguarding Loyal Citizens
  • තමන් (හමුදාව) කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු නොවන ආකාරයට ක්‍රියාකිරීම – Maintenance of Public Confidence
  • තමන් කරන සෑම ක්‍රියාවකම සාධාරණත්වය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට හැකිවනසේ ක්‍රියාකිරීම – Evidence

  මා හිතනවා, මේ සිද්ධිය ගැන පරීක්ෂා කරන හමුදා පරීක්ෂණ කණ්ඩායම, තම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම, Land Operations නමැති මහා හමුදා පොතේ, Counter Revolutionary Operations යන කොටස යටතේ එන, Internal Security යන දීර්ඝ පරිච්ඡේදය නැවත කියවා බලනු ඇතැයි කියා.

  මීළඟට මා ඔබව කෙළින්ම ගෙනයන්නේ රතුපස්වල වැනි සිද්ධියකදී කලයුතු දේ පිළිබඳව හමුදා පොතේ කියා තිබෙන්නේ මොනවාදැයි සොයාබැලීමටයි. මේ සම්බන්ධව ඇති ඉතා දීර්ඝ කරුණු රාශියක් හැකිතරම් සංක්‍ෂිප්තකොට කියන්නම්. නැත්නම් ඔබට මේ ලිපිය නීරස වෙනවා. ඒ වගේමයි හමුදාවේ රහසිගත classified තොරතුරුත් මෙහි ඇතුළත් කරන්නට හැකියාවක් නැහැ.

 

  පොතේ කියන්නේ මේ වගේ තත්වයන් ඇතිවිය හැකි බව ඒ ඒ රටේ හමුදා ප්‍රධානීන්ගේ අවධානයට ලක්වූ වහාම ඒ පිළිබඳව ඉතා සැළසුම් සහගත පූර්ව සූදානමක් තිබියයුතු බවයි. (එදා රතුපස්වලදී මෙහෙමම වුනා කියලා මම කියන්නේ නැහැ. නමුත් මොහොතකට මෙහෙම හිතන්න. කොළඹ නගරය පුරා කුළීකරුවන් මෙන් දවස පුරා වෙහෙසෙන සෙබළුන් ඉන්නේ හිත සතුටෙන් නොවේ. තමන් පාර හදන කම්කරුවකුගේ අත්වැඩ දෙන්නෙකු බව, තම නෑ දෑ හිතවතුන් දැක්කම, ඔහුට මොනවද හිතෙන්නේ? ඉතින් මෙහෙම වැඩ කර කර ඉන්න අතරේදී එකවරම, ‘ටක් ගාලා යුනිෆෝම් එක දාගෙන, වෙපන් එකත් අරන් වරෙන්, කචල් එකක් තියනවා නවත්තන්න’ කියලා මේ සෙබළාගේ කෝප්‍රල්/සැරයන්/නිළධාරියා කිව්වොත්, ඔහු යළිත් හිතෙන් බැණ බැණ එනවා. ඒ එන්නේ අර මිනිස්සුන් එක්ක කෝපයෙන් වෛරයෙන්. ‘මේ %$#^ගේ පුතාලා නිසා අපට නිවනක් ඇත්තෙම නෑනේ යකෝ. අපි මේ උදේ ඉඳන් දවස පුරා කුළීකාරයෝ වගේ නැහෙනවා, මුන් කාලා බීලා තෙල මෝරලා එනවා රට පෙරළන්න’  යන හැඟීමෙන් තමයි ඔවුන් අර මිනිස්සු දිහා බලන්නේ. ඒ නිසා, ‘අපිව කන්ඩ එන කාලකන්ණි හැත්ත, හිටපියවූ තොපිට දෙන්නම්……….’ යන හැඟීමෙන් ක්‍රියාකරන්නට හොඳටම ඉඩ තිබෙනවා.) ඒ නිසා තමයි පූර්ව සූදානම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ සඳහාම වෙනමම විශේෂයෙන් පුහුණුකළ භටපිරිස්, වෙනත් රාජකාරිවල නොයොදවා සූදානම්ව තැබිය යුතුයි.

    මෙලෙස හමුදා මැදිහත්වීමක් කරන්නට පෙර, හමුදා ප්‍රධානීන් උසස් පොලිස් ප්‍රධානීන් සමග තත්ත්ව සමාලෝචනයක අනිවාර්යයෙන්ම යෙදිය යුතුයි. එහිදී, පොලීසිය පැහැදිළිව පෙන්වා දිය යුතුයි, මෙය හමුදා සහායෙන් තොරව, තමන්ට තනිවම පාලනය කළ නොහැකි තරමට වර්ධනය වෙමින් පවතින තත්වයක් බව.  හමුදාව සිද්ධියට මැදිහත් වුනාට පස්සේ අණ දීමේ බලය තියෙන්නේ හමුදා නිළධාරියා අතේ. ඊට පස්සේ පොලීසියේ මොන ජගතාටවත් බැහැ හමුදාව නවත්වන්න. (අර වලං කඩේට පැන්න මීහරකාගේ ලොකු අප්පච්චි වගේ ඉන්න ඩී.අයි.ජී. හිතනවා ඇති හමුදාවටත් අණදෙන්න. මම හිටියානම්………………….) ඒ සඳහා අණ දියයුත්තේ ඒ පිරිසට අණදෙන හමුදා නිළධාරියාමයි. එහෙම නොවුනොත් ඔක්කොම අවුල් ජාලයක් වෙනවා.

  මෙතැන් සිට පොතේ විස්තර කරන්නේ ප්‍රහාරක සැළසුම් විධි සහ උපක්‍රම. මා මෙහිදී ඒවා විස්තර නොකරන්නේ රහසිගත තොරතුරු නිසයි. මෙන්න මේ කරුණ කෙරෙහි ඔබේ විශේෂ අවධානය යොමු කරනවා. පොතේ සඳහන් පරිදි, පොලීසිය, මේ සඳහා හමුදාවේ සහාය ලබාගැනීමේදී, අනුගමනය කළයුතු වැදගත් කරුණු කීපයක් තිබෙනවා.  පිරිස විසුරුවා හැරීමට උසාවි නියෝගයක් ලබාගෙන තිබිය යුතුයි. පොතේ කියන්නේ මහේස්ත්‍රාත් වරයා පිරිස විසිරවීමට යොදන හමුදා කණ්ඩායම සමග සිටිය යුතුයි කියලයි. ඒ හමුදා කණ්ඩායම සිද්ධිය වන ස්ථානයට ගිහින් හිටගත යුත්තේ හරි හතරැස් හැඩයකට box formation සෙබළුන් සිටින පරිදියි. බලන්න මේ සමග ඇති පින්තූරය සහ පහත දැක්වෙන සටහන.

img034

img036

  ඉහත පින්තූරයෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති  හමුදා භට පිරිස සංවිධානයවී ඇති ආකාරය. පහත සටහනේ තිබෙන සෑම කොටුවකින්ම එක් පුද්ගලයකු නිරූපණය වෙනවා. (35 ක් ඉන්නවා) ඉහත පින්තූරය බැළුවම ඔබට පෙනෙනවා වටේට ඉන්න සෙබළු, (දෙදෙනෙකු හැර) සියළු දෙනාම පිටතට මුහුණලා ඉන්නේ කියලා. පහත සටහනේ එක් එක් කොටුව අසළ ඇති ඊතලයෙන් පෙන්වන්නේ ඒ ඒ පුද්ගලයා මුහුණ දා සිටින පැත්තයි. මේ කණ්ඩායමේ ඇතුළත එක් එක් පුද්ගලයාට නියමිත තැනක් තිබෙනවා. මා ඒ තැන් කොටු වලින් ලකුණු කර ඇතත්, ඒ ඒ ස්ථානයේ ඉන්නේ කවුද කියා ලකුණු නොකරන්නේ, ඒවා රහසිගත තොරතුරු නිසා. නමුත් ඉන්න පිරිස කියන්නම්. හමුදා ඡායාරූප/වීඩියෝ වාර්තාකරු, මහේස්ත්‍රාත්වරයා, භට පිරිසට අණදෙන හමුදා නිළධාරි, ඛණ්ඩය භාර හමුදා සැරයන්, නිවේදක, බැනර් අල්ලන්නන් දෙදෙනයි, හමුදා ගුවන්විදුලි පණිවිඩ හුවමාරුකරු, බියුගල් නලාකරු, පොලිස් නිළධාරියා, සීමා ලණු අදින්නන් දෙදෙනයි, ගිලන්මැසිකරුවන් දෙදෙනයි, ප්‍රථමාධාරකරු.

  මොනවද අප්පච්චියේ මේගොල්ලෝ කරන්නේ. ඡායාරූප/වීඩියෝ වාර්තාකරු සෑම මොහොතක්ම පටිගත/ඡායාරූපගත කළයුතුයි. මහේස්ත්‍රාත් නිරීක්ෂණය කරනවා නීතියට යුක්තියට අනුව සියල්ල සිදුවන්නේදැයි කියා. නළාකරු ඉස්සර හිටියා. ඔහු තමයි මුලින්ම බියුගල් නළාව පිඹලා කළහකාරී පිරිසේ අවධානය ගන්නේ. එවිට බැනර් කරුවෝ දෙන්නා කලහකාරීන්ට පෙනෙන්න බැනර් එකක් අල්ලනවා ඉහළට ඔසවලා. එහි භාෂා තුනෙන්ම ලියලා තියනවා අයුතු ජන රාශියකි වහාම විසිරයනු නැතහොත් වෙඩි තබනු ලැබේ කියලා. ඊළඟට නිවේදක තමන් අතේ ඇති මෙගෆෝන් එකෙන්, භාෂා තුනෙන්ම කියනවා අයුතු ජන රාශියකි, වහාම විසිර යනු, විසිර නොගියොත් වෙඩි තබනු ලැබේ කියලා. සීමා ලණු අදින්නන් මේ භට පිරිස සහ අර කලහකාරීන් අතර මැද ප්‍රදේශයේ, ලණුවක් හෝ කටු කම්බියක් වැනි යමක් එළනවා. ඉන්පසු නිවේදනය කරනවා, එම සීමාව පසු කළොත් වෙඩි තබනවා කියලා.  ඊළඟට ඉතින් අපෙන් වෙඩි තැබීමක් සිදු වුනොත්, කිසිදු තුවාල කරුවකු අර පිරිසට රැගෙන යන්න දෙන්නේ නැහැ. ඔවුන් අපේ ගිලන් මැසිවල තබාගෙන, අපේ පැත්තට ගෙනත්, ප්‍රථමාධාර දී, වහාම පොලිස් ආරක්ෂාව යටතේ, රජයේ රෝහලකට ඇතුළත් කරනවා.

  ඔන්න දැන් ඉතින් මට කියන්න එපා, එදා රතුපස්වල වුනේ මෙහෙම නෙවෙයිනේ කියලා. අර කියමනක් තියනවනේ කොන්ත නෝනගේ කොන්ඩේ බඳින්නේ කොන්ත නෝනට ඕනේ විදිහට කියලා. සමහරුන්ට හිතෙයි මේ පොත පරණයි කියලා. කොහෙත්ම නැහැ. අර නලාකරු, බැනර්කරුවන් වගේ අය නැතත්, මේ ක්‍රමයම තමයි අදත් කරන්නේ (අනිවාර්යයෙන් කළයුත්තේ) එදාට වඩා 500% ක් සාර්ථකව අද මෙය කරන්න පුළුවන්. දැන් පෙනෙනවානේ, හමුදාව රබර් උණ්ඩ අරන් එන්නේ නැහැ. හමුදාව කියන්නේ හමුදාව. අහවල් එක තියාගෙන අහවල් එකෙන් කොරන්න හමුදාව දන්නේ නැහැ. ඒ නිසයි අවසාන අවස්ථාව දක්වා ඉවසාගෙන ඉන්නේ.  පොලීසියට හොඳටම ඉඩ තිබුනා තමන්ගේ අහවල් එකෙන් කොරන්න හමුදාවේ එකෙන් කොරවාගන්නේ නැතුව.

  ඔන්න පොතේ දේවල් කියන්න පුළුවන් උපරිම දුරට කිව්වා. ඊළඟට රතුපස්වල ගැන මගේ නිරීක්ෂණ කියන්නම්.

  • මේ සිද්ධිය පැය කීපයකින් ඇතිවුන කුමන්ත්‍රණකාරී දෙයක් නොවේ. මේ ප්‍රශ්නය පිළිබඳව මිනිස්සු මුලින්ම අප්‍රසාදය පළකළ අවස්ථාවේදී, ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට තිබුනා, මේ තත්වය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත, ප්‍රාදේශීය සභාව වෙත, වාර්තාකරන්න, වහාම සුදුසු පියවර ගන්න කියලා. කෝ ඉතින් කරලා නැහැනේ.
  • ප්‍රාදේශීය සභාවේ බරපතළ වගකීමක් තමයි,මේ තත්වය ආරම්භවූ කාලයේදීම කරුණු සොයාබලා සුදුසු පියවර ගැනීම. එහෙම දෙයක් වෙලා නැහැ.
  • මේ රටේ තියනවානේ විවිධ පරිසර සංවිධාන මානව හිමිකම් සංවිධාන. ඒවායේ පිංපඩි ගන්න උන්නැහේලා, දිනපතා මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය කියවමින්, අසමින්, බලමින් සොයමින් (අසමි දකිමි සොයමි) 😀 සිටිය යුතුයි රටේ මොනවද වෙන්නේ කියා. (ඒගොල්ලන්ගේ මාධ්‍ය, දිනමිණ, ඔරොප්පු වාහිනී, සහ නයි ටී එන්, විතරද දන්නේ නෑ)  😀  එහෙම වුනානම් මේ ප්‍රශ්නයේ මුල්ම අවධියේදී මෙයට මැදිහත්වෙලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න තිබුනා. ඔය කියන විදිහට ගම් 10 ක ජනතාවට මෙය බලපානවා කියා අධිකරණ නියෝගයක් අරන් අර කම්හල වහන්නත් ඉඩ තිබුනා.
  • ඔය පැත්තේ පොලීසියේ අය, ක.බො.නි. න්‍යාය (කනවා බොනවා නිදාගන්නවා) අනුව ක්‍රියා කරන අයදැයි මා දන්නේ නැහැ. ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්න බව, පොඩි පොඩි විරෝධතා යනකොට උන්නැහේලාට තේරුනේ නැද්ද? පොලිස් බුද්ධි අංශය ගමට රිංගවලා, මොකද වෙන්න යන්නේ කියා හොයා බලා, ඉහළට වාර්තා කරන්න, උකුණු පුකක් තරම් මොළයක් තිබුනේ නැද්ද?
  • ඔය පැත්තේ සෑහෙන්න ඉන්නවා කතෝලික ජනතාව. මොකද හාමුදුරුවරු විතරක් උපවාසෙට ආවේ? කතෝලික පියතුමන්ලා වචනෙකින්වත් සහයෝගය නොදෑක්වුවේ ඇයි?  මා කතාකරන්නේ උන්වහන්සේලාට විරුද්ධව නොවේ. ඇත්ත කුමක්දැයි දැනගැනීමටයි.
  • වැඩේ හුඟක් බරපතළ බව කල්තියා පෙණුනානම්, ජාතික රහස් ඔත්තු සේවය, හමුදා බුද්ධි අංශය යොදවා කරුණු සෙව්වානම්, අර අපේ හමුදා ප්‍රකාශක තුමා රූපවාහිනියට කියපු, මහජනතාව අතරට රිංගලා හිටිය තුන්වැනි ද හතරවැනි ද බලවේගය හොයාගන්න තිබුනා නේද?
  • ඔය ගම් දහයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ගේ පවුල් කීයක් ඇද්ද? නිකම් දැන ඇඳුනුම්කම් මත, අයියේ, මල්ලියේ, මාමේ, බාප්පේ, මචං, මොකද වෙන්න යන්නේ කියලා ඇහුවනම්, වෙන්න යනදේ කල්තියා දැනගෙන, අර හතරවෙනි බලවේගේත් හොයාගෙන, මේ නැතිවුණු ජීවිත තුන රැකගන්න තිබුනා නේද?
  • පොලීසියේ ජල ප්‍රහාරක යන්ත්‍ර සද්දන්ත කුලේ ඒවාද? ඒවා කොළඹ තියන උසස් උද්ඝෝෂණ වලට විතරද යොදවන්නේ? මේ ගමේ බයියෝ මැරුණට කමක් නැති නිසාද එදා ඒවා නොයෙදුවේ? එකක් ගෙනත් ඒ වතුරට එක පොලිස් කාරයෙකුගේ කක්කා ටිකක් දියකරලා ගැහුවානම් අර මිනිස්සු පටස් ගාල විසිරෙනවා නේද?  ඇයි යකෝ මිරිස් මෝලකින් මිරිස්කුඩු ටිකක් අරන් දිය කරලා ගැහුවනම් මිනිස්සු නොමැරී, තුවාල නොවී, හමුදාවේත් පොලීසියේත් නම්බුව රැකී, උද්ඝෝෂණය අවසන් වෙනවා නේද?
  • පොලිස් අශ්වයෝ දෙන්නෙක් ගෙනත්, මිනිස්සු මැදට අරන් ගියානම් බයවෙනවා. ඒක අදටත් බොහෝ රටවල කරනවා. ලවුඩ්ස්පීකර් හයිකරපු හෙලිකොප්ටරයක් ගෙනත්, හොඳටම පාත් කරලා, විසිරයනු නැතහොත් වෙඩි තබනු ලැබේ කිව්වනම්, මිනිස්සු බයවෙලා විසිරෙනවා.
  • T 56 තුවක්කුවක ක්‍රියාකාරී ලක්ෂණ, characteristics ඔය ආව එක ලොක්කෙක්වත් දන්නේ නැද්ද? මීටර් 100 කට අඩු දුරකදී, මිනිහෙකුට, කෙළින්ම වදින හෝ වෙනත් ඝන වස්තුවක වැදී, හැරී ඇවිත් වදින, T 56 උණ්ඩයකින් මොකද වෙන්නේ කියලා, ගමේ වින්නඹු අම්මා වුනත් දන්නවා නේද?
  • T 56 තුවක්කු වෙනුවට පොලීසිය සතු පතරොම් තුවක්කු හෝ රිපීටර් පතරොම් තුවක්කු Shotguns or Repeater Shotguns මේ පිරිස විසුරුවන්න යොදාගන්න තිබුනා. ඒ තුවක්කු වලට නොම්මර 4 පතරොම් යොදා වෙඩි තැබුවානම් ඉතා සුළු තුවාල සිදුවන්නේ. නමුත්, ඔන්න වෙඩි තියනවා කියන හැඟීම ඇතිවන මිනිස්සු බය නිසා වහාම විසිර යනවා.
  • මේ ක්‍රියාන්විතය සඳහා යොදාගත් සෙබළු මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ මෙන්ම සෑහෙන කාලයක් එල්.ටී.ටී.ඊ. යුද්ධයට සම්බන්ධව සිටි අය නම්, ඔවුන් මේ අවස්ථාවේදීත් අර කලබලකාරී පිරිස දෙස බලන්නේ ත්‍රස්තවාදීන් දෙස බැලූ ආකාරයටම වෙන්න ඉඩ තියනවා. මේ මිනිස්සු ගිනිඅවි වලින් සන්නද්ධ නැති බවත්, ඔවුන් සතුව ඇත්තේ ගල් මුල් පමණක් බවත්, සෙබළුන්ට නොපෙනීයන්න ඉඩ තිබෙනවා, ඔවුන් තවමත් අර යුද මානසිකත්වයේ සිටින නිසා. ඒ නිසා ඔවුන් උපරිම බලය යොදන්න ඉඩ තිබෙනවා. මෙහිදී යුද හමුදා පිළිවෙත වන්නේ, ක්‍රියාන්විතයට පැමිණීමට පෙර ඔවුන් සියලුදෙනාට ක්‍රියාන්විතයේ ස්වභාවය සහ, අවම බලය යෙදිය යුතු බවට දැඩිව උපදෙස් දීමයි. එසේ කළාද යන්න විශේෂයෙන් සොයාබැලිය යුතුයි.
  • මේ සඳහා කොපමණ පරීක්ෂණ කළත්, ඒවාගෙන් කාට හෝ දඬුවමක් ලැබෙයි කියා හිතන්න අමාරුයි. සමහරවිට, රතුපස්වල කීපදෙනෙක් හිරේ යන්න ඉඩ තියනවා.

  මෑතක සිට රජය උද්ඝෝෂණකරුවන් මරා දැමීමේ/ආබාධිත තත්වයට පත්කිරීමේ ප්‍රවණතාවක් ඇතැයි සිතෙන්නේ, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ සහ තවත් ස්ථානවල උද්ඝෝෂණ වලදී, ආරක්ෂක අංශ වෙඩි පහරින් මිනිසුන් මියයාම නිසයි. රජය කියන්නේ උඹලාට හෙට මැරෙන තරම් බරපතළ ප්‍රශ්න තිබුනත්, හිඟන්නන් මෙන් බැගෑපත් වෙයල්ලා උද්ඝෝෂණ කරන්න බැහැ කියලාද?

My Signature for Blog2013 අගෝස්තු මස 06 වැනි දින 0120 පැය

Comments on: "හමුදා පොතේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි……………….. The Crowd Dispersal" (192)

  1. මටමනේ වෙන්නේ කිව්වා වගේ විචාරකටමයි වෙන්නේ!

    ප්‍රයෝජනවත් ලිපියක් නිසානේ කොපි කරන්නේ කියලා අපි හිතහදාගමු.

  2. හිතට ආපු ඔක්කොම ලියන්න දවස් ගානක් යනවා ..හොඳ ලිපියක් බොහොම ඉස්තුතිය් (වෙන කෙනෙක්ගෙන් කොපි නොකර එකක් නම් විචාරක ට ,නැත්තම් මේක අයිති ඔරිජිනල් කෙනාට සහ ශෙයා කරපු ඔයාල කට්ටියටම 😉 ).
    හමුදාව ගැන වෙනම ලිපියක් ඕනේ වෙනවා මේක ගැන හරියටම තේරුම් ගන්න ..සිවිල් අයට හැමදේම කියන්නත් බෑ ,යන හැටියට නොකියත් බෑ ..නේද විචාරක ??? LOL

    • මුලින්ම මා හිතනවා ඔබ මේ අඩවියට පැමිණි පළමු අවස්ථාව මෙයයි කියා. දෙවනුව උපකල්පනය කරනවා ඔබේ අවතාර් රූපයේ තියන පීක් කැප් එක දැනටමත් අඳින හෝ ඇඳ ඇති කෙනෙක් කියා ඔබ. ඔබව සාදරයෙන් පිලිගන්නවා.

      මමනම් කාගෙන්වත් කොපි කරලා ලිපි ලියන්නේ නැහැ. ඒ නිසයි ලිපියේ අන්තිමට මූලාශ්‍ර පෙන්වා තිබෙන්නේ. ඇත්තටම මම ඔබ සමග එක් කාරණයක් ගැන එකඟ වෙනවා. සාමාන්‍ය ජනතාවට යුදහමුදාවක් අභ්‍යන්තරයේ ඇති සියල්ල කියාදෙන්න බැහැ. නමුත් හැකිතරම් සරලව මම දැන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ දේ කියාදෙනවා. ඒ පිලිබඳ පාඨකයන්ගේ ප්‍රසාදය ලැබී තිබෙනවා. මම යම් යම් සීමාවන් තබාගෙන දැනගතයුතු ප්‍රමාණයට (need to know basis) තමයි බොහෝ දේ ලියන්නේ.

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

  3. දැන් හැමෝම බනින්නේ හමුදාවට,,,හමුදාවට හොඳ වැඩේ ඇසිඩ්, වෙඩි බෙහෙත් කලවම් වෙච්ච වතුර බිබී රට බේරගත්තට…….උන්ටත් තිබුනේ බුල ගගහ ඉන්න ප්‍රබාකරන් ඇවිල්ල ඇරල යනකම්. එතකොට බලන්න තිබුන උද්ගෝශන කරන හැටි.!!

    • හමුදාව, පොලීසිය, බැනුම් අහන්න සූදානම් වෙලා සිටිය යුතුයි තමන් හරිවුනත් වැරදි වුනත්. මෙතන නම් වෙලා තියෙන්නේ වැරදි තීරණ ගැනීම නිසා හමුදාවේ කීර්තියයට හානිවීමක්. මම හිතන්නේ පහුවෙලා හරි ඇත්ත එලියට එයි.

  4. Hi Wicharaka, thanks for the most inetresting article, and thanks to everyone for the comments that I read with interest.

    Needless to say that I am shocked and dismayed by the scale of the atrocity. I have one question for you Mr. Wicharaka, what would you do if you were in that Brigadier’s position, when you are under heavy pressure (from the younger brother) to ‘shoot to kill’ ? Would to follow the illegal order and continue to enjoy the perks of the job or submit papers for retirement (who is going to support your family) ?

    • Hi Somsack, First of all I would like to welcome you to my Blog site.

      I believe that I have exposed certain important matters regarding this Rathupaswala incident and it was widely discussed by readers of this Blog site.

      Well, as you asked, if I were in that Brigadier’s Boots, first of all I ask the Police to lead the crowd dispersal action, as it is a prime task of them. According to the book, Army is always there to backup the Police. Secondly I’ll ask one of my subordinate officer to record each any every orders I’ve got as electronic messages and verbal orders as well, from my hierarchies. Also I ask that officer to keep in writing each and every minute of the incident for future reference.

      The definition of ‘Following an illegal order’ depends on several ways in accordance with military chain of command. Well, If I really understand with my experience that the orders are against the book, or the correct form, yes I refused to do so and asked the next senior officer to come to the location immediately to witness the correct situation. If he refuses and scolds me to enforce the power, I have to scarify my military career and turn back. If I were thrown out of the Army, well, I know that I can find out a suitable employment in here or abroad.

      A Peaceful mind has much more value than enjoying those perks with a guilty mind.

      You have repeated the same comment twice and I have omitted one of them.

      You are free to write in English.

  5. Thanks Wicharaka, (I am writing in English ‘cos I don’t know how to type in Sinhalese, and you or any other reader is welcome to comment in Sinhalese) I hope you understand that my intention was not to question your integrity but to understand what options a commanding officer would have when faced with such a situation. After all if they can throw a 4 star General in prison what chances a Brigadier would have in opposing this regime?

    • I really agree with you about the saga of an Officer or a Soldier who is trapped in an Army which is corrupted with dirty politics.

      I suggest you to try a simple and free of charge software which called ‘Google Input Tools’ (this is the link; http://www.google.lk/inputtools/) You don’t need any special typing skills and if you know how to type Singlish like ‘mama gedara yanawa’. When you type mama and press the space bar it will automatically becomes මම and so on. You can switch between Sinhala and English by pressing Windows key + Space bar. I am typing all these articles using the same software. If we can exchange our ideas in both Sinhala and English, more readers will be benefitted.

      Thank you again for your contribution.

    • CO Can control wepons ,He can control ammo ,he can ctrl deployement and advancing ,he can control fire rate and fire periods,he can control everything in his field even with maximum pressure(even eperienced CPL can conduct such order in his own timing),

      this guy is “one star general” not a CPL(junior non commissioned officer) or LT(Junior commissioned officer) so if he cannot CTRL the team how can you say that presidant/army commander can control the whole army 😛 ??

      *useless question for a military guy and complex question for a civilian..;)

      • I will answer from bottom to top.

        It is absolutely useful question for a military personnel and a civilian as well.

        Weather the aforesaid Officer is a Brigadier or a Corporal, the question is, weather the chain of command is functioning in accordance with the Army book? If the answer is ‘no’ there’s no use of talking beyond there.

        Even a Private can control his fire, if he genuinely feels that the orders are incorrect.

      • hiks if a starred officer unable for asomething relating to fire control … WTF is he do in army with or without the book 😛 ???
        weak officers such like ” by pass ” >like me can say it’s no use of talking beyond this point … but ,
        reality is bitter than this ..and still I say ” starred general is responsible” (If it’s me then it shoud come to me not other officers ,not my fellow soldiers or S/NCO’s).

  6. පහුගිය දවස් වල හිටියෙ විභාග මානසිකත්වයෙන් හින්ද උඩ බිම නැතුව ඉන්නේ..හරියට ලිං ගෙම්බා වගේ. රතුපස්වල සිද්ධිය ගැන කියවල ආයිත් මේක කියවන්නම්.

  7. 1. විශේෂ කාර්ය බලකාය උද්ඝෝෂණය පාලනය කිරීම සදහා යොදවා ගත්තාද?

    2. උද්ඝෝෂණ, කැරලි ආදිය මර්ධනය කිරීම සදහා විශේෂ කාර්ය බලකාය යොදවා ගැනීමට ඇති හැකියාව කෙබදුද?

    3. කර්මාන්ත ශාලාව අසල සිට නුවර පාරට උද්ඝෝෂණය රැගෙන ආවේ කාගේ හෝ යටි අරමුනක් ඉටුකර ගැනීම සදහාද?

    4. මෙම සිදුවීම සම්බන්දව ජනමාධ්‍ය ක්‍රියාකල ආකාරය තුල වු ගුප්තබව මෙහි සැබෑ තතු ජනතාවගෙන් වසන් කරනවා නොවේද?

    ඔබතුමාගේ අදහස් බලාපොරොත්තු වෙමි.

    • 1. නැත. විශේෂ කාර්ය බලකාය Special Task Force = STF පොලීසියට අයත් කොටසක්.

      2. ඔබ අදහස් කරන්නේ යුද හමුදා විශේෂ බලකායදැයි මට සිතෙනවා. (special Forces = SF) එම බලකාය කිසිසේත් මෙවැනි කාර්යයකට යොදාගන්නේ නැත. ඔවුන් පුහුණු කර තිබෙන්නේ මීට වඩා අතිශයින් දුෂ්කර කාර්යයන් සඳහායි. එම බලකාය මෙවැනි දෙකට යෙදවීම පපඩමක් පොඩි කිරීමට ගල් රෝලක් පාවිච්චි කිරීම හා සමානය.

      3. එය ඇත්ත වශයෙන්ම ඉතා ගැඹුරින් සොයාබැලිය යුතුය. ජාතික රහස් ඔත්තු සේවය SIS තමයි මේ ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ. අද, අපේ රටේ කාන්තාවක්, විලි රුදාවෙන් කෑගහද්දී, මෙයට වගකිවයුත්තේ රජයයි කියමින්, ඒ මව රෝහලට ගෙනියන්නේ නැතුව, මහ පාරේ තියාගෙන උද්ඝෝෂණ කරමින්, විකුණාගෙන කන්න දඟලන, තුප්පහි දේශපාලුවන් ද ඉන්නා බව අමතක කරන්න එපා.

      4. ප්‍රවෘත්ති කියන්නේ උණු කැවුම් මෙන් විකිනෙන දෙයක්. සියලුම ජනමාධ්‍ය වලට අවශ්‍ය, තමන්ගේ පුවත්පත/ගුවන්විදුලි/රූපවාහිනී නාලිකාව/තරගකාරී අනෙක් සියල්ල අබිභවා ඉහලට ගැනීම විනා, අවංකව, සත්‍යවාදීව, යතාර්ථය වගකීමෙන් යුක්තව ප්‍රකාශ කිරීම නොවේ. ඒ නිසා ඕනෑම වැදෑමහක් සොසේජස් කර විකිණීමේ හැකියාව ජනමාධ්‍ය වලට තිබෙනවා. උද්ඝෝෂකයන් අතින් මාධ්‍යවේදීන්ට පහර එල්ලවුවානම් කියන්නේ අහවල් මැති/ඇමති/වරයාගේ ගෝලයන් එය කළා කියලයි. මේ සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය වල ගුප්ත බවක් නොවෙයි මා දකින්නේ.මෙන්න තවත් ගින්නක් ඇවිලෙන්න යනවෝ කියමින්, ඔන්න බලාගෙන ඉන්න දැන් ඇවිලෙනවා, අද ඇවිලෙනවා, හෙට ඇවිලෙනවා, වගේ දෙයක් තමයි ජනමාධ්‍ය බහුතරයක් කලේ.

      • පලමුකොට ඔබතුමාගේ අදහස් දැක්වීම අගේ කොට සලකමි. ඉතා ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම මා ධෛර්්‍යමත් කල බව කිව යුතුයි.

        මම දෙවැනි ප්‍රශ්නයෙන් අදහස් කලේ විශේෂ කාර්ය බලකාය ගැනයි. (Special Task Force = STF) ඔවුන් පොලිසියට වඩා මෙවැනි කලබලකාරී අවස්ථාවන්ට මුහුණදීම සදහා පුහුණු කර තියෙනවා නේද? LTTEයට එරෙහිව සටන් කර යුද අද්දැකීම් තියෙනවා නොවේද? හැම දෙයකටම කොකටත් ත්‍යෛලය වගේ හමුදාව ගෙන්නේ නැතුව STF එක මෙවැනි දෙවල් සදහා විධිමත් ලෙස යොදාගත හැකියැයි මට සිතෙයි.

        /පපඩමක් පොඩි කිරීමට ගල් රෝලක් පාවිච්චි කිරීම හා සමානය./ ඇත්තටම අපරාධයක්… හික්ස්… 😀

        අදාල ආයතනයේ හිමිකාරීත්වය ගැන සොයා බලන විට, හා රජයට ඇති සම්බන්ධතා ගැන හිතෙන විට රජය පෙනී සිටියේ ආයතනය වෙනුවෙන්ද ජනතාව වෙනුවෙන්ද යන්න ගැටලුවක්.

        මා සිතන පරිදි මේ රටේ ජනතා පරමාධිපත්‍ය යනු නිකම්ම නිකම් වචන දෙකක් පමණයි. තව දුරටත් ජනතා කැමැත්ත, චන්දය, රජයේ පැවැත්ම සදහා තීරණාත්මක සාධකයක් නොවේ. සියලු දැ මිලිටරිකරණය කොට හමාරයි. රට මිලිටරිකරණය කරන්නේ මහ ජනතාවගේ යහපත සදහානම් නොවේ.

        • STF එක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ කාලයේදී හැදුවේ පරමාර්ථ කීපයක් ඇතුවයි. ප්‍රභූ ආරක්ෂාව, පොලිස් කමාන්ඩෝ බලඇණියක අවශ්‍යතාව පිරිමැසීම, අතිරේක ආධාරක භට සේනාවක් auxiliary force ලෙස පවත්වාගැනීම, ඒ පරමාර්ථ අතර මුල් තැනක් ගත්තා. කැරලි මැඩපැවැත්වීමත් ඔවුන්ට කලහැකියි. නමුත් එය ඔවුන්ගේ ප්‍රධාන කාර්ය භාරයක් නොවෙයි. අද STF එක යොදාගන්නේ විකාර රූපී සංදර්ශනයක් වගේ. ඔබ කියන ආකාරයට ඔවුන්ව එදා යොදවන්නත් තිබුනා රතුපස්වලදී. නමුත් ඔවුන් සතුවත් රබර් උණ්ඩ නැහැ. හැබැයි ඔවුන් T 56 වෙනුවට M 16 අවි පාවිච්චි කරන නිසා ඔවුන් අතින් මෙතරම් ප්‍රබල මහජන පීඩනයක්, ජීවිත හානියක් නොවෙන්නට ඉඩ තිබුනා. කෙසේ වෙතත් මා තවමත් තරයේ කියා සිටිනවා පොලීසිය වගකීම ඉතා දැඩි ලෙසපැහැර හරිය බව. ඒ කියන්නේ හමුදාව නිවැරදියි කියන එක නොවේ.

          ඔබ දන්නා කියන සෑහෙන තරම් බුද්ධිය ඇතැයි සිතන පුද්ගලයන් 10 දෙනෙකුගෙන් පහත දැක්වෙන ප්‍රශ්න තුන අහන්න;

          1. මොකක්ද ශ්‍රී ලංකාවේ පුරවැසියකු සතු පරමාධිපත්‍යය කියන්නේ?

          2.එය පුරවැසියකුට ලැබෙන්නේ කොහොමද?

          3.එයින් කලහැක්කේ මොනවාද?

          මම ඔට්ටු අල්ලනවා එක්කෙනෙකුටවත් බැහැ 100% ක් නිවැරදිව ඒ ප්‍රශ්න තුනටම පිළිතුරු දෙන්න. ඔන්න ඕකයි අද අපේ රටේ තත්වය. ඉතින් අනික් දේවල් ගැන කුමන කතාද? පොදු ජනතාව නින්දෙන් ඇහැරවන්න කාලය හරි. දැනටමත් ප්‍රමාදයි.

  8. ඇත්තටම ඔය ප්‍රශ්න වලට පිළිතුරු කොහෙන්ද හොයා ගන්න පුළුවන්.?
    ටිකක් පරණ පොස්ට් එකක් තමයි .මම ඊයේ තමයි පලවෙනි පාරට ඔබතුමාගේ පොස්ට් කියවන්න පටන් ගත්තේ

  9. මහත් කම්පාවෙන් යුතුව ඔබතුමාගේ මේ අගනා ලිපිය නැවතත් කියෙව්වා .

  10. මොකක්ද ඔය හමුදා පොත

  11. […] යැවීමට තරම් සුදුසු ප්‍රාඥයෙකි. අයුතු ජනරාශියක් විසුරුවා හැරීම පිළිබ… මුන්නැහේගේ  මහා දැනුම් සම්භාරය අනුව […]

  12. […] ක්‍රියා කලයුතු ආකාරය මීට පෙර ද මා, රතුපස්වල සිද්ධිය ඇසුරෙන් ඔබට පැහැදිළ…. ඇත්තටම මේ ප්‍රශ්නය විසඳන්න මට […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.