ඉතා කාරුණික ඉල්ලීමයි. මේ ලිපිය ගැන අදහස් දැක්වීමේදී, වර්තමාන සමාජයේ, ‘කුණුහරප’ වශයෙන් සම්මත වචන නොයොදන ලෙස, ඉතා කාරුණිකව ඉල්ලනවා. එවැනි වචන සහිත ප්‍රතිචාර, සංස්කරණය කොට පළකිරීමට හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවන බවද දන්වනවා.
හේතුහාමි රජරට ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඔහුගේ වැඩ කඩිසරයි. එමෙන්ම ඔහු නිතරම කෙටි මං ඔස්සේ තම වැඩ කටයුතු කරගන්න දක්ෂයි. ඔහු හේනේ පැල් රැකලා උදේම එනකොට, ඔහුගේ බිරිඳ නොවරදවාම කන්න උයලා, ගෙයි දොරකඩ කුල්ල අටවලා තියන්නත් ඕනේ. නැත්නම් හේතුහාමි පැරණි සිංහල භාෂාවේ කෘදන්ත, තද්ධිත, ප්‍රත්‍ය, සමාස, යොදා, හාමිනේට ආමන්ත්‍රණ සහ දේශනා පවත්වනවා. ‘ආලපන විභක්තියෙන් ස්ත්‍රී ලිංගය’ සඳහන් කිරීම බහුළයි. මොකද හේතුහාමිට අවශ්‍ය ඉක්මණින් කෑම බීම සහ ….ම ඉවර කරලා, මහන්සි නොබලා කුඹුර පැත්තෙත් රවුමක් යන්නයි.
ඔන්න එක දවසක්, හේතුහාමි වෙනදා වගේම පැල් රැකලා ඇවිත්, කාලා……ලා, දඩිබිඩියේ පොහොර කවරයකුත් අරගෙන, අමුඩෙත් ගහගෙන, ගියා කුඹුරට. නමුත් කුඹුරට ගියාට පස්සේ තමයි මතක් වුණේ, කලබලේට ආවට මොකද, පෝර ටික දාගෙන කුඹුර පුරා ඉසිමින් යන්න සුදුසු භාජනයක් ගෙනැවිත් නැති බව. පොහොර උරය සෑහෙන්න බර නිසා, එය අතේ තියාගෙන පොහොර ඉසින්න බැහැ. හේතුහාමිගේ මල් මසුරන් මොළේට අදහසක් අවා. මුළු යායෙම කුඹුරුවල කවුරුවත් නෑ. හේතුහාමි ටක් ගාලා අමුඩය ගලවලා, ඒ රෙදි කෑල්ලට පොහොර දාගෙන, පොහොර ඉහින්න පටන් ගත්තා. ගොයම් පැල උස නිසා, අවට ප්‍රදේශයට පෙනෙන්නේ හෙතුහාමිගේ ඉනෙන් උඩ කොටස පමණයි. අමුඩ ලේන්සුවට එක වරකට පොහොර ටිකක් පමණක් අල්ලන නිසා, වාර කීපයක් කළත් වැඩේ ඉවර වුණේ නැහැ. ඒ අතරේ ඔහු හදිසියේම දැක්ක, අහළ පහළ ගෙදරක ගොවියෙක්, යාය පැත්තට එනවා. හේතුහාමි වහාම අමුඩය ඇඳගත්තා. අර ගොවියා ඇවිත් හේතුහාමි සමග කතාවට වැටුණා. පැය බාගයක් විතර කතා කර කර ඉන්නකොට, හේතුහාමිට යම්කිසි අමුත්තක් දැණුනා. ඒ කියන්නේ ඔහුගේ අමුඩයෙන් ආවරණයවී ඇති ප්‍රදේශයේ, විශාල දැවිල්ලක් හටගෙන ඇති බවත්, තද ගතියක් දැනෙන බවත්. හේතුහාමි ඉක්මනින් කතාව ඉවර කරලා, අර ගොවියට යන්න ඇරලා, අමුඩයෙන් ආවරණයවී ඇති ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී පෙනීගියා, ඒ ප්‍රදේශය ඉදිමී රතුවී තිබෙන බව. රසායනික පොහොර තිබෙන්නේ, කුඹුරට පමණක් ගැසීමට බව හේතුහාමිට අවබෝධ වනවිට, ඔහු ප්‍රමාද වැඩියි. ඔහුට අප්‍රමාණ බියක් දැණුනා. මින්පසු තමන්ගේ රසවත් ජීවිතය සදහටම ඉවර වේයැයි සිතුනා. මෙසේ සිතමින් සිටීම නිසා, අර්බුදය තවත් වැඩිවී, අර ඉදිමීම, පොල් ගෙඩියක්/පැපොල් ගෙඩියක්/දෙල් ගෙඩියක්/ පොලොස් ගෙඩියක්/ (කැමති එකක් දාගන්න) තරමට විශාල වුණා. ඔහු වහාම ගෙදර යන්න පිටත් වුනත්, ගමන් කරන්නට උත්සාහ කිරීමේදී පෙනීගියා, උඩ යට මාරු කළ ඉංග්‍රීසි V අකුරේ හැඩයට දෙපා විහිදාගෙන පමණයි, අඩිය තැබිය හැක්කේ කියා.
තම සැමියා එනතුරු බලාසිටි හේතුහාමිගේ බිරිඳ, ඈත තියාම දුටුවා හේතුහාමිගේ ගමනේ අමුත්තක්. ළඟට ආවාමයි ඇයට තේරුණේ, තම සැමියා දෙකකුල්වල ඉහළ ප්‍රදේශය අස්සේ යමක් සඟවාගෙන එන බව. ඇය සිනාසෙමින් කිව්වා ‘හා හා මම දැක්කා, මගේ දොළදුක් ගාය ගැන දැනගෙන නේද, හොරා වගේ, වත්ත පහළ නවසි ගහෙන් ගෙඩියක් කඩාගෙන හංගගෙන එන්නේ?’ කියලා. හේතුහාමි අර බරපතල ව්‍යාකරණ භාෂාවෙන් වාක්‍ය කීපයක් කියා, වහාම සරමක් ඇඳගෙන, තුවාය කරේ දාගෙන, බයිසිකල් කටුව ගත්තේ, හොරෙන්ම වෙද මහත්තයා ළඟට යන්නයි. නමුත් බයිසිකලයේ වාඩි වුන ගමන් ඔහු කෑ ගසාගෙන බිම වැටුනා. ඔහු වාඩිවී තිබුනේ, තමන්ගේම අමුඩයෙන් වැසී තිබුන, මේ වනවිට ඉහත සඳහන් ගෙඩියක් පමණ විශාල ඉන්ද්‍රිය මතයි.
දැන් කරන්නට දෙයක් නැහැ. ඔහු අර උඩ යට මාරු කළ V හැඩයට දෙපා තබමින්, වෙද ගෙදර පැත්තට යන්න පටන් ගත්තා. නමුත් අදාළ ඉන්ද්‍රිය පද්ධතියේ පැද්දීම නිසා, එහි දැනට ඇති විශාලත්වය, පිටත සිට බලන කෙනෙකුට හොඳින් නිරීක්ෂණය වුණා. ටික දුරක් යනවිට ඔහුගේ මුහුණටම හමු වුනේ, සිය බිරිඳගේ නැගණියයි (නෑනා) ඇය ඈත සිට ඔහුට හිනා වේගන ආවත්, ළඟට එනවිට මුහුණ අඳුරු වුණා. ‘අපි ඉල්ලයි කියල වෙන්න ඇති ඔය මැල්ලුම් කොස් ගෙඩියක් හංගන් යන්නේ. හපෝ ඔව්වා නැතුවට අපට කන්න දේවල් තියනවා’ කියමින් ඇය ගස්සාගෙන යන්න ගියා. හේතුහාමි දත්මිටි කාගෙන ඉවසුවා.
අමාරුවෙන් වෙද ගෙදරට ගියයි කියමුකෝ. එතන සෙනග පිරිලා. ඔක්කොම බලාගෙන ඉන්නවා හේතුහාමිගේ අමුතු ගමන දිහා. ප්‍රශ්න කෝටියක් ඔහුට එල්ල වුණා. මොනවද හංගගෙන ඉන්නේ, කියන ප්‍රශ්නයට අමතරව, මොකක් හරි ලෙඩකට වෙද මහත්තයා කියපු කෙමක් නිසාද ඔහොම ඇවිදින්නේ?, කාටවත් නොපෙනෙන්න මොකක් හරි බෙහෙත් අවුසදයක් ගේන්න කියලා වෙද මහත්තයා කිව්වද? ආදී වශයෙන්. ටිකක් වැඩිහිටි මනුස්සයා නිසා හැමෝම කිව්වා ‘හේතුහාමි අයියේ වාඩි වෙන්න’ කියලා. එහෙම කිව්ව හැමදෙනාම දිහා ආලවකයා වගේ බලපු හේතුහාමි බලෙන්ම වගේ වෙද මහත්තයා ලෙඩ්ඩු පරීක්ෂා කරන කාමරයට ගියා. මොහොතකින් ඇහුනා වෙද මහත්තයා කෑගහනවා ‘තොට පිස්සුද බොළ, මරපු මීමින්නෙක් දෙපරැන්ද අස්සේ ගහගෙන ආවේ’ කියලා.
කොහොම කොහොම හරි, වෙද මහත්තයා ඇත්ත තත්වය තේරුම් අරගෙන, ප්‍රතිකාර කළා. හෙතුහාමිට ඉස්සර වගේම, තම අදාළ ඉන්ද්‍රිය පද්ධතියෙන්, අවශ්‍ය ‘සියළු දේවල්’ කරගන්න පුළුවන් වුණා. නමුත් ගම පුරාම කතාවක් හැදුණා, ‘හේතුහාමි පොහොර ගැහුවා වගේ’ කියලා.
Comments on: "හේතුහාමි පොහොර ගැහුවා වගේ" (68)
හහ් හහ් හහ් හා,,,
හොයා ගන්න දේවල්, ඔය කතාව අදමයි ඇහුවේ. තැනේ හැටියට ඇණේ ගහන්න ගිහින් හේතු හාමියට වෙච්ච දෙයක්.
මෙය ඇත්තටම සිදුවූ සුළු සිද්ධියක් තව දුරටත් වර්ධනය කර ඉදිරිපත් කිරීමක්.
“මෙය ඇත්තටම සිදුවූ සුළු සිද්ධියක් තව දුරටත් වර්ධනය කර ඉදිරිපත් කිරීමක්.” කෙන්ද කන්ද කරලා.. කාක්කො හතක් වමනෙ කරලා. 🙂
ජාතික පුරුද්දක්. එහෙම කියන්නත් පුළුවන්. බස් හෝල්ට් එකක කතා කර කර හිටිය පෙම්වතුන් යුවලක්, තරහවූ ස්වභාවයෙන් වෙන්ව යනවා. ඒක දැකපු ගීත රචකයෙකුට කොච්චර ලස්සන අදහස් පහල වෙනවද. මේ මම ලිව්ව කතාවෙත් ඇත්තම සිද්ධියේදී වුනේ පොහොර ටිකක් අමුඩ රෙද්දේ ගෑවී තිබීම නිසා කැසීමක් හට ගැනීම පමණයි. එයා අමුඩය ගලවලා පොහොර ගැහුවේ නැහැ. නමුත් ඒ ඔස්සේ සිතීමෙන් තමා මම කතාව නිර්මාණය කලේ.
කට්ටිය හේතු හාමිගේ හේතුව දැනගන්නකොට හේතු හාමිට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති… ඊට පස්සේ ගමේ කොල්ලෝ කුරුට්ටන්ගෙන් බේරිලා හේතුවා පොහොර ගහලද?
තව පොඩ්ඩෙන් හේතුවාට ‘පොහොර ගැසීම’ සම්පූර්ණයෙන් නවත්තන්ඩයි වෙන්නේ. 😀
පෝර බලේට ඉක්මනින් හැදෙන්න ඇති….
කියලා වැඩක් නෑ. මේක බලලා සමහරු අත්හදා බලයිද දන්නේ නැහැ.
අපෝ …. බය වෙන්ඩ කාරි නෑ. අපි කුණුහරුප ලියන්නෙ නෑ අනේ.
කොයි දේ කරන්න කලින් වුනත් දෙපාරක් හිතනව නම් ඔහොම වෙන්නෙ නෑ. විශේෂයෙන් විවිධ රසායනිකයන් භාවිතයෙදි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
එක දෙයක් කියන්න ඕන. මේ කතාව මීට වැඩිය හාස්‍ය රසය එන විදියට ලියන්න තිබුණනේ. ඔබතුමා භාෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම නිසා දැන් නිකන් ජාතක කතාවක් වගේ.
ඔයිට වැඩිය භාෂාව ලිහිල් කිරීම, කියවන්නා අතින් නොලියවෙන දේත් ලියවීමට පෙළඹවීමකි. 🙂
යේක ඇත්ත මාතියා කතාව මීට්ට වඩ්ඩා රාස කොරාන්න තුබ්බුනා..
” ආලපන විභක්තියෙන්” මේවාට වඩා කුනුහරුප තීනවාද මාතියා.. මේ වචන අප්පිලාට තේලෙන්නේ නේ..
ගෙදර අහල පහල ඉන්න හොඳ සිංහල ගුරුවරයෙකුට මේ කතාව පෙන්වන්න. ඒ ව්‍යාකරණ ගැන තියන කොටසේ අමු තිත්ත කුණුහරපයක් තියනවා.
වෙලාවට පොහොර වර්ගේ කිව්වේ නැත්තේ… නැත්තං සමහරු ඔය ක්‍රමේ අත්හදා බලන්නත් තිබුනා… 😀 😀
අම්මපා ඒක මතක වුනේ දැන්නේ. නැත්නම් පොහොර සමාගමෙන්ම ඇඩ් එකක් දායි ලොකු මදි අය සඳහා විසඳුම කියලා. 😀
මේක කියවද්දී මට මතක් උනේ කලකට පෙර උනු සිද්දියක්…
මගේ පිටකොන්දේ ඉවසගන්න බැරි වේදනාවක් ඇවිල්ලා ගෙදර අය මාව ඉස්පිරිතාලෙට උස්සගෙන දිව්වා… ඇඩ්මිට් කල ගමන් ඉන්ජෙක්ශන් එකක් ගැහුව නිසාද කොහේදෝ ටික වෙලාවකින් ඒ වේදනාව නැති වෙලා මම සාමාන්‍ය තත්වෙට පත්වුණා… ඉතින් කරන්න කියලා දෙයකුත් නැති එකේ ඕපයක්වත් හොයනවා කියලා මම එහාපැත්තේ ඇඳේ හිටපු මනුස්සයට මොකද කියලා බැලුවා…
ජාතික ඇඳුමට සමාන සරමකිනුයි කමිසෙකිනුයි සැරසිලා වැදගත් විදියට හිටි වයසක මනුස්සයෙක්… ලැජ්ජාවෙන් ඇඹරෙමින් මට කිව්වේ මේ වගේ කතාවක්…
“පුතේ මම අහවල් ඉස්කෝලේ ගුරුවරයෙක්… අද නිවාඩු දවසේ හරි අකරතැබ්බයක්නේ මට උනේ… මම පොලටත් ගිහින් දුවලගේ ගෙදරත් යනවා කියලා හිතලා බයිසිකලේට නැග්ගා… නැග්ගා නැග්ගාමයි බල්ලෝ අල්ලන්නේ නැතුව ගිහින් මාව බයිසිකල් පොල්ල උඩට වැටුනා… ඒත් එක්කම මගේ පුරුශ සරීරේ ලොකු වේදනාවක් ආවා… දැන් සෑහෙන ඉදිමුමකුත් තියෙනවා… අල්ලනකොට ලොකු වේදනාවකුත් තියෙනවා… මම ඉතින් ත්‍රීවීල් එකක ඇවිල්ලා මේ ඉස්පිරිතාලෙට ඇතුලු වුනා… තවම හරි හමන් ප්‍රතිකාරයක් නම් කෙරුනේ නෑ…”
ඊට ටික වෙලාවකට පස්සේ වෙද්‍යවරයාට කියලා මම ඩිස්චාර්ජ් කරගෙන ඉස්කෝලේ මහත්තයටත් යන්නම් කියලා ගෙදර ආවා… හැබැයි ඒ මනුස්සයට උන කරදරය ගැන නම් ගෙදර ආවට පස්සෙත් මට ගොඩක් කණගාටුවක් තිබුණා… ඇත්තටම ඒ අවයවයට හානියක් කරදරයක් වෙන එක ලොකු වේදනාවක් කියලයි මට හිතෙන්නේ…
කොන්ටිකි එකේ අන්තිම කොටස එනකල් ඉන්නේ ප්‍රින්ටවුට් අරගෙන නිවාඩුව පිලිවෙලකට කියවන්න… 🙂
මටනම් ඔය අවයවයට ආක්රමනක් ඇවිල්ල තියෙන්නේ එකම එක වතාවයි ජීවිතේටම. මම පුංචි කාලේ කූඩල්ලෙක් කාලා හොදටම ඉදිමුනා. මම බයවෙලා කෑ ගැහුවම තාත්තා මොනවද බෙහෙත් වගයක් ගෑවා. එයින්ම සනීප වුණා.
කොන්ටිකි අවසාන කොටස සංස්කරණය වෙමින් පවතිනවා.
ඔය කථාව කියවපුවාම මට මතක් වුනේ මෙහෙම කථාවක්… ටික කාලයකට කලින් අපේ ඉසව්වෙ වයසක ගොවියෙක්… කිරි පණු ගාය ඉවසගන්න බැරි තැන ඉරටු කෑල්ලක් ග්‍රැමක්සෝන් බෝතලේට ඔබලා අධෝමුඛයෙන් ඇතුලට දාලා කිප වාරයක්ම… අවසානයේ දැවිල්ල ඉවසගන්න බැරිව කෑ ගහලා ගේ වටේ දුවපු මෑන්ව දරු මුණුබුරන් රෝහලට ඇතුල් කරලා යන්තම් බේරගෙන… ඊට පස්සෙ ග්‍රැමක්සෝන් ටිකක් ගහමුද කිව්ව ගමන්… මිනිහා කියන්නෙම කුණු හරුප වැලක්ලු…
ෂඃ නියම කතාවක්නේ. සිරාට තිබුනේ මේක සිරාගේ කාමරේම හොඳට විස්තර සහ ලුණු ඇඹුල් ඇතුව ලියන්නයි. මම දන්නවා ඔයාට එහෙම ලියන්න පුළුවන් බව.
අපරාදේ සිරෝ රහට ලියන්න තිබ්බ එක..
නව යුගයේ ජන කතාවක සහ ප්‍රස්ථා පිරුලක උපත එසේ සිදුවිය.
ඔන්න සම්මත නරක වචන නැතුව ලිව්වා.
බොහොම ස්තුතියි.
කොහෙන් හොයා ගන්න කතාද මන්ද?
මෙහි කතා සැකිල්ල ඇත්ත එකක්. මම එය විකාශය (amplify) කළා පමණයි.
හහ්හා මරු කතාව
මේ වගේ කතා නම් නියමයි.
බොහොම ස්තුතියි.ඔබට
ක්ෂණික පළදාව !
ඔන්න නරක වචන මොකූත්ම නෑ විචාරක!
එක පාරක් ඔය රජරට පැත්තෙම ගමරාල කෙනෙකුගෙ අවයවය පත්තෑයෙක් දෂ්ඨ කරලා රස ගුණ නොබලාම. ඉදිමිලා ආවලු අර විචාරක කිව්වා වගෙ. වෙද ගෙදරටත් උස්සං ගියාලු පිරිස රැස්වෙලා.
දැන් ගමහාමිනේ විලාප දෙනවලු,
“ඊහ් ඊහ් හීහ්, අනේ අපේ එක්කෙනාට මොකුත් වෙයිද වෙද මහත්තයෝ…?”
“නෑ, නෑ, වෙලාවට දොක්කගෙන ආවනෙ.. බය වෙන්ට කාරි නෑ.” වෙහමහත්තයා කිව්වලු.
“ඊහ් ඊහ් ඊහ් හීහ්, අනේ එයාගෙ පිරිමි ඇඟට මොනවත් වෙයිද බුදු වෙද මහත්තයෝ.. ඊහ් හී..”
” නෑ, නෑ, හාමිනේ ඉන්ටකො මේ බේත් අවුසද ටික වැඩ කලාම විස බැහැලා යයි”
“ඊහ් ඊහ් ඊහ් හීහ්, අනේ එතකොට ඉදිමුම?”
“ඉදිමුමත් බැහැලා යයි වරුවෙන්.”
“ඊහ් ඊහ් ඊහ් හීහ්, අනේ බුදු වෙද මහත්තයෝ.. ඊහ් හී…ඉදිමුම ඔහොමම තියෙන්ට අරින්ට බැරිදෝ…”ඊහ් ඊහ් ඊහ් හීහ්..!”
ඔන්න විචාරකතුමා නරක වචන මොකූත් නෑ. 🙂
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
නියමයි හෙන්රි, නියමයි. ඔය කතාවම කිව්වලු ඉස්සර අපේ රටේ හිටිය එක් ජනාධිපති තුමෙකුගේ ආර්යා භාර්යාවත්.
සුපිරි කතාව හෙන්රි.
විචාරක වගේම හෙන්රි අයියාගෙත් කතන්දර 2කම ෆට්ටයි!
විසිතුරු සමග මමත් සම්පූර්ණයෙන් එකඟ වෙනවා.
තව ටිකක් වෙලා ගියානම් හේතු හාමිට අහවල් එකේ හේත්තු වෙලාම ඉන්න තිබුණා…
හේතු හාමිට වෙන්නේ ඒක වීල්බැරෝ එකක ගෙනියන්නයි 😀
අයියෝ හේතුහාමි එහෙම ආවොත් බ්ලොග් කියවන්න..වහ කයි
හේතුහාමි නම් කියවලා බනියි. අර එයාගේ නෝනයි නෑනයි දෙන්න මේක දැක්කොත් 😀
ඔය හේතුහාමි ගොයියා ගහන්න ඇත්තේ ආණ්ඩුවෙන් අඩුවට දෙන පොහොර වෙන්න ඇති,මොකද ආණ්ඩුව විශාල පාඩුවක් විදගෙනනේ ගොවියට එහෙම සලකන්නේ!!!!හේතුහාමි ඉක්මනින් ලබපු පලබර ගතිය නිසා ගමේ කස්ටිය හිතන්න ඇති පොහොර අතිවිශිස්ටයි කියල.ආණ්ඩුවට බැන බැන හිටපු කස්ටියත් පස්සේ ආණ්ඩුවටම චන්දෙ දෙන්න ඇති.
නියම අදහසක්. බොහොම ස්තුතියි 😀
මේක කියෙව්වහම අපේ යාලුවෙකුට වුන දෙයක් මතක් වුනා.අවුරුදු බරගානකට කලින් අපි අර ගාලු පාර අයිනේ කටුබැද්ද හරියෙ තියන බොහොම ප්‍රසිද්ධ ටෙක්නිකල් එකේ ඉගෙනගත්තා.අර අපේ ඔබා අයියා එහෙම ඉගෙනගෙන තිබුන එකම තමා.මේකට ඇතුල්වුනහම ලැබෙන වරප්‍රසාද කීපයකින් එකක් තමා බස් එකේ නොමිලයේ යන්න ලැබෙන පාස් එක සහ අසනීපයකදී නුගේගොඩ තිබුන මෙඩිකල් සෙන්ටර් එකෙන් නොමිලයේ ප්‍රත්කාර ගන්න හැකි වීම.ඉති මගෙ බැචෙකුටත් මේ හේතුහාමිට වුනා වගෙම මේ කියන ඉන්ද්‍රියෙම එක පැත්තක් ටිකක් ඉදිමුනා.ඉතින් අපේ මිත්‍රයා ටිකක් බයවුනා පරම්පරාව ගෙනියනැකට ප්‍රශ්නයක් වෙයි කියලා.ඉස්කෝලෙන් ඕන කරන කොලටික අරගෙන නුගේගොඩ මෙඩිකල් සෙන්ටර් එකට ගියා.ඔන්න ඉතින් ටිකක් වෙලා පෝලිමේ ඉඳලා දොස්තර ලඟට ගියා.කරුමෙට කකුල් හතරයි කියන්න වගෙ එදා ඉඳල තියෙන්නෙ එකම එක දොස්තර නෝනා කෙනෙක් විතරයි.විස්තරේ නම් ඉතින් කොහොමහරි කියල ඉවරවුනහම දොස්තර නෝන කියල බරව වලටත් මෙහෙම වෙන්න පුලුවන් ,මොනව කරන්නත් බලන්න ඕන කියල.මේක ඉත්නි ලැජ්ජවට පෙන්නන්න බෑ කියල .දොස්තර නෝන කියල එහෙමනම් මම ලියුමක් දෙන්නම් මහ ඉස්ප්‍රිතාලෙට ගිහින් දොස්තර මහත්තයෙක්ම ඉල්ලගෙන පෙන්නෙන්න කියල.පරම්පරාව රැක ගන්නත් ඕන නිසා මූ ලියුමත් අරගෙන ඕ.පී.ඩී එකට ගිහින් දොස්තර මහත්තයෙක්වම ඉල්ලගෙන අසනීපය කියලා.දොස්තර මහත්තයා අපේ පොරව ඇඳකට එහෙම දාල හොඳට පරීක්ශා කරල බලල පොඩ්ඩක් ඉන්න කියල කාමරෙන් එලියට ගිහින් ටිකකින් ආපහු එනවලු මෙඩිකල් ස්‍ටුඩන්ට්ලා රොත්තක් එක්ක.ඇවිත් හැමෝටම මේක පෙන්නලා විස්තරකරලා.අනේ ගෑනු ලමයිනුත් තට්‍ටු කරකර බලලා.අපේ පොරට ඉතින් කරගත්ත මෝඩකමට ලැජ්ජාව දෙපිටින් ගිහින්.ඇවිත් කියනව මච්න් අර නුගේගොඩ හිටපු දොස්තර නෝනට පෙන්නන්න බැරිවුන එක තව විස්සකට විසිපහකට විතර පෙන්නන්න වුනා කියල.
නියම කතාවක් නේ. මේක ලිපියක් ලෙස ලියන්න තිබුනා බොහොම රසවත්ව. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.
අපොයි ඕව බලල ලජ්ජා වෙන දොස්තර නෝනලා ඉන්නවනම් හොරට උපාධි ගත්ත අය වෙන්න ඕන.
ස්ටුඩන්ට් කාලෙම ඒ ලැජ්ජාව නැති කරනවා.
ඒකත් ඇත්ත. මගේ බාල දියණිය අවසන් වසරේ වයිද්ය ශිෂ්‍යාවක්. එයා ‘කියන්න පුළුවන් දේවල්’ විතරක් එයාගේ අම්මට කියනවා. අම්මා ඒවා මට වාර්තා කරනවා. ඒවා ඉතින් කුණුහරප නෙවෙයි. ලෝක ස්වභාවය.
@ Aka,
ඔබතුමාත් වෛද්‍යවරයෙක්ද? ඔය ලජ්ජාව නැති කරන හැටිත් කියන්න පුළුවන් නම් හොඳයි..
මම උපාදිය ගත්තේ කොහෙන්ද කියල ඔබතුම නම් හොදමට දන්නවා ඇති. 😛
ලැජ්ජාව නැති කර ගන්නේ අහලම, දැකලම තමා.
නවසි ගහේ ගෙඩිය, කොස් ගෙඩිය, මී මින්නා 🙂
!!!!!!!!!!!!!!!!!!!!!!! 😀
වැඩේ කියන්නෙ ඕක ගමේ මිනිස්සුන්ට ගියේ කොහොමද කියන එකනෙ..!දෙන්නෙක් විතරනෙ දන්නෙ..!
වෙද ගෙදරදිනේ ගමම දැනගත්තේ වෙච්චි සංගෙදිය.
හේතු හාමි කිව්වට මිනිහා අහේතු හාමි.. ඩූඩ් ගෙ කතාවත් මරු… 🙂
අහේතුව කියන්නේ කියලා වැඩක් නැහැ. ඩියුඩ් ගේ කතාව වෙනම පෝස්ට් එකක් හැටියට ලිව්වනම් නියමයි.
අපරාදේ ඔය වර්තමාන සමාජය කුණු හරප කියලා කියන ඒවා ටිකක් දාලා ලියන්න තිබුනේ +18 ලකුණත් එක්කම…
ඇත්ත වශයෙන්ම ඒ වචන නොයොදා, ඒ අර්ථය එලෙසින්ම හෝ ඊටත් වඩා හොඳට අමු කුණුහරප තේරුම එන්න ලියන්න පුළුවන්. මම ලියලා තියනවා නේද ආලපන විභක්තියෙන් ස්ත්‍රී ලිංගය කියනවා කියලා. ආලපන විභක්තිය පාවිච්චි කරන්නේ යමෙකුට ආමන්ත්‍රණය කරන්න. මේ, ඇහුනද, අක්කේ, අම්මේ, මාමේ, අන්න ඒ වහේ ස්ත්‍රී ලිංගයට කියන නරක වචනයක් තියනවා. ඉතින් හේතුහාමිට තරහ ගියාම ඒ ස්ත්‍රී ලිංගයට කියන නම ආලපන විභක්තියෙන් කියනවා. ඉතින් බලන්න, ටිකක් හිතලා තේරුම ගත්තම, අර අමු කුනුහරපය කිව්වට වඩා රසවත්.
Ignore this if this is a stupid question. 😉 I’m curious, what is the policy on tattoos and mustache/beard in Sri Lankan military (not in special operations forces)? one of my friends said; tattoos are okay as long as they are ‘invisible’ when worn any uniforms. And I’ve seen troops with beard and `stache while we were at war and i think it’s because there were other wise engaged to consider about grooming 😛 sorry for bugging you on this, there’s no source to find this info
Dear Yohan. This is the policy about mustach and beared in Sri lanka Army. No one is allowed for beared in the Army. If any one photographed with the same that meanes that the person was in the operation for a long time and no time to have a shave. Tatoos, no no one is allowed weather it is visible or invisible. The person will be charged.
Thank you Mr. Wicharaka! 🙂 BTW. do you think sri lankan army will upgrade their main assault rifle? because as i read; a lot of countries that use older Kalashnikov type rifles (I think chinese T-56-2 is also a clone of russian AKM) are changing to new rifles/models including russia.
For the moment Sri Lankan Three Forces are extremly satisfied with T 56 Assaut Rifle. The weapon itself proven that it is suitable un competitivly in Counter Terrorisam Theatre. Therefore I do not think that Sri Lankan forces needs immediat change in their personnel weapon system. On the other hand we have a wonderful support weapon system.
One more thing, why did sri lankan military moved to Kalashnikov type rifles? price, cartridge/power, ease of use, durability, reliability?
All those reasons plus easy accessibility. Some European Countries did not like to sell their weapons to us.
Thanks for the info and for your time Mr. Wicharaka! 🙂
You are wolcome!
ඉතා අපූරුයි.. රස වින්දෙමි..
බොහොම ස්තුතියි ඇගයීම ගැන
තමා විසින්ම තමන්ට පනවාගෙන තිබුනු වාරණය ඉවත්කර මෙහෙම හරි ලිවීම ගැන සතූටුයි.
අවුරුදු පහලවක් විස්සක් නිළ ඇදුමක් ඇන්ද මනුස්සයෙක් ලග කොච්චර රස කතා තියෙන්ඩ ඕනද.
තව ටිකක් වාරනය ලිහිල් කරලා ලස්සන කතා ටිකක් ලියමුද.
බ්ලොග් ලියන්නේ වැඩක් නැති කාලය කන නිකම්ම නිකමෝ නොවෙති
ඔවුන් බ්ලොග් කියවීමෙන් ලිවිමෙන් පුදුමාකාර සතූටක් ලබති.
ඉදහිට අනිකා තලාපෙලා සතූටුවන නරුමයන් සිටියද වැඩිදෙනෙකූ සුන්දර අහිංසක මිනිසුන්ය.
බහුතරයක් බ්ලොග් කාරයෝ බාල සිනහා රසයට කැමතිය.
හිනා යන ඇත්ත රසකතාවලට පට්ට ඉල්ලුමක් ඇත.
” අනේ විචාරක මහත්තයෝ ඔන්න ඔය කෙහෙල්මල් අත ඇරලා , අපේ මොළගෙඩි වලට දෙන ගමන්, පපුවට , ඇගටත් , බඩටත් , හංගාගන ඉන්න එව්වායෙන් ටික ටික දෙමුද.
දෙඤ්ඤං දෙඤ්ඤං, ළඟදීම තවත් ඒවා දෙනු ලැබේ.
මට පුළුවනි මේක තිබුන ගානටම බස්සන්න…වෙදමහත්තයා කීවා. අපොයි බුදු වෙද මහත්තයෝ..තිබ්බ ගානට නම් ඕක නැතත් කමක් නැහැ.. ඔය තිබ්බට වැඩියෙන් ටිකක් ලොකුවට ඉතිරි වෙන්ඩ හොඳ කරන්ඩ බැරිද ?
කතාව නව මානයන්ට ගෙනයන්න පුළුවන් නේද? මතකද අර ඉස්සර මකාගෙ යලක් ද මල් මාමා ද කොහෙද කියලා චිත්‍ර කතාවක් තිබුනා? ඒ වගේ මටත් කරන්න තිබුනේ හේතුහාමිගේ ඉදිමුම බස්සන්නේ නැතුව එයින් ඉදිරියට සිද්ධි මාලාවක් නිර්මාණය කරලා තව ලිපි ගණනාවකට යන්නයි. 😀 😀 😀
එතකොට මොකක්ද මේ කුල්ල අටවලා තියන්න ඕනේ කියන කථාව
රජරට ප්‍රදේශයේ පැරණි සමාජයේ තිබුන සිරිතක් මේ. රෑට හේන රකින්න හේනේ පැලට යන ගොවියාට තම බිරිඳ සමග සමීපව ගතකරන්න ලැබෙන්නේ දවල් කාලයේදී පමණයි. නමුත් දවල් කාලයේ ඔවුන්ගේ එක්වීමට බාධා පැමිණෙන්න පුලුවන් අමුත්තකු ආවොත්. එමෙන්ම ඒ පැරණි නිවාස වල දැන් වගේ යතුරු දමා වැසිය හැකි ස්ථිර දොරවල් තිබුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට සිදුවෙනවා අමුත්තන්ට සංඥාවක් දෙන්න මේ වෙලාව මේ නිවසට අමුත්තන් ඒමට සුදුසු වෙලාවක් නොවේ කියලා. ඒ සඳහා කලේ ගෙදර කුල්ල ගෙනත් දොරකඩට හේත්තු කරලා තැබීම. කුල්ල දැක්කම ගමේ ඉන්න ඕනෙම කෙනෙක් දන්නවා ඒ සංඥාවේ තේරුම මොකක්ද කියලා. ඒ නිසා කවුරුවත් ඒ වෙලාවට ඒ ගෙදරට යන්නේ නැහැ. ඒකට තමයි කියන්නේ කුල්ල අටවනවා කියලා. ඒකෙම නව ක්‍රමයක්නේ දැන් අපි හෝටල් කාමරවල ගහන්නේ DO NOT DISTURB කියලා.
ඉතින් හේතුහාමි හේනේ පැලේ ඉඳලා එනකොට බිරිඳ කුල්ල අටවලා සුදානමින් සිටිය යුතුයි. 😀
කම්මැලි කමට හොඳ දඬුවමක්. හික් හික් හික්
[…] හිටියා. ගමරාල දක්‍ෂ ගොවියෙක්. මතකනේ අර හේතුහාමි. අන්න ඒ වගේ දක්‍ෂ […]