විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 බිස්මාර්ක් යුද නැව සම්බන්ධ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන් ඔබට ඒ නැව පිලිබඳ සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා. යුද නැවක භූමිකාව සහ කාර්යභාරය (Role & Task) කෙබඳුද යන කාරණය පිළිබඳවත්, පොදුවේ යුද නැව් පිලිබඳ උනන්දුව දක්වන අයටත්, මේ ලිපි මාලාවෙන් යම දැනුමක් ලබාගත හැකිවේයැයි වැඩිදුරටත් සිතනවා.

දෙවැනි ලෝක යුද සමයේදී නාවික හමුදා තීරණාත්මක සාධකයක් වුනා. විශේෂයෙන් අත්ලාන්තික් සාගරය මෙන්ම මධ්‍යධරණී මුහුදේ සහ රතු මුහුදේ නාවික බලය තමන් අත තබා ගැනීමට යුරෝපයේ බලවත් ජාතීන් සියලු උත්සාහ දැරුවා.

 දෙවැනි ලෝක යුද සමය වනවිට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අතර නාවික කටයුතු විශාල වශයෙන් වර්ධනයවී තිබුනා. මේ නාවික කටයුතු වාණිජ පදනමෙන් සිදුවූ ඒවායි. බ්රිතාන්‍යය, ප්‍රංශය, සහ රුසියාව, මෙහිදී කැපී පෙනුන රටවල්. මේ කාලයේදී ජර්මානු ආඥාදායක හිට්ලර් උතුරු අත්ලාන්තික් සාගරයේ බලය තමන් සතු කර ගැනීමට පිඹුරුපත් සැකසුවා. ඒ අනුවයි ජර්මානු යුද නැව් උතුරු අත්ලාන්තික් සාගරයට කඩාපැන පහරදීම් කරන්නට පටන් ගත්තේ.

 මධ්‍යධරණී මුහුදේ සහ රතු මුහුදේ බලය තමන් අතට ගතහැකිනම් නැගෙනහිර යුරෝපයට මෙන්ම මැදපෙරදිගට සහ ආසියාවටද බලපෑම එල්ල කළහැකි බව හිට්ලර් දැන සිටියා. ඔහුට අවශ්‍ය වුනේ ලෝකයේම බලය අල්ලාගනීමටයි.

ජර්මනිය තමන්ගේ අලුත්ම මාරක නැව් දෙක වන බිස්මාර්ක් සහ ටර්පිට්ස් අත්ලාන්තික් සාගර යුද භූමිකාව වෙත පිටත් කරන්නේ මෙවන් සංග්‍රාමික පසුබිමක් තුලයි. එහෙත් ජර්මනිය සැලසුම් කර තිබුන පිටපත වෙනස්වී නාට්‍යයේ ත්‍රාසජනක ජවනිකාව කලින් ඉස්මතු වුනා.

 මේ නාවික ආධිපත්‍යය දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි බ්‍රිතාන්‍යය තම පළමුවැනි සතුරා ලෙස ජර්මනිය විසින් සලකනු ලැබුවා. දෙවැනි සතුරා ලෙස සලකනු ලැබුවේ එවකට ඊසානදිග අත්ලාන්තික් කලාපයේ නාවික බලය වර්ධනය කරගනිමින් සිටි රුසියාවයි. තමන්ගේ සියලු ප්‍රහාරක සැලසුම් බ්‍රිතාන්‍යයට සහ රුසියාවට එරෙහිව එල්ල කරන්නට හිට්ලර් උත්සුක වුනේ එබැවින්.

පසුගිය ලිපියේදී සඳහන් කල පරිදි බිස්මාර්ක් නැව නිපදවීම සඳහා ජර්මනිය දැරූ වෙහෙස අපමණයි. නැව අධිකාරියට පත් කර ටික දිනකින් එහි හැකියාව මැන බැලීමේ සහ ක්‍රියාන්විත ශක්තිය මැන බැලීමේ පරීක්ෂණ මාලාවක යොදවනු ලැබුවා. එහිදී අනාවරණය වූ අඩුපාඩු සකසාගෙන අවසන් වුනේ 1940 දෙසැම්බර් මාසයේදීයි.

1941 මැයි මස 5 වැනිදා ජර්මන් ආඥාදායක ඇඩෝල්ෆ්ට් හිට්ලර් ඉහල පෙලේ නාවික හමුදා නිලධාරීන් රැසක් ද පිරිවරාගෙන බිස්මාර්ක් සහ ටර්පිට්ස් යන නැව් දෙකේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනා. ජර්මනියේ Gotenhafen වාරයේදී. 1941 මැයි මස 16 වැනි දින ජර්මානු නාවික අද්මිරාල් ලුට්ජෙන්ස් විසින් හිට්ලර් වෙත වාර්තා කරනු ලැබුවා බිස්මාර්ක් සහ එහි සහායක නැව ලෙස ක්‍රියාකිරීමට යෝජිත ප්‍රින්ස් එව්ජින් නෞකාව ක්‍රියාන්විත රාජකාරි සඳහා සම්පූර්ණයෙන් සූදානම් බව.

  ඉන්පසු ඇරඹුණේ ජර්මන් ආඥාදායකත්වය මෙතෙක් ලොවට රහසක්ව තබාහත් මෙහෙයුමක පළමුවැනි පියවරයි. උතුරු අත්ලාන්තික් සාගරයේ නාවික බලය සියතට ගැනීම සඳහා මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ සිට බ්‍රිතාන්‍යය දක්වා යන එන නෞකා වලට පහරදීම මේ ක්‍රියාන්විතයේ අරමුණ වුනා. මේ ක්‍රියාන්විතය ජර්මන් බසින් හැඳින්වුණේ රයින්උබුන්ග් Rheinübung ක්‍රියාන්විතය හෙවත් රයින් ක්‍රියාන්විතය යනුවෙන් .

(Operation Rheinübung) අද්මිරාල් ලුට්ජෙන්ස් ගේ නියෝග අනුව 1941 මැයි මස

19 වැනිදා බිස්මාර්ක් සහ ප්‍රින්ස් එව්ජින් ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය බලා පිටත් වුනේ ආධාරක භාණ්ඩ සැපයුම් යාත්‍රා 18 ක් සහ මග පෙන්වන / ආරක්ෂාව සපයන ජර්මන් යු බෝට්ටු නමැති ප්‍රහාරක බෝට්ටු 4 ක් ද සමගයි.

කපිතන් ලින්ඩ්මාන් උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයට පිවිසි තම අති බලසම්පන්න නැවේ කාර්ය මණ්ඩලය වෙත මැයි 20 වැනිදා පස්වරුවේ ශබ්ද විකාශන මගින් පැහැදිලි කළා තමන් කරන්න යන්නේ කුමක්ද යන වග.

නමුත් ඔවුන් දැන සිටියේ නැහැ ජර්මනියට විරුද්ධ රටවල් මේ සියල්ල දෙස ඇස ගසාගෙන සිටින බව. ජර්මනියෙන් විශාල තර්ජනයක් එල්ල විය හැකි බව බ්‍රිතාන්‍යය ප්‍රමුඛ ජර්මානු විරෝධී බලවත් යුරෝපීය රාජ්‍යයන් හොඳින් අවබෝධ කරගෙන තිබුනා. ඒ නිසා තම රටවල සිට ජර්මනිය පිලිබඳ ඔත්තු බැලීම ඒ රටවල් විසින් නොකඩවාම සිදු කරනු ලැබුවා.

කපිතන් ලින්ඩ්මාන් තම කාර්ය මණ්ඩලයට උපදෙස් දුන් මැයි 20 වැනිදා පස්වරුවේම ඔවුන්ගේ නිරීක්ෂණයට හසු නොවුණු ස්වීඩනයට අයත් ස්වොර්ඩ් ෆිෂ් වර්ගයේ ගුවන් යානා කීපයක් මගින් ජර්මානු යුද නැව් උතුරු අත්ලාන්තික් සාගරය දෙසට ගමන කරනු නිරීක්ෂණය කල අතර ඒ බව සියලු උසස් හමුදා මූලස්ථාන වෙත වහාම වාර්තා කරනු ලැබුවා. තර්ජනය ඉහල යමින් තිබෙන බව වටහාගත් මිත්‍ර රටවල් වහ වහා ආරක්ෂක විධි විධාන තර කරනු ලැබුවා.

Comments on: "නිර්භීත සතුරා ‘බිස්මාර්ක්’ – Battleship Bismarck (දෙවැනි කොටස) ‘තර්ජනය – Threat’" (51)

  1. අන්න නියම කතා ටිකක්,,,,පහු නොකර ඊලග එකත් දාන්න.
    ඇත්තටම ඔය ටර්පිඩෝ බෝම්බ දාන්නෙ ප්ලේන් එකෙන් ගිහින් මූදට ඇතෑරලද??.

    • මුල් කාලයේදී කලේ එහෙමයි නමුත් පසුව කෲසර් සහ ඩිස්ට්‍රොයර් කියන ප්‍රහාරක යාත්‍රා වර්ග දෙකේ ඉඳලා ටෝර්පිඩෝ යැව්වා. දැන් ටෝර්පිඩෝ යවන්නේ සබ්මැරීන් වලින්.

  2. නියමයි… කොට වැඩිද මංදා ! ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩ…

    • මේකයි වැඩේ සෙන්නා, දෙකට කඩන්න බෑ දිග වැඩියි. තුනට කඩන්න බෑ කොට වැඩියි. ඕනේ කෙහෙම්මලක් කියලා දෙවෙනි කොටස කෙටි කලේ තුන්වැනි කොටස ටිකක් දිගට දාන්නයි.

  3. ආහ් කතාව කියවගෙන යද්දී එක පාරටම ඉවර කරලනේ……………

    • එහෙම නේද දැන් තියන ටෙලි නාට්‍ය වලත් වෙන්නේ.

      • ටෙලි නාට්ටි වල වෙන්නේ මුලින් මුලින් කතාව අදිනවා අම්බානට.. මිදුල අතුගාන දර්ශනයත් ගන්නෙ පුලුවන් තරම් හිමින්.. ඔහොම ගිහින් ඉවර කරගන්න හොඳ තැනක් හිතාගන්නත් බැරිවෙනවා.. ඒ මදිවට පෝලිමේ ඉන්න අනිත් නාට්ටිකාරයන්ගේ තර්ජන.. ඒක නිසා ඔහේ කොහෙන්හරි ඉවරකරලා දානවා.. ඔව්වා බලන උන්ටයි මඩුවලිගෙන් තලන්න ඕනෑ.. මම නම් ටී වී බලන්නෙ නෑ..

  4. මේ වගේ ප්ලේන් තියෙන දෙවනි ලෝක යුද්දේ කම්පියුටර් ගේම් එකක් මම ගැහුවා…

    හා එහෙනම් කියන්න බලන්න ඒ කාලේ යුද්දද යුද්ද? මේ කාලේ යුද්දද යුද්ද?

    • මමනම් හිතන්නේ මුහුණට මුහුණලා කඩුවෙන් හෙල්ලෙන් කරපු යුද්ධය තමයි නියම යුද්ධය. එහෙම සටන් කරන්න සෑහෙන චිත්ත ධෛර්යයක් අවශ්‍යයි.

      • මම නම් කියන්නෙ කිසිම යුද්ධයක් හොඳ නෑ කියල.

      • ඔව් ඒ වගේ සටනකදි බොරු කරන්න බෑනේ…

        මම අහන්නම හිටියේ යුද්දෙකදි හැම භටයාම එකාවගේ ගේමට බහිනවද..? බයට බොරුව කරන අයත් ඉන්නවද..? මම කියන්නේ ක්‍රීඩාවක් කරද්දි නම් අපි ටීම් එකම එකයි… ඒත් යුද්දේ කියන්නේ ක්‍රීඩාවන් නෙමෙයිනේ…

        පරාජය වේගෙන එන වෙලාවක මොනවගේ හැඟීම්ද එන්නේ… මරාගෙන මැරෙන්නද, තමන්ගේ ජීවිතේ වටින නිසා ඒක බේරගන්නද..?

        • ඇත්තටම සෑම අංශයකම කොට අදින අලි සහ හොර අලි ඉන්නවනේ. යුද්දෙදිත් එහෙමයි. හිතේ හයිය තියන එකා වගේම හොඳ පුහුණුවක් ලබපු එකාත් යුද්ද කරනවා. පස්ස ගහන එවුනුත් ඉන්නවා. ඔබට පුදුම හිතෙන දෙයක් කියන්නම්. අපේ හමුදාව පාලනය වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතෙන්. (එකෙකුට ඕනෙකමක් නෑ අදට ගැලපෙන විදිහට සංශෝධනය කරන්න) එය සකස්වී තිබෙන්නේ එවකට එංගලන්තයේ තිබුණු හමුදා පනත ආශ්‍රය කරගනිමින්. (ඔක්කොම එහෙම තමයි) ඒ පනතේ තිබෙනවා හමුදා වැරදි ලෙස දක්වන කරුණු. එයින් කීපයක් මෙහෙමයි. තුවාල කරුවන් යුද භූමියේ පසුපසට ගෙනයන බව ව්‍යාජ ලෙස පෙන්වා පැනයාම, අවි ආයුධ සතුරාට අත්පත් වීමට ඉඩ තබා යටත්වීම. ඉතින් පෙනෙනවා නේද බයගුල්ලෝ එදත් අදත් හෙටත් එහෙමම තමයි කියන එක.

    • ආදරයේදීත් යුද්ධයේදීත් සියල්ල සාධාරණයි කියනවනෙ.. ඒක නිසා මොන කාලෙ යුද්ධ හොඳද කියන එක කියන්න බෑ.. යුද්ධයේ අරමුණ ජයග්‍රහණයනෙ.. තමන්ට අවම හානියකින් ජයගන්නා යුද්ධය තමා හොඳම යුද්ධය..

  5. අද නම් කතාව හොඳයි.. ඒත් කතාව නැගල යද්දිම හුචස් ගාලා ඉවරවෙලානෙ..

    “ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන්” මෙතැනට ලින්ක් එකක් දුන්නානම් හොඳයි..

    • එහෙම ඉවර වුනාම තමයි උනන්දුව වැඩි වෙන්නේ ඊළඟ කොටස බලන්න. මම ඒ ක්‍රමය ඉගෙනගත්තේ ඉස්සර ගුවන්විදුලියේ (1960 දශකයේ) ගිය මුවන්පැලැස්ස කතාවෙන්. වෙඩි හඬක එක්ක බුදු අම්මෝ කියලා එදා කොටස නවත්වනවා. ඊළඟ සතිය වෙනතුරු ඉන්න ඕනේ වෙඩි වැදුනේ කාටද නැත්නම් මොකද වුනේ කියලා දැනගන්න. ලින්ක් එකක් දාන්නම්.

  6. ස්නයිපර්ලා ගැනත් ලියන්නකො.. මම හරිම ආසයි ස්නයිපර්ලා යොදාගන්න ශිල්පක්‍රම වලට..

  7. ඔබතුමා ඉල්ලීම් ලබාදෙන තුරු අපි දෙනෙත් අයාගෙන බලා සිටිනු ලැබේ….

  8. ක්සැන්ඩර් |Xander said:

    මේ ටික එනකම් මම හිටියේ. බොහොම අපූරු විස්ත‍රයක්. ඔබට තුති.

  9. අයියෝ … ටිකයි නේ.

  10. (නාකියාට)
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  11. විචාරක නාකියා ඉතුරු කොටස ලියනතුරු බලා සිටිමු.
    (නාකියා යනු නාලා කියලා පිරිසිදුවී යන අරුතෙනි)
    henryblogwalker the Dude

    • අම්මපා ඒකත් ඇත්ත නේන්නම්. මේ ලඟදි ඉස්කෝලේ යන ළමයෙක් මගෙන් ඇහුවා, මොකද මහත්තයෝ අර හන්දියේ ඉන්න වෙදමහත්තයා හැම වෙලේම කාලා නිදි කියලා බෝඩ් එකක් දාලා තියෙන්නේ කියලා. මම පුදුම වෙලා ගිහින් බැලුවම තියෙන්නේ වෛද්‍ය ‘කලානිධි’ කියලා.

      • බොරු කියනවා කියලා ඔහොමත් කියනවද? වෙදෙක් කොහොමද කලානිධි වෙන්නෙ.. එහෙමනම් කාළෝ වගේ කෙනෙක් වෙන්ටැති…

        සුර තල්මසුන්
        අද පෝ යටමස් නැත
        තෝ මස් කෑවද?
        කාමර යක්කු ලියට දීමට තිබේ.
        මනමාලයාද කුණු කකුල පෙරට තබා යයි.

  12. මෙහෙම දිගටම ගියොත් අර ගුවන්යානා ටික තෙල් ඉවරවෙලාම වැටෙයි..

  13. අංගොඩයා... said:

    කතා දෙකම ඊයෙන් ආපු ගමන් කියෙව්වා විචාරක මහත්තයා,එත් එන්න බැරිඋනා comment එකක් දාල යන්න,කතා පේලිය නම් මරු.. දිගටම මෙහෙම දේවල් ලියන්න “අටම්පහුර” කිව්වා වගේ යෝධ බල යෝධ ශක්තියම ලැබේවා…

  14. “ජර්මන් යු බෝට්ටු නමැති ප්‍රහාරක බෝට්ටු 4 ක් ද සමගයි”
    ජර්මන් බසින් U-Boot(උබූට්), Unterseeboot (Under see boat) යනු Submarine යන්නයි.
    http://de.wikipedia.org/wiki/U-Boot

    • දෙවැනි ලෝක යුද්ධය පිලිබඳ සිංහලෙන් ලියවුන ලිපි, පුවත්පත් වාර්තා, බොහොමයක ඇත්තේ යූ බෝට්ටු යන නමයි. එයින් බෝට්ටු යන අර්ථය ලැබීම නම් වැරදි තමයි. මෙන්න මෙතන විකිපීඩියාවම කියනවා ජර්මන් යූබූට් කියන එකේ ඇන්ග්ලිකන් වචනය තමයි යූ බෝට් කියන්නේ කියලා. http://en.wikipedia.org/wiki/U-boat ඒ අනුව වෙන්න ඇති සුද්දාගේ වචනය අපි අල්ලාගෙන තියෙන්නේ.

      • ඉංග්‍රීසි බස භාවිතා කරන්නන්ට මෙය ගැටළුවක් නොවේ. මන්ද U-boot(උබූට්) හෝ U-boat යන්න සබ්මැරින් (Submarine) බව ඔවුන් වටහා ගනී (නිවැරදි චිත්ත රුපය). නමුත් “ජර්මන් යු බෝට්ටු නමැති ප්‍රහාරක බෝට්ටු 4 ක් ද සමගයි”
        ලෙස යෙදීමෙන් අපට (සිංහල කථාකරන) ඇතිවන ගැටලුව වනුයේ වැරදි අදහසක් ප්‍රේෂණය වීමයි (මුහුද මතුපිට ප්‍රහාරක බෝට්ටු 4 ක් සමග ඇති විශාල නෞකාවකි). නමුත් සැබවින්ම සිදුව ඇත්තේ නෞකාව සබ්මැරීන 4 ක් සමග ගමන් කිරීමයි. යුධ වාර්තාකරණයේදී මේ අවස්ථා දෙකෙහි ඉතා විශාල වෙනසක් ඇති බව ඔබ තුමාට ඉතා හොඳින් වැටහේ යයි සිතමි.

  15. Because I am in hurry, I write this in English. Sorry about it.

    I think it is better if you can use accurate pronunciation of the word in its original language. As you know most European countries use alphabet very near to the English, but some letters and letter combinations pronounce totally different way than English. Because you are providing very important information, if you use proper and correct words it will make your document much more valuable. Now it is easy to hear correct pronunciation of a word using internet application like http://translate.google.com/ (There are many more like this). Just you have to select the language.

    The words Tirpitz, Eugen are also mentioned in wrongly. Also I think it is most important fact to mention all the names in Sinhala because your audiences (mostly) are Sinhala readers. I mentioned this you had forgotten to mention Sinhala word for “Gotenhafen”.
    Also it is good to refer the relevant language version of “Wiki” page to avoid many technical errors.

    I think you accept this as constructive comment. Also no need to publish this comment, because this is in English.

    • I totally agree with you. howevevr now I am at the almost end of the article. I’ve decided to follow your valuable instructions in future. Most of the words which I have used were not my own tranlations. There is a sinhala book called ‘අපරාජිත බිස්මාකය’ which was published in 1960’s. in that book most of the German names were translated in to Sinhala in a manner to suitabale for Sinhala readers. I am not going to say that the Author of that book and myself are totally correct. My first intention is to encourage Sinhala readers to surf the net and get more and more information. However your guidence are highly appeciated. Also I will try my best to follow that Google translater. Thank you again.

  16. කියවා බැලුවෙමි ඉතිරි කොර්ටසත් බලලම ඉමු
    කෝරලේ වලව්ව

  17. ඇත්තටම හොද වැඩක් මෙහෙම විස්තර කරන එක..බිස්මාර්ක් කියන්නෙ අති දැවැන්ත්‍යෙක් වගේම මුලු මහත් ලෝකයම බය කරගත්‍රකුසෙක්… එත් ඊට පස්සෙ ජපානය හදපු යමාටෝ saha mushasi නැව් තමා අති බලවත් උනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.