විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


වාහනයක රියදුරෙකුට තම වාහනයේ දෙපැත්තෙන් පසුපස බැලීමට සයිඩ් කන්නාඩි තිබෙනවා. ඒ වගේම පසුපස බලන්නට තවත් කන්නාඩියක් වාහනය ඇතුලේ තියනවා. දැන් කාලේ වාහන වල පසුපස සවි කල කැමරාවක් තිබෙන නිසා වහනය රිවස් කිරීම පහසුයි. අපි දන්නවා මුහුදේ දිය යටින් ගමන් කරන සබ්මැරීන්. මේවා දිය යටින් ගියත් වරින් වර දිය මතුපිටට පෙරිස්කෝප් එක යොමු කර අවට තත්වය සොයා බලනවා. හැබැයි වර්තමානයේදී චන්ද්‍රිකා තාක්ෂණය නිසා එසේ පෙරිස්කෝප් එක පාවිච්චි කරන වාර ගණන ඉතාම සීමිතයි.

පෙරිස්කෝප් එකේ සරලම නිපැයුම කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1430 දී පමණ. මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමුඛයකු වූ ගුටෙන්බර්ග් තමයි මේ මූලික නිපැයුම කර තිබෙන්නේ එය ඉතාම සරල නිපැයුමක්.  ඔහු මෙය හැදුවේ සෙනග රැස්වන ආගමික උත්සව වලදී එය හරිහැටි බලාගැනීමට (ඉදිරියෙන් සිටින අයගෙන් වැසෙන නිසා) අධාරක උපකරණයක් ලෙස. මෙන්න එහි පිළිවෙත.
මුලින්ම තියෙන්නේ අංශක 45 කෝණයකට, ටියුබ් එකක් තුල තැන්පත් කරන ලද, කන්නාඩි කෑලි දෙකක් මගින්, ඉදිරි භූමිය නිරීක්ෂණය වන ආකාරට සකසන ලද සරල ඇටවුමක්. දෙවැනි රූපයෙන් දැක්වෙන්නේ එම ටියුබය තුල කාච සවි කර කන්නාඩි වෙනුවට ප්‍රිස්ම යොදවා කරන ලද වඩාත් වෘත්තීය මට්ටමේ පෙරිස්කෝප් එකක්. අදනම් අපට සී.සී.ටී.වී කැමරා තිබෙනවා. නමුත් අදටත් පෙරිස්කෝප් උපකරණය සබ්මැරින් වල පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ පෙරිස්කෝප් එකක් සබ්මරිනයකදී පාවිච්චි කරන ආකාරය සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘නෝත් කැරොලිනා’ නමැති න්‍යෂ්ටික සබ්මැරීනය. මෙහි පෙරිස්කෝප් ක්‍රමයට අමතරව තවත් විකල්ප ක්‍රම රාශියක් තිබෙනවා.

Comments on: "මොකක්ද මේ පෙරිස්කෝප් එක කියන්නේ" (4)

  1. මමත් ඔය පළවෙනි පින්තූරෙ විදිහෙ පෙරිස්කෝප් එකක් හදලා තියෙනවා..

    විස්තරේ වගේම පින්තූර වලිනුත් ලොකු පැහැදිලි කිරීමක් ලැබුනා..

    කොටින්ටත් සබ්මැරින් තිබ්බා නේද? අපේ නාවික හමුදාවට නැද්ද?

    • ඉස්සර මම ගියේ පිරිමි ළමුන් විතරක් ඉන්න ඉස්කෝලෙකට. එකේ ලැබ් එකේ තිබුනා පුංචි පෙරිස්කෝප් එකක්. ලොකු අයියලා එක අරන් යනවා පාර අයිනට. බලනකොට මේ බාලිකාවන් බලන්නයි යන්නේ.
      කොටින්ට මොන සබ්මරින්ද හරී. උන් හදලා තිබුනේ වතුර යටින් කිලෝමීටර් කීපයක් පමණක් යාහැකි යාත්‍රාවක්. උන්ගේ ලොක්කන්ට, ගැඹුරු මුහුදේ තියන නැවක් ලඟට පැනගන්න විතරයි පුළුවන් එකෙන්. අපේ නාවික හමුදාවට සබ්මැරින් නැහැ. එකක මිල? බුදු අම්මෝ… . . . . හිතන්නවත් බැහැ. අනික් වැඩේ නඩත්තුව. අපේ සාමාන්‍ය සිරිබිරිස් කෙනෙක් ප්‍රාඩෝ එකක් ගත්තා වගේ තමයි. සබ්මැරීන් එකක් විතරක් අරන් තබාගැනීම තේරුමක් නැහැ. අඩුම ගණනේ 5 ක් වත් ඕනේ. එතනින් එහා කොටස් රහස්යයි.

  2. අපිත් ඉස්කෝලේ යන කාලේ 5 වසරේදී මෙහෙම එකක් හැදුවා වගේ මතකයි

  3. […] එක කියන්නේ මොකක්ද කියලා අමතක කරලනේ. මතක නැද්ද මම කියලා දුන්නා කාලෙකට උඩදී? ඔබ දන්නවද නවීන යුද […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.