විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


kalashnikov   ඉතින් කොහොමද? මේ ලිපි මාලාව, ඔබේ සිත තදින්ම පැහැරගත් බව, බොහොමයක් ප්‍රතිචාර වලින් පෙනෙනවා. ලිපියේ මීට පෙර කොටස්, තවමත් කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. මා සිතා සිටියාට වඩා බොහොමයක් කරුණු ගැන, ඔබ දක්වන උනන්දුව ගැනත්, ඔබට ස්තුතිවන්ත වෙනවා. සමහර පාඨකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුව තිබෙන නිසා, කලින් සිතා නොසිටි සමහර කරුණු ද, මේ කොටසට ඇතුලත් කරන්න සිදුවුණා.

මේ කොටස ආරම්භයේදීම, ඔබට AK 47 තුවක්කුවේ කොටස් සහ, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබා දියයුතුයැයි මා සිතුවා. ඒ නිසා, අපි මුලින්ම, මේ අවියේ කොටස් හඳුනාගනිමු.

 හොඳයි, බොහොම සංකීර්ණයි වගේද පෙනෙන්නේ? ඇතුලේ කොටස් මොකුත් නැතුව, බාහිර පෙනුම විතරයි මෙතන පෙන්නන්නේ. ඔක්කොම කියන්න ගියොත් මෙන්න මේ වගේ සංකීර්ණයි.

ak47-patrs

   මේ ඔක්කොම ඕනේ නැහැනේ? මොකද විභාගයකට ඉගෙනගන්නවා නෙවෙයිනේ.  ඒ වගේම හොඳින් බලන්න, ඉහත පින්තූරය සහ මේ පින්තූරය අතර, කොටස්වල නම් ලිවීමේදී, වෙනසක් තියනවා. මා ලියා තිබෙන්නේ, අපේ රටේ පුහුණුවේදී කියන නම්. 
 
   ඉහත පින්තූරයේ තියන කොටස් වලින් මොනවද වෙන්නේ කියා, කෙටියෙන් සරලව කියන්නම්.
 
  • බට් ප්ලේට් = තුවක්කුවේ මිටේ පසුපසින්ම සවිකර තිබෙන මේ ලෝහ තහඩුවෙන් තුවක්කු මිටේ ලීය ආරක්‍ෂා වෙනවා. මේකේ පොඩි දොරක් තියනවා. තුවක්කුව පිරිසිදු කිරීමේ උපකරණ තියෙන්නේ ඒ දොර ඇරියම, තුවක්කු මිට ඇතුළේ.


  • බට් = තුවක්කු මිට. ලීයෙන් හදලා තියෙන්නේ. විවිධ මෝස්‌තර අනුව මෙහි හැඩය සහ සාදා ඇති ද්‍රව්‍යය වෙනස් වෙනවා.


  • රිලීසිං කැච් = ඒ කියන්නේ තුවක්කු බඳෙන් එලියට ඇවිත් තියන අර පුංචි හතරැස් බොත්තම. මේක ඔබලා, ඊට ඉහලින් තියන රිසීවින් කවර් එක හෙවත්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් වැසී තිබෙන ආවරණයත්, තුවක්කුවේ රිටන් ස්ප්‍රින් යනුවෙන් හඳුන්වන දුන්න සහ, පිස්ටන් බ්ලොක් එකත් ගලවන්න පුළුවන්. (ඇයි ගලවන හැටි පහුගිය කොටසේදී වීඩියෝ එකකින් කියලා දුන්නනේ) 

 

 

 

  • සිලෙක්ටර් = ඒ කියන්නේ, වෙඩි තැබීම සහ අගුලු දැමීම කරන පාලකය. මෙය ඉහලටම එසවූ විට, තුවක්කුව අගුළු වැටෙනවා. පහතට එක වරක් දැමුවිට, ස්වයංක්‍රීය තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ, නොකඩවා සියලුම පතරොම් වෙඩි තැබිය හැකියි. තවත් වරක් පහතට දැමුවාම, අර්ධ ස්වයංක්‍රීය තත්වයට එනවා. එවිට, තුවක්කුවේ කොකා මිරිකන සෑම වාරයකටම, එක් පතරොම බැගින් පත්තු වෙනවා. 

 

 

 

  • රියර් සයිට් = මෙයින් තමයි වෙඩි තැබීමේ දුර සකසාගැනීම සහ ඉලක්කය ගැනීම සිදුකරන්නේ. 

 

 

  • අපර් හෑන්ඩ් ගාඩ් = තුවක්කුව හොඳින් ග්‍රහණය කරගැනීමට මේ කොටස උදව් වෙනවා.
 
  • ගෑස් වෙන්ට්ස් = මෙයින් කරන්නේ පතරොමකින් නිකුත් කෙරෙන අධික වායු පීඩනයෙන්, කොටසක් මුදා හැරීමයි. තුවක්කුව තුළ අනවශ්‍ය වායු පීඩනයක් ඇතිවීම වලකිනවා.
 
  • ගෑස් ටියුබ් = මෙතන විශ්මයජනක ක්‍රියාවක් සිද්ධ වෙනවා. පතරොමක් පත්තුවී ඇතිකරන මහා වායු පීඩනයෙන් කොටසක්, තුවක්කු බටය දිගේ උණ්ඩය ඉදිරියට තල්ලු කරගෙන යන අතර, මෙතනදී එම අධික වායු පීඩනයෙන් කොටසක්, ගෑස් ටියුබ් එක දිගේ ඉහලට ගොස්, ගෑස් චේම්බරයට යනවා. එය කොපමණ අධික පීඩනයක්දැයි කිවහොත්, තුවක්කුවේ පිස්ටනය, සම්පූර්ණයෙන් පසුපසට තල්ලුකර යවනවා. ඒ ක්‍රියාවලියෙන් තමයි, ඊළඟ පතරොම පත්තුවීමේ ක්‍රියාවලිය, ස්වයංක්‍රීයව සැකසෙන්නේ.

 

  • ෆෝ සයිට් පිලර් = රියර් සයිට් එකෙන් විතරක් ඉලක්කය ගන්න බැහැනේ. වෙඩි තබන්නාගේ ඇස, රියර් සයිට් එකේ අර කට්ටය, (බැට්ල් හෝල්) එක, ෆෝ සයිට් පිලර් එක තුළ තිබෙන ෆෝ සයිට් ටිප් එක, ඉලක්කය, කියන ඔක්කොම, එකම සරල රේඛාවක සමපාතව පිහිටන්න ඕනේ, නිවැරදිව ඉලක්කය ගන්න නම්. 

 

foresight-pillar

 

  • මස්ල් = තුවක්කු කට 
  • ක්ලීනින් රොඩ් = තුවක්කු බටය පිරිසිදු කරන කූර
  • බේනට් = බයිනෙත්තුව (මෝස්‌තර කීපයක් තියනවා. අපේ රටේ පාවිච්චි කරන්නේ මේ මෝස්තරය. මෙය තුවක්කු බටය යට පිහිටන සේ නවන්න පුළුවන් අවශ්‍යවිට.) 

 

bayonet

 

  • බැරල් = තුවක්කු බටය 
  • ෆෝහෑන්ඩ් ගාඩ් = මෙතනින් තමයි වෙඩි තියනවිට ඉදිරියට යොමුවන අතින් තුවක්කුව අල්ලාගන්නේ. 
  • මැගසින් = පතරොම් ගැබ. මෙහි පතරොම් 30 ක් පිරවිය හැකියි. පොඩ්ඩක් බලන්නකෝ පුරවන හැටි. හැබැයි මෙයා පුරවන්නේ, ලෙඩ කපුටා වැල ගිලින වේගෙන්. යුද්දෙදි අපේ කොල්ලෝ පුරවන්නේ, ඇහිපිල්ලම් ගහන වේගෙන්.

 

 

  • මැගසින් කැච් = මැගසින් මාරුකරන්න මේක ඉදිරි පැත්තට මිරිකලා මැගසින් එක ගලවන්න පුළුවන්.
  • ට්‍රිගර් ගාඩ් = තුවක්කුවේ කොකාගේ ආරක්ෂාවට තියන යකඩ පටිය.
  • ට්‍රිගර් = තුවක්කුවේ කොකා 
  • පිස්ල් ග්‍රිප් = මේක හරියට පිස්තෝලෙක මිට වගේ නේද? ඒකයි මේ නම කියන්නේ. තුවක්කුව අල්ලාගන්නා අත් දෙකෙන්, පසුපස තියන අතින් තමයි, මෙතන අල්ලාගන්නේ.
  • ස්වයිවල් රිං = තුවක්කුව එල්ලාගෙන යන පටියේ එක කොනක් මෙතනට හයිවෙනවා. එතන දිගටි හැඩයේ මුද්දක් තියෙන්නේ. 
   දැන් හරි නේද කෑලිටික? දැන් පොඩ්ඩක් බලමුද ඔය කෑලිටික එකතුවෙලා, මේ තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝව නොවරදවාම බලන්න.

 

   මේ තුවක්කුවේ ගතිලක්‍ෂණ, Characteristics දැනගැනීම තමයි, ඊළඟට වැදගත් වෙන්නේ. මෙන්න ඒ විස්තරය. වැදගත්ම කරුණු පමණයි.

  • වර්ගීකරණය = ප්‍රහාරක රයිෆලය 
  • මෝස්තරය = AK 47 
  • ස්ථිර ලී මිට සහිත මෝස්තරයේ තුවක්කුවේ දිග = මි.මී. 880 (අඟල් 35)
  • මැගසින් එක රහිතව බර = කි.ග්‍රෑම් 3.7 
  • පතරොම් පිරවූ මැගසින් එකක් සහිතව බර කි.ග්‍රෑම් 4.75 
  • තුවක්කු බටයේ දිග = මි.මී. 415 (අඟල් 16.3)
  • යොදවන පතරොම් කැලිබරය = 7.62 x 39 මි.මී. 
  • යොදවන පතරොම් වර්ග = 
  • (1) 7.62 x 39 සාමාන්‍ය, 
  • (2) 7.62 x 39 Armour Piercing = සන්නාහ විනිවිද යන, 
  • (3) 7.62 x 39 Incendiary = ගිනි අවුළුවන, 
  • (4) 7.62 x 39 Tracer = රාත්‍රී කාලයේදී ඉලක්ක පෙන්වන.
  • (5) 7.62 x 39 Blank = පුහු පතරොම් 
  • තුවක්කුව ක්‍රියාකරන න්‍යාය = වායු පීඩනයෙන් ක්‍රියාත්මක. කරකැවෙන බෝල්ට් ක්‍රමය Gas operated, rotating bolt 
  • වෙඩි තැබීමේ වේගය = විනාඩියකට උණ්ඩ 600 යි. 
  • තුවක්කු කටෙන් උණ්ඩ පිටවන වේගය = තත්පරයකට මීටර් 715 (අඩි 2350)
  • ප්‍රතිඵලදායක වෙඩි දුර = මීටර් 350 
   මේ තුවක්කුව,  වෙනත් සංග්‍රාමික ක්‍රියාකාරකම් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි, මේ තුවක්කුව බෝම්බ විදිනයක් ලෙස පාවිච්චි කිරීම. මේ සඳහා යම්කිසි වෙනස්කමක් කරන්න වෙනවා. පහත වීඩියෝ වලින් ඔබට එය කරන ආකාරය බලන්න පුළුවන්.

 

 

 මේ අවියට සයිලන්සරයක් සකස් කරන්න, ලෝකයේ විවිධ රටවලදී උත්සාහ ගෙන තිබෙනවා. අපේ විශ්වකර්ම දොස්තර මහතාත්, මෙය සාර්ථකව කර තිබෙනවා. නමුත් එය දකින්න නොලැබීම, අපේ අවාසනාවක්. මේ බලන්න, එලෙස ගෙදර හදපු සයිලන්සරයක ක්‍රියාකාරිත්වය. 

 

   හොඳයි, පසුගිය ලිපියේදී මම ඔබට කිව්වා, මේ තුවක්කුවට නෑදෑයන් ඉන්නවා කියා. ඒ අය අතරින් ළඟම නෑයන් දෙදෙනෙකු පමණයි, මා ඔබට හඳුන්වා දෙන්නේ. එහෙම නැත්නම් 25 කට වඩා ඉන්න නෑයන් ගැන කියන්න ගියොත්, තව ලිපි 25 ක් ලියන්න වෙයි.

T 56 ප්‍රහාරක රයිෆලය    

 

   චීනයේ නිෂ්පාදිත මේ රයිෆලය, 1956 වර්ෂයේදී තමයි, භාවිතයට ගෙන තිබෙන්නේ. ඒ නිසයි මෙය, Type 1956 හෙවත් T 56 යනුවෙන් හඳුන්වන්නේ. මුලදී නම් මෙය, සෝවියට් AK 47 අවියේ ගෙඩිපිටින් කොපියක් ලෙසයි නිපදවා තිබෙන්නේ. අද මෙය අතිසාර්ථකව නිෂ්පාදනය වන ලෝක වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් තියන අවියක්. අපේ ත්‍රිවිධ හමුදාවත් පාවිච්චි කරන්නේ මේ අවියයි. චීනයේ නොරින්කෝ සමාගමයි මේ අවිය නිපදවන්නේ. ගති ලක්ෂණ 99% ක් AK 47 ට සමානයි.

 

norinco_type_56

 

T 81 ප්‍රහාරක රයිෆලය 
   මේ අවියත් චීනයේ නිෂ්පාදනයක්. 1981 දී තමයි භාවිතයට ගෙන තිබෙන්නේ.  ඒ නිසයි T 81 යනුවෙන් හඳුන්වන්නේ. මූලික න්‍යාය AK 47 ම තමයි. සියලුම කොටස් ඒ හා සමානයි. තුවක්කු බටයේ සැකැස්මේ සුළු වෙනසක් තියනවා. එමෙන්ම මේ අවියේ සිලෙක්ටරය, ඉතා කුඩාවට අවියේ වම් පැත්තේ සවිකර තියනවා. මේ නිසා වැරදීමකින් තුවක්කුව පත්තුවීමේ අවදානම වැඩියි. එසේ සිදුවූ අවස්ථා මා දැක තිබෙනවා.  AK 47 ට සහ T 56 ට වඩා බරෙන් වැඩියි. ගැස්සීමත්, ශබ්දයත් වැඩියි. මේ අවියත් අපේ ත්‍රිවිධ හමුදාවල තියනවා. නමුත් දැන් භාවිතය බොහොම අඩුයි. 
type_81

   දැන් ඉතින්, මේ ලිපි මාලාවේ අවසානයටයි අපි පැමිණ තිබෙන්නේ.

   ලෝක සංග්‍රාමික භූමියේ විප්ලවයක් කල, විශ්මයජනක අවියක් ගැනයි අපි මේ ලිපි මාලාවෙන් කතාකලේ.

   ඇත්තෙන්ම මේ අවියේ නිර්මාතෘ ලුතිතන් ජෙනරල් මිඛායිල්  කලෂ්නිකොව් මේ අවිය නිපදවුවේ නැත්නම්,  සෝවියට් දේශය ලෝක සිතියමෙන් අතුගෑවී යන්නට ඉඩ තිබුණා.  ඔහු, මේ අවිය, තම ජාතියේ නිදහස වෙනුවෙන් නිපදවා පරිත්‍යාග කළා විනා, එයින් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ, සැබෑ දේශමාමක නිලධාරියකු බව, මෙහිදී අවධාරණය කලයුතුයි.

   ඔහුට ලබාදියහැකි උපරිම ගරු සම්මාන සෝවියට් දේශය විසින් ලබාදුන් අතර, ඔහුගේ කියමන් පවා, ආදර්ශ පාඨ ලෙස, ප්‍රචලිතව තිබෙනවා. එයින් එක් කියමනක් මෙහි දක්වමින්, මේ ලිපිමාලාව මෙතෙකින් අවසන් කරනවා.

 
2016 ඔක්තෝබර් මස 10 වැනි දින 0033 පැය 
Advertisements

Comments on: "ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ………………………….. ඔන්න මම කියලා දෙනවා…. (තුන්වැනි කොටස)" (24)

  1. ඔබතුමන්ගේ ලිපි මම subscribe කරලා තිබුනත්ම ට AK47 සම්බන්ද ලිපි තුනම කියවන්න ලැබුනේ දැනුයි. ඇත්තටම ගොඩක් වටිනා තොරතුරු ගොඩක් තියෙනවා. අපි පාසල් ශිෂ්‍ය භට ඛණ්ඩයේ ඉන්න කාලේ නම් වෙඩි තැබීමට දුන්නේ .22 අවිය. අවි සරඹ සඳහා දුන්නේ උත්තමාචාර අවියේදී මැගසින් බිම වැටෙන තරම් අබලන්, මලකඩ කාපු SLR අවි. දැන් AK47 දෙනවා නම් පට්ට අති. වක්‍රාකාරයෙන් ශිෂ්‍ය භටයාගේ පෞර්ෂය වර්ධනය වෙන්න පුහුණුව ලබල තියෙන අවිය හේතු වෙනවා කියලා මට හිතෙනවා.

    ඉස්සර ඉතින් දැයට කිරුල, ගාලු සමය එහෙම බලන්න ගියාම මම හමුදා කුටියේ තමයි වැඩි වෙලාවක් ගන්නේ. ප්‍රශ්න අහල අහලා වාතේ වෙලා දවසක් අලුත් උප ලුතිනන් වරයෙක් මාව ඔවුන් විවේක ගනිමින් හිටි තැනට කතා කරලා වෙනමම අවියක් ගලවල පැය එකහමාරකට වඩා කියලා දුන්නා. මගේ ප්‍රශ්න එතනිනුත් අවසන් නොවුන නිසා Commando රෙජිමේතුවට අයත් ගිනිඅවි හා බිඳහෙළීම් ගැන තියෙන පුහුණු වීම් වලදී ලබා දෙන පොත් දෙකක් වටපිට බලලා මට තියාගන්න දුන්නා. (වැඩි කාලයක් ඒ පොත් පරිස්සම් කරගන්න නම් මට බැරි උනා). ඒ අතින් අලුත් නිලධාරීන් නම් හරිම මිත්‍රශීලීයි. මටත් ඒ කාලේ පට්ට උණක් තිබුනා නොවැ තරු අඳින රස්සාවක් කරන්න. (තවමත් නැතුවම නෙවෙයි.)

    විචාරක තුමෝ මම අහල තියෙනවා backward action , hammer action, forward action & bullet locking action කියලා හතරක් T56 අවියේ steps 4k තියෙනවා කියලා. AK47 එක ඊට වඩා වෙනස් ද?

    මට තවත් ලොකු ගැටළුවක් තියෙන එකක් තමයි මොකක්ද මේ machine gun එකක් කියයන්නේ. AK47, T56 කියන අවි “ස්වයංක්‍රීය අවි” උනාට machine gun එකක් නෙවෙයි නේද? ඒවා machine gun එකක් නොවෙන්නයි LMG එක සුළු යාන්ත්‍රික අවියක් වෙන්නයි MPMG එක යාන්ත්‍රික අවියක් වෙන්නයි හේතුව මොකක්ද?

    මෙව්වා දැවෙන ප්‍රශ්න.. 😛

    • ඔබේ ශිෂ්‍යභට ජීවිතයේ රසවත් මතක මටත් මගේ ශිෂ්‍යභට ජීවිතය මතකයට නැගුවා. නියම ප්‍රශ්න ඇහිල්ලක් නේ අහලා තියෙන්නේ. බොහොම හොඳයි.

      දැන් වුනත් ඔබට හමුදාවට බැඳීමේ කැමැත්තක් තියනවනම, ඔබ වයස 35 ට අඩු නම් ස්වේච්ඡා හමුදාවට බැඳෙන්න පුළුවන්.

      ඔබ කියා තිබෙන්නේ T 56 අවියේ Trigger mechanism එකට අදාළ ක්‍රියාවන් කීපයක්. මෙවැනි ලිපියකදී ඒ තරම් දිගට විස්තර නොලියන්නේ ලිපිය අනවශ්‍ය විදිහට දීර්ඝ වීම සහ නීරස වීම වලක්වා ගන්නටයි. AK 47 සහ T 56 අතර, ඔබ කියා ඇති ආකාරයේ ක්‍රියාවලියෙහි කිසිදු වෙනසක් නැහැ.

      මැෂින් තුවක්කුව කියන එකේ නිර්වචනය මෙහෙමයි. එකකට එකක් පසුපසින් නොකඩවා වෙඩි තැබීම සඳහා, මැගසින් එකක් හෝ පතරොම් වැලක් යොදා වෙඩි තැබීමට හැකි, යම්කිසි ආධාරකයක සවිකර හෝ අතෙහි තබාගෙන ක්‍රියාකරවිය හැකි තුවක්කුව, මැෂින් තුවක්කුවයි.

      AK47, T56 මැෂින් තුවක්කු තමයි. නමුත් ඒවායේ තිබෙන වේගවත් එයටම ආවේනික ලක්ෂණ නිසා ඒවා ප්‍රහාරක රයිෆල් ගණයටයි වැටෙන්නේ. ඒවා ආධාරකයක තබා වෙඩි තියන්නේ නැහැ. LMG එක සුළු යාන්ත්‍රික නෙවෙයි සැහැල්ලු යාන්ත්‍රික Light Machine Gun එකක්. MPMG එක අර්ධ වශයෙන්, ‘බර මැෂින් තුවක්කු’ ගණයේ එකක්.

      මෙන්න මේ ලිපි මාලාව කියවා බලන්න

  2. බයිනේත්තුව පාවිච්චි නකරන්නේ කුමකටද? යුද්දයේදී එයින් ප්‍රයෝජනයක් තියෙනවාද?

    • සටන් කිරීම සඳහා බයිනෙත්තුව අවසන් වරට පාවිච්චි කර තිබෙන්නේ දෙවැනි ලෝක යුද සමයේ. නමුත් 1970 දශකයෙදීත් අපේ හමුදාවට බයිනෙත්තු සටන් පුහුණුව දුන්නා. අද බයිනෙත්තුව පාවිච්චි කරන්නේ, හමුදා පෙළපාලියකදී උත්තමාචාරය පිරිනැමීම, විශේෂ සම්මාන මුර රාජකාරි ආදියට පමණයි.

  3. Jayashan Liyanage සහෝ අහලා තියෙන ප්‍රශ්ණ වලින්, මගෙ ප්‍රශ්ණ බහුරයක් ආවරණය වෙලා නිසා අමුතුවෙන් අහන්න යන්නෙ නෑ!
    වැදගත් වෙයි කයලා හිතුණ එකම එක දෙයක් අහන්නම්.
    මේ අවියේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පෙන්වන ත්‍රිමාණ සජීවීකරණය බැලුවට, පිට වෙන හැම උණ්ඩයක් පාසා ම නැවත නැවතත් කොකා මිරිකන වෙඩිතැබීම (සිලෙක්ටරය යටටම දාලා වෙඩි තියන එක) පමණක් තියෙන බවයි පේන්නෙ!
    සිලෙක්ටරය මැද ට දාලා ට්‍රිගරය එකවරක් මිරිකලා Hammer hooks දෙක release කරලා, ට්‍රිගරය අත් නොහැර සිටින විට, Safety Shear මගින් දිගින් දිගටම hammer එක ඉබේ ක්‍රියාත්මක කරවලා burst වෙඩි තියන හැටි, මේකෙ මං නං දැක්කෙ නෑ!
    හැබැයි Safety Shear එකයි, bolt group එකේ පිහිටීම අනුව Safety Shea එකේ හැසිරීම පාලනය කරන පුංචී ලීවරයයි, ඒ කොටසේ ක්‍රියාකාරිත්වයයි හොඳටම පේන නිසා, selector එකේ පිහිටීම් තුන ට අනුකූල අභ්‍යන්තර වෙනස්කම් බලාගත්තොත්, Burst fire කරන හැටි හොයාගන්නත් බැරි වෙන එකක් නෑ!
    ඉතිං විචාරක තුමනි, මං මේ කියපු බයිලා ටික, හරිද වැරදිද? වැරදි නම් (සහ, හරි දේ හෙලි කලා ට කමක් නැත්නම්) කියලා දෙන්න පුළුවන් ද??

    • කියා තිබෙන ඔක්කොම හරි. ඔය කියන ඔක්කොම පෙන්වන වීඩියෝ එකක් හොයන්න පුදුම මහන්සියක් ගත්තා. හරිගියේ නැහැ.

      ඔය වගේමයි මම බර මැෂින් තුවක්කු ගැන ලියපු ලිපි මාලාවේදී කියන්න අවශ්‍ය වුණා, පතරොම් හාර පන්සීයක වැල් ගානක් එක දිගට වෙඩි තියනකොට, GPMG වගේ තුවක්කුවක ට්‍රිගර් එක අතෑරුනත්, තුවක්කුව ඉබේ පත්තුවෙනවා. පතරොම් වැල පාගලා තමයි නවත්තන්නේ. ඔන්න ඕක පෙන්නන්නත් වීඩියෝ එකක් හොයාගන්න බැරිවුණා.

      3D animation නැතුව නිකම් වීඩියෝ වලින් විස්තර පෙන්වන්න බැහැ.

      • //පතරොම් හාර පන්සීයක වැල් ගානක් එක දිගට වෙඩි තියනකොට, GPMG වගේ තුවක්කුවක ට්‍රිගර් එක අතෑරුනත්, තුවක්කුව ඉබේ පත්තුවෙනවා. පතරොම් වැල පාගලා තමයි නවත්තන්නේ.//
        මේ ගැන අහලා තිබුණේ නෑ කවදාවත්!  මේවා පාවිච්චි කරලා අත්දැකීම් තියෙන යුධ හමුදා සෙබලු එක්ක මේ දේවල් ගැන කතාබහ කරලා තියෙනවා ගොඩක්! ඒත් එයාලා විස්තර කියන්නෙ බොහොම පරිස්සමින්, කොරලා බේරලා!

        ඔව් විචාරක තුමා! 3D Animation වලට පින් සිද්ධ වෙන්න, මේ තරම් දෙයක් වත් පෙන්වන්න පුළුවන් වුණා නෙ! නොලැබුණු දේ ගැන දුක් නොවී, ලැබුණු දේ ගැන සතුටු වෙමු! 
        අනාගතේ ඒවටත් 3D Animation හෝ වීඩියෝ (මොනයම් ආකාරයක හෝ අලුත් ක්‍රමයකින් වෙන්න බැරි ම නෑ නෙ) නිකුත් වෙන්න ඉඩ තියෙනවා! අපිට බලන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමු! මාත් ඕක හොයාගත්තෙ, “අත පත ගා” ලත් දැනුමෙන් (ආරක්ෂිත ව කරන්න පුළුවන් වුණා එතන හිටපු අයගෙත් උදව්වෙන්)

        මේ දේවල් මෙහෙම කියලා දෙනවට ඔබට තුති! 

        • ඔය GPMG කියන්නේ, බර මැෂින් තුවක්කු වර්ගීකරණයේදී, area weapon කියන උප වර්ගීකරණයට වැටෙන එකක්. ඒරියා එකක් කියන්නේ, ටිකක් ලොකු ප්‍රදෙශයක්නේ. එවැනි ලොකු ප්‍රදේශයකට, විශාල හැරවුම් කෝණයකින්, නොකඩවා වෙඩි උණ්ඩ ස්ප්‍රේ කරන්න පුළුවන්, ඔය තුවක්කුවෙන්. එතකොට තුවක්කුව හොඳට රත්වුණ වෙලාවට, අරවැඩේ වෙන්නේ. මමත් පළමුවරට දැක්ක වෙලාවේ, ‘මොන $#@* ද යකෝ මේ වෙන්නේ’ කියලා කිව්වා. 😀

          අනේ අපේ 3D Animation දන්න අය මේවගේ නිර්මාණ කරනවානම් හරියට වටිනවා. නිකම් මෙහෙම හිතන්න. හයිබ්‍රිඩ් එන්ජිමක් මෙහෙමයි කියලා, සිංහලෙන් පසුබිම් කථනය සහිතව එක ඇනිමේෂන් එකක් කලොත් කොච්චර වටිනවද?

          ඇගයීම ගැන ස්තුතියි.

          • //අනේ අපේ 3D Animation දන්න අය මේවගේ නිර්මාණ කරනවානම් හරියට වටිනවා. නිකම් මෙහෙම හිතන්න. හයිබ්‍රිඩ් එන්ජිමක් මෙහෙමයි කියලා, සිංහලෙන් පසුබිම් කථනය සහිතව එක ඇනිමේෂන් එකක් කලොත් කොච්චර වටිනවද?//

            සහතික ඇත්ත විචාරක තුමා. ඒත් ඉතිං මේ අපේ රටේ මොලකාරයන්ට මොලෙන් වැඩ ගන්න පසුබිමක් හැදිලා නැති නිසා වෙන්නැති ඒ වගේ දේවල් කෙරෙන්නෙ නැත්තෙ😞😞 මතකනෙ පහුගිය කාලෙ මොකක්ද පරිගණක ක්‍රීඩාවකුත් හැදීගෙන ගිහිං මගදි නැවතුනා නෙ 😞🤐🤐
            ලොකු තැන් වල ඉන්න රුක්-සුනඛයන්ගෙ බලපෑම නිසා ගොඩක් වටින දේවල් මේ රටට අහිමි වෙලා තියෙන බව මතක එකේ, ඔන්න ඔහෙ ඉවසමු විචාරක තුමා 🤕🤐

      • විචාරක තුමෝ ඔය MPMG එකේ ඇඟිල්ල අතහරියම trigger එක release වෙන්නේ නැති එක හැම MPMG අවියකම තියෙනවද? නැත්නම් එක අවියේ දෝෂයක්ද?
        මගේ මිතුරු කමාන්ඩෝ සෙබලෙක් දවසක් කිව්වා MPMG එකේ trigger එක press කරලා එක් ස්ථානයක සිට අඛණ්ඩ වෙඩි බලයක් සතුරාට දෙන ගමන් අවිය එතනම තියල, T56 එකක් අරන් වෙනත් දිශාවකින් සතුරාට ආසන්න වෙලා වෙඩි තියන පුහුණු වීමක් කළා කියලා. මට එකේ ඇත්ත නැත්ත දැනගන්න ඕන වෙලා ඕක මතක තියාගෙන ඉඳලා දවසක් ප්‍රදර්ශනෙකදී ලා.කෝ කෙනෙක්ගෙන් ඒ ගැන ඇහුවා. එයා කිව්වනේ “මම MPMG එකේ වෙඩි තියලත් තියෙනවා, යුද්ධ කරලත් තියෙනවා එත් ඔහොම කතාවක් නම් ඇහුවමයි” කියලා. 😦

  4. //ඇත්තෙන්ම මේ අවියේ නිර්මාතෘ ලුතිතන් ජෙනරල් මිඛායිල් කලෂ්නිකොව් මේ අවිය නිපදවුවේ නැත්නම්, සෝවියට් දේශය ලෝක සිතියමෙන් අතුගෑවී යන්නට ඉඩ තිබුණා. //

    මේ කොටස මට ටිකක් අපැහැදිලියි. ඔහු මේ අවිය නිපදවන කොට දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා ඉවරයි.අනෙක් කාරණය තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සාම්ප්‍රධායික යුද ක්‍රම වලින් රටක ප්‍රභලත්වය මැනීමේ හැකියාව දුරුවෙලා න්‍යෂ්ඨික බලය පෙරට ඇවිල්ල තිබුනේ. දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා ටික කලකින් සෝවියට් දේශයද න්‍යෂ්ඨික බලය අත්පත් කරගෙන ලෝක බලවතෙකු වී හමාරයි. අනෙක තමයි මා දන්නා තරමින් නම් සෝවියට් දේශය දෙවන ලෝක යුද්ධයට පසුව ඍජුවම යුද වැදුනේ ඇෆ්ගනිස්ථානයේදී ඊට පෙර සිදුවුන කොරියන් යුද්ධයේදි හා වියට්නාම් යුද්ධයේද තිරයෙන් පිටුපස සිට සහය දීමක් තමයි කළේ.

    මේ දේශපාලනික කාරණා පිළිබදව ගැටළු හැරුන කොට ලිපිය නම් විශිෂ්ඨයි. මම හිතන්නෙ සිංහලෙන් ගිනි අවියක් ගැන සවිස්තරව තිබූ පළමු ලිපිය වන්නටත් ඇති.

    • දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව රුසියාවට එල්ලවූ අභියෝග බොහොමයි. මෙවැනි අවියකින් තම සන්නද්ධ හමුදා ප්‍රබල තත්වයකට ගෙන නොතිබුනානම්, විවිධ ආක්‍රමණිකයන්, සෝවියට් දේශය යටත් කරගන්නට උත්සාහ කරනු නොඅනුමානයි.

      න්‍යෂ්ටික බලය ක්‍ෂණයකින් යෙදීමට තරම් අදත් තාක්‍ෂණය දියුණු නැහැ. න්‍යෂ්ටික අවියක් සූදානම් කර ප්‍රහාරය එල්ල කිරීමට, යම්කිසි සැලකිය යුතු වෙලාවක් ගතවෙනවා. නමුත් සන්නද්ධ හමුදාවක් ක්‍ෂණිකව ගුවනින් ගෙන යා හැකියි. එවැනි හමුදාවක් අතේ මෙවැනි තුවක්කුවක් තිබීම අති ප්‍රබලයි. සෝවියට් දේශයේ දේශසීමා රැකීම සඳහා මේ අවියෙන් සිදුවූ/සිදුවන සේවය අපමණයි.

      ඇගයීම ගැන බොහොම ස්තුතියි.

  5. විචාරක තුමා හමුදාවේ නිලධාරීන්ට වසර22කින් විශ්‍රාම යන්න පුලුවන්ද? මේ පිලිබඳ පොඩ්ඩක් කියල දෙන්න. ස්තුතියි !

    • යන්න පුළුවන් චාමර. නමුත් ෆුල් පෙන්ෂන් එක හැදෙන්නේ නැහැ. මෑතකදී ප්‍රතිපත්ති වෙනස්වෙලා තියනවා. නමුත් ඒ විස්තර මා දන්නේ නැහැ.

      • ඔබතුමාගේ හමුදාව සම්බන්ද ලිපි අනිවාර්යෙන් කියවනවා. ඒ අතරම ලිපියට අදාළ නැති මේ වගේ ප්‍රශ්ණ ඇහුවට තරහ වෙන්න එපා.
        සෙබලෙක්ට වාසර 22කින් විශ්‍රාම යන්න පුළුවන් නම් ඇයි නිලධාරියෙක්ට සම්පුර්ණ විශ්‍රාම වැටුප නොලැබෙන්නේ ? ටිකක් පැහැදිලි කරලා දෙන්න. ස්තුතියි !

        • ඇයි කාටද එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ? ස්වේච්ඡා හමුදාවේ නිලධාරියෙක්ද? ඔවුන්ට නම් අනිවාර්යයෙන් වසර 22 ක සේවා කාලයක් අවශ්‍යයි. කාන්තා නිලධාරිනියක් නම් වසර 20 ක් (මට මතක තියන විදිහට)

          ප්‍රශ්නය මට ඊ මේල් කරන්න. wmjgslsr@gmail.com

  6. Sir, bohomathma sthuthiyi obage me post walata….Mama bohoma ashawen
    kiyewwa me okkoma.kiyewwa. Sir, mata denaganda puluwanda T-56 da wediya
    honda AK-47da kiyala.

    • ඇගයීම ගැන ස්තුතියි.

      මටනම් AK 47 සහ T 56 අතර බරපතළ වෙනසක් නැහැ. මා ඒ දෙකෙන්ම වෙඩි තියලා තියනවා. මෙන්න මෙහෙම වෙනසක් විතරක් දැක්කා. AK 47, T 56 ට වඩා, කල්පැවැත්ම සහ ශක්තිමත් නිමාව අතින් ඉහලයි කියා පෙනෙනවා.

  7. වෙනදා වගේම වටිනා ලිපියක්…..තියරි ටික නම් හරි..ප්‍රැක්ටිකල් කොරන්ට ලංකාවේ තවම අවසර දෙන්නේ නැහැ නේද​? ආසාවට වගේ වෙඩි තියලා බලන්න තියෙන රයිෆල් ක්ලබ්ස්වලත් ගිණි ගනන් ගන්නේ

    • අපි තවමත් දියුණු ලෝකයට වඩා බොහොම පසුපසින් ඉන්නේ. රයිෆල් ක්ලබ් හරියට පවත්වාගෙන යන්න, ත්‍රිවිධ හමුදාවෙන් එකකට හෝ තුනටම බාර දුන්නා නම්, ලංකාව පුරාම අවශ්‍ය අයට හොඳ පුහුණුවක් දෙන්න තිබුණා. නමුත් ඒ දෙස බලන විවිධ දේශපාලුවෝ, ඔය වැඩේ කඩාකප්පල් කරනවා සිකුරුයි. උන් හිතන්නේ, රයිෆල් ක්ලබ් කියන්නේ, මිනිස්සුන්ව මරන්න පුහුණු කරන තැන් කියලා.

  8. Niyama lipiyak

  9. Mm details tekanam hodai amarekawa nepadawapu “he 65” aluthma gun aka gana damnawada

  10. Mohothak sithanna…… oba me thawath aparadayakata aththiwarama dama denawa noweda….. aviyaka kriya karithwaya upayogi karaganne hoda ho naraka aparadayak sadaha noweda….. ikmaninma me post eka ain karanna… puhunuwakata awasiya danuma ema ayathanaya magin pramanawathwa sapayan labanneya

    • කනගාටුයි.
      එතුමාට දන් මේ ලිපිය ඉවත් කරන්න හැකියාවක් නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: