විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Sailor   අම්මපා, මේ අපේ නැවියෙක් ඉන්නවා, කිසි කමකට නෑ. අඩු ගානේ නැවක රෝද හතර තියෙන්නේ කොහෙද, නැවකට කොච්චර ඉහලට පියාඹන්න පුලුවන්ද, වගේ ලිපියක්වත් ලියපන්කො ඉඳලා හිටලාවත්. කොහෙද මේ යකා ලියන්නෙම, සුබසාධන කතා විතරයි. දැන් අර ලොකු නැව් මහත්තුරු දෙන්නෙක් ලියනවා, ඒත් ලියන්නේ නැහැනේ, ඔය පරණ යුද්ද කතා ටිකක්. මේ දවස්වල, මම ජාලේ කරක් ගහනකොට, අහම්බෙන් දැකපු පින්තූර ටිකකට ආසාවේ බැරුව, ඒ ටික තමුන්නාන්සේලාටත් පෙන්නන්න හිතුණා. ඇත්තටම අපේ රටේ ඉතිහාසයටත්, නාවික හමුදා ඉතිහාසයටත් සම්බන්ධ ඒ පින්තූර, බොහොම වටිනවා. ඔන්න බලමුකෝ ඒ පින්තූර වලින් ටිකක්. තව මහා ගොඩක් තියනවා. ඒවා පස්සේ බලමු.

මේ පින්තූර අයත්වන්නේ, දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමට ආසන්න කාලයට සහ, දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹුණු මුල් කාලයට මෙන්ම, එහි අවසාන භාගයටයි. එබැවින්, මේ පින්තූර වල ඓතිහාසික වටිනාකම බොහොම ඉහලයි.

එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාව, පාලනය කෙරුනේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු සහ අවශ්‍යතා අනුව බව ඔබ හොඳින්ම දන්නවා. අපේ රටේ එකල දේශීය ත්‍රිවිධ හමුදා නොපැවැති අතර බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවල, ස්වේච්ඡා ඒකක ලෙසයි අපේ රටේ ත්‍රිවිධ හමුදා පවත්වාගෙන ගියේ. මේ අතරින්, රාජකීය නාවික හමුදාවේ ස්වේච්ඡා උප සේවය (Royal Navy Volunteer Reserve = RNVR) ලෙසයි මෙම කරුණු උපුටාගත් මූලාශ්‍රයේ සඳහන් වන්නේ.

පුහුණු කටයුතු

බ්‍රිතාන්‍ය හමුදාව යටතේ පවත්වාගෙන ගිය ස්වේච්ඡා නාවික බලසේනාවට, ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙන බව, මේ පින්තූර වලින් පෙනෙනවා. මා දන්නා තරමින්, සාමාන්‍ය නැවියන්ට පවා පුහුණුව ලබා දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

පහත දැක්වෙන බොහෝ පින්තූර වලට අදාළ විස්තරයේ සටහන්ව තිබෙන්නේ, Cingalese Ratings යනුවෙන්. මෙහිදී, Cingalese යන්න යොදා ඇත්තේ, අද අපි, Sinhalese/Singhalese යනුවෙන් කරන යෙදුම් උදෙසා බව පෙනෙනවා. නාවික හමුදා භාෂාවෙන්, Rate කියන්නේ, අදාළ නාවික හමුදා පුද්ගලයාගේ, තත්වය/තරාතිරම/වෘත්තීය/යන්නයි.

මේ පින්තූර, 1942 වර්ෂයේදී, කොළඹදී ලබාගත් බවයි, අදාළ මූලාශයේ සඳහන් වන්නේ. ඒ කාලයේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 Lee Enfield Mark I රයිෆල් තමයි, මේ නාවික සෙබළුන් අත දකින්නට ලැබෙන්නේ. බලන්න, ඒ කාලේ පාවිච්චි කල බයිනෙත්තුව කොපමණ දිගද කියා. එය රයිෆලයෙන් ගලවාගෙන, කෙටි කඩුවක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්.

1

මේ පින්තූරයේ දැක්වෙන සෙබළුන්, අවිය ගෙනයන්නේ, ‘උරේ අවි’ නමැති ඉරියව්වෙන්. අද මෙම ඉරියව්ව අපේ ත්‍රිවිධ හමුදාව භාවිත කරන්නේ නැහැ.

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

5

අවිය නිවැරදිව සවිකර, පිරිසිදුව තිබෙනවාද යන්න, පෙරෙට්ටුවේදී, නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි.

පොල් අතු සෙවිලි කළ භට නිවාස තමයි, පහත පින්තූරයේ පසුබිමේ දකින්නට ලැබෙන්නේ.

6

 

 

ඒ ඒ අවස්ථානුකූලව නැවක ඔසවන විවිධ ධජ මගින් ගොඩබිමට නොයෙක් තොරතුරු සපයනවා. මේ, ඒ පිලිබඳ පුහුණුවක් ලබන හැටි. 

6a

 

 

බර අවි පුහුණුව, සෑහෙන තරම් උසස් මට්ටමෙන් සිදුකර ඇති බව, මේ පින්තූර වලින් පෙනෙනවා. ඇත්තෙන්ම මේ කරන්නේ, ළඟ ළඟ එන ලෝක සංග්‍රාමයකට මුහුණදීම සඳහා සූදානම් වීමයි. මේ ඉගෙනගන්නේ, ගුවන් යානා නාශක තුවක්කුවක් ක්‍රියාකරවන ආකාරයයි.

7

 

 

රාත්තල් 3 උණ්ඩ, යොදා වෙඩි තබන මධ්‍යම පරිමාණ තුවක්කුව. පුහුණුවෙන අයට සපත්තුත් නෑ වගේ.

8

 

 

දේශනයකට සවන්දෙන ලංකාවේ නැවියෝ

9

 

 

මුහුදු වෙඩි ඇතිරීම පිලිබඳ පුහුණුවක්

10

මුහුද යට අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි පිළිබඳව, තොරතුරු සොයා බැලීමේ පුහුණුව

11

 

මුහුදේ අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි, පුපුරුවා හැරීමට පුහුණුව ලබන අයුරු.

12

 

 

කොහොමද ඒ කාලේ අපේ නේවි කොල්ලෝ

13

 

 

 

15

 

 

සතුරු ගුවන් ප්‍රහාර වැළක්වීමේ, ගුවන් යානා නාශක අවි පුහුණුව. එළිමහනේ කලයුතු මේ පුහුණුව, වහලයේ කුඩා කොටසක් ඉවත් කල ගොඩනැගිල්ලක් තුළ කරන්නේ, සතුරු ගුවන් ප්‍රහාර එල්ලවෙතැයි, අනුමාන කරන නිසා වන්නට ඇති.  මෙම පුහුණු පාසල හඳුන්වා තිබෙන්නේ CEYLON SCHOOL FOR NAVAL GUNNERS යනුවෙන්.

16

 

 

 

16a

 

 

 

17

 

 

තොරතුරු තාක්‍ෂණය අද මෙන් දියුණු නැතත්, හොඳ පුස්තකාල පහසුකම් ලැබී තිබෙනවා. හොඳින් බලන්න, සිවිලිමේ එල්ලා තිබෙන, කුඩා ගුවන් යානා ආකෘති. මේවා සෑමවිටම ඇස ගැටුනාම, එහි හැඩය මතක හිටිනවා. ගුවනේදී දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන්, ඒ කුමන ගුවන් යානයක්ද කියා.  

18

 

 

ඒයි අපේ නැවියා, කියලා දීපන් Boxing Compass කියන්නේ මොකක්ද කියලා. මේ කරන්නේ අන්න ඒ පුහුණුව. මට තේරෙන විදිහට, මාලිමාව මගින් දිශා හඳුනාගැනීම. 

19

 

 

බර අවි, කොටස් වලට ගැලවීම, පිරිසිදු කිරීම,සවිකිරීම, ආදී නඩත්තු වැඩ ඉගෙනගැනීම. 

20

 

 

ලොකුම තර්ජනය ගුවන් ප්‍රහාර. ඒ නිසා සතුරු/මිතුරු ගුවන්යානා, දුර තියාම හඳුනාගන්න හැටි කියාදීම වැදගත්.

21

 

 

සතුරු ගුවන්යානා වනසන මහ තුවක්කුවක්.

22

 

 

කොහොමද ඒ කාලේ පණිවිඩ හුවමාරු උපකරණ. හැබැයි, මේවා ජංගම යන්ත්‍ර කියලයි මූලාශ්‍රයේ තියෙන්නේ.  

23

 

 

මේ උපකරණය හඳුන්වන්නේ, හේලියෝග්‍රාෆ්  – Heliograph කියලා. <b>මේකේ තියන කන්නාඩියෙන්, හිරු එළිය, එක්තරා රටාවකට පරාවර්තනය කරලා, මෝස් කේත ක්‍රමය වැනි ක්‍රමයක් අනුව, සංඥා ලබාදෙන්න පුළුවන්. 

23a

 

 

ඒ කාලේ අප්‍රිකානු සෙබළුන්, ලංකාවට ගෙනැවිත් තිබෙනවා, පුහුණු කටයුතු සඳහා. මේ එවැනි පිරිසක් අපේ තේ රස බලද්දී.

24

 

 

සතුරු මුහුදු වෙඩි සොයමින්, කොළඹ අවට මුහුදේ මුර සංචාරයක යෙදෙන, HMS Sambhur නෞකාව. ඉදිරියෙන් සිටින්නේ, නැවේ කපිතන් වන, ලාංකිකයකු වූ, ලුතිතන් සන්සෝනි 

25

 

 

ලංකාවට ඒමට නැව් නගින අප්‍රිකානු සොල්දාදුවෝ. අප්‍රිකානු සොල්දාදුවන් හඳුන්වන්නේ, Askaris යනුවෙන්. 

26

 

 

‘අම්මෝ….පොල්ගස් වල කරටියේ ගෑවී නොගෑවී යන්නේ’ කියමින්, බෝම්බ ප්‍රහාරක බ්‍රිතාන්‍ය ගුවන් යානා නරඹන, ලාංකික ජනතාව  

27

 

 

අවරපෙති සහිත ගුවන් යානාවල, එම පෙති, වේගයෙන් මේ විදිහට කරකවා, පණගන්වන්නට පුළුවන්. මේකත් හරියට, එක්තරා ආකාරයක, ‘තල්ලු ස්ටාර්ට්’ එකක්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මේ ද්‍රවිඩ ජාතික ධීවරයන්, අත් උදව් කරුවන් හැටියට, මේ වැඩේ කරන්න මුලදී බයවුනත්, පසුව, අති දක්ෂ විදිහට ඒ වැඩේ කල බව, මූලාශ්‍රයේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම, මෙය මරණීය අනතුරු සිදුවිය හැකි දෙයක් වුනත්, අදත් කරනවා. මේ බලන්න.

28

 

සුබසාධනය 

29

එදත් අදත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලකයාගේ බිරිඳ, එම රජයේ සුබසාධන කටයුතු වලදී විශේෂ දායකත්වයක් දරනවා. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ අවසාන භාගයේ, ලංකාවේ ආණ්ඩුකාරයා වූ, ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මූවර් ගේ බිරිඳ, එවකට බ්‍රිතාන්‍ය රතු කුරුස සේවයේ ලංකා ශාඛාවේ, සභාපතිනිය ලෙස සේවය කළා. මේ ඇය ලංකාවේ සේවය සඳහා පැමිණි අවස්ථාව. 

බ්‍රිතාන්‍ය රතුකුරුස සංගමයේ ලංකා ශාඛාවේ සේවය සඳහා පැමිණි, බ්‍රිතාන්‍ය සාමාජිකාවන්, මේ ආකාරයටයි සේවයේ යෙදුණේ.

30

 

 

පොල් අතු සෙවිලි කල නේවාසිකාගාර

31

 

 

පොල් අතු නිවස්නය වුනත්,  පිරිසිදුකම සහ පිළිවෙල නම් තියනවා වගේ.

32

 

 

ඔවුන්ගේ අවන්හල. අවන්හල් සේවය අපේ අයගෙන් වගේ 

33

 

 

විවේකාගාරය

34

 

 

අපේ නැවියන්ට ඒ කාලේ ලැබුණු දන්ත වෛද්‍ය පහසුකම්. මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ, පුත්තලම නාවික කඳවුරේදී බවයි, මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 

34a

 

 

අධීක්‍ෂණය 

 

අපි එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර, මේ කාලයේදී, රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ක්‍රියාත්මකව පැවතුණා. පහත අංක 38, 39, සහ 40 යන ඡායාරූප වලින් දැක්වෙන්නේ, එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා සහ කෘෂිකර්ම ඇමති වූ ඩී.එස්.සේනානායක, ප්‍රවාහන සහ ඉදිකිරීම් අමාත්‍ය කර්නල් ජේ.එල්.කොතලාවල, ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.මහාදේව යන අය, HMS Ceylon නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්වථාක්.

35

 

 

 

36

 

 

 

36a

 

 

ත්‍රිවිධ හමුදා අතර සම්බන්ධිකරණ කටයුතු සඳහා පත්කර සිටි, වෘත්තීයෙන් වන සංරක්‍ෂණ නිලධාරියකු වූ, එවකට 1 වැනි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි, ලුතිතන් කර්නල් සී.පී.ජයවර්ධන වෙත, 1944 වසරේදී MBE (Military) සම්මානය, බ්‍රිතාන්‍යයේ හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලදී. නිළ ඇඳුමේ කුරුසයක හැඩයට පැළඳගෙන සිටින්නේ එම සම්මාන පදක්කමයි.

37

 

යාත්‍රා තොරතුරු 

 

38

 

 

HMS OKAPI මුර යාත්‍රාව, ලාංකික නැවියන් සමග, කොළඹ අවට මුහුදේ මුර සංචාරයක 

39

 

 

 

40

 

 

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව, පාකිස්තානු නාවික හමුදාව, යන හමුදා සමග, ලංකා නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රිකුණාමල වරායේ අභ්‍යාසයක. 1944 වර්ෂය 

41

 

 

ලංකාවේ සේවා කාලය නිමාකොට, ත්‍රිකුණාමල වරායෙන්, ආපසු බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන, HMS NEWFOUNDLAND යුද නැව 

42

 

 

මෙන්න ඉන්නවා ඇම්ඩා. මෙයා ගැන මම ලිපියක් ලියා තිබෙනවා. මේ තමයි HMS EMDEN නෞකාව. 1944 දී ත්‍රිකුණාමලයෙන් පිටත්ව යාම.

43

ඇම්ඩා ලංකාවට ආව බවට සාක්කි මෙන්න

Cruise_of_the_Emden_1914_Map

 

මොකද හිතෙන්නේ? ඇත්තටම මේ පින්තූර වලින් බොහොමයක්, අවුරුදු 75 ක් තරම් පැරණියි. ඒ වගේමයි, මේ පින්තූරවල පෙනීසිටින කිසිවකුත්, අද ජීවතුන් අතර නැහැ. මෙහි පෙන්වා ඇති අවි ආයුධ කිසිවක්, අද භාවිතයේ නැහැ. මෙහි දැක්වෙන කිසිදු නාවික යාත්‍රාවක්, අද භාවිතයේ නැහැ. මේ සියල්ල, අගනා ඓතිහාසික සටහන් පෙළක්.

මූලාශ්‍රය:- http://www.iwm.org.uk/

2016 ජූලි මස 20 වැනි දින 2257 පැය 

Advertisements

Comments on: "ඓතිහාසික නාවික සටහන් (පළමුවැනි කොටස)" (13)

  1. අගනා සටහන් පෙළක් ! මේ රට වටේම මුහුදු තිබුණත් භූඅර්ධ ගෝලයේ මැද්දෙම පිහිටි රටක් වුනත් හොඳ නාවික හමුදාවක් හැදුනේ නැත්තෙ ඇයී දැයි හිතාගන්නට අමාරුයි. මධ්‍යකාලීන අවදියේ නාවික හමුදාවක් තිබුණ නම් ඉතිහාසය මොනතරම් වෙනස් වෙන්න හැකි දැයි හිතෙනවා විචාරකතුමා.

    • ඉතාම වැදගත් කාරණයක් ඔබතුමා මතක් කරලා තියෙන්නේ. ප්‍රාදේශීය රාජ්‍ය කීපයකට වෙන්වී තිබීම නිසා, අභ්‍යන්තර ආරක්‍ෂාවට ප්‍රමුඛස්ථානය දෙන්න වීමෙන්, නාවික බලය ගැන සිතන්න අවස්වථාක් නොවන්න ඇති. ඒ වගේමයි, බොහොමයක් ආක්‍රමණ ආවේ, ඉන්දියාව ආශ්‍රිතව ගොඩබිමෙන් නිසා, ඒ පැත්ත ගැනයි වැඩිපුර බලන්න ඇත්තේ. කවුරුහරි දැනුමැත්තෙක් අදහස් දක්වනවානම් හොඳයි.

      • ඉදිරිපත් කරන යෝජනාව ඉතාම වැදගත් විචාරකතුමා මෙහෙම වෙන්න හේතු මොනවා විය හැකිද යන්නට ඔබතුමා අනුමාන කරන හේතුව ඇරුනාම ඒ ගැන ගවේශනය කර බැලුව කෙනෙකු ගේ කියවීමක් දකින්ට ලැබුණේ නෑහැ. අතීතයේ සිටම මුහුදු සේද මාවතේ වැදගත්ම සන්ධිස්ථානයයක් ලෙස තිබුණත් පළමු පරාක්‍රම බා යුගයෙන් පසුව නාවික හමුදාවක් ගැන තොරතුරු ලැබෙන්නෙ ඉතාම අඩුවෙන්. පෘතුගීසි යුගය වනවිට තිබිලම නැති බවක් පෙනෙනවා.

        • මහාවංශය ගැනම විශ්වාසය නොතබා, තවත් මූලාශ්‍ර සොයා යම් පර්යේෂණයක් කරන්න ඉතිහාසයට අදාළ විශ්ව විද්‍යාල මට්ටමේ ව්‍යාපෘතියක් ඇරඹීම තමයි සුදුසු. වෙනත් රටවල තිබෙන මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමුකිරීමත් වැදගත්.

          • ඔබ පවසන අරමුණ වෙනුවෙන් අලුත් ප්‍රවනතාවයන් සුබදායක මට්ටමක පවතින බව පෙනී යන බවක් හැඟෙනවා නේදවිචාරකතුමා. මුහුදු පුරාවිද්‍යා අංශය සහ පුරාවිද්‍යා ගවේශන වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය වෙනුවෙන් පමණක් බලා නොසිට වැඩ කරන්න උත්සාහ ගන්නා අය අතර රාජ් සෝමදේව, ශිරාන් දැරණියගල වැනි අය කැපී පෙනෙනවා නේද ? (ප්‍රතිපාදන හිඟය නිසාම ඒවා පවතින්නෙ ඉතාම ලාබාල මට්ටමක වුනත් )

  2. වෙනදා වගේම සුපිරි ලිපියක් …..

  3. Niyamata rasa vinda

  4. When I see these old photos, I believe and trust that we should have stayed in the commonwealth as so did the Australia, New Zealand, Canada and etc. What we did was a damn foolish decision by taking the country out.

  5. ඉතා වැදගත් සටහනක්. දෙවැනි ලෝක යුධ සමයේ ලංකාවේ දී ගත්තු මෙතරම් පැහැදිලි ඡයාරූප මට මීට කලින් හමුවෙලා නෑ. මේවා අප සමඟ බෙදාහදා ගත්තාට විචාරකතුමාට අනේක වාරයක් තුති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: