විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ආයෙත් ලට පට


Mixed Up   දන්නවනේ මම හිටපු ගමන් ඔය ලටපට දේවල් කීපයක් එකට එකතුකරලා ලියන බව. එහෙම එකතුවෙච්චි දෙක තුනක් තමා මේ ලියලා දාන්නේ. මෙව්වා ගැන දන්න කියන අයගේ අදහස් දැනගැනීම මානසික සෞඛ්‍යයටත් හොඳයි මම හිතන්නේ. ඒ නිසා දන්නා ඇත්තෝ කියමු බලන්ඩ මොකෑ වෙන්නේ, මොකෑ කොරන්ඩ ඕනේ කියලා.

පළවෙනි ලටපටේ.

   1_23මේ  දවස්වල බොග දැමීම එපාවෙන වැඩක් සැට් වෙලා. ඒ තමයි, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බටේ වීඩියෝ සහ පින්තූර දාන්න බැරිවීමේ, මහා බහානෙක තත්වයක් උදාවී තිබීම. ඕක විසඳන්න ගිහින්, තව පොඩ්ඩෙන්, බොගටත් කෙලවෙනවා. හොඳ වෙලාවට, මුලින්ම පස්ස උඩ දාලා (backup) කරපු නිසා, වැරදුනාට පස්සේ, ආපහු බොග තිබුණු තැනටම ගත්තා. අර හිටමෝල් කෝඩ් ද html කෝඩ් ද මොනාද කියන එව්වා, විසිපස් පාරක් විතර වෙනස් කළා, ජාලයේ තියන උදව් පිටු ගානකට ගිහින්. මොන…….වැඩේ හරියන්නෙම නෑ. 

   පස්සේ ඇහුවා පටම්අහුරා ගෙන්. ඌත් කිව්වා ඌටත් ඒ ලෙඩේ බෝවෙලාය, හදන්න හැදුවට හරියන්නේ නැත කියලා. පස්සේ මම අර සරුවාංග විසේසග්න වයිද්දිය, නිමෝ තුමාගේ නොම්මරේ පටම්අහුරා ගෙන්ම ඉල්ලගෙන, රෑ වෙලාවක ගැහුවා කෝලයක්. මොන……..මෙන්න මේකා උත්තර පණිවිඩයක් එවනවා, මාමේ මම මේ ගෝලීය ආර්ථික සමුළුවේ දේශනයක් පවත්තමින් ඉන්නේ, පස්සේ උඹව අමතන්නං (අඹවන්නං?) කියලා. අනේ අද වෙනතුරු ඌ අර සමුළුව අමතනවද කොහෙද, මට ඇමතුවේ නැහැ. තමුන්නාන්සේලා දන්නවානං, කියලා දෙනවකො, බොගර් බොග් වල කොමෙන්ටු වලට, යූ බට වීඩියෝ සහ පින්තූර දැමීම නැවතිලා තියෙන්නේ හිටං මක්කැයි කියාලා සහ, ඒක විසඳන්නේ කොහොමැයි කියාලා හිටං.  


දෙවැනි ලටපටේ.


  මේ ලඟදි මම කොළඹ ගිහින් එනකොට, එක්තරා තරුණයකු, මා ගමන් කල දුම්රියට ගොඩවුනා, වේයන්ගොඩ දී හෝ මීරිගමදී. ඔහු, දුම්රියට ගොඩවූ අවස්ථාවේ සිට ගමන් කලේ, දුම්රියේ පා පුවරුවේ. දුම්රිය ඇතුලේ වාඩිවෙන්න ඕනේ තරම් ඉඩ තිබුනත්, මේ හාදයා ගමන්කළේ, පා පුවරුවේ. නමුත්, මා බෙහෙවින් කණගාටුවට පත්වුණේ, මොහුගේ දකුණු අත මැණික් කටුව ළඟින් අහිමි වී ඇති බව, දුටුවට පස්සෙයි. ඔහුට නොදැනෙන්න, මා ඔහුගේ පින්තූර කීපයක් ගත්තා. එයින් හතරක් පහත පළකරනවා. 

48

තම ජංගම දුරකථනයට සම්බන්ධිත, ශ්‍රවණ උපකරණයත් කන්දෙකේ ගසාගෙන, ඔහු සිටියේ, බොහොම විනෝදකාමී ස්වරූපයකින්. ඔහු, වරින්වර, පාපුවරුවේ විවිධ ඉරියව් පාමින්, ගමන් කළා. දැනටමත් එක් අතක් මෙලෙස ආබාධිතව තිබියදී, මෙලෙස අනාරක්‍ෂිතව දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන්, බරපතළ ආදීනව ලැබිය හැකි බව ඔහුට කීමට සිතුනත්, මේ පරපුර අවවාද පිළිගන්න අය නොවන බව අද්දැකීමෙන්ම දන්නා නිසාත්, උඹට මොකද H කියා, අහන්න ඉඩ තිබෙන නිසාත්, මා නිහඬව මේ විප්‍රකාරය නරඹමින් ආවා. හැබැයි, ඔහු දුම්රියෙන් වැටුනානම්, මා පැහැදිලිවම සාක්ෂි දෙනවා, ඔහු නොසැලකිල්ලෙන් එම අනතුර කරගත් බවට. 

   මේ තරුණයා, අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් බැසගියා. මට ඒ වෙලාවේ පොඩි සැකයක් ඇතිවුනා මොහු හමුදා සොල්දාදුවකුද කියා. නමුත්, හොඳ පුහුණුවක් ඇති සොල්දාදුවකු, මෙලෙස ඇඳුම් අඳින්නේවත්, යුද්ධයේදී ආබාධිත වූවකු නම්, මෙලෙස හැසිරෙන්නේවත් නැහැ. අනික, යුද්ධයේදී ආබාධිත වූවානම්, ඔහුට කෘත්‍රිම අතක් හිමිවෙනවා. කෙසේ වෙතත්, වර්තමාන සොල්දාදු පරපුරේ අය, මෙලෙස හැසිරෙනවාදයි මා දන්නේ නැහැ. 

තුන්වැනි ලටපටේ 

සැටලයිට් සිංග්ලිෂ් ගැන දන්නවද? මා පහත දැක්වෙන සැටලයිට් සිංග්ලිෂ් පින්තූර ටික එකතුකරගත්තේ ගෙදරදී සැටලයිට් ටීවී වැඩසටහන් බලන අතරේදීයි. ඔන්න බලන්නකෝ සැටලයිට් සිංග්ලිෂ්. 

DSC_0004

DSC_0031

DSC_0036

DSC_0043

DSC_0044

DSC04689

DSC_0056

ඔය ඇති නේද? ගොහිං එඤ්ඤං ඈ?

2016 ජූලි මස 13 වැනි දින 1421 පැය 

Advertisements

Comments on: "ආයෙත් ලට පට" (5)

  1. දුමිදු said:

    මම හිතන්නේ ඔබ තුමාගේ එක ප්‍රශ්නයක් දැන් හරි ඇති .මොකද මම අද ඔබ තුමාගේ ලිපියකට කොමෙන්ටුවක් දැම්මා යු ට්යුබ් ලින්ක් එකක් එක්ක “අපිට ගැහුවා අපිත් ගැහුවා 3 කොටසට.එල කිරි වගේ වැඩ

    • ස්තුතියි දුමිඳු. මම හිතන්නේ මේ ප්‍රශ්නය තියෙන්නේ බ්ලොගර් වලට විතරයි. වර්ඩ්ප්‍රෙස් වලට නැහැ.

      ඔබේ වීඩියෝවට අදාළ යුද ටැංකිය ඉන්දියන් හමුදාවෙන් අල්ලගත්ත එකක්. එක යුද්ධ ටැංකියක් කවදාවත් යුද බිමේ යොදවන්න බැහැ. අඩුම වශයෙන් තුනක් ඕනේ. තනි ටැංකිය වැඩිවෙලා යන්න කලින් ගුටිකනවා.

      මේ ටැංකිය කවදාවත් පාවිච්චි කලේ නැහැ LTTE එකෙන්. ඔවුන්ගේ අභිමානය පෙන්නන්න ප්‍රදර්ශනය කළා විතරයි.

  2. අර ජාතියේ දොරටුපාලයින් දුම්රියවල කොතෙකුත් යනවා..මා සිතන්නේ ඔවුන්ගේ සිතට අමුතු විනෝදයක් ඇති එයින්.. නමුත් මගේ පුද්ගලික අදහස නම් අර චීනයේ කොරියාවේ වගේ මීලගට එන දුම්රිය වලවත් මුලු දුම්රියේම දොරවල් වැහුනාට පස්සේ දුම්රිය පිටත්වෙන්න තිබුනා නම් හොදයි..ඒත් ඉතිං එහෙම නම් ටිකක් ගාන වැඩි කරලා වායුසමනය කරන්න වෙයි..ඒත් ඉතිං පාඩුවක් වෙන එකක් නැ..සනීපෙ ට සීතලේ ආතල් ලෙකේ.. යන එක නෙව..

    • කියලා වැඩක් නැහැ. ඇත්තටම දොරවල් වැහෙන දුම්රිය අපේ රටට හොඳයි. දැන් තියන දොරවල් වැහෙන්න හදන්න පුලුවන්නම් හොඳයි. AC ඕනේ නෑ ජනෙල් ඇරගෙන යන්න පුළුවන්.

  3. නිර්නාමික said:

    යන එන ගමන් ගොඩ වුනු වෙලවක මේ ලිපිය දැක්කෙ. මා සතු අල්පමාත්‍ර වූ දැනුම අනුව නම්, යූ ටියුබ් වීඩියෝ වලට අදාල html codes කලින් හොස්ට් කරල තිබුනු තැන දැන් නෑ වගෙ. බ්ලොග් එකට වැඩකෑලි දානකොට ඒ ස්ක්‍රිප්ට් තමන්ගෙ තැනක හොස්ට් කරගන්න. 🙂 ගුගල් ඩ්‍රයිව් වල පුළුවන්. පොඩ්ඩක් නෙට් එකේ හොයල බලන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: