විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   asඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ කතාවක් කියලද හිතුවේ? නෑ නෑ, මේක ඊට වඩා බොහොම භයානක කතාවක්. මට නම්, මැරෙනතුරු මතකයෙන් නොගිලිහෙන කතාවක්. ඒ තමයි, ඊලාම් යුද්ධයේදී බංකර් ආශ්‍රිතව කෙරුණු සටන්.

   බංකර් යුද්දෙට යන්න කලින්, ඔබට පොඩි න්‍යායාත්මක දැනුමක් දෙන්න වෙනවා. එහෙම නැතුව මේ කතාව ඉදිරියට ගෙනියන්න අමාරුයි.

   ඔබ දන්නවනේ යුද්ධයකදී සතුරාට පහරදීම සඳහා, යුද හමුදාවක්, සතුරා සිටින ස්ථාන සොයා භූමියේ ගමන් කරන බව. යුද න්‍යායේදී මෙය හඳුන්වන්නේ, ඉදිරියට යාම හෙවත් Advance කියලයි. ඉදිරියට ගිහින්, සතුරා මුණගැහුනම, සටන් කරනවා කියලා, අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ අවස්ථාව හඳුන්වන්නේ, ප්‍රහාරය හෙවත් Attack කියලයි.

   අපි හිතමු, සතුරාට පහරදී, යම් භූමි ප්‍රදේශයක් අපි අල්ලාගත්තා කියා. දැන්, මේ භූමියේ සිට කලයුතු වැඩේ තමයි, ඊළඟ සටන්කාරී පියවර සඳහා සූදානම් වීම හෙවත්, සටනේදී අපිට සිදුවූ හානි තක්සේරු කර, අඩුපාඩු සම්පූර්ණ කරගැනීම ඇතුළු සියලු ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම. එය හඳුන්වන්නේ Reorganise කියලයි.

   ප්‍රතිසංවිධාන කටයුතු සතුරාගේ, ප්‍රති ප්‍රහාර මධ්‍යයේ කරන්නට බැහැ. ඒ සඳහා අපි ආරක්ෂාකාරීව සටන් බිමේ රැඳී සිටිය යුතුයි. මේ විදිහට යුදබිමේ යම් ප්‍රදේශයක් අල්ලාගෙන අපේ පාලනය යටතේ පවත්වාගැනීම හඳුන්වන්නේ ආරක්‍ෂාව හෙවත් Defence යනුවෙන්. වෙනත් විදිහකින් කියනවානම් යුද්ධයකදී පියවර හතරක් ඔස්සේ තමයි ක්‍රියාකරන්නේ. මේ ගැන මම මීට පෙරත් ඔබට කියාදී තිබෙනවා. අද ලිපියෙන් මේ ආරක්‍ෂාව Defence ගැන වෙනත් මානයකින් බැලීමයි කෙරෙන්නේ.

   ඇත්තෙන්ම ආරක්‍ෂාව යන්න යුද පුහුණුවේදී විශේෂ වැදගත්කමක් සහිත විෂයයක්. ආරක්‍ෂාව කියන්නේ කටුකම්බි වැටවල්, මාර්ග බාධක, සැර විදුලි පහන්, හැම වෙලාවේම සූදානම්ව සිටින සොල්දාදුවන්, බරඅවි, විතරක් නෙවෙයි. ඊට වඩා සියුම් මූලධර්ම ඔස්සේ තමයි, ආරක්‍ෂක ප්‍රදේශයක් පවත්වාගෙන යන්නේ. යුද බිමක තමන්ගේ පාලනය යටතේ තියන ඉදිරි සීමාව හඳුන්වන්නේ, ‘ඉදිරි ආරක්ෂක ප්‍රදේශය Forward Defended Locality = FDL’ යනුවෙන්.

   යුද්ධය විද්‍යාවකට වඩා කලාවක්. Art of War කියලා තමයි, යුද පුහුණුවේදී කියන්නේ. සියුම්ව සිතාබලා ගතයුතු පියවර බොහොමයි. සමහරවිට, එක සෙනෙවියෙක්, සොල්දාදුවන් 1000 ක් යොදවා පරාජය වන සටනක්, තවත් සෙනෙවියකු විසින්, සොල්දාදුවන් 100 ක් යොදවා ජයගන්න පුලුවන්. ‘සිංහයකු විසින් අණදෙන ඔටු හමුදාවකට, ඔටුවකු විසින් අණදෙන සිංහ හමුදාවක් පරාජය කලහැකියි’ කියා කියමනක්, හමුදාවේ තියනවා.

   මේ ලිපියෙන් මම ආරක්‍ෂාව නමැති ගැඹුරු විෂයය විස්තර කරන්නට බලාපොරොත්තුවන්නේ නැහැ. එය වෙනම ලිපියකින් හෝ දෙකකින් පසුව විස්තර කරන්නම්.

   ඊලාම් යුද්ධයේ මුල් අවධි වලදී LTTE ත්‍රස්තවාදීන්, අපේ හමුදාවේ බංකර් වලට පහරදී මහා විනාශයන් කල බව ඔබ දන්නවා ඇති. සමහර ප්‍රහාර කොතරම් දරුණු වූවාදැයි කිවහොත්, බංකර්වල සිටි අපේ සෙබළුන්ගේ බෙල්ල කපා, හිස රැගෙන ගිය අවස්ථා තිබුණා. මුල් අවධියේදී, අත්දැකීම් අඩුකම, අපේ අවාසියට හිටියා. ඒ කාලයේ, ත්‍රස්තවාදීන් අපට පහර දුන් එක ක්‍රමයක්, පහත රූපයෙන්, මා ඔබට විස්තර කරනවා.

Screenshot (205)

   මේ රූපයේ, කළු පැහැති කොටු වලින් පෙන්වන්නේ, යුද බිමේ අපි සකසා තිබුණු බංකර් පේලියකින් බංකර් හතරක්. මෙම බංකර් දෙකක් අතර පරතරය මීටර් 50 ක් පමණ වුණා. රූපයේ තිබෙන, ඉදිරි ආරක්‍ෂක පෙදෙස කියන අකුරු පේලිය සහිත පැත්තට මුහුණ ලා තමයි, බංකර් වල සොල්දාදුවන් ඉන්නේ. මේ බංකර් පේලියට මීටර් 100 ක් පමණ හෝ ඊටත් වඩා පසුපසින් තමයි, අණ දෙන්නන්ගේ බංකර් සකසා තිබුණේ. ඉදිරි ආරක්ෂක පෙදෙස කියන භූමියේ එතරම් බාධක (බිම් බෝම්බ/ක්ලේමෝ බෝම්බ/ට්‍රිප් ෆ්ලෙයාර්ස්/ජම්පිං මයින්ස්) යොදවා තිබුනේ නැහැ. කොන්සර්ටිනා වයර් හෝ කටුකම්බි පමණයි තිබුණේ. 

er   අනික් එක, ඒ කාලේ අපි බංකර් ගැහීමේ විශේෂඥයන් වෙලා හිටියේ නැහැ. මෙන්න මේ රූපයේ පෙන්නනවා වගේ, යන්තම් වැලි ගෝනි, ටකරං, පස්, දාලා අටවාගත්තා. අද්දැකීම් ලැබෙන්න ලැබෙන්න, ඒ කියන්නේ, අපිට වන හානිය, මරණ, තුවාල, වැඩිවෙන්න වැඩි වෙන්න තමයි, කොහොමද ඒ තත්වයට මුහුණ දෙන්නේ කියලා ඉගෙනගත්තේ. ඒ කාලේ සොල්දාදුවෝ, තමන්ගේ සබ්බ සකල මනාවම, ඔය බංකර් වලට ගෙනිහින් තියාගෙන හිටියා. ඉතිං බෙල්ල කපාගෙන යන ගමන්, අර සොල්දාදුවන්ගේ බෑග්වල තිබුණු පඩි සල්ලි ටිකටත් කෙළලා යන්න, LTTE කාරයන්ට පුළුවන් වුණා. ඔය හේතුව වගේම, නිවාඩු යන සොල්දාදුවෝ, අනුරාධපුරය සහ කොළඹ යන නගර වලදී, ගණිකාවන්ට, බීමට, මුදල් වියදම් කර, අතේ සතේ නැතුව ගෙදර යාම වළක්වාගන්න, වැටුප, තම කලත්‍රයා සමග ආරම්භ කරන හවුල් ගිණුමකට බැර කරන්න, හමුදා මූලස්ථානය විසින් ක්‍රියාකළා.  

   හොඳයි, ආයෙත් බලමු අර ඉහත රූපය. ඒ කාලේ LTTE කාරයෝ කලේ, රෑට එකවර, ඔය බංකර් පේළියක තියන බංකර් හතරක් පහක් ඉලක්ක කරගනිමින්, මහා වෙඩි වරුසාවක් එවීමයි. එම වෙඩි එල්ල වෙන්නේ, බංකරයේ වහල මට්ටමට ටිකක් පාතින්. වෙන වචන වලින් කියනවා නම්, උන්ගේ එක පිරිසකට බිම දිගේ බඩගාගෙන බංකර් ළඟට යන්න තරම් ඉඩ තියලා, ඊට ඉහලින් තමයි අනික් පිරිස වෙඩි තියන්නේ. 

   1 ඉලක්කම් වලින් පෙන්නේන්නේ අන්න ඒ කොටසයි. ප්‍රහාරයේ පළමුවැනි පියවර තමයි ඒ. 

  අංක 2 මගින් පෙන්වන්නේ  අර බඩගාගෙන එන එවුන්, බංකර් අතරෙන් රිංගීමයි. අපේ අයගේ අවධානය යොමුවෙන්නේ වෙඩි තියන එවුන් ගැන විතරයි. මුන් වෙඩි තියන්නේ නැතුවයි බඩගාගෙන එන්නේ. 

   3 වැනි පියවරේදී, මුන් අපේ බංකර් වල පිටිපස්සෙන් ඇවිත්, උන්ට පස්ස හරවා, ඉදිරි භූමියේ සිට වෙඩි තියන එවුන් එක්ක සටන් කරන සොල්දාදුවන්ට, ළඟටම ගිහින් වෙඩි තියනවා. බෙලි කපාගන්නවා, සල්ලි අරගන්නවා, ගෙනියන්ඩ පුළුවන් හැම දෙයක්ම අරන් යනවා.

   4 වැනි පියවරේදී ඔවුන් කෑගහලා කියනවා, ඉදිරි භූමියේ සිට වෙඩි තියන එවුන්ට, ‘වැඩේ හරි, වෙඩි තියන එක නවත්තපල්ලා’ කියලා. ඊට පස්සේ මුන් ආපහු දුවලා යනවා. කොහොමද වැඩේ? 

   හොඳයි, ඉතිං කොහොමද මේ තත්වය අපි ජයගත්තේ? එය ඉතා වෙහෙසකර, දුක්බර, අද්දැකීම් සමුදායක්. අදම කිව්වොත් කිසි ගතියක් නැහැ නේද? ඊ ළඟ කොටසෙන් කියන්නම්? තරහ ගියාද? එහෙනම් ඔන්න ඔය තදවීම අඩුවෙන්නත් එක්ක, බලන්නකෝ මම ඉරිදා ලියපු ලිපිය.

Advertisements

Comments on: "අපිට ගැහුවා – අපිත් ගැහුවා (පළමුවැනි කොටස)" (5)

  1. 😃😃😃😃😃😃++++++

  2. […] වලට, LTTE ත්‍රස්තවාදී පහර දුන් ආකාරයයි. (ලිපියේ පළමුවැනි කොටස මෙතනින් බලන්න) අද කොටසෙන් තවදුරටත් කතාකරන්නේ, මේ […]

  3. […]   මේ ලිපියේ පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කියවූ බොහෝ දෙනෙකුගේ […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: