විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


History of War   මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට අද දක්වා, ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පැවතීම, අරුමයක් නොවෙයි. එමෙන්ම, මානව ශිෂ්ටාචාරය මේ මිහිමත පවතින තුරු, යුද්ධයද පවතිනු ඇති බව, විද්වත් මතයක්. යුද්ධය ඇතිකරන්නෙත් මිනිසායි. සාමය ඇති කරන්නේත් මිනිසායි. මිනිස් චිත්ත සන්තානය තුළ, යුද මතය තිබෙනතුරු, ලෝකයේ කොහේ හෝ කොනක යුද්ධයක් පවතිනු ඇති. සාමය ඇති කිරීම කෙසේ වෙතත්, මතුපිටින් පෙනෙන සාමයට යටින්, ලෝකයේ බොහොමයක් රටවල්, තම යුද ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකරමින් සිටින බවත්, නොරහසක්.

   මේ අතර, අපේ රටට අතිරික්ත යුද අවි සහ උපකරණ, එම අවි සහ උපකරණ ලබාගත් රටවලටම, ආපසු විකුණා දැමීමේ අදහසක් තිබෙන බව, කොස්ගම යුදහමුදා පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිපිරීමේ සිද්ධියෙන් පසු, ජනමාධ්‍ය ඔස්සේ කියවුනා ඔබට මතක ඇති. මොකද ඒ ගැන හිතෙන්නේ?

   යුද වාර්තා, එදත් අදත්, විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තොරතුරු සමුදායක් බව, ඔබ කවුරුත් දන්නවා ඇති. අද මා, එවැනි වාර්තා කීපයකින් උපුටාගත් පින්තූර සහ විස්තර තමයි, ඔබ වෙත මෙසේ රැගෙන එන්නේ.

   මෙම ලිපියට අදාළ කරුණු සහ පින්තූර උපුටාගත්තේ, HISTORY OF WAR සඟරා වලින් බව, සඳහන් කරන්නට කැමතියි. පින්තූර පෙන්වමින් විස්තරත් දෙන්නම්.

Screenshot (193)

   වර්ෂ 1941 දී ගත් ඉහත ඡායාරූපයෙන් පෙන්වන්නේ, හිමෙන් වැසී ගිය භූමියක, යුද හමුදා උපදේශක වරුන්ගේ යටතේ, හමුදා පුහුණුව ලබන, රුසියානු පාසල් සිසුන් පිරිසක්. ඔවුන් මෙහි පාවිච්චි කරන සෑම අවියක්ම, ඇත්ත අවියක ලී අනුරුවක් විනා, ඇත්ත අවි නොවෙයි. 1941 වනවිට, ජර්මානු හමුදාවේ තර්ජනය, ඉතා දැඩිව රුසියාවට දැනුනා. තම ත්‍රිවිධ හමුදාවේ භටපිරිස් ප්‍රමාණවත් නොවන නිසා, මෙලෙස, පාසල් සිසුන් පවා, යුද්ධයට සූදානම් කෙරුණා. අද නම් මෙය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති යටතේ තහනම් ක්‍රියාවක්. 

Screenshot (202)

  සටනට උපන් අගමැති. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවිය දැරූ, ශ්‍රීමත් වින්ටන් චර්චිල්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් හමුදා විද්‍යාපීඨයේ උපාධිධරයකු වන අතර, ලුතිතන් කර්නල් නිලයේ නිලධාරියකුද විය. එබැවින්, ඔහු සටන් පෙරමුණට ගිය අවස්ථා බොහෝය. ග්‍රීක දූපත් වලට, විශේෂ පුහුණු නාවික යාත්‍රා බලගණයක් යැවූ ඔහු, මේ සිටින්නේ, එම බලගණය පරීක්‍ෂා කරමින්. චර්චිල්ගේ කටේ තියන සුරුට්ටුව, ඔහුගේ අනන්‍යතාවේ ලක්ෂණයක් ලෙස, ලෝක ප්‍රසිද්ධයි. 

Screenshot (201)

   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ආරම්භ කෙරුණු, බ්‍රිතාන්‍ය විශේය නාවික යාත්‍රා බලගණය, Special Boats Squadron = SBS (අද අපේ රටෙත් තියනවා)  ඉතා රහසිගතව පවත්වාගෙන ගිය, ඉතා සාර්ථක සහ අති ප්‍රබල හමුදා ඒකකයක් වුණා. සතුරා විශ්මයට පත්කරමින්, මාරාන්තික ප්‍රහාර එල්ල කරමින්, උතුරු අප්‍රිකානු වෙරළ ආශ්‍රිතව තම ආධිපත්‍යය ගොඩනගා ගන්නට, ඔවුන් සමත් වුණා. 1944 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී වරයකු, මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින්, සතුරු යාත්‍රාවලට පැන, ඔවුන්ගේ බෙල්ල කපා මරා දමන, ම්ලේච්ඡ සටන් කරුවන් පිරිසක්, බ්‍රිතාන්‍ය ධජය යටතේ, මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ඉන්නවාද? කියා විමසීය. එයට පිළිතුරු දුන්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, අපේ රට වෙනුවෙන්, යුද රහස් රැකගන්නට, තමුන්නාන්සේ සහාය නොදෙන්නේ නම්, මම, හෙට තමුන්නාන්සේව එම නාවික කණ්ඩායම වෙත යවනවා, යනුවෙන් ප්‍රකාශ කළා. 

   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ, යූ එස් එස් ෆ්‍රෑන්ක්ලින්, ගුවන්යානා හාරක යුද නෞකාව, 1945 මාර්තු මාසයේදී ජපන් ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක්ව, අර්ධ වශයෙන් ගිලීගිය අවස්ථාව. 800 ක් පමණ වූ නැවේ කාර්ය මණ්ඩලය, ඉතා අසරණව නැව් තට්ටුව මතට වී බලාසිටින්නේ, තමන් බේරා ගන්නා තුරුයි. 

Screenshot (211)

   කටකාර මෙන්ම හැඩකාර, එමෙන්ම යකඩ ගැහැණිය යයි විරුදාවලි ලත්, බ්‍රිතාන්‍ය අගමැතිනි, මාග්‍රට් තැචර්, සිය සැමියා වන ඩෙනිස් තැචර් (පසුබිමේ) සමග, මේ යුද ගුවන් යානයකට ගොඩවී සිටින්නේ, ඇය අගමැතිනියව සිටි සමයේ, 1982 දී, බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා කම්හලක, නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවකයි. ෆෝල්ක්ලන්ත යුද්ධයේදී, ඇය ඉතා නිර්භීතව ක්‍රියාකල නිසයි, ‘යකඩ ගැහැණිය’ යන විරුදාවලිය ලැබුවේ. 

Screenshot (220)

   බ්‍රිතාන්‍ය අගමැති විස්ටන් චර්චිල්, ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට්, රුසියානු අගමැති ජෝසෆ් ස්ටාලින්,  මෙසේ කැමරාවට හසුවූයේ, දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් භාගයේදී, 1945 වර්ෂයේදී, ක්‍රිමියානු අර්ධ ද්වීපයේ යාල්ටා ප්‍රදේශයේදී පවත්වන ලද, සුප්‍රසිද්ධ ‘යාල්ටා සම්මන්ත්‍රණය‘ සඳහා පැමිණි අවස්ථාවේදීයි. 

   ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ පිහිටුවා තිබුණු, ‘ඩකාවූ සිර කඳවුරේ‘ සිටි, යුදෙව් වැසියන් 32000 කට අධික පිරිසක්, ජර්මානු SS භටයන් අතින් ඝාතනයට ලක්වූ අතර, 1945 අප්‍රේල් මස 29 වැනි දින, ඇමරිකානු යුද හමුදාව විසින් මෙම කඳවුර ජර්මානු ග්‍රහණයෙන් මුදාගන්නා ලදී. මෙහිදී එම කඳවුරේ සිටි SS භටයන් පැනයාමට තැත්කළ අවස්ථාවේදී, ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වූ අයුරු. 

 
   අදට ඇති නේද? මීට වඩා සංවේදී තොරතුරු ඇතුළත්, මෙවැනි ලිපි කීපයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 
 
2016 ජූනි මස 28 වැනි දින 0046 පැය 
Advertisements

Comments on: "ලෝක යුද ඉතිහාසයෙන් (පළමුවැනි කොටස)" (12)

  1. ලෝක යුද ඉතිහාසය සිංහලෙන් කියවන්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔබ උදා කර තිබීම අප හැමගේ ගෞරවයට පාත්‍රවෙයි.

  2. ඉතා වටිනා ඡායාරූප ඒකතුවක්. වටිනා දැනුවත් කිරීමක්

  3. අපූරු විස්තරයක් මචං.!!! 👌🏻👌🏻👌🏻👌🏻👌🏻
    අර SBS කට්ටය නං හෙනම දරුණු විත්තිය මාත් ලඟකදී කියවල තිබුන.

    මචං ලංකාවෙත් SBS එකත් බ්‍රිතාන්‍ය එක අනුගමනය කරලා පිහිටවපු එකක් ද? තව අර LRRP කියන්නෙ මොකක් ද?

    මමත් ඔය අන්තිමට තියෙන ජර්මානු සමුලඝාතන කඳවුරු ගැන ගිය බොහොම ලස්සන සංවේදී TV සිරිස් එකක් බැලුව ලඟදි. ඒකෙ නම Auschwitz The Nazis and the Final Solution [BBC] බයිස්කෝප් මගින් සිංහලට පරිවර්තනය කරලත් තියෙනව,

  4. අපූරු විස්තරයක් මචං.!!! 👌🏻👌🏻👌🏻👌🏻👌🏻
    අර SBS කට්ටය නං හෙනම දරුණු විත්තිය මාත් ලඟකදී කියවල තිබුන.
    මචං ලංකාවෙත් SBS එකත් බ්‍රිතාන්‍ය එක අනුගමනය කරලා පිහිටවපු එකක් ද? තව අර LRRP කියන්නෙ මොකක් ද?
    මමත් ඔය අන්තිමට තියෙන ජර්මානු සමුලඝාතන කඳවුරු ගැන ගිය බොහොම ලස්සන සංවේදී TV සිරිස් එකක් බැලුව ලඟදි. ඒකෙ නම Auschwitz The Nazis and the Final Solution [BBC] බයිස්කෝප් මගින් සිංහලට පරිවර්තනය කරලත් තියෙනව,

    • මචං මේ රස්තියාදුකාරයා සහ ෂැගියා කියන දෙන්නම එක්කෙනෙක්ද?

      මචං කියපු එකට නම් බොහොම ස්තුතියි මචං මොකද දැන් මගේ වයස අවුරුදු 63 යි.

      ඔව් බ්‍රිතාන්‍යය වගේම වෙනත් රටවලින් ආදර්ශ අරගෙන තමයි අපේ SBS එක හැදුවේ.

      ඇත්තටම යුද ඉතිහාසය ගැන කියන කතා හරිම රසවත්.

      • මචං කිව්වම වයස් භේදයක් නැතුවම පොඩි සැහැල්ලු ගතියක් එනව කතාබහේදී 🙋🏻🙋🏻🙋🏻
        අවුරුදු 63ක් උනාට තාම කොල්ලො වගේ තමයි නැත්නං බොග් ලියයි යෑ !!!

        /මචං මේ රස්තියාදුකාරයා සහ ෂැගියා කියන දෙන්නම එක්කෙනෙක්ද?/
        ඔව් බං කලින් එක ලොග් වෙන්න අමතක වෙලා දැම්මේ , මකන්න බැලුව හරිගියේ නෑ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: