විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

හාමුදුලුවනේ……….!!!


Screenshot (161)

Screenshot (162)

අලෝ……….ආලෝ……ඔය අපේ අල ලත්තන තුදුපාත හාමුදුලුවොද? හාමුදුලුවනේ, හාමුදුලුවෝ අලි බබෙක් තියාගෙන ඉන්නවද? එයා අතලමං වෙලා ආව අලි බබෙක්ද? ඉතිං එය බලාගත්තා කියලා කවුද හාමුදුලුවන්ට නඩු දාන්න යන්නේ? කවුද එයාව අතලමං කළේ? හාමුදුලුවෝ නෙවෙයි නේද? අලි බබාලා ඉන්නේ ඈත කැළේ කියලා අපේ මොන්ටිතෝලි චීච කිව්වා. ඉතිං මේ අලි බබා කොහොමද එයාගේ අම්මිවයි තාත්තිවයි දාලා පන්තලට ආවේ? හාමුදුලුවෝ කිව්වද ගෙනත් දෙන්ද කියලා. හමුදුලුවෝ එහෙම කියන්නේ නෑ නේද? ඔයා ෂෝයි හාමුදුලු කෙනෙක්නෙ. ඉතිං ඔය අලිබබා අතලමං වෙලා හිටියනම් ඇයි එයාගේ අම්මිවයි තාත්තිවයි හොයලා දෙන්ද කියලා අල ඔයා හැමදාම බණ කියන ලේඩියෝ එකෙන් කිව්වේ නැත්තේ? පව් නේද? අපේ අක්කි අපිත් එක්ක කැළණියේ පෙලහැල බලන්න ගිහිං අතලමං වුනාම පන්තලේ ඉත්පීකලෙන් කිව්වා මෙන්න අක්කි ඉන්නවා කියලා. අපේ තාත්ති ගිහින් එක්ක ආවා. ඉතිං ඒ වගේ අක්කි කෙනෙක් ඔයාගේ පන්තලේ අතලමං උනාමත් ඔයා එයාව කෑම දීලා බලාගන්නවද? අනේ පව් නේ, නේද? අපි ඔයා කියන බණ හැමදාම අහනවා. එදා ඔයා කිව්වනේ බොලු කියන්න එපා අපායේ යනවා කියලා බුදු තාදු කියලා තියනවා කියලා. අපේ ගේ ළඟ කඩේ ඉන්න අයියා හලි නලකයි. එයා කියනවා ඔයා කියන්නේ බණ නෙවෙයි බයිලලු. එයා හලී නලකයි නේද?

මම ඔයාගේ පන්තලට ඉත්තලහ ගෙදල නංගි බබා.

2016 පෙබරවාරි මස 18 වැනි දින 0024 පැය 

Advertisements

Comments on: "හාමුදුලුවනේ……….!!!" (5)

  1. කීපවරක් ලියලා මකලා දැම්මා මිසක් ඔය මාධ්‍ය හමුවෙදි කිවිව දේවල් ගැන ලියන්න මීට වඩා හොඳ විදිහක් තියනව දැයි හිතන්න බෑ.

    • ස්තුතියි ගුණසිංහ මහත්මයා. කොහොමද සැපදුක්?

      • ඔක්කොම කණපිට හින්ද හැඩගැහෙන්න අමාරු වුනා.
        දැන් ටික ටික ගොඩ එනවා. සුවදුක් විමසීම සමග මහ සතුටක් ඇතිවුනා. ඔබතුමාට ස්තුතියි.

        • හෙහ් හෙහ්, දේසේ හැටියට බාසේ කිව්වලු. ඔන්නොහේ කාගෙන ඉන්ඩකෝ. ඉක්මනට හරියයි. සීතල තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ.

          • 1.අපි ගෙදරක විදුලි ස්වීච් ඕන් කරන්නෙ ඉහළට දාල මෙහෙ පහළට දාල
            2 අපි වාහන පදවන්නෙ දකුණෙ ආසනයක සිට
            මෙහෙ පදවන්නෙ වමෙන්
            3. වාහන යන්න ඕන වමෙන්
            මෙහෙ දකුණෙන්
            4 අපිට දැන් රෑ වෙමින්
            මෙහෙ දවල් වෙමින්
            5.අපි නිතරම වගේ ඉන්නෙ එළිමහනෙ
            මෙහෙ නිතරම වගේ මිනිස්සු ඉන්නෙ ගොඩනැගිලි හෝ වාහන ඇතුලෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: