විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 An_electrified_skeleton_111024-213519-049009   මේ ලිපිය කියවීමෙන් පසු, සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියේ  මෙන්න මේ ලිපිය කියවන්න.

   මුන්ට හෙන හතම වදින්න ඕනේ. කවුද අසමජ්ජාතියෙන් විදුලි මළබන්ඩලේ බලමණ්ඩලේ සූප්පුව නැති කරලා. ඒකෙන් වෙලා තියෙනේ තරුණ ජීවිත තුනක් නැතිවෙලා. අර ගාල්ලේ ගිංතොට පැත්තේ දී අධිබල විදුලි කම්බියක් (රැහැනක්/බහනක්) මණ්ඩලේ බානක් ද? කඩා වැටීම නිසා. මණ්ඩලේ කට්ටිය තම රැකියාවේ/වෘත්තියේ/සේවයේ වගකීම පැත්තක දාලා, රැකියාවේ ප්‍රතිලාභ කියන සූප්පුව උර උරා ඉන්න අතරේ, කවුද එවුන් වගයක් කෝල් එකක් දාලා කියලා, ගිංතොට මහා විදුලි ගිනිවිජ්ජුම්බරයක් කියලා. යන්තං පැයකට විතර පස්සේ, එම වීර විදුලි හමුදාව ඇවිත්, අර මැරිච්ච එවුන්ගේ මිනීටික පටවන්න උදව් වෙලා.

  අම්මප අපි මල් තියන්න, ඕනේ මෙහෙම වීරයන්ට –  රඟ රඟ ටං, රඟට ටකං……

   මණ්ඩලේ කියන්නේ, විදුලි කණුවක ගිය ලේනෙක්, රැහැන් අස්සේ හිරවීමෙන්, පද්ධතිය ලුහුවත් වෙලා, ගිනි ගැනීමෙන් රැහැන කඩා වැටුනා කියා. පද්ධතියද පොට්ටනියද, ලුහුවත් ද නිරුවත් ද අපි දන්නේ නෑ. අනේ මුන්දලාගේ මෑණියන්දෑලාට, සෑම නියං සමයකදීම වැහි ලැබෙන්න, ඉතිං කොහොමද අප්පේ ඔය ලේනෙක් හරි මණ්ඩලේ කාගෙහරි (ගෙදරක ඉන්න) මීයෙක් හරි ගෑවිච්ච ගමන්, මෙව්වා ගිනිගන්නේ? එහෙනං රටේම ඉන්න ලේන්නු, මීයෝ, කාක්කෝ පරෙයියෝ, වවුල්ලු, ඔක්කොම මරන්න ඕනේ මහජනතාවගේ ජීවිත රැකගන්න.

  • අපේ රටේ විදුලිය බෙදා හැරීමේ පද්ධති මේ තරම් අනතුරුදායක ඇයි?
  • සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා පද්ධති බිඳවැටීම්/ගිනිගැනීම් නවත්වන්න ක්‍රමයක් නැද්ද?
  • අපි තවමත් පාවිච්චි කරන්නේ පැරණි ක්‍රම නොවේද?
  • හදිසි අවස්ථාවක දී විදුලිබල මණ්ඩලය එම ස්ථානයට පැමිණෙන්නට මෙපමණ ප්‍රමාදවන්නේ ඇයි?
  • හදිසි අවස්ථා ක්‍රියාමාර්ග යනුවෙන් සැලැස්මක් විදුලිබල මණ්ඩලය සතුව තිබේද? 
  • එවැනි ක්‍රියාමාර්ග සම්බන්ධ පෙරහුරු පවත්වනවාද?
  • විදුලිබල මණ්ඩලයේ සමහර නඩත්තු අංශවල සේවකයන් රාත්‍රී කාලයේදී බීමත්ව ඉන්නවා කියන්නේ ඇත්තද? 
  • ඉදිරියේදී මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ගතයුතු කඩිනම් පියවර මොනවාද?

   රන්ජිත් සියඹලාපිටිය ඇමෑත්ත තුමෝ, පෞද්ගලිකව දන්නා හඳුනන නමුත්, මෙව්වා ඒ ආකාරයට විසඳන්න බැරි නිසා, මෙසේ ලියා දන්වමි.

   පසුව එකතු කිරීම (2015/11/06) මෙන්න මේ ලිපියත් කියවන්න

2015 නොවැම්බර් මස 04 වැනි දින 1314 පැය 

Advertisements

Comments on: "විදුලිබල මණ්ඩලේ සූප්පුව නැතිකළේ කවුද යකෝ….." (18)

  1. අපේ පැත්තෙනම් විදුලිබල මණ්ඩලේ customer service නියමයි ..මොකක්හරි ෆෝල්ට් එකක් අවොත් එක call එකයි ..වැඩේ ගොඩ

    • ඒ කොහේද අප්පේ මෙහෙම පැතිත් තියනවා කියල ඇහුවමයි. ඇත්තම ඇත්තනං !

      • කුරුණෑගල ….විචාරක තුමත් අපේ area එකේ මම හිතන්නෙ..

        • මටනම් කියන්න තියෙන්නේ සේවය සතුටුදායක මදි කියලයි. එයට එක හේතුවක් තමා බිඳවැටීම් නඩත්තු කරන්න ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් සහ වාහන නොතිබීම මෙන්ම, දුෂ්කර මාර්ග සහිත විශාල ප්‍රදේශයක් නඩත්තු කරන්න සිදුවීම. හදිසි අවස්ථාවලදී දෙන ඇමතුම් වලින් 10% කට වත් හොඳ ප්‍රතිචාර ලැබී නැහැ.

  2. සාපේක්ෂව LECO එකේ Customer Service එක CEB එකට වඩා හොඳයි. එහෙම කිව්වට CEB එකෙත් හැමතැනම මන්දගාමීව Customer Service දෙන්නේ නෑ. අපේ ගෙවල් පැත්තේ විදිලි සැපයුම බාරව ඉන්න ප්‍රාදේශිකය නම් මොකක්හරි අනතුරක් හරි බිඳවැටීමක් දන්වපු සැණින් පැමිණිලා ඒවා නිවැරදි කරලා දීල යනවා. විදුලි සම්ප්‍රේෂණය කරන තාක්ෂණය/ ක්‍රම නම් ඉතින් යල්-පැනල කියන්න බෑ. ඔය ක්‍රමයන්ම තමයි අනෙකුත් රටවලත් පාවිච්චි වෙන්නේ (පොළොව යටින් කම්බි අදින ක්‍රමය ඇරුණම. කොළඹ නගරය වගේ සීමිත ප්‍රදේශයක එහෙම තිබුණත් මුළු රටටම ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ලංකාවට ඔරොත්තු දෙන්නේ නෑ). නමුත් තාක්ෂණය භාවිතා කිරීමේදී නිවැරදි ප්‍රමිති අනුගමනය කරනවද කියන එක ප්‍රශ්නයක්. ගින්තොට සිදුවුන අනතුරටත් හේතුව පෙනෙන විදියට කම්බි ඇදීමේ හෝ නඩත්තු කිරීම පිලිබඳ ප්‍රමිතිය අනුගමනය නොකිරීමේ ගැටළුවක් විදියට තමයි පෙනෙන්නේ.

  3. අධිබල රැහැන් කැඩීයාම වැනි අවස්ථාවක දී විදුලි සම්බන්ධතා ඒ සමගම විසන්ධි වන උපක්‍රමයක් යොදවා නැත්නම් මහා අවාසනාවක් ! එැවනි අත්‍යවශ්‍ය උපක්‍රමික ඇටවුම් අනිවාර්ය විය යුතුයි. ඊට කොයිතරම් මිලක් ගියද අමිල මිනිස් ජීවිත රැක දීම ඊට වඩා වැදගත් හෙයිනි.

  4. සමීර නාදුගල said:

    අපේ පැත්තෙත් එකේ ප්‍රාදේශීක කර්‍යාලය නියමයි…. කොච්චර නියමද කියනවා නන් පට්ට … හදිසියකට විදුලි බිද වැටීමකදී ෆෝන් ආන්සර් කරන්නේ නැත්තන් ඒ කියන්නේ එදා දවසම ලයිට් නෑ කියන එක ….

    • අපේ පැත්තේ තියෙන්නේ ෆෝන් එකේ රිසීවරය පැත්තකින් තියලදෝයි සැක හිතෙන තරමට එන්ගේජ් වී තිබීමයි. ලයිට් ආවට පස්සේ ෆෝන් ඒකත් හරියනවා.

  5. මේ වගේ අවදානම් සහිත අවස්ථාවකදී ඒ සමගම ඉබේ සක්‍රියවන පැන්නුම් ස්වීචයක් වැන්නක් නැතිද ? එවැනි උපක්‍රමයක් නැතිනම් නිවෙස් වලට ඉහළින් සහ ආසන්නයේ දැවැන්ත ගස් අස්සෙන් පවා ඇදගෙන යන අධිබල රැහැන් පද්ධති නිසා ඉදිරියේ විශාල විනාශයන් ගැන පුවත් රසවිඳීමටත් අපි වාසනාවන්ත වේවි

    • තියනවා තියනවා ගුණසිංහ මහත්තයෝ. ඔක්කොම දේවල් තියනවා. කරුමේ කියන්නේ එව්වා වෙලාවට වැඩ නොකරන එකනේ. එව්වට නම් දෙන්න උත්තර හැටහුටහමාරක් තියනවා මේගොල්ලන්ට තමන්ගේ ඇඟ බේරගන්න.

      මකල හදන්න තමයි වෙන්නේ.

  6. විචාරක මහතා ඔය යක්කු මැරිච්ච ලේනෙක් අල්ලාගෙන බොරුවක් කරන්නේ මම ඉන්නෙත් ගිතොට ඔතොන්ට පොඩ්ඩක් එහින් ත් වා යර් එකk kadan watuna un eka haduwa anith ewath kadan watena kan balan hitiya hadanne mun hi karanawa witarai

    • සිද්ධිය වූ පැත්තෙන්ම මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම අගය කරනවා. බොහෝවිට වගකිවයුතු නිලධාරීන් මේවා නිතර පරීක්‍ෂා නොකිරීම තමයි බරපතලම නොසැලකිල්ල. ඔය එක්කෙනෙකුගේ සේවය අත්හිටෙව්වොත් රටේම අය එනවා උද්ඝෝෂණ කරන්න. වැඩ වර්ජන කරන්න. හරිම කාලකන්ණි තත්වයක් තියෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: