විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Beef Eating   ලංකාවේ ගවමස් මිල ඉහල යාම නිසා මහජනතාව බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. තත්වය තවත් දරුණු වුවහොත් මෙය ජාතික ප්‍රශනයක් දක්වා වර්ධනය වියහැකි බව පෙනීයයි.  මීළඟ මැතිවරණයේදී මෙම ප්‍රශ්නය පදනම් කරගනිමින් ජනතාව විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පරාජය කිරීමටද ඉඩතිබේ.

අනේ මෙහෙම කියන්නේ මම නෙවෙයි.

මෙන්න මේ අඩවියයි.

කවුරුවත් අදහස් දක්වලාවත් නැහැ. එක බ්ලොගර් වරයකු ‘කැමතියි’ කියා, බුදුපිළිම හිසක් සහිත ග්‍රැවටාර් එකක් දාලා තිබුනත්, එය මත ක්ලික් කලාට එම බ්ලොගර් කවුද කියා පෙන්වන්නේ නැත.

මෙන්න ඒ අඩවියේ ලිපිය

Screenshot (2)

Screenshot (3)

Screenshot (4)

Screenshot (5)

Screenshot (6)

   ඉදින් මේ ලිපියේ කියන පරිදි ගවමස් මිල අධික වීම නිසා හාමත්ව මියයන මහා……………………………..ජනතාව වෙනුවෙන් අපි කුමක් කරමුද?

2015 ඔක්තෝබර් මස 31 වැනි දින

Advertisements

Comments on: "වහාම විසඳිය යුතු බරපතළ ප්‍රශ්නයක්" (8)

  1. විචාරක තුමාටත් මුණ ගැහෙන තැන් ..! මේක බරපතල් ප්‍රශ්නයක් තමා. ප්‍රෝටීන් තියෙන්නේ මෙව්වයෙ විතරම නේ.

  2. හැබෑවටම දැන් මොකෝ කරන්නේ…?? මේ ප්‍රශ්නෙට විසඳුමක් නොදුන්නොත් රජය පෙරලෙන්න ඉඩ තියෙනවා.

    • මටනම් හිතෙන්නේ ලංකාවේ රජය පෙරළෙනවා විතරක් නෙවේ, ගවයා දෙවිකෙනෙක් කියා හිතන හින්දු ධර්මය සහමුලින් වැනසෙන්න ඉඩ තියනවා. මේ ලිපිය ලියන අයගේ දෙයියා පල් වෙන්නත් ඉඩ තියනවා.

  3. මම අහල තියෙනවා මිනී මස් වල හරක් මස් වලටත් වඩා පෝෂ්‍ය ගුණය තියෙනවා කියලා. අලුත් රජය මගින් මියයන මිනිසුන්ගේ මල සිරුරු අනුභව කරන්න පුළුවන් විදියේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් නම් ආණ්ඩුවට බේරෙන්න පුළුවන්. යෝජනාවක් පාර්ලිමේන්තුවට දාලා බලයිද දන්නේ නැහැ.

    හරක් මරල මරල ඉවර උනාට පස්සේ මොකක්ද දන්නේ නෑ කරන්න වෙන්නේ. හොඳවයින් නාඹර වැස්සියෝ ටිකක් ගාල් කරලා ඕක ලියපු blogger ඒක ඇතුලට දාලා කියන්න “ඕන තොපි කනවා නම් පට්ටි දාලත් දීපියව්” කියලා.

    • බඩ අල්ලාගෙන හිනාවුනෙමි. බොහොම ස්තුතියි මේ අදහස් වලට.

      හැබැයි ඔය බ්ලොග් කාරයෝ පට්ටි දැමිල්ලටත් බොහොම පොරසිද්දයි.

  4. නිර්නාමික said:

    ඉතා වැදගත් ලිපියක්. සැලකිල්ලට ගතයුතු බරපතල ප්‍රශ්නයක්.. //නුදුරේම ඡන්දයක් එයි?//

    • ඔව් ඔව්, ආණ්ඩුවට ලේසි වෙන්නේ නෑ. අනිවාර්යයෙන් හරක් මස් අමාත්‍යාංශයක් පිහිටුවලා, හරක් මස් ඇමති කෙනෙක් පත්කරන්න වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: