විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   මතකයි නේද මීට කාලෙකට ඉහතදී මම ලියපු, ඩයලොගාගේ දීලා ඇදිල්ල නමැති ලිපිය. ඔන්න අද ලියන්න යන්නේ, ඒ ලිපියේ දෙවැනි කොටස. ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව, අද මහා දවල්, ඩයලොගා, තමන්ගේ පාරිභෝගිකයන්ව මංකොල්ල කෑවා. තමන්ගේ සුනඛ ව්‍රතය මොනවට ප්‍රදර්ශණය කළා. මෙන්න මේකයි සිද්ධිය.

   ඩයලොගා මේ මෑත කාලෙදී නාලිකා නැවත ඇනීමක් කලානේ. ඉතින් අනලා අනලා, අපිටත් අන්නවලා, යන්තම් පාරිභෝගිකයන්ගෙන් බැනුම් අහලා, ඇනීම අවසන් කළා. අපි ඉතින් ඔරුවේ පෙරලිච්ච පිට හොඳයි කියලා, ලැබුණු නාලිකා ටික බලමින් උන්නා. ඔය නාලිකා ගොඩේ තිබුනා, Sony Six කියන නාලිකාවත්. වෙනදට කිරිකැට් මැච් වැඩිපුර පෙන්නන්නේ, Ten Cricket, Star Sports, ESPN, වැනි නාලිකා වල. නමුත්, මේ දිනවල ලංකාවට ඇවිත් ඉන්න, ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග විකාශනය කරන්නේ, Sony Six නාලිකාවෙන්. මේ බව කල්තියාම ඒ නාලිකාවෙන් නිවේදනය කෙරුනා.

   ඉතින් අපි බොහොම සතුටෙන් අද උදේ ඉඳලා පළමුවැනි ටෙස්ට් තරගය නරඹමින් සිටියා. මෙන්න බොලේ, හරියටම දවල් 1.45 ට, අර විකාශනය නැවතිලා, දැන්වීමක් දානවා, හිතවත් පාරිභෝගිකයෝ. අනේ අම්මපා ඔහෙට කියන්ට, ඔහේ මේ නාලිකාවට ඇන්ටර් වෙන්ඩ වරම් අරගෙන නැත්තේය. ඒ නිසා, වරං ගන්ට, අහවල් අංකයට කතාකොල්ලා, ඩයලොගාගේ දෙමව්පියන් මතක් කොරන්ට. එතකොට, තව ගෙඩි රුපියල් 99 ක් සහ බදු අයකොරලා, ඔහෙට වරම් දෙනවාය කියලා.

   එතකොට Sony Six නාලිකාව, පහුගිය මාස ගණනාවක් තිස්සේ, අපේ පැකේජයට ඇතුලත් කරලා,  අපිට දුන්නේ, අපේ k අමාරුවටද නැත්තං ඩයලොගාගේ k අමාරුවටද? මේ බව කලින් නොකිව්වේ ඇයි? දවසෙන් බාගයක් විකාශනය පවත්වා එකවර කපා හරියේ ඇයි? පාරිභෝගික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින්, මහ දවල් මංකොල්ලයක් කලේ ඇයි? පාරිභෝගික සේවා අධිකාරිය මේ ගැන හොයන්නේ නැද්ද? 

   මේ නීච, නින්දිත, තුච්ඡ, අධම, පහත් ක්‍රියාව මම තරයේ හෙළාදකිමි. පාරිභෝගියයන් කියන්නේ, තම පරවේණි දාසයන් කියා, ඩයලොගා හිතා ඉන්නවානම්, එය ඩයලොගාගේ මුග්ධ කම ප්‍රදර්ශනය කිරීමකි. සාමාන්‍ය රූපවාහිනී ඇන්ටෙනා අපට නැතැයි කියා, ඩයලොගා හිතන්නේනම්, ඩයලොගාගේ මොළය ඇත්තේ, මස්තිෂ්ක කුහරයේ නොව, අධෝ මාර්ගයේ කියා,සෑහෙන දුරට නිවැරදිව අනුමාන කළහැකිය.

   ඩයලොගාට යටත් නොවී, ඔබට තරග නැරඹිය හැකිය. සුදුසුකම් ලත් කාර්මිකයකුට කියා, ඉතා සුළු මුදලකින්, ඔබට, වී අකුරේ හැඩය ඇති, රූපවාහිනී ඇන්ටෙනාවක් සාදා ගතහැකිය. ඉදිරි කාලයේදී, මේ ආකාරයට අර නාලිකාව ගනින්, මේ නාලිකාව ගනින් කියා, එවිට ඩයලොගාට අපිට ‘මොත්තේ’ දාන්න බැරිය.

   දැන් ක්‍රිකට් තරග විකාශනය කෙරෙන්නේ, අර කොහාටවත් පැහැදිලිව නොපෙනෙන, පවුලේ කොම්පැණි නාලිකාවෙන් නොව, ජාතික රූපවාහිනියේ අයි නාලිකාවෙන් නිසා, දිවයිනේ 99% ක් ප්‍රදේශවලට, සාමාන්‍ය ඇන්ටෙනාවකින් මෙම තරග නැරඹීමට හැකිය.

   ඩයලොගෝ…………. තරගකාරී සමාගමක් මග එනවා. එතකල්, සැපට, දිය සැලියේ දිය කෙළිනු. 

2015 අගෝස්තු මස 12 වැනි දින 1427 පැය.

Advertisements

Comments on: "ඩයලොගාගේ දීලා ඇදිල්ල 2" (12)

  1. නිර්නාමික said:

    you are correct

  2. 100% true… Dialog ,Pure TV hara wena vikalpayak nathida.

  3. ඕකුන් කොයි එකත් එකයි. මොනවහරි කරලා අපෙන් ගසා කන්න තමයි බලන්නේ.

    මුල් කාලේ අපි tv පාවිච්චි කලේ නැහැ. වැඩ ඇරිලා ගෙදර ගිහින් රෑ කාලේ කරන්නේ පොත් බලන එක.
    ඊට පස්සේ පොඩි එකා හම්බ උනාම ඌව බලා ගන්න ගෙදර ආපු නන්දම්ම්ගේ පැකේජ් එකට tv එකක් ඕනේ කියල දාල තිබ්බ නිසා එකක් ගන්න උනා.
    ඊට පස්සේ වී හැඩේ බටපොල ඇන්ටනාවක් ගෙනෙත් බැලුවා, මෙලෝ දෙයක් පේන්නේ නැහැ.
    අපේ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් කිව්වා ඒක හොර එකක්, ඒකයි අවුල කියල. ඊට පස්සේ ඌටම කියල ඌ හරියි කියන වර්ගයේ එකක් ගෙන්න ගත්තා.
    ඒකට පේන්නෙත් නැහැ. මේ වෙන කොහෙවත් නෙමෙයි නාවල.
    අන්තිමට අපේ උන්දා බිල ගෙවන්නම් කියල ඩයලොග් ටීවී එකක් ගත්තා. ඕකෙන් මුන් දෙන්නත් එක්ක අර පට්ට පජාත ඉන්දියන් කතා වගයක් බලන්න පටන් අරගෙන කියල මම දැන ගත්තේ ටිකක් කලින් ඔෆ් වෙලා ගෙදර ගියාම. මම ඕකට කැමති නැති බව දන්නා නිසා සහ මම පැත්ත පළාතේ ඉන්නේ නැති නිසා පස්සේ පස්සේ මම ඉන්න වෙලාවට ඒක දාන්නේ නැතුව චැනල් මාරු කරන්න පටන් ගත්තා.

    ඔහොම කාලයක් ගිහින් නැන්දම්මා පොඩි එකාව බලා ගන්න ක්‍රමේ එයාගේ දෝනියන්දට අවුල් වෙලා එයා රස්සාවෙන් අස්වෙලා දැන් ගෙදර.
    දැන් පොඩි එකාට හොඳයි කියල මොනවද කාටුන් චැනල් වගයකුත් වෙනම දාගෙන.
    දැන් මට හදිස්සියකටවත් නිව්ස් පොඩ්ඩක්වත් බලන්න නැහැ, පොඩි එකා කාටුන් බලනවා.

    අන්තිමට මම කරන්නේ අහක බලාගෙන එන බිල් මගුල ගෙවල දානවා කරන්න දෙයක් නැති කමට.

    • මේක ඔයාට විතරක් වෙලා තියන නෙවේ. සැටලයිට් ඇතත් නැතත් අද අපේ රටේ බොහොමයක් ගෙවල්වල ටීවී එක පාලනය කරන්නේ ළමයි. නැත්නම් ගෙදර ඉන්න කාන්තා පාර්ශ්වය.

      අමු කුණු ඉන්දියන් කතා හිරිකිතයක් නැතුව බලන හැටි දැක්කම ටීවී එක පොළොවේ ගහන්න හිතෙනවා. සිංහල ටෙලි නාට්‍ය කියලා පෙන්නන් මළ විකාර දැක්කම ඒවගේ පෙනීහිටින (උන් රඟපානවා නෙවෙයි) එවුන් මගදී දැක්කොත් හොම්බට අනින්න හිතෙනවා.

      මම ටීවී එක බලන වෙලාවල් කලින් කියලා තියෙන්නේ. ඒ වෙලාවල්වල අනික් අයට බලන්න වෙනමම කොම්බෝ බොක්ස් ටීවී එකක් තියනවා. මට මගේ කාලීන තොරතුරු දැනුම සඳහා නිතර විදේශීය ප්‍රවෘත්ති නාලිකා බලන්නයි සැටලයිට් ගත්තේ. ඒ වගේම බටහිර චිත්‍රපටි සහ ක්‍රීඩා තොරතුරුත් බලනවා. මම බලලා ඉවරවුනාම කට්ටිය රෑ 11 – 12 වෙනකල් අර දහ ජරා ඉන්දියන් චැනල් බලනවා.

  4. ඩයලොග්ගයි ලොකු ලයින් බලන්න ඕන නෑ.ගන්න ඩිෂ් ටීවී.සත පහක්වත් අය කරන්නෙ නෑ මැච් එකට කියලා….
    ඩයලොග්ලගෙ ලොකු ලයින් බලපු කාලෙ ඉවරයි….
    වැඩි විස්තර මෙතනින්>>>http://www.dishtv.lk

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: