විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


tony   ටෝනි ඇයි ඔයා ගියේ?……….. ඔයාට හිතුනද අපිට ඔයාව අමතකයි කියලා. නැහැ ටෝනි. මගේ දරුවන් පල්ල, මේ ලියන්නේ ඇස් දෙකේ කඳුලුත් තියාගෙන. පපුවේ ගිනි ගුලියක් තියාගෙන. ඔයාව කොහොමද අපිට අමතක වෙන්නේ ටෝනි, මේ මෑත කාලේ ඔයා දකින්න නොලැබුණා කියලා. ඔයා අපේ සිහින කුමාරයෙක් වුනේ, අපි අටේ නවයේ පන්තිවල ඉගෙන ගන්න කාලෙනේ. හිරිමල් වියේදීම ඔයා අපට කියල දුන්නනේ, ‘ආදරේ සිහිනයකී කිව්වේ එදා කවුද සුදෝ’ කියලා. 

ඔයා ගම්පෙරළියේ දඟකාරයෙක් වගේ පෙන්නුවට, අපිට වැඩිය හිතට වැදුනේ නැහැ. ඒත් පරසතුමල් වලදිනම් ඔයා අපේ හිතේ සදහටම පැලපදියම් වුණා. මතකද දෙලොවක් අතරේදී කාර් එක එලවන ගමන් ඔයා ලස්සන කවියක් කියනවා සුවිනීතාවත් ලඟින් තියාගෙන;

විජිතපුර සටනට – ගොස් එන ගැමුණු කුමරුට

හිතුනා නාන්නට – ගිහින් පැන්නා බෝක්කුවකට

කියලා.

මතකද ඒ කවිය කියලා හිනාවෙන්න ගිහින් ඔයාගේ අතින් කාර් එකට හැප්පිලා මිනිහෙක් මැරුණා.

ටෝනි, ඇයි මෙහෙම යන්න හිතුනේ. ඔයාගේ කාර්ය භාරය අවසන් කියලා හිතුනද? මමනම් හිතන්නේ නැහැ. නාට්‍ය රචකයකු, නාට්‍ය පරිවර්තකයකු, තිර පිටපත් රචකයකු, වශයෙන් අපි ඔයාගේ සේවය ලබාගත්තේ බොහොම අඩුවෙන් කියලයි මමනම් හිතන්නේ. ඔයාගේ වගේ ලස්සන කඩවසම් පෙනුමක් ගන්න අපිත් ඒ කලේ පුදුම මහන්සියක් ගත්තා. හිනහත් යනවා ඒවා මතකවෙනකොට. හන්තානේ කතාවේ ඔයාගේ කඩවසම් පෙනුම තමයි අපිට ඔයා වගේ වෙන්න ආසාව ඇතිකෙරුවේ.

හැබැයි ඔයා ඒ කඩවසම් බව තියාගත්තේ අව්‍යාජ හදවතක් තියන නිසා බව අපි දන්නවා. අද ඉන්න සමහරු වගේ ලෝකේ තියන තරම් ආලේපන ගාල නෙවෙයි. ඒ වගේමයි ඔයා සිනමා තරුවක් නෙවෙයි නළුවෙක්. ජීවත්වෙන්නම බැරි තැන විතරයි, ඔයා වෙළඳ දැන්වීමක වුණත් පෙනී සිටියේ.

ටෝනි, ඔයාගේ වටිනාකම අපි තේරුම් ගත්තේ,සිනමාවේ වගේම වේදිකාවේත් එක විදිහට දිගටම රැඳී සිටිමින් ඔයා දැක්වුව දක්ෂතා නිසයි. ඔයා කවදාවත් වයසට යන නළුවෙක් නෙවෙයි කියලා මම තේරුම් ගත්තේ පවුරු වළලු බැලුවට පස්සේ. 

 

ටෝනි, අපිට ඔයා ගැන කියන්න සුදුසුකම් නැහැ. ඔයාම ඔයා ගැන කියන්න.

ටෝනි, යන්නම යන්න එපා. ගිහින් එන්න. දෙවියන් වහන්සේ ඔයාට ගොඩක් ආදරේ නිසා තමයි, උන්වහන්සේගේ මෝක්ෂ රාජ්‍යයට, ඔයාව කැඳවන්න ඇත්තේ. දෙව් මව් තුරුලේ සැතපී, නැවත එන්න ටෝනි! 

2015 ජූනි මස 16 වැනි දින 1431 පැය

Advertisements

Comments on: "ටෝනි! ඇයි ටෝනි ඔයා ගියේ?" (6)

  1. අපට සිටි ප්‍රබුද්ධ කලාකරුවකුගේ වියෝව අප කාටත් වගේ මහත් සංවේගයක් වුනා

    • මේ වගේ මිනිස්සු දකින්නත් අපිට පෙර පින් තියෙන්නේ ඕනේ ගුණසිංහ මහත්තයෝ. අද ඉන්න සමහර නළු බට්ටෝ දැක්කම අනිච්චං කියවෙනවා.

  2. පෙනෙන හැටියට විචාරක ටෝනිගේ ලොකු රසිකයෙක් වගේ. මට මේ හැඟීම ආවේ මයිකල් ජැක්සන් මැරුනා කියල දැනගත්ත දවසේ. එතකොට මම ඉස්කෝලෙ යන වයසෙ. සැබෑ ජීවිතයේදී හඳුනන්නෙ නැති වුනත් තමා ආදරය කරන කලාකාරයෙක් නැති වුනාම හිතට දැනෙන්නේ දුකක්.

    ටෝනි රණසිංහ.. ඔබට සුභ ගමන් !

    • ඔව් ජේබී. අපි ඉස්කෝලේ අටේ නවයේ පන්තිවල ඉන්න කාලේ තමයි ටෝනි රණසිංහ කියන, කඩවසම්, දක්ෂ, නළුවව හඳුනාගත්තේ. ඒ කාලේ පත්තර විතරයි තිබුනේ මේ අය ගැන තොරතුරු දැනගන්න. මටනම් මගේ පවුලේ කෙනෙක් නැතිවුනා වගේ දුකයි.

  3. විචාරකතුමාට දැනෙන කණගාටුව මටත් දැනෙනවා. මම ලංකාවේ පැරණි නළුවන්ගෙන් ආසම කරපු කෙනෙක් තමා ටෝනි රණසිංහ මහතා. අද ඉන්න නළුවන්ගෙන් ජිම් එකට ගිහින් ඇග පුම්බලා හදාගත්ත පෞර්ෂය, කඩවසම් බවට වඩා වැඩි යමක් එතුමා තුල තිබුනා කියන එක අවිවාදිත දෙයක්. එතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: