විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Writing   පහුගිය මාස පහක හයක පමණ කාලය තුළ, චාරිකා කීපයක යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් ‘යාපනයේ සංචාරය‘ සහ ‘වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව‘ පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා හදාගත්තා. නමුත්, සමහර චාරිකා පිලිබඳ විස්තර කියන්න අමතක වුණා. එහෙම නැත්නම්, ඊට වඩා ප්‍රමුඛස්ථානයක් ලැබිය යුතු මාතෘකා ඔස්සේ ලිපි ලියවුණ නිසා, චාරිකා සටහන් ලිවීම අතපසු වුණා.. ඔන්න ඒ මගහැරුණු චාරිකා ඔක්කොම එකතු කරලා, මේ ලිපිය ලියන්නේ.

   

රන්ටැඹේ චාරිකාව 

   වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව බොහොම රසවත්. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ගිය මේ චාරිකාව සඳහා, දින තුනක් ගතවුණා. එයින් දින දෙකක් මා සහ සහෝදර විශ්‍රාමික නිළධාරීන්, නැවතී සිටියේ, රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයේ. 

   මා හමුදා සේවයේ යෙදීසිටියදී, කවරදාක වත්, මේ කඳවුරට ගිහින් නැහැ. එසේ යන්නට අවශ්‍යතාවක් නොතිබුණු නිසා. මේ තමයි මා පළමුවරට එහි ගිය අවස්ථාව. ශ්‍රී ලංකාවේ දර්ශණීයතම භූමි භාගයක පිහිටි මේ කඳවුර, ප්‍රධාන නගර වලින් ඈත්ව පිහිටීමත් විශේෂත්වයක්. ප්‍රධාන නගරයක් වශයෙන් පිහිටි මහියංගනය නගරයටත්, මෙහි සිට කි.මී. 28 ක් පමණ දුරක් තිබෙනවා.

   මෙම කඳවුරු භූමිය, මහවැලි ව්‍යාපාරයට අදාළව නිමවුණු, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ව්‍යාපෘතීන්හි සේවය කළ, ජර්මානු ජාතික නියෝජිතයන්ගේ නවාතැන්, ගබඩා, කාර්යාල, සංකීර්ණයක් ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ප්‍රදේශය වල් අලින් ගෙන් ගහණ ප්‍රදේශයක් වුවත්,

   (වල් අලියා යන්න, වන අලියා ලෙස හඳුන්වන්නට අදහස් කළේ, මොන ගොන් අලියාදැයි දන්නේ නැහැ. වල / වළ යන වචන දෙකෙහි තේරුම නොදත්, සිංහල නූගත්, අබබ්බයකු වෙන්න ඇති, ඒ යෝජනාව ගෙනෙන්න ඇත්තේ. මෙවැනි අබබ්බයන්, ‘වල්’ කියන වචනයට දන්නේ, එක තේරුමයි. ඒ කියන්නේ, අසභ්‍ය කියන තේරුම. මේ අය, ඒ තේරුම දන්නෙත්, තමන් වල් නිසා වෙන්න ඇති. වන අලියා, වණ අලියා කියලත් ලියයි, සමහරවිට) 

   මෙතෙක් ශිෂ්‍යභට පුහුණුවට එයින් බාධාවක් වී නැති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ශිෂ්‍යභටයන් වන අභ්‍යාසවල යෙදීමේදී, උපදේශක මණ්ඩලය විසින්, ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත්වන බවත්, දැනගන්නට ලැබුණා. කඳවුර වටා විදුලි වැටක් ඉදිකර තිබෙනවා, අලින් පැමිණීම වළක්වන්නට. මෙන්න රන්ටැඹේ ප්‍රදේශය. පින්තූරය මත ක්ලික් කර, විශාල කර බලන්න. 

Rantambe

   මෙන්න රන්ටැඹේ දී සහ මහියංගණ ප්‍රදේශයේ චාරිකාවේදී ගත් පින්තූර කීපයක්.

රන්ටැඹේ කඳවුර 

DSC01270

DSC01260

මහියංගණ චෛත්‍යය

DSC01291

සොරබොර වැව

DSC01329

DSC01324

   සොරබොර වැව ලංකාවේ ඇති වැව් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නේ, එහි ඇති සොරොව්වේ විශේෂත්වය නිසයි.  එය සම්පූර්ණයෙන් ස්වභාවික ගලක ඉදිකරන ලද සොරොව්වක්. ඒ ආකාරයට ලංකාවේ ඉදිකර ඇති එකම සොරොව්ව එයයි. අදාළ විස්තර, වැව අසළ ඇති පුවරුවක සඳහන්වන්නේ මෙහෙමයි. 

DSC01318

මේ සොරොව්වේ වීඩියෝවක් ගන්නට මට හැකිවුණා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. (තත්පර 30 ක් පමණයි) 

  කල්පිටිය චාරිකාව 

   ඔබට මතකද මා මීට පෙර කීප වතාවක් ඔබට කියා තිබෙනවා අපේ ගමේ සුබසාධක සමිතියෙන් යන වාර්ෂික චාරිකාව ගැන. 2015 වසර වෙනුවෙන් ඒ චාරිකාව අපි ගියේ කල්පිටිය අර්ධ ද්වීපය සහ පුත්තලම ප්‍රදේශය ආශ්‍රිත කරගෙනයි.

   කල්පිටියට යනවානම් නොවරදවාම නැරඹිය යුතු ස්ථානයක් වන්නේ, කල්පිටිය නාවික හමුදා කඳවුර තුළ පිහිටි, පැරණි ඕලන්ද බලකොටුවයි. මෙය නැරඹීම සඳහා, කල්තබා දැනුම්දීමක් කර, අවසර ගන්නවානම්, වඩා හොඳයි. කෙසේවෙතත්, හතර පස් දෙනෙකු වැනි සුළු පිරිසකට නම්, ඒ මොහොතේම වුනත්, කඳවුරේ ඇති සම්බන්ධිකරණ කාර්යාලයෙන්, අවසර ගන්න පුළුවන්. මේ ඕලන්ද බලකොටුව සීඝ්‍රයෙන් විනාශවීගෙන යන බවත්, පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කිසිවක් සිදුවී නැති බවත් පෙනෙනවා. පසුගිය යුද සමයේ මා, මේ කඳවුරට කීප වතාවක් ගියා. නමුත් නිදහසේ මේ බලකොටුව නරඹන්නට ලැබුණේ, මේ පහුගිය පෙබරවාරි මාසයේ යෙදුන සංචාරයෙදීයි. කඳවුර හරිම අලංකාරයි. ඔබට පුළුවන්, අවසර දී ඇති ප්‍රදේශ වලට පමණක්, නිදහසේ ඇතුළුවී නරඹන්න.

   කඳවුර ඇතුළට යනකොටම දකින්න ලැබෙන්නේ තල්මසකුගේ ඇටසැකිල්ලක් සංරක්ෂණය කර ඇති ආකාරය.

DSC01826

   හමුදා භටයන් විශ්‍රාම ගන්නවා වගේ, අවි ආයුධත් විශ්‍රාම ගන්නවා. මේ නාවික යාත්‍රාවල සවි කරන මැෂින් තුවක්කුවක් විශ්‍රාම ගෙන තිබෙන ආකාරය.

DSC01824

ඕලන්ද බලකොටුවේ පිවිසුම් දොරටුව 

DSC01827

බලකොටුව අභාවයට යමින් පවතින හැටි 

DSC01829

   බලකොටුවේ, පැරණි, අතිවිශාල, දැවමය දොරටුවක් තිබෙනවා. එහි සටහන්ව තිබෙන ආකාරයට, මේ බලකොටුව ඉදිකර තිබෙන්නේ ක්‍රි.ව. 1759 දී. MDCCLIX = 1759

DSC01862

   මේ පහත පින්තූරයේ තිබෙන්නේ, ‘ක්‍රිස්තු වර්ෂ’ යන්න, ANNODOMINI යනුවෙන්, සටහන් කර ඇති ආකාරයයි. 

DSC01861

   යුද්දෙට ගිහින් වෙහෙසට පත් ප්‍රහාරක යාත්‍රා, මේ කඳවුරේ, විවේක සුවයෙන් තිබෙනවා. නමුත් ඕනෑම වෙලාවක රාජකාරියට සූදානම්. අදත් අභ්‍යාසවල යෙදෙනවා. මේ යාත්‍රා අසළටම ගොස් බලන්නට අවසර තිබෙනවා. 

DSC01870

   නාවික කඳවුර නරඹා ආපසු එන ගමන්, අපි, අති සුප්‍රසිද්ධ, තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර වන්දනා කරන්නටත් ගියා. ඉතා අලංකාර පරිසරයක පිහිටි මේ දෙව් මැඳුරු භූමිය, පරිසර සංරක්ෂණය අතින් ඉහළ තැනක් ගන්නවා. 

DSC01920

DSC01927

   ඊළඟට අපි ගියේ, නොරොච්චෝලේ, ‘ලක් විජය ගල් අඟුරු තාප විදුලිබලාගාරය’ නරඹන්නටයි. බලාගාරය ඇතුලේ පින්තූර ගන්න අවසර නැහැ. මේ පෙනෙන්නේ, නැව් මගින් ගෙන එන ගල් අඟුරු, බත්තල් මගින් ගොඩබිම ආසන්නයට ගෙනැවිත්, ධාවන මාර්ගයක් ඔස්සේ, Conveyor Belt බලාගාරය වෙත එවන ආකාරයයි. 

 

DSC01917

   නොරොච්චෝලේ ප්‍රදේශයේ, ඉතා විශාල ප්‍රමාණයක්, සුළං විදුලි ජනක සවිකර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයම ගතහොත්, 100 කට අධික ප්‍රමාණයක් තියනවා වගේ දැක්කේ. මේ තියෙන්නේ. 

DSC01887

   ‘අනේ ඔය දෙන්නා නිකං, ඈතින් හිටෙව්ව හුළං මෝල් දෙකක් වගේ ඈත්වෙලා ඉන්නැතුව ලංවෙන්නකෝ’, කියලා, ලොකු දුව කොච්චර කිව්වත්, ලංවුණේ නැහැනේ.

DSC01906

   දිවා ආහාරය සඳහා අපි බලාපොරොත්තු වුණේ, පුත්තලම – මන්නාරම මාර්ගයේ, එළුවන්කුලම ප්‍රදේශය පසුකර, කලාඔයේ දිය පැන්නුමෙන් එගොඩවී, ඔයෙන් නෑමෙන් පසු, මොක මොකවත් කරගෙන, දෙයියනේ කියලා බත්ටික කන්නයි.

   නමුත් ඔයේ වතුර වැඩි නිසා වාහන එගොඩ කරන්න බැහැ, සපත්තු පාළමෙන්. Causeway කෝසුව කියලත් කියනවා. මේ බලන්න කෝසුවේ වතුර වැඩියි. එගොඩින් පෙනෙන්නේ, විල්පත්තු අභයභූමිය.

DSC01935

   මෙතනදී මම දැක්කා, තම වර්ගයා බෝ කිරීමේ අරමුණින්, උඩුගං බලා, කෝසුවෙන් පණින මසුන්. ඔන්න මම උන්ව වීඩියෝ කරගත්තා.

   ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.  දැන් කොහේ ගිහින්ද, මොකවත් කරගෙන, දවල් බත කොටාබාන්නේ කියලා, අපේ කට්ටිය විස්සෝප වුණා. හෙහ් හෙහ්……එව්වා කොහෙද මාත් එක්ක.

   මේ ප්‍රදේශය මට හොඳට හුරුයි. මම මුලින්ම මේ ප්‍රදේශයේ රාජකාරි කලේ 1987 දී. මම අපේ කට්ටියත් අරගෙන ගියා, ඉතා සුන්දර පරිසරයක පිහිටි ධීවර ජනාවාසයක් වන, ‘ගඟේවාඩිය’ නමැති ප්‍රදේශයට.

   ඉස්සර මේ පැත්ත ඉතා දැඩි ලෙස LTTE තර්ජනයට ලක්ව තිබුණා. දැන් නිදහස්. මේ අසළ, අති විශේෂ නාවික හමුදා කඳවුරක් තිබෙනවා. එය තරමක් රහසිගත එකක්.

   මෙන්න බලන්න ගඟේවාඩිය. 

DSC01948

Screenshot (14)

ත්‍රිකුණාමලය සහ තිරියාය චාරිකාව

   මේ චාරිකාවේ යෙදුණේ පහුගිය මාර්තු මාසේ. අපේ පන්සලේ තිබෙන දහම් පාසලේ දරුවන් වෙනුවෙන්, චාරිකාවක් සූදානම් කර තිබුණා. අපේ හාමුදුරුවෝ මට කිව්වා, ‘මහත්තයත් ඇවිත්, පින්තූර ටිකක් අරං දුන්නොත් හොඳයි’ කියලා. ඒ නිසා තමා ගියේ. මේක දහම් පාසල් චාරිකාවක්නේ. ආයෙ ‘වෙන වැඩ බැහැ’ ඒ නිසා, උපාසක ලීලාවෙන් ගිහින් ආවා.

   ත්‍රිකුණාමලයේ පින්තූර නම්, බොහෝදෙනෙක්, අනන්තවත් දැකලා ඇති. ඒ නිසා වැඩිය පින්තූර දාන්නේ නැහැ. ත්‍රිකුණාමාලයේ පිහිටි ෆ්‍රෙඩ්රික් බලකොටුවේ ප්‍රධාන දොරටුව මේ පෙනෙන්නේ.

1

   ත්‍රිකුණාමලයේ කෝණේස්වරම් කෝවිලට පහළින් පිහිටා ඇති, ‘ස්වාමි ගල හෙවත් පෙම්වතුන් පිනූ ගල’ සෑම සංචාරකයකුගේම කැමරාවට හසුවෙනවා. 

2

   අතීතයේ පටන් ත්‍රිකුණාමලයේ වෙසෙන මුව රංචුව, ප්‍රධාන නගරයක් තුළ වෙසෙන, ලෝකයේ එකම මුව රංචුවයි. නමුත් ඔවුන් වඳවේගන යනවාලු. මමත් මේ මුවාව දැක්කේ, ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක් තුළදී. 

3

   මේ ගමනේ අපි ප්‍රධාන අරමුණක් කරගත්තේ, තිරියායේ ගිරිහඬු සෑය වන්දනාමාන කිරීමයි. අපි ඉක්මණින්ම තිරියාය බලා පිටත්වුනා. ත්‍රිකුණාමලය – පුල්මුඩේ මාර්ගයේ, තිරියායට හැරෙන හන්දිය අසළ ඇති නාවික හමුදා කඳවුරෙන්, අපිට ඉතා ඉහළ මට්ටමේ තේ පැන් සංග්‍රහයක් ලැබුණා. අපේ ගමේ ඉන්න නාවික හමුදා නිළධාරියකු විසින් එය සූදානම් කර තිබුණා. මේ තියෙන්නේ ඒ කඳවුරේ අලංකාරයි. 

4

5

   තිරියාය ගැන හැඳින්වීමක්  බලලා, පින්තූර බලමු.

6

   ලංකාවේ තිබෙන විශාලතම වටදාගේ තියෙන්නෙත් තිරියාය ගිරිහඬු සෑයේ.

9

   ගිරිහඬු සෑය පිහිටි කන්ද පාමුල, පැරණි ගල් පාළමක් සහ දිය අගලක් දකින්නට ලැබෙනවා. 

7

8

   මේ සිතියම දාන්නේ, ඔබටත් තිරියායේ යන්න මග සලකුණු පෙන්වන්නයි. 

Screenshot (15)

   අපේ කණ්ඩායමේ හිටිය මේ සංචාරිකාවෝ, මගේ කැමරාව ඉදිරියේ, නිරූපිකාවෝ බවට පත්වුණා. 

10

11

   මේ කෙටි ලිපිය කියෙව්වාට බොහොම ස්තුතියි 😀

2015 මැයි මස 19 වැනි දින 2333 පැය 

Advertisements

Comments on: "චාරිකා සටහන් එකතුවක්" (14)

  1. රන්ටැඹේ ශීෂ්‍ය භට කඳවුර දැකීමත් සතුටක්…..

  2. වටින විස්තර රැසක් හා සිතියම් රැසක්

  3. වටින විස්තර ටික​

  4. එල ද බ්‍රා

  5. හොඳ චාරිකා සටහනක්. මටත් මේ පැත්තෙ චාරිකාවක් යන්න හිතුණා. බොහොම ස්තුතියි විචාරක මහත්මයා.

  6. ඉන්දික said:

    සංචාරයන්ට කැමති මම මෙවැනි සංචාරක සටහන් කියවා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් බොහොම කැමතියි. එබැවින් මෙවැනි සටහන් ලිවීම ගැන ඔබට ස්තුතියි. කල්පිටිය බලකොටුව ඇතුලෙන් වෙරල තීරයට හා ශාන්ත ආනා දෙව් මැදුරට ගමන් කිරීමට හැකි අයුරින් සකස් කල රහස් උමං මාර්ග දෙකක් තිබුණා කියා මා අසා තිබෙනවා. මෙහි ගිය අවස්ථාවක නාවික නිලධාරියකු විසින් ඒ උමං දොරටු අප හට පෙන්වූවා. එහෙත් දැන් එම උමං වල ගමන් කල නොහැකිලු.
    ත්‍රිකුණාමලයේ බොහෝ ප්‍රදේශවල මා බොහෝ වාරයක් සංචාරය කර තිබෙනවා. (මාගේ බිරිඳගේ ගම් ප්‍රදේශය නිසා නිතරම එහි යනවා) එහෙත් තවමත් යාමට නොහැකි වූ ස්ථාන බොහෝමයක් තිබෙනවා. වඩාත්ම මතකයේ තිබෙන්නේ කලකට පෙර ජීවිතය පරදුවට තබා තිරියාය වැඳිමට ගිය ගමනයි. එකල තිරියාය යාමට දැන් වගේ මාර්ග පහසුකම් නැහැ. ගොඩබිමින් යෑමේදී බිම් බෝම්බ මැදින් කැලේ අතරින් යා යුතුයි. නැතිනම් පාලම් පාරුවෙන් යා යුතුයි. එහෙත් දැන් යන අයට ඒ භයානක එහෙත් සුන්දර අත්දැකීම් විඳ ගැනීමට නැහැ නේද?

    • කල්පිටිය බලකොටුව නැරඹීමේදී අපිට මග පෙන්වන කිසිවෙකු හිටියේ නැහැ. ඔබ ඒ අතින් වාසනාවන්තයි.

      මමත් මේ විස්තරයේ කියා ඇති පරිදි තිරියායට ගියේ යුද්ධය පැවති කාලයේ. ඇත්තටම තරමක සැකයකින් ගියේ.

      සුන්දරත්වයත් භයානක බවත් එකතුවුනාම අත්තේ අමුතුම රසයක් නේද?

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන.

      • ඉන්දික said:

        සොරබොර වැවේ බැම්ම දිගේ කෙළවරටම ගිහාම තවත් සොරොව්වක් වැනි ස්ථානයක් තියෙනවා. ඒකත් ගලින්ම තමයි හදලා ති‍යෙන්නේ. එතනින් තවත් එහාට ගියාම එගොඩට යන්න එල්ලෙන පාලමක් තියෙනවා. දැනට අවුරුදු 8 – 10 කට කලින් මම යනකොට ඒ පාලම හොඳටම අබලන්. මැද්දට ගියාට පස්සේ කඩා වැටෙයි කියලා හිතෙනවා. එතනින් එගොඩ වුණාට පස්සෙ නාන්න පහසු තැනක් තියෙනවා. හැබැයි ගම් වාසීන්ගේ උපදෙස් ඇතිව විතරයි නාන්න බහින්න ඕනෙ. මොකද සමහර වෙලාවට ඒ හරියේ කිඹුලෙක් ඉන්නවාලු. දැන් ඒ වැල් පාලම අලුත්වැඩියා කරලද, එහෙමත් නැත්නම් විනාශ වෙලා ගිහිල්ලද දන්නේ නැහැ. ඊට පස්සේ දෙපාරක්ම සොරබොර වැව ගිහින් බෝට්ටු සවාරිත් ගියාට, වැල් පාලම තිබුණ තරම් දුරට යන්න වෙලාව මදි වුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: