විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Solicitor-2   ගිනි කනවා කියන යෙදුම, අපි කුඩා කාලයේ අහපු දෙයක්. මෙහිදී, ගිනි කෑම යනුවෙන් අදහස් කරන්නේ, නීතීඥයන් විසින්, තම සේවාදායකයන්ගෙන් ගාස්තු අයකිරීමයි. ඉතා ඈත අතීතයේ සිට, නීතීඥ ගාස්තු පිළිබඳව, මහජනතාවගේ මැසිවිලි අසන්නට ලැබෙනවා. ඉස්සර ලංකාවේ හිටිය සමහර නීතීඥවරු, ඉඩම් ඔප්පුවක් ලියන්න ගියාම, කරුණු නොතේරෙන අහිංසක ගැමියන්ගෙන්, ‘මුද්දර ගාස්තු’ යනුවෙන් එක වරක් සහ stamp fees යනුවෙන් තවත් වරක්, ගාස්තු අයකරගන්නවා කියා, මා කුඩා කාලයේදී අසා තිබෙනවා.

    මේ කෙටි ලිපිය ලියන්නට මා පෙළඹුණේ, අද, මමත් මගේ බිරිඳත් මුහුණ දුන්, එවැනි සිද්ධියක් නිසයි.

   අපි අද වාසය කරන්නේ මමත් මගේ බිරිඳත් මිලදීගත්, එකිනෙකට යාව පිහිටි කුඩා ඉඩම් කැබලි දෙකක, එක් කොටසක හැදූ නිවසකයි. මේ ඉඩම් දෙකම ගත්තේ බැංකු ණය ලබාගැනීමෙන්.

   දැනට වසර කීපයකට පෙර තමා, ඒ ණයෙන් නිදහස් වුණේ. තවමත් වැඩ අවසන් නැති අප නිවසේ, ඉතිරි වැඩ කටයුතු වලින් කොටසක් ඉටුකරගැනීම සඳහා, මගේ බිරිඳ, ඇගේ නමට ඇති ඉඩම් කැබැල්ල ඇපයට තබා, යළිත් ණයක් ගත්තා. මසකට රු 8000 කට මඳක් වැඩි වාරිකයක් ගෙවමින්, බොහොම අරපිරිමැස්මෙන් ජීවත් වෙමින්, ඒ ණයද දැනට මාස කීපයකට ඉහතදී අවසන් කරගත්තා.

   අපේ ඉඩමේ ඔප්පුව සහ ඇප ඔප්පුවද අපට ආපසු ලැබුණ අතර, බැංකුවෙන් අපට දැනුම් දුන්නා, ඇප ඔප්පුව නීතීඥයකු මගින් අවලංගු කරවාගන්නා ලෙස. මේ වැඩේ අපට අමතක වෙමින් තිබුණේ. අද හදිසියේම මතක්වුණා, මේ වැඩේ කරගත යුතුයි කියා. ඒ අනුව අපි දෙන්නා ගියා, කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ, කීර්තිමත් නීතීඥයකු ගේ කාර්යාලයට.

   අප එහි යනවිට නීතීඥ වරයා උසාවි ගිහින්. එහි වැඩකරන සේවිකාවන් දෙදෙනෙකු පමණයි සිටියේ. එක් සේවිකාවකට අපේ අවශ්‍යතාව දැන්වුවිට, ‘මොහොතක් ඉන්න’ කියා, ඒ වනවිට දුරකථන සංවාදයක යෙදීසිටි අනෙක් සේවිකාව වෙත, අපව යොමු කරනු ලැබුවා. අපට ඇහුම්කන්දුන් ඒ සේවිකාව, දුරකතනයෙන් යමෙකු අමතනු ලැබුවා. නමුත් ඒ අමතන්නේ නීතිඥයාව නොවන බවත්, එම කාර්යාලයේ වැඩ කරන වෙනත් අයකු හට බවත්, මට වැටහුණා. ඔවුන් කතාකළේ ගාස්තු ගැන පමණක් බවත් මට වැටහුණා.

   අප දෙදෙනාම ඉතා සරල ඇඳුම් වලින් සැරසී සිටිය නිසා, අර සේවිකාව හිතන්න ඇති, වෘත්තීය උපක්‍රම මගින් රවටාගතහැකි, වයසක යුවළක් කියා, අප දෙදෙනා. ඒ සේවිකාව අපට කිව්වා, ‘වැඩේ කරදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රු 5000 ක් විතර යනවා, නමුත් මම කිව්වා, එච්චර සල්ලි නැති කට්ටියක් කියලා, ඒ නිසා රු 3000 කින් වැඩේ කරගන්න පුළුවන්’ කියලා. එච්චර සල්ලි නැති කට්ටියක් වැනි කිසිදු දෙයක් ඇගේ දුරකථන සංවාදයේදී කියවුනේ නැහැ. ඇය මේ කරන්නේ, ඇය ලබා තිබෙන ඉහළම ‘කපටි වෘත්තීය පුහුණුව’ අනුව කරන රඟපෑමක් බව, මට වැටහුණා. මට එක්වරම වැටහුණා, මෙහි කුමක් හෝ වරදක් තිබෙන බව. ඒ සේවිකාව දෙස හොඳ නිරීක්ෂන්යෙන් සිටි නිසා, ඇගේ ඉරියව් තුළින්ම ඇගේ කපටි බව මට තේරුණා.

   මමත් ගොන් පාට් එකක් රඟපෑවා. මම ඇහුවා, ‘මහත්තයා එන්න හුඟක් වෙලා යයිද මිස්’ කියලා. ‘පැයක් විතර යයි, ඊට කලින් එන්නත් පුළුවන්. එතකල් වාඩිවෙලා ඉන්නකෝ’ කියා ඇය උත්තර දුන්නා.

   අපි මෙතනින් යමු කියා මා බිරිඳට ඉඟියෙන් කිව්වා. අර සේවිකාවට නොදැනීම, බළලා මල්ලෙන් එළියට පැන්නේ, අපි ආපහු යයි කියා සිතූ ඇය, ‘වෙන තැන්වල මීට වඩා අයකරනවා’ කීමෙන්. ‘නෑ නෑ අපි බැංකුවට ගිහින්, සල්ලිත් අරං එන්නම්’ කියා අපි දෙන්නා එතනින් එළියට බැස්සා.  ‘දැන් මොකද කරන්නේ. හරියට ඉඩමක් ලියනවා වගේ වැඩක්නේ මේක’ කියා බිරිඳ කිව්වා.

   ඔන්න මෙච්චර වෙලා අමතකව තිබුණු, කල්‍යාණ මිත්‍ර සබඳතාවක්, ඔලුවේ විදුලි කෙටුවා මගේ. (නෑ නෑ අපේ කල්‍යාණ මිත්‍ර නෙවෙයි) මගේ යාලුවෙක් ඉන්නවා, ‘ඉඩම් සේල් හෙවත් ලෑන්ඩ් වෙන්දේසි’ කරන. ‘අනුමානයක් නෑ ඔය යකා දන්නවා ඇති, මේ වැඩේ, දෙකයි පණහක් ගෙවලා කරන හැටි’ කියලා මට හිතුණා.

   මම ගත්තා දුරකථන ඇමතුමක්. ‘……….’ මහත්තයා, මට ලොකු උදව්වක් ඕනේ’ කිව්වා. අප්පොච්චියේ….. මිනිහා බයවුණා. මෙච්චර කාලෙකට මම සත පහක උදව්වක් ඉල්ලලා නැති නිසා, මිනිහා හිතුවේ, මම මහා අමාරුවක වැටිලා කියලයි. ‘ඇයි ඇයි, ‘……….’ මහත්තයා. හදිස්සියක්ද? කොහෙද ඉන්නේ, කියන්න මම එන්නම්’ කියලා මිනිහා කිව්වා. මම කිව්වා නෑ නෑ කලබල වෙන්න එපා, මෙන්න මේකයි කාරණේ කියලා. මිනිහට හිනා ගියා. මිනිහා කිව්වා, අයියෝ ‘……..’ මහත්තයා. දැන්ම එන්න අපේ ඔෆිස් එකට. එතන ඉන්නවා අපේ ඉඩම් ගැන කටයුතු කරන නීතීඥයා. මම ඉන්නේ අපි අලුතෙන් කඩන ඉඩමක. මම එයාට කෝල් එකක් දාලා කියන්නම් මහත්තයා එනවා කියලා. යන්නකෝ එතෙන්ට’ කියලා.

   ඔන්න අපි දෙන්න එතනට ගියා. බුදු අප්පොච්චියේ………. ඒ නීතීඥයා, මම හමුදා සේවයේ යෙදී සිටියදී, විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියෙක්. මගේ පරණ මිත්‍රයෙක්. මම දන්නේ නැහැ ඔහු දැන් මේ වගේ තැනක ඉන්නවා කියා. හා…ලෝ… ‘……….’ කියලා, මගේ පැරණි නිළ නාමයෙන්ම මාව අමතා, අතට අත දුන්නා. මම කිව්වා මගේ අවශ්‍යතාව. ‘සිම්පල් වැඩක්නේ’ කියා කිව්වා ඔහු. ලාච්චුව ඇර, රු 10 මුද්දරයක් එළියට ගෙන, ඇප ඔප්පුවේ ඇලෙව්වා. මගේ බිරිඳගෙන් ඇහුවා, ‘ඔප්පුවේ නම් ගම් නිවැරදියි නේද නෝනා’ කියා. ඇය කිව්වා නිවැරදියි කියා. ‘හරි, එහෙනම් මට දෙන්න ටෙලිෆෝන් අංකය, වැඩේ ඉවරකරලා මම කියන්නම්, අද සිකුරාදානේ, බදාදට ගන්න පුළුවන්’ කියලා කිව්වා. මම දුරකථන අංකයත් දීලා, මුදල් පසුම්බිය අතට ගන්නකොටම ඔහු කිව්වා, කිසිදු මුදලක් අවශ්‍ය නැති බව.

   නමුත් ඔප්පුව ගන්න යන දවසට, බලෙන් හෝ කීයක් හරි දෙන්න මම හිතාගත්තා.

   ඇත්තටම අහිංසක මිනිසුන්ගෙන් මෙලෙස මුදල් ගසාකෑම වෘත්තීය සදාචාරට පටහැනි නොවේද? ආදායම් බදු නඩුවලටත් පෙනීසිටින නීතීඥයන්, තමන් උපයන ආදායමෙන් බදු ගෙවනවාද? මටනම් ඇතිවුණේ කලකිරීමක්.

   මෙලෙස කටයුතු කරන අයත්, මේ රටේ, ටයි කෝට් ඇඳගෙන උසාවියටත් යනවනේ, කියා මට සිතුණේ, ආපසු එන අතරෙදියි. 

2015 මැයි මස 09 වැනි දින 0024 පැය

Advertisements

Comments on: "ගිනි කෑම සාධාරණද?" (23)

  1. නිර්නාමික said:

    කීර්තිමත් දුන්නක් ගැනද මේ කියන්නෙ?

    • හෙහ් හෙහ් හෙහ් +

      • නිර්නාමික said:

        If this is the person I think you’re referring to, I happen to (unfortunately?) know him at somewhat of a personal level. The guy has shitloads of money, and I now I can understand how he made all that. The defence cases he appears for are probably the ones the others wouldn’t touch with a ten foot pole, such as a case defending the bus driver of an infamous bus accident which killed scores at a train crossing on the Kurunegala road, the defence of a “Buddhist” monk who allegedly molested a 6 year old girl child, and the defence involving inhumane transportation of cattle for illegal slaughter along with some already dead cattle (these are the ones I know of). I also hear that his father was a man of principles who had a good reputation as a physician back in the days. It seems that the father did not inculcate good values in the son.

        It’s a sad world where people sell their souls to the devil for financial gain.

  2. ඔය මිනිස්සු කරන වැඩවල හැටියට යට ඇදුම ඇදගෙන ගියත් වැඩි.

  3. විචාරක තුමා අහල තියනවද කතාවක්.. නයෙක් සහ ලෝයර් කෙනෙක් පාරෙ වාහනේකට අහුවෙලා මැරිලා ඉන්නකොට වෙනසක් තියනවා කියල. නයා යටවුන තැනට කලින් බ්‍රේක් ගහල රෝද පාර පේන්න තියනවලු. අනිකේ එහෙම නෑ ලු.
    හැබැයි ඉතිං එකක් කියන්න ඕන. රත්තරං ලෝයර් මහත්තුරුත් ඉන්නවා. හැබැයි අරෙහෙම උන්දැල වැඩිද මන්ද.

    • ඇත්තටම සෑම ක්ෂේත්‍රයකම හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු ඉන්නවා. නරක ටික දෙනා නිසා, හොඳ හුඟ දෙනෙකුගේ නම නරක් වෙනවා.

  4. කුරුටු ගෑ ගී පවුර said:

    විචාරක මහත්තයෝ………………..

    මුලින් ම කියන්න කාරණාවක් තියෙනවා.. මෙන්න මෙතැන්ට ගිහින් බලන්නකෝ….

    http://kurutugegeepawra1.blogspot.com/2015/05/blog-post.html

    දැන් අපේ කතාවට ඒමු….

    මං ඔ්ලෙවල් ඒක ලෙවල් ඒකට පාස් වෙලා තාත්තා ළගට ගිහින් රිසල්ට්ස් කිව්වා
    තාත්තා – අැයි?‍
    මම – තාත්ති මං විභාගේ පාස්
    තාත්තා – කොහොමද?
    මම – ඒ අටයි
    තාත්තා – දැන් මොනවද ඊළගට කරන්න පුළුවන්
    මම – මට ඔ්නේ ම දෙයක් ඒ ලෙවල් වලට කරන්න පුළුවන්… ඒත් මං කැමති අාර්ට්ස් කරන්න
    තාත්තා – ඒක කරලා මොකෙක්ද වෙන්න පුළුවන්
    මම – (තාත්තාගෙන් ඒක දාගන්නත් හිතාගෙන මම කියපි) ලෝයර් කෙනෙක් වුණත් වෙන්න පුළුවන්
    තාත්තා – ඒහෙනම් ඒක කරන්න ඒපා… උඹට මං මැරෙනකල් කන්න දෙන්නම්… ගෙදරට වෙලා හිටපං.. ඔය බලු වැඩේට නොයා….. )
    මම – හා …. හා ….. මං වෙන මොනවා හරි කරන්නම්….

    ඔන්න ඔ්කයි සංවාදය. මං අාසාවෙන් හිටියේ අාර්ට්ස් විෂයන් වලට.. ඉතින් මං තාත්තාගේ හිත හදන්න වෙන දෙයක් කරා….. ඒත් මං මගේ පාර හොයා ගත්තා…. තාත්තා ඒ පෙන්නපු පාර කොච්චර හරි ද කියලා හිතුනා මගේ පළවෙනි රස්සාවම උසාවියට සම්බන්ධ වෙලා කරගන යද්දි….

    (හැබැයි විචාරක මහත්තයෝ මේ කිසිම දෙයක් සර්ව සාධාරණ මිනිස්සුන්ට උදව් කරන නීතීඥයන් වෙනුවෙන් අදාල නොවන බවනම් කියන්නම වෙනවා…. ඔය හැම බලු වැඩ කරන තැනකම සුන්දර මිනිස්සු ඉන්නවා…..)

    • හෙහ් හෙහ් හෙහ්…..අම්මපා උඹලත් කොරන වැඩ. ඔන්න මම ගිහින් කොමෙන්ට් කකුත් කොටලා ආවා.

      කිසිම ක්ෂේත්‍රයක සම්පූර්ණයෙන් හොඳ මිනිස්සු හෝ සම්පූර්ණයෙන් නරක මිනිස්සු නැහැ. අපි හැමදෙනා තුලත් හොඳ නරක තිබෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ පොදු මහජනතාව සමග කටයුතු කරනකොට අවංක නොවුනොත් තමන්ගේ නමමයි කෙලෙසෙන්නේ.

      • සාපෙක්ෂව වැඩියක් ඉන්නෙ ඔය ක්ෂේත්‍රෙය් බවයි බොහෝ දෙනකුගෙන් කියවෙන්නෙ නේද විචාරක තුමා. ප්‍රසිද්ධ සතසිවම් නෝනා මැරුවෙ වංගෙඩිය කියල පෙරකදොර්වො ඔප්පු කළ කියල මම අහල තියනවා. තවත් තැනක ගොයම් කොලේ කියන ව්‍යවහාරය ගොයම් ගොඩට යෙදෙන බව පෙරක දෝරුවො පෙන්නල දුන්නෙ නෑලු. ඒ හින්දත් මිනීමරුවෙක් බේර්ච්ච කතාවක් අහල තියනවා.

        • නීතියේ පිළිසරණ පතා එන අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් මුදල් ගසාකෑම, මෙලොවදීම ඵල දෙන පාපයකි.

  5. ලංකාවේ දේශපාලකයන් බොහොමයක් නීතීඥ වෘත්තීය පාදක කරගනිමින් දේශපාලනයට පිවිසෙයි. හෝ දේශපාලනයට පැමිණීම සඳහා නීතීඥ භාවය සුදුසුකමක් කර ගනී.

    දේශපාලකයන් (ලංකාවේ) රට විනාශයට රැගෙන යාම තහවුරු කෙරීම සඳහා මෙයත් එක් හේතුවක් ලෙස ගත හැක.

    එසේම, අනෙකුත් වෘත්තිකයන් (සාපේක්ෂව) දේශපාලනය සඳහා උනන්දුවක් නොදැක්වීමද මේ හා බැඳී ඇති බව සිතේ.

    • නීතීඥ වෘත්තීය අවභාවිත කිරීම භයානක අපරාධයක්. එය උතුම් වෘත්තියක්. නමුත් සමහර අයගේ ක්‍රියාකලාපය නිසා තමයි පහතට වැටී තිබ්න්නේ.

  6. නිර්නාමික said:

    ඔබතුමා කුඩා කාලේ විතරක් නෙවේ, අවුරුදු 10කට විතර කළින් හමුවුනු උසාවියේ රාජකාරී කරන පුද්ගලයෙකුගෙනුත් අහන්න ලැබුණා. අදටත් ඔයවගේ හොරු ඉන්නව ඇති.

    • හැම ක්ෂේත්‍රයකම හොරු සහ හොඳ මිනිස්සු ඉන්නවා. ඔවුන් කවුද කියා හරියට හඳුනා ගැනීමයි වැදගත්.

  7. Dear Wicharaka – What you are trying to do is the cancelallation of the Mortgage Bond. You can directly go to the relavent Land Registory and get it cancelled. The officer at the Land Registory will place a “Cancelled” seal and write the relavent extracts (Path Eru) numbers on your bond. Thats all. Yes correct you have to pay the stamp fees. It may 2-3 days to complete the process.Thats all.

  8. කොහොමත් පොදුවේ නීතිඥයො කියන්නෙ හිතක් පපුවක් නැති පිරිසක් කියලා නේද කියන්නෙ. නැත්තං මිනීමැරුම අැත්තටම කල බව දැන දැන ඒකව බේරගන්න කථා කරන්න සංවේදී හිතක් තියෙන මිනිහෙක්ට පුලුවන්ද. අනන්ත නැති බැරි කම් තමන්ගෙ සේවාදායකයා ලග තියෙන බව දැන දැනත් උන්ගෙ රීරිමාංශය උරා බොන්න පුලුවන්ද ….

    • මටත් හරියට පුදුම හිතෙනවා සිරා. පොඩි සීරීම් තුවාලයක් වෙච්ච එකාගේ ඔලු කටුව අයින් කළා කියලා උසාවියේදී කියන ඒවා ඊළඟ ආත්මෙදි පලදෙන්නේ නැතෑ.

  9. civil eke jara yakkune wada dakala army ekata join una. eka etath anthai. beli kapannoy pagaawa dennoy noyek jaathi. epama wela aba gahala iddi podu samawen nithyanukulawa as una. dan army ekath jaraa wegena yanne mata penuna widiyata. lajjay

    • තමන් අකමැති කොයි රස්සවෙනුත් අයින්වෙන ඒක හොඳයි. එකඟවෙන්න බැරි ඒක කාරණයක් තියනවා. ඕනෙම ක්ෂේත්‍රයක නාටක අයත් හොඳ අයත් ඉන්නවා. ඇත්තම ඇත්ත තත්වය තමයි නරක අය අඩුයි හොඳ අය වැඩියි. නමුත් අර නරක ටිකදෙනාගේ ක්‍රියාකලාපයෙන් තමයි සමස්ත ක්ෂේත්‍රයම මනින්නේ. ඒ ක්‍රමය වැරදියි.

      හමුදාවට ලැජ්ජාවීමට තරම් විනය පිරිහීමක් තවම නැත. එහෙත් හමුදාවෙන් අස්කලයුතු මට්ටමේ වැරදි කළ අය තවම හමුදාවේ ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: