විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Sanath Nandasiri  සනත් නන්දසිරි කියන්නේ, කිසි කමකට නැති මිනිහෙක්. 1960 දශකයේ ඇවිලුණු ගිනිදැල් කියලා, (ලව් එක බ්රේක් නම් ගිනිතියාගනින් කියලා නේද ඒ සිංදුවෙන් කියන්නේ?) මහා ගිනි විජ්ජුම්බර ගීතයක් කියාගෙන, මේ මිනිහා යන්තම් ගීත ලෝකයට ආවා. ඊට පස්සේ මිනිහා, බොහොම අමාරුවෙන්, ඔය එක එක්කෙනාට වැඳ වැඳ, යන්තම් සින්දු කිව්වා. අපි හරිම අප්පිරියාවෙන් එව්වා ඇහුවේ. අදත් ඉතින් අහන්ඩ එව්වා නැති නිසා අහනවා.

   ඒ මදිවට මේ මිනිහට, මහාචාර්ය පට්ටමකුත් දුන්නනේ, විශ්ව විද්‍යාලේ. මිනිහා ඉන්දියාවට ගිහින්, පගාවක් දීලා, ‘සංගීත් නිපුන්’ කියලා උපාධියක් සල්ලි වලට අරං ආවා. ඔව්වා පෙන්නලා තමයි, මේ අපි ඔහෙලා ඔක්කොමව රවට්ටගෙන ඉන්නේ. මෙයාගේ නෝනා, කතෝලික පවුලකට නේද අයිති. ඒක වෙන්ඩෑ මේ මිනිහා මුළු බුද්ද සෑසනේම කාලා දාන්ඩ හදන්නේ.

   මේ යකා, අපේ සාමනේර හාමුදුරුවරු ගැන, මහා අලුගුත්තේරු සිංදුවක් කියලා තියනවා. බල්ලොවත් අහන්නේ නෑ ඒ සින්දුව. මිනිහා ඕක රේඩියෝ චැනල් වල පොරචාරය කොරගන්නේ, ඒ චැනල් වලට, මිනිහගෙ අතින් සල්ලි ගෙවලා. අර, ‘බෝ මළුවේ මල් සුවඳට මුසුවී’ කියලා සිංදුවක් තියෙන්නේ. අන්න ඒක.

   මේ සිංදුව කොච්චර භයානක, අපහාසාත්මක, අශ්ලීල, අර ලීල, මේ ලීල, ද කියලා විස්තර කරලා, ධර්ම නිධාන නමැති අඩවියේ දීලා තිබුණා, නන්දසිරි ගොයියට බඩ යන්ඩ. මෙන්න ධර්ම නිධාන අඩවියේ, අදාළ ලිපියේ, තිර රූපයක්.

Screenshot (4)

   ලිපිය කියෙව්වට පස්සේ මටත් ඉතිං නානාප්පරකාර දේවල් හිතුණා. අනේ කොච්චර වුනත්, නන්දසිරි ගොයියා හොඳ එකා නේද කියලා හිතුණා. මාත් ඉතිං ඔය හිතට ආව දේවල් ටිකක් ලිව්වා. මේ තියෙන්නේ ලියලා පළ කොරපු කොමෙන්ටුව. 

Screenshot (10)

     ඔන්න ඉතිං කොමෙන්ටුව කොටලා මම ගියා මගේ වෙනත් වැඩකට. ඇවිල්ලා බැලුවා, මොකද අර අඩවියෙන්, මගේ කොමෙන්ටුවට දෙන උත්තරේ කියලා. හුටා…….! මගේ කොමෙන්ටුව නැහැනේ. ඒක ගෙඩිය පිටින් කපා දාලා.

   පොහ්………..මම හිතන්නේ සනත් නන්දසිරි කියන්නේ ගීත ත්‍රස්තවාදියෙක් වෙන්ඩ ඇති. ඒ නිසයි පාඨකයන්ටවත් එයා ගැන කියන්ඩ දෙන්නේ නැත්තේ.

   හැබෑට මොකද මේ ගැන ඔය ඇත්තෝ හිතන්නේ?

2015 මැයි මස 05 වැනි දින 1857 පැය

Advertisements

Comments on: "ඕයි සනත් නන්දසිරී…………………….. බුද්ධාගම කන්න එපා!" (15)

  1. විචාරකට වුණු දේම තමයි මටත් වුනේ!

    ඔය අඩවියේ කමෙන්ටු පළ කරන්නේ නෑ. අපේ කාලය යනවා විතරයි. මගේ නිර්වචනයකට අනුව එය බ්ලොග් එකක් නොවෙයි. අර නලින්ද සිල්වා තව හොඳයි.

    මේ ලිපියට මා කමෙන්ටුවක් දැම්මා මෙන්න මේ වගේ.

    “අයියෝ එක සින්දුවක් නිසා බ්ලාස් යනවාද සිංහලබෞද්ධ සාසනේ වගේ සංස්ථාවක්? තව අවුරුදු 2,400 ක් ලංකාවේ පැවතීමට නියමිතයි නේද? අනික විෂ්ණු දෙයියන් ඒකට ඉඩ දේවිද?”

    තමන්ගේ කමෙන්ටුව පළවෙනවාදැය් බලන්න කමෙන්ට්ස්වලට සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවනි නේ වර්ඩ්ප්‍රෙස් වලත්. මං එහෙම කරළා බැලුවාම තමයි දැක්කේ කාලෙකට කලින් ඔය අඩවියේ ජයන්ත චන්ද්‍රසිරි ගේ ගැමුණු චිත්‍රපටිය ගැණ තිබුණු ලිපියටත් මං කමෙන්ටුවක් දාලා තියෙනවා. ඒකත් ඔය වෙබ් අඩවියේ අයිතිකරු පළ කරලා නෑ!

    • පිස්සුවට බෙහෙත් තිබුනත් මේ වගේ අයගේ මෝඩකමට බෙහෙත් නැහැනේ. මොනවා කරන්නද ඔවුන්ට අනුකම්පා කරනවා හැර.

  2. ඔය බ්ලොග් එක ලියන පුද්ගලයා සිය පියාගේ වරදින් මානසික රෝගියකු බවට පත් වූ පුද්ගලයෙකි. වෘත්තියෙන් නීතිඥයෙකි. ඔහු මින් පෙර බ්ලොග් කිහිපයක් ලියා ඇති අතර තමාගේ ජීවිත කතාවද ‘ප්‍රබන්ධයක්’ සේ පළ කළේය. (දැන් එය ඉවත් කර ඇත.) ජීවිතයේ යම් අවදියක මානසිකව ඉතාම පහළ මට්ටමට වැටුණු ඔහු ඉන් මුදා ගෙන ඇත්තේ බෞද්ධ භික්ෂුවකි. මේ ඔහුගේ අන්ධ භක්තියේ ආරම්භයයි. මීට වඩා විස්තර ලිවීම නුසුදුසුය සිතමි. මේ ටික ලියුවේ මේ අපේ අනුකම්පාවට භාජනය විය යුතු චරිතයක් බව කියන්නට පමණි.

    • ඔබ කියනදේ සත්‍යයක් නම්, මෙය ඉතා කණගාටුදායක තත්වයක්. මෙවැනි පුද්ගලයන්, මෙවැනි අඩවි පවත්වාගෙන යාමෙන්, බුදු දහමට හානියක් සිදුවනු විනා, කිසිදු සේවයක් සිදුවන්නේ නැහැ.

  3. කුරුටු ගෑ ගී පවුර said:

    හත්තිලව්වයි විචාරකගේ කමෙන්ටුව හොරා කාලා…… ඒවා බුද්ධාගමට අනුකූලද දන්නෑ…..???

  4. කැමතිම ගායකයෙක්

  5. විචාරකතුමාගේ කොමෙන්ටුව බ්‍රහ්මදණ්ඩනේට අහුවෙලා… කොහොම නමුත් ඔය අඩවිය බලනවට වැඩිය මේ අඩවියෙන් කොමෙන්ටුව මිනිස්සු අතරට යයි කියල හිත හදාගම්මු… පාහර නන්දසිරියා හෙළාදකිමු…

    • හෙහ් හෙහ්……….මම හිතන්නේ සජ්ජෝ, මේ ලිපියෙන් ඒ අඩවියට හොඳ ප්‍රචාරයකුත් ලැබුණා. නැත්නම් මැස්සෝ වහ වහ තියන අඩවි ඔව්වා.

      අම්මපා සනත් නන්දසිරි අහුවුනොත් ගහනවා…………………………………………………..අප්පුඩියක්.

  6. මගේ මතකයට ආවේ බවතරණය පොත. ඒකට විරෝධය ඵල කරලා තිබුණු එක්තරා වේදිකාවකට ගොඩ වෙච්ච හාමුදුරු නමක් කියලා තියෙනවා “මම ඔය බවතරණයට කොයි තරම් අකමැතිද කියනවනම් ඔය පොත කියෙව්වේ වත් නෑ” කියලා. මම හිතන්නේ විචාරක තුමා ඕක කියවන්න ඇති. ඒකෙ සිද්ධිත් ඔය වගේමයි.

    • හිහ් හී…………………ඔන්න ඕක තමයි සුදීක ඇත්තම ඇත්ත. බලු රංචුවක එක බල්ලෙක් බුරපු ගමන් රංචුවම බුරනවා. නමුත් බුරන්නේ මොකකටද කියලා දන්නේ නැහැ.

      ධර්ම නිධාන අඩවියේ ලිපි කීපයක් මා කියවා බැලුවා. ඇත්තටම මට ඇතිවුනේ දුකක්, කලකිරීමක්, ලැජ්ජාවක්, බෞද්ධයකු ලෙස.

      මේ තරම් වෛරයෙන්, ක්‍රෝධයෙන්, ද්වේශයෙන්, බෞද්ධ ලිපි ලියන්නේ කොහොමද? ඒවා බෞද්ධ ලිපි නෙවෙයි නිකම් වල්පල් ප්‍රලාප.

      ආයෙ කවදාවත් ඒ අඩවියට නොයන්නට තීරණය කළා.

  7. This could be useful for yourself..

    chamara

    2015-05-06 0:03 GMT+05:30 WordPress.com :

    > විචාරක Wicharaka posted: ” සනත් නන්දසිරි කියන්නේ, කිසි කමකට නැති
    > මිනිහෙක්. 1960 දශකයේ ඇවිලුණු ගිනිදැල් කියලා, (ලව් එක බ්රේක් නම්
    > ගිනිතියාගනින් කියලා නේද ඒ සිංදුවෙන් කියන්නේ?) මහා ගිනි විජ්ජුම්බර ගීතයක්
    > කියාගෙන, මේ මිනිහා යන්තම් ගීත ලෝකයට ආවා. ඊට පස්සේ මිනිහා, බොහොම අමාරුවෙන්,
    > ඔය “

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: