විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   බුදු දහම පදනම් කරගත් කියමනක් තියනවා, ‘අනේ කාලේ වනේ වාසේ’ කියලා. මෙහි මා දන්නා තේරුම නම්, ‘කිසිදු පිළිසරණක් නැතිවූ විට ඉබාගාතේ යමින් ජීවත්වීමට සිදුවේ’ යන්නයි. තවත් පැහැදිළි කිරීමක් තියනවා, ‘බුදුවරයකු නැති කල මිනිසා අතරමං වීමට ලක්වේ’ කියලා. මීට වඩා සුදුසු තේරුමක් තිබේනම්, එය ඔබේ අදහස් වශයෙන් දක්වන ලෙස, කාරුණිකව ඉල්ලනවා. මා මෙම ලිපියේ මාතෘකාවට යොදාගත්තේ, අනේ කාලේ වනේ වාසේ කියලා නෙවෙයි. අනේ ‘කාලය’ වනේ වාසේ යන්නයි. ‘කාලය’ යනුවෙන් ලියැවෙන බ්ලොග් අඩවියක් තිබෙන බවත්, එය ලියන්නේ නලින් ද සිල්වා නමැත්තකු විසින් බවත් ඔබ දන්නවා ඇති.

   මේ බ්ලොග් අඩවියේ තිබෙන විශේෂත්වය වන්නේ, කියවන්නාට තම අදහස් දැක්වීමට ඉඩ ලබා නොදීමයි. ඒ කියන්නේ, කියවන්නා අනිවාර්යයෙන් ලියන්නාගේ මතය පිළිගත යුතු බවද? නොඑසේනම් වෙනත් හේතුවක් නිසාද? අන් මත ඉවසීමේ ගුණය නලින් ද සිල්වාට නැද්ද? මේ අර මහාචාර්ය නලින් ද සිල්වාද? (මහාචාර්ය නලින් ද සිල්වාට ඉවසීමේ ගුණය නැති බව මම කීපවිටක් අත්විඳ ඇත්තෙමි) දැන්නම්, නලින්ද සිල්වාගේ ගණිත ඥානය කෙසේ වෙතත්, මූලික සිංහල ඥානයත් කුරුවල් වී ඇති බව, පැහැදිළිව පෙනෙයි. මැයි පළමුවැනිදා, නලින් ද සිල්වා, තම අඩවියේ ලියන ලද ලිපියේ මුල් කොටස, පහත දක්වමි. (රූපය පැහැදිලිව දැකබලා ගැනීම පිණිස එය මත ක්ලික් කරන්න)

Screenshot (1)

   මේ රූපයේ දැක්වෙන ලිපියේ ඇති වැකි දෙකකට යටින්, මා රතු ඉරි ඇඳ ඇති බව, ඔබට පෙනෙනවා ඇති. බලන්න පළමුවැනි වාක්‍යය. එය කියවෙන්නේ මෙසේයි.

//සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි//

   කුමක්ද මේ වාක්‍යයෙන් කියවෙන්නේ? අමුම අමු අපභ්‍රංශයක් නොවේද? මේ වාක්‍යය අනුව තරුණිය ජනාධිපති සමාව යටතේ සිරගත කර ඇත. පසුව, සිරගත කරන ලද කාලය කෙටි කර ඇත. මේ කොයි ලෝකේ සිංහලද? නලින් ද සිල්වාට මෙවැනි සරල වාක්‍යයක්වත් නිවැරදිව ලියා ගන්නට බැරි තරම් මොළය කොලොප්පම් වී තිබෙන්නේ ඇයි?

   පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව ඔහු මහත් ශෝකයකට, කණගාටුවකට, භීතියකට, බලාපොරොත්තු සුන්වීමකට, ලක්වී ඇති නිසයි. ඔහු සිහින දකිමින් සැතපී සිටි වළාකුළු යහන, ජනතා පරමාධිපත්‍යය විසින් පොළොවට ඇද දැමීම නිසයි.

   බලන්න දෙවැනි වාක්‍යය. දෙවැනි වාක්‍යයේදී ඔහුට වත්මන් ජනාධිපති සමග ඇති කෝපය ඉස්මතු වෙයි. ඒ නිසා ඔහු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොකියා, නිකම්ම මෛත්‍රීපාල සිරිසේන කියයි. තමන්ගේ තරහ පෙන්වයි. නමුත්, විජයදාස රාජපක්ෂට අධිකරණ ඇමති යයි කියයි.

   නලින්ද සිල්වා, මෙලෙස, අශූචි වලේ ලගිමින්, සිංහයන්ට සටනට අභියෝග කරන සූකරයාගේ චරිත රංගනයෙන් මිදී, කියවන්නාට අදහස් පළකිරීමේ නිදහස සහිතව, තම අඩවිය පවත්වාගෙන යන්නේ නම්, ඔහු තවදුරටත් බුද්ධිමතෙකු ලෙස සැලකීමට හැකිය. නොඑසේනම්, තම බියසුළු බව වසාගැනීම සඳහා, මෙලෙස නීචකම් නොකළ යුතුය. ඉදින්, මෙනයින් සළකා බලන කල, ‘කාලය’ බ්ලොග් අඩවිය, වනේ වාසේ වී ඇති බව පෙනීයයි. එනිසයි මා කියන්නේ, අනේ ‘කාලය’ වනේ වාසේ කියා. 

   මම නලින් ද සිල්වාගෙන් මෙසේ අසමි. මගේ මේ ලිපියට එරෙහිව සහ ඔබට පක්ෂපාතීව දක්වන අදහස්, මවිසින් වාරණය කරන්නේ නම්, ඔබ ඊට කැමතිද? ඔබ කැමති, එවැනි වාරණ, සීමා, බලහත්කාරකම්, මානව නිදහස පැහැරගැනීම්, කප්පම්, අතුරුදන් කිරීම්, කොමිස් ගැහිලි, කුඩු, එතනෝල්, ක්‍රමයේ සමාජයකට නේද?


2015 මැයි මස 2 වැනි දින 0824 පැය  

Advertisements

Comments on: "අනේ ‘කාලය’ වනේ වාසේ" (9)

  1. කුරුටු ගෑ ගී පවුර said:

    //මහාචාර්ය නලින් ද සිල්වාට ඉවසීමේ ගුණය නැති බව මම කීපවිටක් අත්විඳ ඇත්තෙමි//

    මගේ අත්දැකීම අැහුවොත් නම් හිනාගිහිල්ලා මැරෙනවා විචාරකතුමෝ……….. දවසක් මානව හිමිකම් ගැන අදහස් අහන්න ගිහිල්ලා පැය දෙකක් වාඩි කරවලා මට බැන්නා… ගැහුවේ නැතුව විතරයි.. මං ඉතින් තුන්වැනි වසර කොල්ලා නිසා අහගෙන හිටියා…. මේවා ලියාගන්නවා කිය කිය බැන්නා.. බල්ලෝ උෟරෝ මී හරක් කිය කිය බැන්නාා…. අන්තිමට ඒවායේ තිබුණ හරුප ටික අැරෙන්න අනික් ටික ලියලා ගිහිල්ලා අත්සනකුත් දාගත්තා…… පුද්ගලයාගේ හැටි දන්න නිසා ඉතින් මට හිනාගියා විතරයි… තාමත් යාලුවෝ ඔ්ක කිය කිය හිනාවෙනවා…………………

    • ඉතින් මං කියන්නේ බොරුද? මේ මනුස්සයාට උපතින්ම යම් හීනමානයක් තියනවා වගේ. බලන්න රූපවාහිනී සාකච්ඡා වලට ආවත් බලන්නේ නිවේදකයාගේ ඉඳලා සාකච්ඡා මණ්ඩපයේ ඉන්න ඔක්කොටම අපහාස උපහාස කරන්නයි. එය ඉතා දුර්වල කමක්.

  2. තනි අලියා said:

    මේක මෙන්න මෙහෙම කිව්වනං තේරෙයිද?

    සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ, සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි

    ම් දැං මේක මේ post එකේදි වෙන් කරල තියෙන්නෙ මෙහෙමනෙ

    සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් | ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද | කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි

    මේක මෙහෙම වෙන්කරගත්තොත් shape

    සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් | ජනාධිපති සමාව යටතේ | සිරගත කරන ලද කාලය කෙටිකර | නිදහස් කරනු ලැබිණි

    මම නලින් වාදියෙක් නොවන බව කරුණාවෙන් සලකන්න 🙂

    • සිංහල භාෂාවේ ඇති උක්තාඛ්‍යාත යෝගය පිලිබඳ මෙලෝ හසරක් නොදැන, හිතට එන ආවේග එලෙසම පිටකරන්න ගියාම තමයි මෙහෙම දේවල් ලියවෙන්නේ.

      ඇත්තටම මේ වාක්‍යය ලිවිය යුතු නිවැරදිම ක්‍රමය වන්නේ;

      ‘සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක්, ඊට දඬුවම් වශයෙන් සිරගත කරන ලද කාලය කෙටිකර, ජනාධිපති සමාව යටතේ, නිදහස් කරනු ලැබිණි’

      කියන එකයි.

  3. අනවශ්‍ය දේකට විචාරක තුමා ප්‍රචාරයක් දුන්නද කියලත් හිතෙනවා මට…

  4. මමත් හිතනවා සිරා කියපු දේ හරි.. ඇයි අපි නරි නාවන්නේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: