විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


stock-photo-magician-in-the-business-suit-94980529    හප්පෝ……….යන්ඩ යන්ඩ ඔය පොඩි ළමයි ඔක්කොම යන්ඩ. මේක ලොකුම ලොකු ළමයින්ට විතරයි. ඔන්න නොකිව්වයි කියන්ඩනම් එපා……… මෙව්වා බලලා බේබදුකමට හුරුවුණා කියලා. මෙව්වා ඉතින්, අපි වගේ, අ/මද්‍යප විශේෂඥයින්ට පමණක් සීමාවූ දේවල්. බ්ලොග් කියවන සකල සත්වයා කෙරෙහි පහළවූ මහා කරුණාව නිසයි, කියලා දෙන්ඩ හිතුවේ. ඔය දැන් මෙතන ඉන්න ලොකු ළමයි අතරින්, හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච ළමයි ඉන්ඩ. නැහැදිච්ච දෙමව්පියන්ගේ හැදිච්ච ළමයි යන්ඩ.

   හරී…. ඔන්න එහෙනං පට්ටා…න් ගන්ඩයි යන්නේ. හොඳ්දා………යි. ඔය ළමයි දන්නවා නේද අරක්කු? ඔව් ඔව් බොන අරක්කු තමා. නැත්තං මූණේ ගාන අරක්කු කියලා ජාතියක් නැහැනේ? ඔන්න ඉතිං නාන, පීනන, කබරයා දාන, වගේ අරක්කු වර්ග නම් තියනවා.

   මේ ඊයේ පෙරේදා දවසක අවුරුදු සතුට වෙනුවෙන් පැවැත්වුන පුංචි සාදයකදී, ආයුර්වේද වෛද්‍යවරයකු විසින් තමයි, මේ මැජික් එක කරලා පෙන්නුවේ. මැජික් එක මෙහෙමයි. වෙද මහත්තයා කිව්වා, එයා එකම වීදුරුවකට වතුර සහ අරක්කු දමන බවත්, ඉන්පසු වතුර එම වීදුරුවේම ඉතිරි කර, එහි ඇති අරක්කු ටික පමණක් බොන බවත්.

   අප්පොච්චිගෙ පප්පේ……මේක ඉතිං මැජික් එකක් නේන්නං. කවදා කාපු ටකරංද කිව්වලු. වෙද මහත්තයා මගේ හොඳ මිත්‍රයෙක්. එයා මට කිව්වා. ‘හරි, හමුදාවේ කඳවුරු වල සෑහෙන්න සාද පවත්වනවානේ. එහෙනං මහත්තයා මීට කලින් මේ වැඩේ දැකලා ඇති. පුලුවන්ද කරලා පෙන්නන්න’ කියලා.

   මම කිව්වා, ‘පිස්සුද වෙද මහත්තයෝ. ඔය මළජරාව වීදුරුවකට දාල අතට ගත්ත ගමන්, බුග් ගාලා උගුරෙන් පහලට බස්සගන්නවා මිසක්, අපි ආයේ ඕකෙන් මැජික් පෙන්නන්නේ නෑ. ඕන්නං ටිකක් වැඩිවෙච්චි දවසට ඔය එක එක මැජික් පෙන්නනවා’ කියලා.

   ඔන්න ඊළඟට වෙද මහත්තයා අහපි, ‘කවුද මා එක්ක ඔට්ටුවක් අල්ලන්නේ’ කියලා. අප්පට සිරි ගජ, ඔව්වට තව ඔට්ටුත් අල්ලපියකෝ. එව්වා කොහෙද මාත් එක්ක. දැන් මෙතන හිටියා හත් දෙනෙක්. ‘පීප්ප අංක 69’ වර්ගයේ බෝතල් දෙකක් තිබුණා. (ලීටර් 2 ක්) අනේ එකෙක්වත් ආවේ නැහැ ඔට්ටු අල්ලන්න. අර ලීටර් දෙකෙන් බින්දුවක් හරි අඩුවෙයි කියලා ලෝබ හිතෙන්න ඇති.

   වෙද මහත්තයා ඉල්ලුවා අරක්කු බොන වීදුරුවකට වතුර එකක්. සාදය පැවැත්වුනේ, වෙද මහත්තයාගේ මල්ලි කෙනෙකුගේ ගෙදර. එයා, බෝතල් කළ පානීය ජලය එකක් ගෙනාවත්, වෙද මහත්තයා ඉල්ලුවා, ලිඳෙන් වතුර ටිකක් අරන් දෙන්න කියලා. ඔන්න ලිඳෙන් වතුර එකක් ගෙනල්ල, අරක්කු බොන වීදුරුවකින්, තුන්කාලක් විතර වෙන්න පිරෙව්වා.

   වෙද මහත්තයා එයාගේ සාක්කුවෙන් ගත්තා පිරිසිදු කපු ලේන්සුවක්. ලේන්සුව අර වතුර වීදුරුව මත එලලා, බෙර හමක් වගේ, තදින් ඇදී හිටින ලෙස අල්ලා ගත්තා. තවත් වීදුරුවකට දැමූ අරක්කු, ටික ටික, ලේන්සුව මතට වත්කළා. මෙන්න බොලේ වැඩක්. ඒ අරක්කු වෙනම තට්ටුවක් ලෙස වීදුරුවේ ජලය මත රැඳුනා.

   අම්මපා මැජික් නේන්නං. හෑ………………..ඇස්දෙක අදහා ගන්නත් බැහැ. ඊළඟට වෙද මහත්තයා අර ලේන්සුව ඉවත් කළා. ‘මං අහන්ඩ කැමතියි, ඔය දිලිසි දිලිසි තියෙන්නේ, අරක්කුද නැත්තං…….කියලා’ නෑ නෑ, එහෙම ඇහුවේ නැහැ. වෙද මහත්තයා අරක්කු වීදුරුව අතට අරං, අනික් අතින්, වීදුරුවේ කට වැහුවා, ඉතා කුඩා ඉඩක් පමණක් ඉතිරි වන විදිහට. ඊළඟට වීදුරුව ඉතා සෙමින් ඔහුගේ මුවට ලං කොට, අරක්කු තට්ටුව උරා බිව්වා. මේ ළමයි දන්නවා ඇති අර සුරූ…..ස් ගාලා වීදුරුවකින් බීම උරා බොන විදිහ. අන්න ඒ විදිහට තමයි බිව්වේ.

   පොහ්……………..මල් හතයි ඈ. මම පුතයත් ඉතිං, ඔව්වට සැකැන්ඩ් වෙන්ඩ කැමති නැති ගොබිලෙක් නේ. මමත් වැඩේ කොරලා බැලුවා. මම ලේන්සුව වෙනුවට පාවිච්චි කළේ, හතරට නවපු paper serviette එකක්. අම්මපා වැඩේ හරිගියානේ.

   ඔන්න පහළ තියන පලවෙනි පින්තූරේ තියෙන්නේ, අරක්කු වක්කලාට පසු වීදුරුව තිබුන හැටි. දෙවෙනි පොටෝ එකෙන් පෙන්නන්නේ, වෙද මහත්තයා අර අමුතු කෙරමෙට අරක්කු බිව්ව හැටි. මගේ ජංගම පෝන් හෙවත් මොබයිල් දුරකතනයේ, අර එළිය පාරක් විදින ලැයිට් එකක් නෑ ඕං. ඒ හින්දා පින්තූර අඳුරුයි.

photo0112

photo0115

   මට හිතෙන්නේ ළිඳෙන් ගත් කඨින ජලයේ ඝනත්වයට වඩා, ආසවනය කර සකසා ඇති මත්පැන් වල ඝනත්වය අඩු නිසා, මේ සංසිද්ධිය ඇතිවෙනවා කියලයි. 

2015 අප්‍රේල් මස 20 වැනි දින 1420 පැය 

Advertisements

Comments on: "එන්න බලන්න බේබදු මැජික්" (11)

  1. ඔබ හරි විචාරකතුමා!! ඝනත්වයේ වෙනස තමයි මේකට මූලික වෙන්නෙ. ඒත් ඒ වගේම, මේ දෙක එකිනෙකා සමඟ මිශ්‍ර වීම වලක්වන්න තවත් සිද්ධියක් හේතු වෙනවා!! ලේන්සුවෙන් පෙරීමෙන් වෙන්නෙ අරක්කු හැලෙන වේගය සහ, හැලෙන බිඳු වල විශාලත්වය අඩු වීම.

    ද්‍රව දෙකක් ඉක්මනින් මිශ්‍ර වෙන්නෙ ඒ එකක් අනික මතට හැලෙන වේගය නිසා. ඒ වේගයට පුළුවන්, කලින් දාපු ද්‍රවයේ මතුපිට පෘෂ්ඨික අාතතිය බිඳගෙන ද්‍රවය තුළට කිඳාබසින්න!!
    එහෙම නැතුව සුමටව වත්කලොත් පෘෂ්ඨය මත රැඳිලා හිමිහිට දියවෙන්න ගන්නවා!! ඒ දියවීමේදී සිදුවෙන්නෙ සරල විසරණය වීමක්. එහිදී පෘෂ්ඨික අාතතිය බිඳහෙලන ශක්තිය (ගම්‍යතාවය) නොලැබෙන නිසා පෘෂ්ඨය හරහා යන්න කාලය වැඩිපුර ගන්නවා!!

  2. කුරුටු ගෑ ගී පවුර said:

    හ්ම්…………… මං හිතන්නෙත් ඒහෙමම තමා…. (දන්නැති දේවල් වෙනුවෙන් පිළිතුරු දිය හැකි හොදම විදිහ මේක තමා)

  3. මේක නම් කරලම බලන්න වටිනවා. ඒත් කෝ අරක්කු!

  4. එල ද බ්‍රා මමත් අත් හදා බලනවා

  5. අනේ අම්මෝ මමනම් කරන්නේ නැ ඔය පව්කාර වැඩ අපි කෙලින්ම හැදිච්ච දෙමව්පියන්ලගේ හැදිච්ච ළමයි

  6. බේබදු මැජික් මාත් දැකල තියනවා.. මේ ඇහුවෙ අදයි… බෝතලේ බිත්තියේ අලෝන එක, වැලමිටෙන් බෝතලේ අඩියට ගහල සීල් එක කඩන එක

  7. මේ මැජික් එක පළවෙනි වතාවට දැක්කෙ..ඊලග වතාවෙ අත්හදා බලන්න සිතා ගතිමි. ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: