විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Sarath Fonseka promoted to rank of Field Marshal (7)   රණවිරුවකු ගෙදර එනවා කියන්නේ වැදගත් සිදුවීමක්. අපේ රටේ මහා රණවිරුවෙක්, අවුරුදු පහකට පස්සේ, ගෙදර ආවා. පහුගිය අවුරුදු පහේම, මේ රණවිරුවාට ගෙදර එන්න තහනම් කරලා තිබුණේ. ඒ තහනම දැම්මේ, කෙළෙහිගුණ නොදත්, අමන, බලලෝභියකු විසින්. නමුත්, පශ්චාද් භාගයට වැදුන ජනතා පා පහරින්, ඒ අමනයා විසිවී ගියපසු, මේ අසාමාන්‍ය රණවිරුවාට, යළිත් තම මහගෙදරට එන්නට වරම් ලැබුණා. මේ, ඒ පිළිබඳ කෙටි සටහනක්. 

පින්තූරය ගත්තේ මෙතනින්

   අමන පාලනය යටතේ, අමන පවුලට සට්ටැඹිකම් නොකළ රණවිරුවන්ට, ලංකාවේ ත්‍රිවිධ හමුදා කඳවුරු වලට ඇතුළුවීමට, අවසර තිබුණේ නැහැ. නමුත් ඒ අමන නියෝග දැන් අවලංගු නිසා, කාටත් විවෘත ආරාධනාවක් ලැබුණා. මේ තමයි ඇරයුම්පත. මේ ලිපිය ලියවෙන්නේ මෙහි ඇති ඓතිහාසික වටිනාකම නිසයි.

    

Scan_20150413_115904

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණියේ වසර පහකට පසුවයි. සියළු දෙනාගෙන් එතුමාට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. මේ ඇරයුම්පතේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ නමට ඉදිරියෙන් තිබෙන අකුරු වලින් කියවෙන දේවල් පැහැදිළි කර දෙන්නම්.

RWP = රණ වික්‍රම පදක්කම

RSP = රණශූර පදක්කම

VSV = විශිෂ්ඨ සේවා විභූෂණය

USP = උත්තම සේවා පදක්කම

rcds = Royal College of Defence Studies = බ්‍රිතාන්‍ය රාජකීය ආරක්ෂක විද්‍යාපීඨයේ ආරක්ෂක විද්‍යා උපාධිය

psc = Passed Staff College බ්‍රිතාන්‍යය/ඉන්දියාව/පාකිස්ථානය/බංග්ලාදේශය/ යන රටවලින් එකකදී ලබාගන්නා මාණ්ඩලික විද්‍යාල උපාධිය

(මේ උපාධිය සඳහා, ලංකා ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, කළින් ගියේ ඉහත රටවලට පමණයි. නමුත් දැන් අපේ රටේම අණ හා මාණ්ඩලික විද්‍යාලයක් පිහිටුවා, එමගින් මෙම උපාධිය දේශීය සහ විදේශීය ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට ලබාදෙනවා)

ඉහත දැක්වෙන්නේ, හමුදා නිළධාරියකුට, තම නමට ඉදිරියෙන් ලිවීමට අවසර ඇති පදක්කම් සහ උපාධි අතරින්, එතුමාට හිමි ඒවා පමණයි.

නමුත් එතුමාට මීට අමතරව, තවත් ‘සේවා පදක්කම් – Service Medals’  රැසක් ලැබී තිබෙනවා.

එතුමාට හිමි සියලුම පදක්කම් විස්තරය පහත දක්වනවා. 

Scan_20150412_221240

ශ්‍රී ලංකාවේ පළමුවැනි ෆීල්ඩ් මාර්ෂල් වරයා සියැසින් දැකගන්නට ලැබීම සතුටක්. ඔහු මගේ රෙජිමේන්තුවේ නිළධාරියකු වීම අභිමානයක්.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලැබෙන, ඉහළම වීර පදක්කම වන, පරම වීර විභූෂණය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ පළමු වරට ලැබුණෙත්, අපේ රෙජිමේන්තුවටයි.

(කපිතන් සාලිය අලදෙණිය සහ කෝප්‍රල් ගාමිණී කුලරත්න) 

Scan_20150412_220555

කැමරාව ගෙනගියේ නැති නිසා, ජංගම දුරකතනයේ කැමරාවෙන්, පින්තූර කීපයක් සටහන් කරගත්තා. 

photo0098

එතුමා වෙනුවෙන් ඉතා අලංකාර ගෞරවාචාර පෙළපාලියක් පවත්වනු ලැබුවා.

photo0095

පෙළපාලියෙන් පසුව එතුමාව කඳවුරේ රණවිරු ස්මාරකය වෙත කැඳවාගෙන යනු ලැබුවා. 

photo0104

photo0106

photo0102

අති විශාල සිංහ සෙබළ කැළක්, මේ අභිමානනීය අවස්ථාවට සහභාගි වුණා. 

photo0103

 රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු, රැස්ව සිටි සියලුදෙනා ඇමතූ එතුමා තම පාසල් ජීවිතය, හමුදා ජීවිතය, සහ යුදබිමේ ජීවිතය ගැන දීර්ඝ විස්තරයක් කළා.

තමන් මේ රට වෙනුවෙන් කළ සේවය සලකා බලන කල, තමා රටට ණයගැති නොවන පුද්ගලයකුයැයි තමන් සිතන බව එතුමා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම කඳවුර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය – අඹේපුස්ස) ඉදිකිරීම සඳහා දායක වූ ආකාරයත්, මුල්ම කාලයේදී, පොල්අතු සෙවිලි කළ, පොල්අතු වලින් බිත්ති සැදුණු, භට නිවාස වල ජීවත් වෙමින්, නොයෙක් දුක් කරදර මධ්‍යයේ කඳවුර වැඩිදියුණු කළහැටි විස්තර කළා.

අද ශ්‍රී ලංකා යුද හමුදාවේ, දර්ශනීයතම රෙජිමේන්තු මධ්‍යස්ථානයක් ලෙස, අවිවාදයෙන් පිළිගත හැකි මට්ටමක තිබෙන මේ කඳවුර, මේ මහ සෙනෙවියාගේ මගපෙන්වීම යටතේ අති විශාල දියුණුවක් ලබා තිබෙනවා.

අමන පාලනය යටතේ, අමන නියෝග මගින්, එතුමාගේ නම සහිත සියලුම සිහිවටන පුවරු, ඡායාරූප ආදිය ඉවත් කෙරුණා. නමුත් ඒවා විනාශ වන්නට නොදී, රහසිගතව රැකගන්නට, බුද්ධිමත් සිංහ විරුවන් ක්‍රියා කළා.

අද නැවතත් ඒ පුවරු සහ ඡායාරූප, කළින්  තිබුණු තැන්වලම සවිකර තිබෙනවා.   

photo0110

photo0107

photo0108

මෙම අභිමානවත් උත්සවය වෙනුවෙන් නිකුත් කරන ලද සිහිවටන සඟරාවේ, එතුමන්ගේ ජීවිත කතාවද සැකෙවින් දක්වා තිබෙනවා. මේ එයින් එක් පිටුවක්.

Scan_20150412_221435 - Copy

ෆීල්ඩ් මාර්ෂල් නිළය පිළිබඳ කෙටි හැඳින්වීමක්, මීට පෙර මා ඔබ වෙත ගෙනාවා, ඔබට මතක ඇති. මෙම සිහිවටන සඟරාවේ ද එක් පිටුවක් වෙන්වී තිබුණේ, එවැනි හැඳින්වීමකටයි. 

Scan_20150412_221240 - Copy

ඔබට මතකද මා ඉහත සඳහන් මගේ ලිපියේදී සඳහන් කළා, ෆීල්ඩ් මාර්ෂල් වරයකුගේ අතේ ගෙනයන යෂ්ටිය පිළිබඳව. මේ තියෙන්නේ ඒ ගැන කෙටි හැඳින්වීමක්.

එම යෂ්ටිය රැගෙන යන්නෙත් විශේෂ ආකාරයකට. ඉහත ඡායාරූප නිරීක්ෂණය කළවිට ඔබට එය වැටහෙනු ඇති. 

Scan_20150412_220809

ෆීල්ඩ් මාර්ෂල් වරයකුට වෙනම ධජයක් හිමිවනවා. ඔහු සහභාගිවන සෑම නිළ උත්සවයකදීම, එම ධජය එසවිය යුතුයි. මේ තියෙන්නේ, ලංකාවේ ෆීල්ඩ් මාර්ෂල් වරයාට හිමි ධජයයි. 

Scan_20150412_222008_002

ඉතා අලංකාරව සකසා තිබුණු අති විශාල කූඩාරමක දී සියළු දෙනා එක්ව දිවාභෝජන සංග්‍රහය භුක්ති වින්දා. ඊට පෙර එතුමාගේ ජීවිත කතාව රැගත් වාර්තා වීඩියෝ චිත්‍රපටියක් ප්‍රදර්ශණය කෙරුණා. දිවා භෝජනයෙන් පසු, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රබලතම යුද්ධයෙන් ජයගැනීමේ නියමුවා වූ, මේ අභීත, එඩිතර, අභිමානවත් මහ සෙනෙවියාට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කොට සමු දී, අපිත් ගමරට බලා පිටත්වුණා. 

photo0111

2015 අප්‍රේල් මස 14 වැනි දින 1348 පැය

Advertisements

Comments on: "මහ ගෙදරට නැවත පැමිණි රණවිරුවා – Return of a War Hero to own home" (34)

  1. නැවත ලැබීඹ සතුටක්..ඒ වගේම ඕක උගුලක් කියලත් මට හිතෙනවා..

  2. කෝප්‍රල් ගාමිණී කුලරත්න පිළිරුව ඉවත් කරන එක හොදද ??

  3. sapata puka deela thiyenne

  4. Are you crazy Wicharaka, do you have any principles at all? Few weeks ago you criticised SF as a Haraka . See your article “Athin Kala Harak Balana” at https://jangun.wordpress.com/2015/03/17/

    Now you praise him !

    Why should I be reading your posts any longer?

  5. ““Athin Kala Harak Balana” at https://jangun.wordpress.com/2015/03/17/” සිහි බුද්ධියෙන් නොකියවන පාඨකයන් රාශීයක් සිටිනවා පමණක් නෙවෙයි ඒ අය කොමෙන්ටුත් දානවා නේද විචාරකතුමා.

  6. එතුමා රටට ණය නැති බව සැබෑවක්.. ඒත් රට එතුමාට ණයයි..

  7. සරත් ෆොන්සේකා කියන්නෙ යුද්දය ජය ගැනීමට ලොකු දායකත්වයක් ලබා දුන්නු පුද්ගලයෙක්.
    නමුත් ඇතැමුන්ට අනුව තිස් වසරක කොටි ත්‍රස්තවාදීන් ගෙනගිය යුද්ධය අවසාන කර ඇත්තේ සරත් ෆොන්සේකා ය. මෙරට දේශපාලන නායකත්වය උඩ බලාගෙන සිටියදී ඔහු තනිවම යුද්ධය කර ඇත… ඔහුට ගුවන් සහ නාවික හමුදා වල සහයක් නොමැතිව වුවද යුද්ධය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණි..

    නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, “අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක” කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට)

    අනිත් එක තමයි ෆොන්සේකාට මෙම තනතුර ලබා දුන් කට්ටියගේ පැටිකිරිය ලන්කවේ බොහො දෙනෙකුට මතකයි. ඔවුන්ට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ඔවුන්ට ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා සරත් ෆොන්සේකා.ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ…

    එහෙන් උතුරෙ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනව.සරත් ෆොන්සේකගෙ වැරදි තිබුනත් නැතත් එතුම රටට වෙන ව්‍යසනය ගැන කතා කර‍යි කියන බයට එතුමගෙ කට වැසීමට සහ රාජපක්ෂට කනේ පහරක් ගැසීමට දුන් තනතුරක් කියලයි මට හිතෙන්නෙ.මොකද ගිය ආණ්ඩුව කාලෙම මේ තනතුර ලැබෙන්න තිබුන.නමුත් අනුන්ගෙ පව් කරගහන්න ගිහින් අන්තිමට එතුමට හිර ගෙදර ලගින්න උනා.

    • නියමයි++++++++++++++++++++

    • //මුත් ඇතැමුන්ට අනුව තිස් වසරක කොටි ත්‍රස්තවාදීන් ගෙනගිය යුද්ධය අවසාන කර ඇත්තේ සරත් ෆොන්සේකා ය. මෙරට දේශපාලන නායකත්වය උඩ බලාගෙන සිටියදී ඔහු තනිවම යුද්ධය කර ඇත… ඔහුට ගුවන් සහ නාවික හමුදා වල සහයක් නොමැතිව වුවද යුද්ධය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණි//

      කවුරු කිව්වත්, මේක නම් හමුදා දැනුම නැති අයෙකුගේ අමන මරිමෝඩ කතාවකි. නොදන්නාකම ගැන අනුකම්පා කිරීම හැර වෙනත් දෙයක් නැත. කවදාවත් ෆොන්සේකාට තනිව යුද්ද කරන්නත් බැහැ. නාවික/ගුවන් සහාය නැතුව කරන්නත් බැහැ.

      සුදු කොඩි කතාව විකෘති කලේ මාධ්‍ය මගින්. ලංකාවේ කීර්තිනාමයට හානිවුනේ යුද බිමේ වීඩියෝ කොටින්ට විකිණු මාධ්‍යවේදීන් නිසා. කොටි ඒවා විකෘති කරලා වීඩියෝ/පින්තූර/ අලුතෙන් ගදුවා.

      ඔබටත් කිසිම හමුදා දැනුමක් නැතිවීම ගැන කනගාටු වෙනවා. ෆොන්සේකාට මේ තනතුර දෙන්නට බලය තිබෙන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට පමණයි. ජනාධිපතිවරයාට පුළුවන් කවුරු කිව්වත් එය දෙන්න හෝ නොදී ඉන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ බලය ජනාධිපතිවරයාට හිමිවී තිබෙනවා. ජනාධිපතිවරයා එය දුන්නේ විද්වත් මණ්ඩලයක් සමග කරුණු සලකා බැලීමෙන් පසුවයි.

      ෆොන්සේකාට විශේෂ සැලකිලි දැක්වීමෙන් මහින්ද රාජපක්ෂට විශේෂ හානියක් වෙනවා කියා මා හිතන්නේ නැහැ. මහින්ද රාජපක්ෂට හානි කල හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි වලට කැඩීමෙන් සහ මහින්දගේ දූෂිත බව ලෝකයට පෙන්වීමෙන්. අධි ආරක්ෂක කලාප කියා අක්කර දහස් ගණනක් විශාල කලාප දැන් අවශ්‍ය නැහැ. මේ යුද්ධයෙන් අපි ඉතා හොඳින් යුද්ධය ඉගෙන ගත්තා. දැන් දන්නවා අවශ්‍යයෙන්ම කඳවුරු තිබිය යුතු තැන් සහ කොපමණ කඳවුරු ගණනක් තිබිය යුතුද යන්න. ඒවා ඇත්තටම යුද රහස්. ඒ නිසා තමයි කඳවුරු වහලා රට අමාරුවේ දානවා කියලා මිනිස්සු කොච්චර කෑගැහුවත් හමුදාව සද්ද නැතුව ඉන්නේ.

      ෆොන්සේකා මහතා බුද්ධිමත්ව කටයුතු නොකළ නිසා කරදර වලට ලක්වුනා කියා තමයි මම නම් හිතන්නේ.

      • -“කවදාවත් ෆොන්සේකාට තනිව යුද්ද කරන්නත් බැහැ. නාවික/ගුවන් සහාය නැතුව කරන්නත් බැහැ”- මේ අදහසම තමයි මම වෙනත් ආකාරයකට කියල තියෙන්නෙ. නැවත කියවා බලන්න. මෙහෙම කියන්න හේතුව ගොඩක් මහින්ද විරෝදීන්….. මහින්ද යුද්දය වෙනුවෙන් කල දෙයක් නැහැ සරත් ෆොන්සේක නිසා තමයි යුද්දය ජය ගත්තෙ කියල උලුප්පා පෙන්නන්න හදනව

        නමුත් හැමෝම දන්නව මහින්ද කොන්ද කෙලින් තියාගෙන ජාත්යන්තරයට හිස නමන්නෙ නැතුව සේනාධිනායකයා විදියට තම යුතුකම ඉටු කල නිසයි යුද්දය ජය ගන්න පුලුවන් උනේ කියල. නැත්තම් මීටත් කලින් තිබුනු ආණ්ඩුවලට යුද්දය නතර කරන්න තිබුනනෙ. ඒ වගේම යුද්දය කාලෙ අනෙක් පක්ශය කලේ යුද්දය ජග්‍රහනය කරන්න සහය දෙනව වෙනුවට යුද ජයග්‍රහන හැල්ලුවට ලක් කිරීමයි( මැදවච්චි සහ පාමංකඩ, තොප්පිගල මතක ඇතිනෙ).

        හමුදාව සද්ද නැතුව ඉන්නේ ඔවුන්ට කරන්න දෙයක් නැති නිසා වෙන්න බැරිද? මොකද මෙම නිශ්ශබ්ධතාවය එදා සටන් විරාමය අත්සන් කරනකොටත් තිබුන. ඒ විරාමය අතරතුර LTTE එක ශක්තිමත් වුනා. අන්තිමට ඒකෙන් රටට වුනු හානිය කවුරුත් දන්නවනෙ..අනිත් එක මේ ආන්ඩුව අධි ආරක්ශිත කලාපම දෙමල ජනතාව පදිංචි කරන්න තෝරා ගන්නෙ ඇයි?….

        ඔබතුමා සහ මම මොනතරම් විවාද කලත් පලක් නැහැ. කාලය අපතේ යැවීමක්. ඒක නිසා වටිනා කාලය දේශපාලනයෙන් තොර වුනු වැදගත් ලිපි පල කිරීමට යොදා ගන්නැයි ඉල්ලමි.

        • බොහෝ දෙනෙක් හිතනවා මහින්ද ඉතා ඕනෑකමින් යුද්ධයට නායකත්වය දුන්නා කියලා.නමුත් ඇත්තටම වුනේ මේකයි. මහින්දට වෙන විකල්පයක් නැතුව ගියා. යුද්ද කලේ නැත්නම් යුද්දය තමන්ගේ ඔඩොක්කුවට එනවා. අන්න ඒ පාඩම මහින්දට කියලා දුන්නේ සරත් ෆොන්සේකා. අන්තිමේදී මහින්ද කරගහලා යුද්දේ කරටම ගත්තා (ගන්න වුණා)

          හමුදාවට මොනම හේතුවක් නිසාවත් දේශපාලන තීරණ ගැන කතා කරන්න බැහැ. එය හමුදා විනයට පටහැනියි. අධි ආරක්‍ෂිත කළාප තිබුන ඉඩම් පාරම්පරික දෙමල ජනයාට අයිති ඒවා. ඉතින් ඒවා අයිතිකාරයන්ට දීමේ වරදක් නැහැ. නමුත් සෑහෙන මුස්ලිම් ජනතාවක් සහ ඉතා සුළු ප්‍රමාණයක් සිංහල ජනතාව යාපනයේ හිටියා. ඔවුන්ගේ අයිතියද තහවුරු කලයුතුයි.

          බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

  8. කුරුටු ගෑ ගී පවුර said:

    ඔව් පහුගිය ටිකේම කට්ටිය පරණ මුල්ගල් ටිකක් ෆොටෝ ටිකයි හොය හොය දැගලුවා….

  9. සාරිකා විචාරනී said:

    මැරුණාම මල්වඩම් ගෙනියනවාට වඩා ජීවත්ව ඉද්දි එක මලක් හෝ පිදිමයි උතුම් එතුමාට මගේද ප්‍රණාම පූර්ව ආචාරය වේවා. මෙලෙස සටහනක් හෝ යොදන්නට ඉඩ සලසා දුන් ඔබතුමාට පින්සිදුවේවා

  10. මම ගොනෙක් වගේ ගොන් කතා ගොඩක් කිව්වා ඒ ගැන ඔබෙනුත් සරත් ෆොන්සේකා මහතාගෙනුත් සමාව ඉල්ලනවා

  11. ක්සැන්ඩර් said:

    මේ මොහොත දකින්න මම හිතුවේ මීට අවුරුදු ගානකට කලින්. හරියටම පහකට කලින්. මෝඩ උද්දච්ච ලොක්කා බයට ඒ දේ නොකර කරපු වැඩෙන් එයා කරගත්තේ එයාවම එපා කරගැනීමක්. කොහොම වුනත් මම නම් ඉතාම සතුටු වෙනවා මේ ගැන. පිදිය යුත්තා පිදුම් ලැබුවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: