විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   මතක ඇති නේද අපි මෑතකදී කතාකළා, ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන්න යන ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. ඔන්න දැන් ඒක පිහිටුවන්න තමා යන්නේ. හැබැයි අලුත් ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේට, අතින් කාලා හරක් බලන්න වෙලා. බලන්නකෝ ඔය පහලින් තියන ප්‍රවෘත්තිය.

Screenshot (2)

  පොඃ………………..කාටද ආඩම්බර? ෆොන්සේකා උන්නැහෙටමනේ ආඩම්බර. මොකෑ ඔන්න ඉතිං අපි හමුදාවේ ඉන්දැද්දිං නං, සල්ලි වලට ගත්තේ, ඔය ලාග්ගෝ එහෙම තමා. නිළ ලාංඡන දුන්නේ හමුදාවෙන්. පැන්සොන් යනකොට, එව්වා ආපහු බාරදෙන්න ගියාම කිව්වා, ‘අනේ එව්වා ඔහෙම තියාගන්න සිහිවටන හැටියට’ කියලා. නමුත් දැන් මුන්නැහෙට පුළුවන් බය නැතුව කට ඇරලා කියන්ඩ, ‘අඩ්ඩෝව්…….. මෙව්වා කවුරුවත් දුන්න එව්වා නෙවෙයි, මමම හදවලා ගහගත්ත එව්වා හරිය? එකෙක් එන්නෑ අත තියන්න එහෙම හරිය? අත තිබ්බොත් උගේ ………………………………තමයි නවතින්නේ හරිය? කියලා.

   අනික් වැඩේ නිළ ලාංඡන රත්තරනින් නිම කොරන්න ඕනළු. හුට්ට බටා. ඔන්න ෆොන්සේකා ලොක්කා කරගත්ත ගොන්කම දැන් තමයි තේරෙන්නේ. අර අහිංසක මහින්ද මහත්තයාට මේ පාර වැඩ කරානම්, අර LTTE රත්තරං වලින් හන්ගගත්ත  අල්ලගත්ත එව්වයින් කිලෝ දහයක් උනත් දෙනවනෙ. නිළ ලාංඡන විතරක් නෙවෙයි, අනික් යුනිපොං එව්වා, කඩුකස්තාන, බූස් සපත්තු, තොප්පි තෝට්ටං, අරවා මෙව්වා , ඕන්නං ලාග්ගෙක් වුනත්, සත්තලනෙන්ම හදා ගනිං මගේ සත්තලනේ………….. කියලා.

   දැන් ඉතිං කාලා වරෙන්කො. මොකෑ ආයෙ සිරා මාමා ළඟ රත්තරං තියා, ඇට බෝලයක්වත් තියන එකක්යැ.

   නාකද මේ වියදම දරන්න බැයිද කියලා………. දුමී, ජොනී, සජී, වගේ කෙනෙක්ගෙන් අහලා බැලුවොත්. ඒ කියන්නේ අනුග්ගරාහකත්වය දීලා ඇඩ් එකක් වුනත් ෆොන්සේකා උන්නැහේගේ නිළ ඇඳුමේ ගහන්න පුළුවන්නේ. ගොයබාතා ලඟත් සමහරවිට තවම ඇති පෙට්ටගමේ ඉතුරු වෙච්චා. හ්ම්…………………. 

2015 මාර්තු මස 17 වැනි දින 1331 පැය

Advertisements

Comments on: "අතින් කාලා හරක් බලන…………… ලෝකයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්" (22)

  1. හෙහ් හේ…. මම කලින් වැඩකරපු පැත්තෙ මේසන් බාස් කෙනෙක් ලෙවල් බටේ උකස් කරලා “අඩෝව් මම බීවෙ මගේ ලෙවල් එකට ඕයි” කීව වගේ 😀

  2. මේ වගේ විස්තරයක් කියවීම නිසා විඳින්න වුනේ හරිමමාගැනම දුකක් මාගැනම කලකිරීමක් විචාරක තුමණි.

    • මේ ශ්‍රේෂ්ඨ මහ සෙනෙවියාට එදත් කෙනෙහිලිකම් කළා. අදත් කරනවා. මොකද්ද මෙව්වයේ තේරුම ගුණසිංහ මහත්තයෝ.

    • හදිස්සියේ ලියා දැම්ම එකේ වැරැද්දක් දැනුයි දැක්කෙ. ලියන්න හිතුවෙ “මා ගැනම දුකක්, කලකිරීමක් ලිපිය කියෙව්වාම ඇතිවුනේ“ කියලයි. ඊටත් වඩා වටින්නෙ “මේ වගේ ගුණ මකු තත්වයක් දැක්කාම මාත් මේ රටේ වැසියෙක් කියන්න ලජ්ජයි “ යනුවෙන් ලිව්වානම් තවත් හොඳයි කියල දැන් හිතෙනවා.

  3. තමන්ගේ army head quarters එකට ආරක්ෂාව දෙන්න බැරිවුන එකෙකුට මොකටද කම දෙන්නේ. එක ඇතුලට ඇවිල්ලා තමන්ටම බෝම්බේ පත්තු කරනකම් මිනිහා දන්නේ නෑ. හරිනම් ඒ දවස්වලම ඉල්ලා අස් වෙන්න ඕනි. දැන් ඔක්කොම කලා වගේ පම්පෝරිය. නේවි එකයි එයාර් ෆෝස් එකයි නැතිනම් මුගේ වැඩ කෑලි ටික තාමත් බල බලා ඉන්න තිබුනා.

    • අප්පුවාගේ හමුදා දැණුම ගැන කනගාටු වෙමි. තමුන්නාන්සේ ගැන අනුකම්පා කරමි. මොලය මස්තිෂ්ක කුහරයේ තිබේදැයි සොයා බැලීම යෙහෙකි.

      • කුරුටු ගෑ ගී පවුර said:

        අප්පුවා………….. උඹ නම් අප්පුවෙක් ම තමයි.. ඒයාර් ෆෝස් ඒකකුයි නේවි ඒකකුයි විතරක් හිටියා නම් දැන් තමුනුත් උඩ හරි මුහුදේ හරි……… යකඩෝ තරහක් තියෙනවා නම් පුද්ගලයාට බනිනු…. අහගෙන ඉන්නම්. ඒත් නහය ඒක්ක තරහා වුණා කියලා මූණට බනින්න ඒපා…… මේක මූණ

  4. කළගුණ අමතක කරදමන්න අපේ රටේ මිනිස්සු හරිම දස්සයො. අප්පුවා දන්න ඉතිහාසය එයින් දියුණු වෙලා තියන ආකල්ප යේ රඟ කොමෙන්ටුව කියා දෙනවා.

  5. කුරුටු ගෑ ගී පවුර said:

    මට නම් ගැටලු කිහිපයක් අැත… මේ ගැන ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වූයේ මෙවැනි අදහසක් නොව…

    • ගැටලුව ජෙනරාල් ෆොන්සේකාගේ ප්‍රශ්නය නම්, දැනට ඒ ගැටලුව විසන්දෙමින් පවතින බව අද (මාර්තු 19) දැනගත්තා.

      ගැටලුව අර අප්පුවා මහතාට මා පිළිතුරු නොදීම ගැන නම්, අනේ ඒ වගේ බුද්ධිමතුන් සමග සංවාදයේ යෙදෙන්නට අපි වගේ මෝඩයන්ට බැරිය.

  6. අපේ රටේ අය අන්දවන්න හරිම ලේසියෙන් පුළුවන් නේ. ඒ හින්ද යුද්දෙ කරන්න යුද භටයො හිටියෙ නැති රටක් කියලත් අප්පුවලා ඉස්සරහදි ඉතිහාසෙ ගොතාවි.

    • ගුණසිංහ මහත්මයා කියන කතාව 1000% ක් හරි. කාලයක් එක් කෙනෙක් තමන් සහ තමන්ගේ සහෝදරයා එකතුවෙලා යුද්දේ කළා කියලා රටේ ජනතාව අන්දවන්න හැදුවා. ඊට පස්සේ ජනතාව ඒ පුද්ගලයට නිවැරදි පාඩමක් ඉගැන්නුවා. එත් තාමත් “අප්පුවා” වගේ හිතන කකුල් දෙකේ බත් කන හරක් ඉන්න කොට මාර කලකිරීමක් හිතෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ දැනුම ගැන. මුන්ට අමතකද දන්නේ නෑ යුද ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම සටනක් කලේ යුද හමුදාව කියන එක. අප්පුවා වගේ එවුන් හදන්නේ දේශපාලනික වශයෙන් සරත් ෆොන්සේකා මහතා එක්ක තියන තරහට එතුමාට අපහාස කරන්න. එත් ඉතින් බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙත් නෑ. ගමනක් යනකොට බුරන හැම බල්ලම එලව එලවා ඉන්න ගියොත් ගමන යන්න වෙන්නෙත් නෑ.

      මගේ කමෙන්ටුවට පාවිච්චි කරලා තියන භාෂාව සමහරවිට ටිකක් රළු වෙන්න පුළුවන්. එකට ඔබතුමා වගේ ගුරු මහත්මයෙක්ගේ අදහස් දැක්වීමක් සමග එකග වීමට මෙවන් රළු වචන භාවිතා කිරීම ගැන සමව ඉල්ලා සිටිනවා. එත් අප්පුවා වගේ අයට මේවා මෙහෙම කියලා දීලා මදි.

    • යුද්ධයක් තිබුනේ නැහැ කියලත් කියයි.

  7. මේ සිදුවීම සම්බන්දයෙන් මාත් අන්තර්ජාලය හරහා දැනගත් විට ගොඩක් කල්කිරුනා. අපි ගොඩක් මහන්සියෙන් පත් කරගත් මේ නව ජනාධිපතිවරයා අපේ වර්තමාන ජාතික වීරයාට මේ විදියට සලකන්නේ ඇයි කියන එක මට ගැටළුවක්. එකට මම පිළිතුර විදියට හිතන්නේ දැන් හොරුන්ගේ පක්ෂේ නායකයා වෙලා ඉන්නේ වර්තමාන ජනාධිපතිවරයා ඔහු අකමැති ඇති සරත් ෆොන්සේකා මැතිතුමා දුෂිතයන්ට එරෙහි කෙනෙක් නිසා ඔහුට යම් බලයක් ලබා දීමට.

    • ඇත්තෙන්ම ජනාධිපතිතුමා මේ හැම එකටම ඇඟිල්ල ගහන්න යන්නේ නැහැ. එතුමා හිතනවා අදාළ බලධාරීන් සියල්ල සාධාරණව කරනු ඇතැයි කියා. නමුත් එතුමාට අමතක වෙනවා අපේ රටේ බොහොමයක් මිනිස්සු ගැන විශ්වාසය තියන්න අමාරුයි කියන එක.

      කොහොම වුනත් ෆොන්සේකා මහතා තමන්ගේ තැන ලබාගන්නවා.

  8. කැත සිද්ධිය නේද හැබෑටම වෙලා තියෙන්නෙ…තමන්ගෙ වියදමෙන් පදක්කං ගහලා මොනවටද අප්පා…ලාග්ගා…මට නම අමතක වෙලා හිටියෙ….

  9. සික්,නොදි හිටියනම් ඔයිට හොදයි.ලැජ්ජ කරන්නෙ නැතුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: