විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


give-and-take-25519-300   හෙහ් හෙහ්……ඩයලොගා තමයි දවසකටවත් මිනිහා. මිනිහා ගහන ගේම් අපිට හිතන්නවත් බැරි ගේම් ය. එව්වාට කියන්න වෙන්නේ දීලා ඇදිල්ල මිසක් වෙන මොන කෙහෙම්මලක්වත් නොවේ ය. මේ දෙනවාය ඊළඟට අදිනවා ය. රෑ නිදාගෙන උදේ නැගිටලා බලපුවාම දුන්න එව්වා ආපහු ඇදලා ය. කටන්තරේ මෙන්න මෙහෙම ය.

   ගිය මාසේ ඩයලොග් චන්ද්‍රිකා සැටලයිට් කාරයා, දවස් ගණනාවක් රූපවාහිනී තිරයේ අකුරු පේළියක් දිවෙව්වේ ය. එයින් කියවුනේ, ළඟදීම චැනල් වැඩි කොරනවා ය. මේ නිසා ‘පාරිගෝබිකයන්ට’ වෙන මෙව්වා එකට හෙවත් අපහසුතාවයට, සමාව බාජනේකට දාගන්ට ද, එහෙමත් නැත්නම්, අපගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව පොරකාස කොරනවා ද මොකක්ද කියා ය.

   ඔන්න ඉතිං පාරිගෝබිකයෝ ඉවසිල්ලෙන්, නොඉවසිල්ලෙන්, හිටියාය. කිව්ව දවසට පහුවදා, චැනල් හැට හුටහමාරක් එකතු කොරලා ඇති කියන චිත්තප්පිරීතියෙන් යුක්තව, දාලා බැලින්නං, හිතපු තරම් එව්වා නැත. BBC World Service තියනවා දැකලා, බොහොම සතුටු වුණා ය. අනේ දවස් කීපයකින් ඒකට කෙළියා ය. අද උදේ දාලා බැලින්නං, අලුතෙන් එකතු කරපු තවත් එව්වාට කෙළලා ය.

   ඉංගිරිසි චිත්තර පටියක් බලාගන්ඩ තිබුණු, Sundance චැනලය, හොඳ වනජීවී වාර්තා චිත්තර පටියක් බලාගන්ඩ තිබුණු, NGC Wild චැනලය, තරාස ජනක පරිසර චාරිකා වගේ දේවල් බලන්ඩ තිබුණු, Outdoor  චැනලය, අපේ දුවලා එහෙම පණ ඇරලා සින්දු අහන බලන, Zoom චැනලය, කපලා ය. එව්වා ගන්ට නම් වෙනම ගෙවන්ටලු. අනේ නනේ නන්නානේ.  අලුතෙන් එකතුවුණා කියලා, දැන් ඉතුරුවෙලා තියෙන්නේ මුලින් දීපු චැනල් දහයෙන් තුනක් ය. අනේ යකෝ නන්නානේ.

   මේ චැනල් කෙළිය පටන් ගත්තට පස්සේ, විකාරවර්ධන වැඩක් වුණා ය. ඒ කියන්නේ පාරිගෝබිකයෝ හිතුවා, ඩයලොගා දැන් චැනල් කෙළිය කෙළලා ඉවරයි, ඒ නිසා අපිට ඕනේ විදිහට, ( තම තමන්ගේ පැකේජ වලට ලැබෙන චැනල් ගණන අනුව) තමන් ‘කැමති ෆේවරිට්’ ලිස්ට් එක හදා, සේව් කරගනිමුය කියලා. ඔන්න අනේ එහෙම ලිස්ට් එක හද හදා ඉන්න වෙලාවට වගේම, හදලා ඉවරවුණ ගමන්ම, එහෙමත් නැත්නම් පහුවදා බලනකොට, අර ලිස්ට් එක මැකිලා, ඔක්කොම චැනල් රීගෙන රීසෙට් වෙලා, මළ විකාරයක් වෙලා ය. මේ වැඩේ මට පස් වතාවක් වුණා ය. ඉවසීමේ සීමාව ඉක්ම යා නොදී, මම ඩයලොගා ගේ ‘දොඩවන හෙවත් චැට් සේවයට’ දින දෙකක්ම ගියා ය. ගිහින් ලැබුණ පොර්තිපලේ, ඔන්න පහළින් දමනවා ය.  

Screenshot (241) - Copy

Screenshot (246) - Copy

   කොච්චර වෙලා බලා හිටියත් ‘පීලිස්ට වේට්ටිය’ කියනවා මිසක්, වෙන අහවල් කෙන්ගෙඩියක් නැත. ඔය එක please wait එකක් වැටිලා, ඊළඟ එක වැටෙන්නේ, සෑහෙන වෙලාවකට පසුවය. ඉතිං හිතාගත්තැකිනේ මං දවස් දෙකක්ම කොච්චර වෙලා බලා ඉන්න ඇද්ද කියලා. බැරිමතැන, ඩයලොගාගේ හත්මුතු පරම්පරාවම සිහිකර විසන්දි, කළා ය.

   ඊට පස්සේ වතාවල් දෙකක්, ජංගම ටැලිපෝන් එකෙන් අල්ලගන්න උස්සාහ කළා ය. අහවල් එක සඳහා අහවල් එක ඔබන්න, අහවල් එක වෙනුවෙන් අහවල් එක ඔබන්න, (ළඟ හිටියානම් කටේම ඔබනවා………..නෑ නෑ, පොං එක) කියලා, වටේ අරන් ගිහිං, අන්තිමට තමයි කියන්නේ, පාරිගෝබික සේවා නිළධාරියකු ඇමතීමට, උගේ හොම්බට අනින්න, හුටා……. නෑ නෑ, අහවල් එක ඔබන්න කියලා. පලවෙනි දවසේ විනාඩි 17 ක් බලා හිටියා. චූං ගහනවා, බයිලා ගහනවා. ‘අපේ කට්ටිය බිසී ඉකමනට එකෙක් අල්ලලා දෙනතුරු ඉන්න’ කියනවා විතරයි. දෙවෙනි දවසෙත් විනාඩි 14 ක් හිටියා උත්තර නැහැ.

   මේ වැඩේ හරියන්නේ නෑ කියලා තේරුණ නිසා, ඊට පහුවදා ගියා ඩයලොග් මද්දියස්තානෙට. හප්පොච්චියේ………. එතන හිටිය සෙනග කන්දරාව. නොම්මරයක් ඇන්න පාරිගෝබික නිලදාරී උත්තමයෙක් මුණගැහෙන්න අවුරුදු පහක්වත් යයි වගේ. පිළිගන්න නිලදාරියා ළඟට ගියා. එතනට ඇවිත් හිටියා ඈත ගම්බද ප්‍රදේශයකින් පැමිණි බවට තහවුරුවෙන ආකාරයේ කාන්තාවන් තුන්දෙනෙක්. අනේ පව්, ඒ අය අර ගොබිලාට සර් කියලා කතාකලේ, ටයි පොල්ලක් එහෙම දාලා හිටිය නිසා, උන්නැහේට වටිනවානේ මට සර් කියන්න එපා කියන්න. එව්වා කොහෙද. උන්නැහේට අර කාන්තාවක් කිව්වා, අනේ අපේ ටී වී එකට මොකක්ද වෙලා, චැනල් ඔක්කොම වෙනස් වෙලා, අපේ පුතා හැදුවා, දැන් ආයෙත් ඔක්කොම අවුල් වෙලා කියලා. අනික් කාන්තාවන්ටත් තිබුනේ ඒ ප්‍රශ්නයමයි.

   අපේ පැත්තේ සමහර ගම්බද ප්‍රදේශ වලට, සාමාන්‍ය ඇන්ටෙනාවකින් පෙනෙන්නේ ‘නයිටීඑන්’, ‘ඔරොප්පුවාහිනී’ දෙක විතරයි. ඒ නිසා තමයි චන්ද්‍රිකා සැටලයිට් ගන්නේ.  අරුන්නැහේ ඒ අයට මුද්‍රිත කොලයක් දුන්නා. ඒකේ අමු ඉංගිරිසියෙන් තියන්නේ, දුරස්ථ පාලකය ආධාරයෙන් කොරන්න ඕනේ වැඩකිඩ ගොඩක්. අර කාන්තාවන්ගේ මූණ ඇඹුල් වුණා, ඒ කොලේ දැකලා. අනේ සද්ද නැතුව එව්වත් ඇන්න යන්න ගියා. යකෝ මුන්ට බැරිද සිංහල දෙමළ දෙකෙන් කරුණු විස්තර කරමින්, බොත්තමක් ඔබපුවාම පෙන්නන ඉංගිරිසි වචනයත් දාලා, ඔය පත්තිරිකාව හදන්න?  (ඒ ගෙවල්වල ඉන්න සැමියා හෝ පුතාලා සමහරවිට ගෙදරින් ඈත රැකියාවක් කරන අය. ගෙදර එන්නේ සති අන්තයට වගේ. ඉතින් මේ ගෘහිණියන්ට බැහැ, ඔය සීරුමාරුව කරගන්න) එහෙමත් නැත්නම් කාර්මික ගොබිලෝ දෙතුන් දෙනෙක්, එක එක ප්‍රදේශ වලට දින කීපයක් යවලා, පොඩි ලැයිස්කීපරේකින් කතා කොරලා, ප්‍රශ්න තියන අයගේ ගෙවල් හොයාගෙන, පටස් ගාලා විසඳුමක් දෙන්න. එතකොට නේද පාරිභෝගික විශ්වාසය සහ ප්‍රවර්ධනය වැඩිවෙන්නේ?

  අර පිළිගැනීමේ පුතයා මටත් අර කොලයක් දික්කරනකොටම, මම තරමක් උස් හඬින් කිව්වා, මට ඔය කොලේ වැඩක් නැහැ, මට අවශ්‍ය මෙතන පාලනාධිකාරියේ කෙනෙක් හම්බවෙන්න කියලා. අනේ උන්නැහේට අර මොකාටද වගේ තේරුණා. වහාම මට පෙන්නුවා නෝනා කෙනෙක්ව අර ඉන්නේ මැනේජර් කියලා. අනේ ඉතින් ඒ නෝනාගේ ආත්ම ගෞරවය හැකිතරම් රැකෙන ආකාරයට මම කිව්වා මොකක්ද මේ විකාරේ? චැනල් සැකසීම ඉවර නැත්නම් තිරයේ පෙන්නන්න අපි තවම චැනල් හදලා ඉවර නැත, ඒ නිසා ෆෙවරිට් ලිස්ට් හදන්න එපාය කියලා. නමුත් මගේ ස්වරය නිසා, ඒ නෝනාගේ පිත කෝපවුන බව පෙණුනා. මොනවා කරන්නද?

   හැබැයි එදා රෑ, තිරයේ ප්‍රදර්ශනය කළා, රාත්‍රී 9.45 ත් 10.10 ත් අතර, ‘ඔබේ සැට් එක මත පෙට්ටිය’ කිරිරියාත්මක කොර තබන්න. රීගෙන සැට් කොරන එකක් වෙනවාය කියා. ඔන්න එදා තමා රීගෙන සැට් එක ඉවර වුනේ. 

   ළඟදීම ඉන්දියානු චන්ද්‍රිකා රූපවාහිනී සමාගමකුත් ලංකාවේ වැඩ අරඹනවාලු. අනේ මන්දා. උනුත් එකයි මුනුත් එකයි කියන්න වෙයිද මන්දා අන්තිමට.

මුලින් දුන්න චැනල්, නොකියාම පස්සේ කැපීම මොන තරම් නින්දිත වැඩක්ද?

පාරිභෝගිකයා තුළ බලාපොරොත්තු තබා පසුව ඒවා කඩා දැමීම කොතරම් පහත් ක්‍රියාවක් ද?

මේ සෙල්ලම් දාන්නේ, තරගකාරී චන්ද්‍රිකා රූපවාහිනී සේවාවක් නැති නිසාද?

විදුලි සංදේශ නියාමන කොමිසම මේ වගේ සෙල්ලම් ගැන හොයා බලන්නේ නැද්ද? 

Screenshot (238)

2015 මාර්තු මස 2 වැනි දින 1507 පැය

Advertisements

Comments on: "ඩයලොගාගේ දීලා ඇදිල්ල ……….. Dialog Give and Take Game" (27)

  1. මම නම් ඩයලොග් තැටිය ආපහු දීලා ගත්තා Peo TV එකක්. ඒක නම් ශේප්. මටත් අන්තිම කාලේ ඩයලොග් එපා වෙලා හිටියේ.

  2. විචාරක තුමා
    මම නම් පාවිච්චි කරන්නේ peo tv නිසා dialog ප්‍රශ්නය ගැන දන්නේ නැහැ.ඇයි ඔබ peotv ඇලට යන්නෙ නැත්තේ.ඒකෙ දවස් 3 නක ඒවා ආපස්සට කරකවලා බලන්න පුලුවන්නෙ. ඒත් පැමිණිල්ලක් telephon මගින් කරන කොට ඔබ විස්තර කරන කාලය කන ගැටලුවට මමත් මුහුණදී තිබෙනවා.

    • අපේ පැත්තේ PEO TV හරිම හෙමින් වැඩ කරන්නේ. ඒ වගේමයි රවුටරයේ සිට TV එකටත්, කම්පියුටර් එකටත් ගේ ඇතුලේ වයර් අදින එකට මම කැමති නැහැ.

  3. ///ඒකේ අමු ඉංගිරිසියෙන් තියන්නේ, දුරස්ථ පාලකය ආධාරයෙන් කොරන්න ඕනේ වැඩකිඩ ගොඩක්. අර කාන්තාවන්ගේ මූණ ඇඹුල් වුණා/// නොදකින් මේ රටේ කිසිම දෙයක් ඉංග්‍රීසියෙන් ගහන්නේ නෑ ,, හැමදේම හිබ්රු වලින් විතරයි කලාතුරකින් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නේ,, අපේ රටේ මිනිස්සුන්ට දෙයියන්ගේ හාල් කැවිලා ඉන්නේ ශික් ඇයි මුන්ට නොතේරෙන්නේ මේවා පාවිච්චි කරන්නේ මේ රටේ සිංහල මිනිස්ස්සු කියල

    • සමහර රටවල විදේශිකයන් ගැන තැකීමක් නැහැ නේද? සිංහල දෙමල භාෂා දෙක ගැන ලංකාවේ තියන බොහොමයක් පෞද්ගලික ආයතන සලකන්නේ නැහැ.

  4. විචාරක තුමා, නැද්ද පරණ හංගපු ගෙඩියක් වත්. අරන් යමු මුන්ගේ ලොක්කගේ ඔපිස් කාමරේ ඇතුලට අතාරින්න. අම්මප එනවා මම. මම ඔව්ව කියන්න දවස් 3ක් ඔය විදියටම ගන්න හැදුව. එකෙක් වත් කතා කොරන්නෙ නෑ.. අර පාරිභෝගික “පාරි-බික”ට වත් කතාකරන්න ඕනි. මැච් එක අහවල් එකේ පෙන්නනවා කියල ඒකට ගෙවල ගත්තම මැසේජ් එකක් එවනවා සමාවෙන්න එක නෙමෙයි වෙන එකක් ලු. අරකට එතකොට ගෙවල ඉවරයි. ඔක්කොම #$#%^$ ටික පේන පැකේජ් එකක් තියනවද බැලුව මේ ලබ්බ ඉවරයක් කොරන්න. කීයක් හරි වැඩියෙ ගියත් කමක් නෑ කියල. එහෙම #$#%^$කුත් නෑ මුන්ගේ. අනේ ඩයලොග් ටීවී එකේ කාලකන්ණි හැත්තට කන එව්ව බඩ යන්න ඕන මේ කරන හිඟන වැඩ වලට.
    රිඟින් ටොන් කතාවේදී අපි කතකොරන එකාගේ එක අපේ එකට සෙට් වෙනවා මොකක්ද මන්ද බටන් එකක් එබුනොත්. දවසක් මගෙන් එකෙක් අහනවා මොකද්ද යකෝ තෝ ඔය දාගෙන ඉන්න මල ඇඬියාව කියල. බැලින්නං වෙන එකෙක්ට ගන්නකොට මගේ අතින් මොකක් හරි එබිලා. කතාකොලා ඔපරේටරයෙකුට. බැන්න උගේ අම්ම මතක් කරලා. දෙකයි පනහේ පඩියට වැඩකරන එවුං තමයි. ඒත් අපි වෙන කාට බනින්නද. මොකෝ ඩයලොග් CEO ගෙ නොම්බරේ දෙනවයි අපිට කතකොරන්න. මීට වැඩ හොඳයි තමුසෙලා පැදුරු කඩමාල්ලක් එලාගෙන හිඟා කාපියවූ කියලම බැන්න. වල හැත්ත. ඔවුන්ගෙන් අර මොකද්ද බද්ද දෙගුණ කොරල ගහන්නයි තියෙන්නෙ පාහර කාලකන්ණි…

    • ඇත්තටම මේ අයගේ පාරිභෝගිග සේවා අංශයනම් අන්තිමයි. තරගකාරී ආයතනයක් නැතිකම තමයි මේ ඔලුව ඉදිමීමට හේතුව. තව ටික දවසක් බලල මෙයින් ඉවත් වෙන්නයි හිතාගෙන ඉන්නේ. පාරිභෝගිකයන්ට කරන මේ නොසැලකිල්ල නිසා මුන්ගේ මහ එකෙකුගේ හොම්බට අනින්න තියනවානම් කියන සිතුවිල්ල මටත් ආවා.

    • අපි ඩයලොගාගෙ පාරිගෝබික සේවා නිලධාරීන්ට කතා කරනකොට කතා කරන්න ඕන “ලෝර්ඩ් පකීර්” කෙනෙක් වගේ. නැත්නම් උන් අපේ ඇඟට එනවා. මම නම් උන් “ආයුබෝවන්” කියනකොටම කතාවෙන් උන්ව දෙකට නවල තමයි ප්‍රශ්නේ කියන්නේ. නැත්නම් අපි කියන දේ උන් ගණන් ගන්නේ නැහැ. අපිව දෙකට නවන්න එනවා. ඒකත් එක්තරා කලාවක් වෙන්ටෑ මයේ හිතේ..

  5. wicharakathuma,Ara Paribogika sewa adikariyada, mokakda magulakuth thiyenawaneda?(Eken melo wadak nethei sithmi)Pressure,Heart prasna thibenam DialogeTV Baleemen Walakina eka hondai,

    • අනේ වැඩක් නැහැ රන්ජන්. එයාලට පැමිණිලි කරලා පරීක්ෂණ පවත්තලා ප්‍රතිඵල එනකොට අපි මැරිලත් ඉවරයි. අම්මපා මුන් නිසා අපිට හාට් ඇටැක් හැදෙන එක පුදුමයක් නෙවෙයි.

  6. කුරුටු ගෑ ගී පවුර said:

    විචාරක……………………

    ඔය දේම අපිත් අත්වින්දා…. ඩයලොග් හබ්බයක් තමයි භාවිතා කරන්නේ…. අැත්තට ම අද ඒ අලුතෙන් අැඩ් කරලා තිබුණ චැනල් කීපයම කපලා… වයිල්ඩ් ලයිෆ් ටිකක් බැලුවා.. ඒකත් ඉවරයි… දැන් ඉතින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං තමයි….. මට තේරණ විදිහට ඩයලොග්ලා ටෙස්ට් චැනල් කියලා නේද ඒවා අැඩ් කරලා තිබුනේ.. දැන් ටෙස්ට් කෑල්ල නැහැ….. ඒ කියන්නේ අපිට දීලා තියෙන්නේ ටෙස්ට් කරන්න… මං හිතුවෙත් ටැක්ස් ඒක අඩු කරපු ඒකට චැනල් අඩ් කරලා කියලා… ඒත් වුනේ වෙන ඒකක්.. අපිට කෙලලාය….. අැත්ත ඒකයි

    • ටෙස්ට් කියලා ගැහුවට උන් කලින් කිව්වේ නැහැනේ පස්සේ එව්වා අයින් කරනවා කියලා. ටෙස්ට් කියන එකට අර්ථ කථන කීයක් දෙන්න පුලුවන්ද. මුන් මෙව්වා මෙහෙම කරන්නේ අන්න ඒ වගේ කපටි අදහස් ඇතුවයි. මුන්ට කෙළවෙන්න හොඳ තරගකාරී තවත් සැටලයිට් ආයතනයක් එනවානම් මුන්ගේ ගණන් බහිනවා.

  7. පිටින් හයි කරපි ලොකු ඇන්ටෙනා විතරක් නෙවෙයි පෝටබල් එකෙනුත් චැනල් ගොඩක් බලන්න පුළුවන්කම තිබ්බ සැටලයිට් කෙරුවාව එන්න ඉස්සර, මුන් ඔක්කොම එකතුවෙලා පොඩි එකාට කෙලින්න අර ඉලව් සැටලයිට් නැතුව මොකුත් බලන්න බැරි වෙන්න මොකක් හරි කරලා. ඔන්න අපෙ නැන්දන්ම්මාටත් මං නිවාඩුවට ගිය වෙලේ ඔය මන්ඟුල හයි කලා. එදා ඉඳන් ඉවරයක් නෑ කරදරේ බර බරේ.. රක පෙන්නෙ නෑ මේක පේන්නෙ නෑ. බිල් එන්නෙ නෑ.. හාමිනේ කියනවා ඔයා තමයි වැඩි වැඩ කරන්න ගිහින් නා ගත්තෙ කියලා. ..

    • හිහ් හිහ් ඉස්තිරී පක්ෂය මේකට ඇබ්බැහි වුනාම අබිං කෑවා වගේ.

      ඩයලොගා හිතාගෙන ඉන්නේ සදාකාලිකව ලංකාවේ සැටලයිට් ටී වී වලින් රජකරන්න. ඔහොම ගියැයිකෝ තව ටික කාලයක්.

  8. ඩයලොග් එකට කෙලින්ම වදින විදිහට ටැක්ස් එකක් වැදුනා.
    ඉතින් උන් අපිට පොඩි ඇමක් දැම්මා දවස් කීපයක්ම. හැබැයි උන් පැහැදිළිව දැම්මා ඒ චැනල් ටික ටෙස්ට් චැනල් කියන එක.
    එහෙම මිනිස්සුන්ට නොමිලේ බලන්න දවස් කීපයක් දුන්නේ නැත්නම් එහෙම චැනල් එකක් තියෙනවා කියල දැනගත්තත් ඒකෙ යන්නේ මොනවද කියල මිනිස්සු දැනගන්නේ කොහොමද.
    ඒ නිසා උන් කරපු වැඩේ අවුලක් මම දකින්නේ නැහැ.

    අලුත් චැනල් එකතු කරලා ජිල්මාට් දාල ඇම කන එවුන්ගෙන් ගානක් හොයා ගත්තට කමක් නැහැ.
    ප්‍රශ්නේ තියෙන්නේ උන් ටැක්ස් එක පිටින් දාගෙන අපේ මාසේ බිල වැඩි කරයිද කියන එකයි.

    දැන් පේනවනේ අරක්කු බියර් වලට වෙලා තියෙන දේ.
    උන්ට ගහපු ටැක්ස් එක දෙගුණ තෙගුණ කරලා උන් අපිට ගහලා. අන්තිමට ඔක්කොම ගෙවන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාව

    ප.ලි.
    කමෙන්ට් කියවන්න පුළුවන් විදිහට අකුරු ලොකු කරන්න බැරිද. කුරුමිණි අඬු සයිස් එකට පේන්නේ.

    • ටෙස්ට් කියන වචනෙට අර්ථ කථන කීපයක් දෙන්න පුළුවන්. ඒ වගේ වචන හරඹ මේ වගේ සමාගම් වල තියන බොහොම සරල තුප්පහි වැඩක්.

      ටැක්ස් නිසා මුන් බිල වැඩි කලොත් මිනිස්සු කේබල් ටීවී වලට හැරෙනවා සෑහෙන ප්‍රමාණයක්. මුන්ට බම්බු ගහගන්න වෙනවා.

      මේ අඩවිය නොමිලේ දෙන වර්ඩ්ප්‍රෙස් ක්‍රමයෙන් තමා කරන්නේ. අකුරු ලොකු කරන්න නම් කමෙන්ට් එකින් එකට html කෝඩ්ස් ගහන්න ඕනේ. පෝස්ට් එකේ අකුරු ලොකු කරලා තියෙන්නෙත් ඒ විදිහට කෝඩ් ගහලා. ලොකු අකුරු වලින් කෙලින්ම ලියන්න නම්, මුදල් ගෙවා pro version එකක් ගතයුතුයි. හැකිනම් මගේ බ්ලොගර් අඩවියට එන්න.
      http://wicharaka.blogspot.com

  9. ව්‍යාපාරිකයන්ට මිනිසසුන්ව පේන්නෙ නෑ. බස් කොන්දොස්තරට මගියා දහයේ කෑල්ලක් හො ඉඨ වැඩි කෑල්ලක් දොස්තරට ලෙඩා පන්සීයේ නැතින්ම් දාහෙ කෑල්ලක් ටියුෂන් ගුරුවරයාට සිසු දරුවා (එකඑක ගුරාගෙ ප්‍රචාරක මට්ටම අනුව) 100 සිට 500 දක්වා කෑලි. ඩයලොග් කාරයටත් ඒ විදිහටම මිසක් මිනිසුන් විදිහට පේන්නෙ නෑ. තමන්ගෙ රටේ මිනිස්සු කෑලි විදිහට නොපෙනුනේ පසුගිය කාලයේ රණ බිමේ සිටි සොල්දාදුවට විතරයි. මිනිසත්කම කවදා ඇතිවෙයිද මන්දා. ලොකු පුතා කියනව වගේ අන්තිමට ඉන්න අපට තමයි ටැක්ස් වදින්නෙ

    • නියම කියමන ගුණසිංහ මහත්තයෝ. පත්තරේක දාන්න වටිනවා. හැබෑටම, මුදල් තන්හාව නිසා, මනුස්සකම, කොයිතරම් මිනිස් හිත්වලින් ඈත්වෙලාද කියලා හිතෙන්නේ, මෙන්න මේ වගේ අවස්ථා වලදී තමයි.

  10. සහතික ඇත්ත කියන්නෙ
    කතන්දරේ අමල් බිසෝ කියලා ඒ වුනාටපෙන්නන්නෙ ඔලුබක්කෝ
    දෙන්නෙ ටෝක් කන්නෙ පාං
    අන්තිමට වුන්ට හරි ගියා අපිට නින්ද ගියා..

  11. ayyo gannako videocon hari dish tv hari mokatada owa jarawa balane

  12. ක්සැන්ඩර් said:

    ඩයලොග් ගැන කතා කරලා වැඩක් නැත. මහින්ද ආණ්ඩුවේ ගැත්තෙක් වෙච්චි TRC ලොක්කා මැදිහත්වෙන්න නැතිනං ඕකුන් නතර වෙන්නේ වල පල්ලේ ය..

  13. […]  මතකයි නේද මීට කාලෙකට ඉහතදී මම ලියපු, ඩයලොගාගේ දීලා ඇදිල්ල නමැති ලිපිය. ඔන්න අද ලියන්න යන්නේ, ඒ ලිපියේ දෙවැනි […]

  14. ඩයලොගා විතරක් නෙවෙයි ඕකා ගාව වැඩ කරන එකාලත් ඔහොමයි. දවසක් මගේ මිතුරෙක්ගේ රින්ග් ඉන් ටෝන් එකක් අහවල් දවසේ රීනිව් කොරනවා ය කියලා මසාජ් එක එවලා ඒ දවසට කලින් රීගෙන නිව් කොරලා. ඒ ටැලිපෝන් එකේ තිබුණු තුට්ටු දෙකටත් තට්ටු කරගෙන. මම කතා කරා පාරිගෝබික නිලධාරි මහතෙකුට. ඒ මහතා බොහොම ගරු ගාම්භීර කටහඬකින් කියනවා රීනිව් වෙලා තියෙන විදිහ හරි ය. වැරදිලා තියෙන්නේ මට ය කියලා. මාත් ගේම අතහැරියේ නැහැ. විනාඩි හතළිහක් විතර මාත් එක්ක තර්ක කරා. එක එක පරස්පර කතා කිව්වා මට. ඒ පාර අන්තිමට කියපි සිස්ටම් එකක් ද මොකක්ද එකකින් ය රීනිව් වෙන්නේ සිස්ටම් හදල තියෙන විදිය අනුව රීනිව් වෙන දවස එහෙ මෙහෙ වෙන්න පුළුවන් ය කියලා. ඒ ගමන ඔහුට පරිගණක පද්ධතියක් සැලසුම් කරන හැටි, ක්‍රමලේඛනය කරන හැටි සහ ක්‍රමලේඛනයේදී conditions ලබා දෙන හැටිත් මට ඔහුට උගන්වන්න සිද්ධ උනා. මම ඔහුගේ නමත් අහගත්තා. එතකොට පාරිගෝබික සේවා නිලධාරියා බය උනා වගේ. ඒ ගමන ඔහුගේ ගරු ගාම්භීර කටහඬ මදක් අඩු කරලා මට කියපි “ඩයලොග් සේවාව මහින් ඔබට යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා මට තේරෙනවා, එම වරද පැය 48 ක් ඇතුලත නිවැරදි කරන්නම්” කියලා. මම කිව්වා නිවැරදි කරනවා කියලා හරියන්නේ නැහැ. අසාධාරන විදිහට අයකරගත්ත මුදල නැවත රිෆන්ඩ් කරන්නයි කියලා. පැය හයක් විතර යනකොට ටැලිපෝන් එකට මසාජ් එකක් ආවා “වරද නිවැරදි කරා. ඩයලොග් සමගින් තවදුරටත් විනෝද වෙන්න” ය කියලා. 😀

    ඊට පස්සේ නම් විනෝද වෙන්න ඒ වගේ අවස්තාවක් ලැබුනේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: