විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Drunkard's Empty Mug   බුදු අප්පොච්චියේ…………… පහුගිය ඉරිදා තමයි ඉරිදා. (15 වෙනිදා) පත්තරයා තමයි පත්තරයා………… කරකවලා අතෑරියානේ  අපි සැට් එකක්ම. අම්මපා මම ගෙදර ආවේ අහසින්ද මන්දා. රෑ හතහමාරට විතර ගෙදරට ඇවිත්, ගේට්ටුව ඇරිය ගමන්, ලොකු දුව මාව වත්තම් කරගෙන වගේ තමයි ගෙට ගෙනිච්චේ…….. පොහ් මල් හතයි ඈ. හොඳ වෙලාවට කාර් එක අරං නොගියේ. එහෙම උනානම් පොලිස් බෝඩින් කාමරේක පහුවදා වෙනකල් තැපලා එන්න තිබුණා. නෑ නෑ අපේ උන්දැ දන්නවනේ ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා. ඒ නිසා සද්දයක් නැහැ.

   පත්තරයාගේ ඇඹේනිය, අලුත් ජීන්ස් එකක් ගැනීමේ චිත්තප්පිරීතිය වෙනුවෙන්, ‘පත්තර විලා’ එකේ තමා, මේ පාටි පොජ්ජ තිබුණේ. මම හිතුවේ ඒක මේ කුරුණෑගල ඇත්කඳ විහාරේ පෙරහරට, නැට්ටුවෝ අඳින ඇඳුමක් කියලා. හරි හරි එව්වයෙන් කමක් නෑ. ආයේ මට ඒ පැත්ත පළාතේ යන්ඩ බැරිවෙයි.

  මෙන්න මෙව්වා තමයි වැදගත් තොරතුරු.

   අපේ චීෆ් ජස්ටිස් CJW තුමා, කලින් දවසේ රෑ 12 ට පැල්මඩුල්ලෙන් පිටත්වෙලා, පාන්දර 5 ට ‘පත්තර ගෙදර’ දොරකඩ උන්නලු. උන්නැහේ වගේ සෑම වැඩකදීම කල් ඇතුව ක්‍රියා කිරීම බොහොම හොඳ දෙයක් කියලයි මටත් හිතෙන්නේ. ‘සූතළං මද්දා’ මාව තම්බන්න හැදුවා උදේම. මම වහාම පොලිස් ස්ථාන කීපයකට කෝල් කරලා මේකා ඉන්න ඉසව්ව හොයාගත්තා. හොඳයි වරකො කියලා බලාගෙන හිටියා.

   අනේ ඒ අල්ලපනල්ලේ, ‘පත්තර නෝනා’ CJW ටයි මටයි තේ පැන් සංග්‍රහයක් පවත්තලා කිව්වා, ‘අර කාලකන්ණි ටික පාත්වෙන්න කලින් හොඳට කාලා ඉන්න’ කියලා. මට ‘අයියේ’ කියලා කිව්වේ. CJW ට ඒකට මළ පැනලා, එහෙනං මට මල්ලියෙ කියපං කිව්වා.

   හැබැයි පත්තරයත් අතෑරියේ නෑ වැඩේ. පත්තරේ ගෙනත් ගොඩ ගහන්න පටන් ගත්තා ලෙයිය පෙයිය ජාති ඔක්කොම.

සීනි කරිඤ්ඤං

සඟ ටොප්

දෙහි සුදි

අල හොදි

හිටපං මචං

ගහපං මචං

බැටරි සුදිය

බොකු දිරාස්

   යකෝ මං අහන්නේ එක අරක්කු බෝතලයක් දියන්. ම්හු……….. පස්සේ අපි ගිහින් එව්වා ඇන්න ආවා. 

photo0064

photo0065

photo0066

photo0067

photo0068

photo0074

photo0069

photo0071

photo0077

photo0080

photo0081

photo0082

photo0083

photo0084

photo0085

wp_20150215_15_27_08_pro

photo0086

   අර රට කපටියා ප්‍රාජේ, ඉස්සා වගේ පනිනවා පොටෝ කෙළින්න හදනකොට. මේ පත්තරේ……, කා ළඟ හරි තියනවද දන්නෑ ප්‍රා නමැති කපටියාගේ පින්තූරයක්.

   ඔන්න ඉතිං යන්තම් අපි අතක් පයක් නොකැඩී, පත්තර ගෙදරටත් හානියක් නොකර, හවස හය විතර වෙනකොට, තොලොන්ජි වුණා.

2015 පෙබරවාරි මස 16 වැනි දින 2245 පැය

Advertisements

Comments on: "හා…….. එන්ඩේ……… එන්ඩේ………. පාටි කතා, පාටි කතා …….." (18)

  1. දැන් ඉතිං කොපි පොතක් අරං බුකින් ලියා ගන්න වෙනවා. මැදැයි කොළා

  2. බඩේ ගින්දරේ ..ඉරිසියාවේ බෑ ..

  3. අර ඇමතිතුමාගේ අඩිය ගැලවුන සපත්තු දෙක කෝටි ගානකට ඉල්ලුවානම් මගේ කලිසමත් විකුනනවා ඇමරිකාවට.
    බ්‍රෑන්ඩ් එක ගල් කිව්වට කට්ටිය ඉල්ලන්නෙම රට අරක්කු..
    චිෆ් ඡස්ටිස් තුමා මාව පරිස්සමට ගෙදරට ඇරලලා..රිවස්කරලා කාර් එක තාප්පෙ ඇන ගත්තා.
    මෙන්න පොඩි මෙන්ඩියා විසින් විචා තුමාගෙන් අහන ලද ප්‍රශ්නය
    සියේ..ඔයා ලොක්කෙක්ද?

    • කලිසම ගැන ඇඩ් එකක් දාපන් වහාම.

      අම්මපා ගල් ගහනවා කියන එවුන් ඔක්කොම බොරු කියන්නේ.

      අනේ මෙන්ඩා පැටියට කතාකරන්නවත් බැරිවුනා හරියට.

  4. තොප්පිය හරි අයට දාගන්න පුළුවන් නේද විචාරකතුමා

  5. අපිටත් කිවුවනම් අපිත් එනවනේඒ ඒ ඒ

  6. අපිව හලලා තනියම ගිහින් මුන්. :3

    • ඔයාලා ආවනම් අපිට බොන්න තියන ටිකටත් කෙලලා දානවා. ඊළඟට බයිට් ටික ඉවර කරනවා. ඔව්වා වෙලා වෙලා දැන් අපි දන්නවා මෙව්වා කරන විදිහ.

  7. විචා දැන් ඉස්සර වගේ නෙවෙයි. හරීයට නරක් වෙලා. එච්චරයි කියන්න තියෙන්නේ.

  8. හ්ම් … ඔය හෙන්රි අයියා උඩින් කියන දේ මටත් නිකමට හිතුනා, මේ හොඳට හිටිය මනුස්සයට මොකද වෙලා තියෙන්නෙ කියල.

    ඒත් ඉතිං හැමදාම නෑ – හැමතැනම නෑ නේ. ඔන්න ඔහේ අල්ලලා දාමු. දැන් විචාරක අන්කලුත් ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා තියරියෙන් වගේ වැඩ.

  9. බ්ලොග් ලෝකය තුල මතවාදී වශයෙන් ගැටුම් ඇති උනාට සැබෑ ජීවිතයේදී මෙහෙම එකතුවෙලා සතුටින් ඉන්න එක කොච්චර දෙයක්ද.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: