විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

තිත්ත ඇත්ත – The Bitter Truth


777   ඇත්ත කියන එක, පෙන්වා දෙන එක, බොහෝවිට එහෙම ඇත්ත කියන කරන කෙනාට, එච්චර හොඳ ප්‍රතිඵල දෙන්නේ නැති බව අපි දන්නවනේ. අද මට එහෙම දෙයක් වුණා. මෙන්න විස්තරේ. වයර්සිලෝන් නමැති වෙබ් අඩවිය මා කීප වරක් ගොස් තිබෙන තැනක්. අද අහම්බෙන් ඒ වෙබ් අඩවියට ගිය මට දකින්නට ලැබුණේ, සාවද්‍ය තොරතුරු ඇතුළත් ලිපියක්. මේ තියෙන්නේ ඒ ලිපියයි. මා මෙහිදී පෙන්වා දෙන්නේ අදාළ ලිපියේ තිබුණු වැරදි වලින් කීපයක් පමණයි. 

Screenshot (191)

 

   මේ ලිපිය ලියා තිබෙන්නේ අන්තර්ජාලයෙන් ගත් තොරතුරු වලින්. එසේ කිරීමේ කිසිදු වැරැද්දක් නැහැ. නමුත් ඒ තොරතුරු සිංහලට පරිවර්තනය කිරීමේදී, නිරවද්‍යතාව ගැන 100% ක් සළකා බැලිය යුතු අතර, ප්‍රකාශයට පත්කරන්නා, එම නිරවද්‍යතාව පිලිබඳ වගකීමද දැරිය යුතුයි. මා ද මෙලෙස අන්තර්ජාලය තුළින් තොරතුරු ලබාගෙන ලිපි ලියන අතර, පාඨකයන් විසින් මගේ ලිපිවල සදොස් තැන් නොදොස් කළ අවස්ථා බොහොමයි. ඒ සෑම අවස්ථාවකම, මා නිවැරදි කළ අයට ස්තුති කරන්නත්, මගේ වරද පිළිගන්නත් මා පසුබට වුයේ නැහැ. මක්නිසාද යත්, සත්‍යය සියල්ලට ඉහළින් පිහිටිය යුතු නිසා.

   ප්‍රස්තුතයට අදාළ වෙබ් අඩවියේ ඇතුළත් මෙම ලිපියේ, සාවද්‍ය තොරතුරු කීපයක් පෙන්වා දෙන්නට මා කැමතියි. පහත රූපයේ ඇති ඡේදය කියවා බලන්න.

Screenshot (194) 

   මෙය කියවන පාඨකයකු තුළ ඇතිවන අදහස වන්නේ, ඇමරිකා එක්සත් ජනපදය විසින්, සඳ වුවද විනාශ කළහැකි න්‍යෂ්ටික බෝම්බයක් නිපදවන්නට උත්සාහ කළ බවයි. නමුත් මේ පුවතට අදාළ මුල් පුවත පහත දක්වනවා එයද කියවා බලන්න. මෙම රූපය මත ක්ලික් කර විශාල කර බැලිය හැකියි. 

Screenshot (200)

   ඉහත ඡේදයේ ඇති විස්තර, හරිහැටි කරුණු සොයාබැලීමකින් තොරව ඉදිරිපත් කර ඇති බව පෙනෙනවා. නමුත් මේ කතාව මෙතනින් අවසන් වන්නේ නැහැ. මේ බලන්න මෙම විෂයය සඳහාම සෝවියට් දේශය ක්‍රියාත්මක වී ඇති ආකාරය. ක්ලික් කර විශාල කර බලන්න. 

Screenshot (205)

   ඊළඟට මා ඔබට පෙන්වන්නේ මේ ලිපියටම අදාළව කර තිබුණු බරපතළ මෙන්ම හාස්‍යජනක වරදක්. ලිපියේ ඊළඟ මාතෘකාව යටතේ මැක්ඩොනල් ඩග්ලස් McDonnell Douglas සහ ජෙනරල් ඩයිනමික්ස් General Dynamics යන සමාගම් දෙක, පුද්ගලයන් දෙදෙනෙකු වශයෙන් පෙන්වන අතර, ඩයිනමික්ස් යන්න සඳහන් කරන්නේ ‘ඩයිනමිස්’ යනුවෙන් වැරදියටයි.  

Screenshot (195)

    මෙම අඩවියට මා මීට පෙර කීප වතාවක් ගොස් ඇති අතර, පාඨක අදහස් දැක්වීම් දකින්නට ලැබුණේ නැහැ. කරුණු සොයා බැලීමේදී වැටහුනේ, මෙම අඩවියේ අදහස් දැක්වීම සඳහා, පාඨකයන් ලියාපදිංචි වියයුතු බවයි. පාඨකයන්ට අවශ්‍ය, ක්‍ෂණිකව තම අදහස් දැක්වීමට පහසුව විනා, ලියාපදිංචිවීම නොවන බැවින්, ඔවුන් අදහස් දැක්වීමෙන් වලකින බවයි, මට නම් වැටහුනේ. කෙසේ වෙතත් මා මෙම අඩවියේ ලියාපදිංචි වී අදහස් දැක්වීමක් කළා. මේ තියෙන්නේ එම අදහස් දැක්වීම. 

Screenshot (193)

    මෙම අදහස් දැක්වීම අවසන් කළ පසු ක්ෂණිකව මගේ හිතට වැදුන අදහසක් වුයේ, මේ අදහස වාරණය කරයිදෝ යන සිතුවිල්ලයි. ඒ නිසා මා වහාම තිර රූපයක් ලබාගත්තා. ඒ රූපයයි ඉහතින් දැක්වෙන්නේ. මෙහි දැක්වෙන කැකි යන වචනය හැකි යනුවෙන්ද, අහිත යන වචනය සහිත යනුවෙන් නිවැරදි වියයුතුයි. 

   මා සිතූ ආකාරයටම එම අඩවිය විසින් මගේ අදහස් දැක්වීම කපා දමා තිබුනා.

  1. මට වෙබ් අඩවි පොලිස්කාරයකු වන්නට අවශ්‍ය නැත. මා ද අන් සාමාජිකයකු පරිදි අදහස් දැක්වීමක් කළා පමණයි.
  2. මගේ අදහස අනිවාර්යයෙන් පලකිරීමට එම අඩවිය බැඳී නැත. නමුත් ඔවුන් තුළ සදාචාරය ඇත්නම්, ඔවුන්ට ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග තිබුණි.
  3. එක්කෝ මගේ අදහස පලකොට, කණගාටුව ප්‍රකාශ කොට, වරද නිවැරදි කිරීම. නැතහොත් මගේ අදහස් දැක්වීම කපා දමා, වරද නිවැරදි කිරීම. එසේත් නැත්නම් ලිපිය එම අඩවියෙන් ඉවත් කිරීම.

   ඉහත සඳහන් එකදු පියවරක් ඔවුන් ගෙන නැත. සාවද්‍ය කරුණු සහිත ලිපිය පමණක් එම අඩවියේ ඇත. මෙය පාඨකයා නොමග යැවීමක් නොවන්නේද? වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන, සදාචාරානුකූල නොවන, ක්‍රියාවක් නොවන්නේද? වරද පෙන්වා දුන් පසු එම පාඨක අදහස කපා දැමීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?

 

2015 පෙබරවාරි මස 02 වැනි දින 0026 පැය.

Advertisements

Comments on: "තිත්ත ඇත්ත – The Bitter Truth" (13)

  1. විචාරකතුමාට පින් ! විවිධාකර නොමග යැවීම් කෙතරම් තිබියහැකිද ? අනත්ර්ජාලය මිනිස් මහිමයනේ බිහිව ඇති අනර්ඝතම සම්පතක් වුවත් ඒ තුළ සාප ලැබිය යුතු අපරාධ පැවතීම ඛේදවාචකයකි. මිනිස් හැකියාවන් මිනිසා විසින් කෙතරම් දියුණු කරගෙන තිබුණත් මිනිස්කම ඊට සාපෙක්ෂව දියුණු කරගෙන නොතිබීමේ විපාක විඳින්නට සිදුවනු ඇත්තේ කුමණාකාරයෙන් දැයි සිතා ගන්නට නොහැකියි නේද විචාරක තුමණි.

    • අනේ මන්දා ගුණසිංහ මහත්තයෝ. අපේ ගම්වල ඒකාලේ අපේ වැඩිහිටියෝ කියලා දුන්නා මුත්‍රා කරනකොටත් වාඩිවෙලා කොරපන් කියලා. ඒ තරමට අපේ හැසිරීම හැදුවා. දැණුම කියන්නේ එකක්, බුද්ධිය කියන්නේ තව එකක්, නමුත් සදාචාරය කියන්නේ ඒ සියල්ලට වඩා ඉහලින් තිබෙන අගනා දෙයක්. එච්චරයි මටනම් කියන්න තියෙන්නේ.

  2. Obata sthuthi Wcharakathuma,Meka Palakarala thibune Lakbima puwathpathe Samudura Athirekaya yatathei,(Antharjala puwathpathe Adada palakara thibenu dutuwa,)Anthar jalaya Bawitha nokarana boho dena,Memagin weradi Awabodayak labanawa.meya methana nitharama oyawage Athishayayokthiyen wartha kirima kerenawa,Obe lipiyen wath mowun niwaradiweyai sithami.

    • මට ලක්බිම පුවත්පතේ අදාළ ලින්ක් එක දීලා තිබුණා මහකළු සිංහලයා විසින්. ඒ ලින්ක් ඒකෙන් ගිහින් ඔවුන්ගේ වැරැද්ද පෙන්වා කමෙන්ට් එකක් දැම්මා. ඇත්තටම මෙවැනි වගකීම් විරහිත ක්‍රියා ගැන ඒ පුවත්පත් කතුවරුන් ලැජ්ජා වියයුතුයි.

  3. සමහරු වැරදි පෙන්වා දෙනවාට කැමති නෑ…වැරැද්දක් හදාගන්නත් නිහතමානී කමක් තියෙන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.

  4. ඕකත් අපේ ජාතික උරුමයක් වගේ එකක්.. බදාගෙන මැරුණත් හදාගන්නෙ නෑ.

  5. ක්සැන්ඩර් said:

    මොනවා කරන්නත් කලින් ඕක කියවන එකා කමෙන්ට් එක දැක්කනං කියල හිතන්න ඇති. අපිට අන්තර්ජාලයට වැට බඳින්න බැරි නිසා කරන්න පිළිවන් එකම දේ නිවැරදි දැනුම බෙදන එක විතරයි

    • මෙව්වා නම් දැණුම බෙදීම නොවේ. පුහු ආටෝපය සඳහා බොරු වැපිරීමයි. මම මේ ලිපිය ලිව්වේ මෙවැනි ගොන්කතා පාඨකයන් විශ්වාස කිරීමට ඉඩ තිබෙන නිසා ඔවුන් එයින් වලක්වා ගන්නයි.

      • ක්සැන්ඩර් said:

        අන්න ඒ දේ තමා මම අදහස් කලේ විචාරක මහත්තයෝ. කරන්න ඕනේ මේ පුස් වෙඩි වල පුස් බව පෙන්වන එක. මොකද මේ මිනිස්සු මේවා උඩින් පල්ලෙන් කියවල ලියන්නේ සෝබනේ පෙන්නන්න මිස වෙන දේකට නෙවෙයි.

  6. ඔබතුමා මෙතනදී විඳි අකාරයේ අත්දැකීම් ගොඩකට මම මුහුණ දීලා තියෙනවා විශේෂයෙන්ම රටේ ජාතික (මටනම් හිතෙන්නේ අවජාතික….) පුවත්පත් සමහරක පළවුණු වැරදි පෙන්නලා දෙන්න ගිහින්. සමහරුන්ට වැරදි පෙන්වලා දුන්නම ඒවා නිවැරදි නොකර අපි පළකළ අදහස මකා දමනවා විතරක් නොවේ, ඒවාට තර්ක ඉදිරිපත් කරන්නත් එනවා අපි ඔවුන් පළකර ඇති තොරතුරු වැරදි ඇයි කියලා අහගෙන. ඉතින් මේවා කියවන මිනිස්සු දන්නේ නෑ ඒගොල්ලෝ කියවන්නේ වැරදි තිරතුරු කියලා…. කියවන්නෝ පව්….. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. හැමදේම සමහරුන්ට තියෙන පුහු තරගකාරීත්වයයි ‘පොර’ මානසිකත්වයයි නිසා යට වෙලා ගිහින්….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: