විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


poker-cheating-nu-l   මතකයි නේද මීට කලින් මම ලිව්වා, මොබිටෙල් එකෙන් කියලා මට ලැබුණු SMS පණිවිඩයක් ගැන. ඒකට මම අහුවුනේ නැහැනේ. මෙන්න බොලේ ඒ ජාතියේම තවත් සෙල්ලමක්. මේ පාර ඊ මේල් එකක්. කියවලා බලන්නකො ඊ මේල් එක. රූපය උඩ ක්ලික් කරලා විශාල කරලා බලන්න පුළුවන්.Screenshot (170)

     බලන්න මේ ඊමේල් පණිවිඩයේ තිබෙන භාෂා විලාශය. කොහේදෝ යන මළහෝන්තුවක් නේද? මේ ලියන්නේ ගැහැණියක් කියා විශ්වාස කරන්න තරම් අපි මෝඩ වියයුතුද? මෙය ඉතා සැළසුම් සහගතව කරගෙන යන කපටි ව්‍යාපාරයක් බව පැහැදිළිවම පෙනීයනවා. මේවාට බැනලා හෝ පිළිතුරක් යැවීමෙනුත්, විවිධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා, මේ වගේ ඊ මේල් ගණන් නොගෙන, ස්පෑම් ගොඩට දැමීම තමා බුද්ධිමත්ම ක්‍රියාව.

   අප්‍රිකානු රටවල සිට කෙරෙන විවිධාකාර වංචනික කටයුතු මගින්, විවිධ පුද්ගලයන්ගෙන් බැකු ගිණුම් තොරතුරු ලබාගෙන, ඒ ගිණුම් වල ඇති මුදල් සියල්ල ගිලගන්නා කපටි සූත්තර කාරයන් ගැන, මා කොතෙකුත් විස්තර කියවා තිබෙනවා. මේ ඊ මේල් පණිවිඩයේ තිබෙන පරිදි, අයිවරි කෝස්ට් රාජ්‍යය කියන්නේ, මහා දේශපාලන වියවුල් වලින් ගහන, විවිධ කඩාවැටීම් වලට ලක්වූ ආර්ථිකයක් සහිත රටක්. ඔබටත්, සමහරවිට ඔබ දන්නා කියන අයටත්, මෙවැනි පණිවිඩ ලැබී ඇති. මෙවැනි වංචා වලට අසුනොවන මෙන් ඔබ සියලුදෙනා දැනුවත් කරන්නයි මේ කෙටි ලිපිය ඉදිරිපත් කරන්නේ.

2015 ජනවාරි මස 21 වැනි දින 2341 පැය

Advertisements

Comments on: "කොහොමද මේ සෙල්ලම" (17)

  1. Google Sinhala Translator in action. I think this wasn’t the original message, google translator in gmail translated it to Sinhala. If that wasn’t the case he/she/it used google translator to translate it; that means not only they have your email, they also knows that you are from Sri Lanka. Sinhala translations in Google translator doesn’t work very well, hence the broken Sinhala. You can ‘decipher’ that jumbled up message to English using the translator. 😀

  2. //බලන්න මේ ඊමේල් පණිවිඩයේ තිබෙන භාෂා විලාශය. කොහේදෝ යන මළහෝන්තුවක් නේද?// මෙය ගුගල් සිංහල පරිවර්තනය හරහා සිදුකර ඇති ආකාරයක් පෙනේ.

  3. මේ ජාවාරම වර්ෂ 2000 දී පමණ සිට ලොව පුරා සිදුවන ක්‍රියාදාමයක්. මටත් 2007 වර්ෂයේදී පමණ මෙවැනි ඊමේල් එකක් ලැබී ඒත් සමගම දුරකථන අමතුමකුත් ලැබුණා. ඔවුන් මගේ විස්තර සොයාගෙන තියෙන්නේ ඊමේල් ගිණුමේ මම සටහන් කොට ඇති තොරතුරු හැක් කිරීමෙන්. අංකය පරීක්ෂා කිරීමෙන් සොයාගන්න පුළුවන් වුණා එම ඇමතුමත් ලැබිලා තියෙන්නේ අයිවරි කෝස්ට් රාජ්‍යයෙන් බව.කෙසේ නමුත් මෙවැනි දේවල් ගැන ඒ වනවිට යම්තාක් දුරකට අසා තිබුණු නිසා ඒවායින් ප්‍රවේසම් වෙන්න පුළුවන් වුණා.බැලූ බැල්මට මෙම ඊමේල් එක Google Translator හරහා පරිවර්තනය කොට ඒවා ඇති බව පෙනී යනවා. ඒ කියන්නේ ජාවාරම්කාරයෝ අලුත් ක්‍රම අත්හදා බලමින් තම ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගෙන යමින් සිටිනවා නේද….. ඒ නිසා අප අන්තර්ජාලයේ සැරිසරන විට වඩාත් පරිස්සම් සහගත වීම ඉතා වැදගත්.

  4. හරිම වැදගත් අන්තර්ජාලය විශේෂයෙන් face book පාවිච්චියට ගන්නේ තරුණ දූ පුතුන්. අලුතන් පිවිසෙන අත්දැකීම් නොමැති නැවුම් මනස නොමග යෑම වලක්වා ගැනීම පිණිස මෙවැනි දැනුවත් කිරීම් ද මහ පිහිටක්වේවි.

    • පනින්න පෙර සිතාබලනු වගේ පරණ කියමන් තවමත් ඔලුවේ තියන නිසා මේවගෙන් බේරෙන්න හැකියාව තියනවා ගුණසිංහ මහත්තයෝ.

  5. තරුණයන් ගැන කෙසේ වෙතත් වයස් බේදයක් නැතුව ඕනෑ කෙනෙක් මේවාට අහු වෙනවා. තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රමුඛ ආයතනයක් වන අපේ ආයතනයේ සේවය කළ වයස්ගත පුද්ගලයෙක් හිටියා. ඔහු සුද්දෙක් වගේ මනුස්සයා. මේ වර්ගයේ ඊමේල් ඔහු කොතරම් විස්වාස කළා ද කියතොත් අනිත් අය කොතරම් කීවත් ඔහු හිතුවෙම ඔහු සමඟ ඉරිසියාවට කියන කතා කියලා. අඩුම තරමින් මේ කියන්නේ තොරතුරු තාක්ෂණය දන්නා අය නේද කියන එකවත් ඔහු හිතුවේ නෑ.

  6. හහා මටත් එනවා මේ වගේ මිලියන ගනන් වලින් ගනුදෙනු 😀

    • උඹට නම් එනවා ඇත්තේ ඔච්චර මහත් වෙන්න එපා ඇඳුම් ගන්න කඩවල් හොයන්න බැරිවෙයි කියලා 😀

  7. ක්සැන්ඩර් said:

    විචාරක මහත්තයට කිව්වම මොකෝ ඔන්න මගේ යාළුවෙක් ක්‍රෙඩිට් කාඩ් එක ග්‍රීන් කාඩ් එකක් කරගෙන දැන් ඉන්නවා ලක්ෂයක් විතර නැති කරගෙන 😀 වැඩේ කියන්නේ මෙයා බැංකු මහත්තයෙක් ඔන්න. තණ්හාය ජායති සෝකෝ. උගත් නොවන කෙනෙක් නං කමක් නෑ නේද? ඉතිං බලන්න.
    ඔබේ දැනුවත් කිරීම ඉතා අගයන අතර සියල්ලෝ විසින්ම කියවත්වා දැනුවත් කිරීම වලක්වා ගැනීම යන දේ සිදුකරත්වා යන්න මගේ පැතුමයි.. මෙහෙම හරි මිනිස්සු දැනගන්න ඕනේ මේවගේ ඇත්ත නැත්ත.

  8. මේ වගේ වැඩ Facebook හරහාත් සිදු වෙනවා. අප්‍රිකානු පෙනුමක් තියෙන කාපිරි කෙල්ලෙක් ගේ profile picture එකක් තියෙන fake account එකකින් අපිට request නොකර message එකක් එවනවා එකට පිළිතුරු යැව්වට පස්සේ එයාගේ email එක එවනවා. Facebook වලින් වෙන්නේ එච්චරයි. email එකට පිළිතුරක් යැව්වම මහා යාන් හෑල්ලක් එවනවා එයාගේ දෙමාපියන් දේශපාලඥයින් ය. දෙන්නවම වෙඩි තියලා මැරුවය, දැන් ඉන්නේ පල්ලියක ෆාදර් කෙනෙක්ගේ භාරයේ, එතනින් පැනගන්න උවමනා ය. එයාගේ ගිණුමේ මෙච්චර සල්ලි තියනවය. තවත් මෙකි නොකී කතන්දර කියලා එයාට උදව් කරන්නයි කියනවා. Facebook එකෙන් email එක දෙනකොටම ඉංගිරිසියේ දන්නා කුණුහරුප ටිකක් ගහල යැව්වම වැඩේ නවතිනවා. මට කීප සැරයක්ම ඔය වගේ ඒවා ඇවිත් තියෙනවා. internet email වලට අලුත්, අත්දැකීම් අඩු කෙනෙක් නම් ඉතින් ලොවෙත් අහුවෙලා කෙල කරගන්නවා ෂුවර්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: