විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   පහත පින්තූරයේ දැක්වෙන බලබ් වර්ගය මිලදී ගන්න එපා. මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා. මේ වනවිට එයින් 5 ක් දැවී ගොස් අවසන්. ඒවා දැවී යන්නේ අමුතුම ආකාරයකටයි. දැල්වී තිබියදී, එකවරම් ‘ඩොහ්’ යන හඬින් පුපුරා ගියාක් මෙන් දැනෙන ආකාරයට නිවී යන්නේ, එම පරිපථයට අයත්, කුඩා පරිපථ බිඳිනයද ක්‍රියා විරහිත කරමින්. එසේත් නැත්නම්, නිවා දමා තිබී නැවත දැල්වීමට උත්සාහ කරන විටම, ඉහත සඳහන් ලෙස හඬ නගා දැවී යනවා.

Scan_20150104_125545

Scan_20150104_131402

   CFL බල්බයක ප්‍රමිතිය ගැන සලකා බැලීමේදී මෙය ඉතා අඩු ප්‍රමිතියකින් යුත් බල්බයක් බව පෙනී යනවා. මෙයට තිබෙන්නේත් තරු තුනයි. වසරක වගකීමක් තිබුනත්, අලුත් බල්බයකට මාරු කර දෙනවිට, දිනය දමා දෙන්නේ, පරණ බල්බය මිලදීගත් දින සිට වසරක් තුළ වගකීම දරන ආකාරයටයි. ඒ නිසා නැවත දැවී ගියොත් සිදුවන්නේ පාඩුවක්.

   සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙළඳ නාමයන්ට අයත් CFL බල්බ් මීට වඩා මිල අධිකයි. ප්‍රසිද්ධ වෙළඳ නාම වලට අයත් CFL බල්බ් 20 ක් පමණ මගේ නිවසේ සවිකර ඇති අතර, ඒ බල්බයක් දැවී යන්නේ, අවුරුදු තුනක් පමණ පාවිච්චි කිරීමෙන් පසුව පමණයි. නිවසේ අභ්‍යන්තරයේ, මඳ ආලෝකය අවශ්‍ය තැන් සඳහා පමණක් පාවිච්චි කිරීමට මිලදීගත්, ඉහත පින්තූරයේ සඳහන් බල්බ් වර්ගය, දේශීයව නිෂ්පාදනය කලත්, ප්‍රමිතිය ගැන නම් සෑහීමකට පත්වන්නට බැහැ. 

   ‘ලාබ බඩුවේ හිලක් ඇත’ කියලා පරණ කියමනක් තියනවනේ. ඒ කියමන සත්‍ය බව මේ සිදුවීමෙන් වැටහෙනවා. 

2015 ජනවාරි මස 04 දින 1324 පැය

Advertisements

Comments on: "මේ බල්බ් වර්ගය මිලදී ගන්න එපා – Poor Quality CFL Bulbs" (26)

  1. හැදින්වීම ගැන නම් හරි සතුටුයි……
    බාල බඩ්ඩ උනත් “ගහල” යන විට එන සවුන්ඩ් එක ටොප්…….
    එවෙලෙ ලාභය ගැන නොසිතා……….
    ගාන තරු විසි වුනත්…….
    ජිනා මැඩම් ලගෙ වගේ තැන්වල බඩු තමා සුවල්…….
    ඔබ තුමාට ටොපට පත්තු වෙන …MY3 වසරක් වේවා”””””’!……………….

    • හෙහ් හෙහ් හෙහ්, බාල බඩුවල සද්දේ වැඩියිද මන්දා. පව් අප්පා ජීනා මැඩම් නැති ඒකෙන් අපේ කෙහෙල්ගෙඩිය ඇමෑතත්යා වගේ අයට තමා පාඩු.

      My 3 හරියට පත්තු වුනොත් නිවෙන්නේ නැහැ.

  2. warranty claim කරනකොට පරණ අයිතමය මිලදීගත් දින සිට බලපාන පරිදියි නැවත warranty දෙන්නනේ. ලෝකයේ කිසිම ආයතනයක් warranty claim කරපු දින සිට නැවත සම්පූර්ණ වගකීම් කාලය ලබා දෙන්නේ නැහැ. භාණ්ඩ මිලදී ගන්නා විට warranty කාඩි එකේ තියන කොන්දේස‍ි කියවලා බලන්න.

    • ඒක තමයි. එතකොට අලුතෙන් දෙන භාණ්ඩය හරියට පාවිච්චි කරපු එකක් වගේ වෙනවා නේද. කමක් නෑ මීට පස්සේ උසස්ම ප්‍රමිතියේ එව්වා විතරක් ගන්නවා.

  3. ඔබතුමාගේ දැනුවත් කිරීම වෙනුවෙන් තුතියි මේවාට තරු තුනක් ඇතුළු කිරීමට අවසර දුන් අයත් වගකීම භාරගන්න ඕන නේද විචාරකතුමණි

  4. මෙම බල්බ් වර්ගයත් නිපදවන්නේ ලංකාවේ ස්විච් සහ CFL බල්බ් නිෂ්පාදනයේ නිරතව සිටින ප්‍රසිද්ධ සමාගමක් (මව් සමාගම තියෙන්නේ නාවින්න ප්‍රදේශයේ. අදහසක් ගන්න පුළුවන්නේ…). මෙම සන්නාම නාමය මෑතකදී හඳුන්වා දීලා තියෙන්නේ අඩු මිලට වෙළඳපොල කොටස වැඩි කරගැනීමේ අරමුණින්. අපේ නිවසේත් මෙම වර්ගයේ බල්බ 5ක් පමණ සවි කොට තිබෙනවා. හැබැයි ඒවායේ ක්‍රියාකාරීත්වයේ නම් ගලුවක් ඇතිවී නැහැ. සමහරවිට මෙම නිෂ්පාදන ඛාණ්ඩයේ දෝෂයක් වියහැකියි. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම දැනුවත් කිරීමක් කරන්න පුළුවන් විකල්පයක් විදියට.

    Warranty claim කිරීම සම්බන්ධයෙන් නම් ඉහත Deeshaan සඳහන් කර තිබෙන අදහස නම් මමත් පිලිගන්නවා විචාරකතුමනි. යම් CFL බල්බයක් වගකීම් කාලය තුල දැවී ගියහොත් නැවත ලබාදෙන බල්බයට වගකීමේ කාලය හිමිවන්නේ මුල් බල්බයේ ඉතිරිවී ඇති වගකීම් කාලය පමණයි.

    • මම පස්සේ හොයලා බැලුවා. බල්බ් එක ඉතාම පහල නිෂ්පාදන තත්වයෙන් යුත් චීන නිෂ්පාදනයක්. ලංකාවේ බලයලත් බෙදාහරින්නා පාදුක්ක පැත්තේ ආයතනයක්.

      මෙයින් ඉගෙන ගත් පාඩම තමා, බාල බඩු නොගැනීම සහ LED වලට හැකි ඉක්මනින් මාරුවීම.

      • මමත් Made in China සඳහන දැක්කේ පස්සේ විචාරකතුමා. මෙහෙම වෙන්න බලපාන ලොකුම හේතුව තමයි ආනයනය කරන සමාගම් බොහෝවිට කරන්නේ විදේශ වෙළඳපොලෙන් (Alibaba වැනි සම්පාදන මූලාශ්‍ර හරහා) ආනයනකරුවන්ගෙන් අඩු මිලට OEM ක්‍රමයට තම නම ලේබල් කර බල්බ ගෙන්වීම. චීනෙන් එන ලාබ බඩු ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ… හොඳම දේ තමයි ඔබතුමා කියූ විදියටම ලංකාවේ නිෂ්පාදිත හෝ විදේශයක නිෂ්පාදිත ප්‍රසිද්ධ වෙළඳ නාමයකින් එන නිෂ්පාදන මිලට ගැනීම තමයි. 🙂

  5. තරු 5 තියෙන ඒවා නේද හොඳ….මේ ගැන පාරිභොීගික අධිකාරියට පැමිණිලි කලා නම් නරකද ?

  6. මම දැකල තියෙන විදියට ප්‍රසිද්ධ වෙළඳ නාම වල ඒවාත් වගකීම් කාලය ඉක්මවා වැඩි කාලයක් යන්නට පෙර දැවී යනවා. එකවර කිහිපයක් මිල දී ගෙන පාවිච්චි කලාම ඒවා සියල්ල දැවී යන්නේ එක ආසන්නයේ. එහෙම වෙන්න උපක්‍රමයක් පරිපථයේ අඩංගු කරලා තියෙන බවට හිතන්න පුළුවන්.

    • අලුතෙන් බල්බ් පොයින්ට් 15 ක් සවි කලාට පසේ එකවර බල්බ් 15 ක් ගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැනේ. ඒකයි මෙහෙම වුණේ. සමහරවිට ඔබ කියන ආකාරයේ ‘ටිරිකිස්’ වැඩ තියෙන්නත් පුළුවන්.

  7. නිර්නාමික said:

    LED බල්බ් වලට මාරැවෙන්න

    • දැනට LED බල්බ් 7 ක් තියනවා අපේ ගෙදර. දැනට තියන CFL බල්බ් දැවී යනකොට ටිකෙන් ටික LED වලට මාරුවෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

  8. නිර්නාමික said:

    waaaaw!

  9. නිර්නාමික said:

    ලාභ බඩුවෙ නොවෙයි හැම බඩුවකම හිලක් තියෙනවා විචා…,

  10. ස්තුතියි…දැනුවත් කිරිමට
    ඒ වුනාට උලුදු වඩේ ගනන්නේ?

  11. නිර්නාමික said:

    oba thumata puluwani nikam inna eke smd bulb hada ganne natte mamath hada gatta

  12. ක්සැන්ඩර් said:

    දැනුවත් කිරීම ගැන ස්තුතියි. මං නං බල්බ් ගේන්නේ මෙහෙන්. ඒක ලේසියි. ගානක් ගියත් බඩු දොහ් ගාල යන්නේ නෑ. මොකද ඉතිං මෙහෙ ඔහොම එකක් වුනා නං අරාබි කාරයෝ යන්නේ රෙදි උස්සන නේ. කඩේ ඉවරයි එතනින්.

    ලාබ බඩුවේ හිලක් තියනවා කිව්වම ඔබතුමා අහල තියනවද දන්නේ නෑ පුනීලේ කතාව..?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: