විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 Dog   හෙහ් හෙහ් හෙහ්….මාමා තමයි මාමා කියන්නේ. මේ වයසක පැන්සොන් කාරයන්ට කාරියන්ට, නහින දෙහින කාලේ, පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැතුව, උන්ටත් අරින්නනේ මාමා තනන්නේ. මම හිතන්නේ මාමට දැන් වෙන අයට අරින්න බෑ. ඒ කාලේ  මාමගේ වසුරු ඇදපු එවුන් පවා, මේ දවස්වල මාමට අරිනවා. ඒ නිසා වෙන්න ඇති මාමා මේ නාකි අපිට අරින්න හිතුවේ. එව්වා කොහෙද මාමේ අපිත් එක්ක. මෙන්න මේකයි කටන්තරේ. මතකැයි මං ලිව්වා, මාමගේ චින්තනයෙන් පැන්සොන් කාරයන්ට දෙන, අලුත් පෝන් පැකේජ් එක ගැන. අන්න හරි ඒ කළගුණ පස්සෙන් එලවන පැකේජ් එක තමා.

Scan_20141211_124056

   ඔන්න ඉතිං අද, අපේ ඇත්තියි මමයි උදෙන්ම පේවෙලා, මාමගේ දෙමවුපියෝ පවා මතක් කොරගෙන, අවශ්‍යය ඔක්කොම ලියුං කරදහිද, එව්වයේ පොටෝ කොපිද ඇන්න, ගියා මොබිටෙල් කන්තෝරුවට.

    අපොච්චිගේ පප්පේ………….එතන අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ ඊස් මීස් නැතුව පිරිලා. ඔන්න සිකුරිටි උන්නැහේ අපිට අර, මැජික් පෙට්ටියකින් නොම්බරයක් ගහලා දුන්න. මම ඕකත් අරං වාඩිවෙලා ඉන්න ගමන් හොඳට වටපිට බැලුවේ අපේ වයසේ කෑලි දිහා. හප්පා…………………..ලැජ්ජාවේ තන්තෝසේ බැරුවා…………………….18 යි මාස 8 යි වගේ පෙනෙන, 65 යි මාස 13 යි කෑලි හිටියනේ. මම ඔව්වා දිහා බලන අතරේ, ඔන්න මගේ නොම්බරේ කතා කොරලා. මට ඇහිලත් නෑ අරවා බලන සිහිය නිසා. ඔන්න අපේ උන්දෑ, මට ආදරයෙන් හොම්බට දෙකක් ඇනලා මතක් කළා, ඉක්මනට යන්න ඔයාගේ නොම්බරේ කතා කළා කියලා. ඔන්න අනේ ඉතිං, දෙයියන්නේ පිහිටයි තුණුරුවන්නේ සරණයි කියලා, මමත් ගෙහුං කවුන්ටරේ හිටිය තරුණ මහත්තයාට දුන්නා, මම ගෙනාපු ලියුං කරදහි මිටියම. (නෙද්දකින් අච්චර ලස්සන කෙල්ලෝ ඉන්න කවුන්ටර් තියෙද්දී, මට හම්බවුනේ දිගන්චි ගොබිලෙක් ඉන්න කවුන්ටරයක්)

    හැබැයි උන්නැහේ බොහොම කඩිසර, කරුණාවන්ත, කාර්යක්ෂම නිලධාරියෙක් බව කියන්න ඕනෙ. උන්නැහේ කිව්වා, මහත්මයා මුලින්ම මහත්මයා ගන්න යන මේ පැකේජ් එකේ කොන්දේසි පැහැදිළි කරලා දෙන්නම්. මූලික ගෙවීම වශයෙන් රු 500 ක් අය කරනවා. මාසික ගාස්තුව වශයෙන් රු 253 ක් අය කරනවා. වසර දෙකක් යනතුරු අනිවාර්යයෙන් මේ පැකේජ් එක පාවිච්චි කිරීමෙන් පසුව පමණයි, අවශ්‍යනම් පැකේජ් ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. නමුත් එහෙම ඉවත් වුනත්, මහත්මයා ජීවත්ව සිටිනාතාක් කල්, මහත්මයාගේ විශ්‍රාම වැටුපෙන් මාසිකව රු 253 ක් කපා ගන්නවා. මෙම පැකේජයේ නොවන, වෙනත් මොබිටෙල් අංක සඳහා විනාඩි 100ක් නොමිලේ ලැබෙන නමුත්, නියමිත සීමාවට පසු, එක ඇමතුම් ඒකකයකට, අමතර රුපියලක ගාස්තුවක් එකතු වෙනවා. වෙනත් ජාල වලට ඇමතීමේදී, ඒකකයක් රු 2 ක් සහ බදු එකතුවෙනවා.

   මෙන්න ඒ මහත්තයා මගේ කොලේ උඩ සටහන් දාලා පෙන්නපු හැටි. 

Scan_20150102_125900

   මම ඇහුවා, මේ දෙන ෆෝන් එක හුඟක් වටින එකක්ද මෙච්චර මුදලක් කපන්නේ කියලා, නැහැ, විවෘත වෙළඳපොලේ රු 2000 ක් විතර වටින ෆෝන් එකක් තමයි ලැබෙන්නේ කියලා, අර මහත්තයා උත්තර දුන්නා. මම ආයෙත් ඇහුවා අර රු 253 අපි මේ පැකේජ් එක අත්හැරියත් කපනවද කියලා. ඔව් මහත්මයා, ස්ථිරවම ඒ මුදල නොකඩවාම කපනවා කියලා, ඒ මහත්තයා උත්තර දුන්නා. ඉතිං, ඔය මහත්තයලගෙන්, පෙර ගෙවුම් පැකේජ් එකක් ගත්තානම්, මෙච්චර කරදරයක් නැහැ නේද? කියලා මම ඇහුවා. නැහැ කිසිම කරදරයක් නැහැ කියලා ඒ මහත්තයා කිව්වා.

   හෙහ් හෙහ් හෙහ්…….. කොහොමද කළගුණ පැකේජයේ තරම.  කළගුණ සලකන්න කියලා, ඒ කාලේ අපි මාමට සැළකුවාට ප්‍රති උපාකාර වශයෙන්, මාමා අපිට කෙළින්න යන කෙළවිල්ල කොහොමද? මාමා නාකි අපට මෙහෙම කෙළින්න යන්නේ, උගේ අර වනචර, පජාත, කමකට නැති, පුත්තරයන්ට, හෙලිකොප්ටර් පදින්න, ලැම්බෝගිනි පදින්න, අස්සයෝ පදින්න, කැසිනෝ ගහන්න සල්ලි හොයාගන්න නේද? අනේ මාමේ, මාමා අපිට අරින්න හිතුවා මදි. ටටා……………! 

2015 ජනවාරි මස 02 වැනි දින 1410 පැය

Advertisements

Comments on: "මාමා අපිට අරින්න? හුහ්….හිතුවා මදි මාමේ" (13)

  1. අපේ තාත්තටත් මොබිටෙල් එකෙන් ලියුමක් එවල තිබුනා. මමත් කියවල බැලුවා. එයාල කියන විදියට ඕකට එකඟ උනාම විශ්‍රාම වැටුප mCash ඔස්සෙ ලබාගන්න ඕන. ලියුමෙ තවත් තැනක තියෙනව 2015 අගෝස්තු 31 දක්වා mCash මුදල් ආපසු ලබාගැනීම නොමිලේ. ඉන්පසු විශේෂ සහන ගාස්තු අදාල වේ කියල. ඒකියන්නෙ කට්ටිය එකතු වෙල ඒ මිනිස්සුන්ගෙ පෙන්ෂන් එකෙන් ගානකට කෙළින්න හදන්නෙ. රු. 2000 නෙවි, රු. 20000 ෆෝන් එකක් දුන්නත් ඔය වැඩේ බැලූ බැල්මටම පාඩුයි. මම තාත්තට කිව්වා මොබිටෙල්ලට කුද ගහගන්න ඇරල ඔන්න ඔය ගන්න විදියටම ඕක බැංකුවෙන්ම ගන්න කියල. (හැබැයි ඒ ලියුමෙ තිබුනෙ මොබිටෙල් එකේ නිළධාරීන් ගෙදරටම එනව කියල, කැමති නම් එයාලගෙ සේවා මධ්‍යස්ථානයකට ඇවිත් පැකේජය ලබාගන්න පුළුවන් කියල)

    මුංගෙ නල්ලමලේ කළගුණ සැලකීම. ගත්ත ගමන් නිසා ගතිපු අයට තවම ඕක වැඩිය තේරෙනකන් නෑ, පහුවෙනකොට නම් එයාලටත් අවස්ථාව ලැබුනොත් කළගුණ සලකයි.

    • හරියටම හරි. මම අහපු ප්‍රශ්න වලට මොබිටෙල් නිලධාරියා අවන්කවම උත්තර දුන්න නිසා මමත් මේක එපා කියලා ගෙදර ආවා.

  2. Harima lassanata kalaguna salakeema ! Harima prayojanawath.munge hati danaganna!

  3. මේ ආණ්ඩුවෙ ඉන්න තරම් ඉන්නෙ පල් හොරු…මහ එකා කම්බා හොරෙක් උනාම පහල උන් ගැන කවර කථාද..මේ වතාවෙ නම් මේ කාලකන්නි හැත්ත ගෙදරම යයි වගේ….

  4. NOKIYA ma, arinna hadanne

  5. සෝක් මෙයා.!!

  6. ක්සැන්ඩර් said:

    ගොඩක් වයසක උදවිය ඔබතුමා වගේ දැනුම් තේරුම් තියන අය නෙවෙයි නේ. ඇරත් අපේ අත්තම්මලා එහෙම ඉතිං කවුරු මොනවා කිව්වත් ඒවා අහන උදවියත් නෙවෙයි නේ. ඒවාගේ අය තවත් ඇති නේ ලංකාවේ. ඔන්න ඔය කැටගරිය ටාගට් කරලයි එහෙනං මාම කාලගුණ සලකන්න හදල තියෙන්නේ.. අනේද කියන්නේ.. උන්දැට ඔය අපේ අය සලකපු ටික මදි මට පේන්නේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: